tag:blogger.com,1999:blog-3270037286621401654.post9031631442251869483..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: බටහිර ආරාමනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3270037286621401654.post-59105905977271890262017-12-20T20:01:59.227+05:302017-12-20T20:01:59.227+05:30මේක කියවල අවුරුද්දකට වැඩිය කාලයක් ගියා මෙතන බලන්න ...මේක කියවල අවුරුද්දකට වැඩිය කාලයක් ගියා මෙතන බලන්න යන්න... මොකද අර කිව්වා වගේ සමාන හිත් ඇත්තන් හම්බවුනේ මේ ගමනේදී
ස්තුතියි චන්දිමා අන්තිමට මම ඒවා බැලුවා Unknownhttps://www.blogger.com/profile/09224848673644151269noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85172973062309545002013-04-23T23:46:26.424+05:302013-04-23T23:46:26.424+05:30බොහොම ස්තුතියි විස්තරයට. මට රිටිගල යන්නට ලැබුණා මේ...බොහොම ස්තුතියි විස්තරයට. මට රිටිගල යන්නට ලැබුණා මේ ගමනින් පසුව, 2011 අග භාගයෙදි. ඔබ කියන්නා වගේ, එකම ඉදිකිරීම් ක්‍රමය. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2855132048475135742013-04-23T11:02:47.335+05:302013-04-23T11:02:47.335+05:30ඒ.... මේ ගැන මම දන්නෙ මෙහෙමයි.
පණ්ඩුකාභය රජතුමා අ...ඒ.... මේ ගැන මම දන්නෙ මෙහෙමයි.

පණ්ඩුකාභය රජතුමා අුනරාධ ගම, අනුරාධ පුරය බවට පත් කරලා නගරය සැළසුම් කරද්දි, මහා සුසානය දැම්මෙ නගරයෙන් බටහිර පැත්තට. ඒ ඒ කාලෙ තිබුණු විශ්වාස පදනම් කරගෙන. පාංශුකූලික හාමුදුරුවරු මළ සිරුරු දිහා බලාගෙන භාවනා කරන්න මේ ප්‍රදේශයෙ ගැවසුනා. පසුකාලයකදි මේ අය වෙනුවෙන් ඉදිකෙරුණු පධානඝර සංකීර්ණය තමයි බටහිරාරාම කියන්නෙ. මේ සමාන පධානඝර අභයගිරියෙ දීඝ පාෂාණයෙත්, අරන්කැළේත්, රිටිගලත් දකින්න පුළුවන්. පධානඝර ඉදිකිරීම බෞද්ධ වාස්තු විද්‍යාවෙ එක අංගයක්.
හැම තැනකම කැටයම් රහිත ඉදිකිරීම් අතරෙ කැසිකිලි ගල් වල විතරක් විමාන, කුවේර රූප සහ කාන්තා රූප තියෙන්නෙ, භාවනා කරන හාමුදුරුවරුන්ට ඒ වගේ දේවල් වලට තියෙන ඇලීම තුනී කරගන්න උදව්වක් විදියට කියලයි විශ්වාස කෙරෙන්නෙ.

පෝස්ටුවට ස්තූතියි. ඔබට ජය !ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22387367686975201112011-08-07T16:55:33.603+05:302011-08-07T16:55:33.603+05:30වැදගත් ලිපියක්... විස්තරේ දැක්කම යන්න හිතෙනවා..ඊළ...වැදගත් ලිපියක්... විස්තරේ දැක්කම යන්න හිතෙනවා..ඊළඟ සැරේ ගියාම කැරකිලා බලන්න ඕනේ.. ස්තූතියි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-42804514606701881582011-07-26T02:30:00.288+05:302011-07-26T02:30:00.288+05:30ඔන්න මේක නම් ඇඩ් එකක්
සුනිල් අයිය... දන්නෙ නැද්ද...ඔන්න මේක නම් ඇඩ් එකක්

සුනිල් අයිය... දන්නෙ නැද්ද?

බලලා අදහසක් දෙන්නකෝ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-53573553740611458412011-07-24T22:35:40.493+05:302011-07-24T22:35:40.493+05:30@ සන්සරසිදු: ස්තුතියි මල්ලි.@ සන්සරසිදු: ස්තුතියි මල්ලි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70255213315170045612011-07-24T12:47:09.674+05:302011-07-24T12:47:09.674+05:30ගොඩක් වැදගත් ලිපියක් අක්කාගොඩක් වැදගත් ලිපියක් අක්කාsansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24134067107724417122011-07-21T06:03:08.782+05:302011-07-21T06:03:08.782+05:30@ Hasitha: බොහොම ස්තුතියි ඔබේ දැණුම බෙදාගත්තාට. ඔය...@ Hasitha: බොහොම ස්තුතියි ඔබේ දැණුම බෙදාගත්තාට. ඔය සිද්ධියම තමයි- රජතුමාගෙ නම නැති වුණාට ඔය රත්න ප්‍රාසාදයේ කතාව මම කියවපු පොතෙත් සඳහන් කර තිබුණා.
මේ තැන් දැක්කහම, ඊට අදාල ඉතිහාසය ගැන දැනගන්න කුහුල, ආසාව ඇති වෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23196748721823852692011-07-21T00:44:56.896+05:302011-07-21T00:44:56.896+05:30ජල තලයක් මත ඉදි කරපු මේ වගේ ගොඩනැගිලි හැඳින්වුවේ ප...ජල තලයක් මත ඉදි කරපු මේ වගේ ගොඩනැගිලි හැඳින්වුවේ පධානඝර කියලා. ඒවා බොහෝ වෙලාවට භික්ෂූන් වහන්සේලාගේ භාවනා කටයුතුවලට භාවිතා වුණා කියලා තමයි කියන්නේ.

"එහෙම අභය පිණිස බටහිර ආරාමවල පිළිසරණ පැතූ රාජ ද්‍රෝහීන් කිහිපදෙනෙක් පසුපස එළවා ආ රජයේ මැර පිරිසක්, (ඔව්, ඔව්, අපි ඒ කාලෙත් එහෙමයි.) ආරාම තුළට කඩා වැදී ඔවුන්ව බෙලි කපා ඝාතනය කළා."

මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 3 වෙනි උදය රජතුමාගේ කාලේ.

රාජ උදහසට ලක්වෙන ඇමතිවරු කීපදෙනෙක් බේරෙන්න ආරණ්‍යවාසී භික්ෂූන්ගේ තපෝවනයට ඇතුළු වුණාම රජතුමයි යුවර රජතුමයි තපෝවනයට කඩා වැදිලා ඇමතිවරුන්ගේ බෙලි කපලා මරලා දානවා. මේකට විරුද්ධව තමයි හාමුදුරුවරු රුහුණට වඩින්නේ.

අන්තිමට නගරවාසීන්, හමුදාව රජුට විරුද්ධ කැරලි ගහලා ඇමතිවරු මරන්න උපදෙස් දීපු අයව මරලා දානවා.

රජතුමා අභයගිරියේ රත්නප්රාසදයට රිංගලා තමා බේරෙන්නේ. අන්තිමට රජතුමා, යුව රජතුමා ඇතුළු පිරිස හාමුදුරුවරුන්ගෙන් සමාව ගත්තාම තමයි අරගල සංසිදෙන්නේ

පුලුවන් නම් මම ලියන ඉතිහාස බ්ලොග් එක කියවන්න
http://eatuwawa.blogspot.com/Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66348452738854308112011-07-20T16:48:32.320+05:302011-07-20T16:48:32.320+05:30@ Jචමත්™: බොහොම ස්තුතියි.
@ ම : ඇත්තටම මමත් ඔය ගැ...@ Jචමත්™: බොහොම ස්තුතියි.

@ ම : ඇත්තටම මමත් ඔය ගැන හිතනවා. පොළොන්නරු යුගයෙනම් රජ මාළිගාත් බොහොමයක් ඉතුරුයි. අනුරාධපුරයෙ සුන්දර හා සුවිසල් හැම නිර්මාණයක්ම බෞද්ධ ගොඩනැගිලි. බිසෝ මාළිගය කියලා නමට කිව්වට, එය පවා ආගමික ගොඩනැගිල්ලක් වෙන්නට ඇතැයි සමහර විද්වතුන් කියන්නෙ සාධක ඇතුව.
සාමාන්‍ය ජනයානම් හුඟක් සරලව සිටින්නට ඇති. නමුත් රජවරු? සමහරවිට ඔවුන්ගෙ මාළිග ආක්රමණිකයින් විනාශ කළාද දන්නෙ නැහැ. එහෙම වුණත් එයින් පෙනෙන්නෙ, රජ මැදුරුවත් අර ආගමික ගොඩනැගිලි තරම් සවිමත්ව සාදා නොතිබුණු බව.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-4201042563110197412011-07-20T14:48:20.214+05:302011-07-20T14:48:20.214+05:30අනුරාධපුරේ නටඹුන්වල ආගමික නොවන ගොඩනැගිල්ලක් නැති ත...අනුරාධපුරේ නටඹුන්වල ආගමික නොවන ගොඩනැගිල්ලක් නැති තරම්. අඩුම ගානේ රජමාලිගයක් වත් නැහැ ඒ කාලේ සල්ලිකාරයෝ හිටියේ නැද්ද මන්දා මට අනුරාධපුරේ යනකොට හැමදාම හිතෙන දෙයක් ඒක. මිනිස්සු පුද්ගලිකව සරල විදිහට ඉඳලා පොදු දේවල් හොඳට ගොඩ නගලා කියන එකද මන්දාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23494567850901873652011-07-20T13:36:36.540+05:302011-07-20T13:36:36.540+05:30ඇත්තටම අනුරාධපුරේ ගියා වගේ දැනුනා. ඉතාම හොඳ ලිපියක...ඇත්තටම අනුරාධපුරේ ගියා වගේ දැනුනා. ඉතාම හොඳ ලිපියක් බොහොම සිත්ගන්නාසුළු විදිහට විස්තර කරලා තියෙනවා. බොහොම ස්තූතියි දැනුම වර්ධනය කළාට.Chamath N. Kirindehttps://www.blogger.com/profile/13406490405375127767noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-30262160175457986752011-07-19T21:16:21.168+05:302011-07-19T21:16:21.168+05:30@ චේජනා: නිදහස්ව ඇවිදින්න ලැබුණනම් ඔයා හරි වාසනාවන...@ චේජනා: නිදහස්ව ඇවිදින්න ලැබුණනම් ඔයා හරි වාසනාවන්තයි. ඔව්, ප්‍රධාන තැන් කිහිපය විතරයි හෙළි කර තියෙන්නෙ. වන වැදුණු සුන්දර ස්ථාන හුඟක් තියෙනවා.

@ මධුරංග: පිළිකුල් භාවනාවක්ම වෙන්නැති ඒක.

@ සුජීව: ගල් පර්වත, දිය ඇළි වගේ තැන්වල යන එකත් මම ආස දෙයක්. අනුරාධපුරේනම් එක වරකින් බලලා ඉවර කරන්නට බැරි තැනක්. බබා ටිකක් ලොකු වුණහම යන්නකො.

ශාන්ත දර්ශනය ගැන: මෙහෙමනෙ. එකක්, ඔතනදි කතා කරන්නෙ බුදු හිමියන් වදාළ ධර්මය නෙවෙයි, මිනිස්සු අදහන ධර්මය ගැන. සිවුරක් හැඳි පමණින් අර්හත්භාවය නොලැබෙන නිසා විවිධ මත දරන අය සිටින්නට වගේම මත ගැටුම් ඇති වෙන්නටත් ඕනෑ තරම් ඉඩ ඇත.
ඒ වගේම, බුරතීනොත් පෙන්වා දෙන පරිදි, බුද්ධ කාලයෙත් එහෙම වෙනස් ජීවන රටා අනුගමනය කළ හාමුදුරුවරු වැඩ හිටියා. කාශ්‍යප හිමියන්, එතකොට අර අන්ධ වනයේ මුළු ජීවිත කාලයම ගත කළ සැරියුත් හිමියන්ගෙ සහෝදර හාමුදුරුවො වගේ අය එක පැත්තකින්. අනික් පැත්තෙන්, විහාර වාසීව, රජවරුන්ට, බිසෝවරුන්ට, මෙහෙණිවරුන්ට ධර්මය කියා දෙමින්, ධර්මය ඉගෙන ගනිමින්, රිසි පරිදි ගම් දනව්වල සැරිසරමින් දිවි ගෙවූ ආනන්ද හිමියන් වැනි අය.
බුදු දහමෙහි ඇති නිදහස නිසා විවිධත්වය ප්‍රශ්නයක් නෙවෙයි.

අනෙක් කරුණ, පවතින ක්‍රමය බුදු දහමින් වඩ වඩාත් ඈත් වන බව දැක, එයින් මිදී වඩාත් දහමට සමීප දිවියක් ගෙවීමට කැපවීම 'වෙනත් අයගේ අඩුපාඩුකම්වලට විරෝධය දැක්වීමක්' විතරක්ම නෙවෙයිනෙ. මට හිතෙන්නෙ ඔවුන් ගත් මග නිවනට වඩා කිට්ටුයි කියලයි. අනික් අතින් ධර්මය හැදෑරීමට, පොතපත ලිවීමට මහා සම්ප්රදාය දැක්වූ උනන්දුව නිසා අදටත් ඉගෙන ගත හැකි පරිදි ධර්ම ග්රන්ථ සුරක්ෂිත වුණා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-61784196489316881832011-07-19T16:23:22.893+05:302011-07-19T16:23:22.893+05:30@සුජීව,
ලබන මාර්තු-අප්‍රේල් දිහාවට තමා ඉතිං ලංකාව...@සුජීව,

ලබන මාර්තු-අප්‍රේල් දිහාවට තමා ඉතිං ලංකාව පැත්තෙ එන්ට හිතාගෙන ඉන්නෙ, ඊට කලින් නං එන එක ෂුවර් නෑ.. :)

// ඒත් රැඩිකල් නැහැ කිව්වේ බුදු දහම බොහොම ශාන්ත දර්ශනයක් නිසා. මං දන්නා තරමින් වෙනත් අයගේ අඩු පාඩුකම් හොයා එයට විරෝධය දක්වන එක එහි දර්ශනයේ කොටසක් නොවන නිසා //

මේක විරෝධය දැක්වීමක් විදියටම දකින්න එපා.. සමහරවිට කලකිරීම වෙන්නත් පුළුවන් නේ.. බුදුහාමුදුරුවොත් පාරිල්‍යෙය වනයට වැඩම කරලා හිටියෙ කාලයක්, සංඝ සමාජෙ වලි නිසා කලකිරිලා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14780220830480979362011-07-19T15:23:54.905+05:302011-07-19T15:23:54.905+05:30ඇවිල්ල ගොඩක් කල්. අනේ මාව කවුරුත් එක්ක ගියේ නැතෝ. ...ඇවිල්ල ගොඩක් කල්. අනේ මාව කවුරුත් එක්ක ගියේ නැතෝ. ඉහි ඉහි.

ඇත්තටම උනේ, අනුරාධපුරේ යමුද කියලා ඇහුවොත් දන්නා ඕනෑම සෙට් එකකින් මෙන්න මුන් ගිහිල්ලා. අපි ඇවිදින්න තෝර ගත්තේ ඔය ගල් පර්වත දිය ඇලි වගේ තැන් නේ.

[ලෝකාන්තෙටත් මේකමයි වෙලා තිබ්බේ. හැම අවුරුද්දෙම එහෙ යන සෙට් එකක් එක්ක සෙට් නොවෙන්න.]

ඒ මදිවට පහුගිය වසර හතරක් විතර කොහෙවත් ගියේ නැහැ මුල කාලේ පොඩිත්තිට අමාරු නිසාත්, පස්සේ උසස් අධ්‍යාපන ලොරියකට කර ගහපු නිසාත්. දැනුත් රස්නේ පැතිවල යන එක අඩු කරලා තියෙන්නේ එයා නිසා. හැබැයි පොඩිත්ති එවිඩ් ට්‍රැවලර්. සත්තු බලන්නයි කැලෑවල යන්නයි හරි ආසයි.

ඇත්තටම වෙලාවක අනුරාධපුරේ යන්න ඕනේ. බුරා සිරාවටම යමුද?

නලිනි දැකපු දේවල් එක්ක මට තර්ක කරන්න බැහැ. ඒත් රැඩිකල් නැහැ කිව්වේ බුදු දහම බොහොම ශාන්ත දර්ශනයක් නිසා. මං දන්නා තරමින් වෙනත් අයගේ අඩු පාඩුකම් හොයා එයට විරෝධය දක්වන එක එහි දර්ශනයේ කොටසක් නොවන නිසා. හැබැයි ඉතින් අද කාලේ ආපු පොප් බුදු දහමේත් වෙන්නේ මේ වගේ වැඩ තමා.

අනික ලංකාවේ බුදු දහම රාජ්‍ය පාලනය හා මිශ්‍ර වීමත් කලින් කල මිසදිටුවන් කියා ඇතැම් නිකායන් පිටු දැකීමත් නිසා මෙවැනි දෙයක් වෙන්නත් පුළුවන්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43519850390084675262011-07-19T11:51:45.163+05:302011-07-19T11:51:45.163+05:30දොස්තර නෝනගෙන් ගොඩක් වටින ලිපියක්. මම මේ සමහර ස්ථා...දොස්තර නෝනගෙන් ගොඩක් වටින ලිපියක්. මම මේ සමහර ස්ථාන දැකලවත් තිබ්බේ නෑ. අර කැසිකිලි ගල නම් දැකලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අපි අච්චර ආසා කරන ලෞකික සම්පත් පිලිකුල් කිරීම වගේ දෙයක්. වෙලාවකට හිතෙනවා පිලිකුල් භාවනාවකටම මේ විදිහට හදලදත් කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49682709628145800182011-07-19T06:24:49.817+05:302011-07-19T06:24:49.817+05:30නලිනි, අනුරාධපුරේ වන්දනා නඩයක් ගිහින් වඳින තැන්වලට...නලිනි, අනුරාධපුරේ වන්දනා නඩයක් ගිහින් වඳින තැන්වලට වඩා හුදකලා ස්ථාන වඩාත් සුන්දරයි, නිස්කලංකයි, මට අනුරාධපුරේ යන්න ලැබිල තියෙන්නෙ එකම වතාවයි, ඒත් ඒ වතාවෙ බොහොම නිදහස්ව අනුරාධපුරේ පූජා නගරයෙ ඇවිදින්න ලැබුණා, මහා සම්ප්‍රදායෙ ආරාමවලත් නිතර මිනිස්සු ගැවසෙන කොටස ඇරෙන්න අනිත් ප්‍රදේශ වන වැදිලා...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23612650006357179552011-07-18T16:19:22.619+05:302011-07-18T16:19:22.619+05:30හී හී.. මාත් මේ දැක්කමයි අනුරාධපුරේ නොගිය පොරක්.. ...හී හී.. මාත් මේ දැක්කමයි අනුරාධපුරේ නොගිය පොරක්.. මොකෝ කියන්නෙ සුජීව මහත්තයො, අපි සෙට් වෙලා යමුද වෙලාවක.. :)

නලිනි කියන දේට එකග වෙන්න පුළුවන්.. රාජ්‍යය ස්ථාවර වෙලා සෞභාග්‍යමත්ව තියෙනකොට විවේචනයට හා චින්තනයට තියෙන ඉඩප්රස්ථා වැඩියි නෙ.. මේ කමෙන්ට්ස් අතරින් මේ වගේ සුන්දර කතිකාවතක් ඇදිලා යනවා දකින්න ආසයි, විශේෂයෙන්ම අප නොදුටු අපේම ඉතිහාසය ගැන..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37747624366075696522011-07-18T14:58:42.422+05:302011-07-18T14:58:42.422+05:30@ ගලායන ජීවිතය: දැන් මාස හයහතකට උඩදි ආවෙ. ඔයා අනුර...@ ගලායන ජීවිතය: දැන් මාස හයහතකට උඩදි ආවෙ. ඔයා අනුරාධපුරේද? ඔව්, හෙමි හෙමින් ඇවිදිමින් බලන්නනම් සෑහෙන දවසක් නිවාඩු ඕන.

@ සුජීව: මම මේ දැක්කමයි අනුරාධපුරේ ගිහින් නැති කෙනෙක්. ලංකාවට ආවෙ ළඟදි වෙන්න ඕනෙ. (ඇවිල්ලනම් ඉන්නෙ.)
ස්තුතියි ඉතිහාස තොරතුරුවලට. ඔය ගැන මගෙ මතකයනම් දැන් බොඳ වී ගිහින්. අලුත් කරගන්නට නිස්කලංක වෙලාවක් ආවෙත් නැහැ.

අර විදිහෙ රැඩිකල් පරපුරක් ඉන්නට හොඳටම ඉඩ තියෙනවා කියලයි මට හිතෙන්නෙ. හේතු කීපයක් නිසා. එකක්, ඒ වනවිට අනෙක් බෞද්ධ රටවලින් හාමුදුරුවරුන්, උගතුන් මෙහි ආවා. තායිලන්තය, බුරුමය ආදී භාවනාවට, අල්පේච්ඡ ජීවිතයට මුල් තැන දෙන බෞද්ධ සංස්කෘතියකින් යුත් රටවලිනුත් එහෙම පිරිස් එන්නට ඇති.
තවද, මෙවන් ආරාම තිබූ එකම තැන අනුරාධපුර බටහිර ආරාම නොවෙයි. රිටිගල ආදී තැන්වලත් එහෙම ආරාම තිබී ඇත.
ඉහත දක්වා ඇති වැසිකිළි ගල පිහිටි ගලෙහි නෙළන ලද්දක්. ආරාමයේ කැටයමින් තොර කුළුණු ආදිය මැද, මේ වැසිකිළි ගලෙහි වෙනස හොඳින්ම කැපී පෙනෙනවා.
අනෙක, විවිධ බෞද්ධ සම්ප්රදායයන් ලංකාව තුළ, අනුරාධපුරය තුළමත් පැවතුණානෙ- මහා විහාරය, අභයගිරිය, ජේතවනය එහෙම එකිනෙකට වෙනස්ව විහිදුණු සම්ප්රදායයන්. ඉතින්, ඊට බෙහෙවින්ම වෙනස් මගක් ගත් සම්ප්රදායයක්, විශේෂයෙන්ම බුදුන් වදාළ මගට වඩාත් සමීප සම්ප්රදායයක් පවතින්නට හොඳටම ඉඩකඩ තියෙනවා නේද? මොකද, ධර්මය හොඳින් ඉගෙනගන්නටත් අවස්ථාව තිබුණු නිසා එය හරියට පිළිපදින්නට කැමති භික්ෂු පරපුරකුත් අනිවාර්යයෙන් ඉන්නට ඇති.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20010628076822950682011-07-18T00:01:23.188+05:302011-07-18T00:01:23.188+05:30ස්තුතියි. මං අනුරාධපුරේ ගිහින් නැහැනේ :) ඇත්තටම මං...ස්තුතියි. මං අනුරාධපුරේ ගිහින් නැහැනේ :) ඇත්තටම මං ටිකක් ඇවිදලා තියෙනවා. හැබැයි අනුරාධපුරේ මිස් වුනේ, මං ලංකාවේ නොහිටි තරුණ කාලේ මුල් හරියේදී මං දන්නා ඔක්කොම එහෙ ගිය නිසා. නැවත යන සෙට් එකක් අහු වුනේ නැහැ. බැන්දට පස්සේ යන්න උනෙත් නැහැ. දැන්නම් රස්නේ පැතිවල යැවෙනවා අඩුයි පොඩිත්තිය ටිකක් ලොකු වෙනකම්.

අටවැනි සියවස කියන්නේ මා සිතන විදිහට අනුරපුර රාජධානියේ උපරිමය. මට මතක හැටියට පස්වන සියවසේ ධාතුසේනට පෙර ආ ආක්‍රමණ වලින් පස්සේ රජය ස්ථාවරයි. කුමන්ත්‍රණ [මුගලන් සිද්ධිය හැර] හා රෝහණ දේශයේ කැරලි එහෙමත් අඩු කාලයක්. අග්බෝ දෙදෙනා උපතිස්ස වගේ රජවරුන් හිටි මේ කාලවල සෞභාග්‍යයත් උපරිම බවයි මගේ මතය. ගිරිතලේ වැවෙන් පේනවා මොන තරම් ප්‍රබල තත්වෙක අපි උන්නද කියලා ඔය කාලේ.

මුල් ම පරපුරේ සීගිරි කුරුටු ගී වලින් මේ කාලේ එදිනෙදා ජිවිත ගැන තේරුම් ගන්න පුළුවන්. මට දැන් උදාහරණ නම දෙන්න බැහැ අමතකයි.

මේ භික්ෂුන් ගැන ඔබ මතු කරන කල්පිත ගැන 100% විශ්වාස කරන්න අමාරුයි. බෞද්ධ පද්ධතිය තුල ඔය තරම් දැඩි විරෝධාකල්ප ඇතිවෙන්න බැහැ කියල හිතෙනවා. ඔය ටොයිලට් ගල සමහර විට වෙන තැනකින් ගෙන්න ඇති. එතන මෙතනට වඩා රිච් විදිහට ෆිනිෂ් කරනවා ඇති.

දෑහින් දැක ගන්නම ඕනේ මෙව්වා ගැන කතා කරන්න.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39619367810252176652011-07-17T18:03:53.102+05:302011-07-17T18:03:53.102+05:30අහ් අක්ක මේ පැත්තෙ ඇවිත් වගේ.ඔව්ව ඔක්කොම බලන්ඩ නම්...අහ් අක්ක මේ පැත්තෙ ඇවිත් වගේ.ඔව්ව ඔක්කොම බලන්ඩ නම් නිවී සැනසිල්ලෙ ටික දවසක් ගතකරන්න වෙනව.සැහෙන නටඹුන් ගොඩක් තියනවනේ බලන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66770574553419361972011-07-17T17:53:56.820+05:302011-07-17T17:53:56.820+05:30@ අනිත්කොණ: ඔව්, අධ්‍යයනයන් අනුව, අලුතින් ලැබෙන සා...@ අනිත්කොණ: ඔව්, අධ්‍යයනයන් අනුව, අලුතින් ලැබෙන සාධක අනුව කතා වෙනස් වෙනවා ඇති. කතා කොහොම වුණත් පුදුම මානසික සුවයක් ගෙන එන්නට සමත් අනුරාධපුරයත් පොළොන්නරුවත්.

@ තීර්ථ යාත්‍රිකයා: මමත් මේ ගමන වෙනකම්ම දැනන් හිටියෙ නැහැ.

@ සරත් ලංකාප්‍රිය: කියලා වැඩක් නැහැ. නොබලන අයගෙ තියෙන නරකම පුරුද්ද තමයි බලන එකෙකුටවත් බලන්නට විඳින්නට ඉඩ නොදීම. පුළුපුළුවන් හැටියට තනියෙන් හෝ සමාන පිස්සෙක් එක්කම යන්නට ඕන.
අපිත් එදා උදේ තේ විතරක් බීලා මේ ආරාම බලන්නට ගියෙ. ඒ ගිය පාරෙ කෑම ගන්නට තැනක් තිබුණෙ නෑ. එන ගමන් කඩේකින් බනිස් ගත්තා උදේ/ දවල් දෙවේලටම හරි යන්න. අපි ඇහුවා තේ බොන්න තැනක් තියේද කියලා. අනේ ඒ හොඳ මිනිස්සු එයාලගෙ ගෙදරට ආරාධනා කරලා, තේ හදලා දුන්නා. බනිස්වලට සල්ලි දුන්නෙත් පෙරැත්ත කරලා.

මේ දවස්වල අනුරාධපුරේ නෙවෙයි අප්පා. මේ හූල්ලන්නෙ ගිය නොවැම්බරේ ගිය ගමනක් සිහි කරමින්. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26708691438026814992011-07-17T17:43:57.219+05:302011-07-17T17:43:57.219+05:30@ බස්සා: ඔව්, මේ පුරාවිද්‍යා භූමිවල වැටීගෙන, ඒ යුග...@ බස්සා: ඔව්, මේ පුරාවිද්‍යා භූමිවල වැටීගෙන, ඒ යුගයන් පිළිබඳ කතා කියමින්, පොත්වල දැක්වෙන විස්තරයන් නටබුන් හා සසඳා බලමින් නිවීහැනහිල්ලෙ කාලය ගෙවන්නට ලැබෙන්නෙ නිතරම නොවෙයි. කෞතුකාගාරයක් නිසි ලෙස නැරඹීමට ඔබ කියන්නා වගේ දිගු කාලයක් වැය කරන්නට ඕන.

මෙවර අනුරාධපුර ගමනෙදි අහම්බෙන් දැන ගත් අනෙක් කරුණ තමා මහැදුරු පරණවිතානයන් විසින් ලංකාවෙ විශිෂ්ඨතම සඳකඩ පහණයැයි හඳුන්වනු ලැබූ නියම සඳකඩ පහණ දැකීම. බොහෝවිට එහෙම සඳහන් වෙන්නෙ බිසෝ මාළිගය ඉදිරිපිට ඇති සඳකඩපහණ. එය යකඩ කූරුවලින් ආවරණය කොට රස වින්දනයට බාධා කර ඇති මුත්, වඩාත් සුන්දර වූ සදකඩ පහණක් ඊට තරමක් ඈතින් ඒ බිමෙහිම තියෙනවා. ඒ හරිය හෙළිපෙහෙළි කොට නැහැ. අපිත් කූඹි කව්වගෙන, කකුල් හූරගෙන කටු ගාල් අස්සෙන් රිංගලා ගියා. කිසිම ආවරණයක් හෝ අගය කිරීමක් නැතුව ඒ සොඳුරු සඳකඩ පහණ යන්තමින් පසෙන් ගොඩට වෙලා තිබුණා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-55114596537303975422011-07-17T15:31:34.979+05:302011-07-17T15:31:34.979+05:30අපි ඉතින් අනුරපුරේ යන්නේ වඳින්න නේ. ඔබේ කතාව හරියට...අපි ඉතින් අනුරපුරේ යන්නේ වඳින්න නේ. ඔබේ කතාව හරියටම හරි,. නියම විදිහට හිතේ හැටියට තමුන් කැමති දේ දකින්න අද්‍යනය කරන්න අර මාරය වගේ එවුව ළඟ වැටිලා නිදා ගන්න නම් එක්කෝ තනියෙන් යන්න ඕන නැත්නම් තමුන් වගේම පිස්සෙක් එක්ක යන්න ඕන. ඒ කාලෙත් දැන් වගේ අතලොස්සක් බවුද්ද දර්ශනය අනුව යන පිට ඔපය පිටු දැකපු හිමිවරු හිටි බව ඇත්ත,. දන එවැනි හිමි වරුන් වැඩි වැඩියෙන් අවැසි කාලයක් කියලයි මට හිතෙන්නේ. ඔබ සඳහන් කරනතන් මම දැක නැති බව නම් සහතියකයි. ලජ්ජා සහගතයි පිළිගැනීමට සිදුවීම. ඔබට බොහොම පින් මේ ගැන දැනුවත් කලාට .. අනුරපුරේ හරි පොළොන්නරුවේ හරි ගියාම ඔය කැලයක් අස්සට රිංගනකොට අපේ කෂ්ටිය අදින වළි නිසා දකින්නේ බොහොම ස්වල්පයයි. අය්යෝ තාත්තී කකුල් රිදෙනවනේ.. අය්යෝ බඩගිනියි දැන් ඇති නේද ? යමුද අනිත් එකට.. අය්යෝ තත්තීට පිස්සුද මන්දා අර කැලේ අස්සේ රිංගන්නේ.. මේ කියවන තනිකඩ අයටයි කියන්නේ. පුළු පුළුවන් වෙලාවට ඔවුව බලාගෙන අර මාරයා වගේ ඔවුව වල නිදාගෙන එහෙම ඉවර කරන එක හොඳයි.. මේ දවස්වල ඉන්නේ රජ රටේ වගෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77088998791736926802011-07-16T21:22:01.841+05:302011-07-16T21:22:01.841+05:30හැමදාමත්ම වගේ අනර්ඝ ලිපියක්.අක්කා මේ ගැන ලියපු එක ...හැමදාමත්ම වගේ අනර්ඝ ලිපියක්.අක්කා මේ ගැන ලියපු එක හොඳයි.ඊළඟ පාර ගියාම බලන්න යන්න පුලුවන්.මම මෙච්චර කාලෙකට මේ ගැන දැනගෙන හිටියේ නැහැනේ..
ගොඩක් ස්තුතියි.තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.com