tag:blogger.com,1999:blog-32700372866214016542024-03-05T12:44:46.513+05:30සිත් ආරනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-3270037286621401654.post-46938172837633229862018-06-29T14:58:00.000+05:302018-06-29T15:10:39.514+05:30වස ඇය පාසල හැර යන වයසේ යුවතියක්. රෝහලට ඇවිත් හිටියේ ගලනාලයේ සැත්කමකට. ඒ වන විටත් සැත්කම් කීපයකට ලක් වෙලා. ශ්වාසනාලයේ සිදුරකින් හුස්ම ගන්නේ. මේ ප්‍රශ්නවලට හේතුව 'අත් වැරදීමක්'!
කාලෙකට උඩදී, ඈ යාළුවෙකුගෙ ගෙදර ගිහින් තිබුණා. ගිනි අව්වෙ, බස් දෙකක ගිහින්, දැඩි වෙහෙසට හා පිපාසෙට පත්ව උන් ඇය යනවිට යාළුවා මිදුලේ වැඩක්. මේ ගෙදර ඇයට ඇගේ ගෙදර වගේ. ඒ නිසා කෙලින්ම ගෙට ගියා. මේසෙ උඩ නොයෙකුත් බීම බෝතල්වලට පුරවා තිබුණු වතුරවලින් එක බෝතලයක් අරං එහෙමම කටට හලා ගත්තා.
ඒ බෝතලයේ තිබුණේ අධි සාන්ද්‍ර ඇසිඩ් වර්ගයක්. ගෙදර කෙනෙක් අර වතුර බෝතල් අස්සෙම ඒකත් තියලා.
තරුණ මවක් සිය දෙහැවිරිදි දරුවා උස්සගෙන රෝහලට දුව ආවේ රෑ 11ට විතර. ඒ ගෙදර අය රුපවාහිනි බලමින් මේ වනතුරු ඇහැරගෙන සිටීම සාමාන්‍ය චර්යාවක්. කුඩා දරුවත් වැඩිහිටියන් සමග ඇහැරගෙන. ඒ අතරේ වැසිකිළියේ බිම පවිත්‍ර කිරීම සඳහා ගෙනත් තිබුණු සැර පිරිසිදුකාරකයක් දරුවා බීලා. දියරයේ නම ඇයට මතක නැහැ; ඒකෙන් ටික ටික හිස් බීම බෝතලයකට දාගෙන තමා ඇය පාවිච්චි කරන්නේ. දරුවා මේක පැණි බීම වර්ගයක් කියල රැවටිලා.
ඇය හිටියේ සිය සමීප ඤාති සහෝදරයකුගේ පිංකමට සහභාගී වෙමින්. හවස පිපාසෙට ඈ මෙගාබෝතලයක දමා තිබුණු පානයක් කටට හලා ගත්තා. උගුරු කීපයක් පෙවෙනවිටම, ඒ තමන් හිතුව පානය නොවන බව ඇයට තේරුණා. ඒ එක්කම එතන හිටිය ගෙදර කෙනෙක් බෝතලය උදුරා ගත්තා. එහි තිබුණේ උග්‍ර කෘෂි රසායන වර්ගයක්. මෙහි ඇති අධික විෂ නිසා කාලයකට පෙර ලංකාවෙ භාවිතයෙන් ඉවත් කරල, තහනම් කර තිබුණු රසායනිකයක්. අයථා අන්දමකින් ලබාගෙන, ගෙදර ගෙනත්, මෙගා බෝතලයේ තබාගෙන ඉඳලා.
ගෙදර හිටිය වැඩිහිටි කෙනෙක් මේ කාන්තාවට පොල්කිරි පොවලා, වමනය කරවලා! ඊට පස්සේ, මුකුත් අමාරුවක් පේන්නත් නැති හින්ද, පිංකම බොහොම වැදගත් හින්ද, ඒ වැඩ සේරම ඉවර වෙලා, රෝහලට එන්නේ පැය හත අටක් ගිහින්, රෑ මැද. ඒ වෙද්දී ප්‍රමාද වැඩියි.
ඔහු සිය පියාගේ බෙහෙත් පෙති තොගයක්, මත්පැන් සමග ගිල දාන්නේ හවස, අනික් අයව බය කරන්න. ගෙදර හිටිය පොඩි ළමයා බලාගන්න කෙනෙක් නැති හින්දත්, බීල ඉන්න, මහත දෙහෙත මේ මනුස්සය උස්සන් එන එක කෙට්ටු වයසක ගැහැණියකට කරන්න අමාරු නිසාත්, ඔහුව රෝහලට ගෙන එන්නේ පැය ගණනාවකට පසුව. ඒ වෙද්දී අර බෙහෙත්වලින් අවයවවලට හානි වෙන්න පටන්ගෙන.
ඔවුන් කල්පනාකාරී මව්පියන්. ළමයින්ට අහු නොවෙන පරිදි, බෙහෙත් දාල තිබුණේ අල්මාරියක. තුන් හැවිරිදි දරුවට උණ. ළමයත් එක්ක මව මුළු රෑම ඇහැරගෙන. පාන්දර ඇය මුහුණ සෝදා ගැනීමට ගිය විනාඩි ගානට, දරුවා අවදි වෙලා. උදේ බෙහෙත් වේලක් බොන්න තියෙන බව දරුවා දන්නවා. අල්මාරිය ඇරලා, රස බෙහෙත් බෝතලයම දරුවා බීලා!
ඇය දොළොස් හැවිරිදි දැරියක්. ඔවුන්ගේ ඤාති නිවසට ආසන්නයේ මුහුද තියෙන නිසා එහෙ ගිය දවසට නිතරම වෙරළේ. තවත් ළමයෙක් අල්ලාගත් නිල්පාට මුහුදු ජීවියෙක් මේ දැරිය අතට අරගෙන. අත් දෙකෙන්ම සතාව මිරිකලා. අසල සිටි කෙනෙක් මේ ළමයින්ට අවවාද කළා, 'ඔය ජෙලි ෆිෂ් කෙනෙක්, අත හරින්න' කියලා. ටිකක් වෙලා යද්දී අත් කසන්න පටන්ගෙන, ඇඟට පණ නැති ගතියක් දැනුණා.
අවුරුදු දෙකක් විතර වයසැති දරුවා රෝහලට ගෙනවිත් තිබුණේ මිත්තණිය. දරුවාගේ මව මානසික වර්ධනය අඩු කෙනෙක්. පියාගෙනුත් පල වුණේ බුද්ධි වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා අඩු බවක්. ඔහු පුංචි බැටරි දෙකක් දරුවට දී සෙල්ලම් කරමින් ඉඳලා. මේ පවුලේ රැකියාවක් කරන මට්ටමක සිටින්නේ මිත්තණිය පමණයි. ඇය ගෙදර එනවිට එක බැටරියක් අඩුයි. ඇහුවහම දරුවාගේ පියා කියනවා, බබා ඒක ගිල්ලා කියල!
ළමයින් පස්හයදෙනෙක් ඔහේ හදන මව්පියන් කරන පරිදි, ඒ පවුලේ බාල ළමයින් බලාගන්නේ ලොකු ළමයින්. අවුරුදු 2 ළමයා, අවුරුදු හතරේ ළමයා කරන සෙල්ලමට සහභාගී වෙමින් හිටියේ. අවුරුදු හතරේ ළමයා සෙල්ලම් ගෙදරක් දාලා. බැටරියක් කඩලා, ඒකෙ ඇතුළේ තියෙන ද්‍රව්‍ය තමයි ආහාර. පොඩි හැන්දකින්, ඒවා අවුරුදු දෙකේ ළමයට කවද්දී, අවුරුදු හයේ ළමයා දැකලා. ඔහු තමා වැඩිහිටියන්ට දැනුම් දීල තියෙන්නෙ. වැඩිහිටියන්ටනම් ඒත් එච්චර ගානක් තිබ්බේ නෑ.
ඔහු මැදි වියේ කෙනෙක්. රෝහලට ආවේ පපුවේ අමාරුවක් එක්ක. සිහි කල්පනාවත් ටිකක් අඩු වෙලා. ගෙදර අය ඉන් එහාට මුකුත් කියන්නේ නෑ. පෙනෙන්නට තිබුණු රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කළත්, තවත් විවිධ අමුතු රෝග ලක්ෂණ මතු වෙනවා.. ගෙදර බරපතල ප්‍රශ්නයක් නිසා ඔහු බෙහෙත් පෙති තොගයක් ගිල්ල බව ගෙදර අය එළි කරන්නේ නැවත නැවත විමසද්දී පැය ගානකට පස්සේ.
සියදිවි හානි කර ගන්න හිතාගෙන වස බොන එක වෙනම කාරණාවක්; අහම්බෙන්, පයට පෑගිලා සර්පයෙක් දෂ්ට කරන එක, තමන්ට විස හෝ අසාත්මික බව නොදන්නා බෙහෙතක්/ ආහාරයක් ගන්න එක වෙනම කාරණාවක්. නමුත් බහුලවම දකින්න ලැබෙන්නේ වළක්වා ගත හැකිව තිබුණු විස වීම්. මේ දේවල් වෙන්නේ අනුන්ටය, කාටවත් කරදරයක් නොකරන අපිට දෙය්යන්ගේ පිහිටෙන් ඔහොම ඒවා වෙන්නේ නැත කියල එකක් නෑ. අපි කාටත් ඔය විදිහට වස පෙවෙන්න පුළුවන්. ඔහොම වෙන්නේ පහළ සමාජ ස්ථරවල අයටය, අකුරු බැරි අයටය කියල එකක් නෑ- ඔබේ දරුවා බලාගන්න සේවිකාව, නැත්නම් ඤාති වැඩිහිටියන් අයත් වෙන්නේ ඒ ගොඩට වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන එකයි කරන්න ඕන.
වීදුරු හෝ ප්ලාස්ටික් බෝතල්, එක පාරින් අහක නොදා නැවත පාවිච්චි කරන එක හොඳයි තමයි. නමුත්, විශේෂයෙන් බීම බෝතල්වලට විෂ සහිත දේවල් නොදැමීමට පරිස්සම් වෙන්න ඕන. විෂ සහිත දේවල් ගෙදරට ගෙන ඒම අත්‍යවශ්‍යනම්, වඩා සුදුසු ඒවා අඩංගු භාජනයේම තියෙන්නට හැරීම. මොකද, එතකොට හඳුනා ගැනීමේ අපහසුවක් නැහැ. විෂ දේවල්, බෙහෙත් හෝ වෙනත් දේවල් අඩංගු භාජනවල පහසුවෙන් කියවිය හැකි පරිදි ලේබල් කර තිබීමත් වැදගත්. ලේබල් කියවිය හැකි කෙනෙක්ට එතකොට පරිස්සම් විය හැකියි. තමන්ටම වුනත් කලක් යද්දී ඒකෙ තියෙන්නෙ මොනවද කියල අමතක විය හැකියි.
ළමයින්ට හසු නොවන සේ තබන ලෙස ඔය හැම දේකම වගේ උපදෙස් දෙනවා. එහෙම තියන්නේ කොහොමද කියලා කල්පනා කළ යුතුයි. සාමාන්‍යයෙන් ඇවිදින්න පටන්ගන්න වයසේ දරුවන්, අවුරුදු 1-5 ත් අතර දරුවන්, අහු වෙන දෙයක් කටේ දාගන්නවා. ඒ වගේම මේ දරුවන්ට අල්මාරි, දොර අගුල් ආදිය විවෘත කළ හැකියි. අනික් අතට, තමන් වසක් විසක් කෑ බව කීමට හැකියාවක් බොහෝ විට ඔවුන්ට නැහැ. ඒ නිසා ඒ වයසේ ළමයින්ට හසු වන පරිදි කිසිම වසක් විසක් නොතැබීමට පරිස්සම් විය යුතුයි. බෙහෙත් වගේ දේවල් හැකිනම් ළමයින්ට විවෘත කළ නොහැකි බෝතල්වල දමා, අල්මාරියක දමා, අගුල් දමා, යතුර වෙනත් තැනක සැඟවිය යුතුයි.
කැරපොත්තන්, හූනන්, මදුරුවන් ආදී සතුන්ට විස වෙන දෙයක් දරුවන්ටත් විස විය හැකි බව මතක තබා ගත යුතුයි. ඒ නිසා කපුරු බෝල, මදුරු දඟර, බැටරි, විස රසායන කිසිවක් ළමයෙකුට ගත හැකි තැනක නොතැබිය යුතුයි.
සමහර දේවල් විස නොවුණත්, ළමයි ගිල්ලොත් උගුරේ හිර වී හුස්ම අවහිර වීමට, නැත්නම් ආහාර මාර්ගය තුවාල වීමට ඉඩ තියෙනවා. බැටරි, පලතුරුවල හැඩයට සාදන ලද රිජිෆෝම් සෙල්ලම් බඩු, බැලුම් හෝ ප්ලාස්ටික් කෑලි ආදිය ළමයින්ට දෙන සෙල්ලම් බඩු නොවේ.
ළමයා ගැන අවධානය දිගටම දෙන්න බැරිනම්, අනතුරුදායක දේ නැති කොටුවක හෝ ඉවතට යාමට නොහැකි සේ අවහිර කළ කාමරයක ළමයා තැබිය යුතුයි.
වෙනත් කෙනෙකුගේ ගෙදරක හෝ වෙනත් පිට තැනකට ගිහාම, ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව එක එක දේවල් කන බොන එක නුසුදුසුයි. මම වුණත් සහෝදරයෙක්ගේ, සහෝදරියකගේ ගෙදර ගිහාම, ෆ්‍රිජ් එක ඇරලා, කනබොන ජාතියක් හොයන් කන පුරුද්දක් තියෙනවා. නමුත් කන්න බොන්න කලින් ගෙදර අයගෙන් ඇහුවනම්, ඒ තියෙන්නෙ වසක් විසක්නම් අපව දැනුවත් කරනු ඇති.
වස පෙවුනොත්, වමනය කරවීම නුසුදුසුයි. සමහරවිට විස ද්‍රව්‍ය අඩංගු වමනය පෙනහළුවලට ගොස්, වඩාත් අවදානමකට ලක් වීමට ඉඩ තියෙනවා. ඒ වගේම පෙවී ඇත්තේ සැර අම්ල හෝ භෂ්ම ද්රව්යයක්නම්, වමනය වෙනවත් එක්ක ගලනාලය තව වරක් පිච්චෙනවා.
අම්ල හෝ භෂ්ම ද්‍රවයක් පෙවිලනම්, සමහරවිට ඇඟේ මේ විස හැලිලා තියෙන්න පුළුවනි. ඒ නිසා ඒ ඇඳුම් ඉවත් කළ යුතුයි. සමේ හෝ ඇස්වල තැවරී ඇත්නම් විනාඩි 20ක් විතර, ගලා යන ජලයෙන් සේදිය යුතුයි. නළ ජලය නැත්නම්, භාජනයකින් වතුර අරං වත් කළ හැකියි. අනික් අයත් වස ඇඟේ ගා ගැනීමෙන් වැළකිය යුතුයි.
ලෙඩාට සිහිය නැති වුණොත්, වලිප්පුව ආවොත්, වම් ඇලයට හරවා තබන්න. හුස්ම වැටෙනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න.
ලෙඩාට එක එක දේවල් බොන්න දෙන්න එපා.
මුකුත් රෝග ලක්ෂණයක් නොපෙන්නුවත් රෝහලට ගෙන යාම වැදගත්. බොහොමයක් විස ඇඟට උරා ගත්තට පස්සේ පැය ගානකින් තමයි රෝග ලක්ෂණ පෙන්නන්නේ.
සමහර විස ද්‍රව්‍ය ආමාශයේ තිබියදී ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙහෙම ඉවත් කළ හැක්කේ පැයක් දෙකක් ඇතුළත රෝහලට ගෙන ගියොත් පමණයි. ඒ නිසා හැකි ඉක්මණින් ළඟම ඇති රෝහලට යාම වැදගත්. පොඩි ළමයි තියල යන්න කෙනෙක් නැත්නම් එක්කො ළඟ ගෙදරකට බාර දෙන්න; නැත්නම් අරගෙන යන්න. එහෙම නැත්නම් විස්තර දීල, ලෙඩා වෙන කා එක්ක හරි හැකි ඉක්මණින් රෝහලට යවන්න. දකුණු පළාතේ හෝ බස්නාහිර පළාතේනම් 1990 ගිලන් රථ සේවයට කතා කරල ලෙඩා බාර දෙන්න.
වස බිව්වේ කීයටද කියන එක වැදගත්.
කොච්චරක් බිව්වද කියන එක වැදගත්.
මොනවද බිව්වේ කියන එක වැදගත්.
මත්පැන් එක්කද බිව්වේ කියන එකත් වැදගත්.
ගෙදරදී බලෙන් වමනය කෙරෙව්වද, මත්පැන් පොල්කිරි වගේ දේවල් බොන්න දුන්නද, වෙන මුකුත් ප්‍රතිකාරයක් කරාද කියන දේවල් වැදගත්.
වෙනත් රෝග, මානසික රෝග ආදිය තියෙනවද කියන එක වැදගත්.
ඒ නිසා මේ තොරතුරු හංගන්න එපා.
බිව්ව විස බෝතලය, ඉතුරු පෙති හෝ පෙතිවල නම් සහිත බෙහෙත් වට්ටෝරුව අරගෙන යන්න.
සමහරවිට, වසක් විසක් ගත් බව ඔබේ ලෙඩා කියන්නේ නෑ වෙන්න පුළුවන්. විශේෂයෙන් සියදිවි හානි කරගන්න අදහසින් හෝ කාව හරි බය කිරීමේ අදහසින් වස ගන්න තරුණ තරුණියන් එහෙමයි. වෙනත් ලෙඩක් නැති කෙනෙකුට හිටි ගමන් දඩස් ගාල පහල වෙන වමනය, වලිප්පුව, සිහි නැති වීම වගේ දේවල් මෙහෙම වස ශරීරගත වීම නිසා වෙන්න පුළුවන්. එහෙම අවදානමක් තියෙනවද කියන එක ගැන සෞඛ්‍ය සේවකයන් දැනුවත් කිරීම බොහොම වැදගත්. ලෙඩා ඉස්පිරිතාලෙට ගෙනියල, ඊට පස්සේ ගෙදර තිබුණු වසවිස, බෙහෙත් ආදියේ අඩුවක් තියෙනවද කියල හොයල බලන්න ඕන. කා එක්ක හරි සියදිවි හානි කර ගැනීමක් ගැන කියල තියෙනවද, පුද්ගල සම්බන්ධතා ආදියේ ප්‍රශ්නයක් තිබුණද කියල හොයල බලන්න ඕන. වහ බිව්වා කියල තරහට ළමය බලන්න නෑවිත් ඉන්නේ නැතුව, අපේ පවුල්වල මෙහෙම දෙයක් වුණු බව කාටවත් දැනගන්න ඉඩ තියන්න බෑ කියල නොඉඳ, ඒ ගැන සැකයක් ඇත්නම් සෞඛ්‍ය සේවකයන්ට කියන්න ඕන.
වස විස ගැන වැඩි විස්තර ජාතික වස විස තොරතුරු මධ්‍යස්ථානයෙන් ගන්න පුළුවන්.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com15tag:blogger.com,1999:blog-3270037286621401654.post-61642303482198995512017-01-05T17:03:00.000+05:302017-01-05T17:03:07.868+05:30ලකීඅම්මත් එක්ක ජනවාරි පළවෙනිදා උදේ පන්සල් ගියා. අපි විහාර ගේ ඉන්න අතරෙ එළියෙ බල්ලෙක් අඬනව ඇහුණා. ඇවිත් බලද්දි, පන්සල් ආව ළමයි දෙන්නෙක් බල්ලන්ට ගල් අහුල, අහුල, ගහලා පන්නනවා. බාල ළමයට අවුරුදු හතරක් විතර ඇති. අනික් ළමයට දහයක් විතර ඇති. මේ බල්ලො පන්සල් වත්තෙ ජීවත් වෙන බල්ලො.
"ඇයි බල්ලන්ට ගහන්නෙ?" මම ඇහුවා. "පන්සල් ඇවිත් නේද ඉන්නෙ? සත්තුන්ට හිංසා කරන්න එපා."
ළමයි දෙන්නා මං දිහා බල බල දිව්වා. බලද්දි ඒගොල්ලන්ගෙ වැඩිහිටියොත් ඒ අහලම බලං ඉඳලා! සත්තුන්ට ගහන්න එපා කියල ඒ වැඩිහිටියො කියන්නෙ නැතුව ඇති.
අපි පොඩි කාලෙ අපිට ලකී කියල බල්ලෙක් හිටියා. සම්පූර්ණ නම ලකී බුකී පෙරේරා.
අපි ළඟ හිටියට, අපේම බල්ලෙක් නෙවෙයි. කාගෙ හරි ගෙදරක ඇතිදැඩි වුණු බල්ලෙක්, මොකක් හරි හේතුවක් නිසා එහෙන් ඇවිත් චූටි මාමලගෙ ගෙදර පදිංචි වෙලා හිටියා. අපි ආවහම, අපේ ගෙදරට හේත්තු වුණා. මං හිතන්නෙ, ඌ ළමයින්ට ආස බල්ලෙක්.
ලකී අපේ පොඩි කාලෙ සෙල්ලම්වල සෑහෙන පංගු කාරයෙක්.
සැරයක් අපිට මැරිච්ච කටුස්සෙක් හම්බුණා. අපි ඌව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව වළලන්න තීරණය කළා. කෙසෙල් පිතිවලින් මිණී පෙට්ටියක් හදලා, මැරුණු කටුස්සව ඒකෙ තියලා, පල්ලෙහ අත්තම්මගෙ වත්තෙ තැනකට පෙරහැරකින් ඌව වැඩැම්මුවා. ලකීව ගත්තෙ පාංශුකූලෙ දෙන හාමුදුරුවන්ට. කටුස්සව වළදානකම් ලකිත් බොහොම සන්සුන්ව වැඩ හිටියා.
ඊට පස්සෙ අපිට දානෙ දෙන්න ඕන වුණා. මළගිය ප්‍රාණකාරයා කන්න කැමති දෙයක් වෙන්නත් ඕන හින්දා, පොලුයි බතුයි අනාගෙන, සුදු රෙද්දකින් දානෙ වහගෙන, ඉස්මුදුනෙ තියාගෙන කටුසු සොහොනට අරන් ගියා. ලකී හාමුදුරුවොත් අපේ පෙරහැරේ මැද්දෙන් වැඩම කළා. දානෙ ටික කටුසු සොහොන උඩින් තියල, ගාතා කියල ඉවර කරල, දානෙ පිළිගන්නනකම් ඉඳල ඒක වැළඳුවා.
එහෙම වැදගත් සතා!
ඒ දවස්වල අපිත් එක්ක සෙල්ලම් කළ ළමයෙකුට රේස් කරත්තයක් තිබුණා. පුංචි රෝද හයි කරපු, ලෑලි තට්ටුවක්. ඕක කන්දක් මුදුනට ඇදගෙන ගිහින්, වේගෙන් පල්ලෙහට එන එක අපේ එක සෙල්ලමක්. අර ළමයා සමහර වෙලාවට එන්නෙ ඔලුවෙන් හිටගෙන! ඒ දවස්වල තිබ්බ ජනප්‍රිය සටන් පාඨයක් වෙච්ච "ගව මස් නොකනූ" කියන වාක්‍යය යටිගිරියෙන් කියමින් තමයි අපි එන්නෙ. ලකිත් ඉතින් අපිත් එක්ක කිටිකිටියෙ තදවෙලා කරත්තෙ එනවා.
පස්සෙ අපි වෙන ගෙදරකට පදිංචියට ගියා. කලින් ගෙදරින් කිලෝමීටරයක් විතර ඈත. අපේ ගෙදර ළමයි වැඩි හින්දද කොහෙද, ලකී අපිත් එක්ක ආවා.
ඒ ආවට මොකද, ලකීට පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ, හිත රිදෙනවා. හරි සියුමැලි හිත!
යන්තං ඩිංගක් එහාමෙහා වෙලා හිත රිදුණද, ලකී අපිත් එක්ක තරහ වෙනවා; තරහ වෙලා, චූටි මාමලගෙ දිහා යනවා. එහෙ දවස් කීපයක් ඉද්දි, අර වගේම කොහෙ හරි අහක යන දේකට හරි හිත අමාරු කරගෙන, ඔන්න ආපහු අපේ දිහා එනවා. මග පාරෙ ඉන්න බල්ලොත් එක්ක රන්ඩුවට නොයා, බොහොම ප්‍රවේසමෙන් ගිරි දුර්ග තරණය කරගෙන ඔය විදිහට දෙපැත්තට යනවා, එනවා.
අපේ මල්ලි ඒ දවස්වල පොඩියි. ලකී තමා මල්ලිගෙ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා.
මල්ලිව පොඩි කරත්තෙක තියාගෙන, හවසට පාරට එක්ක යනවා. ලකිත් වටපිට අධීක්ෂණය කරමින් ඒ අසලම ගැවසෙනවා. එක දවසක් පාරෙ ලොරියක් ඇවිත්. පාර තරමක් පටුයි. ලකී පාර මැදට පැනලා, බුරා හැලෙන්න වුණා. මල්ලිව පරිස්සම් ඇති තැනකට කරගන්නකම්, ලොරියට එන්න ඉඩ දුන්නෙ නෑ.
අවුරුදු කාලෙට අපිට නිලා හම්බුණා. අපි නිලා කූරු පත්තු කරනවට ලකී බයයි. සමහරවිට ලකී බය වුණේ අපි තුවාලයක් කරගනී කියල වෙන්න ඕන. බයට හැංගෙනවා වෙනුවට ලකී කරේ දැල්වෙන නිලාව වටේ උඩ පනිමින් බුරමින්, අපිව අදින එක. පස්සෙ අපි නිලා ගේන එක නතර කළා.
ඒ දවස්වල ගෙදර විල්බැරැක්කයක් තිබුණා. එක්කෙනෙක් ඒකෙ නැගල වාඩි වුණහම, තව කෙනෙක් තල්ලු කරං යන එකත් අපෙ සෙල්ලමක්. සමහර වෙලාවට වාඩි වෙලා යන්නෙ ලකී. කලබලයක් නැතුව, හරි සන්තෝසෙන් ඉඳගෙන යනවා.
ලකී කිරිබත් කන්නයි වැලවරකා කන්නයි ආසයි. අපේ වත්තෙ වැලවරකා ගස් තිබ්බ නිසා, බිම වැටෙන ගෙඩිවලට වග කිව්වෙ ලකී. "ලකී, කිරිබත් කිරිබත්" කිව්වොත් ඉන්න තැනක ඉඳලා දුවගෙන එනවා.
අපේ ලකී වයසට ගිහින් අබලදුබල වුණා. නිරන්තරෙන් ලැගගෙන සිටීම පිණිස ලකී තෝරගත්තෙ, බාගෙට හදල තිබුණු උඩ තට්ටුවෙ තැනක්. එතනට ගෙදර සද්දබද්ද හොඳට ඇහෙනවා. කුස්සිය තිබුණෙ එතනම පහළින්. එළියට ආවහම අම්මට ලකීව පහසුවෙන් පේනවා. ලකිත් හිටියෙ එතනින් පහළ බලාගත්තු ගමන්මයි. ගෙදර සිද්ද වෙන්නෙ මොකද කියල හොඳ අවධානෙන් හිටියෙ.
ගෙදරට කවුරුහරි අමුත්තෙක් ආහම තත්වෙ වෙනස්. එතකොට ලකී පහළට බැහැලා ඇවිත් සාලෙ මැදින් ටොක් ටොක් ගගා, කොර ගගහ, එහාට මෙහාට ඇවිදිනවා. හරියට "ඇයි මොකද? මාත් මේ ගෙදරම තමා ඉන්නෙ. මුං උඹලට මං ගැන කිව්වෙ නැද්ද?" කියල අහන්න වගෙයි.
ලකීගෙ අවසාන වෙලාව ආවහම, ලකී හිටිය තැනින් පහළට එබිලා, අම්මට කතා කළා. අම්මා උඩට යද්දි ලකී නැති වෙලා.
ලකීගෙ හොල්මන...
එක්කො ඒ කතා ඕන නෑ.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com19tag:blogger.com,1999:blog-3270037286621401654.post-89023518576857937512016-10-02T11:14:00.000+05:302016-10-02T11:14:36.111+05:30අපේ සුදු සර්අපේ රටේ ළමා මරණ අනුපාතිකය, නව ජන්ම ළදරු මරණ අනුපාතිකය පහත හෙළීමට තනි පුද්ගලයෙක් විදිහට වැඩිම දායකත්වයක් සැපයුවේ කවුද කියල ඇහුවොත්, ඒ අපේ සර්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා මහතා.
සර් ඉගෙන ගන්න කාලෙ විෂය ධාරා අඩුයි. ළමා රෝග විශේෂඥවරයෙක් වෙලා නවතින්න වුණේ ඒ නිසා. ළමා රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය භාර ගන්නෙ එහෙම. වාට්ටුවක වැඩ කරනවට වඩා බොහොම වෙනස්. ඊට වඩා ලොකු කැපවීමක් ඕන. වෙනස් විදිහෙ සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනුමක් ඕන. සර් මූලිකව උපයෝගී කරගන්නෙ ළමා ජීවිත සුරැකීම පිළිබඳ හැදෑරූ පාඨමාලාවක්. ඊට අමතරව දැන සිටිය යුතු දේවල් නොයෙකුත් පාඨමාලාවන්ට, පුහුණු වැඩමුළුවලට සහභාගි වෙලා, පොත්පත් කියවලා ඉගෙනගන්නවා.
හැබැයි එතනින් නවතින්නෙ නෑ. සෞඛ්‍ය සේවා දියුණු රටවල වගේ මෙහෙත් දැඩි සත්කාර ඒකක පිළිබඳ විශේෂඥවරුන් සිටිය යුතුයි කියන අදහස ඇතුව, ඒ ගැන පාඨමාලා අරඹන්න, පුහුණු කරන්න පටන් ගන්නවා. ඒ අය සුදුසුකම් සපුරා ආවහම, බොහොම කැමැත්තෙන් තමන්ගෙ තැන වැඩ භාර දෙනවා.
දැඩිව ගිලන් වෙන දරුවෙක් බේර ගන්න, ඉපදෙනකොටම හුස්ම නොගෙන දැඩි අවදානම් තත්වෙක ඉන්න දරුවෙක් බේර ගන්න, විශේෂඥ වෛද්‍යවරු හිටියට මදි. මේ වගෙ අවස්ථාවලදි හැකි ඉක්මණින් ප්‍රතිකාර ලබා දීම අවශ්‍යයි. පිටරටවල මේ සඳහා තියෙන කෙටිකාලීන පාඨමාලා මෙරටට හඳුන්වා දීලා, නේවාසික වෛද්‍යවරුන්ගෙ පටන් විශේෂඥ වෛද්‍යවරුන්ට යනකම් හැම මට්ටමක වෛද්‍යවරුන්වත්, මේ අංශවල සේවය කරන හෙද නිලධාරීන් හා වින්නඹු මාතාවන් ආදීනුත් පුහුණු කරන්න මහන්සි වෙන්නෙ අපේ සර්. රට පුරා ඉස්පිරිතාලවල ඇවිදිමින් ඒ ඒ පළාත්වල අයව පුහුණු කරනවා. මාසෙකට වතාවක්වත් කොළඹත් පාඨමාලාවක් පවත්වනවා. මේ එක් පාඨමාලාවකට විසි හතරදෙනෙක්වත් සහභාගි වෙනවා. අවුරුදු ගානක් තිස්සෙ, අඛණ්ඩව මේ පුහුණු කිරීම් කෙරෙනවා. අනික් පුහුණු කරුවන් වගේ නෙවෙයි, සර් මේ හැම එකකටම සහභාගි වෙනවා; මූලිකත්වය ගන්නවා.
මේ පාඨමාලා ඕස්ට්‍රේලියානු සංගමයකින් නිර්මිත ඒවා. නමුත් සර් ඒවයෙ අඩංගු නොවන, ශ්‍රී ලංකාවට වැදගත් වෙන ඩෙංගු වගෙ රෝග ගැනත් අපේ පාඨමාලාවට එකතු කරනවා. ඒ දේවලට සහය වෙන්නෙ, සර්ගෙ ගෝලයෙක් මෙන්ම දැඩි සත්කාර ඒකකයෙ දෙවෙනියා වෙන විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා. හැමදාම දේශනයට නියමිත කාලය ඉක්මවා යනවා කට්ටිය ප්‍රශ්න අහ අහ ඉගෙන ගන්න නිසා. නමුත් අපේ රටේ ඩෙංගු මරණ වළක්වන්න මේ දේශන මාලාවත් බොහොම උපකාරි වුණා.
කලින් කිව්ව වගේ මේ පාඨමාලාවකට සහභාගි වෙන කීප දෙනා, තම තමන්ගෙ ආයතනවලට ගිහාම, ඉගෙන ගත්තු දේ ප්‍රායෝගිකව භාවිතා කරන අතරතුර, තමන් එක්ක වැඩ කරන අනෙක් අයටත් දැනුම බෙදා දෙන බවට විශ්වාස කෙරෙනවා. ඒ කාරණාව වඩාත් හොඳින් කෙරෙනු පිණිසත්, අපේ පාඨමාලාවල ඉගැන්වීම් ක්‍රියාවලිය හොඳින් කෙරෙනු පිණිසත් ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන්ගෙ මග පෙන්වීම අනුව පුහුණු කරුවන් පුහුණු කෙරෙන පාඨමාලා පැවැත්වීමටත් සර් පියවර ගන්නවා. ඒ හින්දම, දැන් පළාත් මට්ටමින් ඒ ප්‍රදේශයෙ ඉන්න පුහුණු කරුවන්ට එකතු වෙලා, මේ පාඨමාලා පැවැත්විය හැකි මට්ටමට ඇවිත්.
දැඩි සත්කාර හා හදිසි ප්‍රතිකාර පිළිබඳ සංගමය හා එක්ව වැඩ කරන සර්, එහි සභාපති ධුරයටත් පත්වෙනවා. හදිසි ප්‍රතිකාර පිළිබඳව, දැඩි සත්කාර ඒකක පිළිබඳව, රෝගීන් ප්‍රවාහනය පිළිබඳව, විෂ වලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව වගේ නොයෙකුත් පාඨමාලා අපේ රටට හඳුන්වා දීමට මේ හරහා සර්ට පුළුවන් වෙනවා.
සර් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය පමණක් නොවෙයි, හදිසි ප්‍රතිකාර ඒකකයත් භාරව හිටියා. දැඩි සේ ගිලන්ව එන දරුවන් වාට්ටුවලට යැවීමට පෙර මූලික ප්‍රතිකාර කෙරෙන්නෙ මේ ඒකකයෙ. තැනක් විදිහට ඒකකයෙ පහසුකම් වැඩි දියුණු කරන්නත්, එතන සේවය කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුව ලබා දීමටත් සර් කටයුතු කළා. මේ නිසා බේරුණු ළමා ජීවිත ගණන අති විශාලයි. දැඩි සත්කාර ඒකකයට දරුවන් ප්‍රවාහනය සඳහා ප්‍රවාහන වෛද්‍ය සේවයක් ඇරඹීමටත් සර් සැලසුම් කළා.
ආයතනය වඩාත් විධිමත් කළ හැක්කේ කෙසේද කියන එක ගැන හදාරන්නත් සර් අමතක කළේ නෑ. අපිට පුරවන්න කොළ මහ ගොඩක් තිබුණා! රෝගීන්ගෙ විස්තර පරිගණකගත කිරීමට නියමව තිබුණා. එමගින් රෝගී ප්‍රතිකාරයෙ වෙනස් විය යුතු තැන්, වැඩි දියුණු කළ යුතු තැන් හඳුන ගන්න පුළුවන් වුණා.
පශ්චාත් උපාධි පාඨමාලාවලට සහ එම විභාගවලටත් සර් සහභාගි වුණා. පාඨමාලාවෙ අන්තර්ගතය කෙසේ විය යුතුද, කොතන පුහුණු පැවැත්විය යුතුද වගෙ කාරණා ගැන සර් බොහොම මහන්සි වුණා. ශිෂ්‍යයන්ගෙ මතයත් විමසලා, වෙනත් රටවල පාඨමාලා අධ්‍යයනය කරලා, වෙන රටවල විශේෂඥවරුන් ගෙන්වලා ඔවුන්ගෙ දැනුමත් බෙදාදීලා, මේ පාඨමාලා සාර්ථක කරගන්න සර් වෙහෙසුණා.
ඔය ඉතින් පොදුවේ රට වෙනුවෙන් කෙරුණ කාරණා කීපයක්. පෞද්ගලික මට්ටමින් සර්ගෙ උදව් උපකාර ලද අය බොහොමයි.
ඉගෙනීම සඳහා උනන්දු කරවීම අතින් අම්මලා අප්පච්චිලාට වඩා ඉදිරියෙන්! බලෙන් ඇදල දාන්නෙ එක එක පාඨමාලාවලට. අපි අයදුම්පත්‍ර දාන්නෙත් "ඔන්න සර්නෙ කියන්නෙ දාන්න කියල, ඔන්න දැම්ම!" කියල. හම්බෙන දවසට සර් අහනව, "දැන් පාඩම් කරනවද? පොතේ අර කොටස් ටික තමා ගොඩක් වැදගත්; ඒ ටික බැලුවද? වාර්තා ලියලද? දැන්ම ලියන්න ගත්තොත් හොඳයි නේද? අහවලාට කියල දේශන කරවගත්තොත් හොඳයි නේද?..."
වතාවක් ඔහොම එකකට ඩිලන් අයදුම්පත්‍ර දාල. ඊට පස්සෙ ඔන්න නෑවිත් ඉන්නව.
සර් කෝල් කරල, කෝල් කරල බලහත්කාරෙන් ගෙන්න ගත්ත; උගන්නන්න ගිහාම එතනත් සර්. එදා රෑ නවතින්න ගිහාම හෝටලේට ගෙව්වෙත් සර්. පහුවදා විභාගෙ වෙලෙත් ඉඳල තියෙන්නෙ සර්. හවස ආපහු කොළඹ යන්න ටිකට් ගත්තෙත් සර්.
ඩිලන් සර්ට කියනවා: "සර් දැන් සේරම කරේ සර් හින්ද, වැඩේ සම්පූර්ණ වෙන්නනම් කෝස් ෆී එකත් සර්ම ගෙවන්න ඕන!"
ඇත්තටම නොයෙක් වෙලාවල, පාඨමාලා ගාස්තුත් අපට ගෙවන්න නැතුව සර්ම සකස් කරල දුන්නු අවස්ථා තියෙනවා. සමුගැනීමේ උත්සවයෙදි එක් විශේෂඥ වෛද්‍යවරයෙක් කිව් විදිහට, ඉගෙන ගන්න කාලෙදි ඔහුව එහෙම පාඨමාලාවකට එක්ක ගිහින්, සර් පාන්දරම ඇහැරවනවලු පාඩම් කරන්නත්!
අපේ අප්පච්චි ලෙඩ වුණු වෙලාවෙ මම ඉස්සෙල්ලම උපකාරයක් ඉල්ලුවෙ සර්ගෙන්. වරින් වර අවශ්‍ය හැම දෙයක්ම, වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් එක්ක කතා කරල ඉටු කරලා දුන්නා විතරක් නෙවෙයි, මහ ගොඩක් වැඩ අස්සෙ මළ ගෙදරත් ආවා. සමහර දේවල්වලදි, මම සර්ගෙන් උපදෙස් අරගෙන, අප්පච්චි ළඟට යද්දි තත්වෙ වෙනස් වෙලා නිසා, සැලසුම් වෙනස් කරන්න වෙලා. සර් මා වෙනුවෙන් තවත් අයගෙන් උදව් එහෙමත් ඉල්ලලා. නමුත් එහෙම කියලා සර් අමනාප වුණේ නෑ. ඒ ඒ වෙලාවට ආයෙ අවශ්‍ය වෙන්නෙ මොකක්ද, ඒ දේට උදව් දුන්නා. සේරම ඉවර වෙලා මම දුක කියන්න ගිහාම මගෙ හැම ප්‍රශ්නෙකටම විසඳුම් දීලා මාව හරි පාරට දැම්මා. ඊට පස්සෙත් හම්බෙන හැම වාරෙකම හෙමින් අහනවා, "දැන් කොහොමද?" කියලා. සර්ගෙ පිහිටක් හොයන ඕන කෙනෙකුට එහෙමයි.
සර්ගෙ හොඳ ගතිගුණ නිසාම සර් කියන දෙයක් අනික් අයත් අහනවා. ඔය නොයෙක් පාඨමාලාවලට කට්ටිය කොහොම හරි නිවාඩු දාගෙන එන්නෙ, සර්ට බෑ කියන්න බැරි නිසා.
සර් හරි නිහතමානියි. අලුතින් ඉගෙනගන්න දෙයක් තියෙනවනම් බොහොම කැමැත්තෙන්, මහන්සි වෙලා ඉගෙනගන්නවා. වරක් සර්ම මූලිකත්වය අරගෙන, ලංකාවට හඳුන්වල දුන්න පාඨමාලාවක, ප්‍රායෝගික කොටසට සර් හිටිය කණ්ඩායමේ මමත් හිටියා. ඉගෙනීම පටන් ගන්න කලින් එකිනෙකා හඳුන්වලා දෙන්න ඕන. මොකද, අපේ පවතින දැනුම අනුව උගන්නන විදිහ වෙනස් වෙනවනෙ.
උගන්නන්න හිටිය ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයා තමන් කවුද, කොහෙද වැඩ කරන්නෙ, මොනවද සුදුසුකම් එහෙම කියල මුළින් කිව්ව. ඊලඟට අපේ කණ්ඩායමේ හිටි අනෙක් විශේෂඥ වෛද්‍යවරයා තමන් කවුද, කොහෙද වැඩ කරන්නෙ, මොන වගෙ විදිහටද මේ පාඨමාලාව තමන්ට වැදගත් වෙන්නෙ කියල කිව්ව. ඊලඟට මම. මම ඉතින් කිව්ව ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ඉන්නවය, අරකද මේකද කියල. ඊලඟට අපේ සර්. සර් අපේ දැඩි සත්කාර ඒකකයෙ සහ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ප්‍රධානියා; එතන හිටිය අනික් විශේෂඥ වෛද්‍යවරයගෙත්, මගෙත් ගුරුතුමා; පාඨමාලාව සංවිධානය කරන සංගමයෙ සභාපති; අප අතරින් වඩාත්ම අත්දැකීම් සහිත කෙනා. ඒ වුණාට සර් කිව්වෙ වචන පහයි:
"මමත් මෙයත් එක්ක වැඩ කරන්නෙ!"
සර් එහෙමයි.
අනික, ඕන කෙනෙකුට ඇහුම්කන් දෙනවා. අපිට මොකක් හරි වැඩක් පැවරුවහම, අපිත් ඉතින් ඕවගෙ තියෙන එක එක කාරණා ගැන අපේ විවේචන ඉදිරිපත් කරනව. පිළිගත යුතු දෙයක්නම් සර් පිළිගන්නව. නැත්නම් බොහොම ඉවසීමෙන් ඇයි ඒක එහෙම විය යුත්තෙ කියල පැහැදිලි කරනව. වෙලාවකට අපි ඊට එකඟ නොවී රන්ඩුත් කරනව. ඒත් සර් තරහ වෙන්නෙ නෑ; ළමයින්ගෙ රන්ඩු දිහා දෙමව්පියො බලනව වගෙ හිනා වෙලා නිකං ඉන්නව. දිග කාලයක් මිනිස්සු ආශ්‍රය කරල ලැබුණු පළපුරුද්දෙන්ද කොහෙද, සර්ට හොඳ අවබෝධයක් තියෙනව කාට කොයි වගේ වගකීමක්ද පවරන්න පුළුවන් කියල. සර් බොහොම හෙමින්, ඉවසීමෙන්, ඒ වැඩේට ඒ කෙනාව පුහුණු කරනවා.
සර් කිසි දේකට කලබල වෙන්නෙ නෑ. ඔය තරම් වගකීම් ගොඩක් ඔළුවෙ තිබ්බනම්, වෙන කෙනෙක්ට පිස්සු හැදෙයි; කාර්ය මණ්ඩලයට බනී. සර් එහෙම නෑ. ප්‍රශ්නයකදි, කාරණාව හොයා බලා, කළ යුතු දේ කරනවා.
වතාවක් කොළඹින් බැහැර ඉස්පිරිතාලෙක, ඕස්ට්‍රේලියානු වෛද්‍ය කණ්ඩායමකත් සහභාගිත්වය ඇතුව, පාඨමාලාවක් පැවැත්වුණා. තේ පානය සඳහා අවශ්‍ය ආහාර සැපයීම භාරව තිබුණෙ එහෙ කට්ටියකට. ඒ අය උයන මනුස්සයෙක් ගෙනත් ආහාර හදවන්නෙ, අවට ගන්න තැනක් නැති නිසා. මේ පාඨමාලා බොහොම තිතට, වෙලාවට කෙරෙන ඒවා. වෙලාව වෙනස් වෙන්න බෑ.
කොහොම හරි ඔන්න තේ වෙලාව ඔන්න මෙන්න කියලවත් කෑම ඇවිත් නෑ. අපේ කෙනෙක් කෑම හදන තැනටත් ගිහින්- ඒක ලෑස්ති වෙන්න තව හුඟක් වෙලා යන විදිහයි. පණස් දෙනෙකුට විතර කෑම එහෙම හදිසියෙ හොයාගන්නෙ කොහෙන්ද? ඒ අවට ඒ විදිහෙ ආපනශාලා තිබ්බෙ නෑ. නගරයට ගිහින් එන්න වෙලා යනවා. දැන් සමහරු කෑම හදන අයට බනිනව; සමහරු කෑම සපයන්න බාර ගත් අයට බනිනව. සේරම කලබල වෙලා.
අපේ සර් එහෙම කලබල වෙයිද? ඔන්න සර් අතුරුදහන් වුණා. තේ විවේකෙ ලැබෙනකොටම මෙන්න සර් එනවා හිනා වෙවී. අත් දෙකෙන් කඩදාසි මළු දෙකක් උස්සගෙන. සර් කොහෙ හරි පෙට්ටි කඩේකින් මසල වඩේ ගෙනත්!
ඒකකයෙ අනික් වැඩවලදි වුණත් සර් මුළු හදවතින්ම සහභාගි වුණා. ඔන්න සැරයක් පිරිතක් කියනවය කියලා හෙද සොහොයුරිය ඇවිත් කිව්වෙ මමත් ඉන්න තැන. මම ඉතින් ගත්තු කටටම, " අපොයි එහෙනම් එදා රෑට කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ." කියල කිව්ව. සර් හිනා වුණා විතරයි. පිරිත් දවසෙ හිස මත තියාගෙන කරඬුව වඩම්මලා, මුළු රෑම වාඩි වෙලා පිරිත් අහලා, පාන්දර මූණ සෝදගෙන එන්න විතරක් පැයකට ගෙදර ගිහින් තිබුණා. ඒ ගියෙත්, ඒ අතරෙ කරඬුව ආයෙ වඩම්මන්න හරි මොකක් හරි වැඩක් ආවොත් ඒ වගකීම දෙවෙනි විශේෂඥ වෛද්‍යවරයට පවරලා. කොහොම හරි පුළුවන් ඉක්මණට ආපහු ආවා.
සර් එහෙමයි.
අර කතාවක් තියෙන්නෙ බුද්ධිමතුන්ගෙ මේසෙ අවුල්ය කියල. සර්ගෙ මේසෙත් එහෙම තමා. හෙද සොහොයුරිය වරින් වර ඕක අස් කරල දානවා. මං එහෙමනම් මගෙ මේසෙ වෙන කවුරුත් අස් කරොත් තරහ ගන්නවා, ඊට පස්සෙ බඩු හොයන්න නෑ කියල. සර් එහෙම නෑ. කොහොම හරි වතාවක් එහෙම මේසෙ අස් කරපු වෙලාවක, සිස්ටට හම්බෙලා අපි තුන් දෙනෙකුගෙ වැටුප් වැඩිවීම පිණිස සර් විසින් පිරවිය යුතු පෝරම තුනක්, මාස ගානක් පරක්කු වෙලා, අර කුණු ගොඩ අස්සෙ තිබිලා!
ගමන් බිමන් යන්නත් සර් කැමතියි. අනික් අයත් ඒවට ආස බව සර් දන්නවා. නොදන්න පළාතක පාඨමාලාවකට ගිහාම, සමහරවිට සර් පැය කීපෙක දේශන තමන් තනියම කරන්න භාරගෙන, අනික් අයට පළාතෙ පොඩ්ඩක් ඇවිදලා විනෝද වෙලා එන්න අවස්ථාව දීලා තියෙනවා.
වෙන මොනවත් වැඩක් යෙදිලා නැත්නම්, සර් පාසල් පටන් ගන්න වෙලාවට පාර අවහිර වෙන්න කලින්ම වැඩට එනවා. ඒකක කිහිපයක, සංගම් කීපයක, පාඨමාලා කීපයක වැඩවලට දවස පුරා වෙහෙසෙනවා. කිසිම කම්මැළිකමක්, එපා වීමක් නෑ. සර්ගෙ කාමරේ දින දර්ශනයෙ රතු පාටින් සලකුණු පිරිලා. කොටින්ම, සර් විශ්‍රාම ගන්න තිබ්බෙ විසි වෙනිදා වුණත්, ඒ දිනේ පහු වෙනකනුත් සර් එක දිගට වැඩ. ඒ හින්දා විශ්‍රාම ගන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ උත්සවේ තිබ්බෙ තිස් වෙනිදා!
ශ්‍රී ලාල් සර් ගුරුවරයෙක්; පියෙක්; මග පෙන්වන්නෙක්; මිත්‍රයෙක්; ආදර්ශය සපයන්නෙක්; නායකයෙක්. සර් කරපු තරම් වැඩ කරනව තියා කොහොම කරන්නද කියල හිතාගන්නවත් අපිට බෑ. යුග පුරුෂයො කියන්නෙ අපේ සර් වගෙ අයට වෙන්න ඕන. එහෙම කෙනෙක් යටතෙ වැඩ කරන්න, පුහුණු වෙන්න අපි වාසනාවන්ත වෙලා තියෙනවා.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com14tag:blogger.com,1999:blog-3270037286621401654.post-54477636639163913362016-04-21T14:58:00.001+05:302016-04-21T15:03:00.859+05:30ඩෙංගු 2වැස්ස පටන් ගන්න යන්නෙ. ආයෙත් ඩෙංගු වැඩි වෙයි.
ඩෙංගු ගැන කලින් වතාවකත් කතා කළා. ඒත් සමහර දේවල් ආයෙ ආයෙත් මතක් කරගන්න ඕන.
"ජීවත් වෙන්න ඕන කැහැට්ටො විතරද?"
එක ඩෙංගු හැදුණු ළමයෙක්ගෙ අම්මාකෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලයට එහෙම තර්ජනය කර තිබුණා. ඇගේ ළමයා වයස අවුරුදු හත අටක් වෙද්දි කිලෝ 60ක් බර කෙනෙක්.
අපේ රටේ සමහර ළමයින් දැඩි පෝෂණ ඌනතාවයකින් පෙළෙන අතර, තවත් ළමයින් අධිපෝෂණයෙන් පීඩා විඳිනවා. අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලටගොදුරු වීමේ දැඩි අවදානමට අමතරව, මෙහෙම ළමයින්ට ඩෙංගු හැදුණහමත් විශාල ප්‍රශ්නයක්.
එකක්, මේ අයට හදිසියකට සේලයින් හෝ බෙහෙත් දීම සඳහා කැනියුලාවක් දමා ගැනීමට නහර සෙවීමේ අපහසුව.
තවත් එකක්, මේ අයගෙ අක්මාව දැනටමත් මේද තැන්පත් වෙලා දුර්වලව තිබීම.
බරපතලම දේ, මේ අයට අවශ්‍ය දියර ප්‍රමාණය, පැයකට තිබිය යුතු මූත්‍ර ප්‍රමාණය වගෙ දේවල්, සාමාන්‍ය ළමයෙකුට වඩා වෙනස් වීම; ඒවා අනුමාන කිරීමට අපහසු වීම කරනකොට, සිරුරට අවශ්‍ය තරම් දියර නොලැබීමෙන් අවයව දුර්වල වීමට ඇති ඉඩකඩ.
සාමාන්‍ය බරක් සහිත දරුවෙකුට සාපේක්ෂව, මහත දරුවෙක්ගෙ අභ්‍යන්තර අවයවවලට හානි වීමටත්, මිය යාමටත් ඇති ප්‍රවණතාවය ඉහළයි.
ඒ හින්දා, ළමයට දැනට ඩෙංගු නැත්නම්, ළමයගෙ උසට, වයසට සුදුසු බරක් පවත්වා ගැනීම සඳහා පියවර ගැනීම දෙමව්පියන්ගෙ, භාරකාරයන්ගෙ වගකීමක්. තමන් ඇඟ හොලවන්නට තියෙන කම්මැළිකම හින්දා, ළමයවත් එහෙම කුසීත ජීවන රටාවකට යොමු නොකර, අනවශ්‍ය තරම් තෙල් සහ පැණිරස කෑම ගිල්ලවන්නෙ නැතුව ළමයා බලා ගැනීම ඒ ළමයට ආදරය පෙන්වන්නට තියෙන හොඳ විදිහක්.
"මුකුත්ම කෑවෙ බිව්වෙ නෑ. ඉතින් ඒ හින්දා චූ ගියෙත් නෑ."
කතාව ඇත්ත. බොන දියර ප්‍රමාණය අඩුයිනම්, හැදෙන මූත්‍ර ප්‍රමාණයත් අඩුයි. එහෙම වෙන්නෙ, වකුගඩු වෙත සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වෙන හින්දා. නමුත් ඒක මුත්‍ර ප්‍රමාණය අඩු වෙනවා කියන තැනින් නැවතෙන සරල කාරණයක් නෙවෙයි. මොකද, වකුගඩුවලට රුධිරය සැපයෙන්නෙ මූත්‍ර නිෂ්පාදනය සඳහා පමණක් නෙවෙයි. වකුගඩුවලට අවශ්‍ය පෝෂණය, ඔක්සිජන් එන්නෙත් රුධිර සැපයුමත් එක්ක. ඉතින් බොන ප්‍රමාණය අඩුයිනම්,වකුගඩුවලටත් ඒක බලපානවා. වඩාත්ම වැදගත් දේ, මූත්‍ර ප්‍රමාණය හෝ එහි පැහැය කියන්නෙ අපිට පැහැදිලිව පෙනෙන දේ. වකුගඩුවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමට තරම් රුධිර පීඩනය අඩු වෙලානම්, අනෙක් අවයවවලටත් ඒ සෙතේම තමා. මූත්‍ර වගෙ එකවරම නොපෙනුණාට, ඒ එක්කම අක්මාව, මොළය, බඩවැල් ආදී අනෙක් අවයවවලටත් හානි සිදුව තිබිය හැකියි.
ඒ නිසා ලෙඩ වුණහම, පිටවෙන මූත්‍ර ප්‍රමාණය, වාර ගණන, පාට ආදිය ගැන සැළකිලිමත් වීම වැදගත්. විශේෂයෙන්ම, ළමයින්, ගැබිනි මව්වරුන්, වෙනත් අසනීප තියෙන අය, වයසක අය, වමනය හෝ පාචනය වගෙ ඇඟෙන් දියර ඉවත් වෙන අය.
ඒවගෙ වෙනස්කමක් තේරෙන්නනම් ඉතින් සාමාන්‍යය කෙසේද කියන කාරණය ගැනත් අවබෝධයක් තියෙන්නට ඕන.
ඒ වගේම, ලෙඩ වුණහම බොන ප්‍රමාණය ගැන වැඩි අවධානයක් යොමු කරලා, ඒ ඒ වයසට ලැබෙන්නට ඕන අවම දියර ප්‍රමාණයවත් ලබා දීම වැදගත්. ඕක ඉස්පිරිතාලෙදි අපි ගණනය කරන්නෙ මෙහෙමයි:
පළවෙනි කිලෝ දහයට, එක කිලෝවට මිලි ලීටර් 4ක් ගානෙ
දෙවෙනි කිලෝ දහයට, එක කිලෝවට මිලි ලීටර් 2ක් ගානෙ
ඊලඟ ඒවට, කිලෝවට මිලි ලීටර් 1 ගානෙ
වැඩිහිටියෙක්ටනම්, සාමාන්‍යයෙන් කිලෝ පණහෙ ගාන තමා- 10*4+ 10*2+30*1= 90=> සාමාන්‍යයෙන් පැයකට මිලිලීටර් 100ක් විතර හිටින්න.
වමනෙ යනවනම්, පාචනය තියනවනම්, ඔය කියන ගණන් මදි.
අනික බොන දේවල්. ඉස්පිරිතාලෙට එන ළමයි වැඩි දෙනෙක් ඉල්ලන්නෙ කාබනේටඩ් බීම වර්ග. නමුත් ලෙඩ වුණහම දෙන්නට ඕන ලවණ වර්ග අඩංගු, ජීවනී, තැඹිලි, කැඳ, සුප්, ගෙදර හදාගත්තු පලතුරු යුෂ වගෙ දේවල්. මව්කිරි බොන වයසෙ දරුවෙක්නම්, මව්කිරි.
ඩෙංගු රෝගයෙදි ලේ ගැල්මේ අවදානමක් තියන හින්දා, එහෙම දෙයක් වුණොත් හඳුනාගැනීමේ පහසුව සඳහා, රතු/දුඹුරු වගෙ පාට ආහාරපාන වලින් වැළකී ඉන්න එක හොඳයි.
අනික් එක ප්‍රතිකාර සඳහා යොමු වීම. සමහරු උණ අරන් පැයක් යද්දි රෝහල්ගත වන අතර, තවත් අය එද්දි පෙරහැර ගිහින් ඉවරයි. විශේෂයෙන් ඉස්කෝලෙ වාර විභාග එහෙම තියෙද්දි
සමහර වැඩිහිටියන් උණ තියෙන ළමයින්ව පාසල් යවනවා. එහෙම උණ තියාගෙන වාර විභාගෙට ගිය පුංචි කෙල්ලක්, විභාගෙ ඉවර වෙලා ඉස්පිරිතාලෙ ගෙනෙද්දි වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි.
දැඩි අවදානම් සහිත අය, ඒ කිව්වෙ, වයස අවුරුද්දට අඩු ළමයින්, මහත ළමයි, වෙනත් රෝග තියන අය, ගැබිනියන්, වයසක අය දවසකට වඩා උණ තියෙද්දි ඇවිත් පෙන්නන එක හොඳයි. එහෙම නැත්නම් අධික වමනය, පාචනය වගෙ තියනවනම්, සිහි කල්පනාව අඩුයි වගෙ තියෙනවනම්, මුත්‍ර යාම අඩුයිනම්, වෙනත් බරපතල රෝග ලක්ෂණයක් ඇත්නම් කලින් පෙන්නන්න වෙනවා. එහෙම නැත්නම් ඩෙංගුවලට ලේ පරීක්ෂණ කරන්නෙ පැය හතළිස් අටක් පහු වුණහම.
ඒ එක්කම, ඩෙංගු ඇරුණුකොට වෙනත් ලෙඩත් ඕන තරම් තියනවා. ඩෙංගු කියන්නෙ වෛරස් උණක්. ඒ නිසා මුලදි ඩෙංගුම තමයි කියල කියන්න අමාරු වෙන්න පුළුවන්. "හරියට කියන්නෙ නෑ" කියල කලබල වෙන්න ඕන නෑ ඒ නිසා.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com28tag:blogger.com,1999:blog-3270037286621401654.post-68898737313504372502016-04-14T19:12:00.000+05:302016-04-14T19:12:36.890+05:30සීගිරි සිංඤෝබින්දිගෙ අවුරුදු මතකයන් කියවන්න ගිහාම, පරණ අවුරුදු, අලුත් අවුරුදු බවට පත් වෙනවා. පරණ සිද්ධි, පිළිවෙලක් නැතුව හිතට එබිකම් කරන්න ගන්නවා.
බින්දිගෙ අප්පච්චි වගේම, අපේ අප්පච්චිත් රත්නපුර පළාතෙ. ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ වයස තුනහමාරෙන්. ශිෂ්‍යත්වෙ සමත් වුණාට පස්සෙ, සීවලියෙ නේවාසික වෙලා. උසස් පෙලට ලියල එන ගමන්, රැකියා සම්මුඛ පරීක්ෂණේට ගිහින් තියෙන්නෙ. ඒ රස්සාව හම්බුණ හින්දා, කෙළින්ම වැඩට ගියා මිස, උසස් පෙල ප්‍රතිඵලවත් බලන්න ගිහින් නෑ.
රස්සාව හම්බුණේ මහනුවරට. අම්මව හම්බුණේ ඒ හින්ද. අර්බුදකාරී වාතාවරණයක් තිබ්බ හින්ද, නෑ ගමන් ඒ හැටි කෙරුණෙ නෑ.
මට හිතෙන්නෙ, අප්පච්චි තමයි ගෙදර සාම්ප්‍රදායික චරිතෙ. අම්මට පස්සෙ පස්සෙ ඒ ගති ආරෝපණය වෙන්න ඇති.
අපි පොඩි කාලෙදි අප්පච්චි අවුරුද්ද ගැන උනන්දුයි. නැකත් අනුව ඒ ඒ කටයුතු කරන්න මූලික වෙන්නෙ අප්පච්චි. නොනගතේට අපි හොරෙන් කෑව. නැකතට පත්තු කරන්න බිම ලිපක් හදන්න ඕන. ඕකට ගන්න වෙනම රවුම් ටකරමක් තිබ්බ. ඒව ගෙනල්ල හරි ගස්සන්නෙ අප්පච්චි. කන නැකතට කන්න බලං හිටියට, ඉස්සෙල්ලම වැඩ අල්ලන්න ඕන. අපිට වැඩ අල්ලන්න තිබුණෙ පාඩම් පොතක් කියෝලා. අපි ඒව කියවන අතරෙ අම්මයි අප්පච්චියි ගිහින් කිරි ගස්වලට කොටල, ලිඳ එක්ක ගනුදෙනු කරල ආව වෙන්න ඕන.
අවුරුදු මේසෙට හුඟක් වෙලාවට ගෙදරම කෙසෙල් කැනක් තිබුණා. අප්පච්චි වගාවට උනන්දුයි. වත්තෙ එළවළු පලතුරු වර්ග, පලා වර්ග, අල වර්ග වගේම නා නා ප්‍රකාර කෙසෙල් වර්ග වැව්ව.
නැව් කෙහෙල් කියන පුංචි ගස් ජාතිය මම දැක්කෙ අපේ වත්තෙ විතරමයි.
කෙසෙල් කැන කපලා ඉදවන්න, පොළොවෙ වලක් හාරලා, ඒක ලෑලිවලින් වට කරලා, පුංචි කවුළුවක් හදන්න ඕන දුම් ගහන්න. ඒ සේරම කරාට අප්පච්චිගෙ හිතේ තියනව, අප්පච්චි කැන තිබ්බොත්, ඒක ඉදෙන්නෙ නෑ කියල. ඒ වැඩේට අල්ලගන්නෙ අය්යව.
ඒ දවස්වල ගෙදර හැම වැඩක්ම වගෙ කරගත්තෙ අපිමයි. ගෙදර සායම් ගාන එක පවා අපිම කර ගත්ත. ළමයි තම තමන්ගෙ කාමර සායම් ගාගන්න ඕන. පස්සෙ පස්සෙ අපි වැඩේ කර ඇරිය. අප්පච්චි අන්තිමට එහෙම සායම් ගෑවෙ අනූ හයේදි විතර. ඊට පස්සෙ අප්පච්චිට පපුවෙ අමාරුව ආවා. අපි හිතුවෙ සායම් ගෑව මහන්සියට කියල. පස්සෙ දැන ගත්තෙ ඊට වඩා තත්වෙ බරපතල බව.
අපි පොඩි කාලෙ අප්පච්චි අපිට කතන්දර කියනව නින්ද යනකං. හැමදාම අපි අහන්න ආස සීගිරි සිංඤොගෙ කතා. ඒව අප්පච්චි ගොතල කියන කතා. සීගිරි සිංඤො කියන්නෙ, කරත්තෙක නැගල දුර ගමන් යන කෙනෙක් කියල විතරයි මට මතක. වෙන කිසිම කතාවක් මතක නෑ. ඒත් තාමත් සීගිරි සිංඤො කියන චරිතෙට අපි සේරම ආදරෙයි.
අප්පච්චිට මාරු වීම් හම්බෙනකොට, අපිත් ඉබේම මාරු වුණා. නොච්චියාගම, අප්පච්චිගෙ කාර්යාලෙ උඩ තට්ටුවෙ අපි පදිංචි වෙලා හිටියෙ. පෙළට ඇඳන් තියල, අපි සේරම එකට නිදියන්නෙ. ඒ දවස්වල රෑට මම ඇඳ තෙමනව. උදේට මමම නැගිටල ඇඳ යට පරීක්ෂා කරල බලනව ඊයෙ රෑත් වැඩේ වෙලාද කියල. එක දවසක් බලද්දි, දිය දහරාව ගලා ගොස් රැඳී තිබුණෙ අප්පච්චි නිදියං හිටිය තැන. මම වහාම පල්ලෙහ අප්පච්චිගෙ කාර්යාලෙට දුවල ගිහින්, හැමෝටම ඇහෙන්න නිවේදනය කළා, "ඔන්න ඊයෙ රෑනං චූ කරල තියෙන්නෙ අප්පච්චි" කියල.
එහෙ ඉද්දි දවසක් මට උණ හැදිලා හොඳටම අමාරු වුණා. වලිප්පුව හැදිලා, සිහිය නැති වෙලා. බෙහෙත් ගන්න යන්න ඕන අනුරාධපුරේට. රෑ මැද, අප්පච්චි මාව කරේ තියාගෙන පයින්ම අනුරාධපුරේට අරන් ගියා. මට මගදි සිහිය ආවා. අප්පච්චිගෙ උරහිසේ මම ඔලුව තියාගන ඉද්දි, අහසෙ හඳත් අපිට පිටිපස්සෙන් ඉස්පිරිතාලෙ ආව හැටි මට තාම මතකයි.
අපේ නැති වුණු මල්ලිවත් එහෙම අරන් යන්න ඇත්තෙ. ඉස්පිරිතාලෙට යද්දි එයා නැති වෙලා. පස්සෙ අපි අනුරාධපුරේ යන වාරවල, ඒ මල්ලි වළලපු තැන පළු ගහ බලන්නත් යනවා.
පස්සෙ අපි ආපහු නුවර ආවා.
කොහේ හිටියත්, අප්පච්චි හැමදාම ගෙදර ආවා. නෑවිත් හිටියනම් ඒ බැරිම දුරකනම් විතරයි. අම්පාරෙ වැඩ කරද්දිත්, සතිය මැද දවසක් ඇවිත් ගියා. හැත්තැ ගණන්වල ජේවීපී කාලෙ, කොයි පැත්තෙන් මැරුම් කන්න වෙයිද නොදැනත් කොහොම හරි ගෙදර ඇවිත් තියෙනව.
එහෙම එක සැරේක, අප්පච්චි වැඩ කරල තියෙන්නෙ හඟුරන්කෙත. හදිසියෙ ඇඳිරි නීතිය දැම්මහම, ගෙදර එන්න විදිහක් නැතුව ඩිපෝවට ගිහින් බස් එකක් ඉල්ලල තියනව කට්ටියම. ඩ්‍රයිවර් කෙනෙක් කැමති කරවගන්නවනම් බස් එකක් දෙන්නම් කියල ඩිපෝවෙ ලොක්ක කිව්වලු. එක ඩ්‍රයිවර් කෙනෙක් කැමති වෙලා.
ඒ මනුස්සය බස් එකට නගිනකොට ඇඳිරි නීතිය පටන් ගන්න පැයයිලු. "මහත්තයල, හෙමින් ගියොත් වෙඩි කාල මැරෙන්න වෙනව; ඒ හින්ද වේගෙන් යමු; හොඳට අල්ලගන්න." කියල, විනාඩි විස්සෙන් හඟුරන්කෙත ඉඳන් නුවරට ආවලු.
හරියට පාරවල්වත් නැති කාලෙ.
ආයෙ සැරයක් ගම්පොළද කොහෙද වැඩ කරන කාලෙ, ගං වතුරක් ඇවිත්. ගං වතුරට යට වුණු රේල් පාරක, ඉණ හරියට විතර වතුර තියෙද්දි, රෑ කලුවරේ, පීලි තියන තැන් කකුලෙන් බල බල තමා ඇවිත් තියෙන්නෙ.
මම ශිෂ්‍යත්වෙ පාස් වුණහම, අප්පච්චි මාව එක්ක ගියා තෑග්ගක් අරන් දෙන්න කියල. නුවර සීවලී එකට. එතන තිබුණ එක එක විදිහෙ පැන්සල් පෙට්ටි. ස්පේස් ෂිප් එකක රූපයක් තිබුණ නිල් පාට පෙට්ටියකුත් තිබුණ. අප්පච්චි මගෙන් ඇහුව "ස්පේස් ෂිප් එක අරන් දෙන්නද?" කියල.
මගෙ හිතේ තිබ්බෙ ඕගන් එකක්. මම සාමාන්‍යයෙන් එහෙම අහවල් දේ ඕන කියල ඉල්ලන ළමයෙක් නෙවෙයි. ඒ හින්ද සද්ද නැතුව ඒක අරන් ආව. ඒත් ගෙදර ඇවිත් මට ඉවසගන්න බැරිම තැන, හීන් සීරුවෙ අම්මට කාරණාව කිව්ව. ඊට පස්සෙ අප්පච්චි ආයෙම මාව එක්ක ගිහින් ඕගන් එකකුත් අරන් දුන්න.
ඊට පස්සෙ තිබ්බ විභාගවලටනං මුකුත් හම්බුණ මතකයක් නෑ!
අප්පච්චි ගමන් බිමන් යන්න හරිම ආසයි. අවුරුද්දකට සැරයක් අනුරාධපුරේ යනවමයි. ගමන් බිමන් කිව්වට, හුඟක්ම ආස වන්දනා ගමන් යන්න. අප්පච්චිගෙ රස්සාව හින්ද, රට පුරාම යන්න හම්බුණා. ඒ ගිහාම දැන ගත්ත තැන්වලට, පස්සෙ අපිවත් එක්ක ගියා. ඒත් වන්දනා ගමනක් නොවෙන තැනකට යන පුරුද්දක් තිබ්බෙ නෑ. දෙහිඅත්තකණ්ඩිය, අම්පාර වගෙ පළාත් බලන්නනම් ගියා. නුවර එළිය, හලාවත වෙරළ වගෙ තැන් බලන්න එක්ක යන්න කියල අපිට කැරලි ගහන්න සිද්ද වුණා. නුවර එළියෙ ගියා, ආව! එහෙ අප්පච්චිට බලන්න දෙයක් තිබ්බෙ නෑ! ඒ වුණාට පස්සෙ කාලෙක, මම බලහත්කාරෙන් අප්පච්චිව හෝට්න් තැන්න එහෙම බලන්න එක්ක ගියා. පස්සෙ ගොඩක් ලෙඩ වෙලා ඉද්දිත් එහෙම ගමන් ගියා. අප්පච්චි ගමන් යන්න ආසයි. සැරයක් එහෙම කොහෙ හරි ගියාට පස්සෙ, මට මතක විදිහට මැදිරිගිරියෙද කොහෙද, ඊට පස්සෙ සති අන්තෙ ගෙදර දානයක් තිබ්බ. ඕකට එන්න බෑ කියල මම වාර්තා කළහම අප්පච්චි කිව්ව, " දානෙට ආවෙ නැතුවට කමක් නෑ, ආයෙත් දවසක නිවාඩු දාල එන්න ට්‍රිප් එකක් යන්න" කියල.
අප්පච්චිට හරි අපූරු මතකයක් තිබ්බා. විශ්‍රාම ගිහින් ඉද්දිත් කාර්යාලෙන් කතා කළ අවස්ථා තිබුණා, අවුරුදු විසිතිස් ගානකට උඩදි වෙච්ච සිද්ධිවලට අදාල ගිණුම් අංක අහන්න! ඒගොල්ලන්ට එහෙ වාර්තා අවුස්සලාවත් හොයා ගන්න නැහැ. අප්පච්චිට මතකයි.
අප්පච්චිට උයන්නත් පුළුවන්, මට වගේ. අම්ම කැමති නෑ කුස්සිය හැඩි කරනව කියල. අම්ම මල්ලි හම්බෙන්න ඉස්පිරිතාලෙ ඉද්දි, අප්පච්චි අපි තුන්දෙනාවත් ඇදගෙන ඉස්පිරිතාලෙටත් දුවනව; ආයෙම ගෙදර ඇවිත් බතුයි අලයි උයල, ගුලි හදල අපිට කවල, ආයෙම ඇදගෙන ඉස්පිරිතාලෙ දිව්ව මට මතකයි.
කොහොමත් ඒ දවස්වල අප්පච්චි එහෙම බත්ගුලි හදල කවනවට අපි හරි කැමතියි. අපි කුරුල්ලො වෙලා, වටේ පියඹ පියඹ ඉන්නව. අප්පච්චි කුරුල්ලන්ට බත්ගුලි කවන්න කතා කරහම ළඟට ගිහින් කාල එනව. හරි මෝඩයි.
ඒ දවස්වල මට කවන්න අමාරු හින්ද, බත්මුල් ඔතාගෙන, පේරාදෙණියෙ මල්වත්තට හරි නුවර ළමා උයනට හරි එක්ක යනව. නුවර ගිහින් බස් එකෙන් බැස්ස ගමන් මං අහනව "දැං කමුද?" කියල.
කැවිල්ල වගේම තමා අප්පච්චිගෙ තෙල් ගෑමත්. රෑට අපේ ඔලුවෙ තෙල් ගානව. තෙල් ගොඩක් අරගෙන, ඔලුවට දාල අත ගාල, තලල එක වැඩයි. හරි සනීපයි. පොඩි කාලෙ ආසාවෙන් තෙල් ගාව ගත්තට, පස්සෙ අපි තෙල් බේරි බේරි ඉන්න අකමැති වෙලා, තනියෙන් තෙල් චුට්ටක් ගාගන්න පටන් ගත්ත.
අප්පච්චි කැමති ගෙදර ඉව්ව කෑම කන්න. විශේෂයෙන් බත්. අපි ගෙදරින් පිට ගිහින් ඉන්නකොට, අපි කෑවෙ මොනවද කියන එක අප්පච්චිට හරි වැදගත්. මම ඒ දවස්වල කැමතිත් නෑ ගෙදරට කෝල් කර වෙලාවට, අප්පච්චි උත්තර දෙනවට. එතකොට මම අහන්නෙ "කෝ අම්ම?" කියල. "ඇයි මගෙත් එක්ක කතා කරන්න බැරිද?" කියල අප්පච්චි අහනව. අම්ම මොකක් හරි වැඩක්නම් ඒ එනකං අප්පච්චි එක්ක කතා කරන්න වෙනව.
"මොනවද කෑවෙ?" අප්පච්චි අහනව.
මම ආස ඔය පැටිස් රෝල්ස් වගෙ ඒවට. තුන්වේලටම කන්නෙ ඒව. ගෙදර කෑමක් හදාගත්තොත්, ඒ බිත්තරයක් තම්බල, බටර් ගාගන පාන් කන්න වගෙ තමා.
අප්පච්චිට ඕක කිව්වහම හරි යන්නෙ නෑ.
"අය්යෝ ළමයො, බත් එකක් ගෙනත් කන්ඩ එපෑ." කියනව.
"අප්පච්චි කැමති වුණාට මම බත් කන්ඩ ආස නෑ." කියල මම රන්ඩු කරනව.
පස්සෙ පස්සෙ මම හිතුව මෙහෙම රන්ඩු කරන එක හරි නෑ කියල. නිකං මොකටද අප්පච්චිගෙ හිත නරක් කරන්නෙ කියල, මං අප්පච්චි කෑම ගැන ඇහුවහම බොරු කිව්ව.
"මොනවද කෑවෙ?"
"බත්!"
"මොනවත් එක්කද?"
ඉතින් මං හිර වෙනවා. එහෙම එකකට උත්තර දෙන්න ප්ලෑන් කරල තිබ්බෙ නෑ. මට යකා වැහිල ආයෙම අප්පච්චි එක්ක රන්ඩු කරනව.
එහෙම නැත්තං ඉතිරි කිරිල්ල ගැන; නැත්තං ගෙදර එන එක ගැන; ගෙදර ඇවිල්ල ඒගොල්ලො එක්ක කතා කර කර ඉන්නෙ නැතුව නිදියන එක ගැන...
මට රන්ඩු කරන්ඩ හේතු ගොඩයි.
එහෙම නැත්තං ගෙදර ඇවිල්ල ආපහු යන එක ගැන. ගිහින්, ගිය වෙලාවට ආපහු කෝල් කරන්ඩ ඕන.
"ඒ වෙලාවට අප්පච්චිලා නිදි." මං කියනව.
"ඒ වුණාට කෝල් කරන්ඩ." අප්පච්චි කියනව. මං කතා නොකළොත් අප්පච්චි කතා කරල, කීයටද ආවෙ කියල අහනව.
යන එන ගමන් මග තැන් තැන්වල නවතිනවට අප්පච්චි කැමති නෑ.
"කෑගල්ලෙ පොත් සේල් එකක් තිබුණ. මම කොළඹ යන ගමන් ඒකට යනව." දවසක් මං කිව්ව.
"අතන මෙතන නතර වෙන්නෙ නැතුව යන ගමන දිගටම යන්ඩ." අප්පච්චි කිව්ව.
ඒව එච්චර වැදගත් දේවල් කියල මං නොහිතුවට, මම ගියෙ කීයටද, ගමනට පැය කීයක් ගියාද කියන එක සටහන් කරල තියාගන්ඩ තරම් වැදගත් දේවල් කියල අප්පච්චි හිතල තියනව.
අප්පච්චි බොහොම අරපරිස්සම්. බොහොම වගකීමෙන් වැඩ. ඉතුරු කරන එක, ඉතුරු කරපු දෙයක් ආයෝජනය කරන එක ගැන තිබුණ උනන්දුව, දැනීම අපිට ලොකු ආරක්ෂාවක්, හය්යක් වුණා. ලේසි නෑනෙ, නාස්තිකාරයො හයදෙනෙක් විතර එක්ක!
එක සැරයක් අපේ ගෙදර වහළෙ පරෙය්යෙක් ආවා පදිංචියට. අප්පච්චි මේකට කැමති වුණේ නෑ. ඒ වෙද්දි සැරයක් අය්යලගෙ ඉස්කෝලෙ සති ගානක් වහල තියන්නත් වෙලා තිබ්බ පරෙයි මැක්කො කියල. ඉතින් එහෙම කරදරයක් වෙයි කියල අප්පච්චි අකමැති වුණා. අකමැති වෙලා, ඉණමගක් තියල නැග්ග උඩට පරෙය්යව බය කරල එළවන්න. පරෙය්යා බය වුණේ නෑ. අප්පච්චි පරෙය්යව බොහොම ආදරෙන් වඩාගෙන, කට උල් කරල, හුරතල් කරල, අලුත උපන් බබෙක් වගෙ පරෙස්සමට ආපහු තියල, පාඩුවෙ බැස්ස!
පත්තර කියවිල්ල. අප්පච්චි පත්තර කියවන්න ආසයි. ඉරිදට තියන සේරම සිංහල, ඉංග්‍රීසි පත්තර අරං එනව. ඒවගෙ පිටු කඩනවට කැමති නෑ. පත්තරේ සම්පූර්ණයෙන් තියෙන්ඩ ඕන. ඉතින් අපිත් එක්ක ගෝරි.
පොඩි කාලෙ අපි හවසට කාඩ් ගහනව; නැත්තම් කැරම්; නැත්තම් චෙස්. අප්පච්චි අපිට නොදැනෙන්න හොර කරනව. එක දවසක් පොඩ්ඩක් එහා මෙහා වෙලා, බිෂොප්ලා දෙන්නම සුදු කොටුවල! හිනා කෝටියයි. කාඩ් ගහන්නනම් අප්පච්චිට හොඳටම පුළුවන්. මට කොහෙත්ම මතක හිටින්නෙ නෑ කලින් අත්වල ගිය කොළ මොනවද වගෙ ඒව. අප්පච්චි ඒව හොඳට හිතල තමා සෙල්ලම් කරන්නෙ.
ළමයින්ට දෙමවුපියො එක ගානට ආදරෙයි කියන එක බොරුවක්. අප්පච්චි ඒ දවස්වල වැඩියෙන්ම ආදරේ අක්කට. ඒක අපි හැමෝම දැනං හිටිය. අක්කත් අප්පච්චි වගේමයි. දැන් වුණත් අපි කියන්නෙ අප්පච්චිගෙ දුව කියල.
දුව වගේම ගෙදර ඇති කරපු සත්තුන්ගෙනුත් සමහරු ගැන එහෙම වැඩි ආදරයක් අප්පච්චිට තිබුණ. එක සැරයක් අපේ ගෙදර පූසො හය දෙනෙක් හිටිය කාලයක් තිබුණ. ඔය අතරින් අප්පච්චි වැඩියෙන් ආදරේ ලස්සන නිල් හුරු අළු පැහැයක් එක්ක පපුවයි මේසුයි සුදු පාට, බූෂි නැට්ටක් තියන, "අලුවා" කියන පූසට.
එක දවසක් අප්පච්චි ගෙදර ඉන්න සත්තු වැඩියි කියල ලොකු චෝදනාවක්. අලුවත් ඒ අහළම ඉන්නව. අපි කැමති ඕන තරම් සත්තු ඉන්නවට. අප්පච්චි කියනව, "එක ගෙදරකට එක බල්ලෙකුයි, එක පූසෙකුයි විතරක් හිටියහම ඇති. නේද, අලුව?" කියල අලුවගෙන් අහනව! ගෙදර ඉන්න ඕන "එක පූස" අප්පච්චි කැමති එකා!!
ඉස්සර අප්පච්චි ධර්මය ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. වැරදි දේවල් නොකර හිටියහම ඇති කියන හිතුවිල්ලෙ. ඒත් පස්සෙ පස්සෙ ඒ ගැන අපිට වඩා උනන්දු වුණා. අවුරුදු කාලෙට මුලදි මුලදි වර්ජන පටන් ගත්තෙ අපි. එක්කො නැකත් කියන්නෙ මිත්‍යාදෘෂ්ටි කියල; එහෙමත් නැත්තං පාන්දර තියන නැකත්වලට නැගිටින්න තියන කම්මැළිකමට; නොනගතේ දිග වැඩි වුණහම බඩගින්නට එහෙම. පස්සෙ අප්පච්චිලාම අවුරුදු වර්ජනය කරන්න ගත්ත. ඒ වෙද්දි මම නිකං අවුරුද්දට ආස වෙන කාලෙ, කට්ටිය එකතු වෙන අවස්ථාව හින්ද. කොහොම හරි ගිය අවුරුද්දෙ ගෙදර ගිහින් කැරකි කැරකි හිටියට කිරිබත් හම්බුණෙත් නෑ.
මේ සැරේ මෙහෙ වටේටම අවුරුදු තියනව වගේ. රතිඤ්ඤා ඇහෙනව. ග්‍රවුන්ඩ් එකේ අවුරුදු උත්සවයකුත් තිබුණ.
ඒ වුණාට කොහෝ අඬන්නෙ නෑ.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com38tag:blogger.com,1999:blog-3270037286621401654.post-71372630406413908212015-05-31T12:19:00.000+05:302015-05-31T12:29:51.912+05:30පොතේ හැටියට...ඉස්සර මගේ යාළුවන්ගෙ පුරුද්දක් තිබුණා ළමයි හැදීම පිළිබඳව මගෙන් විශේෂඥ උපදෙස් ඉල්ලා සිටින. මේක තරමක විහිළු සහගත තත්වයක් වුණත්, ඒකට හේතු වුණේ මම මනෝවිද්‍යා පාඨමාලා හදාරා තිබීම. ඒ හින්දා, පොතේ හැටියට ළමයින් හැදීම පිළිබඳ උපදෙස් දීමට මට පුළුවන් වුණා.
ඉතින් පොතේ හැටියට ළමයි හැදීමට හැකියාවක් නැත්තෙත් නෑ. මනෝ විද්‍යා පොත්වල තිබුණෙ, නොයෙක් පර්යේෂණ මගින් සාක්ෂාත් කරගත්තු ක්‍රම ගැන. ළමයි හදන්න වගේම, ළමයි කරන සමහර අමුතු වැඩ ගැන අවබෝධ කරගන්නත් මේ සමහර අධ්‍යයනයන් උදව් වුණා.
උදාහරණයක් විදිහට:
මට සුළු පරිමාණයේ ගෘහස්ත පුස්තකාලයක් තියෙනවා. ඕකෙ කොටසක් තියෙන්නෙ අම්මලාගෙ ගෙදර අල්මාරියක.
අක්කගෙ පුංචි දුව ගෙදර ආව දවසට මෙතන තියෙන ළමා කතා පොත් අදිනවා. රාක්ක තිබුණෙ, එයාට පහසුවෙන් පොත් ගැනීමට හැකි සීමාවෙන් එපිට. ඒ හින්දා වරින් වර වැඩිහිටියන්ගෙ කතාබහට බාධා කරමින් "තව පොතක් අරන් දෙන්න; අර හාවගෙ කතාව තියන පොත අරන් දෙන්න; ඒ දුන්නු කතාව නෙවෙයි, අනික් හා රංචුව ගැන තියන කතාව හොයා දෙන්න"යැයි ඉල්ලීම් කළ යුතු වුණා. ආපහු පොත් පිළිවෙලකට අරන් තියන්න හුරුවක් ආවෙත් නෑ. අක්කා යන්න කලින් කඩිමුඩියෙ පොත් ගොඩ එකතු කරලා, රාක්කෙ පොත් උඩින් දාන එක තමා සිද්ධ වුණේ. පුංචි කෙල්ල පොත් කියවීම ගැන සතුටු වුණත්, පොත් අපිළිවෙල වීම ගැන, අරෙහෙම පොත් ගොඩක් කෙළින් අතට තබා ඇති පොත් උඩින් තිබ්බහම ඒ පොත් නාස්ති වීම ගැන, මට පොඩි මෙව්ව එකක් තිබුණා. තරහක්මත් නෙවෙයි. පොත් ගැන දුකක් වගේ පොඩි මෙව්ව එකක්.
ඒ හින්දා ගෙදර ගිය දවසක මම තීරණය කළා ළමා පොත්, වෙනම කුඩා අල්මාරියක අසුරන්නට.
ඒක තට්ටු දෙකක අල්මාරියක්. පහළ රාක්කෙ, බිම ඉඳන් අඟල් හයක් විතර උඩින් තිබුණෙ. අක්කගෙ පුංචි දුවට බොහොම පහසුවෙන් පොත් හොයාගන්නට පුළුවනි. ඒ එක්කම කියෙව්ව පොත් ආපහු තිබ්බ තැනින් අරන් තියන එකත් එයාටම කරන්න පුළුවනි. පොත් කියවන ළමයි ඒ වැඩෙත් කිරීමට ඉගෙනගත යුතුයයි මම කල්පනා කළා.
අල්මාරියෙ එක තට්ටුවක සිංහල කතා පොතුත්, අනික් තට්ටුවෙ ඉංග්‍රීසි කතා පොතුත් ඇසිරුවා. මේ එක් එක් පොත් ගොනුව, රචකයාගෙ රට අනුව වර්ග කරලා, ලාංකික රචකයන්ගෙ පොත් එක තැනක, එංගලන්තෙ පොත් එක තැනක, රුසියානු පොත් එක තැනක, චීන/ ජපන් පොත් එක තැනක, ඉන්දියානු පොත් තව තැනක ආදී වශයෙන් ඇසිරුවා. කතන්දර පොත් නොවන, වෙනත් පොත් එක් මුල්ලක. ඒ එක්කම පොත්වල ප්‍රමාණය අනුව ලොකු පොත් යටින්ද, පොඩි පොත් ඉහළින්ද තියෙන විදිහට ඇසිරුවා. දැන් ඕනෑම පොතක් බොහොම පහසුවෙන් හොයාගන්නත්, ආයෙම තිබුණු තැනට දාන්නත් පුළුවනි.
ඊට පස්සෙ, බොහෝම සන්තෝසෙන් මං කොළඹ ආවා.
සති දෙකකට පස්සෙ මං ගෙදර ගිය ගමන්, අම්මා ටිකක් හිත කරදරෙන් මගෙ ළඟට ආවා.
"අනේ චූටි දුව, තරහ ගන්න එපා. චූටි හුඟාක් සන්තෝස වුණා එයා කියවන පොත් වෙනම තිබ්බ එක ගැන. එයා ඒ පොත් ටික ආයෙම "පිළිවෙලට" අස් කළා- එයාට තේරෙන පිළිවෙලට!"
මං අල්මාරිය ඇරලා බැලුහම, වනසලා!!
මට ටිකක් තරහ යන්න වගෙත් ආවා.
චූටිගෙ "පිළිවෙල" මට තේරුණෙ ඊට පස්සෙ. ඒ වෙද්දි එයාගෙ වයසෙ හැටියට, එයාට යමක් ගොනු කළ හැක්කෙ, එක් නිර්ණායකයකට අනුව විතරයි. ඒ කියන්නෙ, එක්කො ප්‍රමාණය අනුව; එහෙම නැත්නම් වර්ණය අනුව; එහෙම නැත්නම් හැඩය අනුව; එහෙම නැත්නම් භාෂාව අනුව. නිර්ණායක දෙකකට හෝ වැඩි ගණනකට අනුව ගොනු කිරීමේ හැකියාව එන්නෙ, තව අවුරුද්දක් දෙකක් තුනක් යද්දි.
ඒ හින්දා කෙල්ල, පොත් සේරම එළියට අරන්- චූටම්මා ඉතාම අපිළිවෙලටනෙ පොත් අහුරලා තිබ්බෙ.
ඊට පස්සෙ, සේරම පොත් 'පිළිවෙලට' ප්‍රමාණය අනුව ආපහු අහුරලා!
කෙල්ල කියවන පොත් හින්දා, කෙල්ල කැමති තාලෙකටම පොත් තියාගත්තාවෙ කියලා, මම ඒක එහෙමම තියෙන්න ඇරියා. ඕක මම මගෙ ක්‍රමේට ආයෙ හරි ගස්සන්න ගියානම්, එක්කො ආරාවුලක්; එහෙමත් නැත්නම් කෙල්ල ඒ වයසෙදි ඉගෙනගත යුතු පාඩමක් ඉගෙන නොගෙන යනවා- චූටි, ඒ පුංචි වයසෙදිත්, තමන් ගත් දෙයක් ආපහු තිබ්බ තැනින් තිබ්බ හැටියට තැබිය යුතුයි කියන කාරණාව ප්‍රායෝගිකව ඉටු කළා.
ඕක අදාල කාලෙදි ඉගෙන නොගත් අය නිසා තමයි මට මගෙ පොත්වලින් වැඩි හරිය අහිමි වුණේ!
හුඟ දෙනෙක්ට අදාල කාලෙදි අදාල දේවල් ඉගෙන ගන්න නොලැබෙන්නෙ, වැඩිහිටියන් ඊට ඉඩ නොදෙන නිසා. මොකද, ළමයි වනසගන්න දේවල් අස් කරනවට වඩා, ළමයි හෙමිහෙමින් ඒ දේවල් කරනකං ඉවසීමෙන් බලා ඉන්නවට වඩා, "හා, හා, ඒක මං කරන්නං" කියලා වැඩිහිටියම ඒක කරන එක ගොඩක් පහසුයි. කෙටි කාලීනව ඒක පහසුවක් වුණාට, ළමයගෙ පැත්තෙන්, එයාගෙ වර්ධනයට බාධාවක්.
මට මතකයි, වරක් මගෙ යාළුවෙක් දරුවෙක් හදාගන්න ගත්තා. වයස අවුරුද්දයි මාස දෙකක් විතර වෙනතුරු ළමා නිවාසෙක හැදුණු පුංචි කෙල්ල, එයාගෙ ඉස්සරහින් බත් පිඟානක් තිබ්බහම, ඒක තනියෙන් කෑමට දැනගෙන හිටියා. ඒ පළවෙනි දවසෙ.
ඊට දවස් දෙකකට විතර පස්සෙ මම යද්දි, දරුවව තාත්තා වඩාගෙන. අම්මා කෝප්පෙකට බත් දාගෙන, පුංචි හැන්දකින් කවනවා. කවන ගමන් කියනවා,
"මේ වැඩේ හොඳයි; අහක යන්නෙත් නෑ."
ඇත්ත. ළමයා තනියෙන් කද්දි, වටේම බත් විසුරුවලා.
හැබැයි ළමයා ස්වාධීනයි. ඒ එක්කම, අතේ ඇඟිලි හැසිරවීමට ඇයට හුරුවකුත් ලැබෙනවා. දෙමව්පියො එකතු වෙලා, ආදරේට නැති කරලා දාන්නෙ ඒක.
ඒක ඉතින් 'පොතේ හැටියට' එහෙම කියන්න පහසු වුණාට, කවන්න පුරුදු වුණාට පස්සෙ, යම් යම් හේතු නිසා ඒ විදිහ ලේසි වෙනවා. අස් කරන එකටත් වඩා, කෑමවල මිළ වගෙ දේවල් එක්ක බලද්දි!
ඒත් ළමයින්ගෙ වයසට උචිත පරිදි, ළමයගෙ වැඩ තනියම කරගන්න හුරු කරන්න වගේම, ගෙදර නොයෙකුත් වැඩවලට ළමයින්ව දායක කරගන්නත් ඕනෙ. ඒක ළමයගෙ වර්ධනයට රුකුලක්. චූටි මගෙ පොත් අස් කළා වගෙ වැඩ වෙන්න පුළුවන්, එයාලා හිතන විදිහ වැඩිහිටියන්ට වඩා වෙනස් නිසා. ඉතින් ටිකක් ඉවසීමත් ඕන.
ළඟදි දැක්කා මගෙ යාළුවෙක් වත්පොතේ බෙදාගෙන තිබුණු සටහනක්- මරියා මොන්ටිසෝරි නමින් කෙරෙන පිටුවකින් ගත් මේ සටහනෙහි, එක් එක් වයසෙදි ළමයින්ව දායක කරගත හැක්කෙ කොයි වගෙ වැඩවලටද කියලා සඳහන් වුණා. මේ වගෙ සටහන් බොහොමයක් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි.
උදාහරණයක් විදිහට:
අවුරුදු 2-3
1. ඇඳ ඇතිරිලි සැකසීමට උපකාරී වීම
2. සෙල්ලම් බඩු එකතු කර, ආපසු තිබුණු තැන්වල තැබීම
3. තමන්ගෙ කිලිටි රෙදි, ඒ සඳහා ඇති බඳුනකට ගෙන ගොස් දැමීම
4. සුරතල් සතුන්ට කෑම/ වතුර දැමීම
5. ඉහිරුණු වතුර, ඉඳුල් ආදිය පිස දැමීම
6. ලේන්සු වැනි රෙදි නැමීම
7. තමන්ගෙ හෝ බාල දරුවෙකුගෙ ඇඳුම් ගෙනැවිත් දීම
8. රාක්කයක පොත් තැබීම
අවුරුදු 4-5
1. මල් පැලවලට වතුර දැමීම
2. මේස, දොරගුළු ආදිය පිස දැමීම
3.තනිවම හැඳගැනීම
4. තනිව ඇඳ අස් කර ගැනීම
5. සේදූ රෙදිවලින් එකිනෙකට ගැලපෙන මේස් තෝරා එක්තැන් කිරීම
6. ආහාර සැකසීමට උදව් වීම
වයස 6-7
1. තනිව දත් මැදීම, හිස පීරා ගැනීම, අඳින ඇඳුම තෝරාගෙන ඇඳගැනීම
2. ගෙතුළ බිම පිරිසිදු කිරීම, අතු ගෑම
3. සේදූ රෙදිපිළි නැවීම
4. තමන්ගෙ රෙදිපිළි අස් කරගැනීම
5. ආහාර සැකසීමට උදව් වීම
6. දුරකථනයට පිළිතුරු දීම
වයස 8-11
1. ඉස්කෝලෙන් දුන් ගෙදර වැඩ සඳහා වගකීම ගැනීම
2. තමන්ගෙ උපකරණ ආදිය පරිස්සම් කරගැනීම ගැන වගකීම දැරීම
3. කාමරය පිරිසිදුව තබා ගැනීම
4. එලාම් ඔර්ලෝසුවක් භාවිතා කර වෙලාවට අවදි වීම
5. පිඟන් කෝප්ප, සාස්පාන් ආදිය සේදීම
6. සරල ආහාර වර්ග තනිවම සැකසීම
7. නානකාමරය පිරිසිදු කිරීම
8. මිදුල අතු ගෑම, බිම වැටී ඇති කොළ ආදිය රේක්කයකින්/ කරුවකින් ඉවත් කිරීම
9. කුණු බක්කි අස් කිරීම
ඒවා කියෙව්වහම තේරෙනවා, අපේ වර්ධනය නතර වුණේ කොයි වයසෙදිද කියලා!
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com43tag:blogger.com,1999:blog-3270037286621401654.post-31112751766281410252015-05-21T17:55:00.000+05:302015-05-21T17:55:13.314+05:30ප්රගීත්ඉස්සර මම හිතං හිටියෙ සෙබළා කියන්නෙ හමුදාවක ඉන්න ඕනම කෙනෙකුට කියල. ඒ කියන්නෙ රජෙක් වුණත් තමන්ගෙ හමුදාවත් එක්ක එකතු වෙලා හතුරු හමුදා එක්ක කඩු ෆයිට් කරනවනං, එයත් සෙබළෙක් කියලා. හමුදා නිලධාරියා කියන වචනෙ, සෙබළා ගැන ගෞරව සම්ප්රයුක්තව සඳහන් කිරීමේදී යොදා ගන්න වචනයක් කියලා හිතුවා. හරියට නිකං හෙදිය කියන එකයි, හෙද නිලධාරිනිය කියන එකයි අතරෙ වෙනස වගෙ. නැත්තං තමුසෙයි තමුන්නාන්සෙයි වගෙ.
එහෙම නෙවෙයි කියන එක තේරුණේ පස්සෙ කාලෙක. ඊට අමතරව සෙබළු ඇතුළෙත් තවත් උස්මිටිකම් තියෙන බව තේරුණේ දවසක් ප්‍රගීත් කිව්ව කතාවක් නිසා.
ප්‍රගීත්.
බොහොම ඉස්සර මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක, නැගෙනහිර පළාතෙ ගමනක් යාමට ලැබුණා. අප සමග ගමන් කළ හමුදා සොහොයුරන් අතර එක් නිලධාරියෙකුත්, සෙබළුන් කිහිපදෙනෙකුත් හිටියා. ප්‍රගීත් ඉන් එක්කෙනෙක්.
නිලධාරියා බොහොම ප්‍රසන්න නමුත්, අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයට කතාබහ කරන කෙනෙක්. සෙබළුන් අපට නෑසෙන පරිදි හෙමින් මුණු මුණු ගා එකිනෙකා අතර කතාබහ කළා විනා, ඇහෙන්නට කතා කළේ ගමන් මග ගැන යමක් දැනගන්නට ඕන කළ විට පමණයි.
ඒ සියල්ලන්ටම සරිලන තරම් ප්‍රගීත් කතා කළා!
ඒකට හේතුත් තිබුණා. එකක් ඔහු ඒ පළාතෙම වැසියෙක් වීම. ඒ නිසා, පළාතෙ ගහකොළ ගැන, කුඩා අතු පාරවල් ගැන, පාරවල් වගේ පේන ඒවා ගැන, මිනිසුන් ගැන ඔහුට කියන්නට අනන්තවත් දේ තිබුණා. ඒ හැම දෙයක් එක්කම බැඳුණු එක් කතාවක් හෝ ඔහු සතුව තිබුණා. ඒ වගේම ඔහුට අපූරු මතකයකුත් තිබුණා. නොයෙක් සිද්ධීන් ගැන, දින වකවානු සහිතව, පැහැදිලිව විස්තර කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඊටත් අමතරව, හිතට එන ඕනම දෙයක්, එය කීමෙන් සිදු වෙන පල විපාක නොසළකා කියන/ අසන පුරුද්දකුත් ඔහුට තිබුණා.
ප්රගීත්ගෙ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තෙ මගේ ගමන් සගයා. පළාතෙ සිතියමකුත් දිගෑරගෙන, මග දිගට දකින හැම පොඩි පාරක්ම ඒ පැරණි සිතියමේ කොතනට අයත්ද කියලා ඒ දෙන්නා සාකච්ඡා කළා. (නෑ, ඒ කාලෙ ජීපීඑස්, ස්මාට් ෆෝන්ස් වගෙ දේවල් තිබුණෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ බලං ඉද්දි බැට්රි බහින එක ෆෝන් කබලක් විතරයි.) අප ගිය මාර්ගයෙන් වැඩි හරියක් නිශ්චිත පාරක් නොතිබුණු තැන් නිසා, වාහනය ගමන් ගත්තේ ඉතාම රළු විදිහට; ඝෝෂාකාරීව. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙ සාකච්ඡාවෙ වැඩි කොටසක් මට ඇහුණෙ නැහැ. මම අහගෙන හිටියෙත් නැහැ.
ඔය අතරෙ, අහම්බෙන් එහෙන් මෙහෙන් ඇහුණු විදිහට, ප්‍රගීත් අර සෙබළු අතරෙ යම් ඉහළ තනතුරක් දරන කෙනෙක් බව මට තේරුණා. නිකං පන්ති නායකයෙක් වගෙ. ඒ ඒ අයට අයත් පහසුකම් පිළිබඳ කතාබහක් ඔය අස්සෙ ඇදුණා. එතරම් වෙලා වැඩිය සද්ද නැතුව හිටිය එක් සෙබළෙක් ඔවුන්ගෙ නිවස්නයේ ඇති යම් ගැටළුවක් පැවසුවා. එහෙම ගැටළුවක් ඇති බව, තමන් නොදැන සිටි බව නිලධාරියා පැවසුවා. ප්‍රගීත් ගත් කටටම කිව්වා:
"මම දැනගෙන හිටියෙත් නෑ. සර්ලා, අපේ ප්‍රශ්න ගැන බලන්නෙ නෑ; අපි මේගොල්ලොන්ගෙ ප්‍රශ්න ගැන බලන්නෙත් නෑ. අපි හැමෝම තමතමන්ගෙ පහසුව ගැන විතරයි හිතන්නෙ."
සුළු මොහොතකට හැමෝම නිශ්ශබ්ද වුණා. හරියට හැමෝම තම තමන් අතින් වුණු අඩුපාඩු ගැන මෙනෙහි කරනවා වගෙ. අපි හැම කෙනෙක්ම වගෙ වැඩියෙන්ම දකින්නෙ, තමන්ගෙම පෞද්ගලික ප්‍රශ්න; පොදු ප්‍රශ්න දකිනවා කියලා කියන වෙලාවලදිත්, වැඩියෙන් දකින්නෙ තමතමන්ගෙ තරාතිරමට අයත් ප්‍රශ්න.
වාහනයෙ ඝෝෂාවත් එක්ක මට හැම දෙයක්ම නෑසුණත්, වරින් වර ප්‍රගීත් ඒ වගෙ හිතන්නට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කළා. මගේ ගමන් සගයා සෑහෙන කලක් යනතුරු ඔහු ගැන ඉතා ඉහළින් කතා කරන්නට එය හේතු වෙන්නට ඇති. මට ඇහුණෙ එහෙම ප්‍රකාශ දෙකතුනක් විතරයි. ඒ ප්‍රකාශවල චෝදනා ස්වරූපයක්වත්, අනුකම්පාව යදින ස්වරූපයක්වත්, ආත්මානුකම්පාවක්වත් තිබුණෙ නැහැ. හුදෙක් සත්‍යයක් ප්‍රකාශ කිරීමක් පමණයි.
ඔය වගෙ එක් කාරණාවක් අධ්‍යාපනය ගැන.
'අකුරු කියවීමට, ගණන් සෑදීමටවත් නොදත් සෙබළුත් ඉන්නවාය' යනුවෙන් පරිභවයක් 'ඇහෙන' බව කතාබහට ලක් වුණා.
"එහෙම ඉන්නවා තමයි." ප්‍රගීත් කිව්වා. "අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවත් වුණෙත් කැලේ හැංගි හැංගි, කොයි වෙලේ කොටින්ගෙන් මැරුම් කන්න වෙයිද නොදැන. ගුරුවරු ආවෙත් නෑ මේ පළාත්වලට. ඉස්කෝලෙකට හුඟක් දුර යන්නත් ඕන. ඒ නිසා අපිට ඉගෙනගන්න බැරි වුණා. හැබැයි අපිට දැන් උගන්නනවනම්, අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට උගන්නන එකයි කරන්න ඕන."
ප්‍රගීත්ට පසු කාලෙක හෝ ඉගෙනගන්නට අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා. එහෙම ලැබුණානම්, ඔහු මහන්සි නොබලා ඉගෙනගනු ඇති.
ඇත්තටම ප්‍රගීත් මහන්සිය පෙන්වන කෙනෙක් නොවේ. එදා උදෑසන හතරහමාරට පමණ ඇරඹුණු අපේ ගමන, අවසාන වුණේ හොඳටම රෑ වෙලා. සල්ලඩයක හෙළවෙන්නාක් මෙන් කෙරුණු ගමනෙ අවසන් භාගයට එද්දි අපි හොඳටම හෙම්බත් වෙලා. දෙසරයක් උණ ගැනිලා වගේ මුළු ඇඟම රිදෙනවා. මාවිල් ආරු සොරොව්ව බලලා, සිත්තාරු පාළම ඔස්සේ ආපහු එද්දි, පාං කියා ගන්නට බැරිව අපි හිටියෙ. නමුත් ගමන පුරාවටම එක දිගට කතා කළ ප්‍රගීත්, ඒ වෙද්දිත් අපේ වෙහෙස නිවන්නට මෙන්, නොයෙක් දේවල් කතා කළා. ඒ එද්දි ප්‍රගීත් කිව් අවසන් කතාව තමයි කාලෙකට උඩදි සිත්තාරු පාළම නමින් ලිව්වෙ. එහෙම මිය ගිහින් තිබුණෙ ප්රගීත්ගෙ මල්ලි.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com33tag:blogger.com,1999:blog-3270037286621401654.post-6132030483377913622015-04-18T22:12:00.001+05:302015-04-18T22:12:32.317+05:30ඉවඒ කාලෙ මම හිටියෙ තට්ටු නිවාසයක, සිව්වැනි මහළෙ. ස්නායු ආබාධයක් නිසාවෙන් හරිහැටි ඇවිදීමට නොහැකි, සුදු පාට, කෙට්ටු බළල් පැටියෙකුත් මට හිටියා.
තට්ටු නිවාසයෙ කුස්සිය පිහිටලා තිබුණෙ, ගොඩ නැගිල්ලෙන් වෙනමම නෙරා ගිය කුඩා හතරැස් කොටසක. ඒ කොටසට ගිය විට එක් පැත්තකින් අල්ලපු නිවාසයේ කුස්සියත්, අනෙක් පැත්තෙන් මගේ නිවාසයේ ඉස්තෝප්පු කොටසත් දැකිය හැකියි. තේ හැදීමට සහ බළල් පැටියාට කෑම සැකසීමට මිස, මේ කුස්සිය එතරම් පාවිච්චි වුණේ නැහැ. විදුලි දඟර ලිපක් හා ගෑස් ලිපක් මා සතුව තිබුණ අතර, එකම ගෑස් සිලින්ඩරය මම අවුරුද්දකට වඩා පාවිච්චි කළා.
එක දවසක් රෑ වැඩ අවසන් කර ගෙදර පැමිණි මම නිදිමතේම කුස්සියට ගියෙ බළල් පැටියට කෑමට යමක් හදා දෙන අරමුණින්. ඒත්...
කුස්සියෙන් මොකක්දෝ සූ හඬක් එනවා!
මම කෝකටත් ඉස්සෙල්ලම කුස්සියෙන් එළියට පැන්නා. ඊට පස්සෙ ඉව කළා: ගෑස් ගඳක් එනවද?
කුස්සියෙ තිබුණු බඩුවලින් එහෙම අනතුරුදායක දේකට තිබුණෙ ගෑස් සිලින්ඩරේ විතරයි. ගෑස් සිලින්ඩරේ මොකක් හරි කාන්දු වීමක් වෙන්නට ඕන. ඇහෙන සද්දෙ, සිහින් සිදුරක් හරහා වාතය ගමන් කරනවිට එන සද්දෙ.
ගෑස් සිලින්ඩරේ ටික ටික කාන්දු වෙනවා! තව ටිකකින් ගේ පුරා ගෑස් පිරෙයි; සමහරවිට ගෑස් සිලින්ඩරය පුපුරයි; එහෙමත් නැත්නම් පොඩි හරි දේකින් ගින්නක් ඇවිලිලා, මුළු ගෙදරම ගිනි ගනී!
මම ප්‍රශ්නෙ විවරණය කරන අතරෙ, බළල් පැටියා කුස්සියට ගිහින් අඬනවා- එයාට බඩගිනියි. මම වැඩට ගිහින් එනතුරු පැය 15-16ක් විතර එයා ඉන්නෙ බඩගින්නෙ. ඒත් පවතින තත්වය යටතෙ, බඩගින්නට වඩා ගින්නෙ තර්ජනය බරපතලයි. මම බළල් පැටියට අඬ ගැහුවා. අඬ ගහගෙන, ගෙයින් එළියට පැන්නා. දොරත් වහලා දැම්මා. කුස්සිය පැත්තෙන් අර කාන්දු සද්දෙ තාමත් එනවා. ඒත් එක්ක, තවත් මොකක්ද ඩිඩිග් ඩිඩිග් සද්දෙකුත් එනවා. ඒකනං ඇහෙන්නෙ මගෙ ඇඟ ඇතුළෙන්ම වගෙ!
මම කල්පනා කළා: ඉස්සර පොඩි කාලෙ සඟරාවකින් කියෙව්ව කතාවක් මට මතක් වුණා. ඒකෙ තිබුණෙ, ගිනිගෙන වැටුණු (හෝ වැටිලා ගිනි ගත්තු) ගුවන් යානාවක හිටිය ගුවන් සේවිකාවක්, ගින්නට බය නොවී, ඇගේ වගකීම වුණු මගීන් ආරක්ෂිතව එළියට එක්කගෙන ගිය විස්තරයක්. අවසානයෙදි, ඇය එළියට ඒමට පෙර ගුවන් යානය පුපුරලා, ඇය මැරෙනවා. ඔය කතාව කියෙව්වයින් පස්සෙ, මමත් සෑහෙන කාලයක් යනකං හිතෙන් ඒ වගෙ ගින්නවල්වලට මැදි වුණු මිනිස්සු බේර ගත්තා. හැබැයි, ඒ හිතළුවල මම මැරුණෙ නෑ; මාත් අන්තිමට බේරුණා.
මෙතන තත්වය ටිකක් වෙනස්. ගිනි ගත්තනං කරන්නට ඕන හරිය මම දන්නවා; ඒත් තාම ගිනි අරගෙන නෑනෙ.
මම කාට හරි කතා කරලා උදව් ඉල්ලිය යුතුද? අවට නිවාසවල අයව මම අඳුනන්නෙ නෑ. ඇඳිනුවත්, ඒ අයට කරන්නට පුළුවන් දෙයක් නෑ. එහෙනම් ගිනි නිවන හමුදාවට කතා කළ යුතුයි.
කෝකටත් කියලා, මම මුළින්ම අපේ මල්ලිට කතා කරන්නට තීරණය කළා. බඩගින්නෙ අඬන බළල් පැටියව එළියෙ රඳවලා, කාමරේට දුවලා ගිහින් දුරකථනය අරගෙන මම ආපහු එළියට ආවා.
"මල්ලි, ගෑස් සිලින්ඩරේ කාන්දු වෙනවා වගෙයි. සූඌඌඌ ගාලා සද්දෙ එනවා දැන් සෑහෙන වෙලාවක්."
සහෝදරයො කියන ජාතිය වාසනාවන්.
"ඔයා එළියට වෙලා ඉන්න. මම දැන්මම එන්නම්." මල්ලි කිව්වා.
මල්ලිත් තව ටිකකින් එන හින්දා හරි, සෑහෙන වෙලාවක් ගිහින් හින්දා හරි, කලින් දවසෙ නිදි මැරුව එකෙන් ආව තෙහෙට්ටුව අමතක වුණු හින්දා හරි, ඔන්න මගෙ හිත ටික ටික පැහැදිලි වෙන්නට පටන් ගත්තා.
මෙච්චර වෙලා සද්දෙ ඇවිල්ලත් තාම ගෑස් ගඳක් නෑ නේද?
මම ගෙට ගියා. ඉව කළා. ම්හු.
ටික ටික කුස්සිය පැත්තට ගියා. ම්හු.
කුස්සියටම ගියා. ම්හු.
සද්දෙට හොඳින් ඇහුම් කන් දුන්නා. සිලින්ඩරේ පැත්තෙ... ම්හු.
සද්දෙ එන්නෙ ජනේලෙ පැත්තෙන් වගෙ.
එහා පැත්තෙ ගෙදර කුස්සියෙන් වගෙ.
මම ඒ පැත්ත බලද්දිම වගෙ තමයි ඒ ගෙදර කවුද ඇවිත් කේතලේ නිව්වෙ.
මම මල්ලිට කතා කරලා කිව්වා, එන්න ඕන නෑ කියල. මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙ කන්වල පිට්ටුද කොහෙද...
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com44tag:blogger.com,1999:blog-3270037286621401654.post-44009222099218812002015-04-12T21:13:00.001+05:302015-04-12T21:21:02.348+05:30අවුරුදු 2අවුරුදු වසන්තයේ මගේ පංගුව.
"අද හවස එන්නම්." අක්කා කිව්වා. "නැත්නම් හෙට උදේට."
හවස ආවෙ නෑ. එහෙනම් හෙට උදේට එයි. මං හිතන්නෙ අක්කා කැවිලි හදනවා ඇති. අම්මට කැවිලි හදන්න අමාරු හින්දා අක්කා හදාගෙන එනවා අවුරුද්දට. කැවුම්, කොකිස්, කේක්, කිරි ටොෆි...
කිරි ටොෆි හදනකොට බටර් දාන්න ඉගැන්නුවෙ අක්කා. අක්කට කොහොමත් ඔය උයන පිහන වැඩ, මැහුම් ගෙතුම් වැඩ පුළුවන්. පොඩි කාලෙ, ඉස්කෝලෙ මැහුම්වලට දෙන එක එක ඒවා මහල දුන්නෙ අක්කා. මං කියලා නෙවෙයි. එයා ආසයි මහන්න. දෙකේ තුනේ පංතිවල ඉද්දිම එයාට හොඳට, පිළිවෙලට මහන්න පුළුවන්.
අක්කා දෙකේ ඉද්දි මං එකේ පන්තියෙ. ඒ දවස්වල අම්මා දවල්ට කන්න අපි දෙන්නට රොටී බාගෙ ගානෙ දෙනවා. මං මගෙ රොටී කෑල්ල කාලා, අක්කගෙ පන්තියට ගිහින්, විවේකෙ ඉවර වෙනකං එයා ළඟ ඉඳගෙන ඉන්නවා. අක්කා ඔය ගැන මතක් කළා අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා: "මෙයා ඒ දවස්වල, එයාගෙ රොටී බාගෙ ඉක්මණට කාලා ඇවිත්, මගෙ රොටීකෑල්ලෙනුත් බාගයක් කනවා!"
එහෙම එයාගෙ රොටී කෑල්ලෙන් බාගයක් කාපු බවක් මට මතක නෑ. මං හිතුවෙ අක්කා මට බාගයක් දෙනවා කියලා.
ආදරේට...
ආදරේ බලන්න තිබ්බා හැබැයි එයාගෙ කාමරේට මාවත් දැම්මහම. පොඩි කාලෙ මම නිදා ගත්තෙ අත්තම්මා හිටිය කාමරේ. අක්කට තනියම කාමරයක් හම්බෙලා තිබ්බා. පස්සෙ මාවත් ඒකට දැම්මා. මං හිතන්නෙ අම්මලා අදහස් කරේ කාමරේ අපි දෙන්නගෙම කියලා වෙන්න ඕන. ඒත් අක්කා හිටියෙ නිකං එයාගෙ දේශයට නීතිවිරෝධී සංක්‍රමිකයෙක් ආව ගානට. මගෙත් එක්ක යකා නැග්ග දවසට කියනවා, "ඔයාට අයිති ඇඳ විතරයි; කාමරේ බිමට අඩිය නොතියා කෙළින්ම දොර ගාවට පනින්න." කියලා.
බිම අඩිය ගෑවුණොත් යුද්ධෙ.
පස්සෙ පස්සෙ මමත් නිකං හිටියෙ නෑ; අතට අහු වෙන එකෙන් දමල ගහනව. මං කැහැටු නිසා ඈත ඉඳන් ප්‍රහාර දියත් කරනවා මිස, අතින් පයින් ගහ ගන්න අමාරුයි. එක දවසක් මම ලී කෑල්ලකින්ද කොහෙද දමල ගැහුව පාර, අක්කා මාව රවට්ටන්න බොරුවට සිහිය නැති වුණා වගේ වැටිලා හිටියා. මම කොච්චර බය වුණාද කිව්වොත්, බැරි වෙලාවත් අම්මලා ඒ හරියෙන් ගියොත් නොපෙනෙන්න, දොර රෙද්ද ඇදලා කාමරේ වහලා දැම්මා. පස්සෙ අක්කා පාඩුවෙ නැගිට්ටා.
එදා එහෙම පාඩුවෙ නැගිට්ටට, පස්සෙ දවසක අක්කා මට වරදට දඬුවම් ලබා දුන්නා. ඒක වුණේ මෙහෙම.
ඒ දවස්වල අපි දෙන්නම පිස්සො වගේ පොත් කියවනවා. නිදාගන්න ඇඳට ගියාට පස්සෙ, රෑට රෑ වෙනකල් අපි පොත් කියවනවා. අම්මලගෙනුත් තහංචියක් තිබ්බෙ නෑ. කාමරේ ලයිට් එක දාලා. ජනේලෙ ඇරලා.
නිදියන වෙලාවට ලයිට් එකයි ජනේලෙයි වහන්න ඕන.
මං ප්රජාතන්ත්රවාදී මනුස්සයා. මං හිතන්නෙ, මං මගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ජනේලෙ වහනවනං, අක්කා එයාගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ලයිට් ස්විච් එක නිවන්න ඕන.
අක්කගෙ බුද්ධිය නහරයක් නහරයක් ගානෙ. මං පොත වහලා, ඇඳෙන් බැහැලා ගිහින්, ජනේලෙ වහලා හැරිලා බලනකොට, ඒ වෙනකං පොත බල බල හිටිය අක්කා, ඒක වහලා දාලා, පෙරවගෙන බුදි!
මං අසාධාරනයට විරුද්ධව හඬ නැගුවොත් එයා කියන්නෙ, "මං කලින් නිදියගත්තෙ; ඔයා පහුවෙලා නිදියන හින්දා, ලයිට් එකත් ඔයා ඕෆ් කරන්න ඕන."
ඒ උත්තරේ හරි හම්බෙන්නෙ ඉඳහිට. සාමාන්‍යයෙන් මං කියන ඒවා ඇහෙන්නෙවත් නෑ; එයා "නිදි". මට වැඩිය ප්‍රශ්න කරන්නත් බෑ. රෑ ඇහැරගෙන පොත් කියවනවට විරුද්ධ නැති වුණාට, රෑට බෙරිහන් දෙනවට අම්මලා තදින් විරුද්ධයි.
එක දවසක් මට කොච්චර යකා වැහුණද කිව්වොත්, මං අසාධාරනයට එරෙහිව නැගී සිටියා- අක්කගෙ ඇඳට; නැගලා, අක්කව පාගගෙන ගිහිල්ලා බිමට පැනලා ගිහින් ලයිට් එක නිව්වා.
අක්කා නේද? බෙරිහන් දිදී අඬන්න පටන් ගත්තා.
එතනින් එහාට මගේ තත්වය හුඟක් ශෝචනීයයි.
ඒත් හැමදාම එහෙම ශෝචනීය නෑ. සමහර දවස්වලට අක්කයි මමයි රෑ වෙනකං කුටු කුටු ගගා කතා කර කර ඉන්නවා. කතාව කුටු කුටු වුණාට, හිනාව කිසි කිසි. අම්මලා කාමරේ ඉඳන් බනිනවා. අක්කා කියනවා, ලයිට් ඕෆ් කරාට පස්සෙ, එයා සුරංගනාවියක් වෙනවලු; ඊට පස්සෙ එයා සුරංගනා සමාජෙට යනවලු; ඊට පස්සෙ එහෙ විස්තර වර්ණනා.
මං ඊට දෙවෙනි වෙයිද? මං කියනවා, මමත් සුරංගනාවියක් වෙලා, සුරංගනා සමාජෙට යනවා. හැමදාම. ඇත්තද ඈ?
අක්කට ඕක හරියටම හගිස්සවන්න ඕන නිසා, අක්කට සුරංගනා සමාජෙදි හම්බෙන අයව, මටත් හම්බෙන බව කියනවා. මං බොරු කියන බවට පොඩි හරි සැකයක් ඇති නොවෙන්න, සුරංගනා ලෝකෙදි සිද්ද වෙන ජාති රස කර කර කියනවා.
වෙලාවකට අක්කට මගෙ කියවිල්ල ඇති වෙලා කියනවා, "හා, හා. ගුඩ් නයිට්!"
මං උත්තර දෙනවා, "මුවා, මුවා, ගුඩ් නයිට්."
ඒ දවස්වල අපි ගුඩ් නයිට් කියන්නෙ "දැන් ඇති, නිදියමු" කියන්න.
දැන් ඇති. මම නිදියන්න ඕන. අක්කා හෙට කැවිලි හදාගෙන එයි.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com60tag:blogger.com,1999:blog-3270037286621401654.post-19849423330364120302014-09-15T18:59:00.001+05:302014-09-15T19:02:33.953+05:30පාන් කෑව සුරංගනාවිදිව්ය ලෝකෙ තියෙන්නෙ වළාකුළුවලට ඉහළ අහසෙ බවත්, සුරංගනාවන් වාසය කරන්නෙ එහෙ බවත් අපි දන්නවා. එහෙම ඉහළ අහසෙ පාවෙවී ඉන්නට පුළුවන් වෙලා තියෙන්නෙ, සුරංගනාවන්ගෙත් දිව්යලෝකයෙත් ඝනත්වය අඩු හින්දා; වළාකුළුවලටත් වඩා ඒ අය සැහැල්ලු හින්දා.
ඔව්, වළාකුළු වලටත් වඩා.
වළාකුළු පවා ඔවුන්ට වඩා ඝනත්වයෙන් වැඩියි, ඒවායේ වැස්සට අවශ්‍ය කරන වතුර රැස් කර තිබෙන හින්දා.
සමහර දවස්වල, හිමිදිරි පාන්දර, වළාකුළු ඉහළ අහසේ නොරැඳී පහළට පාවෙලා එනවා. ඉතින් ඔන්න පොළොව අවට ඝනැති සුදු පටලයකින් වැහෙනවා. ඒ අතරින් ගමන් කරන කෙනෙකුට තද සීතලක් දැනෙනවා; අඩියකට දෙකකට වඩා ඒ තුළින් පෙනෙන්නෙ නෑ.
එහෙම පොළොවට පහත් වුණු වළාකුලක නැගිලා, එක් සුරංගනාවක් මහ පොළොවට බැස්සා. ඈ පොළොවෙ තියෙන පුංචි පැලෑටි, මල් ආදිය ආසාවෙන් අත ගෑවා. ඝනැති වළාව පීරාගෙන ඈ හෙමින් හෙමින් ඉදිරියට ගියා.
ඔන්න ඇයට පෙනුණා ඈතින් ආලෝකයක්. ඒ, උදෙන්ම විවෘත කරන ලද පාන් කඩයක්. මිනිස්සු කඩේට ඇවිත් නැවුම් සුවඳැති, උණුසුම් පාන් අරගෙන යනවා. සමහරු, පාන් තුරුළු කරගෙන ගියා. තවත් සමහරු, පාන් කඩාගෙන කමින් ඇවිදගෙන ගියා.
සීතල හිමිදිරි වෙලාවක, එහෙම උණුසුම්, රසැති පාන් කෑමට ලැබීම හරිම අපූරු අත්දැකීමක්. සුරංගනාවිටත් පාන් කෑමට ආස හිතුණා. ඈ කවදාවත් පාන් කාලා තිබුණෙ නැහැ. දිව්‍ය ලෝකෙ පාන් නැහැ. එහෙ තියෙන්නෙ දිව්‍ය භෝජන විතරයි.
පාන් ගෙඩියක් ඉල්ලාගැනීමට ඈ කඩේට ගියා.
මුදලාලි දන්නෙ නැහැ මේ සුරංගනාවියක් බව. ගෑණු ළමයෙක් කඩේට ඇවිල්ලායයි ඔහු කල්පනා කළා.
"ඔය ළමයට මොනවද?" ඔහු ඇහුවා.
"පාන් ගෙඩියක් දෙන්න." සුරංගනාවිය කිව්වා.
මුදලාලි පාන් ගෙඩියක් කඩදාසියක එතුවා. "රුපියල් හැටයි."
සුරංගනාවිය අතේ සල්ලි නැහැ. දිව්‍ය භෝජන සඳහා එහෙ සල්ලි අය කිරීමක් නැහැ. ඉතින් සල්ලි ළඟ තබා ගැනීමට හේතුවක් නැහැ.
" සල්ලි ගෙනාවෙ නැද්ද? සල්ලි මග වට්ටා ගත්තාද? මෙහෙ පිනට පානුත් නැහැ; ණයට පානුත් නැහැ." මුදලාලි ටිකක් තදින් කිව්වා. කියලා, පාන් ගෙඩිය වෙන කෙනෙකුට දුන්නා.
සුරංගනාවියට කණගාටුයි. ඇය පැත්තකට වෙලා කඩේ ඇති පාන් දෙස බලා හිටියා. මිනිසුන් ගෙන යන පාන්වල සුවඳ ඇගේ නැහැයට දැනුණා. ඒවා පපුවට තුරුළු කරගත්විට කොයි තරම් සුවදායක ඇද්ද කියා ඈ කල්පනා කළා.
ටික ටික එළිය වැටෙනවිට, පාන් ගැනීමට කඩයට එන මිනිසුන් අඩු වුණා. තවමත් බලා සිටින ලස්සන ගෑණු ළමයා දැක්කවිට මුදලාලිට අනුකම්පා හිතුණා. ගෙදරින් පාන් ගැනීමට දුන් මුදල් ඇය මගදි නොසැලකිල්ලෙන් වට්ටා ගන්නට ඇතැයි හිතලා, ඔහු ඇයට කතා කළා.
"හොඳයි, මෙන්න අදට විතරක් පාන් ගෙඩියක්. ඊලඟ දවසෙ ගෙදරින් දෙන සල්ලි මග වට්ටා ගන්නට එපා. නුඹලාට පාන් දීමට, අපි බොහොම සල්ලි වියදම් කරනවා!"
සුරංගනාවියට සතුටුයි. ඇය මුදලාලිට ස්තුති කරලා, පාන් ගෙඩියත් තුරුළු කරගෙන තණ පිටියට දිව්වා. පාන් ගෙඩියෙ උණුසුම ඇයව ප්‍රබෝධමත් කළා. එහි ප්‍රණීත සුවඳ ඇයව වශී කළා. තණ පිටියෙ වාඩි වෙලා, ඈ පාන් කන්නට වුණා.
පාන් කාලා සුරංගනාවිය වටපිට බැලුවා. හොඳටම එළිය වැටිලා. පාන්දර පොළොවට පහත්වැ තිබුණු වළාකුළු නැවත ඉහළ ගිහින්. දැන් ඒවා කඳු මුදුන්වල දැවටෙමින් තිබෙනවා. සුරංගනාවිය වළාකුලකට නැගෙන්නට කල්පනා කරලා, කඳු මුදුනට දිව්වා. හරියට ඈ එනතුරුම වගේ, එහි වළාකුලක් තිබුණා.
සුරංගනාවිය වළාකුලට නැගුණා. ඇයට අමුත්තක් දැනුණා. හරියට, ටික ටික ඇයව පොළොවට ඇද ගන්නවා වගේ.
ඔව්, ඇත්තටම, මෙන්න ඇය වළාකුල ඉරාගෙන ආපහු පොළොවට වැටිලා!
මොකද දන්නවද? වළාකුලේ තිබුණු වැසි ජලය, ඇය කෑ පාන්වලට උරාගෙන, ඇගේ බර වැඩි වෙලා!
වළාකුල අහසට නැගිලා පාවුණා. සුරංගනාවිය හොඳටම බය වෙලා අඬන්නට වුණා.
"ඇයි ඔයා අඬන්නෙ?" කවුදෝ ඇහුවා.
ඒ, උදෑසන අසිරිය සිතුවමට නැගීමට කඳු මුදුනට ඇවිත් හිටිය චිත්‍ර ශිෂ්‍යයෙක්.
"මම සුරංගනාවියක්. පාන් කෑව හින්දා මාව වෙනස් වෙලා; වළාකුළුවල තිබුණ වතුර පාන්වලට උරාගෙන, මගේ බර වැඩි වෙලා." සුරංගනාවිය පැහැදිලි කළා.
චිත්‍ර ශිෂ්‍යයා කල්පනා කළා. කල්පනා කරලා, කතා කළා.
"ඇත්තෙන්ම, මේක මගේ විෂය පථයට අයත් නැහැ. ඔන්න ඔයාගෙ සුන්දරත්වය වර්ණනා කිරීමට හෝ ඔයාව සිතුවමට නැගීමට තිබුණානම්, එය කරන හැටි මම දන්නවා. නමුත් ඔයා කණගාටු වෙන්නට එපා. මම ඔයාව විද්‍යා ශිෂ්‍යයා ළඟට එක්කගෙන යන්නම්. ඔහු ඔයාට උදව් කරාවි." ඔහු කිව්වා.
චිත්‍ර ශිෂ්‍යයා සුරංගනාවිය සමග විද්‍යා ශිෂ්‍යයාගෙ ගෙදර ගියා. ඔහු විද්‍යාව ඉගෙනගනිමින්, ඒ ගැන පුදුම වෙමින් හිටියා. චිත්‍ර ශිෂ්‍යයා, සුරංගනාවියව හඳුන්වා දුන්නා.
"මේ සොඳුරු සුරඟනගෙ ඇඟේ ඇති පාන්වල ජලය ඉවත් කර දෙන්න." ඔහු ඉල්ලා සිටියා. "එවිට ඇයට ආපහු සුරංගනා ලෝකයට යා හැකියි."
විද්‍යා ශිෂ්‍යයා කල්පනා කළා.
"හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු කිව්වා. "පිළිතුර තියෙන තැන තමා මට එකපාරට මතක් නොවෙන්නෙ!"
"කරුණාකරලා, කල්පනා කරන්න. ඔබට එය මතක් කරගන්න පුළුවන් වීම තුළයි මගෙ ආපහු ගමන රැඳෙන්නෙ." සුරංගනාවිය ඉල්ලා සිටියා.
"මතක් වුණා!" විද්‍යා ශිෂ්‍යයා කෑ ගැහුවා. "ඩූ නොට් ඊට්!"
"අනේ, මං පාන් කාලා ඉවරයිනෙ." සුරංගනාවිය කිව්වා.
"නෑ, නෑ. පාන් නෙවෙයි. අර රට කජු ඇසුරුම් ඇතුළෙ තියෙන පුංචි කවරය දැකලා තියෙනවා නේද?" විද්‍යා ශිෂ්‍යයා චිත්‍ර ශිෂ්‍යයාගෙන් ඇහුවා. "පුංචි කැට වගයක් පිරවූ කවර? නුඹ දන්නවාද?"
"ඔව්, ඔව්, මං දන්නවා." චිත්‍ර ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. "ඒවා තියෙන්නෙ, රටකජුවල ඇති තෙතමනය උරාගැනීමට..."
විද්‍යා ශිෂ්‍යයා බොහොම සතුටට පත් වුණා.
"අන්න හරි, නුඹ කාරණා කාරණා දන්න හැඩයි. ටිකක් මහන්සි වුණොත්, නුඹට විද්‍යාව ඉගෙනීමට පවා පුළුවන් වේවි."
"මම චිත්‍ර ඉගෙනීමට වැඩියෙන් කැමතියි." චිත්‍ර ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. "නමුත් නුඹට අවශ්‍යනම්, මම රටකජු ගෙනත් දෙන්නම්."
"රටකජු නොවේ. ඒ ඇසුරුම් තුළ තියෙන පුංචි කැට, 'ඩූ නොට් ඊට්'. අන්න ඒවාට පුළුවනි, පාන්වලට උරාගත් වතුර ඉවත් කිරීමට." විද්‍යා ශිෂ්‍යයා පිළිතුරු දුන්නා.
"හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු ඊට එකතු කළා.
චිත්‍ර ශිෂ්‍යයාත් විද්‍යා ශිෂ්‍යයාත් එකතු වෙලා, 'ඩූ නොට් ඊට්' කැට ටිකක් හොයාගෙන ආවා.
"ඔයා මේවා කෑ යුතුයි." ඔවුන් සුරංගනාවියට කිව්වා.
"අනේ මේවා කන්නෙ කොහොමද?" ඈ බය වෙලා ඇහුවා. "ඩූ නොට් ඊට් කිව්වොත් කන්නට බැහැ නොවේද?"
විද්‍යා ශිෂ්‍යයා කල්පනා කළා.
"ඔයා කියන එක හරි. නමුත් හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු කිව්වා. "මේ ඩූ නොට් ඊට්, ඊට් බවට පත් කළ යුතුයි. මං හිතන්නෙ, ඊට අදාල ප්‍රතික්‍රියා අයත් වෙන්නෙ, අකාබනික රසායනයට..."
"පොඩ්ඩක් ඉන්න." චිත්‍ර ශිෂ්‍යයා බාධා කළා. "ඒක ඇත්ත වශයෙන්ම අයත් වෙන්නෙ, කලාවට. විද්‍යාව තුළ විතරක් නෙවෙයි, සමහර ප්‍රශ්නවලට කලාව තුළත් පිළිතුරු තියෙනවා. සමහරවිට වඩාත් හොඳ පිළිතුරු..."
"නුඹ මොකක්ද යෝජනා කරන්නෙ?" විද්‍යා ශිෂ්‍යයා අමනාපයෙන් ඇහුවා.
"මකනය" චිත්‍ර ශිෂ්‍යයා සතුටින් කිව්වා. "ඩූ නොට් ඊට්වල ඩූ නොට් මකා දැමූවිට, ඊට් ලැබෙන බව නුඹට තේරෙනවද? වඩා සරලයි, ඉක්මන්."
"හොඳයි, එහෙම කරමු." ඔවුන් එකඟ වුණා.
ඩූ නොට් ඊට්වල ඩූ නොට් මකා දමා ඊට් ලබා ගත්තා. ඊට් කෑ හැකි බැවින්, සුරංගනාවිය ඊට් කෑවා. පාන්වල තිබුණු වතුර ඊට්වලට උරා ගත්තා. ඒත් වතුර උරාගත් ඊට් තවමත් සුරංගනාවියගෙ ඇඟ ඇතුළෙ.
"දැන් මොකද කරන්නෙ?" විද්‍යා ශිෂ්‍යයා ඇහුවා. "නුඹට උත්තරයක් තියෙනවද?"
ඇත්තෙන්ම චිත්‍ර ශිෂ්‍යයාට උත්තරයක් තිබුණා. ඔහු පැන්සල අරගෙන, ඊට් ඉදිරියෙන් ඩූ නොට් ලිවූ නිසා, ඊට් නැවතත් ඩූ නොට් ඊට් වුණා. එතකොට සුරංගනාවිය ඒවා කෑවේ නෑ. කෑවෙ නැති නිසා ඇඟ ඇතුළෙ ඒවා නෑ.
"දැන් හරි. අපි එකතු වෙලා ඔබට උදව් කළා." චිත්‍ර ශිෂ්‍යයා හා විද්‍යා ශිෂ්‍යයා කිව්වා.
"ඒත් මම ආයෙම වළාකුලකට නැග්ගොත්, ආයෙමත් පාන්වලට වතුර උරා ගනීවි නේද?" සුරංගනාවිය ඇහුවා.
ශිෂ්‍යයන් කල්පනා කළා.
"නුඹට පාන් මකා දමන්නට බැරිද?" විද්‍යා ශිෂ්‍යයා ඇහුවා.
"බැහැ. පාන් කියන්නෙ, ලිව්ව දෙයක් නෙවෙයි." චිත්‍ර ශිෂ්‍යයා කණගාටුවෙන් කිව්වා.
"ඉතින් මම නුඹට කිව්වා නේද, විද්‍යාව තුළනම් මේ හැම එකටම පිළිතුරු තියෙන බව?" විද්‍යා ශිෂ්‍යයා ආඩම්බරයෙන් කිව්වා. "කරන්නට තියෙන්නෙ, බොහොම සරල දෙයක්: පාන් කෑව එක තෝරාගෙන, ඒක අන්ඩූ කළ යුතුයි."
"ඒ කිව්වෙ?" සුරංගනාවිය ඇහුවා.
"මොනවා? දිව්‍ය ලෝකයෙ පරිගණක නැද්ද?" විද්‍යා ශිෂ්‍යයා පුදුම වෙලා ඇහුවා.
"මුළින් ඇයට උදව් කරලා හිටපන්. ඉන් පසුව ප්‍රශ්න අහපන්." චිත්‍ර ශිෂ්‍යයා අමනාපයෙන් කිව්වා.
විද්‍යා ශිෂ්‍යයා, සුරංගනාවියට අන්ඩූ කරන අයුරු කියා දුන්නා.
පුරුදු නැති නිසා, ඇය අන්ඩූ කළේ පියවරෙන් පියවර.
එක වරක් අන්ඩූ කළා: ඩූ නොට් ඊට් ආයෙම ඊට් වුණා; සුරංගනාවිය ඒවා කෑවා.
දෙවරක් අන්ඩූ කළා: ඊට් ආයෙම ඩූ නොට් ඊට් වුණා; ඒ නිසා සුරංගනාවිය ඒවා කෑවෙ නෑ.
තෙවරක් අන්ඩූ කළා: එවිට සුරංගනාවිය පාන් කෑවෙත් නෑ.
පාන් කෑවෙ නැති හින්දා සුරංගනාවිය ආයෙමත් සැහැල්ලු වුණා. ඇය බොහොම සතුටු වෙලා, ශිෂ්‍යයන් දෙන්නාට ස්තුති කරලා, වළාකුලකට පැන්නා. වළාකුලේ වතුර ඇයට උරාගත්තෙ නැහැ. ඒ වෙනුවට, වළාකුල ඇයත් රැගෙන ඉහළ ගියා.
ශිෂ්‍යයන් දෙන්නා වාද කරමින් ගෙදර ගියා.
අසූ ගණන්වල එක දවසක...
මම හිටියෙ දහයෙ පන්තියෙ. තට්ටු හතරක සෙන්ටිනරි බිල්ඩිං එකේ පහළම තට්ටුවෙ,
දෙවෙනි පන්තියෙ. පන්තියෙ උගන්නමින් හිටියෙ රත්නායක මැඩම්. මම හිටියෙ මැද
පේළියෙ, ඉස්සරහම පුටුවෙ.
එක පාරටම වෙඩි හඬක් ඇහුණා. මුලින් එකක් දෙකක් ඇහිලා, ඊට පස්සෙ එක දිගට ඇහෙන්න ගත්තා.
ළමයි කෑ ගහන්න පටන් ගත්තා. අපිට ඒ වෙනකොට දෙතුන් වරක් ඩ්‍රිල් කරල තිබුණෙ,
හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් ආවොත් කළ යුතු දේ ගැන. අනික් ළමයිනුත් එක්කම
මමත් පුටුව පස්සට තල්ලු කරලා, ඩෙස්ක් එක යටට රිංගගත්තා. පාඩම වෙලේ අතේ
තිබුණු පෑන, දත් ඇඳි අතර හරහට තියා ගත්තා.
රත්නායක මැඩම් ගල්
ගැහුණා වගේ. මැඩම් මේසෙ ළඟ, හිටිය තැනම බිමට පාත් වුණා. එතකොටම ළමයෙක් කෑ
ගහගෙන මැඩම් ළඟට දුවගෙන ආවා. ඒ ඉරේෂා. මැඩම්ගෙ දුව. එයා හිටියෙ අල්ලපු
පන්තියෙ. එයා පන්තියෙන් එළියට පැනලා අම්මා ළඟට ඇවිත්.
ඒ අතරෙ මට එහා
පැත්තෙ පේළියෙ හිටිය කාන්ති ඩෙස්ක් අස්සෙන් දණගාගෙන, මැඩම් ළඟට ආවා.
කාන්තිගෙ දත් අතරින් පෑන තියාගෙන හිටියෙ අනික් පැත්තට, හරියට බීම බෝතලයක
බටේ තියාගෙන ඉන්නව වගේ. කාන්තිගෙ අතේ තව පැන්සලක් තිබුණා. එයා ඒක මැඩම්ට
දීලා, අතින් කිව්වා, කටේ දත් අතරින් තියා ගන්න කියලා.
ඔය වෙලාවෙදි
විතර, ඉස්කෝලෙ බෙල් එක වැදුණා. අපි බලාගෙන හිටියෙ ඒ සඥ්ඥාව එනතුරු. අපි
හිටිය බිල්ඩිමට බෝම්බයක් වැදුණනම් එහෙම, අපි මැරෙන්නෙ බිල්ඩිමට යට වෙලා.
බෙල් එකට අපි පේළියක් හැදිලා ග්‍රවුන්ඩ් එකට යන්න නියමිතයි.
අපි එහෙම පේළියට ගිහින් ග්‍රවුන්ඩ් එකේ පෙළ ගැහුණා. මුලු ඉස්කෝලෙම ළමයි.
තවත් ටික වෙලාවක් යනකොට, අපිට ඇහුණ වෙඩි හඬ ගැන ඇත්ත තොරතුරු ලැබුණා.
ඉස්කෝලෙට එහා පැත්තෙ තිබ්බ හින්දු සංස්කෘතික ශාලාවෙ මොකක්ද උත්සවේකට
රතිඤ්ඤා පත්තු කරලා. ඊට පස්සෙ අපි පන්තිවලට ගියා. එතකොටත් අපි වෙව්ලනවා.
අක්කලා පන්තියට
ගියාට එක ළමයෙක් අඩුයිලු. පස්සෙ හොයල බලනකොට, අනුරුද්ධිකා අක්කා,
ග්‍රවුන්ඩ් එකේ හරි මැදට වෙලා තාමත් හිටගෙන ඉන්නවලු.
ඔය දහයෙ පන්තියෙ ඉද්දි. මං හයේ පන්තියට එනකොට, අපේ ඉස්කෝලෙ ස්කූල් කැප්ටන්, තිරුණි රාමනාදන්.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49407965988610615562013-10-21T17:15:00.005+05:302013-10-21T17:15:24.874+05:30කුමාරකුමාර. මට මතක විදිහට, ඒක තමයි නම.
කුමාරව හම්බුණේ කේ. ජයතිලකයන්ගෙ කතන්දර පොතින්. ඔව්, ඒ කතන්දර පොතේ නම "කතන්දර පොත".
කුමාරගෙ තාත්තා වඩුවෙක්. අම්මා පැදුරු වියන්නියක්. තමන් විඳින දුකින් දරුවටවත් ගොඩ එන්නට හිතාගෙන, ඔවුන් කුමාරව ගුරුතුමා ගාවට යවනවා.
කුමාර දක්ෂ දරුවෙක්. ඔහු හොඳින් ඉගෙනගන්නවා.
දවසක්දා ගුරුතුමා ළමයින්ට කියනවා කතන්දරයක් ඉගෙනගෙන එන්නටයයි කියලා. කුමාර ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි කියනවා කතන්දරයක් කියලා දෙන්නටයයි කියලා.
ඒත් ඔහුගෙ අම්මලා කතන්දර දන්නෙ නැහැ. ජීවිත කාලයම මහන්සි වී වැඩ කළා මිස, ඔවුන් කතන්දර ඉගෙනගෙන නැහැ.
කුමාර අඬලා නිදිය ගන්නවා. රාත්‍රියෙදි, කුමාරගෙ පන්හිඳත් පුස්කොළ පොතත් යනවා කතන්දරයක් හොයාගෙන එන්නට. ඔවුන්ට හමුවෙනවා සාහිත්‍යයට අධිපති සරස්වතී දෙවඟනව.
සරස්වතී දෙවඟන කල්පනා කරනවා, ළමයින්ට කියවීමට කතන්දර තිබිය යුතුයි කියලා. එහෙම හිතලා, ලොව පුරා පඬිවරුන්ව කැඳවලා කියනවා, ළමයින් උදෙසා කතන්දර ලියන්නටයයි කියලා.
එහෙමයි කතන්දර පොත් බිහි වෙන්නෙ.
කුමාර. ඒක තමයි නම.
කුමාරව හම්බුණේ හමුදා රෝහලේ සැත්කම් මේසයක් උඩදි. මම එහෙ හිටිය මාසය ඇතුළත තුන් හතරවතාවක්ම ඔහුව හම්බුණා. යුද්ධයට හසු වී ඔහුගෙ අත් දෙකම හා පාදයක් අහිමිව තිබුණා.
කුමාර බොහොම කඩවසම්, ළමා පෙණුමක් ඇති, විසි වියැති සොල්දාදුවෙක්.
"මටනම් අඩු ගානෙ ඇස් පෙනෙනවා. සමහර අයගෙ ඇස් තුවාල වෙලා, අන්ධ වෙලා." ඔහු දවසක් කිව්වා.
"ඇඟිලි එහෙම වැඩ කරන්න පුළුවන් කෘතිම අතක් හම්බෙනවනම්... එහෙම අත් තියෙනවා. මට පුළුවනි මහන්සි වෙලා වැඩ කරන්න, කාගෙන්වත් යැපෙන්නෙ නැතුව." තවත් දවසක කිව්වා.
හුඟක් වෙලා කතා කර කර හිටිය දවසක කුමාර ටිකක් බැරෑරුම් විදිහට මෙහෙමත් එකතු කළා: "අනික් දේවල්නම් කමක් නැහැ. වැසිකිළි ගිහින් අම්මට කියන්න බෑනෙ."
එහෙම අත් තියනවද කියලා හොයා බලන්නට උදව් වුණේ සුජීව සහ කුමාරි. ඒ දෙන්නා හමුදාවෙ නිසා මේ දේවල් ගැන දැන හිටියා.
ඒ විදිහෙ අත් තියෙනවා. නමුත් විද්‍යුත් කෝෂ මගින් ක්‍රියා කරන නිසා, නඩත්තුව අපහසුයි. හුඟක් දෙනා, ඒ අත් ගලවලා පැත්තකට දානවා.
අතක් දැමීම, එච්චර පහසු දෙයක් නෙවෙයි. මුළින්ම අත්වල තුවාල සුව වෙන්නට ඕන; ඉදිමුම් බහින්නට ඕන. ඉන් පස්සෙයි නියම මිණුම් ගන්නට පුළුවන් වෙන්නෙ. ඊලඟට අත ව්‍යායාම කරවමින් හුරු කරවන්නට ඕන මාස කීපයක්.
ඊට කලින් සොයා බැලිය යුතු දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට, බිම වාඩි වන වැසිකිළි වෙනුවට, පුටුවක පරිදි වාඩි විය හැකි වැසිකිළි පෝච්චි ලබා දෙන්නට ඕන; නළ ජලය ලබා දෙන්නට ඕන.
එහෙම දේවල් ලබා දෙන්නටනම්, ඒ ගෙදර සොල්දාදුවාට ජීවත් වීමට සුදුසු, ඔහුව බලා ගන්නට නිසි කෙනෙක් සිටින තැනක් වෙන්නට ඕන.
"ගමේ කෙල්ලො එහෙම ඇවිත් ඔලුව අත ගාලා යනවා ඇති නේද? කෙල්ලො කී දෙනෙක් කැමැතිද දැනට?" කාර්ය මණ්ඩලය අත පය අහිමි සොල්දාදුවන්ගෙන් ප්‍රශ්න කරනවා. එහෙම හිත ධෛර්යමත් ගෑණු ළමයි ගම්වල ඉන්නවා.
කුමාරට පොඩි කාලෙ ඉඳන්ම තාත්තා නැහැ. අම්මා වෙන කසාදයක් බැඳලයි ඉන්නෙ. කුමාර හැදුණෙ අත්තම්මා ගාව. ඒ ගෙදර කුමාරත් එක්ක හැදුණු පුංචි අම්මා දැන් විවාහ වෙලා.
දෑතම හා පාදයක් අහිමි කුමාරව තව අවුරුදු තිහ හතළිහක් නැතිනම් ඊටත් වැඩියෙන් කල් බලාගන්නෙ කවුද?
හමුදා නිවහන වඩාත් සුදුසුයි.
කුමාර කාටවත් පෙනෙන්නට ඇඬුවෙ නැහැ. ඒ හින්දා, ඒ කතන්දරය, එතැනින් ඉවරයි.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com42tag:blogger.com,1999:blog-3270037286621401654.post-7687076117533725122013-10-05T19:27:00.000+05:302013-10-09T16:57:36.099+05:30අයිස්ලන්තෙන් ආව අයපුංචි දරුවන්ට සිරුරේ උෂ්ණත්වය පවත්වා ගැනීම වැඩිහිටියෙකුට වඩා අමාරුයි. ඒ හින්දා, විශේෂයෙන්ම අලුත උපන් දරුවන් ඉන්න තැන්වල, විදුලි පංකා හා වායු සමීකරණ යන්ත්‍ර පාවිච්චි කරන්නට ඕන පරිස්සමෙන්. සමහරවිට මේ ගැන වැඩිය නොහිතන සෞඛ්‍ය සේවකයින් තමන්ගෙ පහසුව ගැන හිතලා, පංකාවෙ වේගය වැඩි කරන අවස්ථා, වායු සමීකරණයෙ උෂ්ණත්වය බොහොම අඩු කරන අවස්ථා තියෙනවා.
සමහර වෙලාවට අංශක 16-17ට පවා.
"අයිස්ලන්තෙන් ආව අයද මෙතන ඉන්නෙ?" කියලා අමනාපෙන් අහපු වෙලාවල් තියෙනවා. එහෙම අහනකොට ඒ අය හිත අමාරු කරගන්නට ඇති.
චම්පික රණවක මහතා විසින් විදුලි බල අමාත්‍යවරයා විදිහට පළ කළ විදුලිය අරපිරිමැසීම පිළිබඳ අත් පත්‍රිකාවක් මට හමු වුණේ අහම්බෙන්. විදුලිය පිරිමැහීම ගැන දැන සිටි කරුණු වගේම, නොදන්න කරුණුත් සෑහෙන්න එතන තිබුණා.
ඒ කියන විදිහට, දැනට ලංකාවෙ මුළු විදුලි සැපයුමෙන් හරි අඩකට වඩා ලබා ගන්නෙ ඛණිජ තෙල් දහනය කිරීමෙන් විදුලිය නිපදවන තාප බලාගාරවලින්. (පත්‍රිකාව ලියල තියෙන්නෙ 2012දි) ඒ සඳහා දිනකට වැයවන මුදල රුපියල් මිලියන 168ක්. කර්මාන්ත හා වෙළඳ අංශයෙ දිනකට විදුලි නාස්තිය රුපියල් මිලියන 20ක්. (අර මාළු විකුණන තැන්වල ලයිට් ගොඩක් දාගෙන මාළු දිලිසවන්න එහෙමත් එක්ක, මං හිතන්නෙ. එතකොට ඇඳුම් කඩවල, ස්වර්ණාභරන සාප්පුවල එහෙම...) ගෘහස්ථ අංශයෙ විදුලි නාස්තිය දිනකට රුපියල් මිලියන 15ක්.
ටිකක් නෙවෙයි හොඳටම වැඩි වගේ.
ලංකාවෙ දිනකට විදුලිය නිෂ්පාදනයෙදි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් ටොන් 11500ක් එකතු වෙනවා. පරිසර උෂ්ණත්වය වැඩි වීමට, මුහුදු මට්ටම ඉහළ යාමට අපි දායක වෙන්නෙ එහෙමයි. කියනකොට මතක් වුණේ, දන්න කෙනෙකුගෙ ගාල්ල/මාතර පැත්තෙ තිබුණු මුල් ඉඩම්, අක්කර හතරක පොල් වත්තක් දැන් මුහුදට යට වෙලාලු. මේ මතක ඇති කාලයෙ, අවුරුදු 30ක් විතර ඇතුළත. ඒ කියන විදිහට ඒ හරියෙ මුහුදු සීමාව, දැන් කිලෝමීටරයකින් විතර ගොඩබිම කාලා.
අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න කිව්වට මදි වගේ.
ආලෝකකරණයේදී:
CFLහෝ LED බල්බ භාවිතා කරන්න.
විදුලි බල්බ දූවිලි පිස දමා පිරිසිදු කරන්න.
නිවාස සැලසුම් කිරීමේදී ස්වභාවික ආලෝකය හැකි පමණ ලැබෙන විදිහට දොර ජනෙල් ස්ථානගත කරන්න.
බිත්ති, සිවිලිම්, තිර රෙදි ආදිය සඳහා ලා වර්ණ භාවිතා කරන්න.
ශීතකරණ:
ගෙදරක මුළු විදුලි පරිභෝජනයෙන් 30%-50%ක් යන්නෙ ශීතකරණයට.
ශීතකරණයෙ දොර නිසි පරිදි වසා තබන්න.
එය අරින වහන වාර ගණන හැකි පමණ අඩු කරන්න.
එහි පිටුපස කොටස කෙළින්ම සූර්යාලෝකයට හෝ උණුසුම් පරිසරයකට නිරාවරණය නොවන පරිදිද, බිත්තියෙන් අඟල් 10කවත් පරතරයක් ඇතිවද තබන්න.
ශීතකරණය තුළ උණුසුම් ආහාර තැබීමෙන් වළකින්න. (මමනම් මේ වැඩේ කරලා තියෙනවා- කෑම ඉක්මණින් නිවා ගන්න රස්නෙ පිටින් ශීතකරණයට දාන එක. ආයෙ නොකරමි.)
ඊලඟට පිසීමට නියමිත, අධිශීතකරණ කුටිය තුළ ඇති ආහාර, පැය 10-12කට පමණ පෙර ඉන් පිටතට ගෙන, සාමාන්‍ය ශීතකරණ කුටියේ තැබීමෙන් වැයවන විදුලිය අඩු වේ. (ඒ කියන්නෙ, හෙට උදේට මාළු එහෙම උයන්න ඉන්නවනම්, අද රෑ ඒවා සාමාන්‍ය කුටියට මාරු කරන්න පුළුවනි.)
එළවළු, පලතුරු ආදිය පොලිතින්වල ඔතා අසුරන්න; දියර වර්ග වසන ලද බඳුන්වල තබන්න. එවිට තෙතමනය මුදාහැරීමා සීමා වන නිසා විදුලි පරිභෝජනය අඩු වේ.
අවශ්‍යම දේ පමණක් ශීතකරණයේ තබන්න.( ඒ කිව්වෙ, කූඹි වහන හින්දා සීනි බෝතලේ ෆ්‍රිජ් එකේ තැබීම වගෙ වැඩ කරන්න එපා. මමනං ඉස්සර එහෙම කළා. පස්සෙ, හොඳට සීල් වෙන බෝතලයක් ගත්තා, නැත්නම් තේ එක හදන්න කලින් නිවෙන නිසා. ඒත් විදුලිය ගැනනං කල්පනා වුණේ නෑ.)
ශීතකරණයක් ගන්නකොට, තමන්ගෙ අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයෙන් මිස, අනවශ්‍ය තරම් විශාල එකක් ගන්න එපා කියලත් පත්රිකාවෙ තිබුණා. ඊට අමතරව, ඉන්දික කියනවා වගේ ඉන්වර්ටර් තාක්ෂණය භාවිතා කරන ශීතකරණයක් මිළට ගන්නට පුළුවන්නම්, විදුලි පරිභෝජනයෙන් 30-50% පමණ ඉතිරියක් වෙන බවත් පැවසෙනවා.
http://www.bijlibachao.com/Refrigerators/refrigerators-with-inverter-technology-can-help-save-electricity.html
රෙදි මැදීමේදී:
තෙත රෙදි මදින්න එපා. (මම ඉස්සර මේ වැඩෙත් කළා. විශේෂයෙන් වහින දවස්වලට, රෙදි වේළෙන්නත් කල් යන නිසා, සමහර වෙලාවට අයන් කරලම තමා වේලෙන්න දැම්මෙ.)
රෙදි මදින ලෑල්ලට යටින් තුනී ඇලුමිනියම් කොළයක් තබන්න. එමගින් උෂ්ණත්වය පරාවර්තනය වන බැවින් දෙපැත්තෙන් එකවර මැදේ.
රෙදි මැදීම අතරතුර ඉස්තිරික්කය පසෙකින් තබනවිට එහි පතුළ සිරස්ව තබන්න.
දින කීපයක රෙදි එකවර මැදගන්න. මුළින් ගනකම රෙදිද, අන්තිමට සිනිදු රෙදිද මැදගන්න. එවිට ඉස්තිරික්කය නිවා, එහි ඉතිරිව ඇති රස්නයෙන් මැදගත හැක.
විදුලි පංකා:
හැකි පමණ ස්වභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි දොර ජනෙල්, තිර රෙදි සකසාගන්න.
සිවිලිං පංකා වෙනුවට අඩු බලශක්තියක වැයවන මේස පංකා හෝ සිටුවා තබන පංකා භාවිතා කරන්න.
කිසිවෙක් කාමරයේ නැතිවිට පංකාව නිවා තබන්න. (මේකනම් රැකියා ස්ථානවලදි හොඳින් සිහිපත් කළ යුතු දෙයක්.)
රෙදි සෝදන යන්ත්‍ර භාවිතය:
අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයේ යන්ත්‍රයක් මිළට ගන්න. පුද්ගලයින් 4-6ක් සහිත පවුලකට කි.ග්රෑ. 5ක ධාරිතාවයක් සෑහේ.
අනවශ්‍ය ලෙස වැඩි වාර ගණනක් භාවිතා කිරීමෙන් වැළකිය යුතු සේම, අතිශයින් අඩු හෝ වැඩි බරක් රෙදි යන්ත්‍රයට පැටවීමෙනුත් වළකින්න. කාර්යක්ෂමතාවය අඩු වීම නිසා විදුලි පරිභෝජනය වැඩි වේ.
වියළීමේ යන්ත්‍රය භාවිතය සීමා කර, හැකි සෑමවිටම හිරු එළියෙන් වියළා ගන්න.
හැකිනම්, ඉදිරිපසින් රෙදි ඇතුළු කරන යන්ත්‍රයක් මිළට ගන්න. ඒවා වඩා කාර්යක්ෂමය.
වායු සමීකරණ යන්ත්‍ර:
හැකි සැමවිටම මේ වෙනුවට විදුලි පංකා භාවිතා කරන්න.
දොර ජනෙල් තුළින් වාතය පිට නොවන සේ හොඳින් වසා තබන්න.
කාමරය තුළට කෙළින්ම හිරු රැස් වැටේනම්, තිර රෙදි දැමීමෙන් හෝ තුරුලතා වැවීමෙන් එය මග හරවන්න.
උෂ්ණත්ව පාලකය අංශක 26ට පිහිටවන්න. අංශක එකක අඩු වීමක් සඳහා වියදම 40%කින් වැඩි වේ. (සෙල්ලම් නෙවෙයි. මං ගණන් හදල බැලුවෙ, අපේ සමහර අය කරනවා වගේ අංශක 16-17ට අඩු කළහම වියදම කොහොමද කියලා. තව මේ නිතරම ඇරෙන දොරවල් සහිත අංශවල.)
රූපවාහිනී යන්ත්‍ර:
නරඹා අවසන, දුරස්ථ පාලකයෙන් පමණක් නොව, ස්විචයෙන්ම නිවා දමන්න. දුරස්ථ පාලකයෙන් පමණක් නිවූවිට ස්ටෑන්ඩ් බයි තත්වයේ ඇති නිසා, වර්ණ රූපවාහිනියක් සඳහා වොට් 18-25 අතර විදුලිය වැය වීමක් සිදු වේ.
රූපවාහිනිය නරඹනවිට, නිවසේ අනෙක් ස්ථානවල විදුලි පහන් නිවා දමන්න.
මේ පත්‍රිකාව දැකලා ටික දවසක් වුණත්, ආයෙම මතක් වුණේ, කාබන් විමෝචනය හා ගෝලීය උෂ්ණත්වය ගැන මය්යා පළ කළ ලිපිය දැකලා.
http://maiyyagelokaya.blogspot.com/2013_10_01_archive.html
http://maiyyagelokaya.blogspot.com/2013/03/blog-post.htmlනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com39tag:blogger.com,1999:blog-3270037286621401654.post-29339619912909466292013-06-29T14:09:00.000+05:302013-06-30T13:24:19.677+05:30වර්ගය: අත් හළමාස දෙකක්වත් නැති දරුවෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කරලා. ඇඳ ළඟ තියෙන රෝග නිශ්චයපත්, ඇඳ ඉහපත්, සායන පොත් වගේ සාමාන්‍ය දේවල් අතරෙ නුහුරු ලිපිගොනුවක්. ඒ, දරුවා ඉන්න ළමා නිවාසයෙ ලිපිගොනුව. දරුවගෙ නම, උපන්දිනය, මවගෙ නම වගෙ විස්තරවලට පසුව, අමුතු සඳහනක්.
වර්ගය : අත් හළ
"බල්ලෙක්, බළලෙක් වගේ අත් ඇරලා දාලා" කියල කතාවට කියන්නෙ, බල්ලන්, බළලුන් අතහැර දැමීම, මේ රටේ බොහොම සරල ක්‍රියාවලියක් හින්දා වෙන්නට ඕන. ගෙවල් අතහැර යන, රට අත හැර යන බොහොම දෙනා, තමන්ගෙ සුරතල් සතුනුත් එහෙමම අත හැර දාලා යනවා. ගෙදර ඉන්න සතාට පැටවුන් ලැබුණහම, යන්තම් ඇස් ඇරිය ගමන්, කොහෙට හරි ගිහින් අත හැර දානවා.
ඉතින් ඒ වගේ ළමයිනුත්.
අවුරුදු ගානකට ඉස්සර, අපි ඉගෙන ගන්න කාලෙදි, මේ වගේ ළමා නිවාසයක දරුවෙක් රෝහලේ අතරමං වෙලා හිටියා. අවුරුදු 4-5ක පමණ වයසෙ හිටිය ඒ දරුවා, යම් උත්පත්ති රෝගයක් හින්දා රෝහලට ඇතුළත් කර තිබුණෙ. සුවය ලැබූ පසු, ළමා නිවාසයෙන් ආපහු ගෙන යාමට අකමැති වුණු බව තමයි කට්ටිය කිව්වෙ. ගෙන යාමට අකමැති වෙන්නේ මොකද?
රෝහල් කොරිඩෝර දිගේ දුව පැන ඇවිදින මේ දරුවව, රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙ පිරිමින් අවුස්සනවා. එතකොට දරුවා, අමු තිත්ත කුණුහරපයෙන් බැන වදිනවා. දරුවාගේ පියාගෙ, නැත්නම් සීයාගෙ වයසෙ විතර ඉන්නා අර පිරිමින් මහ හඬින් හිනා වෙනවා. කාන්තාවක් එහෙම අහළ පහළින් යනවනම්, මේ ඇවිස්සිලි වැඩි වෙනවා.
සමහරවිට රෝහලට ඇතුළත් වනවිට ඒ දරුවටත් "වර්ගය : අත් හළ" යනුවෙන් සඳහන් ලිපිගොනුවක් තිබෙන්නට ඇති. ඊට පසුව, ඒ ලිපි ගොනුවෙනුත් දරුවව අත් හැරෙන්නට ඇති.
ඉස්කෝලෙ යන කාලෙදි, දෙමවුපියො, ගුරුවරුන්, මුරණ්ඩු ළමයින්ව සහ කම්මැළි ළමයින්ව "හදන්නට" මහන්සි වෙනවා. බැනලා, දඬුවම් කරලා, දෙමවුපියන්ව පාසලට ගෙන්නලා, ආදරයෙන් කියලා...
සමහර ළමයින්ව හදන්නට බැහැ. ඔවුන්ට තියෙන ගැටළුවලට විසඳුම්, දෙමවුපියන්ට හෝ ගුරුවරුන්ට පහසුවෙන් පෙනෙන මායිමේ නැහැ.
ඉතින් එහෙම ළමයින්ව, ඉස්කෝලෙ යන කාලයෙදිම අතහැර දානවා.
නොයෙකුත් වර්ධන දුර්වලතාවලින් පෙළෙන ළමයින්ටත්, හුඟක් විට එහෙමයි. ඔවුන්ව උස්සගෙන පාසලට ගෙනියලා, ඔවුන්ට නොතේරෙන පාඩම් අහගෙන ඉන්නට සලස්වලා, 'සාමාන්‍ය'යයි සම්මත ළමයින්ගෙ අඩම්තේට්ටම්, උසුළු විසුළුවලට ලක් වීමට සලසනවට වඩා, ගෙදර තබා ගැනීම පහසුයි.
තවත් සමහර ළමයින් ඉගෙනීමෙ වැඩවලට බොහොම දක්ෂයි. නමුත් නොයෙකුත් මානසික සංකූලතාවලින් පෙළෙන අය. එහෙම ළමයින්ගෙන් ඇතැමෙක් සරසවියෙදි, අනෙක් ළමයින්වත් පෙළමින්, සරසවියටම අනන්‍ය "සාමාන්‍ය" තත්වයක් නිර්මාණය කරනවා.
තවත් පිරිසක්, එක්කො පළවෙනි වසරෙදි, නැත්නම් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි හෝ පස්වෙනි වසරවලදි අත හැරෙනවා. මුලදි, මේ අයව ඇදගෙන යාමට ඔවුන්ගෙ මිතුරුමිතුරියන් උත්සාහ කළත්, එක් තැනකදි, ඔවුන් පරාජය වෙනවා.
එහෙම ළමයින් කොතරම් ඉන්නවද?
සනත්.
"අඳුනගන්න, මේ සනත්."
"සනත්? ඔයත් සනත්නෙ?"
සනත්ලා හිනා වුණා. "ඔව්, අපි දෙන්නම සනත්!"
සනත්ලා දෙන්නම අහිංසක පාටයි. ආගමදහමට ලැදියි. දෙන්නම භාවනාව පුහුණු වුණා. දෙන්නම මූලික උපාධිය අවසන් කර, පශ්චාත් උපාධියට සූදානම් වුණා.
අලුත් සනත් ටිකක් කුලෑටියි. නමුත් බොහොම ඉක්මණින් මගෙත් එක්ක සුහද වුණා.
පරණ සනත් පසුව මට හෙමින් කිව්වා, "මෙයා තමයි, අර මං කිව්ව යාළුවා."
අලුත් සනත්, බරපතල මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්. ගෙදර අයටත් ඒ හැටි වගකීමක් නැහැ. බෙහෙත් ටික වෙලාවට දෙන්නටවත්, ඔවුන් උනන්දු නැහැ. සමහරවිට, බෙහෙත් ගත යුතු මානසික රෝගියෙක් ගෙදර සිටීම, තමන්ට අවමානයක් කියලා හිතනවද දන්නෙ නැහැ. කලණ මිතුරෙක් වූ පරණ සනත්, "විටමින් වර්ගයක්" කියලා රවටලා තමයි, හැමදාම බෙහෙත් පොවන්නෙ. ටිකක් සනීපෙන් ඉන්න කාලවලට, අලුත් සනත් පන්සලට සමීප වෙනවා; ඉගෙනගන්නවා. ඒත් පරණ සනත්ට තමන්ගෙ වෙනත් කටයුතු අතරෙ, අලුත් සනත්ව බලා ගැනීම අපහසුයි. එහෙම කාලවලට ඔහු නැවතත් අසනීප වෙනවා; කාවවත් විශ්වාස නැතුව යනවා; නපුරු වෙනවා. එතකොට ගෙදර උදවිය, පොලිසියට කියලා, අලුත් සනත්ව රෝහලට ගෙනියනවා.
මා දැන සිටි කාලයෙදි, කීපවරක්ම ඔය වටය කැරකුණා.
දවසක් පරණ සනත් මට කතා කළා.
"වැඩක් නැහැ.
සනත්ට හොඳට සනීප වෙලා හිටියෙ. එයාගෙ බාප්පා කෙනෙක් මහණ වෙලා ඉන්නවනෙ, වනගත ආරණ්‍යයක. සනත් එයා ළඟ හිටියෙ. භාවනා කටයුතු කරගෙන.
ගෙදර මිනිස්සු හිතුවෙ, සනීපෙන් ඉන්න එකේ, එහෙම පන්සලකට ගිහින් ඉන්න එක අපරාධයක් කියලා. ඒ මිනිස්සු ගිහින්, මෙයාගෙ කාමයන් ඇවිස්සුවා; ව්‍යාපාරයක් කරගෙන, සල්ලි හම්බ කරගෙන, කසාදයක් බැඳගෙන ඉන්න පුළුවන්නෙ කියලා හැගිස්සුවා.
මම ගිහින් ගෙදර අයට කතා කළා. සරලව, වගකීම් අඩුවෙන් ඉන්නකොට, සනත් හොඳින් ඉන්න බව පැහැදිලි කළා. ඒ මිනිස්සු මං කියන එක පිළිගත්තෙ නෑ විතරක් නෙවෙයි, මට විරුද්ධව සනත්ට ගතු කිව්වා.
සනත් ගෙදර ඇවිත් ව්‍යාපාරයක් පටන් ගත්තත්, ඉක්මණින්ම බංකොලොත් වෙලා. අසනීපෙත් ආයෙ මතු වෙලා. දැන් මාස ගානක් ඉස්පිරිතාලෙ. මේ පාරනම් සනීප වෙන පාටක් නැහැ. ගෙදරිනුත් දැන් යන්නෙ නැහැ. මටත් මීට වඩා දෙයක් කරන්න බැහැ."
සනත්, සනත්ව අතෑරලා.
සනත්, සමහරවිට, මුළු ජීවිත කාලයම රෝහලේ ඉඳියි. තවත් සමහර අයට එහෙමවත් නැහැ. ප්‍රකාශ්ට වගේ.
තරුණ වයසෙදිම මතට ඇබ්බැහි වුණු ප්‍රකාශ්ව, ආයෙත් හරි පාරට ගන්නට දෙමව්පියනුත්, සහෝදරයිනුත් බොහොම මහන්සි වුණා. ඒත් ඉර දිහාවට සූරියකාන්ත මල හැරෙනවා වගේ, ප්‍රකාශ් හැරෙන්නෙම මතට.
සහෝදරයා නේද කියලා මව්පියන්ගෙ ඇවෑමෙනුත් ඔහුව බලා කියා ගත්තා ගිය අවුරුද්ද වෙනතුරුත්. ඒත්, ප්‍රකාශ් දිගින් දිගටම තමන්ගෙ සහෝදරයින්ගෙනුත් හොරකම් කරමින්, මත් කුඩු සඳහා වියදම් කරන්නට වුණු නිසා, දැන් ඔහුව ගෙදරට භාර ගන්නෙ නැහැ.
ගෙදර මිනිස්සුන්ට එයින් පහසුවක් ඇතැයි මම හිතන්නෙ නැහැ. හොරකම් නැවතෙන්නට ඇති. නමුත් දවස් කීපයක්වත්, ප්‍රකාශ් ගේ දොරකඩට ඇවිත් කතා කරන්නට ඇති. පවුලෙ අයට, තමන්ගෙ සහෝදරයා කතා කරන හඬ අසමින්, ගෙතුළට වෙලා නිශ්ශබ්දව හිඳින්නට සිදු වෙන්නට ඇති.
දැන් මැදි වයස ඉක්මවූ ප්‍රකාශ්, ගෙයක් දොරක් නැති, පවුලක් නැති, රැකියාවක් නැති, ඒ දේවල් කවදා හෝ ලැබේයයි විශ්වාසයක්වත් නැති අනාථයෙක්.
අත් හළ කෙනෙක්.
මහමග එවැනි අය අපි නිතර දකිනවා. සිහි විකල් වුණු අය, අඩුම ගානෙ සිඟමන් යැදීමටවත් මහන්සි නොවී, කිලිටි රෙදි වැරහැලි හැඳගෙන, ඔහේ පාර අයිනෙ ලැග සිටින්නන්; හිස හැරුණු අතේ අයාලේ යන්නන්.
තිදරු මවක් වන මගේ හොඳම යෙහෙළිය, මෙහෙම මනුස්සයෙක් දැකලා, දවසක් කිව්වා...
"එහෙම අය දකිනකොට, මට හැම වෙලේම කල්පනා වෙනවා...
ඒ අයටත් අම්මා කෙනෙක් ඉන්න ඇති. අම්මා ඒ අයව වඩාගෙන, තුරුල් කරගෙන ඉන්න ඇති. ඉඹින්න ඇති. උපන්දිනයක් දවසට මතක් කරලා, මොනවා හරි විශේෂයක් කරන්න ඇති.
මේ අයට ඒ දේවල් මතක් වෙන්නෙ නැද්ද?
මතක් වෙනවා ඇති."
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com31tag:blogger.com,1999:blog-3270037286621401654.post-54392224331503486732013-06-21T23:39:00.000+05:302013-06-22T00:14:59.559+05:30රක්ෂණේරංගියි සුරංගයි සේවය කරන්නෙ එකම තැන. සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක් වගේ ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගෙන, ගෙයක් දොරක්, ඉඩමක් කඩමක්, වාහනයක් කරත්තයක්... ඔය ආදී වශයෙන්. ගත්තු ණය ගෙවන්ඩත් එපෑ. ඒ හින්දා දිවා රාත්‍රී සේවය. ආණ්ඩුවෙ රාජකාරියෙන් පස්සෙ පෞද්ගලිකව.
අනාගතය ගැන හිතන රංගි, සුරංගගෙ නමට රක්ෂණයක් අරගෙන, තමන්ම ඒකෙ වාරික ගෙවනවා. නැතුව, සුරංග ඒක කරනකං බලං හිටියොත් දවසක අනාථ වෙන්නෙ තමන් නිසා. රක්ෂණ නියෝජිතයා තමන්ව රැවටීමකට ලක් කරලද කියලා රංගිට සාධාරන සැකයක් ඇති වෙන්නෙ ඔය අතරෙ. ඉතින් සේවා ස්ථානයෙ විවේක වෙලාවෙ, රක්ෂණ නියෝජිතයව ගෙන්නලා, රංගි ප්‍රශ්න කරනවා. කලින් දවසෙ අමතර රාත්‍රී මුරයක් කළ සුරංග, ලැබුණු විවේකයෙදි, මේසෙ උඩ ඔළුව ගහගෙන නිදි.
"මොකද්ද අනේ ඕගොල්ලො රක්ෂණේ ඇඟේ ගහනකං කියන විදිහ නෙවෙයිනෙ ආපහු ගන්න ගිහාම." රංගි, රක්ෂණ නියෝජිත ලාල්ට කෙළින්ම අභියෝග කරනවා.
"ඇයි දැං මොකක්ද ප්‍රශ්නෙ? ඔයා තවම වන්දි ගන්න ගියෙ නෑනෙ?"
"වන්දි ගැනිල්ල තමයි ප්‍රශ්නෙ. දැන් මම දැම්ම එක මොකක්ද, ජීවිත රක්ෂණයක් නේද?"
"ඔව්. ඔයා දැම්ම එක කියන්නෙ, සුරංගගෙ නමට තියන එක." ලාල් පැහැදිලිව වචනයෙන් වචනය ප්‍රකාශ කරන්නෙ, ආයෙ පස්සෙ වැරද්දක් නොකියන්නට වගේ.
"ඉතින් එතකොට, මෙයා," රංගි, නිදාගෙන ඉන්න සුරංගව පෙන්නනවා. "මෙයා මැරුණහම, මට වන්දිය කීයක් හම්බෙනවද?"
"ඒක තීරණය වෙන්නෙ මොකක් හින්දද මැරෙන්නෙ කියන එක මත." ලාල් කියනවා.
"අන්න ඒක තමා ප්‍රශ්නෙ!" මාතෘකාව රංගිට ඕන ඉසව්වට ඇවිත්. "මට මුළින් රක්ෂණ ඔප්පුව ගන්නකොට කිව්ව වන්දිය හම්බෙන්නෙ, මොකක් හින්දා මැරුණහමද?"
"අසාමාන්‍ය මරණයක්නම්."
"ඔන්න ඔතන තමා ප්‍රශ්නෙ. මොනවද ඔයගොල්ලො කියන ඔය අසාමාන්‍ය මරණ?"
"ඒ කියන්නෙ හදිසි අනතුරක් එහෙම වෙලා..."
"එතකොට ලෙඩ වෙලා මැරුණොත්?"
"ඒක සාමාන්‍ය මරණයක්!"
"ඒක කොහොමද සාමාන්‍ය මරණයක් වෙන්නෙ?"
"ඒක ඉතින් එහෙම තමා!" ලාලුත් අරින්නෙ නැහැ.
"දැන් එතකොට මට කියන්නකො." රංගි හරියටම පැහැදිලි කර ගන්නවා, "මෙයා," (සුරංගව පෙන්වමින්), "මෙයා වාහනේ හැප්පිලා මැරෙනවා. එතකොට මට කීයක් හම්බෙනවද?"
"මෙච්චරයි." ලාල් ලොකු ගානක් කියනවා.
"මෙයා, " (නැවතත් සුරංගව පෙන්වමින්), "හෘදයාබාධයක් හැදිලා මැරෙනවා. එතකොට මට කීයක් හම්බෙනවද?"
"අච්චරයි. ඒක සාමාන්‍ය මරණයක්නෙ." ලාල් සැහැල්ලුවෙන් අඩු ගානක් කියනවා.
"ඒක කොහොමද සාමාන්‍ය මරණයක් වෙන්නෙ? ඇයි අනේ, වාහනේනං පරිස්සමට ගිහෑකි. ලෙඩවලින්නෙ බේරෙන්න අමාරු. දැන් තරුණ වයසෙ අයට කොච්චර පිළිකා හැදෙනවද? හෘදයාබාධ හැදෙනවද? ඉතින් ඒවා කොහොමද සාමාන්‍ය මරණ වෙන්නෙ?"
"ඒ ඉතින් ඕගොල්ලොන්ගෙ අර්ථ දැක්වීම. මේ අපේ අර්ථ දැක්වීම." ලාල්ට ගානක්වත් නෑ.
"එහෙනං ඉතින් වෙන කරන්න දෙයක් නෑ." රංගි තනියම කල්පනා කර කර කියවනවා. "මෙයාට හෘදයාබාධයක් එහෙම හැදුණොත්, පඩිපෙළක් ළඟට ගෙනිහින් පහළට තල්ලු කරන්න තමා තියෙන්නෙ!"
"අන්න එහෙම කරානං හරි." ලාලුත් සම්පූර්ණ සහයෝගය දෙනවා අදහසට. "එතකොට අර අසාමාන්‍ය මරණ ගොඩට අහු වෙන්නෙ.."
මේසෙට ඔලුව ගහගෙන හිටියට, සුරංග නිදිම නැහැ. ටිකක් ඔලුව උස්සලා, හිනා වෙනවා. ලාල් ඒ හිනාවට බය වෙලා පාදයක් පසුපසට ගෙන ප්‍රවේශමෙන් මුහුණ දුන්නට, රංගිටනම් ගානක් නැහැ.
"කොහොමත් එහෙම කළහම මට දෙපැත්තකින් වාසියි." රංගි හිනා වෙවී කියනවා. "රක්ෂණ වන්දියත් හම්බෙනවා; දැන් වාරික ගෙවන්නෙත් මමමනෙ, මෙයාගෙ නමට රක්ෂණේ තිබුණට; ඒකත් ඉතුරුයි!"
"අපි තව රක්ෂණයක් දාමු." ලාල් යාප්පුවෙන් රංගිට කියනවා. "ඔයාගෙ නමට."
"නෑ, නෑ, ඕන නෑ." රංගි විරුද්ධයි.
"නෑ දැන් ඔය දාලා තියන එක බොහොම ප්‍රාථමික රක්ෂණයක්නෙ. වෙන වර්ග තියනවා, හදිසියෙ මැරුණොත් එහෙම, එයා අරන් තියන ණය, රක්ෂණ සමාගමෙන් ගෙවනවා..."
ඉතින් රංගි ආයෙම රක්ෂණ නියෝජිතයට අහු වෙනවා. සුරංග ඔලුව ගහගෙන නිදියනවා.
හවස් වෙලා. ආයෙම පොඩි විවේකයක්.
සුරංග ඔලුව මේසෙ ගහගෙන නිදි. රංගි අත ඔලුවෙ ගහගෙන බර කල්පනාවක.
"මොකද රංගි?" සෞම්‍යා අහනවා.
"නෑ අනේ, මං මේ කල්පනා කරන්නෙ, මගෙ මල් පැල වලට මුකුන්ද කෘමි සත්තු වගයක් බෝ වෙලා. කොළ සේරම කනවා. දුකේ බෑ..."
"අපෝ, ඕකද? මං හිතුවෙ වැඩකාර නෝනා ගෙදර ගිහින් වගෙ බරපතල ප්‍රශ්නයක් කියලා."
"වැඩකාර නෝනනං එහෙම ලේසියෙන් යන්නෙ නෑ අනේ, මං එයාලට වඳින ගාතාව දන්නවනෙ. මට මේ මල් පැල ටික බේරගන්න විදිහක් නැතුව."
"ඕවට ගහන්න බෙහෙත් තියනවා නේද? අර ජයසුන්දර දන්නවා."
"ඒක තමා ප්‍රශ්නෙ. මම බෙහෙත් වගයක් අරගෙනත් ගියා. අපි දෙන්නා ගෙදර ඉන්නෙ ඉරිදට විතරයිනෙ අනේ. එදාට තමා බෙහෙත් ගහන්න හිටියෙ."
"ඇයි, දැන් එදාට වෙන වැඩක් වැටිලද?"
"නෑ අප්පා, මේ පෝය වැටිලනෙ ගානට ඉරිදටම. ඉතින් මේ බෙහෙත් ගහන්න විදිහක් නැතුව ඉන්නෙ. ඊලඟ ඉරිදා වෙනකං පැළ ටික තියෙන එකක් නෑ."
"අය්යො, ඕකත් මහ දෙයක්ද? ඔයා ඔන්නොහෙ පෝය වෙන දවසකට ගන්න. ඉරිදට පැළවලට බෙහෙත් ගහල දාන්න." සෞම්‍යා විශේෂඥ උපදෙස් දෙනවා.
"එහෙම පුළුවන්ද?"
"මොකද බැරුව? සිල් ටික ගන්නව සෙනසුරාදට. බෙහෙත් ටික ගහනව ඉරිදට. කොහොමත් වැඩ හින්දා ඔලුව උස්සන්ඩ බැරුව ඉද්දි සිල් රකින්ඩත් ලේසිනෙ."
මෙච්චර වෙලා ඔලුව ගහගෙන හිටිය සුරංග ඔන්න අවදි වෙලා.
"ඒක ලේසි වෙන්නෙ නෑ. මෙයාලගෙ අම්මා කීයටවත් පෝය කල් දාන්න දෙන්නෙ නෑ. ඔයා කියන්නෙ, හැමදාම භාවනා කරනවා!"
"අනේ යන්න අනේ." රංගිට හිත අමාරු වෙලා. "ඔය කිව්වට බෑනත් අපෙ අම්මටමයි හරි යන්නෙ. අර ගිය සතියෙ කරගෙන ආව වැඩේ මතකනෙ?"
"මොකක්ද අනේ?" සෞම්‍යා අහනවා.
"සුරංග ඉතින් ඕන කෙනෙක් කියන දේකට ඔලුව වනන හින්දා, මම වැඩිය මෙයාව පාරට යවන්නෙ නෑ. ගිය සතියෙ දවසක මෙයාව යවන්න වුණා හන්දියෙ කඩේට. හන්දිය කිව්වට මහ දුරකුත් නෙවෙයි.."
"මහ දුරක් නොවෙන්නෙ මොකද? කිලෝ මීටර් බාගයක් විතර යන්න ඕන, වංගු වංගු පාරක, පාළු ඉඩමක් එහෙමත් පහු කරගෙන. මෙයා ඔය කෑ ගැහුවට, ඔය පාළු ඉඩම ළඟින් යන්න බයයි." සුරංග විත්තිකරු විදිහට සාක්කි දෙනවා.
"හරි ඉතින් ඉන්නකො කියන්න." රංගි නැවතත් පැමිණිල්ල ඉදිරිපත් කරනවා. "ඔය පාළු ඉඩම ළඟින් යන්න, ඕන කෙනෙක් බයයි. මං විතරක් නෙවෙයි. ගෙවල් ළඟ සමිතියෙන්, ඔය ඉඩමෙ මුල්ලෙ බුදු පිළිමයක් හදන්න ලෑස්ති කරලා."
"පාළු කපන්නද?"
"පාළු කපන්න හරි, බය නැති කරන්න හරි..." රංගි කතාව කියාගෙන යන්න හදන්නෙ. ඒත් සුරංග මැදින් පනිනවා.
"ආය අමුතුවෙන් බුදු පිළිමයක් නොතිබ්බට, ඒ පැත්තෙ ගෑණු ඔතනින් යන්නෙ ඉතිපිසෝ කිය කිය තමයි."
"ඉතිපිසෝ කිය කිය තමා මම හිටියෙ, මෙයා ගියාට පස්සෙ." රංගි නැවතත් කතාව හරි පාරට ගේනවා. "මොකද, ඔය බුදු පිළිම තිවිල්ලට ආධාර එකතු කර කර සමිතියෙ කට්ටිය කැරකෙනවා. මෙයා ඉතින් මෝරා කරගන්න ලේසිනෙ."
"ආ, මෙයා ඒකට ලොකු ආධාරයක් කරයි කියලද පරිස්සම් කරේ?" සෞම්යත් පොහොර දාලා කතාව අහ ගන්නයි වෑයම.
"ආධාරයක් කියන්නෙ, මෙයාගෙ හැටි දන්න හින්දා, මං බයේ හිටියෙ බුදු පිළිමෙම දෙන්න පොරොන්දු වෙලා එයි කියලා. තනියම පාරට අරින්නෙ නැතුව හිටියෙ සුමානයක් දෙකක්.."
සුරංගට හොර හිනාවක් යයි.
"හිනාවෙ හැටියට," සෞම්‍යා අනුමාන කරයි." අහන්න දෙයක් නෑ, එළියට දැම්ම දවසෙ බුදු පිළිමෙ පොරොන්දු වෙලා එන්න ඇත්තෙ."
"බුදු පිළිමෙ විතරක්නම් මදෑ අනේ, සැරියුත් මුගලනුත් දෙන්න පොරොන්දු වෙලා ඇවිත්!"
"එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ, රංගි." සෞම්‍යා සියලු කරුණු සළකා බලා, ජූරියේ තීරණය දෙනවා. "ඔයා ඔය මල් පැල අනිත්‍යයි කියල හිතාගෙන, අර ගෙනාව මැහි තෙල් ටික බීලා දාන්න."
"මේ, මේ, මේ." මෙච්චර වෙලා සන්සුන්ව හිටපු සුරංග හිටි ගමන් කලබල වෙලා. "ඕන මැහි තෙලක් බොන්න, ඔයාගෙ අද පුරවපු රක්ෂණේ ඔප්පුව එනකං ඉඳල!"
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com49tag:blogger.com,1999:blog-3270037286621401654.post-89006434737065773432013-06-16T00:02:00.002+05:302016-04-21T14:57:19.396+05:30ඩෙංගුඉස්සර අපි සීමාවාසික පුහුණුව ලබන කාලෙ තමා මම ඉස්සෙල්ලම ඩෙංගු ලෙඩෙක් දැක්කෙ. ඒ කාලෙ ලෙඩේ ගැන හරිහැටි වැටහීමක් තිබුණෙ නැහැ. අපි ඉගෙනගත්තු බටහිර පොත්වල ඒ ලෙඩේ ගැන තිබුණෙ අඟලක විතරක තීරුවක පොඩි සටහනක් විතරයි. ඩෙංගු කියලා සැක කරන කෙනෙක් ආවනම්, සේලයින් බෝතල් තුනක් දවසට ලියලා, පට්ටිකා සංඛ්‍යාව දවස්පතා හෝ දවසකට දෙවරක් බලලා, අඩු වෙනවනම් පට්ටිකා දීලා, ඒවා වැඩි වෙනකොට/ උණබහිනකොට ටිකට් කපලා ගෙදර යවන තත්වයක් තමයි තිබුණෙ.
පස්සෙ කාලෙක ඩෙංගු ගැන ආසියාතික රටවලින්ම අධ්‍යයනය කරලා, රෝගය ගැන සෑහෙන පැහැදිලි අදහසක් ඇති කරගත්තා. මේ සඳහා මුල් වුණේ තායිලන්තය. ඒ වෙනකොට අතුරු ආබාධ වැඩි බව සළකලා, පාවිච්චියෙන් අයින්ම කරලා තිබුණු ඩෙක්ස්ට්‍රෑන් ආයෙත් කරළියට ආවෙ මේ අධ්‍යයනයන් නිසා. අමාත්‍යාංශය මුල් වෙලා ප්‍රතිකාර කළ යුතු ආකාරය පැහැදිලි කරන පොත් පිංචකුත් නිකුත් කළ හින්දා, හුඟක්ම පිළිවෙලකට ඒ ප්‍රතිකාර දැන් කෙරෙනවා.
කියන විදිහට, ඩෙංගු විෂබීජය ශරීර ගත වුණු රෝගීන් 10000ක් ගත්තොත්, රෝග ලක්ෂණ පෙන්නන්නෙ 1000ක් විතර. එයිනුත් 900ක් විතර ඩෙංගු උණ. 100ක් විතර ඩෙංගු රක්තපාත උණ. ඒ සීයෙනුත් එක්කෙනෙක් විතර තමා රුධිර සංසරණය හරිහැටි පවත්වා ගත නොහැකි මට්ටමට ගිහින් අසාධ්‍ය වෙන්නෙ.
ඉතින් අර කවුද අවුරුද්දක් තිස්සෙ ඩෙංගු ලෙඩ්ඩු 100ක් සනීප කරාය කිව්වහම, ඒක එච්චර සම්පූර්ණ ප්‍රකාශයක් නෙවෙයි.
රක්තපාත කියන වචනෙ ඇහුණ ගමන් හිතෙන්නෙ, ලේ ගැල්ම ඇති වෙන්නෙ ඒ උණටය කියලා. එහෙම නෙවෙයි. නිකං ඩෙංගු උණටත් එහෙම වුණහැකි. ඩෙංගු රක්තපාත උණේ වෙනස, රුධිර නාලවල ගම්‍යතාවය වැඩි වෙලා, තරලය පිටතට යාම. එහෙම ගිහින්, එක්කො පෙණහළු වටේ, නැත්නම් බඩ ඇතුළෙ එකතු වෙනවා. ඒක තමා උණ වර්ග දෙකේ වෙනස.
ඩෙංගු රක්තපාත උණ හැදුණහම, හුඟක් වෙලාවට දවස් හතරක් පහක් උණ තියෙනවා. ඒ අතරෙ ටිකෙන් ටික සුදු රුධිරාණු සංඛ්‍යාවත් රුධිර පට්ටිකා සංඛ්‍යාවත් අඩු වෙන්න පටන් ගන්නවා. උණ වැළඳිලා පැය 48කින් පූර්ණ රුධිරාණු සංඛ්‍යා පරීක්ෂණයක් කරගන්න කියලයි කියන්නෙ.
දැන් ඩෙංගුවල විෂබීජයෙම කොටස් අනුසාරයෙන් ආසාදනය මුළින් හොයන්න පුළුවන් පරීක්ෂණයකුත් තියෙනවා. ඒකත් ඔය මුල් දවස් දෙකතුනේ කළ හැකි නමුත් ඒක හොඳින්ම වැඩ කරන්නෙ, මුල් වරට ඩෙංගු හැදුණු කෙනෙකුට. අනික් අතින්, ගොඩක් අමාරු වෙන්නෙ දෙවන වරට ඩෙංගු හැදෙන කෙනෙකුට. ඒ අයගෙ ඉහත පරීක්ෂණය වැරදි බව පෙන්නන්න පුළුවන් 50%කගෙ විතර. ඒ හින්දා ඒ තරම් ප්‍රයෝජනවත් පරීක්ෂණයක් නෙවෙයි. වඩා ප්‍රයෝජනවත් රුධිර සෛල සංඛ්‍යා පරීක්ෂණය සහ ඒ එක්ක කෙරෙන රුධිර ඝනත්ව පරීක්ෂණය. උණෙන් දවස් හයහතකට පස්සෙ කෙරෙන ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂණයෙන් හැදුණෙ ඩෙංගුමද, කලිනුත් හැදිලා තියෙනවද කියලා බලාගත්තැහැකි.
ඉතින් උණ.
උණ බැස්සට පස්සෙ ලෙඩේ ඉවර වෙන්නෙ නෑ. නිකං ඩෙංගු උණනම් ඔන්න එයින් පස්සෙ හොඳ වෙන්න ගන්නවා. ඩෙංගු රක්තපාත උණ එහෙම නෙවෙයි. සුදු රුධිරාණු සංඛ්‍යාව ආයෙත් වැඩි වෙන්නට පටන් ගන්න අතර පට්ටිකා සංඛ්‍යාව දිගටම අඩු වෙනවා. රුධිර පට්ටිකා සංඛ්‍යාව ලක්ෂයකටත් වඩා අඩු වෙනකොට, ඔන්න අපි දන්නවා අර රුධිර වාහිනීවලින් පිටතට තරලය වැඩිපුර ගිහින්, එකතු වෙන කාලය එළඹිලා බව.
ඒ අනතුරු කාලය හුඟක්විට පැය හතළිස් අටක් පවතින්නෙ. නමුත් සමහර අයගෙ ඊට වඩා අඩු හෝ වැඩි වීමට පුළුවන්. රුධිර පරිමාව අඩු වෙන හින්දා, අවයවවලට හරිහැටි රුධිරය නොලැබීමෙන් හානි වෙන්නට පුළුවනි මේ කාලයෙ. ඒ නිසා පැයෙන් පැයට රෝගියාගෙ තත්වය පිරික්සමින්, පිටතට ගලන තරලයට සමාන්තරව සේලයින් ලබා දීම කෙරෙනවා. හුඟක්ම තරලය ඉවත් වෙලානම් සේලයින් විශාල ප්‍රමාණයක් එකවර දීමටත්, එහෙමත් හරි යන්නෙ නැත්නම් ඩෙක්ස්ට්‍රෑන් දීමටත් සිදු විය හැකියි. ඒ අතරෙ රුධිර වහනයක් ඇති බව හැඟුණොත්, එහෙම නැත්නම් හුඟක් දියර ලබා දීමට සිදු වෙනවානම්, රුධිරය දීමටත් සිදු වෙනවා.
පැය විසිහතරක් විතර යනකොට, මේ තරලය පිටතට ගලා යාම උපරිම වෙලා. එයින් පස්සෙ ටිකෙන් ටික යථා තත්වයට පත් වෙනවා. එතකොටත් ප්‍රශ්නයක්. පිටතට ගිය තරලය වෙනුවට දැන් සේලයින් දීලා තියන හින්දා, ආපහු ඒ තරලය රුධිර වාහිනීවලට එනවිට රුධිරවාහිනී තුළ පරිමාව වැඩි වෙන්නට පුළුවනි. එහෙම වුණොත් ඒ තරලය පෙණහළුවලට එහෙම එකතු වෙන්නට, හෘදය අඩපණ වීමට පුළුවනි.
ඕවට අමතරව ඩෙංගු විෂබීජය හෘදයට බලපාලා, හෘදය දුර්වල වීමටත් පුළුවනි.
ඉතින් රෝගියාගේ තත්වය නිතරම සොයා බැලීමත්, ගැලපෙන විදිහට දියර ලබා දීමත්, වැදගත්. රෝගියාගේ තත්වය සොයා බැලීම පිණිස, පැයකට පිටවන මුත්‍ර ප්‍රමාණය දැන ගැනීම හුඟක්ම වැදගත්. ඊට අමතරව උෂ්ණත්වය, රුධිර පීඩනය, ශ්වසන වේගය වගෙ තව දර්ශකත් භාවිතා වෙනවා.
ආපහු තරලය රුධිරවාහිනී තුළට ආවට පස්සෙ, සුව වීම පටන් ගැනෙනවා. නමුත් අර අමාරු කාලය තුළ අවයවවලට ලැබුණු රුධිර ප්‍රමාණය මදි වෙලා එහෙම තිබුණොත්, ඒ අවයව දුර්වල වෙන නිසා, තව තවත් අසාධ්‍ය තත්වයට පත් වෙන්නට පුළුවනි.
උණ හැදුණු ළමයෙක් පැය හයක් විතර මුත්‍ර කරලා නැත්නම්, සිහි කල්පනාව අඩුයි වගේනම්, අතපය සීතල වෙලානම්... බය වෙන්නට ඕන.
ළමයා මහතනම් තවත් බය වෙන්නට ඕන. එහෙම ළමයින්ට වැඩිපුර අමාරු වෙනවා වගේම සේලයින් දෙන්නට කටුවක් දාගන්න එහෙමත් අමාරුයි.
අවුරුද්දට වඩා අඩු ළමයි ගැන, බබාලා හම්බෙන්නට ඉන්න අය ගැන, වයසක, වෙනත් රෝගවලින් පෙළෙන අය ගැන එහෙම, වැඩිපුර බය වෙන්නට ඕන.
හුඟක් දෙනා හිතන්නෙ "අපිට එහෙම කරදරයක් වෙන්නෙ නෑ." කියලා. රෝහලකට එන්නට පමා වෙන්නෙ ඒ හින්දා.
එහෙම කරදර වෙන්නෙ මිනිස්සුන්ටම තමා. "අපිට" නොවෙන කරදරයක් නැහැ.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com44tag:blogger.com,1999:blog-3270037286621401654.post-61526791990650810962013-06-14T00:04:00.000+05:302013-06-27T20:36:42.861+05:30හිරු ලපහැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල වෙනවා; ගහකොළ කලබල වෙනවා. ඊට පසුව, දවස පුරා එකම ලතාවට ගමන් කරන්නට ඕන. දහවල් වෙනකොට පොළොව ගිනියම් වෙලා, රස්නෙ උහුලන්නට බැහැ. ඒත් වේගයෙන් යන්නට හැටියක් නැහැ; හැම කෙනෙක්ම වෙලාව ගණන් හදන්නෙ ඉර දිහා බලලා. හවසට ඉර බැහැලා ගියාට පසු හැම කෙනෙක්ම විවේක ගන්නවා. නමුත් ඉරට විවේකයක් නැහැ. ලෝකෙ අනික් පැත්තෙන් දුවලා ගිහින්, නැගෙනහිරට වෙලා රැකලා ඉන්නට ඕන, ආපහු උදා වෙන්නට වෙලාව එනතුරු.
ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ විතරක්ද? හරිම ඒකාකාරියි.
ඔන්න ඉරට කම්මැළි හිතුණා. ඉතින් ඉර තීරණය කළා නැගෙන්නෙ නැතුව ඉන්නට.
නැගෙනහිර හන්දියට කිට්ටුවෙන්ම, අන්ධකාර සාළුව පොරවාගෙන, ඉර හැංගුණා.
අලුයමින් අවදි වන කුරුල්ලො පුරුදු වෙලාවට කිචි බිචි ගාන්නට වුණා.
ගහකොළවල පිණි බින්දු මතුපිටට ආවා.
මිනිස්සුන්ට, අනික් සත්තුන්ට පුරුදු වෙලාවට ඇහැරුණා.
ඉර නැහැ.
කිචි බිචි ගෑව කුරුල්ලො කච බච ගාන්නට වුණා; කොචෑස් බචෑස් ගාන්නට වුණා.
පිණිබින්දු, ලොකු වතුර බින්දු වෙලා බිමට වැටුණා.
මිනිස්සු, සත්තු කලබල වෙලා කලුවරේම නැගිට්ටා.
ඉර නැහැ!
කලබල වුණු වෙලාවට හැසිරෙන හැටියෙන් එක එක්කෙනාගෙ ආකල්ප, පරණ අත්දැකීම්, පරිණතභාවය එහෙම බලා ගන්නට පුළුවනි.
සමහරු පරණ කතා කියන්නට පටන් ගත්තා: බොහෝම ඉස්සර කාලෙ, එක සැරයක් ඉර ඔහොම නොනැග තිබුණා නෙව! ඒ දවස්වල අපි තරුණයි...
තවත් සමහරු පහන් දල්වාගෙන, එහෙමත් නැත්නම් ඉව අල්ලාගෙන, පුරුදු වැඩ කටයුතු එහෙමම කරගෙන ගියා: ඉර නැගුණෙ නෑ කියලා, මේ වැඩ නවත්තලා බෑ නෙව.
තව තවත් සමහරු ඉහේ ඉඳන් පොරවාගෙන ගුලි වුණා: සීතලයි; අපිට බෑ; නැගිටලා මුකුත් කරන්නට විදිහක් නෑ; ඉරට හොඳනම්, අපිට මොකද?
තවත් සමහරු උද්ඝෝෂණය කළා: වහා ඉර උදා කරව්!
ඉර හැංගිලා බලාගෙන හිටියා.
ඔය අතරෙ ලෝකෙ අනික් පැත්තෙ වෙනමම ප්‍රශ්නයක්.
හඳත් තරුත් අහසින් බැහැලා ගිහින්, තමන්ගෙ පාඩුවෙ, පොළොව යටින් නැගෙනහිරට එනවා, රෑට උදා වෙන්නට තියෙන හින්දා.
ඉස්සරහින් ගිය තරු දැක්කා, නැගෙනහිර හන්දියෙ හැංගිලා ඉන්න තඩි, කළු රාස්සයා. දැකලා, බය වුණා. බය වෙලා, පස්සට පැන්නා.
ඊලඟට ආව තරුවලට ඉස්සරහට යන්නට හැටියක් නැහැ. ඉතින් ඔහොම ඔහොම, නැගෙනහිර හන්දියේ තරු පොදි ගැහෙන්නට වුණා. එතන ලොකු තදබදයක්. පිටිපස්සෙන් ඉන්න තරු ඉස්සි ඉස්සි, රාස්සයා බලා ගන්නට උත්සාහ කරනවා. ඉස්සරහින් ඉන්න තරු, තමන්ව තල්ලු වෙලා රාස්සයා ළඟට යැවෙයි කියලා පිටිපස්සට තෙරපෙනවා.
මේ හඳ විවේක ගන්න වෙලාව. හැමදාම යන පාර නිසා, ඇසුත් පියාගෙන ඔහේ පාවෙවී එමින් හිටිය හඳ එක පාරටම කටු ඇනිලා අවදි වුණා.
කටු, තරුවල වටේ තියෙන කටු.
"මොකද මේ? ඇයි නැවතිලා?" හඳ ඇහුවා.
"රාස්සයෙක්." තරු උත්තර දුන්නා.
හඳත් තරුවල කරට උඩින් ඉස්සිලා බැලුවා. ඇත්ත තමයි. තඩි කළු රාස්සයෙක්, ලෝකෙ දිහා හොරෙන් බලා ඉන්නවා.
"මොකද කරන්නෙ?" තරු හඳෙන් ඇහුවා. හඳ කල්පනා කළා.
"අපි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නෙ විසඳ ගනිමු." හඳ කිව්වා.
තරු වළල්ල මැද ඉඳන්, හඳ රාස්සයාට කතා කළා.
"මේ... ඔතන කවුද?"
ඔන්න, එතකොට තමයි ඉර ආපහු හැරිලා බැලුවෙ. එතකොට තමයි ඉර දැක්කෙ, තමන් මග අහුරාගෙන ඉන්න හින්දා, තරුත් හඳත් හිර වෙලා බව.
"මම, ඉර." කියලා උත්තර දෙන්නට ඉර හිතුවා විතරයි; ඉරට දඟකාර හිතක් පහළ වුණා.
"මම, රාස්සයෙක්!" ඉර අන්ධකාර සළුව අස්සෙ හැංගිලා උත්තර දුන්නා.
තරු බය වෙලා තව තවත් හඳට කිට්ටු වුණා. තෙරපෙන තරුවල කටු හැම පැත්තෙන්ම ඇනිලා, හඳට හුඟක් තුවාලයි.
බය වෙලා ඉන්න තරු දැක්කහම, ඔවුන්ව තවත් බය කරන්නට ඉරට ආස හිතුණා. ඒ හින්දා ඉර බොහොම භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"
තරු තව තවත් හඳට තුරුල් වුණා.
"අපි මොකද කරන්නෙ?" ඔවුන් ඇහුවා.
හඳ කල්පනා කළා. බොහොම කල්පනා කළා.
හඳත් බය වෙලා බව ඉරට තේරුණා. ඉරට තව තවත් දඟ කරන්නට හිතුණා. ඒ හින්දා ඉර ඔවුන් ඉස්සරහට පැනලා ආයෙමත් භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"
හඳත් බය වෙලා පස්සට පැන්නා. ඉස්සරහින්ම හිටිය තරුත් පස්සට පැන්නා. පිටිපසින් හිටිය තරුවල කටුත්, ඉස්සරහින් පැන්න තරුවල කටුත් ඇනිලා හඳට තවත් තුවාල වුණා. හඳේ වැදිලා, තරුවල කටු අග කැඩිලා තුවාල වුණා.
තුවාල වුණු හින්දා හඳටත් තරුවලටත් තරහ ආවා. තරහ ආව හින්දා බය අමතක වුණා.
"අපි රාස්සයව පන්නමු." පුංචි තරුවක් යෝජනා කළා.
"පන්නමු! පන්නමු!! පන්නමු!!!" හැම තරුවක්ම තරහෙන් කෑ ගහන්නට පටන් ගත්තා. හඳ පවා රවා බැලුවා.
ඉර, තමන්ගෙ දඟකාර සෙල්ලම නතර කළ යුතුව තිබුණා....
මං එහෙම කියන්නෙ, එයින් පස්සෙ සිදු වුණු දේ බොහොම භයානක හින්දයි.
බොහොම නිසංසල කෙනෙක් වෙන හඳට තරහ ආ විට, බොහොම දරුණුයි. කල්පනා කරන්නටවත් නොනැවතී, හඳ, තමන්ගෙ අතට අහු වෙන අහුවෙන දෙයින් ඉරට දමා ගහන්නට වුණා.
අතට අහු වෙන්නට හිටියෙ තරු.
ලෙහෙසියෙන්ම අතට අහු වෙන්නට හිටියෙ, පුංචි තරු.
විශාල ඉරෙහි වැදුණු තරු බොහොමයක් එතැනම අවසන් ගමන් ගියා. තවත් තරු බොහොමයක කටු කැඩී බිඳී ගියා. තරුවලට තුවාල කරන හින්දා, සමහර තරු හඳත් එක්ක තරහ වුණා.
තරු වැදිලා ඉරටත් තුවාල වුණා. ඉර පොරවාගෙන හිටිය අන්ධකාර සළුව, තරු හින්දා සිදුරු වුණා. සිදුරු වුණු සළුව අතරින්, හැංගිලා හිටිය රාස්සයා ඉර බව පෙනෙන්නට පටන් ගත්තා. එතකොට තරුවල බයත් නැතිව ගියා. බය නැති තරු ඉදිරියට පැන, ඉරට පහර දෙන්නට වුණා.
ඉරුණු අන්ධකාර සළුවත් එහෙන් මෙහෙන් එල්ලෙද්දි, ඉර ඉස්සරහට පැනලා දුවන්නට වුණා.
"අන්න ඉර පායනවා." මිනිස්සු සතුටින් කිව්වා. "බොහොම ප්‍රමාද වෙලා ඉර පායනවා."
සත්තු ඈනුම් ඇරලා නැගිට්ටා.
ගහකොළ අවදි වුණා. මල් පිපුණා.
මිනිස්සු, සත්තු, ගහකොළ ඉරට කැමති බව පෙනුණ හින්දා, හඳත් තරුත් ටිකක් අදිමදි වුණා ඉර පසුපස දිගට පන්නන්නට. පසුපසින් පන්නන්නට කෙනෙක් නැති බව දැක්ක ඉර, බොහොම අහංකාරෙට හෙමින් ගමන් කරන්නට වුණා.
ඒ වුණාට, ඉරුණු අන්ධකාර සළුවෙ කෑලි තවමත් ඉරේ එල්ලෙනවා. ඒවට තමයි මිනිස්සු හිරු ලප කියන්නෙ.
හිරු බැස ගියාට පසු, නැත්නම් බැස යන්නට කිට්ටු වූ පසු තවමත් හඳත් තරුත් පායනවා. හඳේ තුවාල සුව වෙලා වුණත්, කැළැල් තවම පේනවා. ඉස්සර තිබුණ පුංචි තරු සෑහෙන ගණනක් අඩු වෙලා. ඒත් ඒ බව එතරම් පෙනෙන්නෙ නැහැ.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com48tag:blogger.com,1999:blog-3270037286621401654.post-39102639184818694072013-06-04T09:40:00.000+05:302013-06-04T09:40:07.073+05:30වියගහඊයෙ යනකොට ඇඳ හතේ අලුත් ළමයෙක්.
කලින් ළමයගෙ අම්මා මහණ වෙන්ඩ ඇති. මම හිතුවා.
කලින් හිටියෙ මාස පහක විතර ළමයෙක්. ඒ වුණාට ප්‍රමාණයෙන් අලුත උපන් ළමයෙක් වගේ. වැඩීම කොහොමත් දුර්වල වෙලා හිටිය ළමයට මාසෙකට වැඩි නිව්මෝනියාවක් හැදිලා, අසාධ්‍ය වෙලා හිටියෙ.
ඇඳ ළඟ ඉන්නවා දැක්කෙ ළමයගෙ අම්මා විතරයි. ඇය හැම තිස්සෙම පොතක් එක අතකින් අරගෙන, අනික් අතින් දරුවගෙ හිස අත ගාමින් පිරිත් කිව්වා.
"ඒ අම්මට ගෙදර ප්‍රශ්න. ළමයා මැරුණොත් ඒ අම්මා මහණ වෙනවා කිව්වා." හෙදියක් දවසක් කිව්වා.
අනික් අය වගේ ඒ අම්මා දරුවගෙ තත්වය අහන්නෙ නැහැ; ඇවිදින්නෙ බිම බලාගෙන. දරුවා ළඟට ආවොත්, පිරිත් කිය කියා දරුවගෙ හිස අත ගානවා විතරයි.
ගිය සතියෙ දවසක මම මේ අම්මට කතා කළා. අම්මා හුඟක් ඇඬුවා.
"මගේ ජීවිතේ හැම දෙයක්ම නැති වුණා. ඉතුරු වෙලා ඉන්නෙ මේ පුතා විතරයි. ජිවිතේ මට බලාපොරොත්තු ගොඩක් දීලා, ඒ හැම එකක්ම ආපහු මගෙන් උදුර ගත්තා." ඈ කිව්වා.
ගැහැණු දරුවන් පස් දෙනෙක් හා වැඩිමල් පිරිමි දරුවෙක් හිටිය පවුලෙ හතරවෙනියා වුණු ඇය, සාමාන්‍ය පෙළ පන්තියෙ ඉද්දිමයි ඇඟළුම් කම්හලක රැකියාවට ගිහින් තියෙන්නෙ. ඉන් පස්සෙ අවුරුදු කිහිපයක් මැදපෙරදිගට කඹුරන්නට ගිහින්. ඒ ආවට පස්සෙ ඇයට වඩා බොහොම වැඩිමහල් පුද්ගලයෙක් එක්ක විවාහ වෙලා. දරුවන් නැතිව අවුරුදු අටක් හිටියායින් පසුව ලැබුණු දරුවා මේ.
දරුවගෙ තාත්තා එන්නෙ නෑ ඇයවත් දරුවවත් බලන්නට. ඉඳහිට එන්නෙ අම්මයි තාත්තයි.
ආපහු යනවනම් යන්නට තියෙන්නෙ අම්මලා ළඟට. මහගෙදර තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඔවුනුත් ඉන්නෙ පවුල් එක්කම.
එක ගෙදර පවුල් තුනක්.
අවුරුදු තිස්පහකට ඇය විඳින්නට තියෙන හැම දුකක්ම විඳලා, අවසන් කරලා වගෙයි.
මේ අම්මා ගැන කල්පනා කර කර ඉද්දි, හුඟ කාලෙකට කලින් දැක්ක තාත්තා කෙනෙක්ව මට මතක් වුණා. ඔහුගෙ වයස පණහකට ආසන්නයි වෙන්නට ඕන. එහෙම නැත්නම් පෙණුම ඒ වගේ; දුක් විඳින මිනිස්සු ඉක්මණින් වයසට යනවා නෙව.
ඔහුගෙ දරුවා අවුරුදු දහසයකට පසුව උපන්නෙක්. ඉපදුණු දවසේ සිටම අම්මත් දරුවත් රෝහල්වලමයි. බරපතල උත්පත්ති ආබාධයක් සහිතව උපන් මේ දරුවාට සැත්කමක් කළත් සුවය ලැබීම අඩමානයෙයි තිබුණෙ. දර කෑල්ලකට වඩා යන්තම් ඩිංගක් පණ තිබුණා විතරයි.
තාත්තා හිටියෙ දැඩි සත්කාර ඒකකය ළඟටම වෙලා.
"එක දවසකට හරි අපිට දරුවව ගෙදර ගෙනියන්නට තිබුණොත් ඇති." ඔහු කිව්වා. "එක දවසක් ගෙදරට ගෙනියලා, අපට දරුවෙක් ලැබුණු බව පෙන්නන්නට ඇත්නම්, ඒ ඇති."
දරුවන් නැතිකම නිසා ගමෙන්, නෑයින්ගෙන් බොහොම කෙණෙහිළිකම්වලට ලක් වුණු මේ යුවල අවුරුදු ගණනාවක් ගත කොට තිබුණෙ ගමෙන් පිට.දරුවා සුව කළ නොහැකි බව, ඉක්මණීන් මිය යන බව ඔවුන් පිළි ගත්තා.
නමුත් ගැටළුව ඔවුන්ට යළිත් පොදු සමාජයට අනුගත වීමට ඇති එකම පහුර මේ දරුවා වීම.
දිගු කාලයක් දැඩි සත්කාර ඒකකයෙ හිටිය දරුවාව පසුව වාට්ටුවට යැවුණා. ඒ ගිය දවසෙම වාට්ටුවෙදි දරුවගෙ හෘදය නැවතී තිබුණා. වාට්ටුවෙන් යළිත් දැඩි සත්කාර ඒකකයෙ ඇඳක් ඉල්ලා සිටියමුත්, ඒ වෙනකොට ඇඳක් තිබුණෙ නැහැ. දරුවා සමග වාට්ටුවේ හිටිය මේ තාත්තා දැඩි සත්කාර ඒකකයට දුවගෙන ආවෙ ඇඳක් ඉල්ලන්නටයි. ඔහු ගැන අනුකම්පා කළ විශේෂඥ වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයෙ වෛද්‍යවරයෙක්ව වාට්ටුවට පිටත් කළේ, කළ හැකි දෙයක් ඇත්නම් කිරීමටයි. ඒ අතරෙ දැඩි සත්කාර ඒකකයෙ වීදුරු දොරෙන් එහා කොරිඩෝවෙ තාත්තා හිටියා. මිට මොළවාගත් අත් දෙකින් පපුවට ගහගනිමින් ඔහු කෑ ගසා හැඬුවා.
වැඩිහිටිවියට පත් හැම කෙනෙක්ම කසාද බැඳ දරුවන් දෙන්නෙක්වත් හැදිය යුතුයයි බල කර සිටින සම්ප්‍රදායික සමාජය කෙරෙහි මට ඒ වෙලේ ඇති වුණේ තද පිළිකුලක්.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-82799838754119617332012-12-01T20:04:00.003+05:302012-12-02T18:56:47.630+05:30මැනර්ස්ඉඩක් ලැබෙන හැම විටකම, කුඩාවුන් වූ අපට මැනර්ස් උගන්වන ලදී.
කෑමක් බීමක් කෙරෙහි පෙරේත නොවිය යුතු බවද, විශේෂයෙන්ම යමක් බිව් පසු මැනර්ස් පොඩ්ඩක් ඉතිරි කළ යුතු බවද අපට කියා දෙන ලදී. ඉතිරි කළ යුත්තේ කොතරම්ද යන්න පිළිබඳව හරි හැටි වැටහීමක් නොතිබුණු නිසා, අනෙක් අයගේ මැනර්ස් සමග මගේ මැනර්ස් සැසඳීමට මම පෙළඹුණෙමි. අනෙක් අය තරම් මා මැනර්ස් ඉතිරි කර නැත්නම්, මා අශීලාචාරයයි අනුන් සිතනු ඇතැයි සිතා විස්සෝප වූයෙමි; අනුන්ට වඩා මගේ වීදුරුවේ මැනර්ස් ඉතිරි වී ඇත්නම්, ඒ වැඩිපුර ටික වෙනුවෙන් දුක් වීමි. එය එකල නිතර බීමට නොලැබෙන පලතුරු යුෂ පානයක් වීනම්, ශෝකය වඩාත් තියුණු විය.
පාසල ඇරී අම්මාත් අක්කාත් සමග මම නුවර වීදියක් ඔස්සේ එමින් සිටියෙමි. නියොන් ලාම්පුවෙක, සෝනි යන අකුරු පෙළට ඉහළින් ආර් අකුරක් තිබෙනු මම දිටිමි. සෝනි යන්න ලියැවෙන හැම තැනකම මේ ආර් අකුර තිබෙනු ඊට පෙරද දැක ඇති නිසා මම අම්මාගෙන් ඒ ගැන විමසුවෙමි: "අම්මා, ඇයි අර සෝනි කියන එකට උඩින් ආර් අකුරක් තියෙන්නෙ?"
කුලෑටි ළමයකු වූ මගේ දුබල කටහඬින් කිවු දෙය අම්මාට පැහැදිලිව ඇසුණේ නැත. එබැවින් ඇය ඇයට ඇසුණායයි සිතූ දෙයට පිළිතුරු දුන්නාය:
"චූටි දුව හරි හොඳයි; කාගෙ හරි ඇඟේ හැප්පුණහම සොරි කියනවා.."
අම්මා සිතා ඇත්තේ මා කාගේ හෝ ඇඟේ වැදී සමාව ඉල්ලුව වගකි. අහම්බෙන් ලද ප්‍රශංසාව නිසා හෝ යළිත් ප්රශ්නය ඉදිරිපත් කිරීමට ඇති කුලෑටිකම නිසා හෝ මම නැවත සෝනි ප්රශ්නය නෑසුවෙමි. එහෙත් ඉන්පසු මගේ අතින් වරදක් වූ කල "සොරි" කීමට පෙළඹුණෙමි. කොටින්ම, වැරදීමකින් ගෙදර බල්ලාගේ වල්ගය පෑගුණු විටද මම සොරි කීවෙමි.
වැඩිමනත් දිනවලට මා පාසල් ගියේ ප්‍රමාද වීය. ඉඳහිට දිනයක පාන්දරම "යැවුණු" අවස්ථාද විය.
එවන් දිනයක මම ළමයින්ගෙන් තොර පාසල් භූමියේ රස්තියාදු වෙමින් සිටියෙමි. ගෘහ විද්‍යාගාරය පිහිටා තිබුණේ පාසලේ අනෙක් ගොඩනැගිලිවලට වඩා යට මට්ටමකය. එහි ඉහළ මාලය පොළෝ මට්ටමෙහි විය. පහළ මාලය වටා යා හැකි පරිද්දෙන් පටු කොරිඩෝවක් විය. කොරිඩෝවේ එක් පසෙකින් ගෘහවිද්යාගාරයද, අනෙක් පසින් උස් බැම්මක්ද විය. මේ මට්ටමෙහිම පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලක් ඊට පිටුපසින්ද, අපේ විදුහල්පතිනියගේ නිල නිවස ඊටත් පිටුපසින්ද පිහිටියේය. අයාලේ යමින් සිටි මා කොරිඩෝවට පිවිසෙද්දී, විදුහල්පතිනියද අනෙක් කෙළවරින් කොරිඩෝවට පිවිසියාය.
"යන්නෙම්ද, නොයන්නෙම්ද?"
ආපසු හැරුණොත් මා මොකක් හෝ හොර වැඩකට ආ කෙල්ලක ලෙස වරදවා වටහා ගනු ඇතැයි සිතූ මම, දිගටම ගියෙමි; විදුහල්පතිනියට සුභ උදෑසනක්ද පැතීමි.
"සුභ උදෑසනක්." විදුහල්පතිනිය නැවතුණාය. අනතුරුව මගේ පන්තිය කුමක්දැයි විමසුවාය.
ඊටත් අනතුරුව මට මැනර්ස් ඉගැන්වූවාය.
"වැඩිහිටියෙක්ගෙ ඇඟේ හැපි හැපි යන්ට එන එක නුසුදුසුයි. වැඩිහිටියෙක් එනකොට, පොඩ්ඩක් නැවතිලා, ඒ තැනැත්තට යන්ට ඉඩ දීලා ඉන්ට ඕන."
දැනුදු පටු කොරිඩෝවන් ඔස්සේ එන කාට වුවත් ඉඩ දීමට නවතින මට ඇගේ අවවාදය සිහි වේ.
පොඩි කාලයේ ඉගෙන ගත් ඇතැම් මැනර්ස් ටිකක් තේරෙන වයසට එනවිට කඩන්නට පටන් ගත්තෙමි. පාරේ යන එන ගමන් ආහාර ගැනීම එවන් එකකි. අයිස්ක්‍රීම්, චොකලට් ආදිය දවටා ඇති කඩදාසිවල හෝ ඊයම්වල ගෑවී ඇති අයිස්ක්‍රීම්/ චොකලට් ලෙව කෑම තවත් එකකි.
ඇත්ත වශයෙන්ම, එලෙස දවටනවල ගෑවී ඇති කොටස් වඩාත්ම රසවත් වෙයි; අයිස්ක්‍රීම් හෝ චොකලට් තව කොපමණ ඉතිරිව තිබුණත් පළමුව අර ටික ලෙව කන තුරු සිත පිරෙන්නේ නැත.
වැඩිහිටි වයසේ පසු වූ මම එලෙස දවටනයෙහි ගෑවී ඇති අයිස්ක්‍රීම් ලෙව කමින් මහ මග ගිය දිනෙක, බසයක සිටි ළමයින් පිරිසක් නෝන්ඩියට සිනාසෙනු දිටිමි. මට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති විණි.
පැකට්ටුවල ඇති බීම වර්ග අන්තිම බින්දුව දක්වා ඉරීමේදී, "සුරූස්" ගා මහ ශබ්දයක් නගමින් හුළං ඇදී එන්නේ කලාතුරකින් නොවේ. දැන් ඉස්සර මෙන් ඊට ලැජ්ජා හිතෙන්නේ නැත.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com97tag:blogger.com,1999:blog-3270037286621401654.post-80374677043105501972012-10-18T23:08:00.004+05:302012-10-19T07:28:19.639+05:30පොකුටු බණ්ඩෙළමයින් අසභ්‍ය වදන් අසා සිටීම සාමාන්‍ය සංසිද්ධියක් ලෙස අපේ දෙමවුපියෝ පිළිගත්හ. ඒ නිසා අපට දේශපාලන සංවාදවලට සවන් දීමට තහනමක් නොවීය.
මට මතක මුල්ම දේශපාලන සාකච්ඡාව පැවැත්වුණේ රාත්‍රී කාලයේය. ඒ එහා ගොඩේ පොකුටු බණ්ඩේ හා අල්ලපු කන්දේ ගලේ බණ්ඩේ අතරය. ගෙවල් දෙකම මෙහා කන්දේ වූ අපේ ගෙයට අඩු වැඩි වශයෙන් සම මට්ටමෙක පිහිටි හෙයින් ඔවුන්ගේ සංවාදයට හා අපගේ සවන් දීමට ගෙවල් අතර දුර බාධාවක් නොවිණි. නිදි බව හැඟවීමට විදුලි පහන් නිවා දමා, ඒ පැත්තේ වූ ජනෙල් දෙක අසලට අපි ගුලි වුණෙමු.
මට අපැහැදිලි යම් වචනයක තේරුම මා විමසූ විට, අය්යා "ෂ්, ෂ්" කියා මා නිහඬ කළේ වැදගත් යමක් අතපසු වේයැයි බියෙනි.
ඒ මිනිහාට පොකුටු බණ්ඩේ කියන්නේ ඇයිදැයි මම කාගෙන්දෝ ඇසීමි. "ඒ මිනිහාගේ කොණ්ඩය පොකුටු හින්දාය" යනුවෙන් පිළිතුරු ලැබිණි.
පහළ කුඹුරේ වූ පොදු නාන ළිඳට පැමිණෙන මේ මිනිහා සහ ඔහුගේ කොලු කෙලි බුරුත්තද මම දැක ඇත්තෙමි. ඔවුන් සියලු දෙනාගේ කොණ්ඩ පොකුටුය. මගේද කොණ්ඩය පොකුටු වූයෙන් මම සිතින් ඔවුන්ට පක්ෂ වූයෙමි.
මෙසේ මම මගේ මුල්ම දේශපාලන හිතෛෂීභාවය ඇති කරගතිමි.
පසු කාලීනව පාසලේ සමාජ අධ්‍යයනය විෂයට මම ලංකාවේ දේශපාලනය පිළිබඳව හැදෑරුවෙමි.
මා තේරුම් ගත් ආකාරයට ලංකාවට නායකයෙක් සිටී; ඔහුට ආණ්ඩුවක් ඇත; ආණ්ඩුවට ක්රමයක්ද, වර්ෂයක්ද, සභාවක්ද ඇත; සභාවට සංඛ්‍යාවක් ඇත. මේ සියල්ල ඇත්තේ ජනතාවට කටපාඩම් කිරීම පිණිසය. ඒ ඒ කාල වකවානුවලට අදාලව මේ දත්ත විමසන ප්‍රශ්නයක් සෑම විභාගයකදීම අසන ලදී.
ඒ ප්‍රශ්නයට හැමවිටම මට බින්දුව ලැබුණේ, පාසල් විභාග වලදී ප්‍රශ්න තෝරා ගැනීමට නොතිබුණු බැවිනි. සාමාන්‍ය පෙළ විභාගයට එම ප්රශ්නය අත හැරීමට මම මුල සිටම තීරණය කරගෙන සිටියෙමි.
දේශපාලනය නීරස විෂයයක් ලෙස මා හඟින්නට හේතුව, සමහරවිට ඒ පිළිබඳව ලොකු උනන්දුවක් අපේ දෙමවුපියන් තුළ නොතිබීම විය හැකිය. දේශපාලකයන්ට බැනීම සහ ඡන්ද කාලයේදී පොදු මාධ්‍යවල ප්‍රචාරය වූ ඡන්ද කතා ඇසීම හැරුණුවිට, ඔවුන් කළ එකම ක්‍රියාකාරී දේශපාලනය රූපවාහිනී ප්රවෘත්ති නැරඹීමය.
වරක් එක්තරා ඡන්ද කාලයකදී රූපවාහිනියෙන් දිනපතා එක් එක් අපේක්ෂකයාගේ කතාව බැගින් විකාශනය කරන්නට විය. මේ කථික තරගයට සවන් දී බැන වැදීම වැඩිහිටියන්ගේ දෛනික අංගයක් විය. දිනක් අදාල වේලාවේදී රූපවාහිනිය දැමූ අපේ අය්යා "කොල්ලෙක්, කොල්ලෙක්, කොල්ලෙක්.." යයි හඬ නැගුවේ අප්පච්චිට ඇසෙන්නටය. කොල්ලෙක් ඡන්දෙ ඉල්ලනවා බැලීමට මමද කඩාගෙන බිඳගෙන සාලයට දිව්වෙමි.
මා කොල්වින් දැක්කේ එදාය. ඔහුගේ කොණ්ඩය පොකුටු නැත.
ඔය කාලය වනවිට මගේ පන්තිවල ඉගෙනුම ලැබූ ඇතැම් සිසුවියන්ද, චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක්ද ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වු වග මම දැන සිටියෙමි. එහෙත් ඔවුන්ගේ දේශපාලනය සහ මා ප්‍රිය කළ රුසියානු නවකතාවන්හි එන අරගල අතර සමානත්වයක් දැකීමට මම අපොහොසත් වීමි. මා දැන සිටි, දේශපාලනය කතා කළ සියලු දෙනා අනුනට ගරුසරුවක් නොදැක්වූ "හිතට ගත්" අය වූ අතර, පාවෙල් කොර්චාගින් මංකි කැප් එකක් දමාගෙන රෑට රෑට හැඳුනුම් පත් එකතු කිරීමට ගිය වගක් ගැන කොතැනකවත් සඳහනක් නොවිණි.
වෙනස් චරිතයක් ලෙස මා හැඳින ගත්තේ එක් අයෙක් පමණි. වාර විභාගවලින් අපේ පන්තිවල ප්‍රථම ස්ථානය එක දිගටම දිනූ ඇය නිහඬ සිසුවියකි. එක්තරා විවෘත චෙස් තරග වාරයකට අප සහභාගිව සිටියදී, යෞවනියන්ට පොදු ලැජ්ජාවකින් අපේ තවත් මිතුරියක් පෙළෙන්නට වූවාය. පමා වී ශාලාවට පැමිණි ඇයට තරග අයදුම් පත්‍රය භාර දීමට යාමට මහා ලැජ්ජාවක් ඇති විණි. එලෙස ලැජ්ජා වීමට තරම් මනස මෝරා නොතිබූ මම වහාම අයදුම් පත්‍රය ඉල්ලාගෙන ගොස් භාර දුනිමි.
සෙමින් මා ඇමතූ මගේ නිහඬ දේශපාලන මිතුරිය "ඔයා කළේ හරි හොඳ වැඩක්." යැයි කීවාය.
ඇය ජීවත් වන බව මා දැන ගත්තේ මේ කුඩා සිද්ධිය නිසාය.
පසු කාලයකදී ඇයව සිර භාරයට ගත් පසු, ඇගේ දෙමවුපියන්ද පෙර අරගලයක ක්‍රියාකාරී සාමාජිකයින් බව අනාවරණය විය. ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නට ඇතැයි සිතා මා තනිව දුක් වූ නමුදු, නිදහස්ව පැමිණි ඈ දැන් විශේෂඥ වෛද්‍යවරියක වීමට උගන්නා බව දැන ගත් විට මම ඉතා ප්‍රීති වීමි.
ඇත්ත වශයෙන්ම ඈ රුසියානු කතාවල වීරවරියකට වඩාත් සමීපය.
මෙලෙසම දැඩි දේශපාලනික පසුබිමක් සහිත තවත් යෙහෙළියක මට හමුවූයේ රැකියාව තුළිනි. ඒ පසුබිම කෙතරම් දැඩිද කිවහොත්, රුසියාව හා චීනය එකිනෙකා හා විරසක වූ කල්හි, මගේ යෙහෙළියගේ පියා සිය මිතුරන්ගෙන් භාගයක් අහිමි කර ගත්තේය.
අප හඳුනා ගත් කාලය වනවිට මා වඩාත් ආගම ධර්මයට නැඹුරු වූ අතර මගේ යෙහෙළියගේ දේශපාලනය, මතවාද දැරීමට සීමාව පැවතිණි. පොදුවේ අපි දේශපාලනය හෝ ආගම ගැන කතා නොකිරීමට ප්‍රවේශම් වීමු. යම් හෙයකින් අනෙකා අදාල විෂයයට එළඹුණහොත් උනන්දුවෙන් සවන් දිනිමු. එකඟ විය හැකි යම් කරුණකදී එකඟ වූවා මිස, කිසි විටෙක විරුද්ධ මතයක් ඇද නොගත්තෙමු. එකිනෙකාගේ අදහස් කෙරෙහි අප කෙතරම් ගරු කළාද කිවහොත්, පසු කලෙකදී මා දේශපාලනය කතා කළ අතර ඈ සිල් ගැනීමට ගියාය.
එහෙත් පාසල් වියේදී මම දේශපාලනය කතා නොකළෙමි.
ආණ්ඩු ක්‍රම ගැන පාසලේදී කොතෙක් ඉගැන්වුවද, තේරෙන වයසට එනවිට රටේ ලෝකයේ දේශපාලන තත්වය පිළිබඳව මගේ දැණුම කෙමෙන් අඩු වන්නට විය. ඊට ප්‍රධාන හේතුව විජය පත්‍රයේ අතිරේක එකතු කිරීම හා රූපවාහිනී ප්රවෘත්ති නැරඹීම යන දෙකම නවතාලීම විය යුතුය. මගේ විජය බලන වයස පසු විය; මිණී දැක දැක පාසල් ගොස් ආ අප දෙස, මල් වට්ටි රැගත් දේශපාලකයෝ ප්රවෘත්ති හරහා ඉතා ශෝකයෙන් බලන්නට වූහ. මට ප්රවෘත්ති බැලීම අප්‍රිය විය.
නමුත් මුල් වරට ඡන්දය දීමට ලැබෙනවිට මට දේශපාලනය හා දේශපාලකයන් පිළිබඳව මනා අවබෝධයක් තිබිණි. බලය ලද පසු ඕනෑම කෙනෙකු හැසිරෙන්නේ එකම ආකාරයට නිසාද, මල් වට්ටියක් සමග දුටු කළ අප්‍රිය නොවිය යුතු නිසාද මම වඩාත්ම කඩවසම් අපේක්ෂකයින් තෝරා ඡන්දය දුනිමි. ඒ අනුව මුල්ම ඡන්දය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුටද, ඊලඟ ඡන්දය මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකුටද දුන්නෙමි. "දිනන පැත්තකට ඡන්දෙ දෙන" ලෙස අපේ අප්පච්චි මට එවර අවවාද කළේය. තෙවන බලවේගයක් පිළිබඳ සංකල්පය ඊට වඩා ආකර්ශණීය වූ හෙයින් මම තවත් සුළු පක්ෂ කිහිපයකට ඉන් පසු ඡන්දය දුන්නෙමි. එපමණක් නොව, එවන් පක්ෂවල ඡන්ද රැස්වීම් කිහිපයකටද ගොස් හිටගෙන අහගෙන සිටියෙමි; ස්ටිකර් එකතු කරගෙන ආවෙමි. මේ පක්ෂ දිනුවාද නැද්ද යන්න අපැහැදිලිය.
නිරන්තරයෙන් මැතිවරණ පැවැත්වෙන හෙයින් ඡන්දය දීම තව දුරටත් වැදගත් වැඩක් නොවූ කල්හිත් මම ඡන්දය දීමට මග ගෙවාගෙන ගෙදර ආවෙමි. ඒ සේවා ස්ථානයේ සිට දුර සළකා බැලූ කල්හි මට දින තුනක නිවාඩුවක් හිමි වන නිසාය. "ඡන්දෙ දෙන්ඩ යන්නෙ." යන වචනය බොරු කළ නොහැකි නිසා නිකමට මෙන් ඡන්දය දීමටද ගියෙමි. ඡන්දය දුන්නේ කාටදැයි බහුතරයක් ඡන්ද වලදී මම නොදැන සිටියෙමි.
එසේ දැන ඡන්දය දීමට මහත් උවමනාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ඇති වූයේ යුද්ධය අවසන් වූ හෙයිනි. එහෙත් ඒ ඡන්දයට මට ගෙදර යා නොහැකි විය. නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com73tag:blogger.com,1999:blog-3270037286621401654.post-67905513705060674382012-10-11T22:29:00.002+05:302012-10-11T22:29:57.226+05:30අමන ප්‍රශ්න"අහන්ඩකො ඒයි... මං අර එදා වගේම අමන ප්‍රශ්නයක් අහන්ඩද ඔයාගෙන්?"
(පළවෙනි අමන ප්රශ්නය:
"වෘත්තිය සමිතියෙ ඡන්දෙට සෙනග ගෙනියන්ඩ, මෙච්චර හොඳ වාහන අරන්, මෙහෙම කී සැරයක්දෝ එහා මෙහා ගෙනියන්ඩ සල්ලි කොහෙන්ද ඒයි?"
කිරා මැන ලබා දුන් අවංක පිළිතුර:
"ඒ ඒ පැත්තට සහයෝගය දෙන අය සල්ලි දෙනවා....ඕන තරම්!")
එදා ප්රශ්නය මතක නිසාදෝ, ප්‍රශ්න අපේක්ෂකයා වටපිට බලා, සෙනග අඩු වනතුරු සිට ප්‍රවේශමෙන් ප්රශ්නය භාර ගනී: "ඔව්?"
"ඔයා මෙච්චර වෘත්තීය සමිති වැඩවලට බැහැගෙන වැඩ කරන්නෙ,
අර ක්‍රීඩා කරන අය හරි වෙන තමන් ආස කරන දෙයක නියැළෙන අය එහෙම වගේ මේ වැඩවලින් ලබන තෘප්තිය හින්දා, එන්ඩෝෆීන් ශ්‍රාවය වෙලා, මනස කුල්මත් වෙලා එක කෙළියක් වෙන හින්දද,
එහෙම නැත්නම් අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනාවෙන්ද,
එහෙමත් නැත්නම් දේශපාලනේට ආස හින්දද,
නැත්නම් ඒවගේ මොකක් හරි හින්දද?"
ප්‍රශ්න අපේක්ෂකයා හිඳ ගනී. සෙමින් කියයි:
"මගෙ ළමයා ඉස්කෝලෙ දාගන්ඩ තියන හින්දා."
මම මේ අවංක පුද්ගලයා විශ්වාස කරමි. ඔහුට පක්ෂව ඡන්දය දෙමි.
නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com23tag:blogger.com,1999:blog-3270037286621401654.post-60530352749678397872012-10-02T13:31:00.001+05:302012-10-02T13:31:49.696+05:30බුදිමතඅපට වාණිජ්‍යය ඉගැන්වීමට ආ ගුරුතුමිය මැණික් ව්‍යාපාරිකයකුගෙ සහකාරියක්. "බුදිමත" කියන වචනෙ අපට ඉගැන්වූයෙ ඇය.
අපේ වාණිජ්‍යය කාලඡේදය තිබුණෙ විවේක කාලයෙන් පස්සෙ. පන්තියට එන අපේ ගුරුතුමිය, "ළමයි, කාලා ඉවර වුණාට පස්සෙ දැනෙන නිදිමතට තමයි බුදිමත කියන්නෙ. ඕගොල්ලොත් ටිකක් නිදා ගන්න." කියා ගුරු මේසය මත ඉහ ගහගෙන නිදා ගත්තා.
අපෙත් ලොකු අකමැත්තක් තිබුණෙ නෑ වැඩේට. මොකද, ඉගැන්වීම යනුවෙන් ඇය අදහස් කළේ පාඩම් පොත කියවීම වූ අතර, පන්තියේ සිටි හතළිහක් පමණ වූ සිසුන් සඳහා මුද්‍රිත පෙළ පොත් තිබුණෙ අතළොස්සක්. ඒවත් වසර ගණනාවක් පාවිච්චි වුණු කිලිටි, ඉරුණු පොත්. කලින් වසර වලදිත් මේ වගේම පොත් කිහිපයක් තමයි පන්තියට ලැබිලා තියෙන්නෙ.
"පොත් නැහැ. ආවහම දෙන්නම්. එතකම් බෙදාගෙන පාවිච්චි කරන්න." එහෙමයි අපට කිව්වෙ.
ගුරුතුමියට බුදිමත වෙලා නිදිය ගත්තා. ළමයිනුත් සමහරවිට නිදිය ගත්තා. එහෙම නැත්නම් නිදා සිටින කොටි ඇහැරවගන්නෙ නැතුව පරිස්සමින් පන්තියෙන් පිට වෙලා පාසල් වත්ත දෙවනත් කළා.
එදා එක්කො නිවාඩු දිනයක්. එහෙමත් නැත්නම් සවස් කාලය. මම ඒ වෙලාවෙ පාසලේ හිටියෙ මොකක් නිසාද කියලා මට මතක නැහැ. රස්තියාදු වෙමින් හිටිය අපව අවේලාවෙ වීදි සංචාරය කරමින් සිටි අංශ භාර ගුරුතුමියකගෙ ඇසට හසු වුණා. ඇය අපව දක්කාගෙන ගියා අපේ සියවස් සැමරුම් ගොඩනැගිල්ලෙ හතරවැනි තට්ටුවට. එතන අපේ රැස්වීම් ශාලාව. වේදිකාව දෙපසින් අගුළු ලෑ කාමර දෙකක් තිබුණා. ගුරුතුමිය මේ කාමර විවෘත කළා.
කාමර පුරවා තිබුණෙ මුද්‍රිත පෙළ පොත්වලින්.
"මේවා කාර්යාලයට ගෙනියලා, එතැන තියෙන ලොරියට පටවන්න." ගුරුතුමිය අපට විධානය කළා.
අවශ්‍ය තරමට වඩා ලැබුණු අමතර පොත්යයි සළකා වසර කිහිපයක් තිස්සේ ගබඩා කොට තබාගෙන, ආපසු දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතව තිබුණ මේ පොත් ගොඩ අස්සේ ඇති තරම් අළුත් වාණිජ්‍යය පොත් තිබුණා.
කවදාවත් පාවිච්චි නොකළ අළුත්ම අළුත් පොත්.
ගුරුතුමියට මේ බව දැන්වූවිට, මගේ පන්තියට අවශ්‍ය තරම් වාණිජ්‍යය පොත් වෙන් කර ගැනීමට ඇගේ අවසරය ලැබුණා.
බුදිමත විෂය සඳහා අපට පෙළපොත් හම්බුණේ එහෙමයි. අහම්බෙන්...නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com64tag:blogger.com,1999:blog-3270037286621401654.post-62035680413517497812012-09-23T23:10:00.003+05:302012-09-23T23:10:52.701+05:30හොදිරාත්රී මුරය අවසන් වෙනකොට උදේ දහයත් පහු වෙලා. ආපන ශාලාවට ගියෙ උදේට කන්නට හිතාගෙන.
"පාන් කාලකුයි අල හොදියි."
මං හිතන්නෙ කලිනුත් කවුරු හරි ඕකම ඉල්ලල තියෙන්නට ඇති. ඒ හින්දද කොහෙද, අයකැමි තරුණයා ඇහිපිය ගහන්නට කලින් උත්තරේ දුන්නා.
"අල නැහැ. හොදි දෙන්නම්."
"ම්හු. එහෙනම් අල හොදි එපා. පරිප්පු හොදි දෙන්න."
මං හිතන්නෙ ඒකත් පරණ ඉල්ලීමක්.
"පරිප්පු තියනවා, හොදි නැහැ!"
මම කල්පනා කළා. අයකැමි තරුණයට මම කල්පනා කරනකල් ඉන්නට තරම් ඉවසිල්ලක් නැහැ.
"මාළු හොදි දෙන්නම්."
"එපා."
අයකැමි තරුණයා ආපන ශාලාවෙ පාරිභෝගිකයින්ට වැසුණු කොටසට එබුණා. මම හිතන්නෙ කවුරු හරි ඇතුළෙ ඉඳන් සංඥාවක් කළා. දෙන්නත් එක්ක තත්පර දෙකක මොකක්ද ඇසිපිය සාකච්ඡාවක්. තරුණයා මා දිහාවට හැරුණා.
"පරිප්පු හොදි දෙන්නම්!"
"පරිප්පු හොදි තියනවද?"
"හදල දෙන්නම්."
"වෙලා යයිද?"
"නෑ, හදල දෙන්නම්... ගේන්නම්!"
ගේන්නම් කියන්නෙ අපිව එතනින් එළව ගන්නට. මම ගිහින් වාඩි වුණා.
අපේ ආපන ශාලාව අනුරාධපුරේ නැත්නම් පොළොන්නරුවෙ තියෙන බී ශ්‍රේණියේ ආපන ශාලාවක් වගේ. කෑම, පහසුකම්, සේවය සේරම හරි ලාබයි. සමහරවිට බී ශ්‍රේණියේ ආපන ශාලාවකටත් වඩා ලාබයි, මොකද අපි සේවකයින්ට ටිප් දෙන්නෙ නැති හින්දා.
විනාඩියක් යනකොට මගෙ පරිප්පු හොද්ද ආවා.
පරිප්පු කියන්නෙ පරිප්පු ඇට තිබුණා.
සුවඳ, මාළු.
පරිප්පු, හොදි "හදලා"!
මම පාන් කෑල්ලක් පොඟවලා කටට අරන් බැලුවා.
මාළු රසයි.
බනිනවද? මං කල්පනා කළා.
බැනලා වැඩක් නැහැ. මට හිතුණා. මමත් ඔය වැඩේ කොච්චර කරන්නට ඇත්ද?
දවස පුරා වෙහෙසිලා ඉන්නකොට, එහෙමත් නැත්නම් නොයෙක් ප්‍රශ්න එක්ක ගැටෙමින් ඉන්න කාලවලට සමහරවිට මගෙ ළඟ අල හොදි නැහැ. නමුත් එක්කො පවුලෙ අය, නැත්නම් හිතවතුන්, ඒත් නැත්නම් පිටස්තරම අය, මගෙන් අල හොදිම ඉල්ලන වෙලාවල් තියෙනවා.
"අල හොදි නැහැ!" මට එහෙම කියන්නට වෙනවා.
සමහරවිට මොකක්ම හරි හොද්දක් දෙන්නට මම බැඳිලා ඉන්න වෙලාවල් තියෙනවා. එක්කො වගකීම හින්දා. එහෙමත් නැත්නම් වෙනත් බැඳීමක් හින්දා.
"මාළු හොදි ඕනද?" මම එහෙම අහනවා. ඒ මට දිය හැකි දේ.
ඒත් මගෙන් පරිප්පු හොදිම ඉල්ලා හිටිනවානම් මම මොනවා කරන්නද? මාළු හොදි ගන්නට අනික් කෙනා සූදානම් නැහැ. වංචා කරන්නට හිතක් නැති වුණත්, පරිප්පුවලට මාළු හොදි කලවම් කරලා දෙන වෙලාවල් නැත්තෙ නැහැ. පරිප්පුත් යහමින් තියෙනවා. ඒත් පරිප්පු හොදිම නෙවෙයි. කන මිනිහා ඒ මිරිස් සැර පරිප්පු හොදි කියලා හිතාගෙන කනවා වෙන්නටත් පුළුවනි. එහෙම නැත්නම්, ඇත්ත දැනගෙන මට හිතෙන් බනිනවා වෙන්නටත් පුළුවනි.
"මෙන්න මාළු හොදි. කනවනම් කන්න. පරිප්පු හොදි නෑ කියන්නෙ නැති හින්දා!"
මං හිතන්නෙ සමහරවිට මම එහෙම කිව යුතුව ඇති. නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com60tag:blogger.com,1999:blog-3270037286621401654.post-80729576852075119932012-08-04T21:40:00.000+05:302012-08-04T22:46:36.736+05:30යැපෙනු පිණිසකෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්‍රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි.
බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය.
"සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ."
"පුළුවන් වෙලේක හරි කන්ඩ ඉස්සෙල්ලා තමන්ටම මතක් කර ගන්ඩ, 'මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"
"ඔච්චරනම් කිය කිය ඉන්ඩ බෑ බං." සංජය කටේ කෑම පුරවාගෙනම හරස් කපයි. "ඕනෙනං 'මේ ආහාරය හු!' කියල විතරක් කියන්නං."
කෑම කටේ තියාගෙනම සිනාසෙන මයුරිට කැස්සක් එයි. සුසන්ත සිනාවට එක් වෙමින් බත් අනයි.
"කට්ටියම ඉන්නවා නේද?" අතුල කොහෙන්දෝ කඩා පාත් වී, දේශපාලන හිනාවක් පා, සගයන්ගේ පිටට තට්ටු දමයි. "මේ සැරේ අපි වෙනම ඉල්ලනවා, ආරංචි ඇතිනෙ?"
මයුරි පපඩම ටිකක් සද්දෙන් හපා, බත් අනාගෙන අනාගෙන යයි. ඇයට වෘත්තීය සමිතිකාරයන් පෙන්නන්නට බැරිය.
සුසන්ත නිවුණු මුහුණින් මයුරිගේ ක්‍රියාව නරඹා අදහස් දක්වයි.
"ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?"
"උඹ තාම නංගිලට බණ කියන එක නවත්තල නැද්ද බං?" අතුල අසල මේසයකින් පුටුවක් ඇදගෙන වාඩි වෙයි. අනතුරුව තවත් කාලය නාස්ති නොකර, අතැති ලිපිගොනුව මේසය මත තබා ප්‍රේක්ෂකයන් දෙස බලයි.
"මෙන්න තියෙනවා කට්ටිය කියවල බලන්ඩ."
"මොකද්ද? උඹේ ප්‍රතිපත්ති ප්රකාශනයද?" සංජය හොරැහින් එදෙස බලයි.
"කියවලම බලන්ඩ." අතුල ලිපිගොනුව විවර කර අතින් දක්වයි.
වෘත්තීය සමිති කටයුතු සහ ඉන් ලැබිය හැකි ප්රතිලාභ ගැන උනන්දු වන කීපදෙනෙක් ලිපිගොනුව වෙත ඇදෙති. හිතින් මැන ගත් ගණ පූරණය සම්පූර්ණ වූ කල අතුල කතාව අරඹයි.
"පහුගිය අවුරුදු දහය ඇතුළත, අපේ කණ්ඩායම මුල් වෙලා දිනා ගත්තු දේවල්.
මම පටන් ගන්නම් ගිය අවුරුද්දෙන්. ගිය අවුරුද්දෙ කාරක සභාවෙන් පස් දෙනෙක් මේ සැරේ අපිත් එක්ක වෙනම ඉල්ලනවා..."
"මට ප්‍රශ්නයක් තියෙනවා." චාමර කතාවට බාධා කරමින් එක එල්ලේ අතුල දෙස බලයි.
"හරි." අතුල පුටුව මඳක් පසුපසට ඇද, කකුලක් පිට කකුලක් දමා ගනී. දකුණත පහසුවෙන් කකුලක් මත රඳයි. වම් අත කතාවට අනුව ලෙළ දෙයි.
"මම ලෑස්තියි ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ. නමුත් මට ඕනෙ මුළින්ම පැහැදිලි කරන්ඩ....."
කතාව ඇදී යයි. ප්‍රතිවාදී පිලෙහි කිසිවෙකු භෝජනාගාරයෙහි නොමැත්තෙන් අතුලට රිසි පරිදි ප්‍රධාන නළු චරිතයට ආවේශ විය හැක.
"අය්යා කළු වෙලා..." කතාව තත්පර ගණනකට නිහඬ වු විටෙක සොනාලි ඇද පැද කියයි. පුරුෂ පක්ෂය කට කොණකින් සිනාසී ඈ දෙස බලත්.
"කළු වෙලා කියන්නෙ, පහුගිය ටිකේ හරියට කෑවෙත් නෑ. මට ඒකනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා ඇමතිතුමා හම්බෙන්ඩ ගිය වෙලාවෙ..."
අතුල සොනාලිගේ සිත නොරිදවා නැවතත් නිවැරදි පීල්ලට කතාව මෙහෙයවයි. සුසන්ත අවසරයක් ලැබුණාක් මෙන් පුටුවෙන් නැගිටියි.
"උඹ යන්ඩද මචං?" අතුල හැම ඡන්දයක්ම තමාට වැදගත් බව හඟවන බැල්මකින් සුසන්තට සංග්‍රහ කරයි.
"වැඩ වගයක් තියනව, ඉවර කරල දැම්මනම් ලේසියි."
"කොළයක් ගත්තෙ නෑනෙ? මෙන්න. නිකං ඉන්න වෙලාවක කියවල බලන්ඩ." අතුල පත්‍රිකා කිහිපයක්ම සුසන්ත අත තබයි. මයුරිද නැගිටින බව දකින ඔහු ඇයට පත්‍රිකා කිහිපයක් දීම පිළිබඳව සිතෙන් සළකා බලා, ඒ අදහස බැහැර කරයි.
"මට දික්කරානං එහෙම එතෙන්දිම ඒකෙන් අත පිහින්ඩ හිටියෙ මං." මයුරි සුසන්ත සමග පවසන්නේ අත් සෝදන අතරතුරය.
"නිකං මිනිස්සු තරහ කරගන්ඩ ඕන නෑ. මොනව වුණත් අතුලයා හිතවත් අපිට."
"ඒ වුණාට මට අල්ලන්නෙ නෑ. ඉස්සරම මතකද, 'අපේ ඇමතිතුමා' කියා ගත්තු ගමන් හිටියෙ. ඊට පස්සෙ ඒ මිනිහටම පළු ගැලවෙන්ඩ බැන බැන හිටියා. දැන් ආයෙමත් මෙලෝ ලැජ්ජාවක් නැතුව ඇමතිගෙ ගෙදරට රිංගුව කතා කියනව."
"ආ, ඒ පාර මයුරි බණ කියනවද සුසන්තට?" චට පට ගා කියවන මයුරි දෙස බලමින් සංජය සිනාසෙයි. ඔහුද අතුලගේ කතාවෙන් මිදී පැමිණ ඇත.
"කට්ටිය ඔහේ අහගෙන ඉන්නව නේද?" මයුරි පිරිස දෙස බලමින් භෝජනාගාරයෙන් පිටවෙයි.
"මේකනෙ මයුරි, හැම මිනිහටම ඕනෙ තමන්ගෙ මොකක් හරි වැඩක් කරවගන්ඩ විදිහක්. එක්කො ළමයෙක් ඉස්කෝලෙ දාගන්ඩ. එක්කො කීයක් හරි වැඩියෙන් හම්බ කරගන්ඩ. එක්කො ශිෂ්‍යත්වයක්. මොකක් හරි දෙයක්. ඉතින් කාගෙන් හරි ඒ දේවල් කර ගන්ඩ පුළුවන්ද කියල බලනවා. ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ."සංජය දැනුම් තේරුම් ඇති විලසින් පැහැදිලි කරයි.
"මොකද බැරුව?"
"ඔයාට ඒ දේවල් ඕනෙ නැතුව ඇති දැන්. ඒත් අවශ්‍යතාවය තියෙන මිනිහ..."
"අය්යෝ, මේ, ඕක ගැන කතා කරන්ඩ ගියොත් දැන් අපි දෙන්න නිකං ගහ ගන්නවා." මයුරි කතාව නවත්වයි.
"මනුස්සයෙකුට වෙනස් වෙන්ඩ බැරිද?" සුසන්ත හදිසියේම පැණයක් නගයි.
"ඇයි බැරි? අර හිටියෙ කටුස්සෙක්, එහෙම්පිටින්."
"අපි හැමෝම කටුස්සො." සුසන්ත කල්පනාවෙන් කියයි.
"මම කටුස්සෙක් නෙවෙයි." මයුරි තදින් කියයි.
"නෑ නේන්නං. ඔයා කටුස්සියක්." සංජය පිළිතුරු දෙයි. මයුරි ඔහුගේ ඉලයට අනී.
"මම මෙතනින් යනවා." සුසන්ත කාර්යාලය දෙසට හැරෙයි.
"මම බැංකුවට යන්ඩ ඕන. ටාර් ගාල දුවල එන්නම්." මයුරි ගේට්ටුව දෙසට පිය මනී.
"හැම එකාටම මේ වෙලාවමද මන්ද තියෙන්නෙ මෙතනට එන්ඩ."
බැංකුවේ පෝළිමෙහි සිටින මයුරි ඔරලෝසුව දෙස බලමින් කල්පනා කරයි. දැනටමත් ඇය පැය භාගයකට ආසන්න වේලාවක් සිට ඇත. අනෙක් පෝළිම් සියල්ල ඉදිරියට ඇදේ. මේ පෝළිමට පමණක් කුමක් වීද? ඈ පැත්තකින් එබී බලයි. නමුත් කවුන්ටරය නොපෙනේ.
"කාගෙද සල්ලි මිටි වගයක් ගනිනව.." මයුරි බලන්නේ කුමක්දැයි අනුමාන කළ ඉදිරියෙන් සිටින තැනැත්තා කියයි.
"මයුරි?"
අතුල ළඟට එනතුරුම නොදැකීම පිළිබඳව මයුරි තමන්ටම සාප කර ගනී.
"මොකක්ද වැඩේ?"
මූට මොකටද ඒක?
එහෙත් මයුරි වෙහෙසට පත් හඬින් තමන් ආ කාරණය කෙටියෙන් කියයි. නොඑසේනම් අහල පහළ සිටින මිනිසුන් යමක් හිතන්නට පුළුවන. අතුල තරමක් ඇයට කිට්ටු වී, අවට සිටින්නන්ට නෑසෙන පරිදි සෙමෙන් මුමුණයි.
"හදිසියක් නැත්නම්, මගෙ යාළුවෙක් ඉන්නවා බැංකුවෙ, එයා අතට දීලා ගිහෑකි. හවසට යන ගමන් රිසිට් එක අරගෙන, මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්."
මයුරිගේ සිත දෙපැත්තට වැනේ. දැනටමත් ඇයට වෙහෙසය; එසේම කාර්යාලයට යාමට ප්‍රමාද වේ. අතුලගෙන් උදව් ලබා ගැනීමටද ඇය අකමැතිය. එහෙත් හතුරෙක් වුණත්, උදව්වක් කිරීමට ඉදිරිපත් වූ මිනිහාගේ හිත රිදවිය නොහැක.
"නෑ, කමක් නෑ අතුල, තව ටික වෙලාවයිනෙ."
"දෙන්ඩකො..." අතුල අත දිගු කරයි. "දෙන්ඩ, දෙන්ඩ. ඕක පොඩි වැඩක්."
මයුරි අදාල කඩදාසි සහ මුදල් ඔහුට ගන්නට ඉඩ හරින්නේ පැකිළෙමිනි.
"අතනින් වාඩි වෙලා ඉන්ඩ."
පෝළිමේ සිටි මිනිසුන් තමන් දෙස බලන බව ඇයට පෙනේ. එහෙත් ඇය ඒ නොපෙනෙන්නාක් මෙන් අතුල බැංකුවේ සේවකයන්ට වෙන් වූ කොටසකට එබෙනු බලා සිටී.
"මාර දාඩියයි නෙහ්?" බැංකුවෙන් පිටතට බසින ගමන් අතුල විමසයි. "අයිස්ක්‍රීම් එකක් කාලා යමුද?"
මයුරි තීරණයකට එළඹෙන්නටත් පෙර අතුල බැංකුවට යාබද රසහල වෙත යයි. මයුරිද ඒ පිටුපස ඇදේ; මතක ඇති කාලෙකින් පලතුරු සලාද සමග හිමකිරම කා නැත.
මේ රසහලට මින් පෙර ඇය පැමිණ ඇත්තේ එක්වරකි. ආහාර පිණිස ගන්නා පලතුරු ආදිය වීදුරු අල්මාරියක් තුළ අඩුක් කර ඇත. කහ පැහැ නිල ඇඳුම් හැඳි සේවක සේවිකාවෝ කඩිසරව ඇනවුම් භාර ගනිති; ගනුදෙනුකරුවන්ට පෙනෙන්නටම පලතුරු කපා සූදානම් කරති. බිත්තියෙහි රේඛා සිතුවම් කිහිපයක් එල්ලා ඇත.
"කලින් නොකිව්වට, මට මයුරිව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මතකයි, දන්නවද?"
අතුල වෘත්තීය සමිති කතාබහ අරඹනු ඇතැයි බලාපොරොත්තුව සිටි මයුරිට, මේ අනපේක්ෂිත මාතෘකාවකි.
"ඔයා අපේ ඉස්කෝලෙමද?"
"නැහැ. ඒත් ඔයා නවෝදෙ පන්ති ආවා නේද?"
"ඔව්. ඒත් මට ඔයාව මතක නැහැ."
"මතක හිටින්නෙ කොහෙද? ඔයා ඔලුව උස්සල බලන්නෙ නෑනෙ ඒ කාලෙ."
නීරස ළමා කාලය සිහි කිරීම නිසා මයුරිට පාළු ගතියක් දැනේ. සේවකයා පලතුරු සලාදය පිළි ගැන්වීමට පැමිණීම නිසා තත්වය මඳක් සමනය වේ. උඩින් හිමකිරම දමා ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.
"මේ දවස්වල ඉතින් පැණි කොමඩුම තමයි." පැත්තෙන් බඳුන පිරික්සන අතුල කියයි.
මයුරි හිමකිරම ටික කාගෙන කාගෙන යන්නීය. බොහෝ වේලා පෝළිමේ සිටි ඇයට දැඩි පිපාසයක් තිබුණු බව හරිහැටි තේරෙන්නේ, සීතල හිමකිරම කැටිති දිවෙහි දියවෙන විටය. ඇය කතාබහ නොකර සිටීම අතුලට අපහසුවකි. සංවාදයට රිසි ඔහු තවත් මාතෘකාවක් ඇද ගනී.
"සුසන්ත හුඟක් බණ දහම් දන්නවා නේද?"
එය ප්‍රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි; මයුරි බණට ලැදිද නැද්ද යන වග අතුලට හරියටම පැහැදිලි නැති නිසාවෙනි.
"ඔව්..." පැණිකොමඩු කෑල්ලක ඇටයක් හැන්දෙන් ඉවත් කිරීමට වෙර දරමින් මයුරි පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් සුසන්ත පිළිබඳව ඇගේ ස්ථාවරය පැහැදිලි නොවන මුත් මාතෘකාවට ඇගේ අකමැත්තක් නැති බව අතුල අනුමාන කරයි.
"සංජය ඒකෙ අනික් පැත්ත..." ඔහු තවත් අදහසක් ඉදිරිපත් කරයි.
"ඔව්..." මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත. කොමඩු කෑල්ල එහාට මෙහාට පනී. එය කටට ගෙන හපා, අනතුරුව ඇටය එළියට පිම්බහොත් අතුල තමන් ගොඩේ එකියකැයි සිතනු ඇත්ද? කොමඩු කෑල්ල ඉතිරි කිරීමටද ඇය අකමැතිය. රසහලෙහි වෙන සිටින්නේ කවුරුන්දැයි මයුරි අල්මාරියේ වීදුරුවෙන් පිරික්සයි. තරමක සෙනගක් එහි වෙත්. මයුරි කරන්නාක් මෙන්ම වීදුරුවෙන් මයුරිව පිරික්සන තවත් දෑස් කීපයක්ම ඇයට හමු වෙයි.
"ඔයා කොතනද එතකොට?" අතුල මයුරිගේ කොමඩු කෑල්ල දෙස විමසුම් බැල්මක් හෙළමින් අසයි.
මේ ඉලව් කොමඩු... හදිසියේම මයුරිට දහවල් සංජය කියූ කතාවක් සිහි වෙයි: මේ ආහාරය හු!
"ඇති යන්තං ඩිංගක් හිනා වුණා." අතුල කියයි. "මෙච්චර වෙලා රවාගෙන හිටියෙ. මට හීන් දාඩිය දාල හිටියෙ මගෙත් එක්ක තරහෙන්ද කියලා."
"නෑ, මේ දවල් සංජය කිව්ව කතාවක් මතක් වුණා."
"මොකක්ද?"
"සුසන්ත අය්යා කිව්වා කන්ඩ ඉස්සෙල්ල භාවනා කරන්ඩ කියල, මේ ආහාරය හුදෙක් යැපීම සඳහාය, අරක මේක පිණිස නෙවේය කියලා. දිග විස්තරයක්..."
"සුසන්තයනං කියයි; ඉතිං?"
"එතකොට සංජය කිව්වා, එච්චර කියන්ඩ බැරිය, ඕනෙමනං මේ ආහාරය හු! කියල කියන්නංය කියල."
මයුරිගෙන් දිගු පිළිතුරක් ලැබුණේ බොහෝ වේලාවකට පසුව නිසා, ඊට අනුග්‍රහ වශයෙන් අතුල ටිකක් වැඩිපුර සිනාසෙයි. ඒ සිනහව අමතර බව වැටහීම නිසා මයුරි අසන්තෝෂයට පත් වෙයි. තමන් දැන් මේ මිනිහාගෙන් උදව්වක් ලබාගෙන ඇත. ඒ නිසා ඔහුගේ හිත රිදෙන යමක් කිව නොහැක. ඇය ඉන් වඩාත් අසන්තෝෂයට පත් වෙයි. ඇගේ අසන්තෝෂය අතුලට ඉව වැටෙයි. ඔහු වහා කතාව අරඹයි.
"ඕවා ඔය පැවිද්දන්ට දෙසුව බණ..."
"ගිහියන්ට කියල වෙනම සාසනයක් නෑනෙ. ඔය බණම තමා."
මයුරිගේ හඬ සැර වෙන්නේ ඇයටත් නොදැනීමය. මොනවා කරත්, සුසන්ත මේ මිනිහාට වඩානම් හොඳය. ඔහුව හෙළා දැකීමට මෙවැනි මිනිහෙකුට ඉඩ දිය නොහැක.
අතුල ක්ෂණයකින් කතාව හරවයි.
"ඔව්, ඒක තමා මමත් කියන්නෙ. පැවිදි කෙනෙකුට ලේසියෙන් අනුගමනය කරන්ඩ පුළුවන්. ගිහියෙකුට අමාරුයි. මොකද, යැපීම විතරක් නෙවෙයිනෙ අපිට අනික්වත් වැදගත්, සමහරවිට යැපීමට වඩා..."
"හරී!"
මයුරි එකවරම තමන් සමග එකඟ වීම අදහා ගත නොහැකි නිසා අතුල මඳකට කතාව නවතයි.
මයුරි ලැජ්ජාවෙන් ඔහු දෙස බලයි.
"මං මේ කොමඩු ඇටේ ගලව ගන්ඩ බැරුව හිටියෙ මෙච්චෙල්ල. දැන් ගැලවුණා."
සවස තුනට ආසන්නය.
තේ පානය සඳහා හැම දෙනාම භෝජනාගාරයට නොඑනමුත් බොහෝ දෙනෙක් යමක් හපමින් විනාඩි පහළොවක් විස්සක් ගෙවීම පිණිස එහි එති. කල් යල් බලා, පත්‍රිකා මිටියක්ද රැගෙන අතුල එහි ඇදේ.
භෝජනාගාරයෙහි දොරකඩ සිට ඔහු ඇතුළත සිටින පිරිස පිරික්සයි. මැද හරියේ පුටුවක හිඳ චාමර අත වනයි. මඳ සිනහවකින් මුව සරසාගෙන අතුල ඔහු වෙත පිය නගයි. කෙළවර ආසනයක හිඳ සිටින ප්‍රතිවාදී පිලෙහි ආධාරකරුවකු වන ප්‍රනාන්දුව ඔහු දකින්නේ අහම්බෙනි. දැන් ඉතින් මගහැර යාම තත්වයට මදිකමකි. කාණු කටක් ඇති ප්‍රනාන්දු සමග හැප්පෙන්නට අතුල අකමැතිය.
"පත්‍රිකා ටික බෙදලා යනවා." ඔහු සිතා ගනී. "බය වෙන්නෙ මොකටද එක අතකට? මුකුත් කියාගෙන ආවොත් තව හොඳයි; මට ඒකම අවස්ථාවක් කරගන්ඩත් පුළුවන්." ඒ සමගම යළිත් සිතේ.
"උඹෙන් මං අහන්ඩ හිටියෙ." සුමිත් කතාව පටන් ගන්නේ අතුල වාඩිවීමටත් ප්‍රථමය. "අතිකාල ප්‍රශ්නෙට මොකද වෙන්නෙ?"
"මෙහෙමයි." අතුල කිහිපවරක් එකිනෙකාට පැහැදිලි කිරීමෙන්ම හිතේ පිළිවෙලකට සැකසුණු පිළිතුර අරඹයි.
"මුළින්ම, ඕකට හදිසි විසඳුමක් නෑ. එහෙම තියෙනවයි කියලා මම උඹලව රවට්ටන්නෙ නෑ."
ඈත කෙළවරෙහි ඇති සෙවණැල්ලක් නැගිට තමන් වෙත එනු අතුලට ඇස් කොණෙන් පෙනේ. ඔහු ඒ පිළිබඳව අවබෝධයෙන්ම කතාව ඉදිරියට ගෙන යයි.
"අපිට ඉලක්කයක් තියෙනවා. ඒක දැනට හම්බෙන ගාන වගේ පස් ගුණයක්. කිව්ව ගමන් ඕන කෙනෙක් හිතන්නෙ ඒ ගානනම් කවදාවත් ගන්ඩ වෙන්නෙ නෑ කියල. ඒකයි තත්වෙ. නමුත්..."
සෙවණැල්ල දැන් ළඟටම පැමිණ ඇත.
"උඹලට මොකක්ද තියෙනවය කිව්වෙ?"
ප්‍රනාන්දුගේ හඬ සැරපරුෂය. අතුල මේ දැන් දැක්කාක් මෙන් ඔහු දෙස බලයි.
"අපිට තියෙනව ඉලක්කයක්, උඹලට නැති." අතුල ප්‍රනාන්දුගේ ඇස් දෙස කෙළින් බලා හඬ උස් කර කියයි.
අවට රැස් වන්නන් තමන්ට හෝ ප්‍රනාන්දුට සහය නොදක්වන බවත්, සිද්ධිය පසුව වාර්තා කිරීම පිණිස පමණක් උනන්දුවෙන් බලා සිටින බවත් අතුල වටහා ගන්නේ අත්දැකීමෙනි.
"ඔව් තොපිට තියෙනව ඉලක්කයක්- මිනිස්සුන්ගෙ ප්‍රශ්න වවාගෙන කන්ඩ!" ප්‍රනාන්දු එකවරම ගුගුරයි.
"ප්‍රශ්න වවාගෙන කෑවෙ කවුද?" අතුල මේසයට මිටින් පහර දී විමසයි.
"කවුද?" ප්‍රනාන්දුද මේසයට මිටින් පහර දෙයි.
හදිසියේම අතුලට මෙතැනට කොහෙත්ම නොගැලපෙන සංජයගේ කීම සිහි වෙයි:
මේ ආහාරය හු!
සුළු මොහොතකට ඔහුගේ මුවග සිනහවක් ඇඳෙයි.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com76tag:blogger.com,1999:blog-3270037286621401654.post-54873013225146681112012-07-22T01:23:00.001+05:302012-08-02T20:20:43.303+05:30හීනයඅපට හීන පෙනෙන්නෙ කොහොමදැයි කල්පනා කරලා තියෙනවද?
දෙවියෝ තමන්ගෙ දරුවට දී තියෙන සෙල්ලම් බඩු තමයි, මේ හීන.
බොහොමයක් පොඩි දරුවන්ගෙ සෙල්ලම් බඩු අඩුක් කරලා තියෙන්නෙ පෙට්ටියක. ඉතින් දෙවියන්ගෙ දරුවටත් ඒ විදිහෙ විශාල පෙට්ටියක් තියෙනවා. හීන අඩුක් කරලා තියෙන්නෙ මේ පෙට්ටියෙ.
සෙල්ලම් කරන්ට ඕන වුණහම, හැම පොඩි ළමයෙක්ම වගේ දේව දරුවත් ගිහින් සෙල්ලම් බඩු පෙට්ටිය අදිනවා. අතට අහු වෙන හැම එකම එහෙට මෙහෙට විසි කරනවා. ඕනෑම විටෙක, අප හොයන්නේ මොකක්ද, ඒ දේ තියෙන්නෙ අඩියෙම බව අපි කවුරුත් දන්නවා. දෙවියන්ටත් මේ නියමය පොදුයි. ඉතින් තමන්ගෙ හිතේ තියෙන හීනය අහු වෙනතුරු දේව දරුවා අතට එන හැම හීනයක්ම අහු වෙන අතකට විසි කරලා දානවා.
"ඔය තියෙන හීනයක් අරන් සෙල්ලම් කරන්න. බලන්න, මේක කොතරම් අපූරු හීනයක්ද?" වෙලාවකට දෙවියෝ කියනවා.
දේව දරුවා එහෙම වෙලාවට බෙරිහන් දීලා අඬනවා; අඩි පොළොවෙ හප්පනවා.
"බෑ, මට අර හීනයමයි ඕන!"
ඉන් පස්සෙ ඔහු අතට අහු වෙන හීන සී සී කඩ විසි කරන්නෙ කලින්ටත් වඩා දරුණු තාලෙට.
කොටින්ම දෙය්යෙක් නෙවෙයි, යකෙක්!
හීන කියන්නෙ බොහොම මටසිළුටු දේවල්. ඉක්මණින්ම බිඳෙන සුළුයි. ඒ වගේම නෙළුම් කොළයක් උඩට වැටුණු වතුර බිඳු එකිනෙක හා ඉක්මණින්ම මුසු වෙලා ලොකු බිඳුවක් හදනවා වගේ, මේ හීනවලට අනෙක් හීන එක්ක මුසු වෙන්නටත් වෙලාවක් යන්නෙ නැහැ.
දේව දරුවා මේ විදිහට විසි කරන හීනත් පුංචි පුංචි බිඳුවලට බිඳෙනවා; සමහරවිට කිට්ටුව තියෙන අනෙක් හීන එක්ක මුසු වෙලා අලුත් හීන හැදෙනවා.
දිව්‍යලෝකය තියෙන්නෙ මහ පොළොවට ඉහළින්. අර විදිහට හැම තැනම විසි වෙන හීන ඔන්න මහ පොළොවටත් විසි වෙනවා. නින්ද ගිහින් ඉන්න සතුන්ගෙ මෘදු වූ හිත් ඇතුළට මේ හීන ඇතුළු වෙනවා.
අපි දකින්නෙ ඒ හීන.
දේව දරුවා තමන් කැමති හීනය තෝරගෙන සෙල්ලම් කරන්නට යනවා. දෙවියන්ගෙ සේවකයින් හැම තැනම දුවලා, එහෙ මෙහෙ විසිරුණු හීන එකතු කරනවා. ඒවා ආපහු සෙල්ලම් බඩු පෙට්ටියට දානවා.
සෙල්ලම් බඩු පෙට්ටිය ඇතුළෙදි සමහරවිට මේ හීන එක එක විදිහට අනෙක් හීන එක්ක මුසු වෙනවා.
එකම හීනය දෙවරක් දකින්නට අපහසු ඔය හින්දා.
බොහොම ඉස්සර කාලෙ මහ පොළොවෙ දරුවෙක් වාසය කළා. මේ දරුවා දවසක් නිදාගෙන ඉද්දි, හීනයක් දැක්කා. ඒ හීනය ඇතුළෙ ඔහු කැමති හැම දෙයක්ම තිබුණා: සතුට, වාසනාව, සැනසීම, ආදරය....
නින්දෙන් අවදි වන විටත් ඔහුගෙ හිතේ ඉන් ඇති වුණු ප්‍රමෝදය රැඳිලා තිබුණා. ඔහු තමන් දුටුව හීනය ආයෙ ආයෙත් සිහි කරමින් සතුටු වුණා.
"මගේ හීනය..." ඔහු හිතුවා.
මනුස්ස ලෝකයේ වාසය පහසු නැහැ. ජිවිතය කරදරයි. දරුවාට නිතරම අර ප්රබෝධජනක හීනය මතක් වුණා. හීනය හින්දා දුක් කම්කටොළු තාවකාලිකව අමතක කරන්නට ඔහුට හැකි වුණා. ඒත් ඔහු ඉන් පසු කවදාවත් ඒ හීනය දැක්කෙ නැහැ. එහෙම වුණේ ඇයි කියලා, අපි දැන් දන්නවා.
කාලයක් ගත වුණා. දරුවා දැන් වැඩිහිටියෙක්.
පොඩි කාලෙදි වගේ නොවෙයි. වැඩිහිටියකුට පුළුවන් තනියෙන් තීරණ ගන්නට. ඉතින් දැන් වැඩිහිටි මිනිසකුව සිටින දරුවා තීරණය කළා තමන්ගෙ හීනය හොයා යන්නට.
එකම එක වරක් ඒ හීනය තුළ ඉන්නට...
එකම එක මොහොතක්...
ඒ වෙනුවෙන් තමන්ගෙ ජීවිතයම වුණත් කැප කිරීමට ඔහු හිත හදා ගත්තා.
ඔන්න එදා පටන් මේ මිනිහා මහ පොළොව මත හැම තැනම ඇවිදින්නට පටන් ගත්තා. හැම කෙනකුගෙන්ම ඔහු හීන ගැන විමසුවා. තමන් දුටුව හීනය විස්තර කරලා, එහෙම හීනයක් දැකලා තියනවද කියලා විමසුවා.
ඔහුගෙ ඇඳුම් පැලඳුම් වියැකුණා. පාවහන් ගෙවුණා. හරිහැටි කෑමක් බීමක් නොලැබුණු, ඇවිදීමෙන් වෙහෙසට පත් සිරුර ඉක්මණින් දිරාපත් වුණා; රෝගී වුණා.
ඒත් ඔහු උත්සාහය අත හැරියෙ නැහැ.
මහ පොළොව මත කොතෙකුත් ඇවිදලාවත් තමන්ගෙ හීනය හොයා ගන්නට ඔහුට නොහැකි වුණා. ඔහුගෙ ඇස් කෙමෙන් කෙමෙන් ඇඳිරි වුණා. කොන්ද වකුටු වෙන්නට වුණා. අතපය හන්දි වේදනා දෙන්නට වුණා.
ඒත් හීනය හොයා ගන්නට බැරි වුණා.
බලාපොරොත්තු ටික ටික කඩ වෙනවිට මිනිහාගේ හිත දුර්වල වුණා. දවසක්දා පය වාරු නැතිව මිනිහා ලිස්සා වැටුණා. හිත දුර්වල වෙලා හිටිය හින්දා ඔහු හඬන්නට වුණා.
ඔහුගෙ වාසනාවට, ඒ හැඬුම හීන එකතු කරන්නට මහ පොළොවට ඇවිත් හිටිය දේව සේවකයකුට ඇහුණා. ඔහුට මිනිහා ගැන දුක හිතුණා. දෙවරක් නොහිතා, දේව සේවකයා මිනිහාව දිව්‍ය ලෝකයට එක්කගෙන ගියා. දෙවියන්ගෙ සෙල්ලම් බඩු කාමරයටම එක්කගෙන ගියා.
"දිව්‍ය ලෝකයට මිනිහෙක් ඇවිත්!" කතාව හැම තැනකම ආරංචි වුණා. දේව සභාව මිනිහා බලන්නට ආවා.
වයස්ගත මිනිහා දණින් වැටුණා. ඔහුගෙ හිසකෙස් හොඳටම සුදු වෙලා. අතපය වෙව්ලනවා. හම රැළි වැටිලා. ජීවිත කාලයක් පුරා හීනය සොයමින් ඇවිද්ද ඔහුට හොඳටම වෙහෙසයි.
"මට මගෙ හීනය හොයා දෙන්න." ඔහු හඬමින් ඉල්ලා සිටියා.
"නුඹේ හීනය?" දෙවියො ඇහුවා. අහලා මහා හය්යෙන් හිනා වෙන්නට පටන් ගත්තා. "හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා!"
"ඔව්, මගේ හීනය. මා ළමයකුව සිටියදී දැක්ක මිහිරි හීනය." වයස්ගත මිනිහා දෙවියන්ගෙ පාද වඳිමින් කිව්වා.
"නුඹේ හීනය!" දෙවියො ආයෙත් හිනා වෙන්නට පටන් ගත්තා. දේව සභාවත් හිනාවට එක් වුණා.
"හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා! නුඹේ හීනය!!"
මුළු දිව්‍ය ලෝකයම හිනාවෙන් දෙදරුම් කෑවා.
දෙවිවරු නෙවෙයි යක්කු!
මිනිහා හීල්ලුවා. දෙවියෝ හිනාව යන්තම් නවත්තා ගත්තා. ඔහු මිනිහාව ඇමතුවා.
"ඒ හීන නුඹගෙ නොවෙයි. තේරුණාද? නුඹ දැක්කෙ අපේ හීන. ඒවා අපේ, දෙවියන්ගෙ. නුඹගෙ නොවෙයි. තේරුණාද?"
මිනිහාගේ යාන්තම් පෙනෙන නොපෙනෙන ඇස්වලින් කඳුළු ආවා. ඔහුගෙ දුබල අත් එක් කරලා ඔහු දෙවියන්ට වැන්දා. බොහොම දුක්බර හඬින් ආයාචනා කළා.
"කරුණාකරලා, කරුණාකරලා, ඒ හීනය විතරක් මට දෙන්න. මම මුළු ජීවිත කාලයක් ඒ හීනය හොයමින් ඇවිද්දා. වයසක මට අනුකම්පා කරන්න. ඒක බොහොම පරණ හීනයක්. ඔබ වහන්සේලාට ඕන තරම් අළුත් හීන තියෙනවා නොවෙද? මියැදෙන්නට පෙර, එකම එක් වරක්වත් විඳින්නට මට ඒ හීනය විතරක් දෙන්න."
දෙවියන් ඇත්ත වශයෙන්ම කරුණාවත්. ඔන්න ඔහුට අනුකම්පා හිතුණා.
"පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනෙන්න."
දෙවියො අණ කළා. සේවකයො පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනාවා.
ඒක මහා විශාල පෙට්ටියක්. නොයෙක් විදිහෙ හීනවලින් ඒ පෙට්ටිය පිරිලා.
"ඔන්න තියෙනවා." දෙවියො මිනිහාට කිව්වා.
"නුඹේ හීනය සමහරවිට ඔතුළ ඇති. සමහරවිට ඒ හීනය ඒ විදිහටම ඇති. නමුත් බොහොම වෙලාවට ඒ හීනය වෙන හීනත් එක්ක මුසු වෙලා වෙනස් වෙලා ඇති. කොහොම වුණත්, නුඹට හීනය මතකනම්, එක එක තැන්වලින් කොටස් එකතු කරගෙන, නුඹගෙ හීනය යළිත් හදාගන්නට හැකි වේවි. එහෙම හදා ගත්තොත්, මම නුඹට හීනය ගෙනයන්නට දෙන්නම්."
වයසක මිනිහා සුසුමක් හෙළුවා. ඔහුගෙ ඇඳිරි දෙනෙත් තුළ බලාපොරොත්තුව දිලිසුණා.
"මගේ හීනය." ඔහු මිමිණුවා.
දැඩි ආශාව නිසාම ඔහුගෙ අතපයට නැගිටින්නට පණ ආවා. තමන්ගෙ ඉතිරිව ඇති සියළුම ශක්තිය එකතු කරගෙන ඔහු සෙල්ලම් බඩු පෙට්ටියට බඩ ගෑවා.
සෙල්ලම් බඩු පෙට්ටිය මහා විශාලයි. එතුළ හීන පිරිලා. නොයෙක් විදිහෙ හීන. තෙරක් පෙනෙන්නෙ නැහැ. අබල දුබල මිනිහකුට තියා, තරුණ මිනිසුන් සිය දෙනකුටවත් තමන්ගෙ ජීවිත කාලය තුළ ඒ පෙට්ටිය බලලා ඉවර කරන්නට බැහැ.
වයසක මිනිහාට මහ හය්යෙන් ඇඬුණා. ජිවිත කාලය පුරාම සොයා ඇවිද්ද හීනය අසලටම ඔහු ඇවිත්. ඒත් ඒ හීනය ඔහුට සොයා ගත නොහැකි තරම් සැඟවිලා.
"දෙවියනි, මට අනුකම්පා කරන්න. වයසක මනුස්සයෙක් වන මට අනුකම්පා කරන්න. මගේ හීනය මට සොයා දෙන්න." ඔහු ඉල්ලා සිටියා.
දෙවියො හෙමින් හිස සැළුවා.
"නුඹේ හීනය හොයා දෙන්නට මට පුළුවන්කමක් නැහැ. එය නුඹම හොයා ගත යුතුයි. මම නුඹට අවසර දුන්නා. සෙල්ලම් බඩු පෙට්ටිය දුන්නා. හීනය හඳුනන්නෙ නුඹ. මට නුඹ ගැන කණගාටුයි."
"අනේ දෙවියනි, මේ දේව සභාවෙ සියල්ලන්ටම එකතු වෙලා හීනය සෙවිය හැකියි නේද?" වයසක මිනිහා කෙඳිරි ගෑවා.
දෙවියො හිස සැළුවා.
"හීනය දන්නේ නුඹ. නුඹම එය හොයා ගත යුතුයි. නුඹ ගැන අනුකම්පා කරලා මම නුඹට තවත් අවස්ථාවක් දෙන්නම්. නුඹේ මුල් හීනය හොයා ගන්නට නොහැකිනම්, නුඹ කැමති වෙනත් හීනයක් අරගෙන යන්නට අවසර දෙන්නම්."
වයසක මිනිහා හීන පෙට්ටියට බැස්සා. ඔහුගෙ ගොරහැඩි සිරුර වදිනවිට මටසිළුටු හීන බිඳුණා; එහෙ මෙහෙ විසිරුණා; එකිනෙක මුසු වුණා; වෙනස් වුණා. හීන අල්ලා ගන්නට අත් දිගු කරනවිට ඒවා ඔහුගෙ ඇඟිලි තුඩුවල වැදී තවත් ඈතට විසි වුණා. මැරෙන්නට පෙර තමන්ගෙ හීනය හොයා ගන්නට නොහැකි වනු ඇතැයි හිතුව හින්දා ඔහු කලබල වුණා. එතකොට ඔහුගෙ දුබල සිරුර තව තවත් වෙවුලන්නට වුණා; වේදනා දෙන්නට වුණා; කිසිම හීනයක් අතට අහු නොවී ගිලිහෙන්නට වුණා. හීන හරි හැටි නොපෙනෙන හින්දා ඔහු ඇස් තව තවත් පුංචි කරමින් ඕනකමින් වටපිට බැලුවා. එහෙම බලන්නට බලන්නට, ඔහුගෙ පෙනීම තව තවත් ඇඳිරි වුණා. හෘදය වස්තුව වේදනා දෙන්නට වුණා. හුස්ම ගැනීම පවා අපහසු වුණා.
දෙවියන් කණගාටුවෙන් මිනිහා දිහා බලා සිටියා. ජීවිත කාලයක් පුරා ළමා හීනයක් සොයමින් ඇවිද්ද මේ මිනිහාට ගෞරවය පිණිස, දෙවියනුත්, දේව සභාවත් නිශ්ශබ්දව නැගිට සිටියා.
වෙන කළ හැකි දෙයක් තිබුණෙ නැහැ.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com73