කවුරු හරි නැති වුණහම අපිට හුඟක්ම දුක හිතෙන්නෙ, ඒත් එක්ක අපිට නැති වෙන දේවල් හින්දා වෙන්නට ඕන. ටයි මාමා නැති වුණු බව ඇහුව ගමන් අපි හැමෝම ආපහු අපේ ළමා කාලයට ගිහින්; මතකයන් එකිනෙක අවදි වෙලා. ඒ දේවල් කොහොමත් ආයෙ කවදාවත් නොඑනවා වුණත්, ඒ බව අපිට මතක් වුණේ ටයි මාමගෙ මරණයත් සමග.
මටත් එහෙම මතකයක් තියෙනවා.
ඒ ලා තණකොළපෙත්තාස් කණ්ඩායමේ 'බෑයි කියල බෑ කියල බෑ' සින්දුව එවක බාලදක්ෂිකාවන් වූ අපව ගළව ගත්ත සිද්ධියක්.
ටයි මාමගෙ දායාදයන් එක්ක හැදුණු වැඩුණු අපි හැමෝටම මේ වගෙ පුංචි පුංචි මතකයන් ඇති.
ජෝ අබේවික්‍රමයන්ගෙ මරණය නිසත් අපි කම්පා වුණු බව ඇත්ත. මම හිතන්නෙ, ලංකාවෙ එදා මෙදා තුර පහළ වුණු දක්ෂතම රංගන ශිල්පියා ජෝ වෙන්නට ඕන. ඒත්, අපි පුංචි කාලෙදිම ඔහු වැඩිහිටියන්ගෙ චිත්‍රපටවල ශිල්පියෙක් වුණු නිසාද මන්දා, අපත් වැඩිහිටියන් වන තුරු ඔහුගෙ අගේ එතරම්ම දැනුණෙ නෑ. ඒත් ටයි මාමා ලොකු මිනිස්සුන්ගෙ ලෝකයෙන් ඉවත්ව, අපේ මට්ටමට බැහැලා, අපිත් එක්ක සෙල්ලම් කළ වැඩිහිටියෙක් වගේ. එහෙම අය කෙරෙහි ළමයින් තුළ ඇතිවන ආදරය, ලෙන්ගතුකම හුඟක් ගැඹුරුයි; දිගුකාලීනයි.
ටයි මාමට අපි මෙච්චර ආදරේ ඒ නිසා වෙන්නට ඕන.
ඒ ටයි මාමා මලින් සැරසුණු කුටියක, පුංචි මල්කිණිත්තක් දෑතින් දරාගෙන, ඇස් පියාගෙන හිටියා. කිසි හැලහොල්මණක් නැහැ. හරියට භාවනාවක් කරනවා හෝ ලා නින්දකට වැටිලා වගෙයි. දෙතොලෙ යන්තම් සිනහවක් ගෑවිලා. මොනවා හරි හිත සතුටු වෙන දෙයක් සිහි කරමින් ඉන්නවා වගෙයි.
හිත හොඳ අය එහෙම වෙන්නට ඇති.
අපේ ළමාකාලයෙන් වැදගත් කොටසක් අරගෙන, හෙට සවස හතරට ටයි මාමා නික්ම යනු ඇත.
ටයි මාමාට ආදරය කළ, එහෙත් ඒ බැව් නොදැන සිටි වැඩිහිටි ළමයින් රාශියක් හෙට බොරැල්ල කනත්තට එනු ඇත. එසේ එනු ඇති බව ටයි මාමා දැන සිටියාද?
සමහරවිට දැන සිටියා විය යුතුය. මන්ද, කළ යුතු, නොකළ යුතු දෑ ඔහු ළමා අපට කියා දුන් හෙයිනි.
Tuesday, October 18, 2011
Wednesday, October 12, 2011
"නම නොදනී."
එක් අඳුරු රැයෙක
නොතබා කිසිදු ලකුණක්
නිහඬවම නික්මුණු හෙයින් සිදුහත්...
සම්, මස්ද, නහරද,
ඇට, ඇටමිදුළු විනිවිද,
හද දවන දරුපෙම
ඉවසනු නොහී...
රන්රුව රැගත් කරදහිය
දරා වෙවුලන දෑතින්
මාවතක්, මාවතක් පාසා
විඩාපත් පා නගා
විමසමින්, පැකිළෙමින්
නොවිඳිය හැක්ක සොයමින්
සරන සුදොවුන් මමය.
නොදිරන නාමයක් අහිමිව
දිරන කය මරනු වස් වස බී
ගිලන්හල වැතිර, හෙමින් මියැදෙන
නාඳුනන පුත,
නුඹ ගෙනා මේ හැඟුම
සැනසුමද, ශෝකයද නොදනිම්...
නූපනද මා ලෙයින්
පිය නෙතක නැගි මේ කඳුල
නොනික්මුණු නුඹටය.
**********************************************
හුඟක් දෙනාව රෝහලට භාර දෙන්නෙ පවුලෙ උදවිය. එහෙම නැත්නම් යාළුවො. ඒත් සමහරුන්ගෙ භාරකාරයා හැටියට සඳහන් වෙන්නෙ පළාතෙ පොලිසිය.
හුඟක් වෙලාවට ඒ රාත්‍රී කාලයෙ රිය අනතුරුවලට ලක් වන අය. ඉනුත් බහුතරය යතුරු පැදිවල ගමන් ගත් තරුණ වයසෙ අය.
ඉඳහිට සිය දිවි හානි කරගැනීමට තැත් කළ අය.
කවුරු වුණත්, ඇතුළු කරනවිට නම සඳහන් කළ යුතු තැන ලියවෙන්නෙ "නම නොදනී." කියලා.
සමහර වෙලාවට හදිසි අනතුරු ඒකකයෙ රෝගීන් කිහිප දෙනෙක් ඉන්නවා එහෙම "නම නොදනී, වයස නොදනී" අය. ඒ අය හඳුන ගන්නෙ රෝගී වාර්තාපත් අංකයෙන්.
ටික දවසක් යනකොට මේ "නම නොදනී"ලට නමක් හම්බවෙනවා. ඒ ගෙවල්වල මිනිස්සු හොයාගෙන එන නිසා. දරුවා ගෙදර ආ යුතු දිනේට, වෙලාවට ආවෙ නැති වුණහම, මිනිස්සු ඒ දරුවගෙ පින්තූරයක් අරගෙන පාරට බහිනවා. පොලිසි ගානෙ, ඉස්පිරිතාල ගානෙ යනවා; මළ මිණියක් කොහෙ හරි තියෙනවා කිව්වොත් ගිහින් බලනවා; මිණී කාමර ගානෙ ගිහින් බලනවා.
අපේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ, අසාධ්‍ය තත්ත්වයේ පසු වෙන "නම නොදනී"ට එහෙම නමක් ලැබුණා; ඒ ගෙදරින් හොයාගෙන ආව නිසා. ඒ බව නොදැන, තවත් දිරාපත් තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවගෙ හැඳුනුම්පතත්, ඒ හැඳුනුම්පතේ ඇති ඡායාරූපයම සටහන් කොට හදාගත් අතටම දිය වුණු දැන්වීම් කරදහියකුත් අරන්, රෝගීන් බලන වෙලේ ආවා ඒ තමන්ගෙ පුතාද බලන්න.
පුතා නෙවෙයි.

Monday, October 3, 2011
අබූත!
කරන කිසි දෙයක් හරි නොයන කාලකණ්ණියකු වූ උපාලි සන්තකයේ තිබූ අන්තිම රුපියල් දහය දුන්විට කොන්දොස්තර කොල්ලා ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ අමුතුම කාසියකි. එය රුපියලක්ද නොවේ; දෙකක්ද නොවේ; පහක්ද නොවේ. මුහුණත පැහැදිලි නැති අවපැහැ ගැන්වුණු එකකි. වැව් බැම්මේ හිඳගත් උපාලි එය මැද පිරිසිදු කිරීමට තැත් කළේය. එකෙණෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, රත්පැහැ සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබ තමයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.
"නෑ නෑ. සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාද කරන්ඩ කියන වචනයක්." උපාලි වැරැද්ද හදාගන්නට තැත් කළේය.
"ඒ කිව්වෙ බොරුවක්ද?" භූතයා තවත් ප්‍රශ්නයක් නැගීය.
"කාසියෙම ඉඳල මහන්සි ඇති." උපාලි මාතෘකාව වෙනතකට හැරවීය. "ඉතින් මොනවද බූතයෙක් හැටියට කරන්ඩ පුළුවන් වැඩ?"
"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "තමුන්ට මොනවද කෙරෙන්න ඕනෙ?"
උපාලි මඳක් කල්පනා කළේය.
"මාව මේ ලෝකෙ ඉන්න ලොකුම පෝසතා කරනවකො එහෙනම්."
"එහෙම ඒවනම් කරන්න අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් නිකං සිල්ලර කාසියක භූතයෙක්නෙ. සිල්ලර වැඩ තමයි පුළුවං."
"මූත් මටම හරියන එකෙක් වගේ."උපාලිට සිතිණි. ඔහු සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"ආ, එහෙනම් කන්ඩ මොනව හරි ගේනවකො."
"එහෙම බෑ. ඕන කරන දේ හරියටම ඉල්ලන්න ඕන."
"බත් පිඟානක්."
"එච්චරනං අමාරුයි..."
පැයක් දෙකක් යනවිට උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් සදාචාරය කතා කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.

Subscribe to:
Posts (Atom)