ලෝකෙ පටං ගත්තු දවස්වල මෙච්චර රවුම් නෑ; හුඟක් පැතළියි. ටිකක් හතරැස් ගතියකුත් තිබුණා. විශේෂයෙන් මුළුවලට වෙන්ඩ.
ඒ කාලෙ අපේ මල්ලි දණ ගාන අතරෙ, අහු වෙන දෙයක් අල්ලගෙන හිට ගන්ඩ දඟලන වයස. දවසක් මට හිතුණා ලෝකෙ කෙළවරට යනකම් යන්ඩ. මොකද, ලෝකෙ මුළුවල වැදිලා මල්ලිගෙ ඔළුව තුවාල වෙන්ඩ පුළුවන් හින්දා, ඒ මුළුවල කඩදාසි ගුලි කරලා අලවන්ඩ. නිතරම සූදානමෙන් සිටීම බාලදක්ෂිකා ගුණයක්නෙ.
ඉතින් අම්මලගෙං ඇහුවොත් ඕකට එපා කියන හින්දා, මම අවසර ගත්තෙ අල්ලපු ගෙදර ඇන්ටිලාගෙන්. ඒගොල්ලො අපේ අම්මලත් එක්ක තරහ හින්දා ටක් ගාලා අවසර දුන්නා. ඒ විතරක් නෙවෙයි, මගට කන්ඩ බත් මුලකුත්, අග්ගලා පොට්ටනියකුත් බැඳලා දුන්නා.
මගේ නිල් පාට බෑග් එක කට්ටිය දැකලා ඇතිනෙ? අර අපේ මල්ලි පළවෙනි පඩියෙන් මට ගෙනත් දුන්නු එක? ඕක තමයි අරන් ගියෙ. මොකද, ඒකෙ ඉඩත් තියෙනවා; එල්ලන් යන්ඩ ලේසියි. අනික මගෙ යාළුවො කියනවා වගේ ඒකට විශේෂ හැකියාවක් තියෙනවා කෙනෙක්ගෙ සිහි නැති කරන්ඩ. ආරක්ෂාවට හොඳයි.
ඉතින් මම හුඟක් දුර පයින් ගිහිං ඊට පස්සෙ කෝච්චියෙත් ටිකක් දුර ගියා. ලෝකෙ කෙළවරට යනකොට, කෝච්චියකට එක දිගට යන්ඩ තරමට ඉඩ මදි හින්දා, මැදිරි වෙන් කරලා, එක් එක් මැදිරිය බස් එකක් බවට පත් කරලා තමයි යවන්නෙ.
කොහොම හරි මුල්ලටම ගියා කියමුකො. මම දැන් ලෝකෙ අයිනෙ ඉඳගෙන, ගෙදරින් අරන් ගිය කඩදාසි ටික පොඟවලා පල්පයක් සකසගෙන, ගුලි හදනවා.
ඔය අතරෙ ටිකක් වයසක මහත්තයෙක් මොන මොනවද විද්‍යාත්මක උපකරණ ටිකකුත් අරන් ඇවිත්, ලෝකෙ මුල්ලෙම හයි කරගෙන, මොකක්දෝ පරීක්ෂණයක්. මමත් බැලුවා මොකද කියලා. බලනකොට පුරා හඳ පායලා.
ඒ කාලෙ හඳ පෘථිවියෙන් බිඳිලා ගිය ගමන්නෙ. ඉතින් පොළොවට හුඟක් ළඟයි. හඳේ හාවව දැන් ඔය පොඩියට පේන්නෙ ඈත හින්දනෙ. නමුත් ඌ ඇත්තටම හුඟක් විසාලයි. ඔය කාලෙ වෙනකොට ඩයිනොසෝර්ලා හිටියෙත් නැති හින්දා, හඳ හාවා තමයි අපි දැකලා තිබුණු ලොකුම සතා. අපි දන්නෑ හාවෙක් කියලා. අපි කිව්වෙ හායිනෝසෝරස් කියලා. ඩයිනොසෝර්ලා වගේ සද්ද වෙන හින්දා ඉතින් හාවටත් මිනිස්සු බයයි. ඒකයි එහෙම නම දැම්මෙ.
අර ඇවිත් හිටිය මහත්තයා හායිනෝසෝරස්ගෙ චලනය අධ්‍යයනය කරන විද්‍යාඥයෙක්. මනුස්සයා දාඩිය පෙරාගෙන වැඩ. හඳ දිහා බලනවා; ගණන් හදනවා; ආයෙත් හඳ දිහා බලනවා; ආයෙත් ගණන් හදනවා. ඔහොම ගණන් හද හද ඉඳලා එක පාරටම මනුස්සයා උඩ පැන්නා. උඩ පැනලා කෙළින්ම ඇවිත් වැටුණෙ මගෙ කඩදාසි පල්ප ගොඩට.
මිනිහට ඒ ගානකුත් නෑ. මිනිහට හරි සතුටුයි වගේ. හිනා වෙවී මොකක්ද මතක් කරනවා.
"ළමයො, මොකක්ද අර වචනෙ?"
"මොන වචනෙද?" මම ඇහුවා.
"ඇයි ළමයො අර වචනෙ? අර ආකිමිඩිස් කිව්ව එක?"
"යුරේකද?" මම සැකේට වගේ ඇහුවා.
"අන්න හරි! යුරේකා තමයි."
"අංකල්." මම ඉතින් ඕනෙම නොදන්නා මනුස්සයෙක්ට ලංකාවෙ අපි කියන ආමන්ත්‍රණ පදයෙන් එයාට කතා කරා. "අංකල් මොනවද හොයා ගත්තෙ? ආකිමිඩිස් නියමෙද? බොයිල් නියමෙද? නිව්ටන් නියමෙද? අනේ කියන්ඩකො."
"ඊට වඩා වැදගත් දෙයක් ළමයො." විද්‍යාඥයා කියනවා. "මම හොයා ගත්තා අර හායිනෝසෝරස්ගෙ චලිතය අනුව, ඔය නියමවලට වඩා බොහොම වැදගත් දෙයක්."
"මොකක්ද?" මම ඇහුවා.
"හාවො ටික ටික ලොකු වෙනකොට උන් උඩ පනින තරම වැඩියි කියලා ඔය ළමයා දන්නවනෙ."
මම ඒක දැනං හිටියෙ නෑ. මොකද, ඩයිනෝසෝර්ලත් නැති එකේ ඒ කාලෙ ලෝකෙ මොන හාවොද?
"එහෙම තමයි." විද්‍යාඥයා කිව්වා. "හායිනෝසෝරසුත් ඇත්තටම හාවෙක්. ඉතින් ඌ දැන් උඩ පනින තරම බලලා මම ගණන් වගයක් හැදුවා."
"ඉතින්?"
" ඒ අනුව, තව හරියටම දවස් පහළොවකින් ඔය හායිනෝසෝරස් හඳේ මුළු උසම පනිනවා."
"ඉතින්?"
"ඉචිං ඉචිං නෙවෙයි." ඔන්න විද්‍යාඥයාට තරහ ගිහින්. "තේරෙන්නෙ නැද්ද එතකොට වෙන දේ?"
"නෑ."
"ඇයි මෝඩයො, එතකොට හඳේ වායුගෝලයෙ සීමාව එක්ක ගැටිලා මහා පිපිරුමක් ඇති වෙනවා. ඇයි අහලා නැද්ද අභ්‍යවකාශ යානා පොළොවෙන් පිට වෙනකොටත් එහෙම වෙනවා? එක පාරටම ගිනි අරගෙන කඩා වැටෙන්නෙ හිටි ගමන්?"
එහෙම දෙයක්නම් මටත් ලාවට වගේ මතකයි.
"ඉතින්?"
"ඉතින් එහෙම පිපිරුණාම විශාල තාපයක් පිට වෙනවා."
"ඉතින්?"
"දැන් හඳ තියෙන්නෙ පොළොවට හුඟක් කිට්ටුවෙන් නිසා, ඒ තාපය පොළොවටත් තදින් දැනෙනවා."
"ෂා, එතකොට බඩ ඉරිඟු යායවල් පිටින් පොප් කෝන් වෙයි නේද?" මම සන්තෝසෙන් ඇහුවා.
"මගුලක් කතා කරනවා." විද්‍යාඥයා තරහෙන් කිව්වා.
"එහෙනම්?"
"ළමයෝ ඒක විශාල තාපයක්. ඒ තාපයට මුළු ලෝකෙම විනාශ වෙනවා! අළු ටිකක්වත් ඉතුරු වෙන්නෙ නෑ."
"මළා!" මට කියවුණා.
"එහෙම කියන්ඩ එපා." විද්‍යාඥයා සන්තෝසෙන් කියනවා. "මම දැන්මම ඇමරිකාවට ගිහින් කියනවා මේ ගැන. හරියටම තව දවස් පහළොවකින් ලෝක විනාශය වුණාට පස්සෙ, ඒක මුළින්ම හෙළි කළ විද්‍යාඥයා හැටියට මම ලෝක ප්‍රසිද්ධ වෙනවා."
ඇත්ත තමයි. මටත් හිතුණා. ඒ හින්දා මම ඒ වෙනකොට පොඟවලා නොතිබුණු කඩදාසියක විද්‍යාඥයාගෙ අත්සනකුත් ගත්තා සමරුවක් විදිහට. එතකොට ලෝක විනාසෙ වුණාට පස්සෙ මට ඉස්කෝලෙ ගිහින් යාළුවන්ට පෙන්නන්ඩ පුළුවන්නෙ.
ඊට පස්සෙ ඉතින් මම හැරිලා ගෙදර ආවා. මොකද, දවස් පහළොවකින් ලෝක විනාශය වෙනවනම්, අපේ මල්ලිට ලෝකෙ කෙළවරට යනකම් දණ ගාන්ඩ කාලයක් නෑනෙ.
ඇවිත් හිටියා, හිටියා, හිටියා.
දවස් ගියා.
පහළොස්වෙනි දවසත් ආවා.
අපි බලාගෙන හිටියා ලෝක විනාශය වෙනකම්.
ඒත්...
ඒත්...
මුකුත් වුණේ නෑ.
බලනකොට, එදා අමාවක.
හඳ නෑ.
උඩ පනිනවා තියා හායිනෝසෝරස් පේන්ඩවත් නෑ.
හඳවත් හායිනෝසෝරස්වත් නැතුව මොන පිපිරිල්ලක්ද?
පව් අර අංකල්. මිනිහට කවදාවත් ලෝක ප්‍රසිද්ධ වෙන්ඩ බැරි වෙන්ඩ ඇති.
මොළේ ඇඹරිලා පශ්චාත්තාපෙ රිදෙන්නගත්තා! Oo
ReplyDeleteදොස්තර නෝනලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාද? අනේ මන්දා... මටත් ඔය අනන්මනන් පාවිච්චි කරපු වෙලාවට ඔය වගේ දේවල් පේනවා.... :D
ReplyDeleteඅභීත එක්ක එකඟයි,
ReplyDeleteහැබැයි මට හිතෙනවා මොකක්ද මන්ද දෙයක් තියනවා කියලා ඒක මොකක්ද කියලා හාවාගෙන්ම තමයි අහලා බලන්න ඉන්නේ.
මට හිතෙන විදිහට නම් දොස්තර නෝනා දැකපු හීනයක් වගෙයි... මටත් නිතරම ඔය වගේ විකාර හීන පේනවා... හැබැයි හැම දෙයක්ම මතක හිටින්නේ නෑ.....
ReplyDeleteහිකිස්..
ReplyDeleteහිනා වෙලා පන ගියා. හෑබෑට මේ මොකෝ නොනේ ???
අර මල්...ද මොනාද ලග පාතක නෑනෙ නේද??
අනේ අර මල්ලි අරන් දීපු බෑග් එක දවසක කුලියට මටත්
දෙන්නකො. එක්කෙනෙක් ඉන්නව මටත් සිහි නැති කරන්ට
හෆොයි.. මේ මොකද මේ..? මැඩම්ට කියලා චෙකප් එකක් කරගත්තොත් නරකද..? ;)
ReplyDeleteමේක බලලා මට "සුදුනෝනේ" මතක් උනා :))
මරු ජෝගිය ඕං.....පංකාදු මල්ලක් නොවැ ඔහේ ගාව තියෙන්නේ......
ReplyDeleteකතාව කියෙව්වට පස්සෙ හිතුන ඇයි මේක මා බාල කාලේ කියල නම් කළේ කියල. ඒ කාලෙ හිතා හිටි දෙයක් වත්ද..
ReplyDeleteඇත්තට මට නං ඒකාලෙ ඔයවගේ කතා සෑහෙන්න හිතිලතියෙනව. හික්ස්.
එක අතකින් බැලුවම ඒවයෙ අමුතු දෙයක් තියනව. අපි ආස කරන නමුත් හැබැහින් කරන්න බැරි,වෙන්නෙ නැති අමුතුම දේවල් ගොඩක්..
පෝය පහු වෙලා දවස් කීපයක් ඇතුලත මේ වගේ හීන පෙනීම සාමාන්‍යයි :D
ReplyDeleteමම හොයා ගත්තා මේ සංසිධියට මූලික හේතුව!
ReplyDeleteඇල්කොහොල් ප්‍රතිශතය වැඩි ඖෂධ වැඩිපුර ගැනීම! :D
මටත් අහන්න වෙන්නේ චන්ද්‍රග්රහනෙන් පස්සේ මොකක් හරි බලපෑමක්ද ?? අර කැස්සට දෙන බෙහෙතක් වත් වැරදිලා පෙවුනද ?? දැන් ඔය ගැම්මේන්මද කුචි ටනල් අස්සේ රිංගන්න හිතන් ඉන්නේ ??සමහර ෆිල්ම් බැලුවම මටත් ඔය වගේ ඔලුව කොලොප්පන් හීන පේනවා. ඊයේ ලතින් ඇමරිකන් රටක ත්‍රස්තවාදී ගැන කතාවක් බලල මුළු රෑම අන්දිස් කඳු උඩ ඇවිද ඇවිද හිටිය.
ReplyDeleteThis is a classic!
ReplyDeleteනිකං රජ්ජුරුවන් ගේ ඇඳුම වගේ. මං වගේ නුවණනැත්තන්ට විතරයි තේරෙන්නේ.
දරුවනේ;
ReplyDeleteනලිනිට වෙඩි තියන්න කලින් පොඩ්ඩක් හිතන්න. අඩු ගානේ පේලි පේලි ගානේ කට පාඩම් වෙලා නලිනිගේ මොලේ පිරුණු රුසියානු ආභාෂය අමතක නොකරන්න.
මං පොඩි කාලේ කීයෙව්ව සෝවියට් දේශය පොතක අග හරියේ තිබ්බා කතාවක් [හැම එකකම එක කතාව බැගින් තිබේ. කෙල හලාගෙන ඉන්නේ එක කියවන්න] "පිස්සු කතාවක්" කියලා. ඕක පටන් ගන්නේ මේ වගේ කෑල්ලකින්.
"අපේ තාත්තා පුංචිකාලේ මහා දඟයා. පස්සේ ලොකුවෙලා මගේ තාත්ත උනාට මට වඩා එයා පොඩියි."
මැද මේ වගේ කෑලි.
"මං මඩ වගුරේ යටටම එරුණා. මී මැස්සට කරන්න දේකුත් නැහැ. බකමුනත් ඉඳගෙන ... [මේ බකමුණ කිව්ව එක මතක නැහැ]. අන්තිමේදී වෙන බේරෙන්න විදිහක් නැති නිසා මං ගෙදර ගිහින් උදැල්ල ගෙනත් මඩ ටික අයින් කරලා මාව මුදා ගත්තා. ඊට පස්සෙයි මට මඩ වලෙන් එන්න හැකි උනේ."
ඔය කතාව මගේ පොඩි හිතට සෑහෙන බලපෑමක් කළා ලේඛනය ගැන.
නලිනි මෙන්න මගෙන් උපරිම අප්පුඩියක්. පට්ට.
පට්ට වීමට අමතරව විවිධ පර්යේෂණ කෙරෙහි ඔබ දක්වන උනන්දුවත් නිර්භීතකමත් මා අගයනවා.
මෙන්න මම අපේ අක්කගෙ පොඩි එකීට එක පාරක් හාවෙක් ගැන කියල දීපු කතාව.
ReplyDeletehttp://status-chanaka.blogspot.com/2009/12/blog-post.html
ආයෙ හා කතාවක් ඇහුවොත් මේ කතාව කියල දෙන්න පුළුවන්.
හැබෑට ලෝකෙ පෙරළෙනවෝ කියල දිවුවෙත් හායිනෝසිරස් කෙනෙක්ම නේද ?
විහිළුවක් අප්පා කලේ . නැතුව අහිංසක නලිනිට වෙඩි තියන අදහසක් නපුරු හීනෙක වත් තිබ්බේ නැහැ. ඇලිස් ගේ පුදුම ලන්තෙත් බිහි වුනේ ඔය විදියටනේ . අපිට විකාරයක් වුනාට පොඩි එව්වෝ ඇසුයි කටයි දෙකම ඇරන් බලන්නේ . මාත් ආසයි ටිකක් විකාර රූපී කතාවලට . ''Despicable Me '' බැලුවද ..අර හඳ හොරකම් කරන කතාව. සෝවියට් දේශය ..ඔන්න සුජීව ආයි මතක් කරනව
ReplyDelete[[අර හඳ හොරකම් කරන කතාව]]
ReplyDeleteමතක නැහැ.
[[විකාර රූපී කතාවලට]]
විකාර රුපි උනත් ලස්සන [ජොලි] රීසනින් තිබිය යුතුයි.
හඳයා හැර [ඒ කිව්වේ පොරගේ දුන්හිඳ අද්දර හා තනි තටුව - මං බැලුවේ එච්චරයි] ඉතිරි විකාර රුපි කලාවට ආසයි. හන්දයගේ මා දකින වරද තමයි සිම්බල් ගොඩ ගැහුවට, හරි හමන් ෆලෝ එකක් නැති එක. කතාව සම්මත උෂ්ණත්වයේ පීඩනයේ තියෙන්න ඕනේ නැහැ ඒත් කතාව තුල බිහිවෙන තද බල පොයින්ට් අවශ්‍යයි.
බලන්න හැරී පොටර් කතා වල කොච්චර පැහැදිලි කිරීම් තියෙනවද කියලා එයටම ආවේනික වූ.
කියවන ලදි..තවත් මෙවැනිම වූ අරථ පූර්ණ..භාවාත්මක..කලාත්මක නිර්මාණ කිරීමෙහි ලා..වැඩි වැඩියෙන් ශක්තිය හා ධෛර්ය උපදිත්වා..!
ReplyDeleteමෙවන් උසස් වූ කලා නිර්මාණයක් ඇගයීමෙහි ලා..අප සතු වදන් ලුහුඩු යැයි මට හැගේ..එසේ වූ කල..කෙසේ නම් මෙයට විවරණ සපයන්නේම්දෑ..නැත නැත..එය මා වැන්නන්ට කල හැක්කක් නොවේ..එහෙයින් විවරණ දීම පසෙක ලා..මා මෙතැනින් ඉවත්වැ යමි..ඔබට තේරුවණ් සරණ පතමි..!
අඩේ මාරයා නම වෙසමුනියටත් පන්සිල් දෙන්න ඇහැක් පොරක්.
ReplyDeleteනිර්මාණයක් යනු මොකක්ද යන්න හොඳින්ම තේරුම් ගන්න මේක හොඳයි. ඇත්තටම මටත් ඇලිස් දුටු විශ්මලන්තය මතක් උනා. අපි පුංචි කාලේ ආසාවෙන් කියවපු පොත්. ඒවාත් මේ වගේම නේද?
ReplyDeleteකතාවේ අමුතුම ලස්සනක් තියෙන්නේ. ලමා කාලයේ අතීතයට කන්දක් උඩ ඉඳන් තල්ලු කරලා ඔහේ ඇදිලා ගිලිහෙන්න යනකොට එකපාරටම උඩට ඇදලා ගන්නේ හරියට Bungee Jumping එකක් වගේ. කතාවේ සීරුමාරු ගතිය නිසා මොළයට හොඳ ව්‍යායාමය.
ReplyDeleteඅළු ටිකක්වත් ඉතිරි නොවෙන්න විනාශවෙන ලෝකයේ ජනප්‍රිය වෙන්න හීන බලන විද්‍යාඥයාගේ තියරිය ඉදිරිපත් කරන කොටස උපරිමයි.
* bungee jumping http://www.answers.com/topic/bungee-jumping
මට මතක් වුනේ අපේ මලය පොඩි කාලෙ මගෙන් අහපු දෙයක්...
ReplyDelete" ඇයි බෙරකාරයො අපරාදෙ හිටගෙන බෙර ගහන්නෙ.... එයාලට පුළුවන්නෙ බෙරේ කරේ එල්ලගෙන ඒකෙ ඔංචිල්ලාවෙ වගේ වාඩිවෙලා පැද්දි පැද්දි බෙර ගහන්න ??"
කතන්දරගේ කතාවට සම්පූර්නයෙන් එකඟයි.
ReplyDeleteලස්සන නිර්මානයක්. හැබැයි ඉතින් මොනවා හරි හොඳ දෙයක් බීලාම ඉන්ට ඇති.:D
හ්ම්.....මටත් හිතෙන්නෙ වැරදි ඉන්ජෙක්ෂන් එකක් වත් ගහගෙන කියල.....
ReplyDeleteසුන්දර කතාවක් ....ඇත්තටම පුංචිකාළේ මේ වගේ කතාවක් කියවල ඉවර වුනාම දැනෙන “ගතියම“ තාමත් දැනෙනවා....ස්තුතියි ...තව ලියන්න..
ReplyDeleteඑක 3 D කාටුන් එකක් සුජීව. ලෝක පුජිත හොරු දෙන්නෙක් තරගෙට හොරකම් කරනවා. පිරමිඩ හිටන් .දෙන්නගේ තරගෙ හඳ හොරකම් කරන්න . අන්තිමට අනාත නිවාසෙක පුංචි කෙල්ලෝ දෙන්නෙක් හොරෙක්ව වෙනස් කරන හැටි. .දැන් ෆිල්ම් හෝල් වලට ගිහින් බලන්නේ කාටුන්ම තමයි . මමත් ආසනේ ඒවාට . ඉතින් අවුලක් නැහැ . මටත් හදයාගේ කතා ටිකක් දිරවනවා මදි . [දුන්හිඳ අද්දර වගේ ඒවා හැර ]. බුඩි ගේ සිහින දේශයත් බැලුවා . බලපු මෝඩකම තමයි කියන්න තියෙන්නේ.
ReplyDeleteඅපි ඔක්කොම කරන සමහර වැඩ ඔය වගේ තමයි.. අපේ ජීවිත කාලේ කොච්චරද කියල නොදන්නා නිසා අපි කල්පයක් ජීවත් වෙන මිනිස්සු වගේ මහා තරඟයක් දීල එකිනෙකා මරාගෙන උඩට යන්න හදනවා.. පටන් ගන්නත් කලින් අපි පිටත් වෙලා යනවා .. එකත් මේ වගේ තමයි.. බරපතල අර්ථයක් තියෙන කතාවක් .. ඕක ලියල..... අපේ මෝඩ කොමෙන්ට් බලල ඔයා හොඳට හිනාවෙනවා ඇති....හැබැයි මට ඉස්සෙල්ලම මතක් උනේ නම් මැන්චෝසන්ගේ චාරිකා කියල සිංහලෙන් පරිවර්තනය කරලා තියෙන The Travels of Baron Munchausen," කතාවේ එක කොටස. මැන්චෝසන් හඳටද කොහෙද ගිහින් පොලවට කඩාගෙන වැටෙනවා. වැටුන තැන මහා ගැඹුරු වළක් ඇතුලේ ඉඳන් මිනිහ කල්පනා කරනවා කොහොමද වලෙන් ගොඩ එන්නේ කියල.. " මන් ගෙදර ගිහින් ඉස්කොප්පේ ගෙනත් වල ඇතුලෙන් හාරලා හාරලා එලියට ආව කියලයි අවසන් වෙන්නේ !!
ReplyDeleteඅමුතුම ගතියක් දැනුණා. මගේ සීමාවෙන් නම් උපරිමයි. ඔබට ජය සහෝදරී !!!
ReplyDeleteමටත් ඔය වගේ කතා මතක් වෙනවා,,,උදේට කොමඩ් එක උඩ ඉදගත්තහම...
ReplyDelete@ItalyDilan ,,,
ReplyDeleteහික්ස්.
අන්න මරු වැඩේ.
බැරිද ඔබට තිර පිටපතක් ලියල දෙන්න. ටෙලි නාට්යකට..
"හායිනෝසෝරස්" එකනම් නියමයි. කොහොම උනත් මොලේ කොලොප්පන් වෙන කතාවක්
ReplyDeleteඅනේ මන්ඳා අප්පා...ඔළුව නිකං අඤ්ඤකොරොස් වෙලා ගියා නෝනේ..වැඩට ආපු ගමන් තමයි බැළුවේ.. පියවි සිහියට එන්න ටික වෙලාවක් යයි වගේ...
ReplyDeleteජය...
කතුවරිය නිහඬයි?? මැඩම් මේ රියැලිටි සමය. යු ආර් කොම්පෙල්ඩ් ටු කොමෙන්ට් ඈ...
ReplyDelete@ budhajeewa: තව එකක් ලියන්න වෙයිද
ReplyDeleteඅනික් පැත්තට අඹරන්න?
@ අභීත: ඔය එන්නෙ එළියට...
@ වෙදගෙදර මහ වෙදනා: අනේ නෑ. මං
පන්සිල් රකින මනුස්සයා.
@ Jeew: හීනයක්නම් නෙවෙයි සහෝ. මටත්
හීනවල විස්තර හුඟක් මතක හිටින්නෙ නෑ.
@ Gimhani: මල්නම් නෑ. ;-) මේ පොඩි යටි
අරමුණක් ඇතුව ලිව්ව එකක්. ඒක මම හිතූ මං පෙතේ වැඩ කරලා නෑ. :( නමුත් මම වෙනත් වැදගත් පාඩමක් ඉගෙන ගත්තා.
හික්. බෑග් එක සැපයුවහැකි. ඕන දවසට
කියන්ට.
@ හිතමිතුරු: සුදුනෝනෙ මතක් වුණේ
මොකෝ? ;-) ඕවා ඔහොම ප්‍රසිද්ධියෙ කියනවද
මං අහන්නෙ.
@ Heeniyata: යෙෂ්! මැජික් මල්ලක්.
@ හිම කුමාරි: නැහැ; නමක් නැතුව ලිව්වෙ.
කියවන්නා නොමග යැවීමේ අදහසින්.
පොඩි කාලෙදි වගේම වැඩිහිටි කාලෙදිත් එහෙම
හිතෙන් කතන්දර ගොතන එක මටත් ඇබ්බැහි
වුණු පුරුද්දක්. ඉන් සමහරක් තමයි මේ
ලියන්නෙ.
@ හර්ෂණ: ගහප් පයිං!
@ පූසා: පූසගෙ අත්දැකීම් වගේ.. හා හා. ;-))
@ Bindi: හීනෙන් ඒ තුළ ජීවත් වෙන්නට හිතෙන තරම් හොඳින් නිමැවුණු චිත්‍රපටියක් බලන්නට ලැබීමත් වාසනාවක්නෙ.
ReplyDelete@ කතන්දර: ඔන්න ඔයාට විතරයි තේරුණේ. ඉතින් බලන්න මේ මිනිස්සු... :D
@ Sujeewa: මුළින්ම, බොහොමත්ම ස්තුතියි මාව බේරා ගැනීම පිළිබඳව.
(සද්ද නොකර තව බලා ඉන්නට තමයි අදහස තිබුණෙ. නමුත් සුජීවගෙ කොමෙන්ටුව දැක්කහම තව දුරටත් නිහඬ වීම නුසුදුසුයයි හිතුණා.)
ඒ වගේම බොහොමත් එකඟයි එකම රාමුවකට කොටු වී නොසිට, විවිධ මං පෙත්වලින් කථා කිරීමට උත්සාහ ගත යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන්. අලුත් මගක නොයා, එහි හොඳ නරක දැන ගැනීමට හැකියාවක් නැහැනෙ. බොහොම ස්තුතියි මේ කරුණ මතු කළාට.
ඔයා ඔය කියන කතාව මමත් කියවා තියෙනවා. ඔයාගෙ විස්තරේ කියවනකොටයි මට මතක් වුණේ. නමුත් ඕක මගේ යටි හිතේ අනිවාර්යයෙන් රැඳී තියෙන්නට ඇති. නැත්නම්
මෙහෙම විකාරයක් ලියවෙන්නෙ නෑනෙ.
ඔය ගැන කියනකොට: සුජීව අහලා තියෙනවද ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් පාවිච්චි කරල කළුකුමෙක් අල්ලන විදිහ?
@ Chanaka Aruna Munasinghe:
ReplyDeleteඇත්තටම අපි පොඩි කාලෙ ඔය වගේ කතා අහන්න කොච්චර ආසද නේද? අපේ අම්මලත් ඒ කාලෙ කතා ගොත ගොත කියා දෙනවා.
ස්තුතියි කතාවෙ ලින්ක් එකට.
@ Bindi: අනේ මමත් බලලා නැහැ. හොයාගෙන බලන්න ඕන. මේ..... මම අහිංසකයි, නේද? :D
@ Sujeewa: මම දුන්හිඳ අද්දරටනම් කැමති වුණා. විශේෂයෙන් ඕක පෙන්නුව කාලෙ තිබුණු අනිත් නාට්‍ය සමග සැසඳුවහම, කැපී පෙනෙන වෙනසක් තිබුණනෙ. ඒ ගැම්මෙන් ඔය කියාපු ෆිල්ම් එක බලන්න ගිහාමනම්... හාපොයි, හඳයව සදහටම එපා වුණා. මුළු ලෝකෙම ප්‍රශ්න එකම ෆිල්ම් එකකින් විසඳන්න යනවා කියලයි මට හිතුණෙ. ඒ ඇර ඒ චිත්‍රපටියෙ කලාත්මක ගති ලක්ෂණ අඩුයි කියලා මට හිතෙන්නෙ.
ඇත්ත. බටහිර සිනමාවෙ වීර කතාවලට මිනිස්සු ඇදී යන්නට එක හේතුවක් වෙන්නැති ඔය කතාව තුළ ගොඩ නැගෙන පිළිගත හැකි තාර්කික සංකල්ප.
@ මාරයා: එසේම වේවා. සුජීවයන් බෙනෙන පරිදි වෙසමුණියාවද නුඹ පංචශීලයෙහි පිහිටවනු ඇත. :P
@ priyantha: බොහොම ස්තුතියි සහෝ. පුංචි කාලෙදි විතරක් නෙවෙයි දැනුත් මම ඒවට ආසයි.
@ ඩීන් අය්යා: බොහොම ස්තුතියි අය්යා.
ReplyDeleteනමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නට ඕන. කතාවෙ ඉතිරිය මගේ වුණාට, ඔය ලෝක විනාශය වුණාට පස්සෙ ලෝක ප්‍රසිද්ධ වීමට තැත් දරන සිතුවිල්ල මං ගත්තෙ Tin Tin පොතකින්. උල්කාවක් කඩා වැටිලා ලෝකෙ වැනසෙන්නට යනකොට ඒක ගණනය කරපු විද්‍යාඥයෙක් ඔහොම සතුටු වෙනවා.
බොහොම ස්තුතියි ලින්ක් එකටත් Bunjee Jumping මතක් කළාටත්.
@ සපතේරු උන්නැහේ: හික්. මම ඉතින් හිතෙන් මවා ගත්තා මේ කියන දසුන.
අපරාදෙනෙ, ඇයි එහෙම නොකරන්නෙ කියල තමයි මටත් හිතෙන්නෙ.. ;-))
@ Podi Kumarihami: අපොයි නැහැ. හොඳ සිහියෙන් හිටියෙ. (මං හිතන්නෙ...)
@ Observer: හ්ම්.... ;-))
@ Mahesh Nishantha: මමත් තවම ඒ ළමා කතා කියවන්න ආසයි. ස්තුතියි සහෝ.
අනේ දෙයියනේ මේක නම් මාරයි. අති සුපිරියි .
ReplyDeleteඅර කිව්ව යටි අරමුණ ඉෂ්ඨ වෙලා ඇත්තෙ,,ඒත් ඕවා පිටට පෙන්නන්න බැහැනෙ
ReplyDelete@ Bindi: දාන්න නංගි පහක්. අපි කට්ටියටම "බටහිර මාකට් එකට හැදුව නූතන සිංහල සම්භාව්‍ය" දිරවන්නෙ නෑ වගේ.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය: මම ඊයෙ කල්පනා කරා ඔයාට තියෙන්නෙ ගැලපෙන නමක් කියලා- ලංකාප්‍රිය. බ්ලොග් එක දැක්කහම තේරෙනවා ඒ බව. මම හිත සන්සුන් කරගන්නට යන තැනක් ඔයාගෙ බ්ලොග් එක.
"අපි ඔක්කොම කරන සමහර වැඩ ඔය වගේ තමයි.. අපේ ජීවිත කාලේ කොච්චරද කියල නොදන්නා නිසා අපි කල්පයක් ජීවත් වෙන මිනිස්සු වගේ මහා තරඟයක් දීල එකිනෙකා මරාගෙන උඩට යන්න හදනවා.. පටන් ගන්නත් කලින් අපි පිටත් වෙලා යනවා"
ඇත්තටම, ඔයාගෙ මේ අදහස් එක්ක සම්පූර්ණයෙන් එකඟයි.
ඔය කතාව හොයාගෙන කියවන්නට ඕන. (දැන් එහෙම හිතාගෙන ගෙනත් ගොඩ ගහගෙන ඉන්න පොත් මහ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ;-) )
කොමෙන්ට්ස් බලලා මම ලොකු පාඩමක් ඉගෙන ගත්තා ඇත්තම කිව්වොත්. මම පිළිතුරක් නොදී බලාගෙන හිටියෙත්, මම නිහඬව ඉන්න තරමට ඒ පාඩම වඩ වඩාත් පැහැදිලි වෙන හින්දයි.
@ හරි-පිණිපලස: බොහොම ස්තුතියි සහෝ අදහස් බෙදා ගත්තට.
ReplyDelete@ ItalyDilan: :D මතක් වෙන හැටියට ඒවත් ලියමු. ගිම්හානි කියනවා වගේ නාට්‍ය පිටපතක් හැටියටවත්.
@ miuranga: :D බොහොම ස්තුතියි සහෝ අදහස් බෙදා ගත්තට.
@ බස්සා: අද රෑ වැඩද? නැත්නම් ඉන්නෙ පිටරටකද? පියවි සිහියට එන්න කලින් ටක් ගාලා කවියක්වත් ලිව්වනම් මොකද?
@ සුජීව: කොහෙද, හැංගිලා සද්ද නැතුව ඉන්ඩ හැදුවට මේගොල්ලොත් එක්ක බෑනෙ. ඔන්න උත්තර බැන්දා. :D
@ Luckey: නැත්තෙමත් නෑ, එක්තරා දුරකට... ;-) බොහොම ස්තුතියි ආවට.
ReplyDeleteනලිනි;
ReplyDelete[[ඔය ගැන කියනකොට: සුජීව අහලා තියෙනවද ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් පාවිච්චි කරල කළුකුමෙක් අල්ලන විදිහ?]]
නැහැ. අලියා [ජිරාෆ්] සහ ෆ්‍රිජ් එකේ කතා ටික මතකයි. සිංහයා කුඩුවේ දාන මැතමැටිකල් ක්‍රම ටික අමතක වුනත් කියවා තිබේ. මේක අලුත් සිද්ධියක් වගේ.
[[ඔය ලෝක විනාශය වුණාට පස්සෙ ලෝක ප්‍රසිද්ධ වීමට තැත් දරන සිතුවිල්ල මං ගත්තෙ Tin Tin පොතකින්. උල්කාවක් කඩා වැටිලා ලෝකෙ වැනසෙන්නට යනකොට ඒක ගණනය කරපු විද්‍යාඥයෙක් ඔහොම සතුටු වෙනවා.]]
මටත් මතක් වුනා Shooting Star එකේ බුවා. ඔහොම පොරකට දන්නේ ඌ විතරයි. ටින් ටිනුත් වෙනම කතා කලයුතු මාතෘකාවක්.
[[සිහින]]
සිහින ගැන අපි කතා කරමු. මට ලියන්න බොහෝ දේ තිබේ. වෙනම පෝස්ට් එකක් දාන්න බැරි නැහැ.
මට ඇලිස් දුටු විශ්මලන්තය හමුවන්නේ මගේ පිස්සු හැබිට් එකක් නිසා. මං පරණ සිංහල අච්චු පොත් කියවන්න ආසයි [ඒ කියන්නේ අපට කලින් තිබ්බ සිලබස්]. ඔන්න ඔහොම එකක තිබිලා ව්ෂ්මලන්තේ කාලක් [මැදින්] කියවූ මා එයට කොයි තරම් බය උනාද කිව්වොත් ආයිත් ඒ පොත දිහාවත් බැලුවේ නැහැ. පහත කරුණු විකියෙන්.
ReplyDeleteAlice's Adventures in Wonderland:
Alice's Adventures in Wonderland (commonly shortened to Alice in Wonderland) is an 1865 novel written by English author Charles Lutwidge Dodgson under the pseudonym Lewis Carroll.[1] It tells of a girl named Alice who falls down a rabbit hole into a fantasy world (Wonderland) populated by peculiar, anthropomorphic creatures. The tale plays with logic, giving the story lasting popularity with adults as well as children.[2] It is considered to be one of the best examples of the literary nonsense genre,[2][3] and its narrative course and structure have been enormously influential,[3] especially in the fantasy genre.
-------
Alice was published in 1865, three years after the Reverend Charles Lutwidge Dodgson and the Reverend Robinson Duckworth rowed in a boat, on 4 July 1862,[12] up the River Thames with the three young daughters of Henry Liddell, (the Vice-Chancellor of Oxford University and Dean of Christ Church) : Lorina Charlotte Liddell (aged 13, born 1849) ("Prima" in the book's prefatory verse); Alice Pleasance Liddell (aged 10, born 1852) ("Secunda" in the prefatory verse); Edith Mary Liddell (aged 8, born 1853) ("Tertia" in the prefatory verse).[13]
The journey began at Folly Bridge near Oxford and ended five miles away in the village of Godstow. During the trip the Reverend Dodgson told the girls a story that featured a bored little girl named Alice who goes looking for an adventure. The girls loved it, and Alice Liddell asked Dodgson to write it down for her. He began writing the manuscript of the story the next day, although that earliest version no longer exists. The girls and Dodgson took another boat trip a month later when he elaborated the plot to the story of Alice, and in November he began working on the manuscript in earnest.[14]
To add the finishing touches he researched natural history for the animals presented in the book, and then had the book examined by other children—particularly the MacDonald children. He added his own illustrations but approached John Tenniel to illustrate the book for publication, telling him that the story had been well liked by children.[14]
On 26 November 1864 he gave Alice the handwritten manuscript of Alice's Adventures Under Ground, with illustrations by Dodgson himself, dedicating it as "as Christmas gift to a dear child in memory of a summer's day".[15] Some, including Martin Gardner, speculate there was an earlier version that was destroyed later by Dodgson when he printed a more elaborate copy by hand.[16]
But before Alice received her copy, Dodgson was already preparing it for publication and expanding the 15,500-word original to 27,500 words,[17] most notably adding the episodes about the Cheshire Cat and the Mad Tea-Party.
[තව කොටසක් ඇත]
[මෙන්න ඉතිරිය]
ReplyDelete-----------
In The Annotated Alice Martin Gardner provides background information for the characters. The members of the boating party that first heard Carroll's tale show up in Chapter 3 ("A Caucus-Race and a Long Tale"). Alice Liddell herself is there, while Carroll is caricatured as the Dodo (because Dodgson stuttered when he spoke, he sometimes pronounced his last name as Dodo-Dodgson.) The Duck refers to Canon Duckworth, the Lory to Lorina Liddell, and the Eaglet to Edith Liddell (Alice Liddell's sisters).[4]
Bill the Lizard may be a play on the name of British Prime Minister Benjamin Disraeli.[5] One of Tenniel's illustrations in Through the Looking-Glass depicts the character referred to as the "Man in White Paper" (whom Alice meets as a fellow passenger riding on the train with her), as a caricature of Disraeli, wearing a paper hat.[6] The illustrations of the Lion and the Unicorn also bear a striking resemblance to Tenniel's Punch illustrations of Gladstone and Disraeli.[7]
The Hatter is most likely a reference to Theophilus Carter, a furniture dealer known in Oxford for his unorthodox inventions. Tenniel apparently drew the Hatter to resemble Carter, on a suggestion of Carroll's.[8] The Dormouse tells a story about three little sisters named Elsie, Lacie, and Tillie. These are the Liddell sisters: Elsie is L.C. (Lorina Charlotte), Tillie is Edith (her family nickname is Matilda), and Lacie is an anagram of Alice.[9]
The Mock Turtle speaks of a Drawling-master, "an old conger eel", who came once a week to teach "Drawling, Stretching, and Fainting in Coils". This is a reference to the art critic John Ruskin, who came once a week to the Liddell house to teach the children drawing, sketching, and painting in oils. (The children did, in fact, learn well; Alice Liddell, for one, produced a number of skilled watercolours.)[10]
The Mock Turtle also sings "Beautiful Soup". This is a parody of a song called "Star of the Evening, Beautiful Star", which was performed as a trio by Lorina, Alice and Edith Liddell for Lewis Carroll in the Liddell home during the same summer in which he first told the story of Alice's Adventures Under Ground.[11]
Literary nonsense
ReplyDeleteමෙන්න මේක තමයි නලිනි ගේ පර්යේෂණය අයිති වන ශාස්ත්‍රීය ගුරුකුලය. පට්ට නම. ඔන්න මං ලින්ක් කළා නැත්නම් මගේ ඔළුවයි යන්නේ.
ඔය විකියේ නම සඳහන් වෙන Doug Adams ලියු Hitch Hiker's Guide to Galaxy පොත මා කියවූ හොඳම පොත. පොත් පහක සිරිස් එකක්.
පළමු පොත මෙතනින් බා ගත හැකියි.
http://jj.thebuchis.de/jj/h2g2.pdf
කියවන රුචිය ඇති අය නේ ඉන්නේ. එකයි මේ වැල්වටාරම් දාන්නේ. සිත් ආරේ ජලපාලක තුමිය කෝප නොවනු ඇතැයි සිතමි.
සමා වෙන්න ඇඩ් දැම්මට. ඒත් මේක දැනුම් දෙන්න වෙන විදිහක් නැහැනේ.
ReplyDeleteපිස්සු කතාවක් නොවේ
ඔබේ අත්දැකීමත් මතයත් ලියන්නකෝ එතන.
Did you have this in mind ;-D???
ReplyDelete"Lanka to predict quakes"
http://www.newsnow.lk/index.php?option=com_jomtube&view=video&id=77&Itemid=75
නැත නැත මැතිණිය..වෙසමුණියාව අමුතුවෙන් ශීලයෙහි පිහිටවිය යුතු නොවේ..ඔහු කොහොමත් සිල්වත්ය...
ReplyDeleteඅර උඩින් යන වේලාවක දිය නාන ළඳක් දැක දඩිං බිඩිං දොඩන් වූවාට ඔහුහට අප සිල් දිය යුතු නොවේ..:D
මට නම් හිතට දැනුනේ වෙනස් අර්ථයක්. මේ දිනවල සිදුවන යම් සිදුවීම විශේෂයක් සිහියට ආවා. සැඟවුන අර්ථය තේරුම් ගත යුතුයි.
ReplyDeleteමැණික්
අනේ අක්කේ...මේක කියවල හොදටම හිනා ගියා....කියවන වෙලේ ප්‍රින්සිපල් ලග....කඩාගෙන බිදගෙන එළියට ගිහිල්ලයි හිනා වුනේ.....පුන්චිකාලෙ මාත් ඔයා වගේ විකාර හිතුවා...දැනුත් හිතනවා හොල්මන් ෆිල්ම් එකක් බැලුවම
ReplyDeleteමේක දැක්කම මතක් උනේ සිංහල ජන කතාවක්!
ReplyDeleteමිනිහෙක් ඔයෙන් එගොඩට ගිහින් ගහලලයක් හාරනකොට වැස්ස වැඩි වෙලා ඔය දෙගොඩ තැලුවලු. පස්සෙ අර අතේ තිබ්බ කැත්තෙං හාරගත්තු අලේ දෙකට පළල ඔරුවක් හාරං කැත්තෙම්ම හබල් ගාන් ඔය තරනය කරන්න ගත්තලු. එතකොට ඔයෙ ආපු මාළුවෙක් මේ අලෙත් එක්ක මින්හව ගිලල. පස්සෙ ටික දුරකදි මාළු අල්ලනෙක්ගෙ බිලී පිත්තට මාළුව අහුවෙලා උන්දැ මේක විකුණ්ල තීන්නෙත් අර අල ගලවලන්න ගිය හාදයගෙම හාමිනේට. මාළුව ගෙදර ගෙනිච්ච හාම්නේ ඒකගෙ බඩ කපනකොට අලෙත් අරන් එලියට පැනපු ගමය "අද අලවලට මාළුත් නැතෑ" කියල එක මාළුවට දෙමාළුවම කාල සතුටින් උන්නලු!
කොටින්ම කිව්වොත් "වෙනස්ව හිතන්නෝ ලොව වෙනස් කරයි"
අදයි මේ බ්ලොග් එකට ආපු පළමු දවස. ඉතාම සරල සිත් ගන්නා ලිවීමේ රටාවක්.අනිවාර්යයෙන්ම නිත්‍ය සාමාජිකයෙක් වෙනවා. මේ ලිපියනම් ලස්සන හීනයක් දැක්කට පස්සේ ලියපු එකක් වගේ :D
ReplyDelete@ සුජීව:
ReplyDelete(A) බටර් 100ග්‍රෑම් සීයක් භාවිතා කර කළුකුමකු ඇල්ලීම:
මූලික දත්ත-
1. කළුකුමන් රෑට නිදන්නේ ගස් අතුවලය.
2. බටර් උණුසුම් වටපිටාවලදී දිය වෙයි.
ක්‍රමය:
1. කළුකුමා නිදියනතුරු සැඟවී රැක සිටිනු.
2. කළුකුමාට නින්ද ගිය පසු ගහට නැග, උගේ ඇස් දෙක හොඳින් වැසෙන සේ බටර් ගානු.
3. ගසෙන් බැස එළිවන තෙක් සැඟවී රැක සිටිනු.
4. උදෑසන ඉර පායනවිට කළුකුමා අවදි වෙයි. අව්වට බටර් දිය වී කළුකුමාගේ ඇහැට බටර් යයි.
5. බටර් යාම නිසා ඇස් නොපෙනී කළුකුමා බිම ඇද වැටේ.
6. එවිට දුව ගොස් කළුකුමා අල්ලා ගනු.
සරලයි, නෙහ්?
(B) හරියට හරි. Shooting star තමයි පොත.
(C) යෙෂ්!! සිහින ගැනනම් ගොඩක් කතා කරන්නට දේ තියෙනවා තමයි. දාන්න පෝස්ට් එකක්.
[[යෙෂ්!! සිහින ගැනනම් ගොඩක් කතා කරන්නට දේ තියෙනවා තමයි. දාන්න පෝස්ට් එකක්. ]]
ReplyDeleteමෙන්න දැම්මෝ
@ සුජීව: බොහොම ස්තුතියි ඇලිස්ගෙ පසුබිම පැහැදිලි කළාට. මේ විස්තර කියෙව්වහම පොත හොයාගෙන අකුරෙන් අකුර කියවන්නට හිතෙනවා. අපේ ගෙදර තිබුණෙ කෙටි කරන ලද කතා පොතක්. මොකක් නිසාද මන්දා, අර නැවත නැවත කියවන පොත් ලැයිස්තුවට ඒක අයත් වුණේ නෑ. දැන්නම් කියවනකම් හදිස්සියි.
ReplyDeleteLiterary nonsense: :D
ඔව්, ඔව්. කියවන්නට ආස, කතන්දර විතරක් නොවෙයි, ඒවායේ පසුබිම ගැනත් උනන්දු අයයි ඉන්නෙ. අපේ කට්ටිය හුඟක් අගය කරයි මේ ලින්ක් එකත්, විස්තරයත්.
බොහොම ස්තුතියි.
සුජීව අන්න මම උත්තරයක් දැම්මා. ආයෙ ආයෙත් එන්නම්. දැන් මේ ටිකක් හදිස්සියෙන් ලිව්වෙ. නැතුව එහෙම ලේසියෙන් කතා කරල නවත්තන්න පුළුවන් මාතෘකාවක්යැ. :D
ReplyDelete@ SL: අය්යෝ නැහැ. ඔහොම අදහසක් හීනෙන්වත් තිබුණෙ නෑ. :D
ReplyDelete@ මාරයාගේ හෝරාව: :P
@ මැණික්: මම හිතන්නෙ අපි එක් එක්කෙනා අපටම ගෝචර වෙන තාලයට දේවල් තේරුම් ගන්නවා කියලයි. හුඟක් වෙලාවට මම කියන්නට අදහස් කළ දෙයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදහසක් ග්‍රහණය කර ගන්න අයත් ඉන්නවා. දැන් මෙතනත් විවිධ අදහස් පළ වුණානෙ.
ස්තුතියි සොයුරිය.
@ සිතුවිලි නිහඬයි: හපොයි දරුවො, පරිස්සමෙන්. ඉස්කෝලෙන් එළවයි. :D
@ ඉන්දික උපශාන්ත: අපූරු ජන කතාවක්. අපේ ජන සාහිත්‍යයේ එතරම් ප්‍රසිද්ධ නොවුණු කතා තව කොපමණ ඇද්ද? මේවා එක් රැස් කර තබන්නට වටිනවා.
@ Indunil: සාදරයෙන් පිළි ගන්නවා. සිහිනයක්නම් නෙවෙයි සොයුරිය, නිකම් හිතළුවක්. බොහොම ස්තුතියි.
ඔව් නෝනේ... පිටරටක තමා ඉන්නේ..ඇත්තම කියන්න නෝනේ දැන් උදේට මොනාහරි ලිව්වේ නැත්නම් නිකං මොනාද මොනාද වගේ නේ..ඒකෙත් හැටි නේ..
ReplyDeleteදොස්තර නෝනේ... තරහ ගන්ට් කාරී නෑ ඕං...
ReplyDeleteපට්ට.... පට්ටම පට්ට...
කතන්දර මහත්තය කියපු දේට මාත් එක්ඟයි... මොකෝ මාත් ඒ වගේනේ...
හපෝයි !!! මම සොයුරියක් නොවේ. සොයුරෙක් ... :D
ReplyDelete@මැණික්...
ReplyDeleteමේකනේ මැණික්..සමහර දේවල් තියෙනවා තේරුම් ගත්තත් නිකං නැහැ වගේ ඉන්න ඕන දේවල්..දැන් ඔය දොස්තර නෝනා කියයි මං මහ කපටියා කියලා..:D
අනිත් දේ තමා සමහර දේවල් තෙරුම් ගන්න වැඩිය දගලන්න හොදත් නැහැ...එහෙම දගලන හින්දා තමා මේ ලොකේ හුගක් නව නිර්මාණ බිහි උනෙත්...ඒ වගේම ලෝකය මේ තරම් භයානක තැනක් උනෙත්..
දැන් බලන්න අර විද්‍යාඥයා පව්නේ..සෑහෙන්න දගලලා දගලලා හොයා ගත්තනේ දෙයක්..ඒත් උන්දැට මූලිකම දෙයක් අතෑරිලානේ..ඒක මුලින් කල්පනා උනානං...මෙතන කිසිම අවුලක් නැහැ..
ඉතිං අපිත් මෙවා තේරුං ගන්න අග මුල පටලන් දගලනකොට අපිටත් වෙන්නේ අර විද්‍යාඥයට වෙච්ච දේ..අපිත් නොදැනුවත්වම නලිනිගේ කතාවේ චරිත වෙනවා..ඊට පස්සේ මේක කියවන අය අපිටත් හිනා වෙනවා..:D
මං මොනවා හරි කිව්වද..? නැහැ නේද..?
කොහොම උනත් ඒක අපූරුවට හිතේ මැව්නා
ReplyDelete@නලිනි;
ReplyDeleteකලුකුමාට ස්තුතියි.
@මාරයා;
වෙසමුනියා බුවෙක් නේ. මට අමතක උනා. අපිට බැරි ද මහසෝනා ගෙන් රීප්ලේස් කරගන්න.
@ බස්සා: ඒකනෙ, ලිවීමට, කියවීමටත් ඇබ්බැහි වෙනවා!!
ReplyDelete@ මාතලන්: :D තම තමන් කැමති කෝණයකින් බලන්ට ඉඩ තියලා තියෙන්නෙ.
@ Indunil: අනේ සමා වෙන්න. (කෝකටත් මින් පස්සෙ ඕනෙ කෙනෙකුට 'සහෝ' කෑල්ල විතරක් කියන්නට ඕන.)
@ මාරයා: මට මුකුත් කියලා නැහැනෙ.
@ ayesha: එච්චරයිනෙ ඕන. :D
@නලිනි...
ReplyDeleteපිස්සුද අප්පා ඔයාට මොකුත් නොකියාම ඉන්න නේන්නං මේ උපරිම ට්‍රයි එක..ඒක තමා මේකේ වැදගත්ම දේ..:D
@සුජීව...
අහ් ඒකත් නරකම නැහැ..හැබැයි මෙහෙම ගියොත් තව ටිකකින් මෙතන වෙන කෙනෙකුට කාලි අම්මා වැහෙන්නත් බැරි නැහැ..:D
@ මාරයා..උඹත් එහෙනම් වැරදි ගෑණිව තරහා කරගත්තේ.. හික්ස් ළු...
ReplyDeleteවෙනස් විදියකට ලියලා තියෙන්නෙ .......
ReplyDeleteබොරු කියන්නෙ මොකටද මට නම් තේරුමක් නැහැ .....
ඔන්න අද තමා හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ ....
හැමදාමත් වගේ අක්කේ මට කියන්න තියෙන්නේ උපරිමයි කියල තමයි.මේක මම වත්පොතෙත් බෙදාහදාගන්නවා.
ReplyDeleteෆැන්ටසි ආකාරයට ලියල තියන හැටිනම් හරිම අගෙයි.ඒ වගේම තේරුමක් නැති දේවල් පසුපස ලුහුබඳින අයව උපහාසයට ලක්කරල තියන හැටිත් නියමයි.ඒ වගේම දැනෙන හැටියට නම් කාට හෝ හොඳට වදින හින්ට් එකකුත් පාස් කරල තියනවා...
මම හිතුවෙ මාතෘකාව මා බාල කලේ කියල දාපුවාම පුංචි කාලෙ කරපු පිස්සු විකාර ගැන ලියපු එකක් කියලා.මමත් එකපාරක් ඒ වගේ එකක් ලිව්වා.ඔය මාතෘකාවෙන්ම
@ පන්සල් හන්දිය: බොහොම ස්තුතියි ආවට. පොඩි වෙනසකුත් තියෙන්න එපායැ ඉඳහිට. ;-)
ReplyDelete@ තීර්ථ යාත්‍රිකයා: බොහොම ස්තුතියි මල්ලි. ආ, මම ඔයාගෙ ඒ ලිපිය කියවලා තියෙනවා. එකම මාතෘකාව නේද? මේකත් "පොඩි කාලෙ" ගැන- ලෝකෙ පටන් ගත්තු කාලෙ මං පොඩියිනෙ. ;-))
හප්පේ පොස්ට් එකට වඩා දිගයි කමෙන්ට් ටික..... කියන්න හිටි දේත් අමතක උනා.. නියම ලියවිමක් අක්කා..... :)
ReplyDeleteමේකනම් කියවල ඉවර වෙනකම්ම හිනාවක් රඳවගන්න සමත් වුණා. අභව්‍ය සිදුවීම් එකතුවක් වගේ. මගේ හිතට අල්ලලම ගියේ අර අංකල් හා ලෝක විනාශය ගැන ලියවෙලා තියෙන ටිකයි.
ReplyDeleteහරිම අපූරුයි.
මරු...
ReplyDeleteහසී, අවුට්සයිඩර්, චේජනා: කට්ටියටම බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.
ReplyDeleteඅනේ මේ දොස්තර නෝනගේ බ්ලොග් එකට ආවෙ අදයි. හරිම අපූරු කතා පොඩ්ඩ.
ReplyDeleteමගේ ඇතුලේ ඉන්න පුංචි ළමයව එලියට ඇදල ගත්ත. ඒ ළමය උඩ පැන පැන සතුටු උනා.
බොහොම ස්තුතියි. අද ඉඳල හැමදාම මේ පැත්තේ එන්නයි හිතන් ඉන්නේ.
මගේ ලෝකෙත් පුන්චි කාලෙදි හරි හතරැස්... :D ඒත් මට කොල ගුලි අලවන්න හිතුනෙ නැත්තෙ මට මල්ලියෙක් හිටියෙ නැති නිසා වෙන්ඩැති...
ReplyDelete(outstanding Dr.Nalini).... :)
@ පොත් ගුල්ලා, මකුළු පැංචි: බොහොම ස්තුතියි දෙන්නටම. කොළ ගුලි අලවන වැඩේ මම දැක්කෙත් යාළුවෙකුගෙ ගෙදරදි. අපේ මල්ලිව කාමරේකට දාලා කොටු කරලා හිටියෙ. :D
ReplyDeleteමේකනම් මරු.
ReplyDeleteපට්ට!!!
@ malansamarawickrama: :D බොහොම ස්තුතියි.
ReplyDeleteඅපේ බාප්පා මට කියලා දුන්න කතාවක්
ReplyDeleteදවසක් bycicle කාරයෙක් කඩුගන්නාව කන්ද නගිඩ්ඩි accident එකක් වෙලා කන්දෙන් පහලට ( අර හෙල පැත්තට ) වැටුනලු.
මිනිහ වැටිල වැටිල අන්තිමට දැනුනලු නිකන් ස්ලිප්පින්ග් රොව් එක්ක දිගේ වගෙ කැරකිල කැරකිල, liqued එකක්ට වැටෙනව.
නැගිටිනකොට කිරී පාටට පොරව නෑවිලාලු.
වෙලා තියෙන්නෙ මිනිහ කන්දෙන් වැටිල වැටිල අන්තිමට රබර් ගහක අර කිරි කපපු පාරට වටිල එක දිගේ කැරකිල කැරකිල, කිරි පොල් කට්ටට වැටිලලු.
මන් ඉතින් ඝන සැරේට ඔක විශ්වාස කලා.
ඕහ්....... නලිනි.... පිස්සුම හැදෙනවා.... මේක ක්ලැසික්... මම මෙතෙක් කියවපු (අර්ථ පූර්ණ/භාව පූර්ණ කියල බාල්ලු කරන්න වටින්නෙ නෑ) 'විචිත්‍රම' නිර්මාණයක්. ස්තුතියි මේ විශ්මය ලබාදුන්නාට.
ReplyDeleteකෆ්කාගේ Metamorphosis කතාව මතක් උනා...
ReplyDeleteලොවෙත් නැති විදියට ලියල තියෙනවා ^_^
බොහොම අගෙයි ....
Nalini, Just started reading your blog.. You articles are one of the best,or should I say the best.You exemplify Mahagama Sekara in later times,in a unique intriguing, meaningful and more importantly humane manner. Please publish them in English more often.. World has to recognize you are extraordinary philosopher.
ReplyDelete