ඉස්සර මගේ යාළුවන්ගෙ පුරුද්දක් තිබුණා ළමයි හැදීම පිළිබඳව මගෙන් විශේෂඥ උපදෙස් ඉල්ලා සිටින. මේක තරමක විහිළු සහගත තත්වයක් වුණත්, ඒකට හේතු වුණේ මම මනෝවිද්‍යා පාඨමාලා හදාරා තිබීම. ඒ හින්දා, පොතේ හැටියට ළමයින් හැදීම පිළිබඳ උපදෙස් දීමට මට පුළුවන් වුණා.
ඉතින් පොතේ හැටියට ළමයි හැදීමට හැකියාවක් නැත්තෙත් නෑ. මනෝ විද්‍යා පොත්වල තිබුණෙ, නොයෙක් පර්යේෂණ මගින් සාක්ෂාත් කරගත්තු ක්‍රම ගැන. ළමයි හදන්න වගේම, ළමයි කරන සමහර අමුතු වැඩ ගැන අවබෝධ කරගන්නත් මේ සමහර අධ්‍යයනයන් උදව් වුණා.
උදාහරණයක් විදිහට:
මට සුළු පරිමාණයේ ගෘහස්ත පුස්තකාලයක් තියෙනවා. ඕකෙ කොටසක් තියෙන්නෙ අම්මලාගෙ ගෙදර අල්මාරියක.
අක්කගෙ පුංචි දුව ගෙදර ආව දවසට මෙතන තියෙන ළමා කතා පොත් අදිනවා. රාක්ක තිබුණෙ, එයාට පහසුවෙන් පොත් ගැනීමට හැකි සීමාවෙන් එපිට. ඒ හින්දා වරින් වර වැඩිහිටියන්ගෙ කතාබහට බාධා කරමින් "තව පොතක් අරන් දෙන්න; අර හාවගෙ කතාව තියන පොත අරන් දෙන්න; ඒ දුන්නු කතාව නෙවෙයි, අනික් හා රංචුව ගැන තියන කතාව හොයා දෙන්න"යැයි ඉල්ලීම් කළ යුතු වුණා. ආපහු පොත් පිළිවෙලකට අරන් තියන්න හුරුවක් ආවෙත් නෑ. අක්කා යන්න කලින් කඩිමුඩියෙ පොත් ගොඩ එකතු කරලා, රාක්කෙ පොත් උඩින් දාන එක තමා සිද්ධ වුණේ. පුංචි කෙල්ල පොත් කියවීම ගැන සතුටු වුණත්, පොත් අපිළිවෙල වීම ගැන, අරෙහෙම පොත් ගොඩක් කෙළින් අතට තබා ඇති පොත් උඩින් තිබ්බහම ඒ පොත් නාස්ති වීම ගැන, මට පොඩි මෙව්ව එකක් තිබුණා. තරහක්මත් නෙවෙයි. පොත් ගැන දුකක් වගේ පොඩි මෙව්ව එකක්.
ඒ හින්දා ගෙදර ගිය දවසක මම තීරණය කළා ළමා පොත්, වෙනම කුඩා අල්මාරියක අසුරන්නට.
ඒක තට්ටු දෙකක අල්මාරියක්. පහළ රාක්කෙ, බිම ඉඳන් අඟල් හයක් විතර උඩින් තිබුණෙ. අක්කගෙ පුංචි දුවට බොහොම පහසුවෙන් පොත් හොයාගන්නට පුළුවනි. ඒ එක්කම කියෙව්ව පොත් ආපහු තිබ්බ තැනින් අරන් තියන එකත් එයාටම කරන්න පුළුවනි. පොත් කියවන ළමයි ඒ වැඩෙත් කිරීමට ඉගෙනගත යුතුයයි මම කල්පනා කළා.
අල්මාරියෙ එක තට්ටුවක සිංහල කතා පොතුත්, අනික් තට්ටුවෙ ඉංග්‍රීසි කතා පොතුත් ඇසිරුවා. මේ එක් එක් පොත් ගොනුව, රචකයාගෙ රට අනුව වර්ග කරලා, ලාංකික රචකයන්ගෙ පොත් එක තැනක, එංගලන්තෙ පොත් එක තැනක, රුසියානු පොත් එක තැනක, චීන/ ජපන් පොත් එක තැනක, ඉන්දියානු පොත් තව තැනක ආදී වශයෙන් ඇසිරුවා. කතන්දර පොත් නොවන, වෙනත් පොත් එක් මුල්ලක. ඒ එක්කම පොත්වල ප්‍රමාණය අනුව ලොකු පොත් යටින්ද, පොඩි පොත් ඉහළින්ද තියෙන විදිහට ඇසිරුවා. දැන් ඕනෑම පොතක් බොහොම පහසුවෙන් හොයාගන්නත්, ආයෙම තිබුණු තැනට දාන්නත් පුළුවනි.
ඊට පස්සෙ, බොහෝම සන්තෝසෙන් මං කොළඹ ආවා.
සති දෙකකට පස්සෙ මං ගෙදර ගිය ගමන්, අම්මා ටිකක් හිත කරදරෙන් මගෙ ළඟට ආවා.
"අනේ චූටි දුව, තරහ ගන්න එපා. චූටි හුඟාක් සන්තෝස වුණා එයා කියවන පොත් වෙනම තිබ්බ එක ගැන. එයා ඒ පොත් ටික ආයෙම "පිළිවෙලට" අස් කළා- එයාට තේරෙන පිළිවෙලට!"
මං අල්මාරිය ඇරලා බැලුහම, වනසලා!!
මට ටිකක් තරහ යන්න වගෙත් ආවා.
චූටිගෙ "පිළිවෙල" මට තේරුණෙ ඊට පස්සෙ. ඒ වෙද්දි එයාගෙ වයසෙ හැටියට, එයාට යමක් ගොනු කළ හැක්කෙ, එක් නිර්ණායකයකට අනුව විතරයි. ඒ කියන්නෙ, එක්කො ප්‍රමාණය අනුව; එහෙම නැත්නම් වර්ණය අනුව; එහෙම නැත්නම් හැඩය අනුව; එහෙම නැත්නම් භාෂාව අනුව. නිර්ණායක දෙකකට හෝ වැඩි ගණනකට අනුව ගොනු කිරීමේ හැකියාව එන්නෙ, තව අවුරුද්දක් දෙකක් තුනක් යද්දි.
ඒ හින්දා කෙල්ල, පොත් සේරම එළියට අරන්- චූටම්මා ඉතාම අපිළිවෙලටනෙ පොත් අහුරලා තිබ්බෙ.
ඊට පස්සෙ, සේරම පොත් 'පිළිවෙලට' ප්‍රමාණය අනුව ආපහු අහුරලා!
කෙල්ල කියවන පොත් හින්දා, කෙල්ල කැමති තාලෙකටම පොත් තියාගත්තාවෙ කියලා, මම ඒක එහෙමම තියෙන්න ඇරියා. ඕක මම මගෙ ක්‍රමේට ආයෙ හරි ගස්සන්න ගියානම්, එක්කො ආරාවුලක්; එහෙමත් නැත්නම් කෙල්ල ඒ වයසෙදි ඉගෙනගත යුතු පාඩමක් ඉගෙන නොගෙන යනවා- චූටි, ඒ පුංචි වයසෙදිත්, තමන් ගත් දෙයක් ආපහු තිබ්බ තැනින් තිබ්බ හැටියට තැබිය යුතුයි කියන කාරණාව ප්‍රායෝගිකව ඉටු කළා.
ඕක අදාල කාලෙදි ඉගෙන නොගත් අය නිසා තමයි මට මගෙ පොත්වලින් වැඩි හරිය අහිමි වුණේ!
හුඟ දෙනෙක්ට අදාල කාලෙදි අදාල දේවල් ඉගෙන ගන්න නොලැබෙන්නෙ, වැඩිහිටියන් ඊට ඉඩ නොදෙන නිසා. මොකද, ළමයි වනසගන්න දේවල් අස් කරනවට වඩා, ළමයි හෙමිහෙමින් ඒ දේවල් කරනකං ඉවසීමෙන් බලා ඉන්නවට වඩා, "හා, හා, ඒක මං කරන්නං" කියලා වැඩිහිටියම ඒක කරන එක ගොඩක් පහසුයි. කෙටි කාලීනව ඒක පහසුවක් වුණාට, ළමයගෙ පැත්තෙන්, එයාගෙ වර්ධනයට බාධාවක්.
මට මතකයි, වරක් මගෙ යාළුවෙක් දරුවෙක් හදාගන්න ගත්තා. වයස අවුරුද්දයි මාස දෙකක් විතර වෙනතුරු ළමා නිවාසෙක හැදුණු පුංචි කෙල්ල, එයාගෙ ඉස්සරහින් බත් පිඟානක් තිබ්බහම, ඒක තනියෙන් කෑමට දැනගෙන හිටියා. ඒ පළවෙනි දවසෙ.
ඊට දවස් දෙකකට විතර පස්සෙ මම යද්දි, දරුවව තාත්තා වඩාගෙන. අම්මා කෝප්පෙකට බත් දාගෙන, පුංචි හැන්දකින් කවනවා. කවන ගමන් කියනවා,
"මේ වැඩේ හොඳයි; අහක යන්නෙත් නෑ."
ඇත්ත. ළමයා තනියෙන් කද්දි, වටේම බත් විසුරුවලා.
හැබැයි ළමයා ස්වාධීනයි. ඒ එක්කම, අතේ ඇඟිලි හැසිරවීමට ඇයට හුරුවකුත් ලැබෙනවා. දෙමව්පියො එකතු වෙලා, ආදරේට නැති කරලා දාන්නෙ ඒක.
ඒක ඉතින් 'පොතේ හැටියට' එහෙම කියන්න පහසු වුණාට, කවන්න පුරුදු වුණාට පස්සෙ, යම් යම් හේතු නිසා ඒ විදිහ ලේසි වෙනවා. අස් කරන එකටත් වඩා, කෑමවල මිළ වගෙ දේවල් එක්ක බලද්දි!
ඒත් ළමයින්ගෙ වයසට උචිත පරිදි, ළමයගෙ වැඩ තනියම කරගන්න හුරු කරන්න වගේම, ගෙදර නොයෙකුත් වැඩවලට ළමයින්ව දායක කරගන්නත් ඕනෙ. ඒක ළමයගෙ වර්ධනයට රුකුලක්. චූටි මගෙ පොත් අස් කළා වගෙ වැඩ වෙන්න පුළුවන්, එයාලා හිතන විදිහ වැඩිහිටියන්ට වඩා වෙනස් නිසා. ඉතින් ටිකක් ඉවසීමත් ඕන.
ළඟදි දැක්කා මගෙ යාළුවෙක් වත්පොතේ බෙදාගෙන තිබුණු සටහනක්- මරියා මොන්ටිසෝරි නමින් කෙරෙන පිටුවකින් ගත් මේ සටහනෙහි, එක් එක් වයසෙදි ළමයින්ව දායක කරගත හැක්කෙ කොයි වගෙ වැඩවලටද කියලා සඳහන් වුණා. මේ වගෙ සටහන් බොහොමයක් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි.
උදාහරණයක් විදිහට:
අවුරුදු 2-3
1. ඇඳ ඇතිරිලි සැකසීමට උපකාරී වීම
2. සෙල්ලම් බඩු එකතු කර, ආපසු තිබුණු තැන්වල තැබීම
3. තමන්ගෙ කිලිටි රෙදි, ඒ සඳහා ඇති බඳුනකට ගෙන ගොස් දැමීම
4. සුරතල් සතුන්ට කෑම/ වතුර දැමීම
5. ඉහිරුණු වතුර, ඉඳුල් ආදිය පිස දැමීම
6. ලේන්සු වැනි රෙදි නැමීම
7. තමන්ගෙ හෝ බාල දරුවෙකුගෙ ඇඳුම් ගෙනැවිත් දීම
8. රාක්කයක පොත් තැබීම
අවුරුදු 4-5
1. මල් පැලවලට වතුර දැමීම
2. මේස, දොරගුළු ආදිය පිස දැමීම
3.තනිවම හැඳගැනීම
4. තනිව ඇඳ අස් කර ගැනීම
5. සේදූ රෙදිවලින් එකිනෙකට ගැලපෙන මේස් තෝරා එක්තැන් කිරීම
6. ආහාර සැකසීමට උදව් වීම
වයස 6-7
1. තනිව දත් මැදීම, හිස පීරා ගැනීම, අඳින ඇඳුම තෝරාගෙන ඇඳගැනීම
2. ගෙතුළ බිම පිරිසිදු කිරීම, අතු ගෑම
3. සේදූ රෙදිපිළි නැවීම
4. තමන්ගෙ රෙදිපිළි අස් කරගැනීම
5. ආහාර සැකසීමට උදව් වීම
6. දුරකථනයට පිළිතුරු දීම
වයස 8-11
1. ඉස්කෝලෙන් දුන් ගෙදර වැඩ සඳහා වගකීම ගැනීම
2. තමන්ගෙ උපකරණ ආදිය පරිස්සම් කරගැනීම ගැන වගකීම දැරීම
3. කාමරය පිරිසිදුව තබා ගැනීම
4. එලාම් ඔර්ලෝසුවක් භාවිතා කර වෙලාවට අවදි වීම
5. පිඟන් කෝප්ප, සාස්පාන් ආදිය සේදීම
6. සරල ආහාර වර්ග තනිවම සැකසීම
7. නානකාමරය පිරිසිදු කිරීම
8. මිදුල අතු ගෑම, බිම වැටී ඇති කොළ ආදිය රේක්කයකින්/ කරුවකින් ඉවත් කිරීම
9. කුණු බක්කි අස් කිරීම
ඒවා කියෙව්වහම තේරෙනවා, අපේ වර්ධනය නතර වුණේ කොයි වයසෙදිද කියලා!
ඔය මනෝවිද්‍යා ක්‍රමේට අනුව පොඩි කාලෙ අකමැත්තෙන් කරවපු වැඩ ලොකු වුණාම එපා වෙනවද.. හොස්ටල් එකේ දි බලෙන් උගන්නපු හොඳ සිරිත් එකක්වත් දැන් මට නෑනෙ..
ReplyDelete:v අකමැත්තෙන් කළානම් ඉතින් පොඩි කාලෙදි බලං ඉන්න ඇත්තෙ ලොකු වෙනකම්, ඒවා අත හරින්න.
Deleteදැන් මොනවද සපාට හොස්ටල් එකෙන් ඉගැන්නුවෙ? :D
ඒක හරි . හැබැයි ආයේ හොඳ මේට්‍රන් කෙනෙක්ට අහුවුනොත්........
Deleteඅපරාදෙ, සපාට හැදෙන්න තිබ්බ අවස්ථාව. අහු වුණේ මේට්‍රන්කෙනෙක් නෙවෙයිනෙ.
Deleteහොඳ නැනී කෙනෙක්ව සැර මේට්‍රන් කෙනෙක් කරවලා ගන්න පුළුවන් කමක් නැද්ද ඔය මනෝ විජ්ජාව පාවිච්චි කරලා... :D
Deleteඅලි බබ්බු නළවන අතරෙ, නැනීට මනෝවිජ්ජාව ඉගෙනගන්න වෙලාවක් තිබිලා එපායැ!
Delete//ඒ පොත් නාස්ති වීම ගැන, මට පොඩි මෙව්ව එකක් තිබුණා.//
ReplyDeleteමටත් ඔහොම වෙලාවට ඔය කියන මෙව්වා එක එනවා. :D
ගෙදරට එන පොඩි අයට කියවන්න පොත් මම තියලා තියෙන්නෙ පොත් රාක්කෙ ඒ අයගෙ උස මට්ටමින්. එතකොට අනවශ්‍ය පොත් අතපත ගාන එක නවතිනවනෙ.
:D පොත්වලට ආදරේ අයට තියෙන පොදු ප්‍රශ්නයක්, මට පේන්නෙ.
Deleteලස්සනයි. විස්තරේ පොතේ හැටියට උනාට ප්‍රායෝගික නෑ. පොතේ හැටියට මට ලමයි හදන්න කියල දුන්නෙ පොඩි අක්කා. ඒත් එයාට පොතේ හැටියට දරුවො ලැබුනේ නෑ. පොඩි මුණුබුරා ගෙදරට ආවම එයාට ඕනෙ විදිහට ගේම වනසනවා. මට දැන් වැඩ කරගන්න අමාරු නිසා පුංචි තරහක් ආවත් ආයෙම හිනා මූණ දැක්කම මමම අස්කරගන්නවා. එයාගෙ අම්මා කිසිම දෙයක් නිදහසේ ඒ දරුවට කරන්න දෙන්නේ නෑ. මේක කියෙව්වොත් මේ නැන්දම්මා... කියයිද දන්නේ නෑ. ඒ උනාට චූටි පුතා මාත් එක්ක රොටි, කේක් හදනවා. සේරම ගත්ත බඩු ආපසු තියෙනවා හරිම වැඩ. හුරතල්. බලන්න ඕනෙ මූන හද හද වැඩකරන හැටි.
ReplyDeleteමෙහෙ ඉතින් ළමයි හදන එක දෙමව්පියන්ගෙ හිතේ හැටියටම කරන්න හම්බෙන්නෙත් නෑනෙ; ගෙවල්වල ඉන්න අනික් වැඩිහිටියොත් ළමයා බලා ගන්න වැඩේට හවුල් වෙන හින්දා, හැම කෙනෙක්ම එකම විදිහට සළකන්නෙ නැත්නම්, දෙයක් උගන්නගන්න අමාරුයි.
Deleteළමයි වැඩිහිටියොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ආසයි. චාන්දි අක්කා බබාටත් වගකීමක් දෙන හින්දා, එයා ආස ඇති.
මේකනම් අපේ ගෙදර එක්කෙනා එක්ක එක්කාසු වෙලා මට ගහපු හින්ට් එකක්!
ReplyDeleteගෙදර හිටියොත් මගෙ වැඩේ අස්කරන එක
එක කාමරේකින් පටන් අරන් ගෙදරම අස් කරනවා
ලමයි ඉන්න තැනක මෙහෙම බෑ කියල කීවට අහන්නේ නෑ
පොත් අස්කෙරිල්ල ඉවරයක් නෑ
ගෙදර ඇත්තෝ කියන්නේ ලමයින්ට ආසාවෙන් අරන් බලන්න හැකි විදිහට පොත් තියාගන්න දෙන්න කියල.
අහයි මම!!!
ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියන්නෙ වෙනමම මාතෘකාවක් ඉතිං. :P
Deleteඅස් කරන එකේ නරකක් කිව්වා නෙවෙයි; ඒකත් එක්තරා දුරකට ඕනනෙ, ළමයින්ට ආදර්ශෙන් ඉගෙනගන්න. ඒ වුණාට ළමයින්ට පේන "පිළිවෙල" වෙනස්. අනික ඉතිං ළමයින්ට "අස් කරපං, අස් කරපං" කියල කෑ නොගහා, තමන්ම අස් කරන තාත්තෙක් වාසනාවන්. :D
(හොඳ වෙලාවට තිස්ස අය්යා මගෙ ගේ ඇතුළෙ හැටි දැකලා නැහැ!)
ඔය ලෙඩේ අපේ අක්කට තදින් තියෙනවා. අස් කරනවා විතරක් නෙමේ කෑගහල අනික් අය ලව්වා අස් කරවනවා. ගුරුවරියක්නේ . ඒ කාලේ අපේ දිහා නිල නොවන නීති තිබ්බ. එයා ගේ අතුගාන දාට මම මිදුල අතු ගාන්න ඕන. ඊළඟ දාට අනික් අතට. අපේ අම්ම සාමාන්‍ය විදිහට අස් කරගෙන පිළිවෙලට ඉන්න කෙනෙක්. මේ එක්ස්ට්‍රීම් අස් කිරිල්ල අපේ අක්කට කොහෙන් ලැබුණ එකක්ද මන්දා. මම නම් ඉතින් කොච්චර අස් කලත් අවුල් වෙන ජාතියේ.
Deleteඅපේ ළමයින්ට හොඳට අස් කරන්න පුළුවන් . හැබැයි කරන්නේ උන්ට ඕන වෙලාවට. ඒ ගොල්ලන්ගේ කාමර නම් ඉඳල හිටලා එගොල්ලම අස් කරගන්න කම් මම කරන්නේ අතුගාන එක විතරයි . කවුරු හරි අමුත්තෙක් එන්න කලින් දවසේ අපි හදිසි මෙහෙයුමක් දියත් කරනවා.
තිස්ස මහතා අස් කරන පිළිවෙලට අපේ එක්කෙනත් සැලසුම් හදනවා ගෙයි ගෘහ භාණ්ඩ තිබෙන්න ඕන හැටි. පොත් සහ පින්තුර අහුරන විදිහ. හැබැයි සැලසුම විතරයි. අර කැඩුණු එව්වා අලුත් වැඩියාව සඳහා දමන පෙට්ටියේ පතුලේ වෙන්න ඕන ඒ සැලසුම්.
අයියා කියලත් මහතා කියලත් දෙන්නම කියන්නෙ මට ලෙඩක් කියලනේ :-(
Deleteඅනික් අය ලවා අස් කරවන එක තමා කරදරේ. :( ළමයෙක් වෙලා නොඉඳ, ඉක්මණට ලොකු වෙන්න මට පුදුම වුවමනාවක් එන්න එක හේතුවක් ඕක. අනික, 'හා, පස්සෙ කරන්නං' කියල ටිකකට පොතක් කියව කියව එහෙම ඉන්න බෑ. වහාම! ඒ මොහොතෙම!
Deleteතිස්ස අය්යා, ඉතින් මම කියල තියෙනවනෙ, ලෙඩක් වුණත් කමක් නෑ, තනියෙන් කරගන්නවනම් අනික් අය ලව්වා කරවන්න නොහදා කියල. ;)
මගේ නමි පොඩිකාලේ ඉදන්ම ඔවා අවුල් සහගතයි
ReplyDelete:D මං හිතන්නෙ, අපි හුඟදෙනෙක්ගෙ එහෙම තමා. අර සපා කියනවා වගෙ, තවත් දේවල් අපි ලොකු වෙද්දි අත් හැර දාලා!
Deleteයන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ එකක මං ලියන්නෙ. කියවලා ඉවරවෙනකොට හිතට ආ එක. දුව පොඩි කාලෙ ඉඳලම එයාගෙ කාමරේ කිසිම පිළිවෙලකට තියාගත් කෙනෙක් නෙවෙයි.. මේස රාක්ක බොහොම අගේට හදලා කාමරේ තියලා පොත් පත් පිළිවෙලට තිබ්බත් එයා එව්ව අරං හැමතැනම දානවා. ඇඳත් එහෙමයි ඇඳ තමයි මේසෙත් පුටුවත් පොත් රාක්කයත් ඇඳුම් අල්මාරියත්(අළුත් පරණ සෝදපු සහ කිළිටි වෙනසකින් තොරව)හැටියට දිනපතා පාවිච්චි වෙන්නේ. ඉස්කෝලෙ ගියාට පස්සෙ අම්මි ආපහු ඔක්කොම හදනවා. ගෙදර ඇවිත් පැයක් යනකොට ආපහු අර විදිහයි.. පොත් පත් ඇඳුම් ලට පට අස්සට ඊලඟට ආවෙ ලැප් ටොප් එක. ඒ අස්සෙම ටෙලිෆෝන් එක. හිටි ගමන් නිදිමත ආවම අර පඳුරු වටේට කැරකිලා එතනම නිදාගන්න කුක්කෙක් වගේ අර දේවල් අතරේ වකුටු වෙලා නිදි.. ඔහොම ඉන්න හැටි මං චායාරූපගත කරල ඇති අනන්ත. ආ. ඒ විතරක් නෙවෙයි බීපු බීම කොටසක් සහිත කෝප්ප සහ වීදුරු. එතකොට කාපු කෑම ඉතුරු බිතුරු සහිත පිඟන්.. එව්වත් ඇඳ උඩමයි. මං කාමරේට ගිහින් පැමිණිලි කලොත් මාව කාමරෙන් එලිටට තල්ලු කරගෙන ගිහින් දොර වහනවා.
ReplyDeleteඔහොම ඉඳල යන්තම් අවුරුදු දාහත වෙනකොට උපාධි කඩේට කැන්ගරුලන්තෙට ගියේ අවුරුදු හයකට ඉස්සර,.. සීමාවාසිකයත් පටන් ගත්තට පස්සෙ එයා හිටි කාමරේ අර විදිහමයි..ඒක දැක්කම මට ඉස්සර වගේ හිතුනෙ නෑ. ඇත්තම කියන්නං.. එයා ගියාට පස්සෙ එයාගෙ කාමරේ පිළිවෙලට තියෙනවා දැක්කාම මගෙ බඩ පපුව හෝස් ගාල පිච්චිලා යනවා. අපි කොල්ලාව ඒ කාමරේට දැම්මෙ අර දිහා බලන් ඉන්න බැරුවයි.. කොල්ලාත් අර විදිහටම ලස්සනට කාමරේ තියන් ඉන්නවා. කවුරුත් මොනවත් කියන්නෙ නෑ.
අර වගේ කැලේ වගේ හැඩි වෙච්ච ඇඳ උඩ කෙල්ල ඉන්නවානම් සත්තයි මං කවදාවත් මොකුත් කියන්නෙ නෑ අම්මි කියන එකකුත් නෑ. ඒත් ඒ කාලෙ ආපහු එන්නෙ නෑ..
what a lovely comment this is Sarath ayya!
Deleteදුව ඒ කාලෙ ගෙදර එද්දි, අම්මි කාමරේ අස් කරල තිබ්බහම කියන්නෙ නැද්ද බඩු හොයා ගන්න අමාරුයි කියල? මම මගෙ කාමරේ/මේසෙ/අල්මාරිය උඩ එහෙම වෙන කෙනෙක් අස් කරනවට අකමැති ඊට පස්සෙ දේවල් හොයාගන්න නැති හින්දා. ඔන්න මම හරියටම දන්නවා පැන්සල තියෙන්නෙ, අල්මාරියට පිටිපස්සෙන් බිම වැටිලා කියල- ඒක අවශ්‍ය වෙලාවට බිම රිංගලා හොයා ගත්තැහැකි. කවුරු හරි ඕක අහුලලා, වෙන තැනක තිබ්බොත් මම අසරණ වෙනවා නේද?
Deleteසමහරවිට, හැම අම්මතාත්තටම ඔහොම හිතෙනවා ඇති පස්සෙ කාලෙක. ඉස්සර ගෙදර උයන වෙලාවට, අල තම්බලා, තෙල් දාන්න කලින් මම ඕකෙන් අල කෑලි කීපයක් කනවා; පොල් ගෙඩියක් බින්දොත්, මීයෙක් වගේ දාරෙ හපනවා. ඒ කාලෙ ඕවා කරන්න නොදී අල කෑලි ටික, පොල් බෑය පරිස්සම් කරගන්න අම්මා මට බැනලත් තියනවා.
දැන් මම ගෙදර ගිහාම, අම්මා උයද්දි, වැඩිපුර අල ගෙඩි ටිකක් දානවා මට කන්ඩම. මම නිදියං හිටියත්, ඒ ටික වෙනම අරන් තියනවා. මම පොල් කනකොට සද්ද නැතුව ඉඳලා, පස්සෙ ඒ ටික කපලා දානවා. නැත්නම්, අම්මම පොල් කෑලි කපලා දෙනවා.
ඉස්සර කරපු වැඩවලට දැන් බනින්නෙ නෑ. :)
අපේ ලොක්කිත් ඔහොමයි. ගේ සුද්ද කරන්න උදව්වට කෙනෙක් ගෙන්න ගන්න ඕන කිව්වම මෙයා බය වෙනවා . කාමරේ අවුල් කරයි ,නැහැ පිළිවෙල කරයි කියල. ඉස්සර ස්නොව් වයිට් , සින්ඩරෙල්ල එල්ලිලා හිටි බිත්ති වල ඔන්න බැස්ටිල් ද මොකක්ද බෑන්ඩ් එකක පොරවල ඉන්න පෝස්ටරයක් එල්ලිලා. ඒ ඒ වයසට එන වෙනස්කම්. අපොයි සරත් ගේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ කාමරේ අස් කරන්න කියල ඉඳ හිට කරන තර්ජන නතර කරන්න හිතුව හ්ම්.
Deleteඔය ඉඳල තියෙන්නෙ මගෙ ජාතියෙම එක්කෙනෙක්... හි හි.. සරත් අයිය ඔය කියපු සිස්ටම් එක එහෙම පිටින්ම අනුගමනය කරපු කෙනෙක් මමත්... ( තාමත් ඒ විදියම තමයි ඉතිං... හි හි)
Deleteගෙදර මගේ කාමරේ අස් කරල තියෙනව බලං ඉන්න බැරුව අපෙ තාත්ත මුළු කාමරේම කඩේට ඕනෙ කරන බඩු ස්ටොක් කරන්න පාවිච්චි කරන්නෙ දැං.. ( කාඩ්බෝඩ් රෙජිෆොම් ඇරවා මේවා.. ) මං ගිය දවසට ඇඳේ පැත්තක් විතරක් අස් කරගෙන නිදා ගන්නව... තාත්ත ඉතිං නෝන්ඩියට කියන්නෙ ඔයාට ඉතිං ඇඳේ කාලක් විතර තිබ්බ නං ඇතිනෙ ඉස්සරත් කියල...
අස් කිරිල්ල කියන්නෙ, පරම්පරා දෙකක් එකඟ නොවෙන මාතෘකාවක්මද මන්දා.
Deleteබින්දිගෙ ලොක්කිට හොඳ නිදහසක් තියෙනවනෙ, ආස දේවල් බිත්තියෙ එල්ලගන්න. මමනම් ඉස්සර අම්මලා අකමැති වෙයි කියලා හිතන දේවල් බිත්තියෙ එල්ල ගන්න ගියෙ නෑ. (එහෙම හම්බුණානම් රුමේෂ් රත්නායක එහෙම ඉඳී බිත්තියෙ. :D )
Last time we visited her Ammi wanted to tidy up her room. I just persuaded her to leave everything alone.. There is order in disorder they say ! (Just like my working table.. Clean table denotes a sick mind ... That's my excuse !)
ReplyDeleteThanks for this excuse; I'll use it next time. ;)
Deleteඅපේ පොඩි එකානං පොඩිම කාලෙදි ඉඳලම ගානට ඔක්කොම අස් පස් කරගෙන හිටියෙ. කිසිම දෙයක් තිබ්බ තැනිං වෙන තැනක තියන්නෙ නෑ. ඒත් දැං වෙනකොටනං ඒ තත්වෙ ටික ටික වෙනස් වීගෙන එනව වගෙයි.
ReplyDeleteසමහරුන්ට ඕක පිහිටනවා, මං හිතන්නෙ. පස්සෙ, ලොකු වෙද්දි, තාත්තල වගේම හැදෙනවා!
Deleteඅපිත් මෙහෙ ලයිබ්රි එකක මෙම්බර්ෂිප් ගත්ත. නැතත් මෙහෙ ළමා කතා සැහෙන්න තියෙනවා. ලයිබ්‍රියෙනුත් විශාල ගානක් ගන්න පුලුවන්. [කතා කොලිටියෙන් නම් ලංකාවෙන් ගව් ගානක් එහා]
ReplyDeleteදැන් මෙව්වා අස් කරන්න කියලා කිව්වට කෙරෙන්නේ නැහැ. මේ පොත් එක එක ආකාරයට දකින්න පුළුවන්. පුංචි ගැහැණු ළමයාගේ කතා පොත සපත්තු පෙට්ටියෙන් හදාපු කිඹුලාගේ බඩේ හෙවත් සපත්තු පෙට්ටිය අස්සේ නිතර හමුවෙනවා. ඒ එයා වතුරට ගිය නිසා "කිඹුලා එයාව කෑවා" හින්දා.
තව තව කට්ටිය එයාලාට ගැලපෙන තැන්වල ඉන්නවා. මුල් ලේඛකයා ඉක්මවා යන රි මික්ස් ස්ටෝරි තිර රචනා හැදෙනවා. ඒවාටත් රඟපාන්න මේ පොත් යෙදවෙනවා.
අපි දැන් සලකන්නේ මේ ක්‍රියාවලියට "පොත් අස් කිරීම" කියලා. ලයිබ්රි පොත් වල ඉන්වෙන්ට්‍රිය බලලා සති තුනකින් ඔක්කොම අහුලාගෙන එව්වට "බායි කියලා" එයාටම කියලා රිටර්න් එකට දම්මනවා.
සුජීවගෙ දුව හුඟක් නිර්මාණශීලි දරුවෙක්නෙ.
Deleteපොත් ආපහු ලයිබ්‍රරි එකට ගිහින් දෙන්න එයා කැමති වෙනවද? ඒකෙන් තව 'සෙල්ලම් කරන්න' ඕන වෙන්නෙ නැද්ද?
ආසාවෙන් කියවපු ලිපියක්. අර ආ තියෙන ලැයිස්තුව මට ලැබෙන්න තිබ්බේ ඒ කාලේ.
ReplyDeleteකොහොමත් අපේ ළමයින්ට ස්වාධීන වෙන්න දෙමව්පියෝ වැඩිහිටියෝ ඉඩ දෙන්නේ නෑ. ඒක මානසිකිකත්වය. බටහිර දරුවන් වෙනම නර්සරි කාමරේක නිදද්දී අපේ දරුවෝ අලි බබ්බු වෙනකල්ම නිදාගන්නේ අම්මයි තාත්තයි මැද්දේ. කෑම කවන කතන්දරෙත් එහෙමයි.
ඒකම නේද හෙන්රි අපේ දරුවෝ බටහිර දරුවෝ වාගේ නොවී දෙමව්පියන්ව එයාලට බැරිකාලේ ආදරෙන් කරුණාවෙන් බලාගන්නේ.. සතියට සැරයක් හරි කෝල් එකක් දීලා දුක සැප අහන්නේ... ඔය මාරියා මොන්ටිසෝරීලා ඔව්වා හදන්න ඇත්තේ ඒ රටවලට ගැලපෙන විදිහට නේ? ගෙඩි පිටින් එව්වා කරන්න යන එකනම් අවුල්... මොකද සමහර කාරනා වලදී ඩයිවර්සිටි ඩයිවර්සිටි කිය කියා මොරදෙන න්‍යායාචාර්‍ය වරුම මේ මොඩල් වලදී ගලෝබ-ලයි-සේසං, ගලෝබ-ලයි-සේසං කිය කිය නටන නිසා.
Deleteඅපේ හාමිනේගෙ ටෙලිෆෝන් බිල සීයට අනූවක්ම යන්නෙ කෙල්ල කෑවද නිදාගත්තද මොනවද කෑවෙ? බඩෙ පිරෙන්න කෑවද කියල අහන්නයි..ඕනෙම වෙලාවක එයා කෙල්ල ඉන්න තැන දන්නවා. තාමත් අතෑරලා නෑ.. මාත් ඉතින් කලින් කලට එයාගෙන් නිව්ස් අහගන්නවා.
Deleteමටත් හිතෙන්නෙ, මෙහෙ දෙමව්පියො, විශේෂයෙන් අපේ පරම්පරාවෙ සහ ඊට පස්සෙ පරම්පරාවල දෙමව්පියො, ළමයින්ට ස්වාධීන වෙන්න තියෙන ඉඩ අහුරනවය කියලා.
Delete(තිස්ස අය්යත් එක්ක පස්සෙ හම්බෙච්ච වෙලාවක වලියක් දාගන්නං. :D )
සරත් අය්යගෙ දුවගෙන් අහන ප්‍රශ්න ලැයිස්තුවම තමා අපේ අම්මලත් මගෙන් දිනපතා අහන්නෙ. ඉස්සර ඔහොම කෑම ගැන අහන්න ගිහාම, විශේෂයෙන් අප්පච්චි කෑම ගැන අහන්න ගිහාම, කෝල් එක ඉවර වෙන්නෙ අපි දෙන්නා රන්ඩු කරගෙන.
හරිම ආසාවෙන් කියෙව්වා.. ලිපිය වගේම කොමෙන්ට් ටිකත් රසවත්. සරත් අයියගේ පළවෙනි කොමෙන්ට් එකට ඩබල් ලයික්.
ReplyDeleteමං මේ දවස් වල ළමයි තුන්දෙනෙක් දිහා ළඟින් බලාගෙන අධ්‍යයනය කරනවා. එක්කෙනෙක් මගේ අක්කගේ පුතා. මිනිහ හරිම පිළිවෙලයි. පොත් මේසේ දැක්කම ආසාවේ බෑ. අඳින්නේ පළඳින්නෙත් ඒ වගේ. හැබැයි පොත් අග නැමිල සවුත්තු වෙයි කියලද මංදා පොතක් දිග ඇරගෙන උනන්දුවෙන් බලනවනම් පේන්නෙම නෑ. දෙවෙනියා මගෙ ලොකු දුව.. අර සරත් අයියගේ දුව වගේ. කොයි වෙලේ බැලුවත් මොකක් හරි වැඩක.. චිත්‍ර අඳින්න ගත්තොත් දවසම අඳියි. පොත් කියවන්න ගත්තොත් කන්නවත් ඕනි නෑ කියවයි. අස් කරන්න ගත්තොත් ඒත් ඒ වගේ. දවසම අස් කරයි. හැබැයි එයාට හිතුන දේ තමයි.
අන්තිමය මගේ පොඩි එකා. වස කම්මැලිය. අමාරුවෙන් ඇදල පාඩම් වැඩකට දැම්මොත් හැබැයි මැශිම වගේ. ඔක්කොම වැඩ ටික කරල තමයි පස්ස බලන්නේ. චරිත තුනක්. හරිම ඉන්ටරස්ටින් බලං ඉන්න එක.
ඒක ඇත්ත. පුංචි කාලෙදි ඉඳලම තියෙන වෙනස් චරිත ලක්ෂණ, කාලයත් එක්ක/ වයසත් එක්ක ඒ ලක්ෂණ වෙනස් වෙන හැටි අධ්‍යයනය කිරීම රසවත් වගේම වැදගත්. 'අපිළිවෙල' කියන එක වෙනස් කරවන්න ඕන ලක්ෂණයක්ද කියන එක වෙනමම සාකච්ඡා කළ යුතු කාරණයක්. හුඟක් වෙලාවට ඒක වෙනස් කරවන්නත් බොහොම අමාරුයි. එක්තරා දුරකට පුහුණු නොකරත් බැරි ලක්ෂණයක්.
Deleteඅදකාලයේ දෙමව්පියන් ගොඩ දෙනෙක් අතින් සිද්ද වෙන වෙන වැරැද්දක්. කියන්නෙ ලමයට ආදරේ හින්ද ඔක්කොම දේවල් කරල දෙනවා කියල. ඒත් නලිනි කියල තියෙනවා වගේ ළමයා යම් දෙයක් කරල වරද්ද වරද්ද ඉගෙන ගන්න තුරු බලන්න ඉන්න තරම් ඉවසීමක් නැතිකම.
ReplyDeleteගොඩක් වටින ලිපියක්.
ඔව්, හැබැයි මුල අවුරුදු කීපෙදි ඒ ඉවසීම වැඩිහිටියන්ට තියනවනම්, එයින් පස්සෙ අවුරුදු ගානක් බොහොම ලේසි වෙනවා ළමයි හැදිල්ල. :)
Deletehi man oya liyana ewa godak asawen kiyawanawa. harima lassanayi e hema ekak ma. please mata podi help ekakona. oya ara canteen ekedi hamu una nama nodanna kena gana ithuru tika liyapu post eka hoyala dennako. mama eka kiyawanna perumpuragena balan hitiya. mama oya ita passe liyapu serama baluwa eth ithuru tika hoya ganna bari una.........
Deleteඅපේ අප්පුච්චා නම් කියන්නේ තොගේ පිලිවල අපිළිවෙලයි කියලා.....
ReplyDeleteමට පිලිවලට වඩා අපිලිවලට තියෙන කාමරේ බදු මුට්ටු හොයා ගන්න එක ලේසි...ඉඉටත් වඩා පාඩම් කරන්නත් ලේසි......
පරණ ලිපියක් උනත් ඉතා ආසාවෙන් කියෙව්වා. ගොඩක් වැදගත් ලිපියක්.
ReplyDeleteස්තුතියි.
Deleteමේක දැන් ලියන්නේ නැත්ද?
ReplyDelete:) වෙන වැඩ අතරෙ මේක මග අරින්න වෙලා.
Delete