ඉඩක් ලැබෙන හැම විටකම, කුඩාවුන් වූ අපට මැනර්ස් උගන්වන ලදී.
කෑමක් බීමක් කෙරෙහි පෙරේත නොවිය යුතු බවද, විශේෂයෙන්ම යමක් බිව් පසු මැනර්ස් පොඩ්ඩක් ඉතිරි කළ යුතු බවද අපට කියා දෙන ලදී. ඉතිරි කළ යුත්තේ කොතරම්ද යන්න පිළිබඳව හරි හැටි වැටහීමක් නොතිබුණු නිසා, අනෙක් අයගේ මැනර්ස් සමග මගේ මැනර්ස් සැසඳීමට මම පෙළඹුණෙමි. අනෙක් අය තරම් මා මැනර්ස් ඉතිරි කර නැත්නම්, මා අශීලාචාරයයි අනුන් සිතනු ඇතැයි සිතා විස්සෝප වූයෙමි; අනුන්ට වඩා මගේ වීදුරුවේ මැනර්ස් ඉතිරි වී ඇත්නම්, ඒ වැඩිපුර ටික වෙනුවෙන් දුක් වීමි. එය එකල නිතර බීමට නොලැබෙන පලතුරු යුෂ පානයක් වීනම්, ශෝකය වඩාත් තියුණු විය.
පාසල ඇරී අම්මාත් අක්කාත් සමග මම නුවර වීදියක් ඔස්සේ එමින් සිටියෙමි. නියොන් ලාම්පුවෙක, සෝනි යන අකුරු පෙළට ඉහළින් ආර් අකුරක් තිබෙනු මම දිටිමි. සෝනි යන්න ලියැවෙන හැම තැනකම මේ ආර් අකුර තිබෙනු ඊට පෙරද දැක ඇති නිසා මම අම්මාගෙන් ඒ ගැන විමසුවෙමි: "අම්මා, ඇයි අර සෝනි කියන එකට උඩින් ආර් අකුරක් තියෙන්නෙ?"
කුලෑටි ළමයකු වූ මගේ දුබල කටහඬින් කිවු දෙය අම්මාට පැහැදිලිව ඇසුණේ නැත. එබැවින් ඇය ඇයට ඇසුණායයි සිතූ දෙයට පිළිතුරු දුන්නාය:
"චූටි දුව හරි හොඳයි; කාගෙ හරි ඇඟේ හැප්පුණහම සොරි කියනවා.."
අම්මා සිතා ඇත්තේ මා කාගේ හෝ ඇඟේ වැදී සමාව ඉල්ලුව වගකි. අහම්බෙන් ලද ප්‍රශංසාව නිසා හෝ යළිත් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ඇති කුලෑටිකම නිසා හෝ මම නැවත සෝනි ප්‍රශ්නය නෑසුවෙමි. එහෙත් ඉන්පසු මගේ අතින් වරදක් වූ කල "සොරි" කීමට පෙළඹුණෙමි. කොටින්ම, වැරදීමකින් ගෙදර බල්ලාගේ වල්ගය පෑගුණු විටද මම සොරි කීවෙමි.
වැඩිමනත් දිනවලට මා පාසල් ගියේ ප්‍රමාද වීය. ඉඳහිට දිනයක පාන්දරම "යැවුණු" අවස්ථාද විය.
එවන් දිනයක මම ළමයින්ගෙන් තොර පාසල් භූමියේ රස්තියාදු වෙමින් සිටියෙමි. ගෘහ විද්‍යාගාරය පිහිටා තිබුණේ පාසලේ අනෙක් ගොඩනැගිලිවලට වඩා යට මට්ටමකය. එහි ඉහළ මාලය පොළෝ මට්ටමෙහි විය. පහළ මාලය වටා යා හැකි පරිද්දෙන් පටු කොරිඩෝවක් විය. කොරිඩෝවේ එක් පසෙකින් ගෘහවිද්‍යාගාරයද, අනෙක් පසින් උස් බැම්මක්ද විය. මේ මට්ටමෙහිම පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලක් ඊට පිටුපසින්ද, අපේ විදුහල්පතිනියගේ නිල නිවස ඊටත් පිටුපසින්ද පිහිටියේය. අයාලේ යමින් සිටි මා කොරිඩෝවට පිවිසෙද්දී, විදුහල්පතිනියද අනෙක් කෙළවරින් කොරිඩෝවට පිවිසියාය.
"යන්නෙම්ද, නොයන්නෙම්ද?"
ආපසු හැරුණොත් මා මොකක් හෝ හොර වැඩකට ආ කෙල්ලක ලෙස වරදවා වටහා ගනු ඇතැයි සිතූ මම, දිගටම ගියෙමි; විදුහල්පතිනියට සුභ උදෑසනක්ද පැතීමි.
"සුභ උදෑසනක්." විදුහල්පතිනිය නැවතුණාය. අනතුරුව මගේ පන්තිය කුමක්දැයි විමසුවාය.
ඊටත් අනතුරුව මට මැනර්ස් ඉගැන්වූවාය.
"වැඩිහිටියෙක්ගෙ ඇඟේ හැපි හැපි යන්ට එන එක නුසුදුසුයි. වැඩිහිටියෙක් එනකොට, පොඩ්ඩක් නැවතිලා, ඒ තැනැත්තට යන්ට ඉඩ දීලා ඉන්ට ඕන."
දැනුදු පටු කොරිඩෝවන් ඔස්සේ එන කාට වුවත් ඉඩ දීමට නවතින මට ඇගේ අවවාදය සිහි වේ.
පොඩි කාලයේ ඉගෙන ගත් ඇතැම් මැනර්ස් ටිකක් තේරෙන වයසට එනවිට කඩන්නට පටන් ගත්තෙමි. පාරේ යන එන ගමන් ආහාර ගැනීම එවන් එකකි. අයිස්ක්‍රීම්, චොකලට් ආදිය දවටා ඇති කඩදාසිවල හෝ ඊයම්වල ගෑවී ඇති අයිස්ක්‍රීම්/ චොකලට් ලෙව කෑම තවත් එකකි.
ඇත්ත වශයෙන්ම, එලෙස දවටනවල ගෑවී ඇති කොටස් වඩාත්ම රසවත් වෙයි; අයිස්ක්‍රීම් හෝ චොකලට් තව කොපමණ ඉතිරිව තිබුණත් පළමුව අර ටික ලෙව කන තුරු සිත පිරෙන්නේ නැත.
වැඩිහිටි වයසේ පසු වූ මම එලෙස දවටනයෙහි ගෑවී ඇති අයිස්ක්‍රීම් ලෙව කමින් මහ මග ගිය දිනෙක, බසයක සිටි ළමයින් පිරිසක් නෝන්ඩියට සිනාසෙනු දිටිමි. මට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති විණි.
පැකට්ටුවල ඇති බීම වර්ග අන්තිම බින්දුව දක්වා ඉරීමේදී, "සුරූස්" ගා මහ ශබ්දයක් නගමින් හුළං ඇදී එන්නේ කලාතුරකින් නොවේ. දැන් ඉස්සර මෙන් ඊට ලැජ්ජා හිතෙන්නේ නැත.
අපේ මැනර්ස් වලින් හොඳම එකක් වෙන මේ කෝප්පයේ ටිකක් ඉතුරු කීරීම මැනර්ස් එකේ වැදගත්කම ගැන කාරණා දෙකක් මට හිතාගන්න පුළුවනි.
ReplyDeleteමේ ආකාරයට කෝප්පයේ ටිකක් ඉතුරු කීරීම තුලින්:
1. තේ කෝප්පේ අඩියේ තැන්පත් වී තියෙන්නට පුළුවන් තේ මණ්ඩි කටට ඇවිත් කට සවුත්තු වීමෙන් වැලකීමට ලැබෙනවා.
2. තේ කෝප්පේ අඩියේ දිය නොවී තියෙන්නට පුළුවන් සීනි වලින් සහ එනිසාම දියවැඩියාව වැනි රෝගවලින් වැලකෙන්නට ලැබෙනවා.
http://kathandara.blogspot.com.au/2011/01/blog-post_10.html
තවත් හේතු තියෙනවාද මන්දා?
යම් යම් චාරිත්‍ර වාරිත්‍ර ඇතිව තියෙන්නෙ මොකක් හරි හේතුවක් නිසාම තමයිනෙ. ඒ ඒ කාලවලදි, ඒ ඒ සංස්කෘතිය ඇතුළෙදි ඒවට සාධාරන හේතුවක් තියෙන්නට ඇති. කෑම බීමවල තමන් බෙදා ගත්තු එකෙන් ටිකක් ඉතුරු කරන එකටනම් මට සාධාරන හේතුවක් හිතා ගන්නට බැහැ
Delete/* "වැඩිහිටියෙක්ගෙ ඇඟේ හැපි හැපි යන්ට එන එක නුසුදුසුයි. වැඩිහිටියෙක් එනකොට, පොඩ්ඩක් නැවතිලා, ඒ තැනැත්තට යන්ට ඉඩ දීලා ඉන්ට ඕන."
ReplyDeleteදැනුදු පටු කොරිඩෝවන් ඔස්සේ එන කාට වුවත් ඉඩ දීමට නවතින මට ඇගේ අවවාදය සිහි වේ.
*/
ඒ විතරක් නොවෙයි, ගුරුවරු ඉන්න තැන ළමයි ඉන්න හොඳ නෑ. ගුරුවරයා පස්සේ ආවත් අපි යන්න ඕනෑ.
http://kathandara.blogspot.com.au/2010/04/st-pauls.html
පව්!
දැන් හෙට ඉඳලා ගුරුවරයෙක් පන්තියට ආවම ළමයි ටික එළියට යාවී.. අනේ මන්දා...
Delete"ගුරුවරුන්ගේ හෝ වැඩිහිටියන්ගේ කතාබහට ළමයින් සවන් දීම" කියන වාක්‍යය යටතේ ඕක වරදක් වෙන්නෙ, මං හිතන්නෙ. ලොකු මිනිස්සු ළමයින්ට ඇහෙන්නට නුසුදුසුයි කියල හිතන එව්ව කතා කරන හින්දා.
Deleteඅනික් අතට, ගෙදරට ආව කෙනෙකුට පිළි අරගෙන සංග්‍රහ කරන හැටි කතාබහ කරන හැටි එහෙම ඉගෙන ගන්නටනම් ළමයින් වැඩිහිටියන්ගෙ සංවාද අතර ඉන්නට ඕන.
අප්පට සිරි මැනර්ස් කියා දෙයක් ලෝකෙ තියනවා කියලා දැන් මතක් උනේ
ReplyDeleteඅප්පට සිරි මැනර්ස් කියලත් ජාතියක් තියෙනව ඒ කියන්නෙ.. :D
Delete" වැරදීමකින් ගෙදර බල්ලාගේ වල්ගය පෑගුණු විටද මම සොරි කීවෙමි."
ReplyDeleteඔන්න අද මම හොඳ මැනර් එකක් ඉගෙන ගත්තා. මීට පස්සෙ මාත් ඕක සියලු සත්වයන්ටම කියමි
ඕඕ, පුරුද්දට ගිහාම එහෙම තමා. ඕක තවත් පුරුද්දට ගිහාම, පුටුවක කකුල වැදුණහම, පුටුවට සොරි කියන අවස්ථාත් එන්න පුළුවන්..
Delete+++++++
Deleteමටත් පුංචි කාලෙ එහෙම වෙලා තියෙනව.
අපිට මොන මැනර්ස් ද මෙයා.
ReplyDelete(අපිට නම් කියා දුන්නේ කන බොන ඒවා ඉතුරු කරලා භාග භාග තියන්න එපා කියලයැ. )
ඒ ඒ සංස්කෘතියටද, ඒ ඒ පවුලටද, ඒ ඒ කාල වකවානුවලටද අනුව මැනර්ස් වෙනස් වෙනවා මම හිතන්නෙ
Deleteහරිම අව්‍යාජ ලිපියක්. මැනර්ස් මොනවා වුණත් ආසාවට කරන දේ බොහොමයි. මේ පෝස්ටුව මාවත් අතීතයට අරන් ගියා.ස්තුතියි නලිනි
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ටිකක් තේරෙන වයසට එනකොට අපි හැම දෙයක්ම අපි කැමති විදිහට වෙනස් කරගන්නවනෙ.
Deleteමම හිතන විදියට අපිට මැනර්ස් තියෙන්න ඕන... සමාජයක් විදියට අපි හැමෝම හැසිරෙද්දි මැනර්ස් නැතිනම් අපි තිරිසන්නු වගේ හැසිරෙනවා නේද ?
ReplyDeleteමම දවසක් ජර්මනියෙ කෝච්චියට නගින්න ඉන්න වෙලාවක කලබලයෙන් කෝච්චියට නැගුන ඉන්දියන් ජාතික කොල්ලන් කිහිප දෙනෙකුට එතැන හිටපු අය දොස් කිවුවා... ඒ උන්ට මැනර්ස් නැහැ කියලා...
පොඩි කාළෙ අපට කිවුවෙ තැන තැන කෙළ ගහන්න එපා කියලා... මම තවමත් මැනර්ස් නම් හොඳටම පිළිපදිනවා... එපමණක් නොවෙයි ඒ ගැන මගේ පැටියටත් අනිවාර්යයෙන්ම කියලා දෙනවා...
මම හිතන්නෙ ශීලාචාර සමාජයක පැවැත්ම මැනර්ස් කියලා... අපේ රටේ නැත්තෙමත් ඒකයි... ළඟදි ලංකාවට ආපු වෙලාවක මට තේරුණේ ඒකයි... අදාල අවස්ථාවකදි සමාවෙන්න හරි ස්තුතියි හරි කියන්නෙ ස්වල්ප දෙනෙක්... සමහරවිට එහෙම කියන එක මදිකමක් හෝ යටත් වීමක් කියලා මිනිස්සු හිතන නිසාද මන්දා...
ලංකාවෙ නෙ...
වතාවක් එක්කෙනෙක් මගේ ඇඟේ හැපිල සොරි කිව්වා. මම ඒක ප්‍රශ්නයක් නැහැ කිව්වා විතරයි, බුවා ඇඟට ගොඩ වුනා .. "දැන් ඔහෙට මං සොරි කිව්වනේ, ඒක ඉවරයි"ලු...
Deleteසමාජයක ජීවිතය පහසු වීමට මැනර්ස් අවශ්‍ය බවට සැකයක් නැහැ. අනෙක් කෙනෙකුට අපහසුවක් ඇති නොවන පරිදි ජීවත් වීමට කවුරුත් ඉගෙන ගත යුතුයි. එහෙම දේවල් තමන්ම හිතා මතා ඇති කරගන්නෙ නැත්නම්, මොකක් හරි සම්මතයක් වැඩිහිටියන් විසින් ඉගැන්විය යුතුයි. නමුත් ඔය අතර පදනමක් නැති, කාලයට නොගැලපෙන, එහෙමත් නැත්නම් දරුවා සංක්‍රමණය වුණු බාහිර තැනකදි (නවාතැනක්, පිටරටක්) නොගැලපෙන දේවලුත් තිබිය හැකියි.
Deleteමට ඇහුණේ මැනර්ස් නිසා හෙම්බත් වෙච්චි ගැහැණු කටහඩක්! :D
ReplyDeleteගැහැණු අයට විතරක් විශේෂ මැනර්ස් ගැන සඳහනක් කරලා නෑ නොවැ. හැබැයි වැඩිහිටියන් සහ පොදුවේ සමාජය ගැහැණු අයගෙන් වැඩිපුර මැනර්ස් බලාපොරොත්තු වෙන බවනම් ඇත්ත
Deleteමැනර්ස් නේද..? ඒවා කතෑකිද..?
ReplyDeleteකතෑකි. සමහර එව්වා බීයැහැකි.
Deleteදැන් ඔය සොරි කියන්න ඕන ඉංග්‍රීසි දන්න බල්ලන්ගෙ වලිගෙ පෑගුනාම විතරද ?
ReplyDeleteඅනිවාර්යයෙන්. නැත්නම් ඌට තේරෙන්නෙ නෑනෙ. :D
Deleteහොඳින් සමාජයේ ජීවත් වෙන්න නම් මැනර්ස් තියෙන්න ඕන. හැබැයි මැනර්ස් කියන එක වෙලාවකට මහා වදයක් වෙන අවස්ථාත් නැතිවම නෙවේ. විශේෂයෙන්ම මැනර්ස් නැති එවුන් එක්ක (උදා: අල්ලපු රටේ එවුන්) ඉන්නකොට වනචාරීන් වගේ ඉන්න එක ලේසියි. ඕනවට වැඩිය මැනර්ස් පෙන්නන්න ගියොත් එකත් නිකන් විහිළුවක් වෙනවා.
ReplyDeleteඬොව්, සමහර වෙලාවලට ඒවත් එක්ක ජීවත් වෙන්න බැහැ. සමහර හොස්ටල්වල එහෙම කෑම වෙලාවට මැනර්ස් ගැන හිතන්න ගියොත් ඉන්න වෙන්නෙ බඩගින්නෙ.
Deleteඕවා උපතින්ම එන්න ඕනෙ ජාතියක්
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
සමහර අයට හැකියාව තියෙනවා උපතින්ම, අනික් අයට කරදරයක් නොවෙන විදිහට තමන්ගෙ ජීවිතය හැඩ ගස්වා ගන්න. අනික් අයට ඉතින් උගන්වන්නවත් වෙනවනෙ. එහෙම කරන එක අර තමන්ම හිතලා කරන දේ විතර සාර්ථක නැහැ තමා.
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම් හොද ලිපියක්..
ReplyDeleteමේ ආරට මන් ගොඩක් කැමතියි....
බොහොම ස්තුතියි
Deleteඇයි කෑම කාලා අහල පහල කවුරුත් නැත්නම් විතරක් ඇඟිලි ටික ලෙව කන එක..රසම ටික ඉතුරු වෙන්නෙ ඇඟිලි වල !
ReplyDeleteකෙහෙල් මල් මැනර්ස් කියලා අපි බොරුවට අපේම නිදහසට සීමා දාගෙන වද විඳිනවා..අනුන්ට කරදරයක් වෙන්නෙ නැත්නම් තනිවම හරි ගැන්සියම එක්ක හරි මන් නම් ඕනි පිස්සුවක් කෙලින්නෙ මැනර්ස් යකාට ගියදෙන් කියලා..කන බොන එව්වයෙ මැනර්ස් ඩිංග නම් මම ඉතුරු කරන්නෙ නෑ කවදාවත්..අපරාදෙ මිනිස්සු මහන්සි වෙලා උයන පිහන දේ.. ආයි අපි කට ගහලා ඉතුරු කරහම ආයි කෙනෙක් බොන්නද ? කන්නද බෑනෙ..පුළුවන් ප්‍රමාණය අරන් අන්තිම ඇටේටම කාලා දානවා..
කෑම බීම සම්බන්ධයෙන්නම් මමත් ඉන්නෙ වෙනිගෙ මතයෙම තමයි. අනවශ්‍ය සීමා දාගෙන ජීවිතේ නාස්ති කරගන්න ඕන නැහැ
Deleteඕවා නම් මැනර්ස් නෙමෙයි නෝනේ. කේ ඇෆ් සී කාලා එයාලා කියන්නෙ... ෆින්ගර් ලිකින් ගුඩ් කියලා... මට නම් තේරෙන්නෙ නෑ ඉන්ගිර්ස්. ඒ උනාට මම නම් චිකන් කටු සූප්පු කරනවා ඕන තැනක...
ReplyDelete:D ඒකෙන් කාටවත් හානියක් නැහැනෙ.
Deleteමගේ නං ඔව්වා නැත්තටම නැද්ද මන්දා
ReplyDelete:D නැත්තටම නැති වෙන්න බැහැ. වෙනම හිතලා යම් යම් දේ නොකළත් ඉබේම කියවෙන, කෙරෙන දේ ඇතිනෙ, අනික් අයට කරදරයක් අපහසුවක් වීම වළක්වන හැසිරීම් රටා
Deleteඅන්තිමට කිවුව කතාවනම් ඇත්ත.. ඉස්සර වැරඳි කියලා නොකර හිටපු හරි පරිස්සමට කරපු හරි දේවල් අද අපි ඒ විදිහටම කරන්නේ නෑනේ.. ගොඩක් දේවල් අපිට උවමනා විදිහට අපිම වෙනස් කරගෙන..
ReplyDeleteඔව් ඔව්, වැඩිහිටියෙක් වෙන එකේ හොඳම දේවලින් එකක් ඕක. අපි කැමති විදිහට ඒ දේවල් වෙනස් කරගැනීමේ අවකාශය
Deleteමගෙත් නම් මැනර්ස් කියන එක අන්තෙටම පිරිහිලා තියෙන්නේ ...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ඕනෙවට වඩා ඒවා ගැනම හිතන්න ගියොත් ටිකක් අමාරුයි. ඇතුවත් බෑ නැතුවත් බෑ
Deleteඑසේම වේවා!
වීදුරුවේ පොඩ්ඩක් ඉතුරු කරන මැනර්ස් එක නම් මන් කවදාවත් නොකරමි . දැන් එහි අවශ්‍යතාවයක්ද නැත . සල්ලි දීලා ගත්තු එක මක්කට ඉතුරු කරනවද .
ReplyDeleteඅපේ ගුරු වරුන් අනවශ්‍ය ලෙස ගරු බුහුමන් බලා හිටි නිසා ඉතුරු කලේ බය පමණි. අදටත් අප ආදරේ යාළුවන් සේ හොඳ නරක කියා දුන් ගුරුතුමන්ට මිස යක්ෂ වෙසින් තර්ජනය කල වුන්ට නොවේ .
සමාජයේ අනෙක්අයට කරදරයක් වීම වලකන මැනර්ස් නම් පිලි පැදීම අගය කරමි . පටු කොරිඩෝවක යද්දී අනෙකාට ඉඩ දීම හොඳ වැඩකි. නැත්නම් වෙන්නේ '' අර මෝඩ එළුවෝ දෙන්නට'' වුන දෙයමය.
තමාට වඩා දුබල අයෙක්ට නම් වඩා ඉඩ දිය යුතුය . පෝලිම් පැනීමේදී අපටත් වඩා ඉදිරියෙන් ඉන්නා මේ රටේ උන් දුටු විට නම් මැනර්ස් කියා දෙයක් තිබීම අත්‍යවශ්‍ය බව සිතේ .
ගුවන් තොටක සදාචාරය සහ පිළිවෙල වනුයේ මුලින් රෝගීන් ..ළමයින් සිටින පවුල් ගුවන් යානයට නැගීමය .
සමහර රටවලදී සමහර උදවිය එය නොදනී .
එනමුත් මැනර්ස් කියාදීමට ටොකු අනිනවාට වඩා රසවත්ව කියා දීම නම් යහපති .
බින්දි අක්කත් තොටියා වගේම දකුණේ උපන් අයෙක් යයි සිතේ....
Deleteඒක ඇත්ත. ගෞරවය යනු බය පක්ෂපාතකමයයි හිතා හිටි වැඩිහිටියන් කෙරෙහි කිසිම ගෞරවයක් ඉතිරි වෙලා නැහැ ළමයින්ගෙ හිතේ. ආදරෙන් කියා දුන්නු දෙයක් තමා මතක.
Deleteඔය පිළිවෙත් මුළින්ම පටන් ගන්නකොට සාධාරන හේතුවක් තියෙන්නට ඇති. ඒත් දැනට වලංගු නැත්නම්, අපි ඉන්න වටපිටාවට වලංගු නැත්නම්, ඒවා වෙනස් කරගන්න එක කමක් නැහැනෙ.
තොටියෝ ..අපොයි නැහැ .අපි ඉතින් සබරගමු , බස්නාහිර සංයෝජනයක් . හැබැයි ඉතින් දකුණටත් කැමතියි ..
Delete@ බින්දි අක්කා: //සල්ලි දීලා ගත්තු එක මක්කට ඉතුරු කරනවද // කියන කෑල්ල දැක්කාම තමා හිතුණේ අක්කා මාතර පැත්තේවත්දෝ කියලා. අහලා තියනවනේ "මේ දෑස මක්කටද" කියලා ෆිල්ම් එකේ නම මාරුකරපු කතාව..
Deleteකතන්දර කියල තියෙන විදියට තේ වලට ඕක අදාල උනත් බෝතල් වල තියෙන බීම (පැණි බීම, සැර බීම) වලට ඕක අදාල කරන එක අපරාදයක් මට හිතෙන හැටියට.
ReplyDeleteමොනවද මේ කතා. සහමුලින් අපරාදයක්. අපිනම් මයිලො පැකට් එහෙම ඒ පැත්තට මේ පැත්තට හරව හරව අන්තිම බින්දුවත් බොනවා.
Deleteළමයි බිපුව ඉතුරු වෙලා තිබ්බොත් එව්වත් බිල දානවා .
Deleteමැනර්ස් කියන දේවල් එක එක සමාජයේ පැලැන්තිවල විග්‍රහ කෙරෙන්නේ එක එක විදිහටයි.. හැන්දෙන් ගෑරුප්පුවෙන් කනකොට අතින් අල්ලන්න හරි නැති උනත් මැනර් එකේ හැටියට පාන් කෑල්ල අතින් කඩලා කන්න ඕනේ. ඒ මදිවට රස දේවල් අතිනුත් අල්ලන් කනවා ලොකු නම් ඇති සුද්දෝ..ඒ කරලා ඇඟිලි ලෙව කනවා. අත් සෝදන සිරිතක් නැහැනෙ.අපි නම් ඉතින් කන්න කලින් අත් සෝදනවා සුද්දො හෝදන්නේ නෑ.. සමහර මැනර්ස් වල ඒ ඒ සංස්කෘතියට අයත් විශ්වාසත් තියෙනවා. ඔයාල කාල තියෙනවාද ඉන්දියානු කෙසෙල්කොල ආපන ශාලාවකින් හරි ඉන්දියානු ජාතික ගෙයක කෙසෙල් කොලේ කෑම ? කාල ඉවරවෙලා කෙසෙල් කොලේ නමන්න ඔනෙ විදිහක් තියෙනවා.සාමාන්‍යයෙන් කාලා කෑම රස නම් තමුන්ට විරුද්ද පැත්තෙ ඉඳලා තමන්ගේ පැත්තට කොලේ නමනවා. අනිත් පැත්තට නමන්නේ මල ගෙවල් වලදීලු. ඉතින් අපි වැරදිලා අනිත් පැත්තට නැමුවොත් ඒක නරකයි..
ReplyDeleteඕඕ, ඒක තමා. එක සංස්කෘතියක යහපත්යයි සළකන දේ තවත් සංස්කෘතියකදි අයහපත්. හැමෝවම සතුටු කරන්නට බැහැනෙ. අනික් කෙනා අපේ සංස්කෘතියෙ තියෙන දේ නොදන්නා බව වටහා ගන්න එකයි කරන්න තියෙන්නෙ.
Deleteකව්රුවත් කියනවාටම නෙවෙයි අපි අපිට සුදුසුයි කියල හිතෙන විදිහට ශීලාචාරව ජීවත් වෙන්නත් ඕනෙ. කාටවත් ඕනෙ විදිහට ජීවත් නොවීමත් අන් අයගේ පිලිකුලට භාජනය වන්නෙක් ලෙස ජීවත් වීමත් කියන දෙකේ වෙනස තේරුම් ගත්තහම හරි.
ReplyDeleteඒක ඇත්ත. ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් යම් යම් පිළිවෙත් කියා දෙන්නත් ඕන. හේතුවක් මත පදනම් වුණු සිරිතක් බව පෙනෙනවනම් හුඟ දෙනෙක් එය පිළිපදීවි.
Deleteඅපේ බැචෙක් හිටියා කොහේ හරි ගිහින් මොනවා හරි බිලා ඉවර වුණාම කට්ටිය බීලා ඉවර වුනු වීදුරු වල තියන මැනර්ස් ටික ඔක්කෝම එක වීදුරුවකට ගන්නවා.. සමහර වෙලාවට සම්පූර්ණ වීදුවක් පිරෙන්න එකතු වෙනවා.. ඊටපස්සේ "බොලාට ඕන නැතිනම් මම බොනවා" කියලා ඒක බොනවා.. හික්ස්ස්
ReplyDelete:D ඉස්සර කාලෙ, වෙනස් සමාජයකින් ආව කෙනෙකුට තමන්ගෙ වීදුරුවකින් බොන්නවත් දීලා නැති රට මේක.
Deleteමම හාහා පුරා කියලා ඕවා ඉගෙන ගත්තෙ තාත්තගේ පොටෝ ගනුදෙනු කාරයෙක්ගෙ ගෙදර දී ලැබුනු තේ එකේ අඩියේ ඉතුරු වුනු බාගෙට දියවුනු සීනි, කෝප්පෙ දිගේ දිවට එනතුරු ඒක කටේ තියාගෙන වහලේ දිහා බලාගෙන උන්නු වෙලාවේ. (වාක්‍ය දිග වැඩි නෑ නේද?)
ReplyDelete-මම සයිබර් යාය ලිව්ව කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.[මාරයාගේ බ්ලොග් එකට ගිහිල්ලා එන ගමන්.... :)]
දැන් බ්ලොග් නොලියන හින්දා තනි වාක්‍යයෙන් අදහස් ප්‍රකාශ කරන්න පුරුදු වෙනවා වගෙ. :D සමහර දේවල් ඉගෙන ගත් හැටි අපට තවම මතකයි ඒ හා ඈඳුණු රසවත් සිද්ධීන් නිසා නේද?
Deleteමම සිත් ආර ලියන නලිනි චන්දිමා- අනේ අපෙනුත් මල් ගන්න
"its ok to break rules once in a while. Life is not about waiting to rain to stop. Its about dancing in the rain." I dont know why I am typing this here. But this is exactly what I felt after reading your poost :)
ReplyDeleteI wonder what's the difference between a 'post' & a 'poost'.!! ;)
DeleteYes, too many rules can restrict our lives so much so that we end up having no life. :)
Deleteමැනස් ගැන කතාකරන කොට නලිනි මගෙ මල්ලියා දැන් ඇමෙරිකනු වානෙ. එයා හැමදාම කාල ඇඟිලි ලෙවකනවා. කොච්චර මම බැන්නත් හිනා වෙලා ඒකම කරනවා. අපි මොකටද? තහංචි දාගන්නෙ කියල තමයි අහන්නෙ. එයා කියනවා එහේ ඒ නිදහස තියෙනවා කියල. හැබැයි අනෙක් දේවල් වලට හරිම ගරු කරනවා. සොරි කියන්න , සමාවෙන්න කියන්න පැකිලෙන්නෙ නෑ.
ReplyDeleteඅනුන්ට කරදරයක් නැති දෙයක් හින්දා වරදක් කියන්න බැහැනෙ නේද අක්කා?
Deleteනියමෙටම අකුරු ටික ගල පලා තියනවා
ReplyDeleteමාත් ඔය බීම බොතල් වල නම් ඕක ඉතිරි කරන්නේ නෑ, මයිලො වගේ එකක් බොද්දි නම් කොහොමත්ම නෑ, මොකද ආය මොකෙක්ටවත් පෙනෙයි කියලය.
අනිත් පුරුද්දක් තියන්වා, කවුරුත් විශේෂ තැනක නෙවෙයි නම් , මයිලො පැකට් එක බීලා ඒකට බීපු බටෙන්ම හුළන් පිබිනවා බැලුම වගේ පිම්බෙන්න. ඒකරලා බිමට දාලා ඒක උඩට පනිනවා පුපුරන්න. සද්දයක් එක්කම පුපුරනවා. හරි සෝයිඔ අප්පා
සෝයි නේන්නම්. මමත් බලන්න ඕන වෙලාවක එහෙම පුපුරවලා
Deleteඅන්තිම ටික කියවනකොට නම් හිනාවක් ආවා නිතැතින්ම..
ReplyDeleteඅපි බ්ලොග් කියවනකොටත් ඔහොමම මැනර්ස් අනුගමනය කරනවා නේද?
බ්ලොග් කියවනකොටත් අපි විසින් යම් යම් සීමා පනවගෙන ඉන්න එකනම් ඇත්ත. එකිනෙකාගෙ හිත නොරිදවා ඉන්න, එහෙමත් නැත්නම් යම් බ්ලොග් එකක පවතින සංස්කෘතියට ගරු කිරීම පිණිස එහෙම "මැනර්ස්" අනුගමනය කිරීම හේතු වෙනවා.
Deleteජපානෙ කෑම කද්දි, විශේෂෙන්ම නූඩ්ල්ස් කද්දි, 'සුරුස්' ගාලා සද්දෙ දාලා අදින්ඩ ඕනේ. අන්න මැනර්ස්!
ReplyDeleteඅහ්, මම හිතුවෙ ඒක අපේ ටෙලිවිෂන් ඇඩ්වල මැනර්ස් කියලා. ඒවගෙත් එහෙමනෙ. :D
Deleteමෙන්න මම ආසාම ජාතියෙ පෝස්ට් එකක්. නලිනි පිට පිට ලිව්ව අන්තිම පෝස්ට් තුනේම මේ ක්වොලටිය මම දැක්කා.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
:D දැන් කතන්දර ලියවෙන්නෙ නැති හින්දා වෙන වෙන විස්තර ලියනවා. :D
Deleteකොල්ලන්ට විසේස වූ මැනර්ස් තිබේ... වැසිකිලි ගොස් ආ පසු කලිසමේ ඉදිරි කොටසේ තෙත් වූ ලපයක් තිබීම පොඩි කාලේ සුපුරුදු දෙයකි... මේ ප්‍රස්නයට පිළියම් වසයෙන් ලොකු අය්යලා වැසිකිලි බිත්ති වල මේසේ ලියා තිබිනි. "වරක් චූ කිරීමෙන් පසු, දෙවරක් සොලවන්න".
ReplyDeleteඇයි බස්වල ඉඳගන්නකොට ලේන්සු එළන එකත් ඉස්කෝල කොල්ලන්ගෙ මැනර්ස්වලින් එකක් නේද?
Deleteඔව් ඔව් ඒ වගේ එකකුත් තිබ්බා... හැබැයි ඉතිං ලංගම බස් එකේ සීට් එකට වඩා අපේ ලේන්සු වල කුණු තියන නිසා ඒකත් ඔය තේරුමක් නැති මැනර් එකක් විතරයි...
Deleteඅපි නම් මැනස් තියන්නෙ තේ කෝප්පෙ අඩියෙ...
ReplyDeleteආරාධනාවක් නැති නිසාදෝ මගේ ඉසව්වේ ඔබ නොදුටු නිසා අද ආරාධනා කරන්නෙමි. එන්න ඒ පැත්තටත්...
සිරාගෙ කාමරේට මම කාලෙකට උඩදි වරක් ගියා. පහු ගිය මාස කිහිපයෙ ටිකක් අවිවේකී වුණු නිසාත්, මූණු පොතේ පදිංචි වුණු නිසාත් බ්ලොග් බැලුවෙ කලාතුරකින්. ඔන්න මම ආයෙම ආවා. බෑන්ඩ් පුහුණු කළ සර්ගෙ කතාව හුඟක්ම හිතට වැදුණා. දැන් දිගටම එන්නම්.
Deleteමට මතක් වෙන්නේ අරාබියේ මගෙත් එක්ක වැඩ කරපු ඉන්දියන් පන්ඩිතයෙක් උත්සවයක් වෙලාවෙදි ඉඳිආප්ප කැව කියහන්කෝ හැඳි ගෑරුප්පු වලින්.. මට අනේ පව් කියල හිතුන. අරුණි අක්කලගේ රටේ සොල්ලාදාදුවොත් අතින් අනාගෙන රහටම කෑව හීනියට.....
ReplyDeleteහුඟක් කාලෙකින් ඇවිත් තිබුණු වග දැක්කා මම. කමෙන්ට්ස් දැක්කට කතාබහ කරන්නවත් බැරි වුණා.
Deleteඅපේ මෙහෙ තිබුණු සංග්‍රහයකදිත් චපාති හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑව යාළුවෙක් දැක්කා. ඉඳි ආප්ප කනකොට ඊට වඩා ලස්සනට තියෙන්න ඇති. පව් නේන්නම්.
ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් අප්පා මැනර්ස්... :D
ReplyDeleteසමහර ඒවා අවශ්‍යයි සමාජයෙ යහපතට. තවත් සමහර ඒවනම්..
Deleteමට හිතෙන විදියට මැනර්ස් කියන්නෙත් අපි අඳින ඇඳුම් වගේ. අපි ගෙදර හරි සමීපමතමයො හරි එක්ක ඉන්න වෙලාවට අඳින සැහැල්ලු ඇඳුම් පිටින් නොදන්න අය හමුවට යන්නෙ නෑනෙ. ඒ වෙලාවට ටිකක් පිළිවෙලට අඳිනව වගේ අපි අපි ඉන්න වෙලාවට හැසිරෙන, කනබොන විදිය නිදහසේ අපිට ඕන විදියට කරාට අමුත්තො පිරිසක් ඉදිරිපිට ඊට වඩා විනීතව, පිළිවෙලකට හැසිරීම තමයි මැනර්ස් කරදරයක් නොවෙන්න පිළිපදිනව කියන්නෙ.
ReplyDeleteඇත්ත. හුඟක් වෙලාවට හොඳ සිරිත් පෙන්නන්නෙ නාඳුනන අයට. ඒත් කිට්ටුවන්තයින්ටත් හොඳ සිරිත් පෙන්නනවනම් ආශ්‍රය වඩා ප්‍රියමනාප වෙනවා ඇති. ඒත් එක්ක "නිදහස" බැලන්ස් කරන එක තමයි අමාරු කටයුත්ත
Deleteඅපි නම් මැනර්ස් ටිකක් තේ කෝප්පේ අග ඉතුරු කරනවා
ReplyDeleteමේක කියවපුවාම මට මතක් උනේ දෙකේ පන්තියේ වගේ ඉන්න කාලේ පාසැලේ උප විදුහල්පතිතුමා මේ මේසෙට ඇණ තියගෙන හිටියා කියලා වැදුන කනේ පාර...
ReplyDeleteඅදටත් ගුරුවරයෙක් ඉස්සරහා “සීරුවෙන්“ හිටගන්න තරම් ඒ පාර මතකයි...
දොස්තර නොනගේ පොස්ට් එක ඉස්සර වගේම රහයි....
මමත් මැනර්ස් නිසා පොඩි කාලෙ නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා. අපේ ගෙදර හිටපු 'මද්දු ආත්තා' ට්‍රැෆික් පොලිස්කාරයෙක් වගේ වගේ අපි කරන දේවල් දිහා හැමතිස්සෙම බලාගෙන හිටියා.
ReplyDeleteමැනර්ස් වලටවත් මැනර්ස් නෑ... ඒකනේ අපේ නිදහසට බාධා කරන්නේ.
ReplyDeleteඅපේ බල්ලගෙ නං වලිගෙ පෑගිලා සොරි නෙමෙයි මොනව කිව්වත් වැඩක් නෑ, හපලම තමයි පස්ස බලන්නෙ.
ReplyDeleteමැනර්ස් කියන දේ ඕනෙ තමයි, නමුත් සීමාවක් ඇතුව.
කෑම කනකොට පිලිපැදිය යුතු මැනර්ස් ගොඩක් බුදුහාමුදුරුවොත් කියල තියෙනව විනය පිටකයේ. චව් චව් ගාල කන්ඩ එපා, කෑම කටේ පුරවගෙන කන්න එපා, අඟිලි ලෙවකන්න එපා ආදී වශයෙන්. හාමුදුරුවරු ඒව පිලිපැද්දෙ නැත්තං ගිහියන්ගේ ශ්‍රද්ධාව නැතිවෙලා යනව.
මැනර්ස් කියන දේවල් බලෙන් ඇති කරගත්තට කිසි පලක් නෑ.ඒවා තමන්ගෙ ආධ්‍යාත්මෙන් එන්න ඕනේ.
ReplyDeleteමැනර්ස් කියන ජාතිය කඩන එකෙත් අමුතු ගතියක් තියෙනව
ReplyDeleteනැද්ද?
If you obey all the rules you miss all the fun. කියල කතාවකුත් අහල තියෙනව
[[පැකට්ටුවල ඇති බීම වර්ග අන්තිම බින්දුව දක්වා ඉරීමේදී, "සුරූස්" ගා මහ ශබ්දයක් නගමින් හුළං ඇදී එන්නේ කලාතුරකින් නොවේ. දැන් ඉස්සර මෙන් ඊට ලැජ්ජා හිතෙන්නේ නැත.]]
ReplyDeleteමේ හරියට එද්දී අමරදේවගේ "මහා වැස්සක පෙර නිමිති පේනවා" සිහිපත් විය.
අපි පාසල් ගියේ මැනර්ස් වලට වඩා "පාරට බැසීම" වැදගත් වූ සමයකය. කෙසේ වෙතත් ඔය සුට්ටම් සිල්ලර මැනර්ස් මට පත්තු වූයේ සැහෙන වයසකදීය. එතෙක් මා මගේ ලෝකයේ මැනර්ස් ගැන කිසිම නිනව්වක් නැතුව සිට ඇත.
පස්සේ අලුතෙන් කල දෙයක් වූයේ මැනර්ස් කඩන එකයි. ඊට හේතුව සමහරවිට ඉංගිරිසි කාරයාගේ මැනර්ස් වලට ඔලොක්කුවට හිනැහෙන රටක අධ්‍යාපනය ලැබීම විය හැක.
කෙසේ වෙතත් අප පිළිගන්න මැනර්ස් පද්ධති කීපයකි.
1. ඉංගිරිසි මැනර්ස්.
2. ඉන්දීය මැනර්ස්
3. බෞද්ධ මැනර්ස්
4. ඕල්කොට්-ධර්මපාල යුගයෙන් එන සිංහලබෞද්ධ මැනර්ස්
5. නව යුගයේ මැනර්ස්
මේවා එකක්වත් හරියට රකින්නේ නැති වීමත් කාට හරි නොපෙනෙන්න කඩා දැමීමත් තවත් විහිළුවකි. අනුන්ගේ මැනර්ස් නිසා අපිට එව්වා වගේ වගක නැත. ඒවා අපේ හදවතේ නැත. ඇත්තේ සමේ මතුපිට පමණි.
මේ සටහන ලියුවේ ඔහොම දෙයක් පැහැදිලි කරන්නටයි. To Colpetty along Cotta Road - Crossing the Lanes - Looking for the TigerLeopard කලින් කියවා ඇතිනම් සමා වන්න.
ඔය කොච්චර කිව්වත් ඉහත සිස්ටම් අපට දායාද කල හැම එකාම අපි වනචාරීන් ලෙස සලකන බවද නොකියාම බැරිය.
ඒ කතා කෙසේ වෙතත් කාලෙකින් සිත් ආරට ගොඩ වැදුනේ. දන්නවනේ සැහෙන හැලහැප්පීම් ගොඩකට පස්සේ. හලෝ වේවා. මේ ඩිංග මුලින්ම ලියන්න ඕනේ උනත් මැනර්ස් ගැන තියෙන අවබෝධේ නිසා අන්තිමටයි සිහිපත් උනේ.
හැබැයි ඔය මැනර්ස් ගොඩක් දෙනෙක් ළඟ නැහැ
ReplyDeleteමමත් ඔය චොක්ලට් කොළ ලෙවකන එක නම් කරනවා.... මාරයි.... තව වටේ පිටේ කවුරුවත් නැත්නම් ෆයිඩ් රයිස් වල තියෙන චිකන් කකුලෙ කට්ට හපන්නත් ආසයි :P
ReplyDeleteගොඩ දවසකින් ලියුවේ නැත්තේ ඇයි
ReplyDeleteකම්මැළි වෙලා.... :( හොයා බැලුවට ස්තුතියි.
Delete2013 ට මොකුත්ම නැද්ද?
ReplyDeleteඔන්න දැම්මා.
Deleteමම නලිනිගේ අලුත් පෝස්ට් එක, "වියගහ" කියෙව්වා. කමෙන්ට් කරන්න බෑ නේද? කමක් නෑ. හොඳ පණිවිඩයක් දීලා තියෙන්නෙ, නලිනි. මීට වඩා නිතර ලියන්න. (මීට වඩා නිතර කියන්නෙ more often අමු කොපියක් නේ? :D )
ReplyDeleteස්තුතියි. මීට වඩා නිතර ලියන්න බලන්න ඕනෙ. :D හැම එකටම හේතු දක්වන්න පුරුදු වුණහම, හේතු මවා ගත්තැහැකි නොලිය ඉන්නත්
Deleteටිකක් වැඩ වැඩි වුණ හින්දත්, වත්පොතේ ඌරන් මැරීමට ඇබ්බැහි වුණු හින්දත් බ්ලොග්වලට දැම්ම වෙලාව නැත්තටම නැති වෙලා ගියා. අදහස් බෙදා ගත් හැමටම බොහොම ස්තුතියි.
ReplyDeleteකොහොම හරි ආපහු ලියන එක ගැන සතුටුයි.. නොලියා හිටි කාලෙ බොහොම දිග වැඩියි.. ඒක අපිට දැනුනා.තේරුනාද ?
ReplyDelete