තිස් පස් හැවිරිදි දම්මි මළාණික මුහුණින් යුතුව බලා සිටිනුයේ හෙදිය රුධිර කාන්දුකරන යන්ත්‍රයට සම්බන්ධ කරන අයුරුය. අනතුරුව ඇය නෙත් පියා ගනී. ඇගේ මුහුණේ ඇති ප්ලාස්ටර් ලකුණු ඇය ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කොට දින ගණනාවක් සිටි බව පෙන්වයි.
"බබා හම්බෙන්න ගිහින් ගර්භාෂය පුපුරලා. කොලොස්ටොමි එකකුත් දාලා ඉන්නෙ." හෙදිය බඩවැල පිටතට විවර කෙරෙන සිදුර පෙන්වමින් පැහැදිලි කරයි.
නෙත් විවර කර බලන දම්මි නැවත පියා ගනී.
මල්ලකුත් රැගෙන පැමිණෙන මැදිවියේ පසුවන අබේ යාබද අසුනේ හිඳගනී.
"පුටුව කමක් නැද්ද?" හෙදිය විමසයි. බොහෝ රෝගීහු රුධිරය පෙරෙන පැය තුන හෝ හතර ඇඳකට වී පෙරවාගෙන සිටිති.
"කමක් නෑ. මගෙ වැඩේ කරගන්ඩනෙ ඕන."
"මෙයා පොළොන්නරුවෙ." හෙදිය කියයි. රෝගීහුද කාර්ය මඬුල්ලද එකිනෙකා හොඳින් හඳුනති. රෝගීහුද කාර්ය මඬුල්ල තරම්ම රෝහල් උපකරණ හඳුනති.
"මේක කෑ ගහයිද දන්නෙ නෑ." අබේ උපකරණය දක්වයි. "ගිය පාර එක දිගට කෑ ගැහුවා. අරකනම් එහෙම නෑ. දෙපාරයි කෑ ගැහුවෙ."
"එතනට යනවද?" හෙදිය විමසයි. අනතුරුව විහිළු කරයි. "මැෂින් එක නෙවෙයි ඔයාගෙ ප්‍රශ්නෙ. හොඳට ලේ එන්නෙ නෑ."
අබේ සිනාසෙයි.
"හොඳම එක අර එහා කෙළවරේ 13 පුටුව. කිසි ලෙඩක් නෑ. මම හැමදාම යන්නෙ ඒකට. ඒක නැති දවසට තමයි මේ අනික් ඒවට එන්නෙ."
"දැන් කී සැරයක් ආවද?"
"ම්ම්ම්, 14-15 සැරයක් විතර."
නිතර හදිසියේ රෝගී වන ඔහු ඉදිරි දින කිහිපය තුළ සෑම දින තුනකටම වරක් රුධිර පෙරීමට බඳුන් විය යුතුය. ඒ සඳහා ඔහු පොළොන්නරුවේ සිට තනිවම පැමිණෙයි.
"වකුගඩුවක් හම්බුණාද?" හෙදිය විමසයි.
"අර පොරොන්දු වුණු එක්කෙනා පැනලා ගියානෙ සල්ලිත් අරන්." අබේ කියයි.
"ඇයි ඉතින් ඔයා කලින් සල්ලි දුන්නෙ?" හෙදිය විමසයි.
වකුගඩුවක් දෙන බවට පොරොන්දු වූ මැදිරිගිරියේ මිනිසෙකු ඔහුගේ සියළුම පරීක්ෂාවන්ද අබේගේ වියදමින් කරගෙන, තවත් නොයෙක් අතමාරු ලෙසින් රුපියල් 35000ක්ද ගෙන මගහැර ගොසිනි. වකුගඩු බද්ධය සඳහා රෝහල අවට පදිංචිය පහසු හෙයින් අබේ මාස කිහිපයක්ම රුපියල් 15000ක් බැගින් ගෙවමින් කාමරයක්ද ගෙන ඇත. ඔහු එහි පදිංචිව නොසිටියි- බද්ධය කෙරුණොත් නැවතීම සඳහා වෙන් කරවාගෙන පමණකි. දින තුනකට වරක් රෝහලට පැමිණිය යුතුව තිබියදීත් එහි නතර නොවන්නේ, වකුගඩුවක් දීමට දෙවනුව පොරොන්දු වූ පුද්ගලයාත් පැන යනු වළකනු පිණිසත්, පරීක්ෂණවලට බඳුන් කරවනු පිණිසත් ඔහු පොළොන්නරුවේ සිටිය යුතු හෙයිනි. විවාහ වූ සොයුරු සොයුරියන්ගේ පවුල් ආරාවුල් ඇති වීම වළකනු පිණිස ඔහු පවුලෙන් උදව් නොඉල්ලයි.
"මොකද මේ හැමදාම පරක්කු වෙලා එන්නෙ?" උදෑසන නියමිත වේලාවට නොපැමිණි රෝගියකුගෙන් වෛද්‍යවරයා විමසයි. වේලාවන් වෙන් කරනුයේ අසීරුවෙනි. කිසිවෙකු හදිසියේ නොපැමිණියහොත් වෙන කෙනෙකුට හෝ ප්‍රතිකාර ගැනීමට තිබූ අවස්ථාව මගහැරේ.
දින තුනකට වරක්වත් ප්‍රතිකාර ගත යුතු ඔහුට වෙනත් දිනයක් ලබාදීමට වෛද්‍යවරයා පොත පෙරළා බලයි.
"හෙටනම් එපා සර්." රෝගියා ඇඹරෙයි. "හෙට අපි පුංචි දඹදිව යන්ඩ ඉන්නෙ."
"කොහෙ?"
"පුංචි දඹදිව. මේ රත්නපුර පැත්තෙ."
"මේක කරන්ඩ බෑනෙ. අනිද්දා වෙනකොට.."
"අනිද්දත් බෑ සර්. සෙනසුරාදා දෙන්ඩ."
"සෙනසුරාදා?? එතකොට දවස් දහයක් විතර ගිහින්. දඹදිව නෙවෙයි, මැරිලා ඉඳී. අර එක්කෙනෙක් ඔහොම දඹුළු ගිහින් බඩේ අමාරුවක් හදාගෙන මැරුණා."
රෝගියා ලැජ්ජාශීලීව සිනාසෙයි. මරණයට ඔහුගේ ජීවිතයේ ලොකු තේරුමක් නැත.
"ඔන්න ඕක අතෑරලා මේක කරගන්ඩ. අපේද පණ, ඔයාගෙද?"
"මටනම් යන්ඩ වුවමනාවක් නෑ සර්. මේ ගෙදර අයව එක්ක යන්ඩ ඕන හින්දා..."
"හා හා යන්ඩ. දඹදිවත් යන්ඩ, කතරගමත් යන්ඩ, සමන් දේවාලෙත් යන්ඩ."
"සෙනසුරාදා අනිවාර්යෙන් එන්නම් සර්."
හ්ම්ම්,, මාතෘකාව නම් හරියටම ගැලපෙනවා. මේ දවස් වල දොස්තර නෝනත් තණමල්විල බෙහෙත් අත්හදා බලනවද මන්දා.. :-)
ReplyDeleteවෙනද වගේම හරි අපුරුවට ලියල තියෙනවා, හිතන්න දේකුත් ඉතිරිකරලා..
" පන නම් තන අග පිනි බිදු වැන්නේ "
ReplyDeleteඅද දවස්ට මරන කීයක් ගැන බ්ලොග් ලෝකෙ කතා කලාද ?
/විවාහ වූ සොයුරු සොයුරියන්ගේ පවුල් ආරාවුල් ඇති වීම වළකනු පිණිස ඔහු පවුලෙන් උදව් නොඉල්ලයි/
ReplyDeleteඅනූ ගනන් වල මුලදී වකුගඩු රෝගියෙකු සමඟ ඉතා සමීපව කටයුතු කරන්න සිදුවුනා. ඒ පුද්ගලයාගේම වචන මේ වාක්‍යයයෙන් කන් තුල දෝංකාර දෙන්න පටන් ගත්තා. අපි වැඩකරපු සමාගමේ හා ඒ මැදපෙරදිග නගරයේ සිටි ලාංකික බොහෝ දෙනාගේ දායකත්වයෙන් ඔහුව ඉන්දියාවට යවා හොඳ කරා, ඔහු පුංචි ව්‍යාපාරයක් කරගෙන සැහැල්ලුවෙන් කල් ගෙවනවා.
වකුගඩු ලබා දීම ඉංදියාවේ නම් බරටම කෙරෙන ව්‍යාපාරයක්, හැබැයි හම්බ කරන්නේ තැරැව්කාරයින්.
කවදත් වගේ පැති කීපයක්ම ගෙනහැර දක්වන අගක් මුලක් නැති... කතා ගොඩායි.
මේ ටොපික් එකට මගේ ඇඟේ පිපෙන හිරිගඩු විනා හිතේ පිපෙන සිතුවිල්ලක් නැත. ඔබ ලියා ඇති සටහනේ අඩුවක් නම් නොවේ. ප්‍රශ්නය මගෙයි.
ReplyDeleteපුංචි කාලේ දොස්තර කෙනෙක් වෙන්න කියා ඉල්ලා හුන් සියල්ලන්ගේ සිහින හිතුවක්කාර ලෙස කඩා දමා වික්ටර් කියන්නාක් මෙන් "අපේ ම අපේ ම අපේ ලොවක්" සොයා පියමං වීම ගැන නම් මා අද ද සතුටින්.
එහෙත් ඒ ලෝකේ නපුරු රාස්සයින් පුංචි සුරංගනාවන් එක්ක මා වගේ වගක නැතුව සෙල්ලම් කරමින් ඉන්න විට මා වටේ දහසක ප්‍රශ්න පෙනී මට ම මා ගැන දුක හිතේ. මේ ලේ මස් වලින් සැදී පන ගැහෙන ලෝකයෙන් පලා ගිය මා නතර වුනේ කාටවත් පලක් නැති සුරංගනා ලෝකයක ද?
ඒ කතාවටත් අගක් මුලක් නැහැ. ඔයා ඒකත් දවසක ලියන්න.
හ්ම්ම්ම්..
ReplyDeleteඅගක් මුලක් නැති කතාවක් නම් තමයි..
ඒක අතකින් නොනවතින චක්‍ර වලට කොහෙන්ද අගක් මුලක්...
මේක ඉස්පිරිතාලේ අත්දැකීමක් වගේ.....
ReplyDeleteමගේ ජීවිතේ මගේ ද නැත්නං වෙන කාගෙවත්ද කියන එක වෙලාවකට මටත් හිතෙන ප්‍රශ්නයක් තමා....
කතාවත් මාතෘකාවට අදාළවම තියෙනවා...
මරු කතාව පොඩි දඹදිව නේ යන්න අහලා තියෙන්න ,ඩොකී අක්කේ මේක ඇත්ත කතාවක්ද?
ReplyDeleteඇත්ත කථාව... මාත් මේ අගමුල හොයාගන්න බැරුව ඉන්නේ.. මොනවා කියන්නද කියලා තේරෙන්නේත් නැහැ වගේ...
ReplyDeleteහැබැයි එක දෙයක් කියන්න ඕනේ දොස්තර නෝනේ... මෙහෙම ගිහින් ලංකාවෙත් අර ඉන්දියාවේ වගේ උස්සගෙන ගිහින් අවයව ගලවන වැඩේ පටන් ගනීද දන්නේ නැහැ...
ඔබට ජය !!!
හ්ම්ම්..
ReplyDeleteමිනිසුන් නොමිනිසුන් අතරේ ගෙවෙන ජිවිත ගැන සංවේදි වදන් පෙළක් ,
ReplyDeleteඅගක් මුලක් නැහැ කිව්වට, ඇත්තටම අගක් නැති වුනත් මුලක් තියෙනව කියලය් මට නං හිතෙන්නෙ
ReplyDeleteවෙනදා වගේ දිරිග කාතාවක් කියවිමේ අදහසින් පැමිණීයත් ... කෙටි කතාවක් කියවා යෑමට සිදු විය ...!!!!!!!!!!!
ReplyDeleteඅපේ රටේ බොහොමයක් මිනිස්සු සාමාන්‍ය ලෙඩ වලින් මැරෙන්නේ මේ වගේ ප්‍රතිකාර ගැනීම කල්දැමීම නිසා මගේ හිතේ. විශේෂයෙන්ම පවුලක බර දරන තාත්තලත් අම්මලත් ඔය විදිහට තමුන්ගේ ලෙඩ අමතක කරගෙන බර ඇදගෙන යනවා. දරුවාගේ හෙම්බිරිස්සාවට නහින අම්ම තමුන්ගේ දියවැඩියාව අමතක කරනවා. සමහර විට අද්යාපනයේ නොදියුනුකම නිසාත් නෙවෙයි ඒ මොකද මම දැකල තියෙනවා උගත් මිනිස්සුත් මේ විදිහට හැසිරෙනවා. අපිත් ඉතින් ඔයිට ගොඩක් වෙනස් නැහැ..
ReplyDeleteඅගක් මුලක් නැති කතාවක් නෙවෙයි..ජීවිතෙන් දවසක්...
ReplyDeleteඒක් ඔයාගෙද මගෙද කියලා නැහැ..
තවත් මිනිහෙක්ගේ.. ගැහැණියකගේ... රෝගියෙකුගේ... හෙදියකගේ..වෛද්‍යවරයකුගේ...කාගේ හරි වෙන්න පුළුවන්...හැබැයි සාමාන්‍ය විදියට දෙයක් නොවුනහොත්..ඔතනින් සමහරකගේ ජීවිතේ අවසාන දවස වෙන්නත් පුළුවන්...
කවුද ගණන් ගන්නේ..?
වනේ තියෙන එකයි වේදනාව දන්නේ... ඒත් සමහර විට උන් දන්නෙත් නැහැ.. එහෙමත් නැත්තං දැන ගත්තත් ගණන් ගන්නේ නැහැ...
සංසාරේ භවේ දුකා...
ReplyDeleteඅගක් මුලක් නැති කතාවක් තමයි. ඒත් ඒක ඇතුලෙ අතුරු කතා කිහිපයක්ම හොයා ගන්න පුඵවන් වුණා.
ReplyDeleteපුංචි දඹදිව කියන්නෙ මොකක්ද කියලනම් දන්නෙ නෑ. ඒත් ප්‍රතිකාර මගහැරැල හරි මොහොතක් ජීවිතේ විඳින්න තරම් ජීවිතය ගැන උපේක්ෂා සහගත වන රෝගියාට මම කැමැතියි.
අනේ අර අබේනම් හරි ආත්මශක්තියක් ඇති ,ඉවසීමක් ඇති,කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන,කෙනෙක් වගේ.
ReplyDeleteපව් අර දෙවන ලෙඩානම් වැඩිකල් නොගොස් රත්නපුරේ නෙමේ යන්න වෙන්නේ වැලිගම.
කතාවේ අගක් මුලක් නැති වුනාට "මැදක්" තියෙනවානේ. 'ඉස්පිරිතාල' වල වැඩ කරන හැමෝටම ඔය වගේ දේවල් දැකලා දැකලා සාමාන්‍ය දේවල් වගේ වෙලා ඇත්තේ, "අබෙ" වගෙ අයටත් ඒක එහෙමම වෙන්න ඇති නේද..?
ReplyDelete(ඇත්තට කොහෙද ඔය පුංචි දඹදිව තියෙන්නෙ..?)
හ්ම් ...මොනවා කියන්නද ...ජිවිතේ හැටි තමයි.....ආසනික් ??????????
ReplyDeleteඇයි දෙයි හාමුදුරුවනේ ජීවිතේට වඩා ලොකු දෙයක් තියෙයිද? ඒත් ඉතිං යන තැනකට මුකුත් කරගන්න හිතුවද දන්නෙත් නෑ
ReplyDeleteමටත් මේ දවස් ගානක ඉඳල වෙන දේවල් එක්ක හරි පුදුම හිතෙනව ජීවිතය ගැන......
ReplyDeleteඋවමනා දේ උවමනා වෙලාවට හීනෙන්වත් පේන්නේ නැහැ නොවැ...
ලැබීම්....නොලැබීම් එක්ක මුලු කාලයම දෝලනය වෙනව.වෙලාවකට තෝරගන්න බැහැ සතුටු ලැබුනාටද? නොලැබුනාටද? කියල.......
හ්ම්ම්..... මටත් අගක් මුලක් හිතාගන්න බෑ
ReplyDeleteඔය අවයව විකිණීම ඉන්දියාවෙ හරියට වෙනවලු
ලංකාවෙ තත්වෙ ගැනනම් වැඩිපුර දන්නෑ
ඔව්වයේ අග මුල හොයන්න බැහැ නලිනි ...ජිවිතේ කියන්නේ සමහර විට එකට සම්බන්ධ වෙච්ච නැත්නම් කොහෙත්ම සම්බන්ධයක් නැති සිද්ධි මාලාවක් ..කොහොම වුනත් ඔයාගේ මේ අග මුල නැති රටාවට මන් කැමතියි .
ReplyDeleteමේ කථා මොන තරම් සංවේදීද ?
ReplyDeleteවකුගඩු රෝගියාට වංචා කල කාලකන්නියාට විපාක ලැබීම අනිවාර්යයි. ඔය වගේම ටිකක් වෙනස් කතාවක් මම දන්නවා.
ධනවත් රෝගියෙකුට, දුප්පත් පුද්ගලයෙක් වකුගඩුවක් දන් දීල, හැමදාටම තමන්ගේ දරු පවුල රක බලා ගන්න පිහිට වෙන පොරොන්දුව මත. එත ටික කාලෙකට පස්සේ උදවුවක් ඉල්ලෙගෙන ගියාම දායකයාට , ග්‍රාහකයාගේ පිරිස ගහලා එළවලා.දැන් ඒ අසරණයට පුරුදු රැකියාව කරගන්නත් නැහැ.
ඊයේ දාපු කමෙන්ටුව තාම ආවිත් නැත්තේ ඇයි දන්නෑ නේද නෝනේ..
ReplyDelete@ Kavinda: තණමල්විල බෙහෙත කිව්වෙ අර අරවා වෙන්නැති නේද? ;-)
ReplyDelete@ sameera: අපි කතා නොකළ මරණ කීයක් ඊයෙ දවසෙ සිදු වෙන්න ඇත්ද? අපි කොයි වෙලේ යයිද? එක අතකින් කතා කරලා මතක් කර ගන්න එක හොඳයි වගේ.
@ ඩීන් අය්යා: ඇත්තටම අය්යා. එතන සමහරු "අමාරු ලෙඩා"ගෙ චරිතෙට සම්පූර්ණයෙන්ම ආවේශ වෙලා- ඇවිදින්නෙ කාගෙ හරි වාරුවෙන්; කොට්ටෙ සකසන්නෙ, පොරෝනාව එළන්නෙ සහකාරිය; මූණ මැළවිලා; කතා කළොත් තමන්ගෙ දුක ගැන. නමුත් අබේ සිනාමුසු මුහුණින්. ඔහුට දුකක්, වේදනාවක්, ප්‍රශ්නයක් නැතුව නොවෙයි. ඔහු ජීවිතේ තේරුම් ගන්නට උත්සාහ කරනවා.
ලංකාවෙත් අවයව වෙළඳාම පටන්ගෙන කියලයි මට හිතෙන්නෙ.
@ Sujeewa Kokawala: අපිත් සුරංගනා ලෝකෙට පලා යන්නෙ කොයි වෙලේද කියලා තමයි ඉන්නෙ. :D මමනම් මේ වෘත්තියට හුඟක් කැමතියි. ඒත් දවසෙන් කොටසකට විතරක් සීමා වෙනවනම්. ඉතිරි ටික සුරංගනා ලෝකෙක නොහිටියොත් අමාරුයි.
අපි හැමෝගෙම ජීවිතවල අගක් මුලක් නෑනෙ, හරි විදිහට බැලුවොත්.
@ Luckey: ඔව්. අපිත් ඉන්නෙ ඒ චක්‍රෙමයි. අපිට තාම ඒක මතක් කරන්න සිද්ද වෙලා නෑ විතරයි.
@ Jeew: ඔයා මතු කරන ප්‍රශ්නෙ අපි නොහිතා ඉන්නට, අපවම රවටා ගන්නට උත්සාහ කරන එකක්: "මගේ ජීවිතේ මගේද?"
@ ItalyDilan: ඔව්, ඇත්ත කතාවක්. ඔයා දන්නවද පුංචි දඹදිව කොහෙද කියලා?
@ බස්සා: ඒ වැඩෙත් ළඟඳිම පටන් ගනී. අවයව ගැනීම ගැනනම් කියන්නට දේ බොහොමයි. මම ආස නෑ ඒ ගැන කතා කරන්න.
@ චේජනා: හ්ම් හ්ම්.
@ Mahesh Nishantha: ඔව්, මිනිසුන්, නොමිනිසුන් සියල්ලන්ම මැද ඉන්න බව මතක් වුණා.
@ Obserever: :D මුලක් කොහෙ හරි තියෙනවද මන්දා එහෙනම්.
@ වැප්: දිග කතාවක් ලිවීමට මේ දිනවල හැකියාවක් නෑ. :-( මටත් නිකම් අත කහනවා වගේ. ස්තුතියි පැමිණියාට.
@ සරත් ලංකාප්‍රිය: අනික් මිනිස්සුන්ට බණ කිව්වට අපිත් එහෙම තමයි. සාධාරන හේතුවක්වත් ඇතුවට නොවෙයි. :D
@ මාරයාගේ හෝරාව: ඔව්, එහෙම අවසන් වුණු ජීවිත ගැනත් මෙතන අය සිහි කරනවා. ඒත් හැම මනුස්සයෙක්ම හිතන්නෙ "මට එහෙම වෙන එකක් නෑ" කියලනෙ.
@ රාජ්: සැබවින්ම!
ReplyDelete@ ```Outsider```: ඔව්, එක අතකින් ජීවිතේ ඉතිරි ටික දවස හරි ආදරණීයයන් සමග සතුටෙන් ගෙවන්නට ඇත්නම් වඩා හොඳයි.
@ Gimhani: ඇත්ත සොයුරිය. අබේ තව හුඟක් දේවල් කිව්වා. හරිම ආත්ම ශක්තියක් ඇති, ප්‍රශ්නවලට මුහුණ දීමට දන්නා කෙනෙක්.
@ හිතමිතුරු: හුඟක් දේවල් කල් යනකොට සාමාන්‍ය වෙනවා. ඒ අතරෙත් හිතට තදින් දැනෙන දේ තියෙනවා.
පුංචි දඹදිවනම් කොහෙද මන්දා. ලෙඩා සෙනසුරාදා ආවොත්... ඒත් මං එදාට නෑ.
@ Bindi: ඔව්, ඒ පැත්තෙ රෝගීන් බොහොමයි. එන්න එන්නම වැඩි වෙනවා.
ජීවිතේ හැටි. දකින කෙනෙකුට දකින්නයයි කියලා සත්‍යය අපි වටේ කැරකි කැරකි ඉන්නවා.
@ nawammawatha: ඔව්, ඒක කියන්නත් බෑ. කලින් මෙතන වෛද්‍යවරුන් සංවිධානය කරලා තියෙනවා රෝගීන් සඳහා භාවනා වැඩ සටහනුත්. මෙලොව යහපත මෙන්ම පරලොව යහපතත් ඉන් සැලසෙන්න ඇති.
@ Heeniyata: ජීවිතේ තේරුම් ගන්නට අපහසුයි. කැමති දේ, අකමැති දේ, ලැබෙන දේ, නොලැබෙන දේ.... අපි සතුටක් බලාපොරොත්තුවෙන් කාලයත් එක්ක හරඹයක.
@ චතුරංග ජයවර්ධන: ලංකාවෙ තවම ඉන්දියාවෙ විතරම දරුණු නැතිව ඇති. ළඟදිනෙ පටන් ගත්තෙ. නමුත් දැනටම හුඟක් අයහපත් දේ අහන්නට ලැබෙනවා.
@ Bindi: මමත් අග මුල නැති වැලක් වගේද? :D ඔව්, අපි හිතුවට හුඟක් දේවලට මුලක් අගක් තියෙනවා කියලා, ඒවාටත් නැහැ එහෙම දෙයක්.
@ Indunil: මේ සම්බන්ධයෙන් ඔවැනි කතා හුඟක් ඉදිරියෙදි අහන්නට ලැබේවි. හරිම කණගාටුදායකයි. උපේක්ෂාසහගත වීම හරිම අමාරුයි සමහර කතා ඇහෙනකොට.
@ බස්සා: මම දැන් ටිකකට ඉස්සෙල්ලා තමයි ජාලෙට ආවෙ. ඒකයි.
කතාව අග මුල නැති වගේ පෙනුනට සහතික ඇත්ත තියෙන්නෙ, අනේ මන්දා ...........
ReplyDeleteමම හරි ලස්සන තැනක් දැක්ක මේ කතාවෙ...
ReplyDeleteදොස්තර මහතා මෙහෙම කියද්දිත්....
//"සෙනසුරාදා?? එතකොට දවස් දහයක් විතර ගිහින්. දඹදිව නෙවෙයි, මැරිලා ඉඳී. //
ලෙඩා මෙහෙම කියනව.....
~ "සෙනසුරාදා අනිවාර්යෙන් එන්නම් සර්." //
මම මාෆියා එකේ වැඩකරන කාලෙ දොස්තර මහත්තුරු නෝනල එක්ක ලඟින් වැඩකරන්න ලැබුන නිසා හොඳට දන්නව....
...... හුඟාක් ලෙඩ්ඩු ඔහොම කතාමයි කියන්නෙ...
hmm.... agak mulak nena jivithetath
ReplyDeleteඅක්ක ඩින් අයියට දාපු රිප්ලයි එක ගැන මම මෙ කියන්නෙ.
ReplyDelete"එතන සමහරු "අමාරු ලෙඩා"ගෙ චරිතෙට සම්පූර්ණයෙන්ම ආවේශ වෙලා- ඇවිදින්නෙ කාගෙ හරි වාරුවෙන්; කොට්ටෙ සකසන්නෙ, පොරෝනාව එළන්නෙ සහකාරිය"
ඉතින් අක්කෙ ලෙඩෙක්ට එහෙම දෙයක් වත් කරල දෙන්න බැරි නම් තමන්ගෙ කියල ඉන්න අයගෙන් ඇති වැඩේ මොකක්ද?
අක්ක කිව්ව වගේ පොඩි දේටත් මැරෙන්න වගේ ඉන්න ලෙඩ්ඩුත් ඉන්නව. ලෙඩක් හැදුනම කායිකව වගේම මානසිකවත් මිනිස්සු වැටෙනව නෙ. එක එක්කෙනාගෙ මානසික ශක්තියට අනුව තමයි ඒකට මූන දෙන්නෙ. මානසික ශක්තිය අඩු අය ලෙඩක් වුනාම ඉතින් අක්ක කිව්ව වගේ වෙනව. ඒකට වැරද්දක් කියන්න බෑ මම හිතන්නෙ.
@ පන්සල් හන්දිය: එතන තව හුඟක් කතා තියෙනවා. හිත කළකිරවන, හිතන්න දේ එක් කරන, හිතට සතුටක් ගෙන එන... හැබැයි අගක් මුලක් නෑ.
ReplyDelete@ සපතේරු උන්නැහේ: මාෆියා එකේ??? අපොයි, අපි කාවද මේ ආස්සරේ කරන්නෙ සපතේරු උන්නැහේ කියලා? බයේ බෑ. ;-)
ඕක ගැනනම් කියලා වැඩක් නැහැ. ඉස්සර ගර්භනී මව්වරුන්ගෙ රුධිර පීඩනය හොඳටම වැඩි බව දැනගත්තම උදේ සායනයෙදි, අපි කියනවා වහාම ඇතුල් වෙන්න වාට්ටුවට; තනියට ආව එක්කෙනාට ගෙදර ගිහින් ඇඳුම් එහෙම අරන් එන්න කියලා. නැත්නම් බබා මැරෙයි කියලම කියනවා. හැබැයි අම්මලා ඇතුල් වෙන්නෙ රෑ 8.30 නාට්‍යය බලලා ඉවර වෙලා නිදා ගන්න වෙලාවට. (අතිශයෝක්තියක් නොවේ.) සමහරු පහුවදා. ඇතැම්විට බබා ඒ වෙනකොට නැති වෙලා. නැත්නම් අම්මට වලිප්පුව හැදිලා. ඇහුවම කියන්නෙ, "ඒ කිව්වට මට එහෙම වෙයි කියලා හිතුවෙ නෑ" කියලා
@ ayesha: හ්ම්. ජීවිතේ හැමදෙයක්ම වගේ.
ReplyDelete@ Kasun: හොඳටම අපහසු වෙලාවට කරලා දෙන එක ගැන නෙවෙයි මම මේ කියන්නෙ. නමුත් තනිවම කටයුතු කරගන්නට පුළුවන් වුණහමත් එහෙම හැසිරෙන්නට ගිහාම ඒක හැමෝටම කරදරයක් බවයි මගේ හැඟීම. ඒ වගේම සුවය ලැබීමටත් බාධාවක්. කරදරය පිළිබඳවනම් වෙනස් මත ඇති බව මම පිළි ගන්නවා.
ස්තුතියි අදහස් බෙදාගත්තට.
ඔව්.. ඔව් ..දොස්තර නෝනා මම මේ සපත්තු වෙළඳාමට බැඳෙන්න කලින් ලංකාවෙදි දරුණු මාෆියා එකක ඒජන්ත කෙනෙක් හැටියට කාලයක් වැඩ කලා.. ඒ කාලෙ doctors lounge වලයි, GP clinics වලයි, දොස්තර මහත්තුරුන්ගෙ නිල නිවාස වලයි තමා කරක් ගැහුවෙ.... ඒ ගැන වෙනම ලියන්න තමා හිතාගෙන ඉන්නෙ...
ReplyDeleteහැබැයි ඒ කාලෙත් මම ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කලා, අනික් හුඟාක් ඒජන්තල කලත් මම නම් කවදාවත් quacks ලගෙ clinics වල කරක් ගහල නෑ....
"කොලොස්ටොමි එකකුත් දාලා ඉන්නෙ."ඒ මොකද්ද?
ReplyDelete@ සපතේරු උන්නැහේ: ඕඕඕඕ, ඒ මාෆියා එක!!! භයානක රස්සාව!!!
ReplyDelete@ නදී: කොලොස්ටොමි කියන්නෙ -බඩවැල්වල අසනීපයක් නිසා සාමාන්‍ය විදිහට ආහාර මාර්ගයෙහි කොටසක් වැඩ නොකරනවිට, ඒ වැඩ නොකරන කොටස ඉවත් කර, බඩවැලේ මුල් කොටස බඩේ එළියෙ සමට යා කොට සිදුරක් හැදීම. එතකොට මළපහ පිටවෙන්නෙ ඒ සිදුරෙන්. ඒවා එකතු වෙන්න සමට අලවන මල්ලක් තියෙනවා.
අහ් මම දන්න බබෙකුටත් මලපහ මාර්ගෙ හරියට පිහිටල නැතුව ඔහොම දෙයක් කරා කිව්වා.
ReplyDeleteළඟකදි ඉඳලා මෙහෙට එන්න ගත්තේ. කොමන්ට් නොකලාට කියවලා නම් යනවා. අනේ මන්දා නෝනේ මටත් මේ වගේ ලෙඩ්ඩු එක්ක ඉඳලා එපා වෙලා තියෙන්නේ...
ReplyDelete"ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
ReplyDeleteසැපට වැඩුණු කය පොළොවට දිරා යතී
අපට නොවේ බඹුටත් මාරු ළඟා වෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී"
දොස්තර නෝනට පිං!
මටනම් පේන්නේ දොස්තර නෝනා දීපූ පනිවිඩේ එකෙක්වත් තේරුම් අරගෙන නැති පාටයි.. වර්ථමාන ප්‍රශ්නයකට ලස්සනට කනේ පාරක් දීල තියෙනව.. වෙල් ඩන්.. රුසියානූ විප්ලවය කාලේත් මේ වගේ වෙනත් කතාවකින් කන පැලෙන්න ගහන සාහිත්‍යකාරයෝ ඉඳල තියෙනව.. ලස්සනයි නෝනේ....
ReplyDeleteහිතන්න දේවල් ගොඩායි..
ReplyDelete@ Il mondo di una povera pazza: හ්ම්. හුඟක් කළකිරීමත් එක්කම තමයි දවස ගෙවෙන්නෙ. අමතක කරලා ඉන්න වෑයම් කළත් අමාරුයි වෙලාවකට, නේද?
ReplyDelete@ පොත් ගුල්ලා: ඇත්ත, අන්තිමට ඉතිරි රැස් කළ කුසල්/ අකුසල් පමණයි.
@ මාතලන්: ස්තුතියි මාතලන්. දේශපාලන ප්‍රශ්නයක් ගැනනම් තදින් හිතුවෙ නැහැ. ;-) නමුත් අන්තිමට හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ බව අමතක නොකර බැහැ.
@ හරී- පිණිපළස: ඔව්, තවත් ඔවැනි කතා හුඟක් අහන්නට ලැබුණා පහුගිය ටිකේ.
@මාතලන් කියපු කතාව මමත් පිලිගන්නවා. හැබැයි ඔය කියන කනේ පාර දොස්තර නෝනගේ හැම කතාවකම වගේ තියෙන බවයි මට නං පෙන්නේ. කොහොම උනත් මේ කාලෙ නං තියෙන්නේ මහ තුප්පහි විප්ලව. බටහිර නව යටත්විජිත වාදීන්ට ඕනේ විදිහට මූණු පොත, ඊ මේල් ආදිය හරහා ආණ්ඩු වෙනස්කිරීම උන් විප්ලවය හැටියට හැඳින්නුවට ලෙනින්ල, කාල් මාක්ස්ල දැකපු විප්ලවය ඒක නෙමෙයි.
ReplyDeleteඔබතුමීගේ බ්ලොග් අඩවියේ තිබුණු කතා, කවි සහ අනෙක් සටහන් සියල්ලම කියවල ඉවර කළේ දැනුයි. පසු සටහන් ලියන්න මට නං ලැජ්ජත් හිතෙනවා. බයත් හිතෙනවා. මොකද මට හිතෙනවා ඔබතුමී ලංකාවේ ඉන්න ප්‍රතිභා සම්පන්න ප්‍රසිද්ධ ලේඛිකාවක්, මේ ආරූඩ නමකින් බ්ලොග් සටහන් ලියනව කියල. ඒ තරමට මට නං මේ හැම රචනාවක්ම පේන්නෙ ඉතා විශිෂ්ඨ ලේඛන හැටියටයි. පරිඝනක සහ අන්තර් ජාල පහසුකම් නැති හුදී ජන පහන් සංවේගය පිණිස මේ සියල්ල පොතක් ලෙස පලකරනවානම් බොහොම පිං. අප වැනි පුහුදුන් දනන් ගේ විඩා බර මනසට රසදුනක් වන් මෙවන් රචනා තව තවත් ලියන්නටත් දහසක් දුක්විඳින රෝගීන්ගේ කායික දුක්ඛයන් නිවා සුවපත් කරලන්නටත් යෝධ බල, යෝධ වීරිය ලැබේවා!
ReplyDelete@ පොත් ගුල්ලා: ඔන්න මට දැන් අහසෙ පාවෙනවා වගේ හැඟීමක් එනවා.... :D බොහොම ස්තුතියි අගැයීමටත් ප්‍රාර්ථනයටත්. ලියන්නෙ මගේ සිත සතුටු කරගන්නට වුණත් තව කෙනෙක් ඒ කියවා අගයනු දැකීම සිතට විශාල ප්‍රීතියක්; දිරියක්.
ReplyDeleteමැස්සෙක් ගිය උඩක් බොලේ...... ( කථාවට අදාල නැත.) හික්...
ReplyDelete@ අභීත: :D හික්.
ReplyDeleteමොකද සද්දයක් නැත්තේ ?
ReplyDeleteබුරතීනෝ මැතිතුමා ට මොකද උනේ? ද්වන්ධ සටනකදී රබර් උණ්ඩයක් වැදී රුසියානු රෝහලක දැඩි සත්කාර ඒකකයේ ද?
ReplyDelete"මටනම් යන්ඩ වුවමනාවක් නෑ සර්. මේ ගෙදර අයව එක්ක යන්ඩ ඕන හින්දා..."
ReplyDeleteIt seems his family doesn't care about his life anymore or doesn't understand the gravity of his condition. So sad....
ලංකාප්‍රිය: මේ දවස්වල ලියන්නට සුදුසු වාතාවරණයක් නැහැ, ඒකයි.
ReplyDeleteසුජීව: බුරතීනො මතු වෙලා හිටියා නෙළුම් විලේ.
SL: එක අතකින් බලද්දි ඔබ කියන කාරණා වෙන්නටත් පුළුවනි. එහෙම හිතද්දිනම් ශෝචනීයයි. හුඟ දෙනෙකුට සහ පවුලෙ අයට රෝගයක බරපතලකම වැටහෙන්නෙ නෑ.
අනික් අතට, ඉන්න ටික කාලය හැකි තරම් සාමාන්‍ය දිවියකට අනුගත වීමට උත්සාහ කරනවා වෙන්නටත් ඇති. විශේෂයෙන්ම ළමයි ගැන කල්පනා කරනකොට, ඔවුන්ගෙ ළමාකාලය ආපසු එන්නෙ නෑනෙ; දෙමවුපියන් සමග විනෝද චාරිකාවක් යන්නට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව වෙන්නටත් පුළුවනි. පවුලෙ හැමටම දුක්මුසු මතකයන් වෙනුවට, එවැනි ප්‍රීතිමත් මතකයක් එක් වෙන එක හොඳයි.
කොහොම වුණත් ඔහු කරන දේටනම් මම සම්පූර්ණයෙන් එකඟයි. :D මොකද, ජීවිතය කොච්චර කාලයක් පුරා පැවතියාද කියන එකට වඩා කාලය තුළ ජීවිතය කොච්චරක් පැවතියාද කියන එක මටනම් වඩාත් වැදගත්.
බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.
sorry I have a error in my Sinhala Uni Code. This blogspot is stunning. Great. Thumbs Up akka
ReplyDeleteසරත්මි
ReplyDeleteනැවත ආමි
අලුත් දෙයක් නැති නිසා
මෙසේ ලීමි.
යට ලීය උඩටවත් නැග්ගද ?
@ Lochanata Horen: බොහොම ස්තුතියි සහෝ. :D
ReplyDelete@ සරත්: :D ස්තුතියි හොයලා බැලුවට. ටිකක් වැඩ වැඩියි සහ නිදහස අඩුයි. සියල්ල දින නියමයකින් තොරව කල් දාලා තියෙන්නෙ.
පීඑස්: මගෙත් හිතේ රැඳුන පද ටිකක්. (සීගිරි කුරුටු ගී)
පහුගිය පොස්ට් දෙක [මේකත් එක්ක] බැලුවමත්,. දිගු නිහැඬියාව බැලුවමත්, එක්සෑම්එකකට මුහුණ දෙන මනුස්සයකුගේ මනෝ භාවයන් මනා සේ මෙන්නුම් කරන බව කිව යුතුයි. නලිනි ඉතින් මට වඩා දන්නවා ඇතිනේ ඔව්ව.
ReplyDeleteනෑ සුජීව, මේ දවස්වල ඉන්නෙ අම්මලත් එක්ක. ඒ මදිවට වැඩට යන්න පාරටම පැය පැය ගත කරනවා උදේ හවස. විවේකය අඩුයි. :(
ReplyDeleteසතුටුයි තවත් සායනික තොරතුරු අත්දැකීම් රැඳි බ්ලොග් එකක් දකින්න ලැබුනු එක. මම නම් ලිය ලියා හිටපු ටික පළ කරන්න පටන් ගත්තෙ ළඟදියි. කොහෙද ඉන්ටර්න් කාලෙ වෙලාවක් තිබ්බෙ නෑනේ. all the best !
ReplyDelete[[පාරටම පැය පැය ගත කරනවා]]
ReplyDeleteඉතින් ළමයෝ මං හැමදාම මෙහෙම නේ. මං නම් ඒක ධනාත්මක වැ බලලා කැන පැලෙන්න නිදා ගන්නවා. හිනත් බලන්න පුළුවන් ස්ලෝ බස එකක් නම්.
ඔයා දන්නවද බුවෙක් [එක්තරා] මේ මහ මග [පිලි උඩ] ගෙවන දිග කාලයක් නිසා සිංහල බ්ලොග්කරණයේ කොලෝසියම ඉදි වන බව. හැබැයි ඉතින් ඔයාටයි මටයි ඒ බූල් බල්ලෝ නැහැ.
@ අනිත් කොණ: ස්තුතියි. ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ අද. මගෙ අතින් ඉඳහිට සායනික තොරතුරු ලියවෙන්නෙ.
ReplyDelete@ සුජීව: ඩ්‍රයිව් කරන ගමන් අමාරුයිනෙ.
@සුජීව...
ReplyDeleteපිස්සුනං කියවන්න එපා..එහෙම නිදා ගන්න ගියොත් පාරෙයන කී දෙනෙක් පරලොව යයිද..? ඒත් හා කියමුකෝ..කෝ ඊ ළගට බ්ලොග් එක ලියන්න කෙනෙක්..?
පරලොව යන එකෙත් ප්‍රශ්නයක් නෑ කියමුකො. මාරයා දැක්කොත්?
ReplyDeleteහැමදාම නැහැ..හැම තැනම නැහැ...
ReplyDeleteහරි මෙතැනදී මං ඉන්නේ ඔයාලා ඉන්න තුන්වෙනි ලෝකෙටයි අපේ බ්ලොග් කොලොසියමේ මහත්තයා ඉන්න පලවෙනි ලෝකෙටයි අතරේ. 3- කියමු. මාත් ඉන්නේ ලංකාවේ තමයි. මං ඉන්නේ හැබැයි නිදහස් බස් රූට් එකක. එකයි වාහන ගෙදර තියලා සැපට බුදිය ගෙන යන්නේ.
ReplyDeleteදැන් ඔකේ රොස් පරොස් දකින ජනතාව ඒමටයි. රස්සාවේ තත්වෙට හරි නැතිය මග නිකම් පිචන් තාලෙට බස එකේ යනවය අරකද මේකද. හැබැයි මමයි දන්නේ වීල් එකයි ගියර් එකයි නැති දෑත කොච්චාර නිදහස් ද කියලා. හීන ඉතින් බ්‍රෝඩ් කාස්ට් කරන්න බැහැනේ. එව්වා ප්‍රයිවෙට් ෆන්.
මං පිලි ගන්නවා හැම පාරම මේ වගේ නැති බව. ඒ වගේම හැම වෘත්තිකයටම ඒ නිදහසත් නැති බව.
පරිස්සමින් එලවන්න නලිනි. ඔයාට එලවන්න පුළුවන් ඇති ඒත් බණ්ඩා රාලහාමිට අහු වුනොත්.
අනේ මන්දා . . .කතාවත් කියෙව්වා . . කොමෙන්ටු ටිකත් ඔක්කෝම වගේ කියෙව්වා . . .ජීවිතයේ හිස් බවක් දැනුනා වගේ හැඟීමක් තමයි මට නම් දැනුනේ . . .
ReplyDeleteඅර පුංචි දඹදිව යන්න හදන අන්තිම ලෙඩා වගේ ඉන්න පුලුවන් නම් . . .
ලිපියට කෙසේ වෙතත් ලිපිය කියෝලා කොමෙන්ටුවක් දාන්න නම් අගක් මුලක් හොයා ගන්න අමාරු උනා
@ සුජීව: කවුරු හරි වැඩ කරන තැනට එක්ක යනවනම් හොඳයි කියලා හිතෙන දවසුත් තියෙනවා. හැබැයි යන එන තැන, වෙලාව මටම තීරණය කරන්නට ඇති හැකියාවෙත් අගයක් තියෙනවා.
ReplyDeleteහපොයි, බණ්ඩලට නේද? මල්ලියි මමයි ලයිසන් එක නොතියපු පොලීසියක් කොළඹ නුවර පාරෙ නෑ. සමහර ඒවට දෙතුන් පාර ගිහින් ඇත. ඔය ඕනෙ ටවුමක පොලිසිය සහ තැපැල් කන්තෝරුව තියෙන තැන අපේ මල්ලි දනී. :D
@ දුකා: එතන ඔය විදිහෙ කතා හුඟයි. එතනින් ඇවිත් ඊලඟට ගිය තැන ඔයිටත් එහා.
එක්කො අපිත් අඬ අඬ ඉන්න ඕන. එහෙම නැත්නම් අර ලෙඩා වගේ පුංචි දඹදිව යන්න ඕන.
මං කැමතියි පුංචි දඹදිව යන්න.
@ නලිනි
ReplyDeleteමගේ හැමදාම ජීවිතේ ඕක තමයි. වකුගඩු රෝගීන් එක්ක තමයි දවස ගෙවෙන්නේ.
මට හිතාගන්නවත් බැහැ කොහොම ඒ රෝගීන් එක්ක හැම දවසක්ම ගත කරනවද කියලා. මම මේ වකුගඩු ඒකකයෙ හිටියෙ දවස් පහක් විතරයි. ඒත් දරා ගන්න අමාරුයි.
Deleteහැමදාම මේ ඒකකවල වැඩ කරනවා කියන්නෙ හැමදාම යහපත් දේක නියැළෙනවා කියන එක. බුදු දහම අනුව බැලුවොත්, හැමදාම කුසල් රැස් කරන ගමන් මොකක් හරි පරණ අකුසලයක් ගෙවනවා වෙන්නත් ඕන.