"රජවරු සිටුවරු ඒ සැප සම්පත්, මාළිගා අත හැරියා; ලස්සන බිසෝවරුන්ව, අන්තඃපුර අතහැරියා; රන්බඳුන්වල රජ බොජුන් කාපුවා අත හැරියා; සිනිඳු පටසළු, රන් සළු අත හැරියා.." හාමුදුරුවෝ ඇහින් දැක්කාක් මෙන් විස්තර කරති. "අපිට බෑ යන්තම් පණ ගැට ගහගන්න විතරක් ලැබෙන, අනුන්ගෙන් බැණුම් අහ අහ කරන රස්සාව අත් හරින්න; ටකරං වහපු ගෙදර අත් හරින්න; අපිට බෑ කිසිම හැඩවැඩක් නැති ගෑණිව අත්හරින්න; අපිට බෑ බෙලෙක් පිඟානෙ කන රොටිය අත්හරින්න; අපිට බෑ ඇඳලම හම ගිය රෙදි කඩමාල්ල අත්හරින්න. ඇයි ඒ?" හාමුදුරුවන්ගේ දැඩි බැල්ම දරා ගත නොහී සුනීත බිම බලාගත්තේය.
"ඇයි අපට අත් හරින්න බැරි?" හාමුදුරුවන්ද ලේසියෙන් අත හරින පාටක් නැත.
"අපිට පින් මදි.." කවුදෝ කෙඳිරි ගෑවේය.
"පින් මදි?" හාමුදුරුවෝ එදෙසට හැරුණහ. "දැන් තමන්ට තියෙන පින් කොච්චරක්ද කියල දන්නවද?"
පිළිතුරක් නැත.
"පින් නෙවෙයි, අපිට කොයිකත් මදි." හාමුදුරුවෝ ඒත්තු ගන්වන ස්වරයකින් කියති. "සෑහීමක් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ අපිට."
"ෂෝක් බණ ටික නේද? හරි දැන උගත් හාමුදුරුවො" කුසුම් ආපසු නිවසට එන අතරතුර කීවාය. "පොට්ටයගෙ කඩේ පාන් ඉවරද දන්නෙ නෑ. අපරාදෙ, අපිට යන ගමන් ගන්ඩ තිබුණෙ."
කුසුම්ගේ මතයට විරුද්ධ වී තව බොහෝ දේ අසා ගැනීමට තරම් සුනීත මෝඩයෙක් නොවේ. ඒ නිසා ඔහු "හ්ම්." කීවේය.
"පාන් ඉවර ඇද්ද?" සුනීත හුම් ගෑවේ කුමකටදැයි සිතා ගත නොහී කුසුම් විමසුවාය. "කොහෙද, මංම මතක් කළොත් මිස ඔයාට මතක් වෙන්නෙ නෑනෙ."
"නෑ, මං කිව්වෙ බණ හොඳයි කියල. අපි බේකරියෙන් පාං අරන් යං. එතන නැති වෙන්නෙ නෑ මේ වෙලාවට."
අලුත් හාමුදුරුවරුන් නිවන් අරමුණු කර දෙසන බණවලට වඩා තමන් කුඩා කල ගමේ පන්සලේ හාමුදුරුවරුන් දෙසූ බණවලට සුනීත කැමතිය. පටාචාරා, සුනීත, සෝපාක, අංගුලිමාල ආදීන් පිළිබඳවද, එක් මලක් පිදීමෙන් පමණක් කල්ප ගණන් දිව සැප ලැබූවන් පිළිබඳවද කොපමණ ඇසුවත් කම්මැළි නැත; ඒවා සියල්ල ප්‍රීතිදායක ලෙස අවසන් වෙයි; හැමදාම අසන්නේද ඒවාම බැවින් හාමුදුරුවන් ප්‍රශ්නයක් ඇසූවද පිළිතුරක් ගැට ගසා ගැනීම අපහසු නැත. නිවන් දැකීමට ඇත්තේද කල්ප ගණන් රජ සැප, දිව සැප විඳීමෙන් අනතුරුවය.
අලුත් හාමුදුරුවරුන්ගේ බණ එසේ නොවේ. ඔවුන් අසන ප්‍රශ්නවලට ලෙහෙසියෙන් පිළිතුරක් ගළපාගත නොහැක. නරකම කරුණනම් නිවන් දැකීමට අවශ්‍ය අය ස්වෝත්සාහයෙන් එය කරගත යුතු වීමය. එසේම මේ භවයේදීම නිවන් දැකිය යුතුයයි ඔවුහු බල කර සිටිති.
නිවන් දැකීමට සුනීතගේ අකමැත්තක් නැත. එවිට අටලෝදහමෙහි කම්පා නොවී සිටීමට හැකියාව ලැබෙනු ඇත; නැවත මෙලෙස දුක් විඳීමට සිදු නොවනු ඇත; රටට ණය වීමට සිදු නොවනු ඇත.
කුසුම්ද නිවන් දකින්නේනම් සුනීත ඊටත් වඩා කැමතිය. ඇගේ ජීවිතය තමන්ටත් වඩා අපහසු බව සුනීත දනී. ඇරත් කුසුම්ගේ තරහ යන ගතියද අඩුවනු ඇත.
ප්‍රශ්නය ඇත්තේ නිවන් දැකීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගයේය. බුදුන්ගෙ කාලයේනම් එකවර පන්සීය දාහ බණ ඇසීමෙන් පමණක් මගපල ලැබූ බව සුනීත අසා ඇත. එලෙස මගපල ලැබීමට ඔහුද කැමතිය. මෙතෙක් කල් එය ඉටු නූණේ හාමුදුරුවරුන් ඒ කාලයේ මෙන් හරි හැටි බණ කීමට නොදත් නිසා බව සුනීතගේ විශ්වාසයයි. ඉතින් තවත් යමක් කළ යුතුනම් සතියකට සැරයක් පමණ පන්සල් ගොස් තෙල් මල් පුදා ඒමට ඔහුට හැකිය; ගෙදර ඉන්න දවස නිසා දැනට සිල් නොගන්නාමුත් අවශ්‍යනම් මසකට වරක් ගොස් සිල් ගැනීමටද බැරිකමක් නැත; මත්පැන් පානයට හෝ වෙනත් පව් වැඩකට ඔහු මුදල් නාස්ති නොකරයි; මදුරු දඟර වලින් මදුරුවන්ට සිහි නැති වෙනු විනා උන් නොමැරෙන බව කුසුම් විශ්වාසයෙන් කියයි; නිතර කැඩෙන්නේ හතරවන සිල් පදය පමණකි. කතාව අඩු කළොත් එයද අඩුවනු ඇත. නමුත් නිවන් අවබෝධ කිරීමට මේ සියල්ලද ප්‍රමාණවත් නොවන බව සුනීතට දැන් දැන් වැටහේ. එයින්ම ඔහු දුර්මුඛ වෙයි.
හාමුදුරුවරුන් හරියට බණ කියන්නේනම් මේ කිසි ප්‍රශ්නයක් නැත.
කුසුම්ද තමන්ගේම කල්පනාවක ගිලී ආ හෙයින් නිවසට පැමිණෙන තුරුම දෙදෙනා අතර වැඩි කතාබහක් නොවිණි. බාල දුව බෙරිහන් දෙන හඬ පාරටම ඇසුණි.
"එක පැයක් මරාගන්නෙ නැතුව ඉන්ඩ බැරිද උඹලට?" කුසුම් ගෙට ගොඩ වූයේ යක්ෂාවේශයෙනි.
"අක්කා මට දොර පොල්ලෙන් ගැහුවා."
"නංගි මගෙ චිත්‍ර පොත දෙකට ඉරුවා."
"මට පැස්ටල් දුන්නෙ නෑ."
"කට වහගනිල්ල මං දෙන්ඩ ඉස්සෙල්ල දෙන්නටම දෙකක්."
"බණ හොඳද පුතේ?" හීන් මැණිකේ කාමරයේ සිටම හඬ නගා ඇසුවාය. ඔත්පොළ වී ඇඳට වැටුණු ඇයට රෝද පුටුවක් රැගෙන දීමට සුනීත සිතාගෙන දැන් වසරකට වැඩිය. මේ පිළිබඳව අය්යා සමගද කතා කර තිබේ. අය්යා හඳුනන තැනකින් සාප්පුවට වඩා අඩු ගණනකට පුටුවක් සාදා දීමට පොරොන්දු වුණත් මෙතෙක් එය නොකෙරිණි. අය්යාට ළමයින් සතරදෙනෙකි. රුපියල් නවයක් ඉතිරි කරගැනීම පිණිස ඔහු දිනපතා කාර්යාලයට යන්නේ පයිනි. ඒ මුදලින් නිවස පිළිවෙලක් කරගැනීමටත්, ළමයින් වෙනුවෙන් යමක් ඉතිරි කිරීමටත් ඔහු සිතා සිටී. සුනීත ගේ සෑදීමට ගත් ණය තව වසර දොළහක් තිස්සේ ගෙවීමට ඇත. රෝද පුටුව අමතර කරුණකි.
"ගම්පහ හාමුදුරුකෙනෙක් අම්මෙ බණ කිව්වෙ." සුනීත ඇගේ ඇඳෙන් හිඳ ගනිමින් කීවේය. "බණ හොඳයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගෙ ගැන කිව්වෙ."
"මට බණ ටිකක්වත් අහන්ඩ යන්ඩ විදිහක් නැති වුණානෙ." හීන් මැණිකේ ඇඳ රෙද්දෙන් කඳුලු පිස්සාය. "කරුමෙ."
"රේඩියෝ එකෙන් අහන බණම තමයි අම්මෙ ඉතින්. ඔක්කොම එකයි." සුනීත මව සනසන්නට සිතා කීවේය. එහෙත් හීන් මැණිකේගේ හැඬුම ඉන් වැඩි විය.
"මගෙ කරුමෙ. අපේ පවුලෙ අනික් ඔක්කොම හොඳට ඉන්නවා. මට විතරයි මෙහෙම."
පවුලෙ අනික් ඔක්කොම හොඳට නැති බව සුනීත මෙන්ම හීන් මැණිකේද හොඳින්ම දනියි: ඇගේ එකම සොහොයුරියගේ සහකරු හදිසියේ මිය ගිය පසු ඇය දරුවන්ට ඉගැන්වූයේ ඇඳුම් මසා විකුණාය; එසේ වුවද දරුවෝ නොමග ගියහ. වැඩිමල් සොහොයුරාගේ උපතින්ම එක් කකුලක් කොටය. අනෙක් සොයුරා මත්පැනට ඇබ්බැහි වී ඇති අතර, ඔහුගේ දරුවන්ගෙන් එක් අයෙක් මානසික රෝගියෙකි.
එනමුත් සුනීත නිශ්ශබ්දව සිටියේ කතාව දිග්ගස්සා ගැනීමට ඇති අකමැත්ත නිසාය.
"මම ඉස්සර කොච්චර බණ ඇහුව කෙනෙක්ද?" හීන් මැණිකේ නිතර කියන කතාවක් පටන් ගනී. "දරුවෙකුට සුනීත කියල නම දාන්ඩ හිතාගත්තෙ බඳින්ඩත් ඉස්සර. මොකක් හින්දද මන්දන්නෑ, හරියට ඒ නමට ආස වුනා මම. ලොකු පුතාට ඒ නම දාන්ඩ දුන්නෙ නෑ වසුරු කදක් අරන් යන එකෙක්ගෙ නමය කියල. ඒත් මං කොහොම හරි පොඩි පුතාට ඒ නම දැම්මා. එතකොට නැන්දම්මා මැරිලා. ඒ ගෑනි බණ අහල නෑ. වසුරු කද බිමින් තියපු රහතන්නාන්සෙ කෙනෙක්ගෙ නම ඒක."
වසුරු කද බිම තියපු රහතන්නාන්සෙ කෙනෙක්ගෙ නම.
"ඔය කිව්වට ඒ සුනීතත් එක පාරටම කද බිම තියන්ඩ නැතුව ඇති." සුනීත හිත හදා ගත්තේය.
හරි අපූරුයි නලිනි,, ආයෙ දෙතුන් වතාවක් කියවන්නමයි හිත,, ඔයාට සුභ අනාගතයක්,, ඔන්න මගේ මූණු පොතෙනුත් බෙදා ගත්තා,,,
ReplyDeleteකතාව කියවල ඉවර උනහම මට හිතුනෙ , ගිනි අරන් තියෙන හිත පොඩ්ඩක් හදා ගන්න.. යනව බණ පොඩ්ඩක් අහන්න..එදා හිත සනසා ගෙන තමයි ගෙදර ආවෙ..ඒත් අද..එහෙ මෙහෙ වෙච්ච හිත හදා ගන්න බණ අහන්න ගිහින් ගෙදර එන්නෙ ගිනි ගත්ත හිතක් එක්ක..අනේ අනිච්චේ..දුක්කේ !
ReplyDeleteඔය කිව්වට අපි කවුරුත් කද බිම තියෙන එකක් නෑ කවදාවත්..
ReplyDeleteනිතරම හිතෙන දෙයක් කොච්චර කරත් මිලිමීටර් වලින්වත් උස යනවා ද හිතෙන පින් කඳ මීටර් ගනන් උස පව් තාප්පය පනින්නේ කොහොමද කියන එක (මාස ගනනාවකට කලින් ලියපු කොම්පැක්ට් පදපේළියක් පල නොකර ගොඩේ වේලෙනවා).
ReplyDelete/"ඔය කිව්වට ඒ සුනීතත් එක පාරටම කද බිම තියන්ඩ නැතුව ඇති." සුනීත හිත හදා ගත්තේය./
මුලු කතාවම වචන පේළියක එබ්බූ ලස්සන... අලංකාරයි.
හරිම අපුරැයි දොස්තර නෝනේ... අපි හැමෝගෙම ජීවිත කථාව ඔබ වචන වලට ගැලපීම හරිම අපූරැයි... සමහර වෙලාවට අපිට කද බිම තියන්න ඕනෙම වුනත් අපිට එහෙම කරන්න බැහැ.. අපි හැමෝම කරන්නේ අපවම රවට්ටා ගැනීමක් කියලා වෙලාවකට හිතෙනවා....දුකයි කියලා දැන දැනම අපි අර "මෙරෑ" වගේ පහන් දැල්ලම හොයාගෙන යනවා....
ReplyDeleteයාන්තම් හිත එකග කරගෙන බෙලෙක් පිඟානෙ කන රොටිය නම් අත ඇරගත්තා.
ReplyDeleteහපොයි දෙයියනේ...කද නේද ?..දැන් ඉතින් බිම තියලා කොහොමද...
ReplyDeleteකොච්චර කිව්වත් ඒ සුනීතගේ වසුරු කදට වැඩිය මේ වසුරු කද බර අඩුත් ඇති... බිම තියන්නැතුව තව අරන් යන්න පුළුවන් ඒකනේ... :)
ReplyDeleteමැරෙනකම්ම්ම කද උස්සන් යන එක තමා කරන්නෙ..
ReplyDeleteහැමෝම කරන්නෙ ඒක තමා නේද?
අර සුනීත ලගෙ ගෙදෙර විස්තරේ ඇහුවමනම් සසර කල කිරෙනෙව.අනේ අප්පේ මටනම් එවෙලාවෙම හිතුනෙ මම ඉන්නෙ දිව්ය ලෝකෙ නේද කියල...
හොද බණ ටික....
හදිසියේ කියෙව්වෙ පස්සේ එන්නන් කොමෙන්ට් එකක් දාන්න
ReplyDeleteමන් මේ කියන කතාවෙන් පවු සිද්ද නොවෙයි කියල මන් හිතතනවා. අද කාලේ සංගයා වහන්සේලා ගිහියන්ට වැඩ විසාල වසුරු කදවල් කරේ තියාගෙනයි ගිහියන්ට අතහරින්න කියන්නේ. දේශපාලනේ වසුරු කදක්.. දේපල ඔක්කොටම වඩා වසුරු කදක්.. බෙන්ස් කාර් පට සිවුරු .. මෙකී නොකී සෑම දේටත් අමතරව හිහි පැවතුම වලට ඇති ආසාව..
ReplyDeleteඅපි අවම වශයෙන උස්සගෙන යන්නේ වසුරු කදක්ය කියල කරදර වෙලාවටවත් හිතනවා..
ඔයාගේ කතාව නම් අපුරුයි.. බණක් ඇහුවට වඩා වටිනවා.. බැලුවම අපි ඔක්කොම සුනීතලා තමයි එත් අපිව බේරගන්න බුදු හාමුදුරුවෝ නැහැ දැන්..
Excellent punch line...!!!
ReplyDeleteඔය සෙතේනෙ අපි කාටත්...කීයක් නං බලාපොරොත්තු අලුත් අවශ්‍යතා අපිට එකතු වෙනවද එක දවසකට???
ReplyDeleteඉතිං අපි රැවටෙනව නේන්නං ඒවගෙ තැවරිලා තියෙන මිහිරි සීනි තට්ටුවට...
තවත් කදක් උස්සන්න නෙව දැන් කාලෙ වෑයම.... ඉතිං කොහේ බිම තියන්නද....
ReplyDeleteEverybody wants to go to heaven - but nobody wants to die.. :)
ReplyDeleteනියමයි.
ReplyDeleteඅපි කවුරුත් එකයි. හැමෝම එක එක ප්‍රමාණයට එක එක දෙවල් කරේ තියන් යනවා. අපිම කැමති නැහැ බිම තියන්න. ඒක තමයි සංසාරෙ හැටි. අපිම කරලා අපිම විඳිනවා. හැබැයි තව තවත් එකතු කරනවා. ඕක හරියට තේරුන දවසට බිම තියන්න වෙනවා. එතකන් යන්න වෙනවා..............
ReplyDeleteමේ වසුරු කඳ බිම තියන්න තව කල්පයක් ගතවෙයි.
ReplyDeleteඅක්කා කිව්වත් වගේ පෘතග්ජන අපට කොයි දේකවත් සෑහිමක් නෑ.
ReplyDeleteඅන්තිම ටික කියෝගෙන යනකොට නම් පොඩි දුකක් හිතුනා. අර හීන් මැණිකා ආච්චිඅම්මට බණ ටිකක්වත් අහන්න නැති හැටි !!!!
අපූරුයි නලිනි, මේ පෝස්ට් එක මං කලිං කියවලා තියෙනවා. මං හිතන්නේ සීගිරියේ. හැබැයි මට මතක විදිහට පෝස්ට් කරලා තිබුණේ මෝරා නමින්. ඒ කියන්නේ ඔයා මෝරා මද? නැත්නං මෝරා හොරෙක්ද?
ReplyDeleteගම්පහ හාමුදුරුකෙනෙක් කිව්වා...
ReplyDeleteඅපි දන්න කියන කෙනෙක් වෙන්න ඇති..එහෙමනං අපිට ටිකක් කලින් නිවන් යන්න තිබුනා...
//හාමුදුරුවරුන් හරියට බණ කියන්නේනම් මේ කිසි ප්‍රශ්නයක් නැත.//
ReplyDeleteඇයි ගුරුවරුන්ගෙ දෝසෙට විබාග පේල් වෙන කට්ටිය...
....
නලිනි එන්ට එන්ටම sharp වෙනව... අන්තිම ලයින් එක නම් ..ඉතින්... පට්ට ඈ...
.......
//පවුලෙ අනික් ඔක්කොම හොඳට නැති බව සුනීත මෙන්ම හීන් මැණිකේද හොඳින්ම දනියි: ඇගේ එකම සොහොයුරියගේ සහකරු හදිසියේ මිය ගිය පසු ඇය දරුවන්ට ඉගැන්වූයේ ඇඳුම් මසා විකුණාය; එසේ වුවද දරුවෝ නොමග ගියහ. වැඩිමල් සොහොයුරාගේ උපතින්ම එක් කකුලක් කොටය. අනෙක් සොයුරා මත්පැනට ඇබ්බැහි වී ඇති අතර, ඔහුගේ දරුවන්ගෙන් එක් අයෙක් මානසික රෝගියෙකි.//
මෙන්න මේ ඩිංගෙ පොඩි අපැහැදිලි ගතියක් තියෙනව ... මට විතරද දන්නෑ.. තව කාගෙං හරි අහල බලමු...
අපොයි දවසම කද කර තියන් දුවල දැන් තමයි මේක කියෙව්වේ . නලිනිගේ ලිවීමේ හැකියාව ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ .'' සුනිතත් එක පාරටම කද බිම තියන්න නැතුව ඇති. '' ඔය ටික තමයි මට හොඳටම හිතට වැදුනේ .
ReplyDelete@ හරී- පිණිපලස: බොහොම ස්තුතියි.
ReplyDelete@ Weni: ඒකනම් ඇත්ත. වෙලාවකට පන්සල් ගිහින් තියෙන හිතේ ශාන්තියත් නැති කරගෙන එන්නෙ.
@ Il mondo di una povera pazza: :D
@ ඩීන් අය්යා: පුංචි පිනකින් මහ ගොඩක් පව් වහගන්න, ගොඩක් ලාභ ලබන්න, මිනිස්සු හීන බලනවා නේද? :)
පද පේළිය සිහි වුණානෙ. ඉක්මණට පළ කරමු.
@ බස්සා: ඒකනම් ඇත්තයි. දැන දැන දැල්ලට යන්නෙ.
@ හර්ෂණ: ඔයානම් ඉතින් කොහොමත් රොටිය අතෑරලනෙ ඒ දවස්වල ඉඳලම.
@ Luckey: බිම තියලා බෑද? :D
දැන් හාංදුරුවො ඔක්කොම අතහැරැල රහත් වෙලා වෙන්ට එහෙනම්..
ReplyDeleteඅනේ මන්දා..
ReplyDeleteචරිත වල ස්වාභාවිකත්වයත් අදහසේ ගැඹුරු භාවයත් එය සියුම්ව ඉදිරිපත් කිරීමත් කතාවේ අවසානය නිකම්ම පන්ච්ලයින් එකක් නොව නොකවුට් පන්ච් එකක් ම කිරීමත් නිසා මේක දෙතුන් පාරක් කියෙව්වත් රසය උකහා ගන්න පුළුවන්. නලිනි දිනෙන් දින නිර්මාන හැකියාව වැදී කරනවා. ඔබට සුබ ගමනක්.
ReplyDeleteමම දිග ට්‍රිප් එකක් යනවා. ඇවිත් කතා කරමු. කමෙන්ට් කළ හැමෝටම ස්තුතියි.
ReplyDeleteමේක හාමුදුරු බණකට වඩා හොඳයි නෙව..!
ReplyDeleteනෝ කොමෙන්ට්ස්.. කියලා වැඩක් නැත...
ReplyDeleteඉතිරි කරන්න ඕනෙ ටිකෙන් ටික මිටින් මිට සතෙන් සතේ රුපියලෙන් රුපියල.
ReplyDeleteනිවන් දකින්න රහත් වෙන්න පාරමිතා දහයක් සම්පූර්ණ කරන්න ඕනෙලු ටිකින් ටික
පමා වුනා මේ පැත්තෙ එන්න. උපරිමයි නලිනී. වෙන වචන අවශ්‍ය නැහැනේ.
ReplyDeleteමැණික්
ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි ඉන්න හදන්නේ ක්ලැසික් සම්මත කෙටිකතාව සමග.
ReplyDelete------------
පාලු කඩේ
සිත් ආරේ කොපි රයිට් ගැන දැම්ම අදහසට මගෙන් ත්‍රී චියර්ස් සමග සැලියුට් එකක් . ඒක නෙවෙයි පොඩි අදහසක් දෙන්න කැමතියි නලිනි .ඔයාගෙ කෙටි කතා එකතු කරල පබ්ලිශ් කරන පිලිවෙලක් හොයල බැලුවොත් නරකද?
ReplyDeleteකෝ මේ සුනීත..? නිහඩ මන්ද..?
ReplyDeleteකොච්චර ප්‍රශ්න තිබ්බත් මිනිස්සු කැමති සතුටුදායක අවසානයක් තියෙන කතාවලට එහෙමත් නැත්නම් සුපර් ස්ටාර්ස්, ඩාන්ස් ස්ටාර්ස් වගේ තරුවක් තෝරන මොකක් හරි සතුටක් ලැබෙන දේකට. ඒක මිනිස්සුන්ගේ හැටි වෙන්න ඇති
ReplyDelete"ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ- සැපයක් යැයි කකුළුව දිය කෙළියේ" නේ