Saturday, March 17, 2012
මීනා
පරිසරයේ කාෂ්ඨකබව කෙමෙන් අඩු වී නිල් පැහැය වැඩි වෙයි. අවදියෙන් එදෙස බලා සිටින්නකුගේ නෙත් ඉදිරියේ සිට පසුපසට ඇදීගොස්, නැවත ඉදිරියට පැන අලුත් අරමුණක් අල්ලාගනී. බර කල්පනාවෙක ගිලී සිටින මීනාගේ නෙත් නොසෙල්වේ. මට කාන්සි ගතියක් දැනේ.
"ටිකක් නැවතිලා යනවද?
"ම්?" මීනා හිස හරවා බලයි.
"මහන්සිනම් ටිකක් නැවතිලා යමු." මම නැවතද කියමි.
"මහන්සි නැහැ."
"කම්මැළිද?"
"නැහැ." ඈ නැවතත් අනෙක් පසට හැරෙන්නීය. "මම වීදුරුව පල්ලෙහට දාන්නද?"
"හා හා."
මම දෙපසම වීදුරු පහළ හෙළමි. තුරුලතා පිස එන නැවුම් පවන අපව සිප ගනී. නෙත් අඩවන් කරගන්නා මීනා තමන්ටම මෙන් හෙමින් මුමුණයි.
"සාලියව අල්ලගෙන තිබුණෙ මේ හරියෙදි."
මට අපහසුවක් දැනේ. ඇගේ සිත සැනසීමට යමක් කිව යුතුමුත් සුදුසු පිළිතුරක් සිහියට නොඑයි. මනෝභාවයට උචිත පරිද්දෙන් වාහනයේ වේගය බාල කිරීමට මම තීරණය කරමි.
"පව්." මීනා ශෝකාකූල හඬින් කියන්නේ මා දෙස නොබලාය.
"ඔයා දැනං හිටියද එයා මෙහෙ ඉන්න බව?"
ඇයත් දැන සිටියානම් සාලිය සැඟව සිටි තැන තව බොහෝ දෙනා දැන සිටින්නට ඇති බව සිතමින් මම අසමි.
"ඔව්. අන්තිමට මට කතා කරපු වෙලේ එයා ඇහුවා ගිහින් බාර වෙන්නද කියලා. එහෙම බාර වෙන අයට පොදු සමාවක් දෙනවා කියලා තිබුණා ඒ දවස්වල. මම එපා කිව්වා."
"කියනකොට එහෙම කිව්වත්, බාර වුණා කියලා ආරක්ෂාවක් සහතික කරන්න බෑනෙ." මා කියන්නේ මීනාගේ සිතට සහනයක් වනු පිණිසය. "හැංගිලා ඉන්න අයව රවට්ටලා එළියට ගන්නම එහෙම කියන්නත් ඇති."
"සමාව දෙන්න වැරැද්දක් කරලා නෙවෙයිනෙ. ඇරත් එහෙම කට්ටියක් විතරක් ගිහින් බාර වෙනවා කියන්නෙ තමන්ගෙ අනික් සහෝදරයන්ට විරුද්ධ වෙනවා කියන එක." මීනාගේ හඬ වඩාත් දැඩි ස්වරයක් ගනී. "එහෙම තමන්ගෙ පණ විතරක් බේරගෙන, ඊට පස්සෙ හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? හැමදාම හිතින් මැරි මැරී උපදියි."
කෙනෙකුට එලෙස ජීවත් විය හැකිදැයි මම කල්පනා කර බලමි. සිත නොයෙක් අතට දිව යයි. ඉවත බලා සිටින මීනා නැවතත් සෙමින් මුමුණයි.
"පව්, මොනවා හිතුණද දන්නෙ නැහැ අන්තිම දවස්වල. කොච්චර දුක් විඳින්න ඇද්ද?"
"හ්ම්." කඩවසම් පෙණුමින් යුත් සාලිය සිය වදකයන් තුළ ඊර්ෂ්‍යාවක් ජනිත කරවීමට ඇති බව සිතමින් මම හූමිටි තබමි.
මග දෙපස නිල්ල තුනී වෙයි. කිලිටි පැහැ ගොඩනැගිලි එකිනෙක මතු වී නගරයකට අප සමීප බැව් හඟවයි. දුහුවිල්ල නැගෙනුයේ අලුතින් ඉදිවන මාවතින් විය යුතුය. අපේ සෙමින් ගමන නුරුස්සන වාහනයක් වියරුවෙන් නළාව හඬවා අපව පසුකොට යන්නේ හුස්ම හිරකරවන ඝන දුම් වළාවක් විදිමිනි.
"වීදුරු වහමු." මීනාම යෝජනා කරයි.
Subscribe to:
Post Comments (Atom)
කෙටි කතාවක් නොවෙන කතාවක්..........
ReplyDeleteඅම්මට සිරි මං එක :)
Delete:D
Deleteඑක නං එක..ආයේ ඒකේ අම්මට සිරියක් නැහැ..:D
Deleteවහමු එහෙනම්.....
ReplyDeleteනිමාවක් නැති කථාවක්....
නිමාවක් නැහැ...වහලා අමතක කරොත් මිස.
Deleteඅපි නිදාගන්නා රෑ මැද හොරෙන්ම කතන්දර ලියා පලකිරීම ගැන මගේ බලවත් විරෝධය
ReplyDeleteඔයා සාමාන්‍යයෙන් රෑ 12ට නැගිටින මනුස්සයනෙ. :D
Deleteහයිකු කෙටිකතාවක් වගේ ලියැවිලා තියෙන්නේ .
Deleteඅලුතින් පාරවල් කාපට් දාලා හැදුනට පැරණි දුකබර මතක අතීතය කොහොම එකපාරට වහලා දාන්නද සංවර්ධන වසන්ත උදාව කියලා
මේ වගේම දෙයක් මට හම්බන්තොට දකිනකොටත් මතක් වෙනවා . කිසි කෙනෙක් ඒ කාලේ අතුරුදහන් වුන තරුණයො ගැන දැන් කතාවක් නෑ .එහෙම වැඩියෙන්ම ලමයි මියගිය ඇතුරුදහන් වුන හම්බන්තොට දිස්ත්‍රික්කේ මුලු ලෑන්ඩ්ස්කේප් එකම දැන් වෙනස්වෙලා
ප/ලි
මේ දවස්වල නැගිටින ඇහැරෙන වෙලාවල් වෙනස් වෙලා ,:(
දෙවෙනි පාර කියෙව්වම හරියටම තේරුණා මොකක්ද කියන්නේ කියල. කෙටියි, රහයි. බ්ලොග් එක පටන්ගත්ත කාලේ වගේ ආයෙත් ළඟ ළඟ පොස්ට් දැමීම ගැන සතුටුයි.
ReplyDeleteමේ දවස්වල ආයෙම බලෙන්ම වගේ ලියනවා. :D
Deleteකෙටි වුනාට කොච්චර දේවල් තියෙන කතාවක්ද . සුපර්බ් නලිනි ...
ReplyDeleteහර්දය සාක්ෂියක් නැතුව මිනිහෙක්ට ජීවත්වෙන්න පුලුවන්ද ???????
එහෙම පෙන්නගෙන ඉන්න අය ගොඩයි නේද?
Deleteමේක මෙතනින් ඉවරද?
ReplyDeleteඒ සිද්ධිය එතනින් ඉවරයි.
Deleteමීනා හැමදාම හිතනවා ඇති..එදා මං මෙහෙම නොකිව්වනං කියලා... මැරි මැරි හරි ජීවත් වෙන්න අවස්ථාව දුන්නනං කියලා...
ReplyDelete:(
Deleteමම මේකේ ලියන්න යන්නේ නෑ මුකුත්. අනිත් අයත් කතාව තේරුම් ගන්නවා නම් මට ඒ ඇති. ඔබ මාරයි...
ReplyDelete:D අෆිත් ඉඳහිට දේසපාලනේ කතා කරන්න එපායැ.
Deleteතේරුණා කියලා හිතනවා...
ReplyDeleteතේරෙන්න ඇති. අමුතු දෙයක් නැහැ.
Delete/ "වීදුරු වහමු." මීනාම යෝජනා කරයි./
ReplyDeleteමීනාම මේ යෝජනාව ගෙනාපු එක වැදගත්. වීදුරුව පල්ලෙහට දාමු කියල කිව්වෙ නම් මීනා නෙවෙයි නේද?
අපූරුයි, නලිනි, හැම යෙදුමකම පාඨකයාට රුචි පරිදි අර්ථ කථනයන්ට එලඹීමට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා.සමහර යෙදුම් ඔබ එසේ හඟවනු පිණිස සමහරවිට සවිඥාණිකව නොයෙදූවත්.....හෙහ්, හෙහ්,
වීදුරුව පහතට දාන ලෙස ඉල්ලන්නෙත් මීනම තමයි. එතන වාක්‍ය බෙදෙන හැටි සමහරවිට පැහැදිලි මදි ඇති.
Deleteස්තුතියි රවි.
පොඩ්ඩක් තේරුනා හොරයි
ReplyDeleteනෑ නෑ ඔය තේරුණු තරම විතරමයි තියෙන්නෙ.
Deleteදුක හිතෙන කතාවක් උනත්, හිත පිරෙන්න කියෙව්වා...
ReplyDeleteමම ආසම කෑල්ල "අවදියෙන් එදෙස බලා සිටින්නකුගේ නෙත් ඉදිරියේ සිට පසුපසට ඇදීගොස්, නැවත ඉදිරියට පැන අලුත් අරමුණක් අල්ලාගනී." සති අන්තේ කෝච්චියේ ගෙදර යන හැටි මතක් උනා...
බීට්ල් ගෙදර යන්නෙ කෝච්චියෙද? මං හිතුවෙ බීට්ල් එකක කියලා.
Deleteතව දුරටත් දුහුවිලි, කළු දුම වාහනය තුළ පිරීම වැලකීම පිණිස වැසුන වීදුරු තුළින් පිටත දුටුවෙමි.
ReplyDeleteපැති ගොඩකින් සමන්විත මේ පුංචි මිණි කැටය පතිත වෙන කිරණ කදම්බය පැති බොහෝමයකට විහිඳුවන ආකාරය බොහෝ අගේය.
ස්තුතියි ඩීන් අය්යා.
Deleteඔන්න ඔහෙ අපිත් විදුරුව වහල දාමු...
ReplyDeleteඔබ ලියන දේ තේරුම් ගන්න පාඨකයන් පිරිසක් ලැබීම ඇත්තටම වාසනාවක්.
එවන් පිරිසක් අපිත් නොදැවී සිටින්නට උත්සාහ කරමු :D
ලකී?? :D වීදුරුව වහමු.
Deleteහුටා..මේකේ තේරුම් ගන්න දේකුත් තිබුනද..වස විලිලැජ්ජාවයි... හිටු ආයේ පාරක් කියවලා බලලා එන්න...
Deleteආ හරි හරි තේරුම් ගත්තා... මේක අර පොටෝ එක ගැන කතාවක් නේද..?අළුතින් පාර කාපට් කරලා..ඔය ඉහපු වැලි තාම තියෙන්නේ දිලිසි දිලිසි...කාගේ වැඩද ඉතිං..:D:D:D
තිබුණා තිබුණා. ඇයි බොලාගෙ ආණ්ඩුවෙන් හදන පාරවල්වලින් මිනිස්සුන්ට තියන කරදර ගැන..... :P
Deleteහුටා..තිව පාරක් කියවන්න වෙයිද..?
Deleteකෙනෙකුට එලෙස ජීවත් විය හැකි දැයි මම තවමත් කල්පනා කරමින් සිටිමි...
ReplyDelete:( එහෙම පුළුවන් වගේ පෙන්නගෙන ඉන්න අය ඉන්නවා නේද?
Deleteමගේ බුද්ධියෙ තරමනෙ, දෙපාරක් කියවලා තේරුම් ගත්තා
ReplyDeleteඅමුතු දෙයක් නැහැ. තම තමන් කැමති විදිහට තේරුම් ගත හැකියි.
Deleteඑක් සමයක එසේ සිදුවිය. නැවත් එවන් සමයක් එන ලකුණු ටික ටික පෙනේ.
ReplyDeleteඑවන් සමයනුත් වල්ගා තරුවක් වගේ, කක්ෂය සම්පූර්ණ වෙන හැටියට කාලෙන් කාලෙට එන හැඩයි.
Deleteසිත් ආර සහ මුර ගල දෙකම එකද ?
ReplyDeleteදෙපාරක් කියවනවා තව ඩිංගෙන් !
නැහැ, මුරගල අපි යාළුවො කට්ටියකගෙම බ්ලොග් එකක්.
Deleteතේරුනා වගේ....:)))
ReplyDeleteකෙලින්ම කියන්නෙ නැතුව තේරුම් ගන්න ලියන විදිහ හරිම අපූරුයි..
:D තේරුණා වගේනම් තේරුණාම තමා.
Deleteමගෙ නැණ පමණ අනුව තේරුන් ගත්ත
ReplyDelete[වැඩිය කථා කරන්න ගියොත් නැණ පමණ අඩු බව තේරෙයි හැමෝටම]
අපොයි අමුතු තේරුමක් නෑ ඔබා අය්යෙ, ඔය තියන තේරුමම තමා.
Deleteඅතුරු දහන් වූවන් ගැන දැන් මතක තියෙන්නෙ ඒ අයගෙ පවුල්වල අයට විතරමද මන්දා දැන්!
ReplyDeletehenryblogwalker the Dude
වීදුරුව වහන්න පුළුවන් එත් ඇස් පියාගත්තේ නැත්නම් පෙනෙන්නේ ඒ දර්ශනය විතරයි.. ඒක වෙන්න ඇති අපේ මිනිස්සු බහුතරයක් ඇස් පියාගෙන ඉන්නේ.. සත්‍යය නොදකින ඒක සනීපයි..
ReplyDeleteහැමදාම වගේ
ReplyDeleteසුපිරි......
එකෝමත් එක රටක වර්ගයේ කතන්දරවලට, කෙටිකතා යැයි බහුතරයක් රැවටී සිටින යුගයක ඔබේ නිර්මාණ කියවීමට ලැබීම අති මහත් සතුටකි.
ReplyDeleteඅමුතු ලස්සන කතාවක් අක්කෙ.
ReplyDeleteඅමුතුයි... ලස්සනයි...
ReplyDeleteඅපූරුයි....... ඒත් තුන් පාරක් කියවලත් මට ෂුවර් නැ මේක හරියටම මට තේරුනාද කියලා
ReplyDeletehmm අපි කියන කරන දේවල් වෙලාවකට අපිටම දුකක් ගේනවා
ReplyDeleteමේකනං මාරයි!!!
ReplyDeleteසුපිරිය....අද පටන් හැමදාම එමි