ඒ ත්‍රිකුණාමළය ආසන්නයේ වූ කුඩා වැවකි. වැව් කණ්ඩියේ සිට ඈතට විහිදෙන කුඹුරුවල ලා ගොයම් සෙමින් සැලේ. වැව් තලාව පිස එන සුළඟ සුව දනවයි. ආගන්තුකයින් වූ අපි සෙමෙන් ගමන් කරමින් සිටියෙමු.
අප ඉදිරියට ආ කුඩා කොළු රෑනකි. ඔවුන් අත බිලි පිති කිහිපයක් හා මළුද විය. විමසුම් සහගත බැලුම් දෙපසට හුවමාරු විණි.
ඔවුන් පසු කර ඉදිරියට ඇදෙන අපට තවත් බටු ඇට කොල්ලන් දෙදෙනෙක් හමු විය. ඔවුන් අතද බිලි පිත්තකි.
මද්දහනේ මුළු ගමේම කොල්ලන් මාළු බෑමට යන සෙයකි.
වැව් බැම්ම ඔස්සේ ඇදුණු වැලි පාර, වැවෙන් ඈත්ව ගම දෙසට හැරෙන සන්දියෙහි අපි නැවතුණෙමු. එතැන තරමක තණ බිස්සකි. වැව දෙසට බෑවුම් වෙන පටු අඩි පාරකි. ඒ දිගේ පහළ බසින අප ඉදිරියට ආවේ මේ දැන් අල්ලා ගත් මාළු කිණිත්තක් අතින් ගත් සෙබළුන් දෙදෙනෙකි. ඔවුහු හොර බැල්මක් හෙළා අඩියට දෙකට අප පසුකොට ගියහ.
අඩි පාර කෙළවර වූයේ ගල් තලාවකිනි. එය තරමක ගල් පව්වකින් ආවරණය වෙයි.
අප දිවා ආහාරය ගන්නේ මෙතැනය.
කතාවත් සිනහවත් මැද ආහාරකිස නිම කළ අප තවත් සුළු මොහොතක් එහි රැඳී සිට පාරට පැමිණියෙමු. පාර දිගේ අප දෙසට එනුයේ දෙවනුව අපට හමු වූ ළමයින් දෙදෙනාය. ඔවුන් අත කැඩුණු බිලිපිත්ත වෙයි. එහෙත් අනෙක් මල්ල නැත. අල්ලා ගත් මාළුවෙක්ද පෙනෙන්නට නැත. අතිනත අල්ලාගෙන පිය නගන ඔවුන්ගේ ගමන අප දුටු කල තරමක් බාල විය.
"අහන්න දෙයක් නෑ. අර අනික් කොලු රෑන මුන්ට ගහලා, ඇම උදුර ගන්න ඇති." ඉසව්ව පළපුරුදු ඉෂාන් කීය.
"ඔව් ඔව්. ඒක තමයි වෙන්න ඇත්තෙ."
පොඩ්ඩන් දෙදෙනා හොරගල් අහුලමින් අප පසු කර යාමට එති. අපි ශ්‍රී ලාංකීය ක්‍රමයට කතාව ඇරඹුවෙමු.
"පුතාලා මාළු බාන්න ගියාද?"
ඔවුන් බලාපොරොත්තු වූ වින්නැහියම වුණාක් මෙනි. එකට බැඳුණූ දෑත් තවත් දැඩි විණි.
"ඔව්."
"ඉතින් කෝ මාළු?"
"අල්ලන්න බැරි වුණා."
දිගටම පිළිතුරු දෙන්නේ වඩාත් උසැති කොල්ලාය. අනෙකා දෙගිඩියාවෙන් බිම බලාගෙන සිටී.
"අරගොල්ලො ඇම උදුර ගත්තද?"
"ඔව්."
"ඉතින් දැන් මොකද කරන්න යන්නෙ?"
"මුහුදු යනවා."
එය අප බලාපොරොත්තු නොවූ පිළිතුරකි. මුහුදු යන්න? මේ අඩි හතරක් උස නැති බටු ඇට කොල්ලො?
"කොහොමද මුහුදු යන්නෙ?"
"ඔරුවල."
"කලින් ගිහින් තියනවද?"
"ඔව්."
"කාත් එක්කද?"
"ඔරු තියනවා. ඒගොල්ලො එක්ක යනවා."
"ඕගොල්ලන්ව එහෙම එක්ක යනවද ලොකු මිනිස්සු?"
"ඔව්."
"ගෙවල්වලින් දන්නවද?"
එය අමතර පැනයකි. එහෙම ගෙවල්වලින් දැන ගැන්මක් අවශ්‍ය කුමකටද යන වග ඔවුනට නොතේරෙන සෙයකි.
"පුතාගෙ නම මොකක්ද?"
කොල්ලා දෙතුන් පාරක් හිතා උත්තර දුන්නේය: "මගෙ නම රාජ්. මෙයා ඇන්ටන්."
ඇන්ටන් තමන්ට වඩා අඟලක් දෙකක් උස රාජ්ගේ සිරුරට මුවා වීමට වෙර දරයි. රාජ්ද සිටිනුයේ ලොකු හදිසියකිනි. එහෙත් ඒ හදිසිය ඔවුන් විමසුමට ලක් කරන වැඩිහිටියනට නැත. සොල්දාදුවන් වූ අපේ සගයින් දෙදෙනා ඔවුනට හුරු පුරුදු ආකාරයේ සංවෘත ප්‍රශ්න විමසුමකට කොල්ලන්ව ලක් කරති. ඒ ක්‍රමයෙන් තොරතුරු ලබා ගැනීම අපහසුය.
"දෙන්නා යාළුවොද?"
"නෑයො."
එහෙම නෑදෑකමක් මුහුණුවලින් නොපෙනේ.
"මේ පහළ ගමේද?"
"මම මෙහෙ. මෙයා වවුනියාවෙ."
"ඉතින් ගෙදරින් දන්නවද ඔහොම ඕගොල්ලො මුහුදු යන බව?"
"එයා දෙමළද?"
එකවර ප්‍රශ්න දෙකක් යොමු විණි. දෙකම බැරෑරුම්ය. සිවිල් ඇඳුමින් සැරසී සිටියද අපේ සගයින් දෙදෙනාගේ සොල්දාදු පෙණූම සැඟවීම අපහසුය.
"අපි දෙන්නම සිංහල." රාජ් පිළිතුරු අමුණයි.
"ඔහු දෙමළ." අක්කා සෙමින් කියයි. මම මාතෘකාව මාරු කරමි.
"පුතාලා ඉස්කෝලෙ යනවද?"
"ඔව්."
"වයස කීයද ඔයාට?"
"මට දාහතරයි. මෙයාට දහතුනයි."
දාහතරක්? දහතුනක්?
ඔවුන්ගේ පෙණුම අනුව නවයක් දහයක් මිස ඊට වඩා වයස ඇති බවක් කිව නොහැක.
"ආහාර හිඟකම නිසා වැඩීම බාල වෙලා." අක්කා නැවත පැහැදිලි කරයි.
"ඒත් මෙච්චරම?"
"අපේ ගම්වලත් ඔහොමම තමයි. හමුදාවට බැඳෙන්න එනකොට, කොච්චර ඉන්නවද ඔහොම පොඩිවට පෙනෙන කොල්ලො. ඒත් හැඳුනුම්පත් අරන් බැලුවහම වයස හරි."
"ජාතියක් විදිහට අපේ වැඩීම බාල වෙලා." අක්කා අවධාරනයෙන් කියයි. "පරම්පරා ගානක් තිස්සෙ නිසි පෝෂණයක් නැතිකම හින්දා."
"වැඩිය ඕන නෑ, ඔයා දිහාම වුණත් බලන්නකො."
"අනේ පල!"
"ජාතියක් විදිහට අපේ වැඩීම බාල වෙලා." මටද සිතෙයි. අවුරුදු දහතුනේ දාහතරේ පොඩි ළමයින්ට මුහුදු ගොස් පෝෂණය සෙවීමට සිදුව ඇත්තේ එනිසාය.
2
ReplyDeleteදොස්තර නෝනගේ මම ආසම ඔය වටෙන් ගැහිල්ලට. සාහිත්‍යයේ කියන්නේ. ව්‍යංගයෙන් කියනවද මොකක්ද කියලා. කොහොම හරි කට්ටිය මාළු අල්ලන්න යන්නේ මගේ මාළු කයිය කියවලද දන්නේ නෑ.
ReplyDeleteමේ කවිය නේද? http://maathalan.blogspot.com/2012/02/inflation-poems.html :D
DeleteYes.. that's the one... thanks...!!!
Deleteබාල වෙච්ච ජාතියේ වැඩීම ගොඩ නගාගන්ඩ ලාබාල උන් කොච්චර නම් දත කනවද ගම් නියම් ගම් වල ??
ReplyDeleteඔව්, ඒ වගේම, නගරයෙත්. මොකක්දෝ කඩතුරාවකින් වැහිලා ඒ ළමයින්ව
Deleteහ්ම්ම්..ඒකතමයි මේ..ඒත් මම කල්පනා කලේ මොකද මේ කියලා :D
ReplyDeleteකතාව ඇතුලෙ කතා ගොඩක් තියනවා.කිසිම වෙහෙසක් නැතිව කියවන්න පුලුවන් දොස්තර නෝනගෙ ලියමන් වලට මම හරිම කැමතියි.
පෝෂණය මද වීමට අමතරව, අහිතකර (අප)ද්‍රව්‍ය සහිත ආහාර ගැනීමත් ජාති, පරම්පරා පිටින් දුර්වලයින්, ලෙඩුන් කරනවා නේද? තේ කෝප්පේ කිම්බුලු දකිනවා වෙන්නත් පුළුවන්. ඒත් දෙවෙනි හේතුව හිතා මතා සලසුම්සහගතව කරන කුමන්ත්‍රණ නිසා කියලත් හිතෙනවා..
ReplyDeleteඔව්, ආහාර රටාවත් මේ දේවලට බලපානවා.
Deleteඅවුරුදු දහ රටට අඩු හැමෝම ළමයි . ඔවුන් රැකියා කිරීම අපේක්ෂා කරන්නේ නෑ,නමුත් වයස දාහතරේ දී ලමයින්ට රැකියා කරන්න අවසර සමහර පනත් වල දීල තියේ . එයින් ලමයාගේ නිර්වචනය හා ඔහුගේ /ඇයගේ කාර්යබාරය ගැන සෑහෙන්න පරස්පරතාවය ඇතිකරනවා.
ReplyDeleteමිලේනියම් ඩිවලප්මන්ට් ගෝල්ස් වල ප්‍රාථමික පාසල් අද්‍යාපනය ,දරුවන්ගේ සෞඛ්‍ය අතින් අපි ඉහලින් ඉන්නවා කිව්වත් කොයි තරම් දුරට සමහර සමාජ ප්‍රශ්න ඒ දර්ශක වලට අහුවෙනවද කියන එක ගැටලුවක් . මොන තරම් ඉන්නවද පාරවල් ගානේ හිඟා කන්න , හෝටල් වල වලන් පිඟන් හෝදන්න යන ලමා ශ්‍රමිකයො ?අනික ලංකාවේ ගොඩක් සංගණන වාර්තා වල උතුරු හා නැගෙනහිර සංවර්ධන දත්ත මිසින්ග් . එහෙම තියෙද්දී අපිට උදම් අනන්න අමාරුයි අපේ මානව සංවර්ධන දර්ශක ඉහලයි කියලා .
කාලෙකට ඉහතදි ඕස්ට්‍රේලියාවෙ වෙසෙන ද්‍රවිඩ ජාතිකයින් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක් දියත් කළා. මේ උද්ඝෝෂණයෙදි ඉස්සර කරන් හිටියෙ ළමයින් වඩා ගත් කාන්තාවන්. මම මේ ගැන කතා කළා වාමාංශික දේශපාලනයට බර යෙහෙළියක් සමග. කතාව නිකම්ම ඇදිලා ගියා ළමා සොල්දාදුවන් දිහාටත්. මගෙ අදහස වුණේ වැඩිහිටියන්ගෙ යුද්ධවලට එහෙම ළමයින් යොදා ගැනීම වැරදි බව. නමුත් මගෙ යෙහෙළිය කිව්වෙ, "සමාජමය වෙනසක් සඳහා වන විප්ලවයකදි, ළමයින්ගෙ දායකත්වය ඒ සඳහා ලබා ගැනීම"ට වරදක් කියන්නට බැරි බව. (ඒ වගෙ අදහසක්. මට හරියටම වචන මතක නැහැ.) උදාහරණයකට ඒ කාලෙ රුසියාවෙ විප්ලවය.
Deleteවිප්ලව පැත්තකින් තිබ්බහම, සමාජයෙ යම් යම් කාර්යයන්ට ළමා ශ්‍රමය යොදා ගැන්ම එක එල්ලේ වරදක් හැටියට දකින්නට අපහසු අවස්ථා තියෙනවා නේද? උදාහරණයක් විදිහට, අපේ ගොවිතැන් කටයුතුවලදි, ළමයින් සිය දෙමවුපියන්ට උපකාර කරන එක වගේ දේවල්. එක අතකින් ළමයින් වැඩිහිටියන්ගෙ ලෝකය හඳුනා ගැනීම සඳහා එලෙස ඒ කටයුතුවලට සහභාගි වීමක් අවශ්‍යයි.
අනෙක් අතට ලාබ ශ්‍රමය හැටියට තමන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකි ළමයින් යොදා ගැන්මට තැත් කිරීම ලොකු ගැටළුවක්. කලකට ඉහතදි එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක කාන්තාවක් ළමා නිවාසයක සෞඛ්‍ය කඳවුරක් සඳහා මට කතා කළා. මට ඒකට සහභාගි වීමට නොහැකි වුණා. ඊලඟට ඇගේ ප්‍රශ්නය වුණේ ඒ ළමයින්ට කුඹුරු වැඩ කිරීමෙන් ලෙප්ටොස්පයිරෝසිස් රෝගය බෝ විය හැකි නිසා, ඒ වැළැක්වීමට බෙහෙත් දිය හැකිද යන්න. බලනකොට ඒ ළමා නිවාසෙ ළමයින්ව ඔවුන් කුඹුරු වැඩවල යොදවනවා. දෙමවුපියන් තමන්ගෙ ගොවිතැනට ළමයින් යොදාගැනීමට වඩා ඒක වෙනස්. අනික් අතට යම්කිසි වෘත්තීය පුහුණුවක් ඔවුන් ලැබිය යුතුත් ඇති. නමුත් මෙහෙම අවදානමක් අරගෙන, බෙහෙත් බීලා??
ඉහතින් කිව්ව කරුණු හා ඔබේ පිලිතුරේ සඳහන් දේ වඩා පැහැදිලි කලොත් මෙහෙමයි
Delete1. ලමා ශ්‍රමය නිර්වචන
ලමයා යනු වයස 18 ට අඩු කෙනෙක් විදියට නිර්වචනය වෙනවා .ලමා ශ්‍රමිකයන් කිව්වම කිසිම සේවා යෝජකයෙක්ට හැකියාවක් නෑ රටේ බලපවත්නා නීතියට පටහැනිව ඒ කියන්නේ රැකියාවක නියුතු අවම වයස සපුරා නැති කෙනෙක් සේවයට ගන්න.ජාත්‍යන්තර කම්කරු සංවිධාන නීති වලට අනුව එකඟ වෙන හැම රටක්ම ශ්‍රමිකයන් සඳහා අවම වයසක් නීතියක් පැනවිය යුතුයි. ලංකාවේ නම් මේ අවම වයස අවුරුදු දාහතර .ඊට අඩු ශ්‍රමිකයන් සේවයට ගන්න බෑ . The minimum age for employment of children was raised to 14 years in December 1999 by an amendment to the Employment of Women, Young Persons and Children Act (No. 47), 1956.මෙහෙම අවම වයසක් තියෙන එක හොන්දයි මුකුත්ම නීතියක් නැති වීමට වඩා .නමුත් ලමයාගේ නිර්වචනය හා මේ අවම වයස තීරණය අතර පරස්පරයක් මම දකිනවා .මේ අවම වයස තව ටිකක් ඉහලට ඉස්සුවොත් හොඳයි මොකද 14 ක් කියන්නේ පොඩි වයසක් නිසා .ඒත් එහෙම කල හැකිද යන්න ප්‍රශ්නයක් මොකද අපි ලංකාවේ සක්‍රීය ශ්‍රම බලකාය ගනනය කරන්නේ අවුරුදු 15 ත් 65ත් අතර පිරිස වීම නිසා (උපරිම වයස් සීමාව ගැන මතකය වැරදි නම් නිවැරදි කරන්න )
2/දෙවෙනි කරුණ දරුවෙක් ගෙදර දොරේ වැඩට අම්මට තාත්තට උදව් වීම /වෘතීය පුහුණුවට යොමුවීම ලමා ශ්‍රමයද කියන එක .නෑ එහෙම උදවු දීම/වෘතීය පුහුනු ලැබීම ලමා ශ්‍රමය නෙවේ . නමුත් මෙතන තින් ලයින් එකක් තියෙනවා .යම් විදියකින් එහෙම උදව් දීමක් තුල දරුවා කායිකව මානසික පිරිහෙනවනම් ,ජීවිතයට අනතුරුදායක දෙයක ,නීති විරෝධී දෙයක යොදවනවනම් , දරුවාගේ ඉගෙනීම සිස්ටමැටික් විදියට අඩාල වෙනවනම් ,දරුවා ලිංගික ,මානසික ,කායික අතවර වලට ලක් වෙනවනම් එය නීතිමය ක්‍රියා මාර්ග වලට යොමු විය යුතු අවස්තාවක් බවට පත්වෙනවා දෙමවුපියන්ට දරුවා උදවු වුනත් /වෘතීය පුහුණු ලැබුවත් .
3/ ළමා ශ්‍රමිකයන් කියන එකේදී ලමයාගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය කියන දේ ගොඩක් වැදගත් දෙයක් හැටියට සලකලා බලනවා .1940 තරම් ඈත කාලෙක ලංකාවේ අධ්‍යාපන ආඥා පනතින් කියලා තියෙනවා වයස 5-14 අතර සියලු දරුවන්ට අනිවාර්ය මූලික අධ්‍යාපනය ලැබිය යුතු වග . මේ කාලේ සමාජය ගත්තොත් ගේ දොර කුඹුරු වැඩ , නංගිලා මල්ලිලා බලාගන්න වැඩිහිටි සහෝදර සහෝදරියො ගෙවල් වල නතරකර ගත් කාලයක් .අදත් සමහර පැති වල එහෙම වෙනවා. මේක වලක්වන්න හා ලංකාවේ පාසල් වල ස්කූල් ඩ්‍රොප් අවුට් රේට්ස් අඩු කරන්න මෙය හේතු වුනා .ඒ කාලේ ලමයි ඉස්කෝලේ නොආවහම ගුරුවරු ලමයි පාසලට ඇදගෙන එන්න ගියෙත් මේ නිසා වෙන්න ඇති .මෙයින් කියවෙන අනික් කරුණ තමයි ගේ දොර වැඩට ලමයාගේ උදවු ගත්තත් එය ලමයාගේ අධ්යාපන අයිතියට බාධා නොවියයුතු වග
4/ විප්ලවය/යුද්ධ හා එයට උරදෙන ලමයි
Deleteබහුතරයක් බලාපොරොත්තු වෙන සමාජ වෙනසකදී විප්ලව/යුද්ධ සාධාරණීයකරණය වෙන අවස්ථා දේශපාලන හා නීතිය තුල තියෙනවා .ඒතුල මුලින්ම විප්ල්වයට යන්නේ හොඳම ශ්‍රම බලකාය .ගෑනු ,ලමයි වැඩිහිටි උදවිය විප්ලවයට උවමනා සෙසු දේ ( ආහාර ,බෙහෙත්, ලෙඩ වූ වන්ට රැකවරණය ) සලසනවා .ටිකෙන් ටික ඔවුන්ටත් පෙරමුණට යන්න වෙනවා පසු කාලෙදී ආයුධ අරන් .නමුත් ලමා සොල්දාදුවන් කියන දේ ජාත්‍යන්තර නීතියෙන්ම තහනම් දෙයක් .එත් විප්ලව යුද්ධ තුලා මානුෂ නීතිය රැකෙනවාට වඩා කඩ වීම් අවස්ථා වැඩියි . රුසියන් විප්ලවය තුල ලමයි සෑහෙන්න දායකත්වයක් දුන්න බව ඇත්ත ,ඒත් රුසියන් සාහිත්‍යයෙන් පේනවා නේදා විප්ලවය වෙනුවෙන් දරුවන්ට ගෙවන්න සිද්ධවුන මිල ? චින්ගීස් ඇයිත්මාතොවු ගේ අර්ලි ක්‍රේන්ස් - වේලාසන කොක්කු ඇවිත් පොතේ ගැටවර පිරිමි ලමයාගේ කතාව මතකයි නේද ? රුසියාවට නොගිහින් 1971 හා 1989 කාලේ ලංකාවේ වුන තරුණ නැගිටීම් දෙක දිහා බැලුවොත් මෙහි බහුතර දායකත්වය ගත් තරුණ පිරිසේ වයස 15-19 වගේ . 1989 මේ ගොඩාක් මියැදුනා . ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ මියගිය ලාබාලම තරුණයා රසික ගේ වයස අවුරුදු 16ක් . හැමෝම ප්‍රාර්ථනා කරන යහපත් වෙනසකට විප්ලව /යුද්ධ සාධාරණිකරණය කරන්න පුලුවනි .ඒත් ශිෂ්ට සමාජයක් හැටියට ඇයි අපි විප්ලවයේ විපාක වල බර ලමයින්ගේ කරේ තියන්නේ .වැඩිහිටියන්ගේ වගකීම විප්ලවයකින් හොඳ ලෝකයක් දරුවන්ට දීම . ඒ නිසා සමාජවාදය හා විප්ලවය/යුද්ධ සාධාරණිකරණය පැත්තෙන් දරුවන් ඊට යෙදවීමට මා පුද්ගලිකව එකඟ නෑ
5/5/ රටක් විදියට දරුවන්ගේ යහපත තකා අපි ගත් හොඳ දෙයක් තමයි එන් පී සී ජාතික ලමාරක්ෂක අධිකාරිය හැදීම හා එහි පලමු සභාපති තුමා වුන ලමා රෝග විෂේශඥ වෛද්‍යවරයා ඉතා හොඳ මෙහෙයක් කලා ලමයින්ට වෙන ලිංගික අතවර , ලමා මෙහෙකාර සේවය ගැන සමාජය හොඳින් දැනුවත් කරන්න හා ඒවා නතර කරන්න . එන් පී සී එක හොඳ ප්‍රොග්‍රෙසිව් වැඩක් නිසා ලමා අයිතිවාසිකම් ගැන ලංකාවේ උදවිය දැනුවත් වුනා .ලමයින් වෙනුවෙන් යම් ප්‍රතිපත්ති නීති ගේනවනම් ඒවා සම්පාදනය කරන්න නීති සම්පාදකයන්ට විතරක් තනියෙන් බෑ .ඔවුන් අනිවාර්යෙන්ම වෛද්‍ය වරු ,අද්‍යාපන විශාරදයන් , ලමා මනෝ විශෙෂඥයන් , සමාජ විද්‍යාඥයන් , වගේ සියලුම පිරිස් එක්ක අදහස් විමසා වැඩ කලයුතුයි ,නමුත් අවාසනාවකට වැඩිපුර ලංකාවෙ වෙන්නේ මෙය සිදු නොවීම .ඒ නිසා බොහෝ අඩු පාඩු සහිත නීති අපිට ලැබෙනවා .
මේ දිග නිරස කරුණු සහිත කමෙන්ට් එකක්.කතාවට ඉන් හානි වෙනවා නම් මකා දමන්න
අපූරුයි !
ReplyDeleteමේ කතාවෙන් කියවෙන කතා බොහෝමයි, හිතට තට්ටු කරලා අහන දේවල් ගොඩායි.
ReplyDeleteනූතන විශ්වය පුරා පැතිරුණ දැණුම වෙන කවරදාට වඩා ඉහළ වෙන්න පුලුවනි. ඒත් ඒ දැණුම බාවිතා (ඇප්ලයි) කරන ක්‍රමයේ ලොකු පරහක් තියෙනවා. ඉන් ඇතිවෙන හිදැස උඩින් නොයෙකුත් (මත) පාලම් ඉදිවීමත් ඒ මතුපිට ඉඳන් කරන බිලී බෑමත් කරන්න ලේසි කර්මාන්තයක් වෙලා ඉවරයි. ඒ කර්මාන්තය මහ බලවතුන් ගෙන් ලැබෙන ආශීර්වාදය අනුව කාණ්ඩ වලට බෙදෙන්නේ.
අද පාරිභෝගික ලෝකයේ ඉහළින් ඉන්න බොහෝ නිශ්පාදන කාලෙක ළමා ශ්‍රමය උදුරාගෙන උඩට අපුවා. ඒ තත්වය වෙනස් බව ජගත් සංවිධාන වාර්තා කරද කොතෙක් දුරට හරි ද කියන්න බැහැ.
දකුණු ඇමෙරිකාවේ ලිතියම් නිධිවල, අප්‍රිකාවේ රන් හා අනෙකුත් ලෝහ නිධිවලත් අදටත් ළමා ශ්‍රමය යොදාගන්නා බව නිතර පැවැසේ. ආසියාවේ තත්වය ද වෙනසක් වෙන්න බැහැ.
ඒත් දිනෙන් දින අගාධයට යන ජීවන තත්වය අනුව අත් උදව්වට යොදාගන්නා ළමා ශ්‍රමය වෙනුවට වඩාත් ලාබදායී ශ්‍රම බලකායක් හැටියට ළමා ශ්‍රමය විකිණෙන්න පුළුවන්.
ඉන්දියාවෙ සාරි නිෂ්පාදනයෙදිත් එහෙම ළමා ශ්‍රමය යොදා ගැනෙන බව කලකට ඉහතදි රූපවාහිනී වැඩසටහනක දැක්කා. තවමත් එහෙමද දන්නෙ නෑ. එක්තරා ඉංග්‍රීසි චිත්‍රපටියක අපේ රට ගැනත් එහෙම කතා කළා- කොළඹ කියන්නෙ ළමා ශ්‍රමයෙන් නිමි ඇඟළුම් නිෂ්පාදනයෙ යෙදෙන රටක් කියලා, ඒ ඇඳුම් ප්‍රතික්ෂේප කරන සිද්ධියක් තිබුණෙ මට මතක විදිහට.
Deleteදෙමවුපියන්ගෙ ජීවන බරට හවුල් වෙන්නට පොඩි කාලෙදිම රැකියාවලට යොමු වෙන ළමයින් කොපමණ ඉන්නවද?
ලෝක ප්‍රකට මාර්ක් අන්ඩ් සෙප්න්සර් සමගමේ නිශ්පාදන බොහෝමයක් අපේ රටින් සම්පාදනය වෙන්නේ. කිසියම් සංවිධානාත්මක කල්ලියක් ඒ නිපැයුම් වර්ජනයකට පෙළඹවන්න යොදාගත්තේ නංගි ඉහතකී කාරණයක්.
Deleteලෝක ප්‍රකට ක්‍රීඩා පාවහන් බ්‍රෑන්ඩ් වගේම ජගත් තරඟ වලදී යොදා ගන්න පාපන්දු, දැල් පන්දු ආදිය නිපදවීමේ කර්මාන්තයේ ඉන්දියාවේ හා පකිස්තානයේ ලමා ශ්‍රමය යොදාගැනුන බව කියවුනා.
සමුළු, කොමිසම් මොනවා ඇතිවුනත් සමාජයේ දෛනික අවශ්‍යතා පිරිමහගන්න අමාරු වුනාම හැම නීතියම කැලේ. අපේ රටක දරුවෙක් පාසැල් කාලයෙන් පසුව දෙමාපියන්ගේ කර්මාන්තයක වුනත් අත් උදව් දුන්නොත් වේවැල දික්වේවි. බොහෝ බටහිර රටවල (වයස් සීමාවන් අනුව වෙන්න ඇති)පාසැල් ලමුන්ට පාසැල් වෙලාවෙන් පසුව රෙස්ටුරන්ට්, සුපර් මාකට් වගේ තැන්වල පාට් ටයිම් වැඩ කරන්න අවසරය තියෙනවා. ඒ දෙමාපියන්ට උපකාර හැටියට නෙවේ, දරුවන්ගේ අවශ්‍යතා පිරිමහගන්න මාර්ගයක් හැටියට. ඒ ආරට යන ආසියාතික රටක් වන පිලිපීනයේ මේ තත්වය කුඩා ළමුන්ගෙන්ම පටන් ගැනෙන බව අත්දැකීමෙන් දන්නේ. ඒ අතින් අපේ සමාජ රටාව බොහෝ දියුණුයි.
ඔව්, ඒ විදිහට ව්‍යාපාර ලෝකයෙ තරගය හින්දා එහෙම ප්‍රචාරනයන් කරන වෙලාවක් ඕනෙ තරම් ඇති. අවුරුදු 16-20 ළමයින් අධ්‍යාපනයට බාධා නොවන අයුරින් රැකියාවක් කරාටනම් කමක් නැහැ. පුංචිම ළමයින්ට එහෙම බැහැ. අනික, අපේ රටේ අධ්‍යාපනය තුළ ඇති තරගයත් එක්ක, ඒකෙම ගැලී නොසිට රැකියාවක් කරන ළමයෙකුට ඉගෙන ගන්න අමාරුයි. මෙහෙ ඉගෙන ගන්න ආව බ්‍රිතාන්‍ය සිසුවියක් කිව්වෙ, ඇයව වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට එක් සුදුසුකමක් වුණේ ඇය පාට් ටයිම් ජොබ් එකක් කර, තමන්ට වගකීමක් දැරිය හැකි බව ඔප්පු කර තිබීම කියලා. එහෙ ඒ දේවලට පිළි ගැනීමක් මෙන්ම, ඒවා විශ්වාස කළ හැකි මට්ටමේ නිර්දේශත් වෙනවා. මෙහෙ එහෙම දේකට ලකුණු දෙන්න ගියොත්, ඒකටත් හොර කරයිනෙ.
Deleteසුපුරුදු ලෙසම අපූරු ලියවිල්ල . . .
ReplyDeleteස්තුතියි.
Deleteලස්සන ලිපියක්.
ReplyDeleteස්තුතියි.
Deleteඔහොම ළමයි ටිකක් හරි හොඳයි, සෝමාලියාවේ ඉන්න ළමයි දැක්කම සසර කලකිරෙනවා :(
ReplyDeleteමෙහෙත් හිටි ගමන් ඉන්නවා ඒ වගේ ඇටසැකිල්ල විතරක් තියෙන ළමයි. :(
Delete/ සමාජයෙ යම් යම් කාර්යයන්ට ළමා ශ්‍රමය යොදා ගැන්ම එක එල්ලේ වරදක් හැටියට දකින්නට අපහසු අවස්ථා තියෙනවා නේද? උදාහරණයක් විදිහට, අපේ ගොවිතැන් කටයුතුවලදි, ළමයින් සිය දෙමවුපියන්ට උපකාර කරන එක වගේ දේවල්. එක අතකින් ළමයින් වැඩිහිටියන්ගෙ ලෝකය හඳුනා ගැනීම සඳහා එලෙස ඒ කටයුතුවලට සහභාගි වීමක් අවශ්‍යයි. /
ReplyDeleteළමා ශ්‍රමය ගැන ඔබ පලකල මෙ අදහසට එකඟයි සම්පූර්ණයෙන්ම. වියලි කලාපීය ගොවි ජනපදයක මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මට ඒ බව කියන්න පුලුවනි සැකයකින් තොරව. ගොයම් හිටවන සහ අස්වනු කැපෙන කාලෙට දරුවන් පාසල් ගමන අත්හිටුවා දෙමව්පියන්ට සහය වෙනව. ඒ කටයුත්ත ළමා ශ්‍රමය යොදා ගැනීමක්, අධ්‍යාපනයට ළමයගේ ඇති අනුල්ලංඝනීය අයිතිය පැහැර ගැනීමක් හැටියට අර්ථ දක්වලා ඒ ගැන විරෝධය පලකරන එක එහෙමත් නැත්නම් ඒ ගැන පර්යේෂණ පත්‍රිකා ලියන එක හරිම පහසු දෙයක්. ඒත් එහෙම වෙන්න බලපාන හේතු ගැන කවුරුවත් හොයා බලන්නෙ නැහැ.
එක අතකින් දරුවන්ගේ ශ්‍රමය නිසා ශ්‍රමිකයන්ට ගෙවිය යුතු මුදලක් ඉතිරිවනවාට අමතරව ඔවුන්ගේ මතු ජීවන වෘත්තිය සඳහා මහඟු පූර්ව පුහුණුවකුත් ඉන් ලැබෙනව.
මෙහෙම කරන එක හරියි කියල නෙවෙයි මම කියන්නෙ. ඒත් සර්ව සාධාරණ සමාජයක, උත්තර භූමියක, කේතුමතී දේශයක, පමණක් බලාපොරොත්තු වියයුතු තත්වයක් සමාජයේ දැඩි දරිද්‍ර තාවයෙන් පෙලෙන පහලම ස්ථරයෙන් බලාපොරොත්තුවීමම කුහක කමක් කියලයි මගේ අදහස.
එහෙම පුහුණුවීමක් අවශ්‍ය බව මමත් හිතනවා. ළමයාගෙ වටපිටාවට උචිත පුහුණුවක් ලැබෙන එකේ ලොකු වාසියකුත් තියෙනවා.
Deleteනමුත් ළමයින්ගෙ අධ්‍යාපනයට, වැඩීමට, සෞඛ්‍යයට බාධා වන අයුරින් එලෙස වීමයි අසාධාරන. උදාහරණයකට, කුඹුරු වැඩ කාලෙට පාසල් නොයන ළමයි; එහෙම නැත්නම් බාල දරුවන් බලා ගැනීම පිණිස පාසල් ගමන නතර කිරීමට සිදුවෙන අක්කලා. ඒ වගේම දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ස්ථරයට ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගැන්මට ඇති එකම මග අධ්‍යාපනය නිසා, එහෙම අධ්‍යාපනයට බාධා වෙන එක වඩා ලොකු පාඩුවක්.
බොහොම ස්තුතියි.
මම දකින විදිහට නම් මෑත කාලයේ ළමයි විතරක් නෙමේ රටේ සියලුම ජනතාව මන්ද පෝශනයෙන්,, විදේශිකයෝ එක්ක වැඩ කරද්දී අපේ වැඩ කිරීමේ හැකියාව පොඩ්ඩක් පසු පසින් කියලා හිතෙනවා පොදුවේ ගත්තහම
ReplyDeleteආකල්පවල ප්‍රශ්න පැත්තකින් තිබ්බහම, කායික ශක්තිය, වේගය සැළකුවහම එහෙම හිතෙනවා. ලංකාවෙ ෆුට්බෝල් ටීම් එකක් සහ බටහිර රටක ටීම් එකක් සසඳනකොට කොයි තරම් වෙනසක්ද? ඔය ගැන දවසක් මගෙ යාළුවෙක් කිව්වෙ, අපේ රටේ ෆුට්බෝල් ගහන්නෙ, දුප්පත් ළමයි; කන්න නැති, මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයි. පිටරටවල ෆුට්බෝල් ගහන්නෙ පොහොසත් අය.
Deleteළමා ශ්‍රමය යොදා ගැනීම වැරදි - හරි
ReplyDeleteළමයින්ට අධ්‍යාපනය අනිවාර්යයි - ඒකත් හරි
අපි ඔහොම කීවට ඇත්තටම කවුද එයාලව බලා ගන්නේ ? හම්බකරන දේකින් යන්තම් කාලා බීලා හරි ඉන්නව... ලොකු කතා කියල ඒකත් නැති කරන්න ද හදන්නේ. මොකද ඔය නෝනල අපිට කන්න බොන්න දෙනව ද ? කියල ඇහුවොත්....
හ්ම්ජාතියක් වශයෙන් අපි කාගෙත් වර්ධනය බාල වෙලා.සහතික ඇත්ත.
අපේ තියෙන්නෙ මන්ද පෝෂණයෙයි අධි පෝෂණයෙයි ගැටුමක්.
ReplyDeletehenryblogwalker the Dude
ඔව්, එන්න එන්නම ඒ ගැටුම වැඩි වෙනවද මන්දා.
Deleteකතාව අස්සේ තියෙන කතාව කියවලා ටිකක් නෙමෙයි හොඳටම හිත බර වුනා.
ReplyDeleteකොටින්ම අපි විනෝදාංශයක් විදියට කරන බොහෝ දේවල් (මාළු ඇල්ලීම වගේ) සමහර පොඩි ළමයින්ගේ පවා වෘතිය වෙලා. ( වචනේ ස්පෙල් කරා හරිද දන්නේ නෑ) කොටින්ම මගේ හොඳම යාළුවෙක් එයාගේ ඔය කියන විනෝදංශේ වාර්ශික වියදම ලක්ශ වලින් බැලුවොත් දහයක් විතර. (මෙහෙම කීවට මම වුනත් එහෙම කරන දේවල් තියෙනවා.) ඒත් අර පොඩි ළමයින්ට එදා මාළු අහු උනේ නැත්නම් බඩගින්න. එහෙම වෙලාත් අපි කාටවත් අනේ අපි වාසනාවන්තයි කියලා හිතෙනවද? අපිට වඩා සමහරවිට ඒ පොඩි එවුන් සැහැල්ලුවෙන් ඉන්නවා ඇති.
අර ළමා ශ්‍රමය කතාව නම් මා වුනත් බොහොම ඉහලින් පිළිකුල් කරන දෙයක්. කොටින්ම මෙයිට අවුරුදු පහලොවකට විතර ඉස්සර පකිස්තානේ ළමා ශ්‍රමයෙන් හදන කාපට් ගැන ඩොකියුමන්ටරි ෆිල්ම් එකක් කලා මෙහේ අය. ලංකාවේ තමයි ඒක ෆිල්ම් කලේ. කොටින්ම අදටත් මා නම් කාපට් ගන්න යද්දි නිපයුම පකිස්තාන් නම් ඒක මිලදී ගන්නේ නෑ. සමහරවිට ඒක මහ විහිලුවක් වෙන්න ඇති. ඒත් ඒ ෆිල්ම් එකෙන් පෙන්වපු යථාර්ථය අස්සේ මට ඒ අහිංසක ළමයින්ගේ මුහුණු අදටත් මැවිලා පේනවා. මේ වගේමයි මම පොඩි කාලේ දැකපු ඩෝල් බනානා (Dole banana by Ecuador) අදටත් මිලදී ගන්නේ නෑ. ඒ කෙහෙල් වගාව හරහා ළමයින්ගේ ශ්‍රම සූරා කෑමක් ගැන කියවුන නිසා මෙහේ බොහොම අඩු මිලකට විකුනලත් ඒ කෙසෙල් නොකන අය වැඩියි තවමත්. මේ තරම් ආර්ථික අවපාථයක ඉඳගෙන වුනත්. සමහරවිට මේවා මාකටින් මාෆියා හරහා වෙන දේවල් වෙන්නත් පුළුවන්. ඒත් විශේශයෙන් මා ජීවත් වෙන රටේ නම් මේ දේවල් තවමත් ඉහලින්ම පිළිකුල් කරනවා.
කොටින්ම ළමයෙක් දැක්කම ඒ හැම ළමයම එරික් බෝයි වගේ කියලා ආදේශ කරලා හිතන මට සමහර වෙලාවට මම ගැනම කළකිරීමක් දැනෙන්නෙත් මේ පොඩි ඈයොන්ගේ ළමා කාලේ බලෙන් උදුර ගන්න අය හින්දා. ඕකම එක විදියකින් ලංකාවේ අධ්‍යාපනය අසීත් වෙනවා කියලා මා නම් හිතන්නේ. තරඟ විභාගයි ස්කොලේ තරඟයි අරවා මේවා කිය කියා අපි ළමයින්ව අශ්ව රේස් දුවවන එකත් මට අනුව නම් තහනම් කරන්න ඕනේ. හැම ළමයෙකුටම ළමා කාලේ විඳින්න දෙන්න ඕනේ.
මේක ඉතින් අර කන්න බොන්න නැති දුප්පත් ළමයින්ට කරන්න බැරිව ඇති. ඒත් මොනවා හරි සහනයක් ආණ්ඩුවෙන් දෙන්න පුලුවන් නේ වෙල්ෆෙයා වගේ.... ඔය උත්සව සැමරුම් වලට වියදම් කරන සල්ලි අපේ අනාගත පරම්පරාවට දුන්නා නම්.......!
ඇත්ත. තමන් ආදරේ කරන ළමයින් සමග සසඳලාවත් වෙන ළමයෙකුට හොඳින් සළකනවනම්...
Deleteමේ විදිහෙ ලියවිලි කියවන්න ආසයි,
ReplyDeleteසතුටුයි කැමැත්තෙන් කියෙව්වනම්.
Deleteමගේ බාල දුවත් වයස 16 ඉඳල, යුනිවසිටි එකෙන් පිටවෙන තුරුත් පාට් ටයිම් වැඩ කළා.
ReplyDeleteළමයි එක්තරා වයසකට එනකොට ස්වාධීනව ජීවත් වීමට ඉගෙන ගැනීමේ පියවරක් විදිහට, එහෙම රැකියා කරන්න තියෙන එකට මමත් කැමතියි. නමුත් ලංකාවෙ එහෙම නැහැනෙ. අනික ළමා ශ්‍රමයෙ මිළ අඩුයි. යුනිවසිටි ළමයින්ට හුරු කරන්නෙ පිනට දෙන මුදල හිඟා කෑම පිණිස, බොරු කියන්න. මෙහෙ මහපොළ, ශිෂ්‍යාධාර ගන්න කොළ පුරවන්නෙ දෙමවුපියන්ට රස්සාවල් නැහැ කියලා. මම දන්න කෙනෙක් හිටියා, පියා ප්‍රබල ව්‍යාපාරිකයෙක්; බාප්පලා දෙන්නෙක් නීතිඥවරු. ග්‍රාමසේවකට ගෙදරට එන්න කියලා පණිවිඩේ යවලා, ගෙන්නලා, මහපොළ අයදුම්පත දීලා අත්සන් කරන්න කිව්වලු තාත්තා. ඒ මනුස්සයා දෙකට නැමිලා, සීල් එක ගෙදර සර් කියලා, ගෙදර ගිහින්, සීල් කරලා ආපහු ගෙනත් දුන්නලු.
Deleteමෙහෙ එහෙමයි.
තමුන්ගේ දරුවා වගේම අනිත් දරුවන් දිහාත් බලන්න බැරිකම අපේ සමාජයේත් මුල් බැහැලා. දැන් බලන්න අර පරණ සින්දුව.. සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ.. සකල බුජෝ වතුර ගෙනෙන් අම්ම කියන්නේ .. සකල බුජෝ පොල් ගාපන් අක්ක කියන්නේ .. සකල බුජන්.. අහිංසකයි.. අහිංසකයි උනාට හරිම කඩිසරයි.. ... ඔන්න ඔය විදිහට ළමා මෙහෙකාර සේවය ගීත ගායනයෙනුත් රසවිඳින්න පිට පුළුවන් ලජ්ජා නැතුව.. මයිත්‍රීය කරුණාව මුල්කරගත්ත ආගමක් බහුතරය අදහන අපේ රටේ ඒ ටික නැත්තෙත් ඒ බහුතරයටමයි..
ReplyDeleteමිනිස්සු හිතන ක්‍රමය මුල සිට වෙනස් කරන්න වෙලා.
Deleteකෙනෙකුට සුපිරි රජ බොජුන් ලැබෙද්දි තව කෙනෙකුට මේ විදිහට අතට අහුවෙන දෙයක් කන්න වෙන තත්වෙට පත්වෙලා..
ReplyDeleteඇතිනැති පරතරය.
Deleteපකිස්ථානයේ ඉක්බාල්ගේ කතාව කියෙව්වද . කාපට් හදන කම්හල් වල වැඩ කරන ළමයි ගැන . ඉක්බාල් කියන්නේ තමන්ගේත් තම පුංචි මිතුරු මිතුරියන්ගේත් නිදහස වෙනුවෙන් සටන් කල පුංචි වීරයෙක් . එහෙත් නිදහසින් පසුව ඔහුව මරා දමනු ලබනවා . සිංහලට පරිවර්තනය විය යුතු හොඳ පොතක් . සත්‍ය කතාවක් . නලිනිගේ මේ කතාවටත් ටි ජිගේ දිග පැහැදිලි කිරීමටත් ගොඩක් ස්තුතියි
ReplyDeleteමම ඉක්බාල්ගෙ කතාව කියවලා නැහැ. හොයාගෙන කියවන්න ඕන. ස්තුතියි බින්දි
Deleteමේක කියෙවුවාම මට මතක් උන කතාවක් මම ලිවුවා ..
ReplyDeletehttp://lankapriyagesithivili.blogspot.com/2012/03/blog-post_27.html
Deleteඇති නැති පරතරය මොන තරම් අසාධාරනද කියලා හිතුණා ඒ කතාව කියෙව්වහම්.
:D දෙන්නම මේ දවස්වල ට්‍රිප්.
ReplyDelete