අපි අටේ ඉද්දි, ස්ථිර විද්‍යා ගුරුතුමියක් හිටියෙ නැහැ. තාවකාලික ගුරුවරියන් කිහිපදෙනෙකුට පස්සෙ, අවසාන වාරෙදි අපිට ලැබුණා අලුත්ම අලුත් ගුරුවරියක්. අපේ පාසලේම ආදි ශිෂ්‍යාවක් වුණු ඇය මනෝරි මුතුහේවා ගුරු මෑණියන්.
මෑණියන් කිව්වට ගුරු කෙල්ලක්. රෝස මලක් වගේ බොහොම පියකරු, කඩිසර කෙනෙක්. ඒ වගේම දක්ෂ ගුරුවරියක්. අපි ඇයට බොහොම ආදරේ වුණා.
ඒ කාලෙ අපට තිබුණු එක් පාඩමක් තමා, සංඝටක දෙකක් මිශ්‍ර කර, ඉන් පිටවන වායුවෙන් බැලූන පිරවීම. අදාල ක්‍රියාකාරකම සඳහා එක්කෙනාට එක බැලුමක් ගානෙ ගෙනෙන්නටයයි ගුරුතුමී ඉල්ලා සිටියා.
දවස ආවා.
උදේ පාන්දරම එක්කෙනෙක් බැලුම එළියට ගත්තා. දැන් පන්තියම බැලුමෙන් බෝල ගහනවා. වැඩිය වෙලා යන්නට පෙර බැලුම පිපිරුවා. පාසල පටන් ගත් හින්දා, ඒ සෙල්ලම එහෙමම නැවතුණා.
විද්‍යා පාඩම තිබුණෙ දෙවෙනියට නැත්නම් තුන්වෙනියට. සීනුව නාද වෙනකොටම, ගුරුතුමිය අපට පණිවිඩයක් එව්වා, ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙසට. අපි රංචුව එක පිම්මට දිව්වා ක්‍රීඩාංගනයට.
අපි යනවිටත් ගුරුතුමිය පාඩමට සූදානම්. ඇය බෝතල් හොයාගෙන, ඒවට අවශ්‍ය සංඝටක දාලා, අම්ල බෝතලෙත් අතේ තියාගෙන බලා හිටියෙ අපි එනතුරු.
"හරි ගන්න බැලුම් බෝල."
අපි එකිනෙකා දිහා බැලුවා: කෝ ගන්න බලන්න බැලුම් බෝල...
බැලුම් නැහැ.
සමහරුන්ට අමතක වෙලා. තව සමහරුන්ට "බැරි " වෙලා. එහෙමත් නැත්නම්, අනික් අය ගෙන එන හින්දා කරදර වෙලා නැහැ.
අපි තිස් හයදෙනෙක්!
ගුරුතුමිය අපි දිහා බලා හිටියා. අපි එකිනෙකා දිහා බලලා, නිහඬ වුණා.
අපි හිතුවෙ අපට හොඳ බැණුම් වරුසාවකට මුහුණ දෙන්නට වෙයි කියලා. ඒත් අපේ ගුරුතුමිය අම්ල බෝතලය පැත්තකින් තියලා අපට කතන්දරයක් කිව්වා.
"මම ඉස්සෙල්ලම පත්වීම හම්බෙලා ගියෙ දුෂ්කර ඉස්කෝලෙකට. අකුරණින් හැරිලා තවත් කිලෝමීටර ගණනාවක් යන්නට ඕන. මම ගිය වෑන් රථය තමයි ඒ ඉස්කෝලෙ ළමයින් දැක්ක පළවෙනි වාහනය.
පත්වීම විද්‍යාවට වුණාට, ගුරුවරුන් කීප දෙනෙක් විතරක් හිටිය ඒ ඉස්කෝලෙ මම විෂයයන් කීපයක්ම ඉගැන්නුවා. ළමයින් ඉස්කෝලෙ ආවෙ අමාරුවෙන්. කුඹුරු වැඩ කාලෙට ළමයින් ඉස්කෝලෙ ආවෙ නැහැ. ළමයින්ට සපත්තු තිබුණෙ නැහැ. සමහරුන්ට නිල ඇඳුමක් තිබුණෙත් නැහැ. ඒත් ආසාවෙන් ඉස්කෝලෙ ආවා.
ඒ ඉස්කෝලෙ, ඕගොල්ලොන්ගෙ වයසෙ පන්තියටත් මම මේ පාඩම කළා. ඒ ළමයින්ගෙ අම්මලා තාත්තලාට බැලුම් අරන් දෙන්නට සල්ලි තිබුණෙ නැහැ. ළමයි බැලුම් ගෙනාවෙ තමන්ට දවල්ට බනිස් ගෙඩියක් කන්නටයයි දී තිබුණු මුදලින්. එදා එක ළමයෙකුටවත් දවල්ට කෑම නැහැ. නමුත් හැම කෙනෙක්ම බැලුමක් ගෙනාවා."
අපි බිම බලාගෙන හිටියා.
"අපි ඊලඟ දවසෙ මේ ක්‍රියාකාරකම කරමු. අද පන්තියට ගිහින් වෙන පාඩමක් කරමු." ගුරුතුමිය කිව්වා.
බැන්නාට වඩා අපිට අපේ වරද හිතට දැනුණා. ඒ සතියෙ අග තිබුණු විද්‍යා පාඩමට, හැම කෙනෙක්ම බැලුම් කීපයක් බැගින් අරගෙන ආවා. විවිධ මූණු ඇඳලා, වගන්ති ලියලා, අපි බැලුම් පා කළා. ගුරුතුමිය අපේ විකාර වැඩවලට හිනා වුණා.
ඇය අපට කලින් සිද්ධිය මතක් කළේ නැහැ.
නියම ගුරුවරු !
ReplyDeleteසෑමාට වෙන වැඩක් නැහැ.. උදේ පාන්දර බ්ලොග් බලලා එක දාගන්නවා.
Deleteපහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න හැඟීම් දැනීම් නැති කරගන්න හොඳ නැහැ
ReplyDeleteසමහර ගුරුවරු දැඩි දඬුවම් නුදුන්නට පපුවට කිණිස්සෙන් අනින්න වගේ අමතක නොවෙන අවවාද දෙන්න හරි දක්ෂයි.
ReplyDeleteමම අදටත් නවය වසරේ ඉඳන් ඕ ලෙවල් වෙනකන් විද්‍යාව ඉගැන්නුව ගුරුතුමීට ආදරේ නෑ .එයා ගැණු ලමයින්ට තද නීති දැම්ම කෙනෙක් .ඒවගෙම ප්‍රැක්ටිකල් පාඩම් වලදී ලැබ් එකේදී වැඩියෙන් පිරිමි ලමයි විතරක් හවුල් කරන් ඉගැනුව කෙනෙක් .නිතරම ඇද්දේ කොල්ලන්ට .දවසක් හවස මම පන්තිගිහින් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නව දැකලා පහුවදා ඉස්කෝලේ ආවම බැන්න ටියුෂන් ගිහින් රස්තියාදු ගහනවා කියලා . අදටත් මම කතා කරන්න ඉතාම අකමැති ගුරුවරියක් :(
තරුණ මිස්ල සර්ලට අපිත් හරි කැමතියි . එකක් හොඳට උගන්වනවා අනිත් එක ඕනෙ දෙයක් කියන්න පුලුවනි එයාලට .
ඔය වගේ උපදෙස් මුලු ජිවිත කාලේම මතක හිටිනවා..හරියට අද ඩොක්ට අක්කා මේ ගෙනාවා වගේම ..
ReplyDeletecomment approval thiyena bawa comment kalaata passene dekke. anika eeye liwwa ekakata mama eka wenne kohomada neda? :P delete karala danna ithin comment dekama. kathawa nam ageyi supurudu widihata :)
ReplyDeleteඕඕ, කමෙන්ට්ස් මොඩරේට් කරලා තියෙන එක මට පහසුවක් වුණාට අනික් අයට ටිකක් කරදරයක්ද මන්දා. ඒත් එහෙම නැතුවත් බැහැනෙ.
Deleteඅන්න අපුරු පාඩමක්.. ඒ වගේ පාඩමක් කියාදුන්න ගුරුතුමියට මගේ ප්‍රණාමය !!
ReplyDeleteගුරුවරු, යතිවරු, මිත්‍රයෝ, මහමග හමුවන නන්නාඳුනන්නන් ජීවිතයට කොච්චර පාඩම් කියාදෙනවද?
ReplyDeleteමුව විට එක ප්‍රමාණය වුණත් ගැඹුර වෙනස් වෙන භාජන වාගේ යමක් රඳවා ගන්න හැකියාව ඇත්තේ එහෙමත් කෙනෙකුට
ගුරුවරයාත් සිසුවාත් අතර සම්බන්ධය ඵලදරන්නේ ඒ පාඩම මතක තියාගත් ඇත්තන් හරහායි
ඔබතුමියට මගේ ප්‍රණාමය, ඔබතුමියට පාඩම හොඳින් මතක තියේ
[රූපවාහිනියේ යන දැන්වීමක මෙහෙම කියනවා මතක් වුණා: "දහස් වටින්නේ ඇවිද්ද පා, යහමග ගියදාටයි"; "ඇවිද්ද පය දහස්වටී" යන්න අර්‍ථසම්පන්න වෙනවා වාගේ]
ගුරුවරයෙකුගේ දක්ශතාවය වෙන්නෙ දරුවන්ගේ හිතට දැනෙන විදිහට උගන්වන එක.
ReplyDeleteඉතිං මේ ගුරුතුමියත් විද්‍යා පාඩමටත් වඩා ජීවිත කාලෙටම මතක හිටින වටින පාඩමක් උගන්වලා තියෙනව!
වටිනා ලිපියක්!
නගරබද පාසල්වල ළමයින්ට ඔය වගේ ක්‍රියාකාරකම් අලුත් දේවල් නොවුනට ගම්බද පාසල්වල ළමයි ඒ වගේ දේවල් වලට ආසාවෙන් සහභාගි වෙනව කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteමං කීයද..?:D
ReplyDeleteමගේ A/L පන්ති බාර ඉන්ද්‍රානි මැඩම් මතක් වුනා, එයා අපට ඉගැන්නුවෙ botany.. දන්නවනේ A/L කාලෙ කියන්නෙ ඉගෙනගන්න එක ඇරෙන්න අනිත් ඔක්කොම කරන කාලෙනෙ.. මැඩම් මට කීපවතාවක්ම ආදරෙන් කතාකරලා කිවුවා "ඔයාට තියෙන්නෙ පන්තියෙ අනිත් හැමෝටම වඩා හොද මොළයක්, ඒක නාස්ති කරන්න එපා, හරියට ඉස්කෝලෙ වැඩ කරන්න" කියලා.. ඒ කතාකරපු විදිය හරියට පපුවට පිහියෙන් ඇන්නා වගේ තමා, බැන්නා නං ඊට සැපයි..
ReplyDeleteපලි: ඒ උපදෙස් හරියට පිළිනොපැදපු එක වෙනම කතාවක්.. :)
බුරාගේ මොලය නම් විශේෂිත එකක් තමයි
Deleteබුරා මරියකඩේද ඉගනගත්තෙ?
Deleteඉතාම දක්ෂ ගුරුවරියක් ඇය. ඇය දන්නවද අද ඔබ සිටින තැන. අනේ දන්නවනම් ඇය කෙතරම් සතුටුවේද? මෙහෙම වටිනා ගුරුවරු අද හරි හිඟයි. ඇයට මගේ ශීර්ෂ ප්‍රණාමය. චිරාත් කාලයක් ජීවත් වන්නට පතමි.
ReplyDeleteහොඳ ගුරුවරු ලබන්නත් පින් කරන්න ඕනේ.හුඟක් ගුරුවරුන්ට ගුරුවරයකුට කරන්න පුලුවන් දේවල් ගැන එතරම් අවබෝධයක් නෑ.දරුවෙක්ව ඇති කරන්නත් නැති කරන්නත් ගුරුවරයකුට පුලුවන්.
ReplyDeleteපාසල් කාලය මැවිලා පෙනුනා.ඒකටනම් බොහොම ස්තූතියි :)
පලවෙනි පාඩම වටිනවා දෙවෙනි පාඩමට වඩා :)
ReplyDeleteඅන්න ගුරුවරු.බැනලා ගහන්න ගියානම් කවදාවත් ඔච්චර හිතට දැනෙන එකක් නෑ.ගුරුවරිය කියපු ටික කියවනකොට ඒ ලමයි ගැන දුක හිතෙනවා.
ReplyDeleteළමයිව හරිමගට ගන්න පුළුවන් වේවැලෙන් විතරක් කියලා හිතන් ඉන්න අයට මේක හොද ආදර්ශයක්
ReplyDeleteහැම ගුරුවරයෙකුටම ඔය හැකියාව නෑ!
ReplyDeleteහිතට වදින්න අවවාද කරන්න දන්න උදවිය කරන්නෙ ඒවගේ දේවල් තමයි.
ReplyDeleteමට මතකයි අපි ඉස්කෝලෙ යනකාලෙ තිබුන ජීවන කුසලතා කියල පාඩමක්. ඒකට රටේ නැති දේවල් ගේන්න ඕන. ලේසිපාසු දේවලුත් නෙවේ. සල්ලි වියදම් වෙනව සෑහෙන්න. ගෙදර තිබුන තත්වය නිසා මම කවදාවත් අම්මලගෙන් සල්ලි ඉල්ලුවෙත් නෑ. හැමදාම එලියේ එහෙම නැත්නම් වෙන තැනක මගෝඩි වැඩක්. දවසක් ඔය විදියට එලියෙ ඉන්නකොට ප්‍රින්සිපල් ආව. ඇවිල්ල අපේ තත්වය තේරුම්ගෙන එදා අවශ්‍ය කරපු ෆයිල් කවර ගම්බෝතල් වගේ දේවල් දුන්න.
ගුරුවරුන්ගෙ නරකම අහලා කියවලා බරවෙලා තිබ්බ හිත ආයෙ ප්‍රබෝධමත් වුනා මේක කියවලා.
ReplyDeleteතව දෙයක් තියෙනවා නලිනි, ගුරුතුමී කිව්ව ඔය කතාවට ඉවසීමෙන් ඇහුම්කන්දීලා කරපු වරද පිලිඅරගෙන වැරැද්ද හදාගන්න ගෝලයො සෙට් එකකුත් ඉන්න ඕනෙ ඔයාලා වගෙ.
දැනට මම මගේ ගෝලයන්ට දවස ගානෙ දෙන අවවාද දුන්නට වඩා හොඳයි කට ගලක උලා ගන්න එක කියලා මට හිතෙන වාර අනන්තයි.
henryblogwalker the Dude
අපිටත්
ReplyDeleteඔය කාලේ විද්‍යාව කලේ ශාන්තිමාලා කියලා ලස්සන තරුණ ගුරුතුමියක් . උසයි සුදුයි .කරුණාවන්තයි . කෙල්ලන්ගේ කටහැකර කමට අහන දාහක් ප්‍රශ්න වලට සිරුමාරුවෙන් උත්තර දෙන්න ඈ හරිම දක්ෂයි . මට සමහර ගුරුතුමියන්ගේ නම් මතකත් නැහැ . හැබැයි නරකම සහ හොඳම අයගේ නම් මතකයි . මැද අයගේ නම් මතක නැහැ . ඉස්කෝලෙන් අස්වෙච්ච ගමන් ගුරුතුමියක් වෙලා දැන ගත්ත අනේ අපි අපේ ටිචර්ලට කොච්චර කරදර කරන්න ඇත්ද කියල . මන් එච්චර දඟ ළමයෙක් නෙමේ . ඒ වුනාට හොඳටම යාළුවුන ගුරුතුමියොත් එක්ක හරියට වාදකරලා තියෙනව . හරියට ලෝකේ හරියට කරකැවෙන්නේ නැත්තේ එයාලගේ වරදින් වගේ . හැබැයි වසම වස ඉංග්‍රීසි ටිචත් එක්ක හෙම නම් මික් ගෑවේ නෑ.
ඇත්තටම පහසුකම් අඩු වෙද්දී ඉගෙන ගන්න උනන්දුව වැඩියි . දුෂ්කර තැන්වල හැදෙන පැල වල ඖශධිය ගුණය වැඩිවාක් මෙන් .
ඒ වුනාට ඔය ළමයා හරියකට සිංහල ඉගෙනගෙන නෑ වගෙයි පේන්නෙ.. 'ඖෂධීය' කියන එක ලියලා තියෙනවා වැරැදියි.. :P
Deleteනියමම ගුරුවරියක්... ළමයිනට ගහන්නේ බනින්නේ නැතිව අමතක නොවන අන්දමේ පාඩමක් උගන්නලා
ReplyDeleteඅපිනම් ඔයවගේ ගුරුදෙවිවරු ලබන්න පිංකරල තිබුනෙ නැහැ..!
ReplyDeleteගුරු දෙවියෙක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් ගුරුතුමියක්.........
ReplyDeleteඇත්තමයි ලස්සන කථාවක්... අර දුෂ්කර පාසලේ ළමයි ගැන කියවපුවාම මට ගොඩාක් දුක හිතුනා.... ආර්ථික හයියක් තියෙන දවසක ඒ ළමයින්ට උදව් කරන්නත් හිතා ගත්තා....
ReplyDeleteඑහෙව් ගුරුවරු ලබන්න වාසනාවන්ත වෙන්නත් ඕනි..ගෝලයො..
ReplyDeleteඈ සැබෑ ගුරු මාතාවක්. බැනුම් හා දඩුවම් කෝටියකට වඩා එක හිත්ට වඩින වචනෙකින් දරුවන්ගෙ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්.
ReplyDeleteඔව් සමහරුන්ට වචන සියයකින් කියන දේ වචනෙකින් දෙකකින් මැරෙනතුරු අමතක නොවෙන්නම කියන්න පුලුවන් . මෙහෙම ගුරුවරු වාසනාවක් .
Deleteදෙවිවරු වගේ ගුරුවරු..
ReplyDeleteඇය නම් වචනයේ පරිසමාප්තියෙන්ම හැබෑ ගුරුවරියක්. මගේ පාසැලෙත් මේ වගේ ගුරුවරු හිටියා. ඒ අය නිසා අද මම මෙහෙම ඉන්නවා කියල හිතෙන්නෙ. නැත්නම් මාත් වල් වැදිලා. සදා වාසනාවන්! එවන් ගුරුවරු.
ReplyDeleteහොඳ වෙලාවට රීඩරේ තිබ්බේ. නැත්නම් බැලුම් විතරක් නෙමෙයි ගොඩාක් දේවල් මිස් වෙලා.
ReplyDeleteමාත් ඉස්සර බැලුම් ස්කෝලෙ අරන් යන පුරුද්දක් තිබ්බා මම හිතන්නේ මම අඬනවට අපේ අම්මගේ බෙහෙතක් වෙන්න ඕනේ. මොනවා හරි කේස් එකක් ගියාම බැලුම් පිම්බුවාම මට ඒක අමතක වෙලා යන හින්දා වෙන්න ඇති.
හොඳ ගූරුවරියක් ! හිතට දැනෙන්න උගන්වන්න පුළුවන් ගුරුවරුන් අඩුයි.
ReplyDelete///ඇය අපට කලින් සිද්ධිය මතක් කළේ නැහැ.//
ReplyDeleteමම කැමතිම කොටස මේක..
මම කීයද දන්නෙ නැහැ නේද.
ගුරුවරුන් ගැන මගෙ තියෙන මතකයත් ඉතාම ගෞරවනීයයි. ඒ කාලෙ නපුරුවගේ පෙනුන සමහර ගුරුවරු ගැන උනත් දැන් හිතලා බලන කොට තේරෙනවා ඒ අය සැර වැර උනේ වෛරයකින් නෙමෙයි අපි කරපු මෝල් වැඩ නිසා කියලා.
ReplyDelete