"අහන්ඩකො ඒයි... මං අර එදා වගේම අමන ප්‍රශ්නයක් අහන්ඩද ඔයාගෙන්?"
(පළවෙනි අමන ප්‍රශ්නය:
"වෘත්තිය සමිතියෙ ඡන්දෙට සෙනග ගෙනියන්ඩ, මෙච්චර හොඳ වාහන අරන්, මෙහෙම කී සැරයක්දෝ එහා මෙහා ගෙනියන්ඩ සල්ලි කොහෙන්ද ඒයි?"
කිරා මැන ලබා දුන් අවංක පිළිතුර:
"ඒ ඒ පැත්තට සහයෝගය දෙන අය සල්ලි දෙනවා....ඕන තරම්!")
එදා ප්‍රශ්නය මතක නිසාදෝ, ප්‍රශ්න අපේක්ෂකයා වටපිට බලා, සෙනග අඩු වනතුරු සිට ප්‍රවේශමෙන් ප්‍රශ්නය භාර ගනී: "ඔව්?"
"ඔයා මෙච්චර වෘත්තීය සමිති වැඩවලට බැහැගෙන වැඩ කරන්නෙ,
අර ක්‍රීඩා කරන අය හරි වෙන තමන් ආස කරන දෙයක නියැළෙන අය එහෙම වගේ මේ වැඩවලින් ලබන තෘප්තිය හින්දා, එන්ඩෝෆීන් ශ්‍රාවය වෙලා, මනස කුල්මත් වෙලා එක කෙළියක් වෙන හින්දද,
එහෙම නැත්නම් අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනාවෙන්ද,
එහෙමත් නැත්නම් දේශපාලනේට ආස හින්දද,
නැත්නම් ඒවගේ මොකක් හරි හින්දද?"
ප්‍රශ්න අපේක්ෂකයා හිඳ ගනී. සෙමින් කියයි:
"මගෙ ළමයා ඉස්කෝලෙ දාගන්ඩ තියන හින්දා."
මම මේ අවංක පුද්ගලයා විශ්වාස කරමි. ඔහුට පක්ෂව ඡන්දය දෙමි.
අනේ මෙහෙමවත් ඇත්ත කියන දෙස්පලුවෝ ඉන්නවානම් රටම දුන්නත් කමක් නැහැ..
ReplyDeleteනියමයි !!
ReplyDelete//අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනාවෙන්//
ReplyDeleteබැරිවෙලා හරි එහෙම කිව්වා නම්, ඡන්දේ දෙන්නේ නැද්ද?
අපූරුයි... මාත් ඡන්දෙ දෙනව :)
ReplyDeleteඔන්න ඕකයි ඇත්ත තත්වේ.ඔක්කොම ඉතින් තමන්ගේ බඩගෝස්තරේ රැකගන්නකන් තමයි
ReplyDeleteතවත් අමන ප්‍රශ්ණයක් අහන්නද? ඇයි ඔයා ඕල්ඩ් බෝයිස්/ගර්ල්ස් එකට ඔච්චර බැහැගෙන වැඩ කරන්නෙ?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කවුද මේ වෘත්තීය සමිති නායකයා?:)
ReplyDeleteමේ මගේ අමන ප්‍රශ්ණය..
ReplyDeleteදැන් ඔයා එයාට ඡන්දෙ දුන්න කියලා ඔයාට මොනවද හම්බවෙන්නෙ.. එයා අවංක වුනා කියලා ඔයාට පාන්ද..:D
ඇත්තටම මේවද අමන ප්‍රශ්න කියන්නෙ. :D
ReplyDeleteළමයා ඉස්කෝලේ දාගන්න ඇති උවමනාව සම්පූර්ණ කරගන්න නම් "වරම්" ගොඩාක් නැතිව නම් බැහැ තමයි.
ReplyDeleteඔන්න ඕක තමා යථාර්ථය
ReplyDeleteමා ඔබට කැමති මේ නිසයි.. අනෙක් අයත් එය තේරුම් ගත්තා දැයි නොදනිමි...
ReplyDeleteවෘත්තීය සමිති නායකත්වය දැන් තවත් එක වෘත්තීයක් වෙලා තියෙන්නෙ. සගයන්ට වඩා වැඩිපුර ටිකක් කන්න, බොන්න හොයාගන්න පුලුවන්.
ReplyDeleteඒ පාර දරුවෙක් දාගන්න යනවද? අපිටත් හොරෙන්.
ReplyDeleteම්.....හරිම ලස්සනයි. අද කාලෙ වෙන්නෙ මෙහෙම ම නේද?
අවංකත්වය හරියන්නේ නෑ කියල කමෙන්ට් දිහා බැලුවම තේරෙනව...
ReplyDelete:) මාර කතාව :)
ReplyDeleteදරුවව ඉස්කෝලෙකට දාගන්න..වනේ වන හතුරෙකුටවත් මේ වගේ අමාරු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙන්න එපා..!!
ReplyDeleteඇත්ත කියනව නම් ඒකවත් මදැයි.
ReplyDeleteඅමන අසරණයෙක්....
ReplyDeleteවෘත්තීය සමීති සහ ඒවාගේ නාකියන් යැයි කියාගන්නන්... තූ: කතාකිරීමටත් අකමැති මාතෘකාවක්!
ReplyDeleteචන්දෙත් ඉවර වුණා නේ?
ReplyDeleteහිතල බලද්දි ඇත්ත ඕක තමයි
parata lit dagannai, thara dagannai
ReplyDeletechande denna patan gaththama mehema thamai..
mewa hadanna baha...
monawa wela nawatheeda manda..
අක්කේ මම ඔයාගේ බ්ලොග් එකේ හුඟක් සටහන් කියෙව්වා. ඇත්තටම සන්තෝසයි. මම පොඩි කාලේ පොත් කියවල ලබපු චමත්කාරය ආපහු විඳගත්ත. ලංකාවේ මේ වගේ දක්ෂ ලේඛකයෝ ඉන්නවා කියල දැනගන්නත් සන්තෝසයි. හරිම සරල භාෂා රටාවක්. සරල වාක්‍ය. දිය පාරක් ගලනවා වගේ කතා රිද්මය. ඒ වුනාට හිතන්න දේවල් ගොඩයි. ඔයාට බුදු සරණයි අක්කේ, තවත් ලියන්න.
ReplyDelete