කුමාර. මට මතක විදිහට, ඒක තමයි නම.
කුමාරව හම්බුණේ කේ. ජයතිලකයන්ගෙ කතන්දර පොතින්. ඔව්, ඒ කතන්දර පොතේ නම "කතන්දර පොත".
කුමාරගෙ තාත්තා වඩුවෙක්. අම්මා පැදුරු වියන්නියක්. තමන් විඳින දුකින් දරුවටවත් ගොඩ එන්නට හිතාගෙන, ඔවුන් කුමාරව ගුරුතුමා ගාවට යවනවා.
කුමාර දක්ෂ දරුවෙක්. ඔහු හොඳින් ඉගෙනගන්නවා.
දවසක්දා ගුරුතුමා ළමයින්ට කියනවා කතන්දරයක් ඉගෙනගෙන එන්නටයයි කියලා. කුමාර ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි කියනවා කතන්දරයක් කියලා දෙන්නටයයි කියලා.
ඒත් ඔහුගෙ අම්මලා කතන්දර දන්නෙ නැහැ. ජීවිත කාලයම මහන්සි වී වැඩ කළා මිස, ඔවුන් කතන්දර ඉගෙනගෙන නැහැ.
කුමාර අඬලා නිදිය ගන්නවා. රාත්‍රියෙදි, කුමාරගෙ පන්හිඳත් පුස්කොළ පොතත් යනවා කතන්දරයක් හොයාගෙන එන්නට. ඔවුන්ට හමුවෙනවා සාහිත්‍යයට අධිපති සරස්වතී දෙවඟනව.
සරස්වතී දෙවඟන කල්පනා කරනවා, ළමයින්ට කියවීමට කතන්දර තිබිය යුතුයි කියලා. එහෙම හිතලා, ලොව පුරා පඬිවරුන්ව කැඳවලා කියනවා, ළමයින් උදෙසා කතන්දර ලියන්නටයයි කියලා.
එහෙමයි කතන්දර පොත් බිහි වෙන්නෙ.
කුමාර. ඒක තමයි නම.
කුමාරව හම්බුණේ හමුදා රෝහලේ සැත්කම් මේසයක් උඩදි. මම එහෙ හිටිය මාසය ඇතුළත තුන් හතරවතාවක්ම ඔහුව හම්බුණා. යුද්ධයට හසු වී ඔහුගෙ අත් දෙකම හා පාදයක් අහිමිව තිබුණා.
කුමාර බොහොම කඩවසම්, ළමා පෙණුමක් ඇති, විසි වියැති සොල්දාදුවෙක්.
"මටනම් අඩු ගානෙ ඇස් පෙනෙනවා. සමහර අයගෙ ඇස් තුවාල වෙලා, අන්ධ වෙලා." ඔහු දවසක් කිව්වා.
"ඇඟිලි එහෙම වැඩ කරන්න පුළුවන් කෘතිම අතක් හම්බෙනවනම්... එහෙම අත් තියෙනවා. මට පුළුවනි මහන්සි වෙලා වැඩ කරන්න, කාගෙන්වත් යැපෙන්නෙ නැතුව." තවත් දවසක කිව්වා.
හුඟක් වෙලා කතා කර කර හිටිය දවසක කුමාර ටිකක් බැරෑරුම් විදිහට මෙහෙමත් එකතු කළා: "අනික් දේවල්නම් කමක් නැහැ. වැසිකිළි ගිහින් අම්මට කියන්න බෑනෙ."
එහෙම අත් තියනවද කියලා හොයා බලන්නට උදව් වුණේ සුජීව සහ කුමාරි. ඒ දෙන්නා හමුදාවෙ නිසා මේ දේවල් ගැන දැන හිටියා.
ඒ විදිහෙ අත් තියෙනවා. නමුත් විද්‍යුත් කෝෂ මගින් ක්‍රියා කරන නිසා, නඩත්තුව අපහසුයි. හුඟක් දෙනා, ඒ අත් ගලවලා පැත්තකට දානවා.
අතක් දැමීම, එච්චර පහසු දෙයක් නෙවෙයි. මුළින්ම අත්වල තුවාල සුව වෙන්නට ඕන; ඉදිමුම් බහින්නට ඕන. ඉන් පස්සෙයි නියම මිණුම් ගන්නට පුළුවන් වෙන්නෙ. ඊලඟට අත ව්‍යායාම කරවමින් හුරු කරවන්නට ඕන මාස කීපයක්.
ඊට කලින් සොයා බැලිය යුතු දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට, බිම වාඩි වන වැසිකිළි වෙනුවට, පුටුවක පරිදි වාඩි විය හැකි වැසිකිළි පෝච්චි ලබා දෙන්නට ඕන; නළ ජලය ලබා දෙන්නට ඕන.
එහෙම දේවල් ලබා දෙන්නටනම්, ඒ ගෙදර සොල්දාදුවාට ජීවත් වීමට සුදුසු, ඔහුව බලා ගන්නට නිසි කෙනෙක් සිටින තැනක් වෙන්නට ඕන.
"ගමේ කෙල්ලො එහෙම ඇවිත් ඔලුව අත ගාලා යනවා ඇති නේද? කෙල්ලො කී දෙනෙක් කැමැතිද දැනට?" කාර්ය මණ්ඩලය අත පය අහිමි සොල්දාදුවන්ගෙන් ප්‍රශ්න කරනවා. එහෙම හිත ධෛර්යමත් ගෑණු ළමයි ගම්වල ඉන්නවා.
කුමාරට පොඩි කාලෙ ඉඳන්ම තාත්තා නැහැ. අම්මා වෙන කසාදයක් බැඳලයි ඉන්නෙ. කුමාර හැදුණෙ අත්තම්මා ගාව. ඒ ගෙදර කුමාරත් එක්ක හැදුණු පුංචි අම්මා දැන් විවාහ වෙලා.
දෑතම හා පාදයක් අහිමි කුමාරව තව අවුරුදු තිහ හතළිහක් නැතිනම් ඊටත් වැඩියෙන් කල් බලාගන්නෙ කවුද?
හමුදා නිවහන වඩාත් සුදුසුයි.
කුමාර කාටවත් පෙනෙන්නට ඇඬුවෙ නැහැ. ඒ හින්දා, ඒ කතන්දරය, එතැනින් ඉවරයි.
හමුදා නිවහන තමයි සුදුසුම..
ReplyDeleteහුඟක් දේවල් එක්ක බලද්දි, වඩාත්ම සුරක්ෂිත සහ පහසු තැන එතනනං තමා. :(
Deleteඒ විරයො දැන් අපිට අමතක වෙලාද මන්ද
ReplyDeleteහය හතර
දැන් වෙනකොට එහෙම යුද්ධයක් තිබිල නෑනෙ
Deleteලස්සන කතාවක්.. කෙල්ලො ඔලුව අතගෑවට පස්ස අතගාන්න කැමති වෙන එකක් නැහ ැමයෙ හිතේ..
ReplyDeleteඑහෙම අයත් සෑහෙන්න ඉන්නවා රටේ. ඉන් සමහරක් අයගෙ සහෝදරයින් යුද්ධය නිසා අහිමි වෙලා. තවත් අය එහෙමවත් හේතුවක් නැතිව.
Deleteහුඟක් කාන්තාවන් තුළ "හෙදකම" සහජයෙන් තියනවා, මම හිතන්නෙ.
යුද්දෙකින් කුමාරලා සෑහෙන්න බිහි වෙනවා නේද?
ReplyDeleteමම ජීවිතෙන් ඉගෙනගත්ත එක දෙයක් තමයි යුද්දෙකදි හෝ වෙනයම් අර්බුදයකදි පිරිස් බලය තියෙනකොට හුරේ දැම්මත්, රටේ නැති පොරොන්දු වුනත්, උණුසුම පහවුනාම අර තුවාල කාරයා තනිවෙනවා. මැරුණු අය අමතක වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ ගෙදර අය විතරයි.
තව කාලයක් යනකොට ඒ මිනිස්සු ගැන කතා කරන එකත්, දුක් වෙන එකත්, දෙකම වැරදි ක්‍රියා බවටත් පත් වෙනවා.
In a time of universal deceit,telling the truth is a revolutionary act
කී දෙනෙක්ද? ශල්‍යාගාරයෙන් එළිය බැලුවහම, එක් පාදයක් අහිමි අය කියන්නෙ සාමාන්‍යය. ඊට වෙනස් කෙනෙක්නම් තමා මේ වගේ මතක හිටින්නෙවත්! යුද්ධනම් ඕනම නෑ කියලා හිතුණා.
Delete" තුවාල කාරයා තනිවෙනවා. මැරුණු අය අමතක වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ ගෙදර අය විතරයි." සහතික ඇත්ත.
දේවල් දෙකක් මතකෙට ආව, එකක් මගේ සහෝදරයෙක් තරම් කිට්ටුවෙන් හිටපු මගේ හොඳම මිත්‍රය මේ යුද්ධයෙන් අහිමි වීම ගැන ලියන්න හිතපු සටහන කොහොමහරි ලියන්න ඕනැ කියන එක..
ReplyDeleteඅනික ඔය වගේ සෙබලෙක් වෙනුවෙන් අපි කරපු සත්කාරයක් ගැන සතුටු දැනෙන මතකයක්.. මෙහෙමයි වුනේ...
මම ඖෂධ මාෆියාවෙ වැඩ කරන කාලෙ අපිට අභියෝග ජය ගැනීම ගැන පුහුණුවක් [ වර්ක් ෂොප් : ) ] තිබුන [ ඒක හරිම වටිණ පුහුණුවක්. අදටත් මම එදා ඉගෙන ගත්තු දේවල් භාවිතා කරනව මගේ රස්සවෙදි.. ] .පුහුණුව අවසානෙ හැමෝම අපහසු ඉලක්කයක් තෝරගන්න ඕනැ සම්පූර්ණ කරන්න. මම හිටපු කන්ඩායම තීරණය කලා සත් කාර්යයක් කරන්න... අපි තීරනය කලා ආබධිත හමුදා සෙබලෙකුට වැසිකිලියක් හදල දෙන්න.. සල්ලි කෝ.. පැය හතරයි තියෙන්නෙ ...ප්ලෑන් කලා ලොතරැයියක් අදින්න... තෑගි කෝ... තෑග්ගක් ලැස්ති කරන එක මට බාර වුණා... වර්ක් ෂොප් එක තිබුනෙ හිල්ටන් හෝටලේ... ඒ කාලෙත් ( අවු 12 කට කලින් පාන් ගෙඩිය 3.50 කාලෙ ) සෝඩ බෝතලයක් ගත්තොත් රු 130 යි බිල... උන්ගෙන් තෑගි ඉල්ලන එක ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනව වගේ වැඩක්... අලෙවිකරනය නම් ඉතින් මම් පෙර සිට අරන් ආපු එකක් මහිතෙ... ගියා හෝටලේ එෆ් ඇන්ඩ් බී එකේ ලොකු පොරක් ගාවට ... දුන්න ටෝකක් ආයෙ විමල් වීරවන්සල කැලේ... හැබැයි අවංක අදහසක් මම කිව්වෙ... මම කීව්වෙ ඔයාල හොටල් කරන්නෙත් අපි වර්ක් ෂොප් කරන්නෙත් අර සෙබලු අත පය ජීවිත අහිමි කරගෙන කරන කැපවීම නිසා... ඒක නිසා මේකට උදව් කරන්න කියල... අපේ පුහුනුකරු වත් විස්වාස කලේ නෑ පුලුවන් වෙයි කියල ඒත් හෝටලේ කැමති වුනා දෙන්නෙකුට රාත්‍රී කෑමක් දෙන්න තෑග්ගක් හැටියට...
ලොතරැයි කෝ.. ඒ කාලෙ අපිත් එක්ක වැඩකරපු යාලුවෙක් හිටිය ( අද ලංකාවෙ ලොකුම සමාගමක අලෙවි අධ්‍යක්ෂක කෙනෙක් ).. ඌ බාර ගත්ත වැඩේ... ඒක ඊට එහා... හිල්ටන් එකේ බිස්නස් සෙන්ටර් එකේ තනි පිටුවක් පොටෝ කොපි කරන්න රුපියල් පනහක් ගන්නව ඒ කාලෙ... මූ ගිහින් , ටෝක් එක දීල ලොතරැයියක් ඩිසයින් කරගෙන උන්ගෙන්ම ප්‍රින්ට් කරවගෙන පොඩි පොඩි පොත් හදාගෙන ආව... අපි කට්ටිය පාරට බැහැල... ඒ පැය ගාන ඇතුලත ඔක්කොම ටිකට් විකුණල ඉවර කලා...
රාගම රණවිරු සෙවනට කතා කරල අවශ්‍යතාවයක් තියෙන සෙබළෙකුට මේ මුදල් දෙන්න කතා කරගත්ත , ඒ වෙලේම එතන හිටපු නිලධාරීන් එයාලගෙ බස් එකකින් එක සෙබළෙකුත් එක්ක ආව... නලිනිගෙ කතාවෙ වගේ... පාදයක් අහිමි වෙලා... ඔහුට සුවයි... ගෙදර යන්න විදිහක් නෑ.. ගෙදර වැසිකිලිය ස්ක්වොට් වැසිකිලියක් නිසා... අපි මුදල් ඔහුට දුන්න ඉඳගන්න පුලුවන් කොමඩ් එකක් සහිත වැසිකිලියක් හදා ගන්න... ගෙදර යන්න ලැබුන එක ගැන ඒ තාරුණ සෙබළගෙ මුහුණෙ දැකපු සතුට මට අද ආපහු සතුටක් ගෙනාව...
ප.ලි . ඒ සෙබළ අතින්ම දිනුම් ඇදල දිනපු කෙනාට දුරකතනයෙන් දැනුම් දුන්න, රු 500 කට හිල්ටන් ඒකෙන් තරු පහේ රාත්‍රී කෑමක් ලැබුන එක ගැන ඒ ලංසි මහත්මයත් සතුටු වෙන්න ඇති...
අන්න මාකටින් වලින් කරන්න පුළුවන් හොඳ වැඩක්....
Delete++++++++++++++++++++++++++++++
ඒකනම් අතිශයින් අසීරු ඉලක්කයක්, සීමිත කාලය එක්ක බැලුවහම. නමුත් ඒක නිකම්ම ඉලක්කයක් නෙවෙයි, උදාර ඉලක්කයක්
Deleteහරිම අපූරු කතාවක් නලිනි අක්කේ.. ගොඩක් දවසකින් මේ පැත්තට ගොඩ වුනේ.. තාමත් සිත් ආරේ පරණ සුන්දරත්වයම තියෙනවා..
ReplyDeleteකාලෙකින් ලියන්න මතක් වුණේ. ස්තුතියි දිනේෂ් මල්ලි
Deleteඑක එක ජාතියේ කුමාරල ඉන්නවා.. කමක් නැහැ ඒ හැමෝම differently able හිතල හිත හදාගමු..
ReplyDeleteහ්ම්ම්
Deleteඑහෙම කෙල්ලො ඉන්නවයි කියන එක හිටි හැටියෙ පත්තර වල යන වාර්ථා වලින් පේනව. ඒත් කීයෙන් කීදෙනාටද ඒ වාසනාව ලබන්න පුලුවං.
ReplyDeleteඒකනෙ ප්‍රසා. එහෙම ගෑණු ළමයි ඉන්නවා. ඒත් තවත් අයට අම්මා තාත්තා ළඟවත් ඉන්න විදිහක් නෑ.
Delete//හමුදා නිවහන වඩාත් සුදුසුයි//
ReplyDeleteඇත්ත! ඒ වගේ තැනකින් බොහොමයක් අවශ්‍යතා ඉටුවෙන්න පුළුවන්. නමුත් මගේ අදහස නම් ඒක හිර ගෙයක් වගේ තැනක් කියල. කායිකව හිර කරල නොතිබුනත් ඒක මානසික හිරගෙයක්. වඩාත්ම හොඳ දේ තමයි ඔවුන්ට සාමාන්‍ය විදියට සමාජයේ ජීවත් වීමට ඇති ඉඩකඩ ගැන සොයා බැලීම. ඒ වගේම තමුන් කැමති නම් හමුදා නිවහනට එන්නත් නිදහස තියනව නම් වඩාත් හොඳයි.
හමුදා නිවහනකට මම ගිහින් නැහැ. එහි හොඳ පැත්තකුත් ඇති. නමුත් ඒකාකාරී බවකුත් ඇති. සාමාන්‍ය සමාජයෙ පැතිකඩක්ම නෙවෙයිනෙ. පහසු විදිහට ගෙදර ඉන්නත්, අවශ්‍ය විට හමුදා නිවහනට එන්නත් ඇත්නම් සමහර අයට පහසු වෙයි
Deleteයුද්ධයක් කියන්නේ එක්තරා ආකාරයක බිස්නස් එකක්. ඒකෙ ඉත්තෝ හැටියට බිලිවෙන්නේ මේ වගේ තරුණයෝ.
ReplyDeleteකුමාර ටත් කුමාර මෙන් වූ තවත් ආබාධිත සෙබළුන්ටත් හමුදා නිවහන ඔවුන්ගේම නිවහනක් වේවා...
යුද්ධයත් බිස්නස් එකක්. සාමයත් බිස්නස් එකක්.
Deleteයුද්ධෙ ඉවර වෙලා ඒ 9 විවෘත කළ ගමන් ඒ පාර දිගේ ගියෙ බිස්නස්කාරයොනෙ
http://dushyapa.wordpress.com/
ReplyDeleteඇස් නොපෙනුනාට ඔහු බ්ලොග් එකකුත් ලියනවා.
හෙන්රි කිව හරි අන්තිමට ඉතුරු වෙන්නේ ගෙදර අය විතරයි .ඒ අයගේත් දරාගැනීමේ හැකියාව සිඳුන දාට කවුරුත් නැහැ . උපදිද්දී යසට අඟපසඟ ඇතිව ඉපදිලා නිරෝගිව හැදුන තරුණයින් තමයි මෙහෙම වුනේ.
ඔව් බින්දි, අනික තමන්ගෙ පෞද්ගලික සටනකට ගිහිල්ලත් නෙවෙයිනෙ
Deleteයුද්ධය.... මම අකමැතිම මාතෘකාවක්.... ඒත් අදටත්, නැවත යුද්ධයක් ඇති වෙන එක නවත්තන්න දෙයක් කරලා නෑ.. කරන්නෙත් නෑ.. දෙමළ ජනතාව ගැන කිසිම හැඟීමක් නැති දෙමළ පිරිසකටයි බලය ලැබුනෙත්. ඔවුන්ගෙන් ඒ ජනතාවට ලැබෙන ඉටි ගෙඩියක් නෑ..
ReplyDeleteදේශපාලකයින් යනු අමුතු පිරිසකි. :D
Deleteයුද්ද වලට ආවඩන යුද්ද වෙන තැනට පාර කපන අය සැප විඳිනවා. යුද්දය කරපු අය ජීවිතේම විඳවනවා.
ReplyDeleteයුද්ධය ඉවර වුණු හින්දා පහසුවෙන් ඉන්න අයගෙ හිතේ මේ අය ගැන ගෞරවයක් ඉතිරි වෙනවනම්..
Delete"හදවතින් අප යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ "
ReplyDeleteඔව් සම්පූර්ණ ඇත්ත උබලා යුද්ධ කරනකම් යුධ බිමේ ඉන්නකම් අපි විනාඩියකටවත් උබලව අමතක කලේ නෑ. මොකද උබලට යුද්දෙ අමතක උනොත්.. අපිට හැම දෙයක්ම අමතක වෙන විත්තිය අපි දැනගෙන හිටියා..
අමතක නොවුනා නම් බොහෝම ලගකදි ඔය විරුවෝම මරුවෝ උනෙත් අපිටම තමා..
කුමාරලා කාටවත් පෙන්න අඩන එකක් නෑ...
කන්ද නැග්ගට පස්සෙ හැරමිටිට අහක දාන සමාජෙකට ඒ කදුලු වැඩක් නෑ කියලා කුමාරලා දන්නවා..
දැන් ඉස්සර විතර දේශාභිමානී ගී ඇහෙන්නෙ නෑ නේද?
Deleteයුද්ධයේ තවත් අතුරු ඵලයක්....රනවිරු සෙවන හැදුවේ මේ අයට අත දෙන්න නේද?
ReplyDeleteමම දන්න විදිහට එහෙම නිවහන් වගේම, ආබාධිත රණවිරුවන්ට වෙනත් සේවාවන්හි නියැළිය හැකි රැකියා අවස්ථාවනුත් හමුදාවෙන් සපයනවා.
Deleteහමුදා නිවහන හොඳයි
ReplyDeleteඔව්, හුඟක් දේවල් ගැන හිතා බැලුවහම
Deleteවැලිවේරියෙ සිද්ධියෙන් පස්සෙ මම නම් හමුදාව අමතකම කරලා දැම්මා නගේ ... පිරිසිදු වතුර ටිකක් ඉල්ලලා හඬා වැටෙන කොල්ලො ගල් ගහනකොට සද්ද නැතුව හිනාවෙලා අහක බලාගන්න නේ තිබුනේ ... අනිත් එක ඒ ගොල්ලන්ට හරියට වෙඩිල්ලක් තියගන්නත් බෑ .. ගල් ගහන එවුන්ට තියාපු වෙඩි වැදුනේ බස් හෝල්ට්වල බස් එකක් එනකම් හිටගෙන හිටපු අහිංසක කොල්ලන්ට ..
ReplyDelete:( ඒ අයට ලැබුණු අණ වෙන්න ඇති. කීප දෙනෙක්ගෙ වරදක් නිසා දහස් ගණනක් අමතක කරන්න වෙලා නේද?
Deleteනගේ, මම ඇත්තටම අදහස් කළේ වැලිවේරියෙ ගොයියලා දේශපාලන උසි ගැන්වීමකට චන්ඩි වෙලා හමුදාවට ගල් ගහලා වෙඩි කෑවට පස්සෙ තමයි 'පිපාසයට වතුර බිඳක් ඉල්ලා හඬා වැටෙන' අහිංසකයො උනේ. ගල් ගහපු එවුන් වෙඩි කෑවට පස්සෙ තමයි හෝල්ට් එකේ බස් එකක් එනකම් බලා හිටපු අය උනේ. ඒ දවස් වල පාරවල් බ්ලොක් කරලා වැලිවේරියෙ බස් යන්න දුන්නෙ නෑ.
Deleteඑතනට හමුදාවෙ පිරිසක් යවාපු එකේ නම් පොඩි වරදක් තියෙනවා. කුලු, පොලු ටිකක් දීලා පොලිසියෙ දහ පාලොස් දෙනෙක් යැව්වනම් ඔලු ගෙඩි හත අටක් පලලා වැඩේ ඉවරයක් කරන්න තිබුනා ...
අපේ අය බහුතරයකට දැන් මේ වීරයෝ අමතක වේගෙන යන්නෙ...තව අවුරුදු 10 ක් ගියාට පස්සෙ අහයි ලංකාවෙ යුද්ධයක් තිබුනද කියලත්...
ReplyDeleteදැන්මම එහෙම අමතක අය ඉන්නව!
Deleteකෑම බීම ටොයිලට් යන පහසුකම් හමුදා නිවහනෙන් ලැබුනු පලියට කුමාරලාගේ අනාගතේ සුරක්ෂිත වෙයිද..?
ReplyDeleteමේවගේ අය දකිද්දී මට එන ලොකු ගැටළුවක් තමයි මේ අයගේ ලිංගික අවශ්‍යතා ගැනත් කවුරු හරි සැලකිලිමත් වෙනවද කියන එක… විවාහවෙන්න ආදර සබඳතා පටන්ගන්න හැමෝටම වාසනාව නෑනේ…
හමුදා නිවහනෙන් පහසු ජීවිතයක් ලැබෙනවා ඇති. සාමාන්‍ය ජීවිතයක් කියන්නෙ ඒකම නෙවෙයිනෙ. මම විස්තර දන්නෙ නැහැ මේ අය වෙනුවෙන් සලසන පහසුකම් ගැන
Delete...!
ReplyDeleteඅහ් අපි කුමාරලා ගැන සින්දු ලිව්වා "හදවතින් අපි යුධබිමේ ඔබ තනිකලේ නැත කිසිදිනේ . . " ඒ සින්දු අහනකොට අත්පා නැති කුමාරලගේ පස්සවල් නිකම්ම හේදෙනවා . ..
ReplyDelete