අවුරුදු වසන්තයේ මගේ පංගුව.
"අද හවස එන්නම්." අක්කා කිව්වා. "නැත්නම් හෙට උදේට."
හවස ආවෙ නෑ. එහෙනම් හෙට උදේට එයි. මං හිතන්නෙ අක්කා කැවිලි හදනවා ඇති. අම්මට කැවිලි හදන්න අමාරු හින්දා අක්කා හදාගෙන එනවා අවුරුද්දට. කැවුම්, කොකිස්, කේක්, කිරි ටොෆි...
කිරි ටොෆි හදනකොට බටර් දාන්න ඉගැන්නුවෙ අක්කා. අක්කට කොහොමත් ඔය උයන පිහන වැඩ, මැහුම් ගෙතුම් වැඩ පුළුවන්. පොඩි කාලෙ, ඉස්කෝලෙ මැහුම්වලට දෙන එක එක ඒවා මහල දුන්නෙ අක්කා. මං කියලා නෙවෙයි. එයා ආසයි මහන්න. දෙකේ තුනේ පංතිවල ඉද්දිම එයාට හොඳට, පිළිවෙලට මහන්න පුළුවන්.
අක්කා දෙකේ ඉද්දි මං එකේ පන්තියෙ. ඒ දවස්වල අම්මා දවල්ට කන්න අපි දෙන්නට රොටී බාගෙ ගානෙ දෙනවා. මං මගෙ රොටී කෑල්ල කාලා, අක්කගෙ පන්තියට ගිහින්, විවේකෙ ඉවර වෙනකං එයා ළඟ ඉඳගෙන ඉන්නවා. අක්කා ඔය ගැන මතක් කළා අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා: "මෙයා ඒ දවස්වල, එයාගෙ රොටී බාගෙ ඉක්මණට කාලා ඇවිත්, මගෙ රොටීකෑල්ලෙනුත් බාගයක් කනවා!"
එහෙම එයාගෙ රොටී කෑල්ලෙන් බාගයක් කාපු බවක් මට මතක නෑ. මං හිතුවෙ අක්කා මට බාගයක් දෙනවා කියලා.
ආදරේට...
ආදරේ බලන්න තිබ්බා හැබැයි එයාගෙ කාමරේට මාවත් දැම්මහම. පොඩි කාලෙ මම නිදා ගත්තෙ අත්තම්මා හිටිය කාමරේ. අක්කට තනියම කාමරයක් හම්බෙලා තිබ්බා. පස්සෙ මාවත් ඒකට දැම්මා. මං හිතන්නෙ අම්මලා අදහස් කරේ කාමරේ අපි දෙන්නගෙම කියලා වෙන්න ඕන. ඒත් අක්කා හිටියෙ නිකං එයාගෙ දේශයට නීතිවිරෝධී සංක්‍රමිකයෙක් ආව ගානට. මගෙත් එක්ක යකා නැග්ග දවසට කියනවා, "ඔයාට අයිති ඇඳ විතරයි; කාමරේ බිමට අඩිය නොතියා කෙළින්ම දොර ගාවට පනින්න." කියලා.
බිම අඩිය ගෑවුණොත් යුද්ධෙ.
පස්සෙ පස්සෙ මමත් නිකං හිටියෙ නෑ; අතට අහු වෙන එකෙන් දමල ගහනව. මං කැහැටු නිසා ඈත ඉඳන් ප්‍රහාර දියත් කරනවා මිස, අතින් පයින් ගහ ගන්න අමාරුයි. එක දවසක් මම ලී කෑල්ලකින්ද කොහෙද දමල ගැහුව පාර, අක්කා මාව රවට්ටන්න බොරුවට සිහිය නැති වුණා වගේ වැටිලා හිටියා. මම කොච්චර බය වුණාද කිව්වොත්, බැරි වෙලාවත් අම්මලා ඒ හරියෙන් ගියොත් නොපෙනෙන්න, දොර රෙද්ද ඇදලා කාමරේ වහලා දැම්මා. පස්සෙ අක්කා පාඩුවෙ නැගිට්ටා.
එදා එහෙම පාඩුවෙ නැගිට්ටට, පස්සෙ දවසක අක්කා මට වරදට දඬුවම් ලබා දුන්නා. ඒක වුණේ මෙහෙම.
ඒ දවස්වල අපි දෙන්නම පිස්සො වගේ පොත් කියවනවා. නිදාගන්න ඇඳට ගියාට පස්සෙ, රෑට රෑ වෙනකල් අපි පොත් කියවනවා. අම්මලගෙනුත් තහංචියක් තිබ්බෙ නෑ. කාමරේ ලයිට් එක දාලා. ජනේලෙ ඇරලා.
නිදියන වෙලාවට ලයිට් එකයි ජනේලෙයි වහන්න ඕන.
මං ප්‍රජාතන්ත්‍රවාදී මනුස්සයා. මං හිතන්නෙ, මං මගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ජනේලෙ වහනවනං, අක්කා එයාගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ලයිට් ස්විච් එක නිවන්න ඕන.
අක්කගෙ බුද්ධිය නහරයක් නහරයක් ගානෙ. මං පොත වහලා, ඇඳෙන් බැහැලා ගිහින්, ජනේලෙ වහලා හැරිලා බලනකොට, ඒ වෙනකං පොත බල බල හිටිය අක්කා, ඒක වහලා දාලා, පෙරවගෙන බුදි!
මං අසාධාරනයට විරුද්ධව හඬ නැගුවොත් එයා කියන්නෙ, "මං කලින් නිදියගත්තෙ; ඔයා පහුවෙලා නිදියන හින්දා, ලයිට් එකත් ඔයා ඕෆ් කරන්න ඕන."
ඒ උත්තරේ හරි හම්බෙන්නෙ ඉඳහිට. සාමාන්‍යයෙන් මං කියන ඒවා ඇහෙන්නෙවත් නෑ; එයා "නිදි". මට වැඩිය ප්‍රශ්න කරන්නත් බෑ. රෑ ඇහැරගෙන පොත් කියවනවට විරුද්ධ නැති වුණාට, රෑට බෙරිහන් දෙනවට අම්මලා තදින් විරුද්ධයි.
එක දවසක් මට කොච්චර යකා වැහුණද කිව්වොත්, මං අසාධාරනයට එරෙහිව නැගී සිටියා- අක්කගෙ ඇඳට; නැගලා, අක්කව පාගගෙන ගිහිල්ලා බිමට පැනලා ගිහින් ලයිට් එක නිව්වා.
අක්කා නේද? බෙරිහන් දිදී අඬන්න පටන් ගත්තා.
එතනින් එහාට මගේ තත්වය හුඟක් ශෝචනීයයි.
ඒත් හැමදාම එහෙම ශෝචනීය නෑ. සමහර දවස්වලට අක්කයි මමයි රෑ වෙනකං කුටු කුටු ගගා කතා කර කර ඉන්නවා. කතාව කුටු කුටු වුණාට, හිනාව කිසි කිසි. අම්මලා කාමරේ ඉඳන් බනිනවා. අක්කා කියනවා, ලයිට් ඕෆ් කරාට පස්සෙ, එයා සුරංගනාවියක් වෙනවලු; ඊට පස්සෙ එයා සුරංගනා සමාජෙට යනවලු; ඊට පස්සෙ එහෙ විස්තර වර්ණනා.
මං ඊට දෙවෙනි වෙයිද? මං කියනවා, මමත් සුරංගනාවියක් වෙලා, සුරංගනා සමාජෙට යනවා. හැමදාම. ඇත්තද ඈ?
අක්කට ඕක හරියටම හගිස්සවන්න ඕන නිසා, අක්කට සුරංගනා සමාජෙදි හම්බෙන අයව, මටත් හම්බෙන බව කියනවා. මං බොරු කියන බවට පොඩි හරි සැකයක් ඇති නොවෙන්න, සුරංගනා ලෝකෙදි සිද්ද වෙන ජාති රස කර කර කියනවා.
වෙලාවකට අක්කට මගෙ කියවිල්ල ඇති වෙලා කියනවා, "හා, හා. ගුඩ් නයිට්!"
මං උත්තර දෙනවා, "මුවා, මුවා, ගුඩ් නයිට්."
ඒ දවස්වල අපි ගුඩ් නයිට් කියන්නෙ "දැන් ඇති, නිදියමු" කියන්න.
දැන් ඇති. මම නිදියන්න ඕන. අක්කා හෙට කැවිලි හදාගෙන එයි.
බලන් යනකොට අක්කලා ඔක්කොමල්ලා එකයි බොලල්ලා.. පුංචි අපට වද දෙන්ටම උපන් ජාතියක්.. :-O
ReplyDeleteඔව් අප්පා. :( අසරණ අපි.
Deleteඔහොම වලි දැනටත් අපේ ගෙදර , තව ලොකු වෙනකොට තව වැඩි වෙයි
ReplyDelete:D ඔව් ඔව්. අවුරුදු 16-17ක් වෙනකම් එහෙම තමා. වලි ලෝකයක්. අපේ අම්මලටත් එපා වෙලා ඉන්න ඇත්තෙ.
Deleteඇති යම්තම් මෙහෙම හරො බ්ලොග් එකක් මතක් වුනා...!
ReplyDeleteමේ ඔයාගේ ඔය අක්ක අරන් එන කෑම වල වැලිතලපා, පොල් කේක් ආස්මී වගේ එව්වා නෑ නේද?
එහෙනම් ඕනේ එකක්...
මම පොඩි කාලේ හැම එකම මට කියන හැඟීම තිබුනා මිසක් ඔය වගේ කලා කියලා නම් හරියට මතක නෑ. අපේ ගෙදර මිනිස්සුත් යුද්ධ ප්‍රකාශ කරන්නම කලින් මට අයිතිවාසිකම් සාධාරණ හෝ අසාධාරණ කියලා නොබලා දෙන්න ඇති.
නලිනිට සුභ අලුත් අවුරුද්දක් එහෙනම්....
රංගි බාලයනෙ. ඒ හින්දා කොහොමත් වැඩියෙන් හුරතල් කරන්න ඇති.
Deleteසමහරවිට වැලිතලපත් තියෙයි. :D තාම ආවෙ නෑ. අය්යගෙන් කෝල් එකක් එනකම් ඉන්නවලු. අය්යා මේ දවස්වල පිටරට ගිහින්.
රංගිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.
රොටියෙන් හතරෙන් තුනක්ම කාලා... ඒකද ප්‍රජාතන්තරේ කියන්නේ.. :D :D :D
ReplyDelete:( ඒක නෙවෙයිද? ඒ දවස්වල මං පොඩියි; අක්කා ලොකුයි. ඒ හින්දා, මට වැඩියෙන් හම්බෙන්න ඕන නැද්ද?
Deleteආ ඔව් දැන් යන ක්‍රමේ හැටියට ගත්තොත්නං ඒකත් හරි වගේ තමා... :D
Deleteහහ් හහ් හා...මෙහෙමත් නගාලා....!
ReplyDeleteඅපේ නගාත් කොකු දාගන්නේ මාත් එක්ක තමයි වැඩි පුරම.... මට ඩබල් ගේම් දීලා හයියෙන් අඬාගෙන අම්මා ගාවට දුවනවා.... අම්මා හිතන්නේ මම නංගිට ගහලා තමයි කියලා අම්මා මට පොල් කටු හැඳි මිටෙන් ගහනවා.......! එතකොට අරකි සිරික්කිය දාගෙන දුවනවා.....!
පොඩි කාලේ දේවල් මතක් කර කර කිනා වෙන එක කොච්චර ජොලිද......!
ඒකනෙ. අපේ අක්කත් පොඩ්ඩ එහා මෙහා වෙද්දි අඬලා, 'අහිංසක ළමයා' ලේබල් එක දාගන්නවා. මම මාට්ටු.
Deleteස්තුතියි දුමී. මොනව හරි ඩිංගක් ලියන්න මතක් කළාට. :)
හොඳ වෙලාවට අපිට අක්කල හිටියෙ නැත්තෙ. :D
ReplyDeleteකැවුම්, කොකිස් අච්චාරු එහෙමනං ඊයෙම හම්බඋනා නැන්දම්මගෙන්.
කාලෙකට පස්සෙ
සුබ වසන්තයක් වේවා !
:D කාලෙකට පස්සෙ. සුභ වසන්තයක් වේවා පවුලේ සැමටම
Deleteමට නම් අක්කලා නෑ නංගී කෙනෙක් හිටියේ.. ඒ කාළේ එයා තමයි අපේ ගෙදර ගෘහ මූලික.. දැන් නම් හාමිනා.. බොරුවට ළිපි ලේඛන වලට විතරක් අස්සන් කොරනවා.. ඒත් බලපෑමට..
ReplyDelete:D නංගිලානම් හරීඊඊඊඊ හොඳයි!
Deleteඅම්මෝ මටත් අක්කල දෙන්නයි නංගියි .. පොඩි එකීනම් යටහත් හැබැයි ලොක්කියෝ ඔක්කොම අම්මාගෙ බලතල පාවිච්චි කලා. තාමත් එව්වා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා.
ReplyDeleteඅම්මෝ ඇති ,..මේ අවුරුද්දට ඔයා එකක් ලිව්වා.
අපෙත් අක්කට අප්පච්චි වැඩිපුර ආදරෙයි. පවුලෙ පළවෙනි කෙල්ලනෙ. ඒ බලතල තමා තිබ්බෙ.
Deleteදුමීලගෙ උනන්දු කරවීමට. දැන් ලියන හුරුව ගිහින්
ලියැවිල්ල මරු............ දිගට ම ලියනවානම් තවත් මරු
ReplyDelete:D ස්තුතියි. ඉස්සර දිගට ලිව්ව කාලයක් තිබුණා. දැන් ඇංග්‍රි බර්ඩ්වලට කාලය වැය වෙනවා වැඩි!
Deleteආහ් කියන්න අමතක උනා සිදූ.... බොහොම ස්තූතියි වසන්තයට මල් පීදුවට..........!
ReplyDeleteදුමීලට ස්තුතියි මෙහෙම කට්ටියව උනන්දු කරවනවට
Deleteසිඳූ..? ඇහ්.. යකෝ දුමී අයියා කොයි පැත්තෙන්ද අද නැගිට්ටේ...? :D :D :D
Deleteඅවුරුද්ද කලින්ම සමරලා දුමී. :D
Deleteහුටා....! මේ දොස්තර නෝනලා දෙන්නව පැටලුනානේ.....!
Deleteමමත් මේ කමෙන්ට් එක කලින් දැක්කනෙ. දැනුයි මීටර් වුණේ මම ගැනයි මේ තියෙන්නෙ කියල........ :D
Deleteඅපේ බ්ලොග් දර්ශකේටත් මේ බ්ලොග් එක ඇතුල් කරන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ අපට බ්ලොග් ලින්ක් එක මේල් කරන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
හරි
Deleteඅක්කලා සහ නංගිලා ගැන කතා නම් සේරම එකයි වගේ. ඒත් මම හිතන්නෙ අක්කා අහිංසකයි. නංගිලා සේරම ලෝකෙ කාලා වතුර බීපු කට්ටිය
ReplyDeleteසිඳු ෂුවර් එකට අක්කෙක්!
Deleteඌරො කැකුණ තලත්දි හබන්ස්ලට ජය මඟුල්ලු :D
Deleteහබන්ස්ල කවුද? අය්යල මල්ලිලද? අපෝ, එපාම කරපු ජාතිය! :P
Deleteඅක්කලා හැමෝම එකයි..නංගිලා තමයි පවු...(සිඳු ට හොරෙන්)
Delete:D
Delete"අපිළිවෙලට" "මහන්නට" නොහැක!!!!
ReplyDeleteතිස්ස අය්යා මං මහන ඒවා දැකලා නෑ. ඔය අක්කයි, ඉස්කෝලෙ මැඩම්නුයි මහල දුන්නු මැහුම්වල, මං ගැහුව මැහුම් පාරවල් කීපෙ කැපී පෙනේ. :D
Delete//මං පොත වහලා, ඇඳෙන් බැහැලා ගිහින්, ජනේලෙ වහලා හැරිලා බලනකොට, ඒ වෙනකං පොත බල බල හිටිය අක්කා, ඒක වහලා දාලා, පෙරවගෙන බුදි!//
ReplyDeleteඅපේ නංගිත් ඔහොම්මමයි. පැය ගානක් ඉදිරිය ප්ලෑන් කරගෙනමයි ඉන්නේ.
අහිංසක නංගි!
Deleteමටනම් පේන්නෙ අක්කට වඩා නන්ගි වසයි වගේ.අක්කල නන්ගිල කොච්චර රන්ඩු දබර උනත් ඒ බැදීම හරි පුදුමයි.
Deleteම්හු. අක්කා දරුණුයි. :D ගිම් අක්කෙක්ද කොහෙද. :P
Deleteඔව්, සහෝදරියො අතරෙ එක්තරා විදිහක අපූරු බැඳීමක් ඇති වෙනවා. පොඩි කාලෙදි රන්ඩු වුණාට
හෙහ් හෙහ්... අපේ පොඩි කාලෙ වැඩක් මතක් උනා.
ReplyDeleteඅපේ ගෙදර හතරදෙනා ඉස්සර නිදියන්නෙ එක විසාල ඇඳක හරහට. ඉතින් එක්කෙනෙක් රෑට ඇඳ හදනව, ඒකියන්නෙ පොරවන රෙදි, කොට්ට අරගෙන ඇවිත් නිසි තැන් වලින් තියනව. අනික් එක්කෙනා නෙට් එක දානව. මේ විදිහටම උදේට එක්කෙනෙක් නෙට් එක අස් කරනව, තව එක්කෙනෙක් ඇඳ හදනව ( රෙදි නමල, කොට්ට එක්ක අදාල තැනින් ගිහින් තියනව - මොකද කොට්ටයි පොරෝන රෙදියි ඇඳේ නෙමෙයි තිබ්බෙ දවාලට ).
ඉතින් මම ලොකු එකා නිසා නිෂේධ බලය දාල අර ගන්න ට්‍රයි කරන්නෙම රෑට ඇඳ හදන්න, ඒත් ඒක අම්මගෙ නිෂේධ බලය දාල බාලය වෙච්චි නංගිට දීල නිසා, හැමදාම මගෙ රාජකාරිය උදේට නෙට් එක ගැලවීම.
උදේට ඇඳ හැදීම හෙවත් අමාරුම වැඩේ ඕන දෙයක් නිස්සද්දව අදටත් කරන පොඩී නොහොත් දෙවනියට.
ස්තූතියි වසන්තයට එකතු උනාට!
අර දැක්කද, පළවෙනියොයි බාලයොයි ලේසි වැඩ කරල බේරෙද්දි, මැදින් ඉන්න අසරණයො තැලෙන හැටි? අපේ ගෙදරත් ඔහොමමයි.
Deleteඅපි පුංචිම කාලෙදි, අප්පච්චිගෙ ක්වාටර්ස්වල ඉද්දි, ඔය ඉන්දිකලගෙ ගෙදර වගේ තමා- කට්ටියම නිදියන්නෙ එකට ළං කරලා තිබ්බ ඇඳන් තුනක. ඔය කාලෙදි මම ඇඳ තෙමනවා. ඉතින් අනික් අය ඒකට විහිළු කරනව මිස, බනින්නෙ එහෙම නෑ, මං ඉස්කෝලෙවත් යන්නැති පොඩි එකා නිසා. හැබැයි මමත් බොහොම උනන්දුයි කාරණාව ගැන. උදේට නැගිටලා, මම ඇඳ යටට එබිලා බලනවා කුංකුනාවෙ තත්වෙ.
එහෙ පොළොව එක මට්ටමෙ නෙවෙයි. ඉතින් උස් තැන්වල සිට පහත් තැන්වලට ජලය ගලාගන යනවා. මම හොඳට තැන බලලා, ඊට සමපාත වෙන ඇඳේ තැන බලලා, එක දවසක් දුවගෙන ගියා අප්පච්චිගෙ ඔෆිස් එකට; දොර ළඟ ඉඳන්ම කෑ ගැහුවා, "ඔන්න අදනං මං නෙවෙයි චූ දාල තියෙන්නෙ, අප්පච්චි" කියල. :D
ඉන්දිකට ස්තුතියි මාව ගෲප් එකට එක් කළාට.
අවුරුදුම එන්න ඕනා මෙයාලව දකින්න,,මට නම් අක්කලා නෑ පර්ස් එකට විදින නගෙක් ඉන්නෙ,,සුභ අලුත් අවුර්ද්දක් වේවා
ReplyDeleteඔව්, හුඟක් කාලෙකින්.
Deleteඅන්න නංගිලා! :D
සුභ අලුත් අවුරුද්දක් වේවා!
අර බිමට අඩිය නොතියා ඇඳෙන් පැනපං කියන භෞමික අඛණ්ඩතා ආකල්පය අක්ක ලඟ දැන් නෑ නේද නලිනි?
ReplyDeleteඒකනං නෑ මං හිතන්නෙ. හැබැයි අවුරුද්දට ඇවිත් ඉන්න වෙලේ අක්කගෙ දුව කියනවා, දැනුත් රෑට පොත් කියව කියව ඉන්නවලු දුවයි අක්කයි. ලයිට් ඕෆ් කරන්න සෙට් වේගෙන එද්දි, දුව ටාර් ගාල නිදි පාට් එක දානවලු. අක්කට ලයිට් ඕෆ් කරන්න වෙනවලු. ළඟදි දවසක අක්කට ඕකට තරහ ගිහින් දුවට එකක් ගහගෙන ගියාලු. :D මං හිතන්නෙ එයාට දැන් මගේ ඒ කාලෙ ආකල්පෙ තේරෙනවා!
Deleteඅක්කලා නංගිලා ගැන නොදනිමි...ඒ වර්ගය අපේ පවුලේ නැති නිසා. මම හිතාන උන්නෙ අයියලා මල්ලිලා තමයි මරාගන්නෙ අක්කලා නංගිලා සාමයෙන් ඇති කියලා..මම නම් මලයා පොඩි කාලෙ උගෙ ඔලුව පැලුවා...ඒකට රිටර්න් එක විදියට මලයා මගෙ ඇහැට යටින් උල් කරපු පැන්සලකින් ඇන්නා...අදටත් මිනිරන් තුඩ ඇහැට යටින් හම ඇතුලෙ.
ReplyDeleteඅපොයි! අම්මලාට ලේසි වෙන්න නැතුව ඇති මේ අය්යලා මල්ලිලා ආබාධිත නොවී ලොකු කරගන්න එක..
Deleteඅපේ අක්ක ගැන ලියන්න ඕන කියල මාත් ඉන්නේ. හැමදාම අක්කගේ අල්මාරිය දිහා බලල එන්නේ මෙවර නම් රෙදි ලස්සනට අඩුක් කරන්න හිතාගෙන. කොහෙද මේගොල්ල බ්ලොග් වසන්තයක් දාගෙන ලියපුවා කියෝන නිසා රෙදි ගොඩවල් අස් කරන්න වෙලාවක්.
ReplyDeleteමේ කතාව මමයි අක්කගෙයි කතාවම තමයි. ඒ වගේම අපේ කෙල්ලෝ දෙන්නගෙත් කතාව.
අපිට තව පැය තුන හතරක් වත් තිබ්බ නම් තව කතා කරන්න තිබ්බනේ. ඇඳුම් ගන්නත් එක්කලානේ ආවේ. හැබැයි අන්තිමට පැරඩයිස් එකෙන් පොල්කටු හැඳි දෙමක් විතරයි අරන් ගියේ. ගෙදර අය ඇහුවා කෝ ගත්ත එව්වා කියලා. අපේ අම්ම ළමයි එක්ක කිව්වාලු ඔය යාළුවො එක්ක කෝච්චියක් වගේ කියව කියව ඉන්න ඇති කියලා.
පොඩි මට කේලම කිව්වේ
" ආච්චි අම්මට ට්‍රේරේන් එකක් කිව්වා" කියල
:( මට ෂොපිං එන්න විදිහක් තිබ්බෙ නෑනෙ. නැත්නම් දවසම ඇවිද ඇවිද කියවන්න තිබුණා.
Deleteඅක්කා ගැන ලියන්නකෝ. බින්දි වරින් වර අක්කා ගැන මතක් කරලා තියෙනවා. හැබැයි දිගට ලිව්ව සටහනක් දැක්ක වගක් මතක නැහැ. මට පේන්නේ අක්කා ආදර්ශමත් ගෑණු දරුවෙක්- ටිකක් අපෙ අක්කා වගෙ. :D
සයිබර යායෙන් මේ පැත්තට පාර හොයා ගත්තේ.
ReplyDeleteඕවා කරන්න මට අක්කෙක් හිටියේ නෑනේ :-(
:( අක්කෙක්/ නංගියෙක් හිටියනම් වෙනස් විදිහක අත්දැකීම් ගොඩක් හම්බෙනවා. අනික් අතට, එකම දුවනම්, ලොකු ආදරයක් මැද්දෙ හැදෙන්න ඇතිනෙ.
Deleteඑකම දුව වුනා නම් ශෝක්.. එත් ඉතින් අක්කටයි නංගිටයි දෙන්නටම හරියන්න මල්ලි කෙනෙක් ඉන්නවනේ.. :-(
Deleteඔය දෙන්න ලඟ ලඟ වයසේ නිසා පුංචි කාලේ ලස්සනට තියෙන්නේ ඇති. වයස් පරතරය ටිකක් වැඩි උනානම් කාලයක් එනව අක්ක 'ලොකු' හා නංගි ගොඩක් පුංචි.. ඒ ගැප් එක මග ඇරෙන්න ආයි ගොඩාක් කල් යනව.. අපූරුවට ගොනු කරල තියෙනව පුංචි කාලේ මතක.. අහ්! කියන්න අමතක උනා.. වසන්තයේ පිටුවෙන් පාර හොයන් ආවේ.. සිත් ආර මගේ කලා හිතට එක කර ගත්තා.. ජය ශ්‍රී!
ReplyDeleteඔව්, අක්කයි මමයි අවුරුදු එකහමාරකටත් අඩු පරතරයක් තියෙන්නෙ. ඒ නිසා හුඟක් කිට්ටුයි. පුංචි කාලෙදි ළමයි එක ළඟ වයස්වල වුණහම, ඒ අය අතරෙ බැඳීමත් වැඩියි, වැඩිහිටියන්ට ඒ අයව බලන්නත් ලේසියි කියලා මට හිතෙනවා.
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට.
ගොඩක් කාලෙකින්!
ReplyDeleteමට නම් අක්කලා නංගිල නෑ, අයියා කෙනෙක් විතරයි. අයියලා මල්ලිලා යුද්දෙත් ඔය වගේම තමා
:D ටිකක් වයස් පරතරය අඩු වුණහම, එහෙම තමා. රන්ඩු වෙද්දි රන්ඩුත් එහෙමයි; අනික් අතට එකිනෙකාට ලැදියාවත් එහෙමයි.
Deleteනලිනි අක්කව ඉස්සර ඉඳලම කමෙන්ට් වලින් දැකල තිබ්බට මගේ බ්ලොග් රෝලේ ඔයා ඉඳල නැහැ.
ReplyDeleteඅද තමයි එක්කාසු කර ගත්තේ.
මටනම් එකෙක් නෙමෙයි අක්කලම තුන් දෙනෙක්, ඉතින් හිතන්නකෝ ටොපිය.
උන්ට මගේ දේවල් හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ.
මම නමය දහය පන්ති වලට ආවට පස්සේ මගේ දිනපොත් හොරෙන් බලනවා වගේ දෙකයි පනහේ වැඩත් උන් කලා.
මම ඒවා පොඩි පෙට්ටියකට දාල ඉබ්බෙක් දාල ලොක් කරලා තිබ්බත් මුන් ඉබ්බා කඩල හරි ඩයරි හොරෙන් බලනවා.
පස්සේ අම්මට කියල ලාච්චු තියෙන යකඩ මේසයක් ගෙනල්ල තමයි ගේම ගොඩ දා ගත්තේ...
අක්කලනම් ඕනෙම නැහැ... උන්ව හොඳයි අකුණු ගගහ වහින වෙලාවට බෙල්ලේ යකඩ ඇණ ටිකක් එල්ලලා එළියට දාන්න
මලයෙක් ඉන්නවා ඌගෙන් නම් කිසි කරදරයක් නැහැ ඒ දවස් වල, ඒත් දැන් ඌත් කේස්.
ඌ දැන් දැන් ගමට වෙලා මොකක් හරි කචල් එකක් දා ගන්නවා හැමදාම වගේ...
අපොයි, අක්කලා නෙවෙයි තනිකර පොලිස් දෙපාර්තමේන්තුවක්නෙ.
Delete//අක්කලනම් ඕනෙම නැහැ... උන්ව හොඳයි අකුණු ගගහ වහින වෙලාවට බෙල්ලේ යකඩ ඇණ ටිකක් එල්ලලා එළියට දාන්න// :v
අක්කලා මල්ලි ගැන ඒ විදිහට හොයන්නෙ නෑ වගෙ. නැත්නම් කචල් දාගන්න ඉස්සරින් ඒවා දැනගන්න එපායැ
අපේ ගෙදර සිද්ධියමයි එහෙනම් වෙලා තියෙන්නේ... මං අක්කා නිසා මට වාසි වැඩියි. ඉස්සර අම්මා අප්පච්චි එනකම් පොඩි දෙන්නව ෂේප් එකේ තියා ගන්න තියෙන සෙල්ලම්බඩුම කොලේකින් ඔතලා, පෙන්වනවා හොඳටම හිටි කෙනාට දෙනවා කියලා... දෙන්නම ඉඳගෙන ඉන්නවා කිසිම දැඟලිල්ලක් නැතිව. හැබැයි , අම්මලා ආවම තෑගි ලැබුනම තමයි දෙන්නට අහුවෙන්නේ පරණ සෙල්ලම්බඩුම ඔතලා දීලා කියලා.
ReplyDelete:D නංගිලා පව්. හැබැයි ඔයා හොඳ අක්කාකෙනෙක් වගෙ- අර ඉන්නෙ දෙවැනි මව් වර්ගයෙ.
Deleteහුඟ දවසකින් ලොග් වුණේ. අදයි දැක්කෙ ඔයා කමෙන්ට් කරලා තිබුණු විත්තිය.