මට කොහොමත් නම් මතක හිටින්නෙ නෑ. මූණුනම් මතක හිටිනවා.
ඒ කිව්වෙ, නිකම් දැකලා පුරුදුයි පුරුදුයි වගේ....
සාමාන්‍යයෙන් ඔහොම නම් මතක නැති අයට "සුදෝ, ඩියර්, අනේ මෙයා, නංගි, බබෝ" වගේ වචනයක් පාවිච්චි කරන එක තමයි මගෙ පුරුද්ද. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
දැනට අවුරුදු දෙකතුනකට ඉහතදි ඉස්පිරිතාලෙ අපේ ආපන ශාලාවෙදි එක්තරා පුද්ගලයෙක් මගෙ ළඟටම ඇවිත් නම කියලා කතා කළා.
නැවතිල්ලෙ...
වැදගත් විදිහට...
බොහෝම හිතවත් කටහඬකින්....
පිළිවෙලකට ටයි පටියක් එහෙම දාලා, මැදපු ලා පැහැ කමිසයක් ඇඳලා...
කොණ්ඩෙ පීරලා...
හොඳින් මැදපු සපත්තු දාලා...
තැන්පත් පෙණුමක් ගෙන දෙන විදිහෙ උපැස් යුවලක් පළඳලා...
කෙස් පැහිලා...
එහෙම සීලාචාර එකෙක් මං ආස්සරේ කරනවා වෙන්ඩ බෑ.
ඒත් මූණ හොඳටම දැකලා පුරුදුයි. අනේ... මං කොහෙදි හරි දැකලම තියෙනවා.
මතක නෑ.
මනුස්සයා කතා කරන විදිහට "ඒ කාලෙ" මමත් බොහොම හිතවත්ව හිටියා වෙන්නට ඕන.
ඉතින් මමත් ඇරියෙ නෑ. නිකං පණ දෙන්ඩ වගේ කතා කරා. එහෙම නැතුව පුළුවනෑ, මෙච්චර මාව අඳුනන මනුස්සයට? හැබැයි ටිකක් අරපරිස්සමෙන්. මොකද, කොහෙදිද දන්නෑනෙ මෙයාට මාව හම්බෙලා තියෙන්නෙ.
ඒ කාලෙ මම වලිද දන්නෙත් නෑනෙ, මෙයා මෙහෙම වුණාට...
කතා කරන අතරතුරේ මම දහ අතේ කල්පනා කළා මේ කවුද කියලා. ම්හු.
නරකම වැඩේ, පෙණුමෙ හැටියට කොහෙත්ම "සුදෝ, ඩියර්, අනේ මෙයා, බබෝ" ගතියක් නෑ. ඒ හින්දා ආමන්ත්‍රණ පදයක් යොදන්නටත් විදිහක් නෑ.
අනික් ප්‍රශ්නෙ, හැසිරීමෙ හැටියට මට හිතුණා මනුස්සයා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නට ඕන කියලා. මොකද, ඔහොම තැන්පත්ව, පිළිවෙලට ඉන්නට හේතුවක් නෑ අපි වගේ හාල් කෑලිවලට. ඒත් සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරු එන්නෙ නෑ මේ ආපන ශාලාවට- ඒගොල්ලන්ට පින නෑ. එයාලට තියෙනවා වෙනම එකක්. ඒකෙ එක පැත්තක, ගෙවල්වල සාලෙ තියෙන ජාතියෙ පුටු පෙළක්; අනික් පැත්තෙ දිග කෑම මේසයක්; සාත්තු කරන්ඩ හිතට අර ගත්තු සේවකයෙක්. ඕකෙ තියාගෙන හැබෑට ඒ ගොල්ලො මොනවා කනවද මන්දා...
හැබැයි පිටරට ඉඳලා ආව ගමන් කට්ටිය, එහෙම නැත්නම් පිට පළාතක රස්සාව කරන ගමන් හදිසියෙ අමාත්‍යාංශෙට ආපු අය එහෙමනම් මේකට එනවා.
මේ එහෙම කෙනෙක්ද? ඒ වගේ.
හැසිරීමෙ හැටියට.
මනුස්සයා කාලා ඉවර වෙලා, වතුර බීලා, සාක්කුවෙන් ලේන්සුවක් අරගෙන පරිස්සමට කට වටේ මාත්තු කරනවා.
නෑ මං අහන්නෙ, දෙවියන් වහන්සෙ, උන්වහන්සෙගෙ කරුණා මහිමයට පින් සිද්ද වෙන්ඩ, අපිට දිවක් දීලා තියෙන්නෙ අහවල් එකටද?
කොහොම හරි, එදායින් ඒක ඉවර.......
වුණේ නෑ.
ඊට පස්සෙ ආයෙ ආයෙමත් මට ආපන ශාලාවෙදි ඔහුව හමු වුණා. හැමදාම ඔහු බොහෝම හිතවත්කමින් නම කියලම කතා කරනවා. මම කකා ඉන්නවනම් ඇවිත්, බොහෝම නිහතමානීව, ළඟ පුටුවෙ වාඩි වෙලා ආ ගිය විස්තර කතා කරනවා: ඉතින් දැන් කොහෙද, කිම්ද ,මන්ද?
අර හුරුපුරුදු හිතවත් කටහඬින්.
ඇත්තමයි. ජීවිතේට කවුරුත් එච්චර හිතවත්කමින් මාව ආමන්ත්‍රණය කරලා නැහැ. හදවතින්ම එන පිරිසිදු හිතවත්කමක්.
මුල්ම දවසෙ අමතක බව කියලා, කවුද කියලත් අහගත්තනම් කෙළවරයි. දැන් අහන්නෙ කොහොමද?
ඉතින් මම දැන් හැමදාම ගරු රඟපෑම: එයා කතා බහ කරන ඌරුවට උචිත පරිදි, බොහොම විනීත අයුරින්, ඇඹරිලා, ලැජ්ජා වෙලා, සුවිනීත ලාලනී, කෝමළ මන්ද්‍ර ස්වරයෙන්....
දවසක්ද, දෙකක්ද? ඒ ආපන ශාලාවට ගියොත් මනුස්සයා එතන.
උදේද, දවල්ද, හවසද? මනුස්සයා එතන.
ඉංග්‍රීසියෙන් 'කරුමෙ' කියලා කියන්නෙ ඕකට තමයි. අර මුල්ම දවසෙ ඇත්ත පිළිගන්නට මැළි වුණු හින්දා දැන් හැමදාම අපහසුතාවයට ලක් වන්නට වෙලා.
ඉදින් දින, සති, මාස, අවුරුදු ගෙවීමෙන් ඉක්බිති මේ සතිය උදා විය.
ඊයෙ උදෙත් සුපුරුදු පරිදි රජ බොජුන් වැළඳීම පිණිස මම ආපන ශාලාවට ගියෙමි කියමුකො.
මනුස්සයා එතන.
ඉතින් කොහොමද, කිම්ද, මන්ද?
මම මේ දවස්වල අධ්‍යාපන කටයුත්තක්නෙ. බලනකොට මම මේ දවස්වල ඉන්න තැනට අල්ලපු වැටේ මනුස්සයා ඉන්නෙ. විශේෂ පරීක්ෂණ වගයක් කෙරෙන ඒකකයක්.
"ඔයාලට කලින් බැච් එකේ නේද පුෂ්පිකා හිටියෙ? එයාලා ආවා පරීක්ෂණ බලන්න. බලලා අත්සන් කරවගෙන ගියා. ඔයාලට එහෙම තියෙනවා නේද?"
මගෙ අධ්‍යාපනික උනන්දුව කෙසේද යත්, එහෙම එකක් බලලා අත්සන් කරව ගන්න තියෙන බවක් මම දැනං හිටියෙ නෑ. හොඳ වෙලාවට මේ රත්තරං මනුස්සයා හම්බුණේ.
දැන්නම් මට හොඳටම විශ්වාසයි මේ විශේෂඥ වෛද්‍යවරයෙක් බව. මොකද, අත්සන් කරව ගන්න තියෙන කතාවකුත් කිව්වනෙ. සාමාන්‍යයෙන් අපිට අත්සන් කරවගන්න තියෙන්නෙ විශේෂඥ වෛද්‍යවරුන් ලවා තමයි. (නැත්නම් ඉතින් අපිම ඕක අත්සන් කර ගන්නවනෙ.)
එහෙම බලද්දි මේ මනුස්සයා මොන තරම් නිහතමානීද?
චැහ්. එහෙම වෙලත් මට නම මතක නෑනෙ.
ඊයෙ දවල් මට පුෂ්පිකා හම්බුණා. මොකක්දෝ හේතුවකට හෝ අහේතුවකට, එයත් මතක් කළා ඔය කාරණාවම.
"ඔතන ඉන්න අතරෙ අහවල් තැනට ගිහින් පරීක්ෂණ බලලා අත්සන් කරව ගන්ඩ. අහවල් සර් ඉන්නෙ. හරි හොඳයි."
මමත් දැන් දන්නවා වගේ කතාව.
"අහවල් සර් කිව්වෙ, ටිකක් කළු, තැන්පත් පාට..."
"ඔව්, ඔව්, කොණ්ඩෙ ටිකක් පැහිලා... හරි හොඳයි."
"ආ, එයාව මං දන්නවනෙ. හරි හොඳයි තමයි. යන්ඩ ඕන."
ඉදින් තත්පර, විනාඩි, පැය ගත වීමෙන් ඉක්බිති අද උදා විය.
ඇයි අද උදා වුණේ? මම කොහොමත් කැමති නෑ එළි වෙනවට.
විශේෂයෙන් උදේට.
විශේෂයෙන් අද උදේට.
ආපන ශාලාවට ගිහින් පාං කාලක් උස්සගෙන මේසෙට වාඩි වුණහම, මෙන්න ටිකකින් දෙන්නෙක් ඇවිත් වාඩි වුණා.
ඔළුව උස්සලා බැලුවහම මෙන්න ඉන්නවා මූණ ඉස්සරහම.
මම දනිමි. දැන් මම දනිමි. මම සැක කළෙමි, මම දැන ගතිමි.
සුභ පැතීම්වලින් ඉක්බිති, ඔන්න මම පිළිවෙලකට කනවා.
ඒ දෙන්නා කතාව. පොතක් අරන් දෙන්න, මම අඳුනන අහිංසක විශේෂඥ වෛද්‍යවරයෙකුට. මමත් කතාවට සම්බන්ධ වුණා.
දැන් ඉතින් මම හිත ඇතුළෙන් අවස්ථා සම්බන්ධය ගලපනවා: මම ඒ අංශයෙ වැඩ කරන දවස්වල, මෙයා එතන ඉන්න ඇති; ඊට පස්සෙ විභාග සමත් වෙලා යන්න ඇති; ඊට පස්සෙ මෙයත් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා මෙහාටම එන්න ඇති; මේ අයුරින් සංසාරේ ආයෙත් අපි හමු වෙන්න ඇති.....
දැන් ඉතින් බය වෙන්ඩ දෙයක් ඇතෑ. මෙච්චර කල් මේ වැදගත් මනුස්සයාට ආමන්ත්‍රණ පදයක් නැතුව අසරණ වෙලා හිටපු මම දැන් කට පුරා "සර්" කියලා කතාව. ඒ කාලෙ අය්යා කිව්වා වුණත් කමක් නැහැ.
මනුස්සයා කාලා නැගිට්ටා. සුපුරුදු පරිදි ලේන්සුව අරන් කට වටේ තෙත මාත්තු කරන ගමන්, අර පරීක්ෂණ බලන්නට එන එකත් මතක් කළා.
"මම හොඳ පරීක්ෂණයක් කෙරෙන වෙලාවට, ඔයාගෙ අංශයට ඇමතුමක් දෙන්නම්." ඔහු කිව්වා. "නැත්නම් නිකම් එතන හැම එකම බලන්න තේරුමක් නැහැ."
"තැන්ක් යූ සර්." මම කිව්වා.
යන්නට හැරුණු ඔහු ආයෙමත් මගෙ දිහාවට හැරුණා.
"මොකක්ද කිව්වෙ?"
මම: .....
"මට මොකක් කියලද කතා කරේ ඔයා?"
මම: ඇහෙන නෑහෙන ස්වරයෙන්....
"ඔයා වෙන කා එක්ක හරි මාව පටලවගෙන."
දෙය්යෝ සාක්කි!
"මට ඉස්සෙල්ලත් ඇහුණා එහෙම කියනවා වගේ. මං ඒත් කල්පනා කළා වැරදිලා ඇහුණා කියලා..." ඔහු කියාගෙන කියාගෙන යනවා.
"නෑ නෑ නෑ... ඔයා කා එක්ක හරි මාව පටලවගෙන.." කවදාවත් නැති තරම් දැඩි ස්වරයකින් කියමින් ඔහු ආපහු හිඳ ගත්තා.
"ඔයා මං කවුරු කියලද හිතන් ඉන්නෙ??"
Wednesday, July 27, 2011
Friday, July 15, 2011
බටහිර ආරාම
අනුරාධපුරය.
හිතේ හැටියට අනුරාධපුරේ විඳින්නටනම්, සමාන හිතක් ඇති කෙනෙක් එක්කම යන්නට ඕන. සමාන හිතක් ඇති කෙනා තමන්ට වඩා ටිකක් උනන්දුවක් ඇති කෙනෙක්නම්, තමන් නොදන්නා අලුත් තොරතුරුත් හොයාගෙන එයි, 'හැමෝම දන්නා ' අනුරාධපුරය ගැන.
බටහිර ආරාමයන් ගැන මම දැන ගත්තෙ අන්තිමට අනුරාධපුර ගිය ගමනෙදි. වට වන්දනා පාර දිගේ යනවිට හමුවන ප්‍රතිසංස්කරණය නොකළ, වනයෙන් වැසුණු පුරාණ ගොඩ නැගිලි සමූහයක් මීට අයත්.
මේවා තියෙන්නෙ පැරණි අනුරාධපුර නගරයට බටහිර දෙසින්. එවක නගරයේ වඩාත්ම අයෝග්‍ය පෙදෙස ලෙස සැළකුණේ මේ බටහිර පෙදෙස. මන්ද, සොහොන් බිම් පිහිටියේද, මළමිණී සම්බන්ධ කටයුතුත් පවිත්‍රතා කටයුතුත් පාරම්පරික රැකියා ලෙස උරුම කරගත් කුල හීනයන් ජීවත් වූයේද මේ බටහිර පෙදෙසේ නිසා.
අනුරාධපුරයෙ ඇති සුවිසල්, අලංකාර ගොඩ නැගිලි දිහා බැලූවිට පෙනෙන වැදගත් කරුණක් තමයි, බුදු දහමට එහි හිමි වී ඇති ඉහළ ස්ථානය. කලාත්මක ගුණයෙන් අනූන කැටයමින් පිරි, වඩාත්ම දිගු කලක් රැකෙන සේ ඉදි වූ ගොඩනැගිලිවලින් අති මහත් බහුතරය ශාසනයට අයත් ඒවා.
එහෙමනම් කවුද අර බටහිර පැත්තෙ, සොහොන්පළවල ආරාම හැදුවෙ?
අපේ අප්පච්චිගෙන් ඇහුවනම් කියයි චේ ගුවේරා කාරයො කියලා.
යස ඉසුරු අත හැර මගට බැස සත්‍යය සොයාගත් බුදු රජාණන් වහන්සේගේ ධර්මයට, අර මහා සම්ප්‍රදායය පටහැණි බැව් සිතූ භික්ෂූන් පිරිසක් බිහිව සිටියා අටවන ශතවර්ෂය වනවිට. ඔවුන් තපෝවන ආශ්‍රිතව භාවනාවෙන් දිවි ගෙවූ භික්ෂු පරම්පරාවටම අයත් අය. මේ බටහිර ආරාම, නගර ආශ්‍රිතව විසූ එවන් භික්ෂූන් වෙනුවෙන් ගොඩ නැගුණු ඒවා.
යමකට අප එරෙහි වන්නේද, ඊට ප්‍රතික්‍රියාවක් ලෙස, අර දෙයට අදාල සියලුම අංගයන්ගේ හාත්පසින්ම විරුද්ධ අංශය වැළඳ ගැනීම මිනිස් ගතියක්. නමුත් හැමවිටම ඒක අන්තවාදී වීමක් නොවෙයි; බටහිර ආරාමත් එහෙමයි. ඔවුන් බුදු හිමියන් වදාළ පරිදි වඩාත් සරල, සැහැල්ලු දිවිපෙවෙතකට පෙලඹුණු අය.
ඔවුන්ගෙ ආරාම තනා ගත්තෙ බොහෝකොටම කළු ගල් මත. ඒ වටා උස් තාප්ප ඉදි කොට බාහිර සමාජයෙන් වෙන් කොට තිබුණා. (මේ ලක්ෂණය ඇත්තෙ නගර ආශ්‍රිතව ඉදි කළ ආරාමයන්හි.) ඇතුළත ගොඩ නැගිල්ල බොහෝ විට ප්‍රධාන කොටස් දෙකකට බෙදා, ඒවා යා කෙරෙන පාළමක් සකසා තිබෙනවා. කුළුණු ආදිය බෙහෙවින්ම සුමට හතරැස් බවකින් යුක්තයි. ආරාමය ආශ්‍රිතවම ජල පොකුණක්ද වෙනවා. සමහරවිට කළු ගල මත ගොඩනැගිල්ල ඉදි කිරීම ජලය රැඳවීමට පහසු වෙන්නට ඇති. ප්‍රධාන දොරටුව, දෙපස පිහිටි කුළුණු දෙකකින් සහ ඒ දෙක යා කෙරෙන ගල් තලයකින් සමන්විතයි.
නමුත් ඔවුන්ගෙ විශේෂම ලක්ෂණය වැසිකිළි.
මුළු ආරාමයම අලංකරණයෙන් තොරව නිමවා ඇති මුත් වැසිකිළි ගල් අතිශය මනහර කැටයම්වලින් සරසා තියෙනවා. යොදාගෙන ඇති මෝස්තරත්, අර මහා සම්ප්‍රදායයෙ ආරාමවල විශේෂිත ස්ථාන අලංකාර කිරීමට යොදන ඒවා.
හරියට, "තොප ඔච්චර වැදගත් කොට සළකන පුහු අලංකාරයට, මෙන්න අපි දෙන තැන!" කියන්නට වගෙයි.
මේ භික්ෂූන් වහන්සේලා සොහොනෙන් ලබා ගත් වස්ත්‍ර සෝදා, පඬු පොවා සකස් කොට ගත් සිවුරු පෙරවූ බවත්, රළු අහර වළඳමින්, භාවනානුයෝගීව විසූ බවත් සඳහන්.
ඔවුන් ගත් මාර්ගය අනුමත කළ, ඔවුනට අනුග්‍රහය දැක්වූ පිරිස්ද රටේ ඇති තරම් හිටියා. ඒ වගේම, රජයට විරුද්ධ පිරිස් ආරක්ෂාව පතා දුවගෙන එන තැනක් බවටත් මේ ආරාම පත් වුණා.
එහෙම අභය පිණිස බටහිර ආරාමවල පිළිසරණ පැතූ රාජ ද්‍රෝහීන් කිහිපදෙනෙක් පසුපස එළවා ආ රජයේ මැර පිරිසක්, (ඔව්, ඔව්, අපි ඒ කාලෙත් එහෙමයි.) ආරාම තුළට කඩා වැදී ඔවුන්ව බෙලි කපා ඝාතනය කළා. ඊට විරුද්ධත්වය පානු වස්, තපෝවන සම්ප්‍රදායයේ භික්ෂූන් අනුරාධපුර අතහැර රුහුණට සංක්‍රමණය කළා.
මින් ඇති වුණු මහජන උද්ඝෝෂණය හා යුද හමුදා විරෝධය කෙතෙක්ද යත්,
සියලුම සම්ප්‍රදායයන්ට අයත් භික්ෂූන් වහන්සේලාගේ අවවාදය පරිදි, මහ රජුගේ නියෝජිතයින් රුහුණට ගොස්, අර භික්ෂූන් වහන්සේලා හමු වී, සාකච්ඡා කොට, සමාව භාජනයකට දැමීමෙන් තමයි ගැටළුව නිරාකරණය කරගන්නට ලැබී ඇත්තෙ.
ඒ වුණත් බටහිර ආරාමයන්ට තවමත් තියෙන්නෙ කුඩම්මාගෙ සැළකිලි. වනයෙහි ගිලී ඇති මේ ආරාමවලින් යම් තරමට හෝ පාදාගෙන ඇත්තෙ එක් ආරාමයක් පමණයි. හුදෙකලා තැනක, නිදහසේ පිහිටි මෙහි පැමිණෙන බෞද්ධයන් බී ඉවත ලෑ මත් පැන් බෝතල් හා සිගරට් පැකට්ටු ආරාම භූමියේ පිරිලා. අප යන විටත් එහි ඇති පොකුණේ ගැමි කාන්තාවන් දෙදෙනෙක් රෙදි සෝදනවා.
නිස්කලංක ආරාම භූමිය පුරාවට ගලේ වදින රෙදිවලින් නැගෙන හඬ දෝංකාර දෙනවා.

Monday, July 11, 2011
කුටුම්භය
"අක්කා.."
සරත් ශබ්ද නැගෙන සේ පා පිස දමමින් තමන් ආ බව හැඟවීය. සාලය කෙළවර වූ කෑම මේසය ළඟ වාඩි වී සිටි සංජීව පත්තර පිටුව මඳක් මෑත් කර " ආ, මල්ලි. අක්කා කුස්සියෙ." කියා නැවත පත්තර අතර ගිලිණි.
"අක්කා.." කුස්සිය දෙසට පිය මනිමින් සරත් නැවතත් ඇමතීය. ඉන්දුට ඔහුගේ හඬ ඇසුණමුත් ඕ සොහොයුරා තමන් ළඟට එනතුරු සිටියාය.
"මල්ලි. වැඩ ඉවරයක් නෑ."
සරත් කුස්සියේ උළුවස්සට හේත්තු වී සොයුරිය දෙස මොහොතක් බලා සිටියේය. ඔහුට වඩා වසර හතරකින් වැඩිමහළු ඉන්දුට උරටත් උඩින් ගේදොර වැඩ කටයුතු තිබුණේ සරත්ට යන්තමින් මතක ඇති කාලයේ පටන්මය. ඉන්දුගේ ඉල්ලීමක් නැතිවම ඔහු සේදූ භාජන ගෙන ගොස් රාක්කයේ තැන්පත් කළේ කුඩා කල පුරුද්දෙනි. සොහොයුරාත් සොහොයුරියත් නිශ්ශබ්දව තම තමන්ගේ කාර්යයේ නියැළුණහ.
"යං මල්ලි සාලෙට. මං වතුර එකක් ලිපේ තියලම එන්නං." ඉන්දු කීවේ අන්තිම භාජනය වතුරට අල්ලන අතරතුරය.
"තේනං ඕන නෑ අක්කා."
තමන්ගේම ගැටළුවල පැටළී සිටි ඉන්දු සරත්ගේ ස්වරයේ වූ ශෝකාකූල බව හැඳින්නේ දැන්ය.
"දැං කොහොමත් තේ වෙලාවනෙ. යංකො පොඩ්ඩක් වාඩි වෙන්ඩ. මටත් ඉන්ඩ බැරුව කකුල් කැක්කුමයි උදේ ඉඳන් වැඩ කරලා."
"පුතාලා ගෙදර නැද්ද අක්කා?" සරත් ඇසුවේ සාලයට යමිනි.
"ඔහෙ ඇති මොකකට හරි නියෝගෙන. මං විතරනෙ මේ ගෙදර වැඩකාරි." ඉන්දු මිටි තැනින් ගලා යන ලෙස වක්කඩය හැරියාය.

Monday, June 27, 2011
අගක් මුලක් නැති කතාවක්
තිස් පස් හැවිරිදි දම්මි මළාණික මුහුණින් යුතුව බලා සිටිනුයේ හෙදිය රුධිර කාන්දුකරන යන්ත්‍රයට සම්බන්ධ කරන අයුරුය. අනතුරුව ඇය නෙත් පියා ගනී. ඇගේ මුහුණේ ඇති ප්ලාස්ටර් ලකුණු ඇය ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කොට දින ගණනාවක් සිටි බව පෙන්වයි.
"බබා හම්බෙන්න ගිහින් ගර්භාෂය පුපුරලා. කොලොස්ටොමි එකකුත් දාලා ඉන්නෙ." හෙදිය බඩවැල පිටතට විවර කෙරෙන සිදුර පෙන්වමින් පැහැදිලි කරයි.
නෙත් විවර කර බලන දම්මි නැවත පියා ගනී.
මල්ලකුත් රැගෙන පැමිණෙන මැදිවියේ පසුවන අබේ යාබද අසුනේ හිඳගනී.
"පුටුව කමක් නැද්ද?" හෙදිය විමසයි. බොහෝ රෝගීහු රුධිරය පෙරෙන පැය තුන හෝ හතර ඇඳකට වී පෙරවාගෙන සිටිති.
"කමක් නෑ. මගෙ වැඩේ කරගන්ඩනෙ ඕන."
"මෙයා පොළොන්නරුවෙ." හෙදිය කියයි. රෝගීහුද කාර්ය මඬුල්ලද එකිනෙකා හොඳින් හඳුනති. රෝගීහුද කාර්ය මඬුල්ල තරම්ම රෝහල් උපකරණ හඳුනති.
"මේක කෑ ගහයිද දන්නෙ නෑ." අබේ උපකරණය දක්වයි. "ගිය පාර එක දිගට කෑ ගැහුවා. අරකනම් එහෙම නෑ. දෙපාරයි කෑ ගැහුවෙ."
"එතනට යනවද?" හෙදිය විමසයි. අනතුරුව විහිළු කරයි. "මැෂින් එක නෙවෙයි ඔයාගෙ ප්‍රශ්නෙ. හොඳට ලේ එන්නෙ නෑ."
අබේ සිනාසෙයි.
"හොඳම එක අර එහා කෙළවරේ 13 පුටුව. කිසි ලෙඩක් නෑ. මම හැමදාම යන්නෙ ඒකට. ඒක නැති දවසට තමයි මේ අනික් ඒවට එන්නෙ."
"දැන් කී සැරයක් ආවද?"
"ම්ම්ම්, 14-15 සැරයක් විතර."
නිතර හදිසියේ රෝගී වන ඔහු ඉදිරි දින කිහිපය තුළ සෑම දින තුනකටම වරක් රුධිර පෙරීමට බඳුන් විය යුතුය. ඒ සඳහා ඔහු පොළොන්නරුවේ සිට තනිවම පැමිණෙයි.
"වකුගඩුවක් හම්බුණාද?" හෙදිය විමසයි.
"අර පොරොන්දු වුණු එක්කෙනා පැනලා ගියානෙ සල්ලිත් අරන්." අබේ කියයි.
"ඇයි ඉතින් ඔයා කලින් සල්ලි දුන්නෙ?" හෙදිය විමසයි.
වකුගඩුවක් දෙන බවට පොරොන්දු වූ මැදිරිගිරියේ මිනිසෙකු ඔහුගේ සියළුම පරීක්ෂාවන්ද අබේගේ වියදමින් කරගෙන, තවත් නොයෙක් අතමාරු ලෙසින් රුපියල් 35000ක්ද ගෙන මගහැර ගොසිනි. වකුගඩු බද්ධය සඳහා රෝහල අවට පදිංචිය පහසු හෙයින් අබේ මාස කිහිපයක්ම රුපියල් 15000ක් බැගින් ගෙවමින් කාමරයක්ද ගෙන ඇත. ඔහු එහි පදිංචිව නොසිටියි- බද්ධය කෙරුණොත් නැවතීම සඳහා වෙන් කරවාගෙන පමණකි. දින තුනකට වරක් රෝහලට පැමිණිය යුතුව තිබියදීත් එහි නතර නොවන්නේ, වකුගඩුවක් දීමට දෙවනුව පොරොන්දු වූ පුද්ගලයාත් පැන යනු වළකනු පිණිසත්, පරීක්ෂණවලට බඳුන් කරවනු පිණිසත් ඔහු පොළොන්නරුවේ සිටිය යුතු හෙයිනි. විවාහ වූ සොයුරු සොයුරියන්ගේ පවුල් ආරාවුල් ඇති වීම වළකනු පිණිස ඔහු පවුලෙන් උදව් නොඉල්ලයි.
"මොකද මේ හැමදාම පරක්කු වෙලා එන්නෙ?" උදෑසන නියමිත වේලාවට නොපැමිණි රෝගියකුගෙන් වෛද්‍යවරයා විමසයි. වේලාවන් වෙන් කරනුයේ අසීරුවෙනි. කිසිවෙකු හදිසියේ නොපැමිණියහොත් වෙන කෙනෙකුට හෝ ප්‍රතිකාර ගැනීමට තිබූ අවස්ථාව මගහැරේ.
දින තුනකට වරක්වත් ප්‍රතිකාර ගත යුතු ඔහුට වෙනත් දිනයක් ලබාදීමට වෛද්‍යවරයා පොත පෙරළා බලයි.
"හෙටනම් එපා සර්." රෝගියා ඇඹරෙයි. "හෙට අපි පුංචි දඹදිව යන්ඩ ඉන්නෙ."
"කොහෙ?"
"පුංචි දඹදිව. මේ රත්නපුර පැත්තෙ."
"මේක කරන්ඩ බෑනෙ. අනිද්දා වෙනකොට.."
"අනිද්දත් බෑ සර්. සෙනසුරාදා දෙන්ඩ."
"සෙනසුරාදා?? එතකොට දවස් දහයක් විතර ගිහින්. දඹදිව නෙවෙයි, මැරිලා ඉඳී. අර එක්කෙනෙක් ඔහොම දඹුළු ගිහින් බඩේ අමාරුවක් හදාගෙන මැරුණා."
රෝගියා ලැජ්ජාශීලීව සිනාසෙයි. මරණයට ඔහුගේ ජීවිතයේ ලොකු තේරුමක් නැත.
"ඔන්න ඕක අතෑරලා මේක කරගන්ඩ. අපේද පණ, ඔයාගෙද?"
"මටනම් යන්ඩ වුවමනාවක් නෑ සර්. මේ ගෙදර අයව එක්ක යන්ඩ ඕන හින්දා..."
"හා හා යන්ඩ. දඹදිවත් යන්ඩ, කතරගමත් යන්ඩ, සමන් දේවාලෙත් යන්ඩ."
"සෙනසුරාදා අනිවාර්යෙන් එන්නම් සර්."

Saturday, June 18, 2011
මා බාල කාලේ
ලෝකෙ පටං ගත්තු දවස්වල මෙච්චර රවුම් නෑ; හුඟක් පැතළියි. ටිකක් හතරැස් ගතියකුත් තිබුණා. විශේෂයෙන් මුළුවලට වෙන්ඩ.
ඒ කාලෙ අපේ මල්ලි දණ ගාන අතරෙ, අහු වෙන දෙයක් අල්ලගෙන හිට ගන්ඩ දඟලන වයස. දවසක් මට හිතුණා ලෝකෙ කෙළවරට යනකම් යන්ඩ. මොකද, ලෝකෙ මුළුවල වැදිලා මල්ලිගෙ ඔළුව තුවාල වෙන්ඩ පුළුවන් හින්දා, ඒ මුළුවල කඩදාසි ගුලි කරලා අලවන්ඩ. නිතරම සූදානමෙන් සිටීම බාලදක්ෂිකා ගුණයක්නෙ.
ඉතින් අම්මලගෙං ඇහුවොත් ඕකට එපා කියන හින්දා, මම අවසර ගත්තෙ අල්ලපු ගෙදර ඇන්ටිලාගෙන්. ඒගොල්ලො අපේ අම්මලත් එක්ක තරහ හින්දා ටක් ගාලා අවසර දුන්නා. ඒ විතරක් නෙවෙයි, මගට කන්ඩ බත් මුලකුත්, අග්ගලා පොට්ටනියකුත් බැඳලා දුන්නා.
මගේ නිල් පාට බෑග් එක කට්ටිය දැකලා ඇතිනෙ? අර අපේ මල්ලි පළවෙනි පඩියෙන් මට ගෙනත් දුන්නු එක? ඕක තමයි අරන් ගියෙ. මොකද, ඒකෙ ඉඩත් තියෙනවා; එල්ලන් යන්ඩ ලේසියි. අනික මගෙ යාළුවො කියනවා වගේ ඒකට විශේෂ හැකියාවක් තියෙනවා කෙනෙක්ගෙ සිහි නැති කරන්ඩ. ආරක්ෂාවට හොඳයි.
ඉතින් මම හුඟක් දුර පයින් ගිහිං ඊට පස්සෙ කෝච්චියෙත් ටිකක් දුර ගියා. ලෝකෙ කෙළවරට යනකොට, කෝච්චියකට එක දිගට යන්ඩ තරමට ඉඩ මදි හින්දා, මැදිරි වෙන් කරලා, එක් එක් මැදිරිය බස් එකක් බවට පත් කරලා තමයි යවන්නෙ.
කොහොම හරි මුල්ලටම ගියා කියමුකො. මම දැන් ලෝකෙ අයිනෙ ඉඳගෙන, ගෙදරින් අරන් ගිය කඩදාසි ටික පොඟවලා පල්පයක් සකසගෙන, ගුලි හදනවා.
ඔය අතරෙ ටිකක් වයසක මහත්තයෙක් මොන මොනවද විද්‍යාත්මක උපකරණ ටිකකුත් අරන් ඇවිත්, ලෝකෙ මුල්ලෙම හයි කරගෙන, මොකක්දෝ පරීක්ෂණයක්. මමත් බැලුවා මොකද කියලා. බලනකොට පුරා හඳ පායලා.
ඒ කාලෙ හඳ පෘථිවියෙන් බිඳිලා ගිය ගමන්නෙ. ඉතින් පොළොවට හුඟක් ළඟයි. හඳේ හාවව දැන් ඔය පොඩියට පේන්නෙ ඈත හින්දනෙ. නමුත් ඌ ඇත්තටම හුඟක් විසාලයි. ඔය කාලෙ වෙනකොට ඩයිනොසෝර්ලා හිටියෙත් නැති හින්දා, හඳ හාවා තමයි අපි දැකලා තිබුණු ලොකුම සතා. අපි දන්නෑ හාවෙක් කියලා. අපි කිව්වෙ හායිනෝසෝරස් කියලා. ඩයිනොසෝර්ලා වගේ සද්ද වෙන හින්දා ඉතින් හාවටත් මිනිස්සු බයයි. ඒකයි එහෙම නම දැම්මෙ.
අර ඇවිත් හිටිය මහත්තයා හායිනෝසෝරස්ගෙ චලනය අධ්‍යයනය කරන විද්‍යාඥයෙක්. මනුස්සයා දාඩිය පෙරාගෙන වැඩ. හඳ දිහා බලනවා; ගණන් හදනවා; ආයෙත් හඳ දිහා බලනවා; ආයෙත් ගණන් හදනවා. ඔහොම ගණන් හද හද ඉඳලා එක පාරටම මනුස්සයා උඩ පැන්නා. උඩ පැනලා කෙළින්ම ඇවිත් වැටුණෙ මගෙ කඩදාසි පල්ප ගොඩට.
මිනිහට ඒ ගානකුත් නෑ. මිනිහට හරි සතුටුයි වගේ. හිනා වෙවී මොකක්ද මතක් කරනවා.
"ළමයො, මොකක්ද අර වචනෙ?"
"මොන වචනෙද?" මම ඇහුවා.
"ඇයි ළමයො අර වචනෙ? අර ආකිමිඩිස් කිව්ව එක?"
"යුරේකද?" මම සැකේට වගේ ඇහුවා.
"අන්න හරි! යුරේකා තමයි."
"අංකල්." මම ඉතින් ඕනෙම නොදන්නා මනුස්සයෙක්ට ලංකාවෙ අපි කියන ආමන්ත්‍රණ පදයෙන් එයාට කතා කරා. "අංකල් මොනවද හොයා ගත්තෙ? ආකිමිඩිස් නියමෙද? බොයිල් නියමෙද? නිව්ටන් නියමෙද? අනේ කියන්ඩකො."
"ඊට වඩා වැදගත් දෙයක් ළමයො." විද්‍යාඥයා කියනවා. "මම හොයා ගත්තා අර හායිනෝසෝරස්ගෙ චලිතය අනුව, ඔය නියමවලට වඩා බොහොම වැදගත් දෙයක්."
"මොකක්ද?" මම ඇහුවා.
"හාවො ටික ටික ලොකු වෙනකොට උන් උඩ පනින තරම වැඩියි කියලා ඔය ළමයා දන්නවනෙ."
මම ඒක දැනං හිටියෙ නෑ. මොකද, ඩයිනෝසෝර්ලත් නැති එකේ ඒ කාලෙ ලෝකෙ මොන හාවොද?
"එහෙම තමයි." විද්‍යාඥයා කිව්වා. "හායිනෝසෝරසුත් ඇත්තටම හාවෙක්. ඉතින් ඌ දැන් උඩ පනින තරම බලලා මම ගණන් වගයක් හැදුවා."
"ඉතින්?"
" ඒ අනුව, තව හරියටම දවස් පහළොවකින් ඔය හායිනෝසෝරස් හඳේ මුළු උසම පනිනවා."
"ඉතින්?"
"ඉචිං ඉචිං නෙවෙයි." ඔන්න විද්‍යාඥයාට තරහ ගිහින්. "තේරෙන්නෙ නැද්ද එතකොට වෙන දේ?"
"නෑ."
"ඇයි මෝඩයො, එතකොට හඳේ වායුගෝලයෙ සීමාව එක්ක ගැටිලා මහා පිපිරුමක් ඇති වෙනවා. ඇයි අහලා නැද්ද අභ්‍යවකාශ යානා පොළොවෙන් පිට වෙනකොටත් එහෙම වෙනවා? එක පාරටම ගිනි අරගෙන කඩා වැටෙන්නෙ හිටි ගමන්?"
එහෙම දෙයක්නම් මටත් ලාවට වගේ මතකයි.
"ඉතින්?"
"ඉතින් එහෙම පිපිරුණාම විශාල තාපයක් පිට වෙනවා."
"ඉතින්?"
"දැන් හඳ තියෙන්නෙ පොළොවට හුඟක් කිට්ටුවෙන් නිසා, ඒ තාපය පොළොවටත් තදින් දැනෙනවා."
"ෂා, එතකොට බඩ ඉරිඟු යායවල් පිටින් පොප් කෝන් වෙයි නේද?" මම සන්තෝසෙන් ඇහුවා.
"මගුලක් කතා කරනවා." විද්‍යාඥයා තරහෙන් කිව්වා.
"එහෙනම්?"
"ළමයෝ ඒක විශාල තාපයක්. ඒ තාපයට මුළු ලෝකෙම විනාශ වෙනවා! අළු ටිකක්වත් ඉතුරු වෙන්නෙ නෑ."
"මළා!" මට කියවුණා.
"එහෙම කියන්ඩ එපා." විද්‍යාඥයා සන්තෝසෙන් කියනවා. "මම දැන්මම ඇමරිකාවට ගිහින් කියනවා මේ ගැන. හරියටම තව දවස් පහළොවකින් ලෝක විනාශය වුණාට පස්සෙ, ඒක මුළින්ම හෙළි කළ විද්‍යාඥයා හැටියට මම ලෝක ප්‍රසිද්ධ වෙනවා."
ඇත්ත තමයි. මටත් හිතුණා. ඒ හින්දා මම ඒ වෙනකොට පොඟවලා නොතිබුණු කඩදාසියක විද්‍යාඥයාගෙ අත්සනකුත් ගත්තා සමරුවක් විදිහට. එතකොට ලෝක විනාසෙ වුණාට පස්සෙ මට ඉස්කෝලෙ ගිහින් යාළුවන්ට පෙන්නන්ඩ පුළුවන්නෙ.
ඊට පස්සෙ ඉතින් මම හැරිලා ගෙදර ආවා. මොකද, දවස් පහළොවකින් ලෝක විනාශය වෙනවනම්, අපේ මල්ලිට ලෝකෙ කෙළවරට යනකම් දණ ගාන්ඩ කාලයක් නෑනෙ.
ඇවිත් හිටියා, හිටියා, හිටියා.
දවස් ගියා.
පහළොස්වෙනි දවසත් ආවා.
අපි බලාගෙන හිටියා ලෝක විනාශය වෙනකම්.
ඒත්...
ඒත්...
මුකුත් වුණේ නෑ.
බලනකොට, එදා අමාවක.
හඳ නෑ.
උඩ පනිනවා තියා හායිනෝසෝරස් පේන්ඩවත් නෑ.
හඳවත් හායිනෝසෝරස්වත් නැතුව මොන පිපිරිල්ලක්ද?
පව් අර අංකල්. මිනිහට කවදාවත් ලෝක ප්‍රසිද්ධ වෙන්ඩ බැරි වෙන්ඩ ඇති.

Wednesday, June 15, 2011
දානය
කවුදෝ ගේට්ටුවට තඩි බානු ඇසේ. මේ වේලාවට ගෙදරට එන්නට කිසිවෙකුත් නැත. රෝගී අත්තම්මා වකුටුව නිදයි.
මම හොරෙන් හොරෙන් එබෙමි. ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.
"අනේ චූටි."
උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට මතක ඇති කාලයකට කවුරුත් 'චූටි' කියා ආමන්ත්‍රණය කර නැත. මගේ හද මෙළෙක් වෙයි. මම ගේට්ටුව දෙසට යමි.
"අනේ චූටි, මම කරදරේක වැටිලා. මට උදව්වක් කරන්ඩ."
කිළිටි සාරියක් පටළවාගෙන, දහදියෙන් පෙඟී සිටින කාන්තාව කෙට්ටු, කළුවට හුරු, මැදිවියේ සිටින්නියකි. පටියකින් බැඳි වැරහැළි කොණ්ඩය පිට දිගේ එල්ලෙයි. අතෙහි කුඩයකි. ඇය කරදරයක පැටළී ඇති බව මුහුණෙන්ම පෙනේ.
"මට බස් එකේදි නින්ද ගියා. ඇහැරෙනකොට පර්ස් එක නෑ; හොරකම් කරලා. අනේ චූටි, මට ගෙදර යන්ඩ බස් එකට රුපියල් දහයක් දෙන්ඩ."

Saturday, June 11, 2011
පරිස්සමෙන් හිටු!
ඉතින්,
එපානම් මාව
නුඹේ දිවියට...
හිටුකො!
ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.
එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.
සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත
විරිත්තන්නම් නුඹට මම.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.
මම දන්නවා
එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.
මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.
පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.
නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො...
වැරදි ගෑණිව
තරහ කර ගත්තෙ නුඹ.
එපානම් මාව
නුඹේ දිවියට...
හිටුකො!
ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.
එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.
සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත
විරිත්තන්නම් නුඹට මම.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.
මම දන්නවා
එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.
මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.
පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.
නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො...
වැරදි ගෑණිව
තරහ කර ගත්තෙ නුඹ.
Subscribe to:
Posts (Atom)