පෙරදා ගෙන ආ නෙළුම් පොහොට්ටු කළඹෙහි සෙවණැල්ල බිත්තියෙහි වැටී ඇත. වඩාත් පුළුල්ව ඇති සෙවණැලි කොටස්, ඉන් මලක් දෙකක් පිපෙන්නට වෙර දරන බව කියා පායි. මගේ නෙත් ඉබේම මල් කළඹ වෙත යොමු වෙයි. සෙවණැල්ලෙහි ඇති මල් එකම වර්ණයකින් යුතු වුවද, සැබෑ මල් එසේ නොවේ. පිපීගෙන එන මල් වඩාත් සුදු පැහැතිය. තවමත් නොපිපී ඇති මල්, පලා පැහැ පතින් වටව ඇත. පෙරදින සවස, නෙළාගත් විගසම මේ මල් එකිනෙක හා සමාන වූ බැව් මට සිහි වේ.
වැව, සන්ධ්‍යාව ගත කිරීම පිණිස විවේකී පරිසරයක් සැපයීය. නිසංසල වැව් තලයේ ඈතින් කඩොලාන තුරු සමූහයෙකි. එහි සිට ඝනව විහිදුණු නෙළුම් යාය, ඉවුරට ආසන්න වත්ම තුනී වෙයි. වඩාත් නිදහස්ව වැඩෙන නෙළුම් පත් ජල තලය මත සැරිසරන්නේ නටුවෙන් මිදී ඇතුවාක් මෙනි. ඉවුර අසබඩ පඳුරු තුළින් කුරුළු හඬ නැගෙයි.
විනෝදය පිණිස මසුන් අල්ලන්නන් කිහිපදෙනෙක් ඉවුරේ සිටියහ. පාන් කැබැලි අමුණන ලද බිලී පිති දියට විසිකොට ඔවුහු නිසොල්මන්ව බලා සිටියහ. ඔවුන්ගේ සගයෙක් ජීවිතාරක්ෂක කබායක්ද පැලඳ ඈත ඉවුරේ රඳවන ලද ඔරුවෙක සිටියේය. ඔහු අතද බිලි පිත්තක් විය.
තවත් එබඳුම කුඩා ඔරුවෙක නැගී, නෙළුම් වනය පීරමින් සිටි අනෙකා දිය මත දිවියට වඩාත් හුරු වූවෙකැයි සිතිය හැකි විය; ඔහු ජීවිතාරක්ෂක කබායක් තබා කමිසයක්වත් හැඳ නොසිටි හෙයිනි. නෙළුම් කොළ අතරින් සීරුවට ඔරුව හසුරුවන ඔහු මල් නෙළමින් සිටියේය.
ඉවුරෙහි තැනින් තැන බංකු ඇත. අපිදු එක් බංකුවෙක හිඳගෙන, ආහාර මළු දිග හැරියෙමු: රෝස් පාන්, පරිප්පු වඩේ, කට්ට සම්බල්, වඩේ කඩෙන් දෙන ලද සුදු පැහැති දියාරු සම්බලය හා උම්බලකඩ පැකට්ටුවක්ද එහි විණි. අප නොදැනුවත්වම අපගේ කතාබහ පරිසරයේ සන්සුන්කම අඩු කරන්නට ඇත. මසුන් මරන්නන් අප දෙස හොරැහින් බලමින්, වෙනත් තැනකට පියමන් කළහ. අපි පාන් කැබලි මසුන්ට විසි කළෙමු.
"ඔරු පදිමුද?"
"කීයක් ගන්නවද දන්නෙ නෑ."
"ඔයාට පීනන්ඩ පුළුවන්ද?"
"මටනං බෑ."
"මටත් බෑ."
"මටත් බෑනෙ."
"මෝටර් බෝට්ටු නෙවෙයි නේද තියෙන්නෙ?"
"අපිමද දන්නෑ පදින්ඩ ඕන."
අප සිටි තැන ඉවුරෙහි ඔරු තොටුපොළකි. කුඩා ලී නිවස්නයක් ජල තලය මතට විහිදෙන පරිදි නිමවා ඇත. එහි ගොඩබිමට යා වෙන කොටස ලී වැටක් සහිත තට්ටුවකි. ඒ දෙපසින් ජල මට්ටමට වඩාත් ආසන්නව, ඔරුවට නැගීම හා ඉන් බැසීම පිණිස සකසන ලද ලී අට්ටාල දෙකකි. වම් පසින් වූ අට්ටාලය මත යටිකුරු කරන ලද ලී ඔරුවකි. කෑම අවසන් කළ අපි මේ ඔරු කඳ මත අසුන්ගෙන, වැව් සිරිය නැරඹීමු. මල් නෙළාගත් ඔරුව මේ වනවිට ගොඩට වුත් තිබිණි. මල් නෙළන්නා කුටිය සහිත තට්ටුව මත වූ කුඩා අසුනෙහි අපට පිටුපා හිඳ සිටියේ, ලී වැටෙහි දෙපසට දෑත් විහිදාගෙනය. දෙවනුව ගිය තැන මසුන් අඩු නිසාදෝ නැවත පැමිණි මසුන් මරන්නෝ, අනෙක් ලී අට්ටාලය අයිති කරගත්හ.
නොයෙක් වල්පල් කියවමින් සිටි අපේ කතාබහ සාමාන්‍යයෙන් සිදුවන පරිදි දේශපාලනයට පිවිසීමට වැඩි වේලාවක් ගත නොවීය. අරූගේ හා මුගේ වැරදිවලින් අනතුරුව අපගේ ඡන්ද ප්‍රතිපත්ති සාකච්ඡා විණි.
"මමනං එකම එක සැරයයි ඡන්දෙ දෙන්ඩ ගියෙ. ඒ .......ට ...... හින්දා."
"මමත් ඒ හින්දා එයාට ඡන්දෙ දුන්නා. ඒත්......."
"බලන්ඩ දැන් ....."
"ඒක තමයි, ඡන්දෙ දෙන්ඩ කෙනෙක් නෑ දැං.."
"මං කරන විදිහට කරාම ඉවරයි." මම මගේ ඡන්ද ප්‍රතිපත්තිය පැහැදිලි කළෙමි. "මංනං ඡන්දෙ දෙන්නෙ ලස්සන අයට."
"ආ, එහෙනං ඔයා ඡන්දෙ දෙයි අහවලාට, නේද?"
අහවලාගේ නම ඇසෙත්ම මල් නෙළන්නා ක්ෂණිකව හැරී අප දෙස බලනු මම දිටිමි. මා අසුන් ගෙන සිටියේ ඔහුගෙන් වඩාත් ඈත කෙළවරෙහිය.
"එයාට ඡන්දෙ දෙනවා තමයි. මිනිහා ලස්සනයිනෙ. ඇයි ඕගොල්ලො ඡන්දෙ දුන්නෙ ගිය සැරේ අහවලීට."
"මං ගිය සැරේ ඡන්දෙ දැම්මෙ නෑ. හැබැයි අපෙ අම්මලනං අර අනික් අහවලීට ඡන්දෙ දුන්නා."
"ඊයා!"
මල් නෙළන්නා නැවත හැරී නොබැලුවද, ඔහු වඩාත් උනන්දුවෙන් අපේ කතාබහට සවන් දෙන බව මට හැඟිණි. අපේ කතාබහ මඳකට ඇණහිටියේ එතැන නවතන ලද රියකින් වරින් වර නලා ශබ්දය නැගෙන්නට වූ හෙයිනි. රියෙහි ආ වැඩිමහලු පුද්ගලයා සිය මල් ඇණවුම භාර ගනිමින් සිටියේය. රිය තුළ සිටි කුඩා දරුවෙක් ඒ අතර සිය නිදහස භුක්ති විඳියි.
බාධාවෙන් අනතුරුව අප ඇදගත් මාතෘකාව අපේ තෙවැනි සගයාට එතරම් හුරු විෂයයක් නොවූයෙන්දෝ, ඔහු මල් නෙළන්නා වෙතට ඇදිණි. ඔහු එසේ ගිය බවක්වත් මා දුටුවේ මඳ වේලාවක් ගතවීය. ඔරු ගමන්වල විස්තර විමසීමට ඔහු යන්නට ඇතැයි මම අනුමාන කළෙමි. මල් නෙළන්නා බොහෝ ලෙන්ගතු විලසින් ඔහු හා දොඩමළුව සිටියේය. අපිදු, අපේ කතාබහෙහි (එනම් කාටදෝ බැනීමෙහි) ගැඹුරටම බැස්සෙමු.
"ඒ මල්ලි පොළොන්නරුවෙ." අපේ සගයා පසුව අපට විස්තර කළේය. "මේක අහවලාගෙලු; මේගොල්ලන්ට අච්චරක් ගෙවනවලු; මෙතන අරවයි මේවයි තියෙනවලු; ඔරුවෙ යන්ඩ හතරදෙනෙක්ට මෙච්චරක් ගන්නවලු..."
ඔරුවෙහි යාම පිණිස ඒ වේලායෙහි අපට ලොකු උනන්දුවක් නොවීය. සන්ධ්‍යා අඳුර කෙමෙන් පැතිරෙමින් තිබිණි. අහසෙහි වලාකුළු තත්පරයක් පාසා විවිධ පැහැයන්ට හැරෙන අයුරු බැලීම වඩාත් ප්‍රියජනක විය.
"අන්න අර වලාකුළ පූසෙක් වගේ. අර.. බුෂි වල්ගෙ.."
"චික් උගෙ පස්ස ලොකු වැඩි."
"ඌ කුරුමාණම් අල්ලනවා වගේ."
"අර වලාකුළ ඉබ්බෙක් වගේ..."
නැවත ඔරුවෙහි නැගුණු මල් නෙළන්නා දියඹට ඇදුණේ මෙවේලායෙහිය. එනිසා අපේ අවධානය ඔහු කෙරෙහි යොමු විය.
"අච්චරක් හම්බෙනවනම් මාසෙකට හොඳයිනෙ. කරදරේකුත් නෑනෙ."
"සෙනසුරාදට ගොඩක් සෙනගලු. එතකොට අමාරු ඇති."
"ඒ වුණාට ඉතින් අපිට වගේ කාගෙන්වත් බැණුම් අහන්ඩ, උදේ නැගිටින්ඩ එහෙම නෑනෙ. හිතන්ඩ ලොකු දේවල් නෑ; නඩු නෑ; වාර්තා හදන්ඩ නෑ; ඔලුව මහන්සි කරන්ඩ නෑ..."
"ඇඟට මහන්සිය තමා."
"මිනිහා ඉතින් ඕක පුරුදු වෙන්ඩ කරනවා නෙවෙයිනෙ. දැක්කනෙ මෙතනින් ගිය ඉක්මණ."
"අපි එක දවසක් ඕක පදිනවා වගේ නෙවෙයිනෙ, මිනිහට අමාරුවක් නැතුව ඇති හැමදාම කරනකොට."
"ඒත් නෙළුම් කොළ අතරෙ පදිනකොට අමාරුයි. අර බලන්ඩ..."
"නෙළුම් කොළ අතරෙ පදිනකොට පදින්ඩ ඕනෙ විදිහක් තියෙනවා. ඔය කොළේ හැඩෙන් හිතා ගන්ඩ ඕන දණ්ඩ තියෙන අත. එහෙම නැතුව නිකම් එහෙ මෙහෙ කරන්ඩ ගියොත් දඬුවල පැටළෙනවා. එතකොට තමයි අමාරු."
අපි මල් නෙළන්නා දෙස බලා සිටියෙමු. ඔහු නෙළුම් යාය මැදින් වඩාත් සෙමෙන් ඔරුව හැසිරවීය. යා යුතු දිශාවට එක එල්ලේ නොයා, නෙළුම් කොළ ප්‍රවේශමෙන් එහා මෙහා කරමින්, සිය මග පාදා ගත්තේය. ඔහුගේ කෙසඟ සිරුරද, හබලද, ඔරුවද එකම ඒකකයක් බඳුය. නෙළුම් යාය නොතළා, වැවෙහිම කොටසක් බවට පෙරැළී ඔහු යාත්‍රා කරන සැටියෙකි.
ඔහු, ඔහුගේ කලාව නිසියාකාරව දන්නෙකි.
නැවතත් අහසෙහි වර්ණ අතර සිරවුණු අපි, අඳුර බෝවත්ම, එතැනින් නික්ම යාමට මගට පිවිසුණෙමු. මගට බට අප පසුපස නගන හඬක් නිසා, අපි නැවතී හැරී බැලීමු.
මල් නෙළන්නා මේ දැන් නෙළා ගත් නෙළුම් පොහොට්ටු කළඹක් අතැතිව, සිනාසිසී අප වෙත දිව එමින් සිටියේය.
"මල්..."
මම නෙළුම් කළඹ අතට ගත්තෙමි.
"සල්ලි එපා." ඔහු සිනාසෙමින්ම කීය.
"අපි එන්නම් ආයෙ දවසක, ඔරු පදින්ඩත් එක්ක."
නෙළුම් පොහොට්ටු.... ඒවා නෙළූ දෑත් අයිති මිනිසා මෙනැයි මට සිතේ. ඒවා පිවිතුරු බව සංකේතවත් කරන සුදු පැහැයෙන් යුතුය. බඳුනෙහි ඇති දිය උරාගෙනදෝ, තවමත් පොහොට්ටු සියල්ල ප්‍රාණවත්ව පවතී. ඇතැම් පොහොට්ටුවක් පිපෙන්නට වෙර දරයි. එහෙත් දියෙහි නිසි පෝෂණයක් නැති හෙයින්, එකදු පොහොට්ටුවක් හෝ මුළුමණින් පිපේදැයි අවිනිශ්චිතය. හෙට හෝ අනිද්දා, නොපිපීම ඒ මල් පරවනු ඇත.
ඇසුවෙමු. දුටුවෙමු. ඉරිසියාවක් ද හිතුනෙමු.
ReplyDeleteඅනේ මන්දා දොස්තර නෝනෙ...ඔබතුමී ලියන සේරමත් හරි , අර අන්තිම ඡේදෙත් හරි......වෙලාවකට හිතෙනවා අපිත් අපිට හිමි තැන නොවෙන තැනක ඉඳන් පිපෙන්න හදන මල් වගේද කියලා...
//හෙට හෝ අනිද්දා, නොපිපීම ඒ මල් පරවනු ඇත.//
ඒත් ඒක එහෙමම නොවෙන්නත් ඉඩ තියනවා නේද ?
කෙටි කතාවක් ද ? නැත්තන් සැබෑ අත්දැකීමක් ද ? ..................
ReplyDeleteමට නං රුසියානු කෙටිකතාවක සින්හල පරිවර්ථනයක් දෝ හිතුනා ...........
හැබෑ ලස්සනට ලියලා තියනවා .
මිනිස්සුන්ව ඇදුමෙන් පැලදුමෙන් ,රස්සාවෙන් මනින ලෝකෙක ඌත් එක්ක කතා කරපු වචන ටිකේ වටිනාකම ඌ මල් ව්ලින් ගෙව්වා.. අදටත් මට හරි අපුරු මතකයක් ඒක..
ReplyDeleteමේ සාහිත්‍ය මාසයේ තවත හරවත් රචනයක්, ලොකු කතාවක් කෙටියෙන් ඉදිරිපත් කරපු විදිය කවදත් වගේ ඉස්තරම්.
ReplyDeleteකතාව ඔස්සේ; ඉඳ හිට දසුන් බලන්න යන අයෙකු වූයෙමි, නෙළුම් විල්තෙරක අතරමං වූයෙමි, නෙළුම් පොහොට්ටු කරා ඇදෙන ඔරු කඳ දුටුවෙමි... ඒ පරිසරය ද උපරිමව වින්දෙමි... එහෙම හරි අපිව එක්ක ගියාට බොහෝම ස්තුතියි.
නෙළුම් පොහොට්ටු... අයිති කාට ද? ලොකු පැණයකි. නෙළුම් අලයට නම් නොවන්න ඇති.
ඩොක්ටගේ කෙටි කතාවක් කියවීම හරියට උසස් සිනමා පටයක් බලනවා වගේ.
ReplyDeleteකතාව කියවන්ඩ පටන් අරගෙන දෙවෙනි ඡේදයට යනකොට කතාව අපිව ග්‍රහණය කරගෙන ඉවරයි. ඉස්සරහට කියවන් යනකොට හිත ඇතුලේ මොකද්දෝ පරිවර්තනයක් වෙන්ඩ ගන්නව. කතාව කියවල ඉවර උනහම දැනෙනව, මෙච්චර දවසක් අපි හිතන්හිටියේ මොනවද?, මේක නේද ඇත්ත වගේ හැගීමක්. කතාව කියවන්න පටන් ගත්තු පුද්ගලයා නෙවෙයි ඉවර වෙනකොට ඉන්නෙ, ඊට වඩා දාර්ශනික පක්ෂයෙන් ඉදිරියට ගිය කෙනෙක්.
ඉතින් මේ වගේ මුතු කැට ජාවාරම් කාර පත්තර මුදලාලිලාට හොරකන් කරන්ඩ දෙන්ඩ එපා. ඉක්මනින්ම අයිතිය තහවුරු වෙන විදිහට මුද්‍රණය කරන්ඩ.
චිත්ත රූප මැවීම ගැන නිදසුනක් අවැසි නම්, මෙන්න.
ReplyDeleteනලිනි ඉතාම ලස්සන කතාවක්. එහෙත් පොඩි අඩුවක් දැනේනවා. වාර්තා ස්වරය වැඩියි ද? සිදුවීම් මදි ද? කියන්න ඕන දේ ස්ට්‍රේට් ෆෝවඩ් වැඩි ද ? ට්විස්ට් එකක් නැද්ද? මන්දා මං ලොස්. මේ ඔයාගේ කතාවක හැමදාමත් වරදක් හොයන්න මං දක්වන උනන්දුව [හා එයින් ඔබ ලියන දේ තවත් ඔප වැටේ කියන ආශාව නිසා]
එහෙම කිව්වට මේක නියම ලස්සන කතාවක්. ඉතාමත් සුන්දර ලියමනක්. මේ තරම් ලස්සනට අකුරු කිරීම ගැන පුදුමයි.
කොහොම නමුත් ඔබ කිහිප දෙනා සමග මේ විල ඉවුරේ ගත කරන්න ලද විනාඩි කිහිපය මහත් භාග්‍යයක්. වෙනදාටත් වඩා හොඳින් ඔබ අපව එතෙනටම එක්ක ගියා අද.
හැමදාම ලියනවා වගේම ලස්සනට ලියල තියනවා එක හුස්මට කියෙව්වා ...මේ පැත්තේ ගොඩවැදුනේ කාලෙකට පස්සේ...මගඇරුණු පොස්ට් ටික කියවල එන්න ඕනේ..(මම හිතන්නේ නලිනි අක්ක වගේ කෙනෙක් PGIM එක පැත්තේ ටික දවසකට කලින් මම දැක්ක..මට වැරදුනාද දන්නේ නැහැ )
ReplyDeleteගැඹුරු අදහසක් කතාවකින් කියලා අක්කෙ..හරිම ලස්සනයි..
ReplyDeleteදොස්තර නෝනේ.... හැඟ දවසකින් එන්න බැරි වැනා නේ මේ පැත්තේ... මහා අපූරැ සිත්තමක් මවනවා මනසේ... ඔය කියන පරාසරය කොයිතරම් සුන්දර වෙන්න ඇත්ද ? කථා ශෛලිය හරිම අපුරැයි.. දොස්තර නෝනාගේ කථා කියවන්න කොහොමත් කැමතියි.. ඒත් මං වැඩියෙන්ම රසවින්ඳින්නේ වෛද්‍ය කඳවුර.. අර රතු ළමයා වගේ නිර්මාණ..... සමහර විට අනෙක් ඒවා නොතේරෙනවා වෙන්නත් පුළුවන්... ඔබට ජය !!!
ReplyDelete@ Luckey: පිපෙන්නත් ඉඩ තියෙනවා. ඉවසලා බලන්න ඕන. :D ආව වෙලාවක යන්න බැරියැ. වැඩි ඈතක තැනක් ගැන නෙවෙයි මේ.
ReplyDelete@ sameera: සැබෑ අත්දැකීමක්. එතන ලස්සන පරිසරයක්. හිතට වැදුණු අත්දැකීමක්.
@ හර්ෂණ: :-) මල් ඇහැ ගැටෙන හැම මොහොතෙම සිහි වෙනවා.
@ ඩීන් අය්යා: මේ සාහිත්‍ය මාසය බවත් මට අමතක වෙලයි තිබුණෙ අය්යගෙ මේ සටහන දකිනතුරු. පොත් ප්‍රදර්ශන තියෙනවද බලන්න යන්න ඕන.
ReplyDeleteනෙළුම් පොහොට්ටු, නෙළුම් අලයෙන් හා පත්වලින් වෙන්කොට මුදලට විකිණෙනවා; එහෙමත් නැත්නම්, හිතවත්කමට. නෙළුම් පොහොට්ටුවල ජීවිතය, ඒ ජීවිතය හටගත් පරිසරයෙන් වෙන් කරගෙන. වැවෙහි ජීවිතයට වඩා වෙනස් උරුමයක් ලබා දීලා.
අයිතිය කාටද? නෙළුම් පොහොට්ටුව, ඒ පොහොට්ටුවටමවත් අයිති නොවේ.
@ පොත් ගුල්ලා: බොහොම ස්තුතියි සහෘද සටහනට.
ReplyDeleteපහුගිය මාසයක දෙකක පමණ කාලය තුළ මුකුත් ලියවුණේ නැහැ. හිතට මුකුත් එන්නෙත් නැහැ. ඊයෙ ලද අත්දැකීමක් සටහන් කරන්නට හිතුණෙ ඒ නිසා. (නැත්නම් බ්ලොග් එකේ මකුළු දැල් බැදෙනවනෙ. :-) )
හැමදාමත් ඇවිත් දෙන දිරියට බෙහෙවින් තුති.
@ සුජීව: වාර්තාවක්නම් තමයි. ඔය කිව් අඩුපාඩු සේරම එහෙම්පිටින් ඇති. මේ දවස්වල මුකුත් ලියන්නට හිතට එන්නෙ නැති නිසා, ඊයෙ ලද අත්දැකීම එහෙමම හැළුවා.
ReplyDeleteකවදත් ඔයාගෙ විචාරය, මගේ දුර්වල තැන් හඳුනාගැනීමට උපකාරී වෙනවා. බොහොම ස්තුතියි.
මේ කොළඹ අවට. අර තරම් වාණිජකරණයට ලක්ව තිබුණත්, හිත නිවෙන අපූරු පරිසරයක්.
@ චීටා: ස්තුතියි ආවට. කාලෙකට පස්සෙ ලිව්වෙත්.
ReplyDeleteඉඳහිට ඒ පැත්තෙත් යන්න වෙනවා. :-) තව මං වගේම එක්කෙනෙකුත් මේ අවට සැරිසරන බව අඳුනන අය කියනවා. මමත් තාම දැකලා නෑ.
@ නිසුපා: බොහොම ස්තුතියි කියවා අගය කළාට.
@ බස්සා: ගුටි නොකා සිටීමේ අයිතිය පිළිබඳ ලිපි කියෙව්වා විතරක් නෙවෙයි, ඒකෙන් දැනගත් කතාවක් මූණ පුලුටු කරගෙන යාළුවො එක්කත් කිව්වා. ඒත් සංවාදයකට උචිත පරිදි කොමෙන්ටුවක් ගොතා ගන්නට බැරි වුණා. ඉක්මණින්ම එනවා. බස්සගෙ ඒ ලිපි කියවනවිට මනෝවිද්‍යාවට ඉගෙන ගත් සමහර කරුණු සිහි වුණා.
ReplyDeleteරෝහල හා සේවය සම්බන්ධ තොරතුරු බෙදාගැන්ම ගැන මගේ හිතේ පොඩි කුකුසක් ඇත. පොඩි කිව්වට පොඩිමත් නෑ. ඒ නිසයි ඒ සම්බන්ධයෙන් නොලියන්නෙ. සමහරවිට ඉදිරියෙදි ලියැවෙයි, තෝරා බේරා ගැන්මකින් පසු.
බොහොම ස්තුතියි නිතර ඇවිත් දෙන දිරියට.
ඔයාගෙ කතා වලින් මම කැමතිම කතාව.දන්නව ඇති කතාවක් කියවන්න එක්තරා ක්‍රමයක් තියනව,(නම නං මතක නෑ)ඉතාම හෙමින් කොටසක් කියවල ඒ පිළිබදව චිත්තරූප මවාගන්න ක්‍රමය...... අන්න ඒ විදියට තමයි මට මේක කියවන්න හිතුනෙ.ඉතිං ඒනිසා මේකෙ කොමෙන්ට්‍ටු දාපු අයගෙන් මම තමයි වැඩිම රසයක් ලැබුවෙ.හරියටම චිත්තරූප මවාගන්න පුළුවන් විදියට ලියල තියනව.ඒ විදියට කියෙව්වෙ නැතිඅය ආයෙත් කියවල බලන්න මං කිව්වට.
ReplyDeleteවෙනත් තැනක, වෙනත් කාලයක, වෙනස්ව ඈඳුනු, සිද්ධි මාලාව මෙන්න මේ දැන් මෙතන, ඔබ මවා ලන අපූරුව !
ReplyDeleteසිතිවිලි...
ReplyDelete________
මාළු බාමින් සිටි අයෙක්...
"චිහ් මොන වද කාරයෝ ටිකක්ද..? මුං මාළු අල්ලන්නෙත් නැහැ..අපිට අල්ලන්න දෙන්නෙත් නැහැ..මෙතන අවිත් දඟලලා මාළුන්වත් බය කරනවා..හුටා ඒ පාර පාන් කෑලි කඩ කඩ දානවා නේද වතුරට..දැන් ඉතිං අපි බායි මාළු මේන් කියලා.. ඇයි යකෝ අපි දෙන මේ පොඩි පාන් කෑලි වලට මාළු ඇදෙයිද දැන්..මුං දෙන ලොක් පාන් කෑලි දැක්කම.. හිටුකෝ හෙට ඉඳන් පාන් ගෙඩිය ගානේ අමුනවා ඇමට..හැබැයි ඉතිං මාළු විකුණන්න වෙන්නේ රත්තරංනල ගානටම තමයි.. සික් මුන් තුන්දෙනෙක් එකතු වෙලා ලංකාවේ මාළු මිලත් ඉහළ යවනවා"
මල් කරු...
"පව් පිස්සු ළමයි තුන්දෙනෙක්... බෝට්ටු පදින්නත් සල්ලි නැද්ද කොහේද..? කෑවෙත් රෝස් පානුයි වඩේයි..මල් ගන්න සල්ලිත් නැතිව ඇති.. ඒත් කතා කරන්නේ දේශපාලනේ..පව් කාගේ උනත් දරුවොනේ..දෙන්න ඕන මල් ටිකක්වත්..අතින් පයින් යන එකක්යෑ.."
මාළුවෙක්...
"මොක්කුද යකෝ මේ තඩි පාන් කෑලි වලින් අපිට ගහන උන්..අර අර අපේ එකෙක් මලාද මංදා..මෙච්චර දවසක් හිටියේ පොඩි පාන් කෑලි දාලා අපිව සැරෙන් සැරේට උස්සන එවුන්..දැන් පොකුරු පිටින් මරන්නද මංදා මුං හදන්නේ..අනික දාන තරමක් දාන්නේ පාන් ඔළු..ඕවා කන්න පුළුවන්ද අපිට..?බුදු අම්මෝ..මගේ ඔළුව.."
තවත් මාළුවෙක්...
"ඇති..ඇති..දැන්නං ඉවසුවා හොඳටම ඇති...මේ ගෑණිත් එක්ක තවත් ජීවත් වෙන්න බැහැ..අදනං බිලී කොක්කක එල්ලිලා හරි මැරෙනවා..කෝ මේ බිලි කොකු වෙනදට මේ හරියේ තියෙන..ෂැහ් අද එකක්වත් නැද්ද මංදා.."
නෙළුම් මල්...
"යහ අගේට වැවේ හිටය අපිව ගෙනත් මෙතන වේල වේල කර කරනවා මදිවට තව කතත් ලියනවා..හුහ්.."
ඔතන නොහිටි තවත් එකෙක්...
"අපිව හලලා ගිහින් කොහේද යන වතුර වලක් ගාවට වෙලා පාන් කාලා මාළුන්ට පාන් ඔළු වලින් ගහලා උන්ව මරලා.. මාළු කාරයින්ගේ බඩටත් ගහලා.. තව ඒ මදිවට අර අහිංසකයෙක් තමන්ගේ කතාව අහගෙන ඉන්න විත්තිය තේරිලා ඒකගේ හිත උණු වෙන විදියට බොරු කියලා මල් ටිකකුත් නිකංම උස්සන් ඇවිත් ඒකට වද දෙනවා මදිවට හලලා ගිය අපේ හිත් තවත් රිද්දන්න කතාත් ලියනවා..හිහ් හිටුකෝ.."
ඔහෙලා තනියම ට්‍රිප් ගිහින් අපිට පරවෙච්ච නෙලුම් මල් විසිකරනවා නේද . මගේ බලවත් ඉරිසියාව මෙයින් පිරිනැමේ .
ReplyDeleteකතාව නම් ඉතින් කවදත් වගේ උපරිමයි. පොඩි වාර්තා ගතියක් තිබ්බට ගානක් නැහැ . අර මාරයාගේ කමෙන්ට් එකටත් මන් කැමතියි. මාළු කයිද රෝස පාන් . යන තැන කන එක අපේ ගතියක් නේද .තැනක් නොතැනක් නැහැ . ට්‍රිප් එකක් යනවා නම් ඉස්සෙල්ලම මතක් වෙන්නේ පානුයි සිනි සම්බෝලද ..සිනි සම්බෝලයි පාන්ද කියල තමයි. මන් නම් ඔය කෑම ඔතන් යන්න හරි කම්මැලියි.[ කවුරු හරි ඔතන් ආවොත් කන්න නම් කැමතියි.]
කට්ටිය මෙහෙ එන්න අනේ ..විල් තුන් දාහක් තියෙනවා හැනොයි වල ..දවස් ගානේ ඉඳල තියන්නම් ..හංස බෝට්ටු පදින්නත් පුළුවන් .
මට මේ කතාව කියවල මතක් වුනේ පොලොන්නරුව පැත්තේ එක්තරා හෝටලයක නතර වෙලා ඉදිද්දී දැක්ක වේලිලා ඉරිතලපු නෙලුම් විලක් . මල් නැහැ . අම්මෙකුයි ලමයෙකුයි නෙලුම් අල හාරනවා .
මේකත් එක හුස්මට කියවා කතා ලියන ආරට තව දුරටත් වශී වී සිටිමි. :)දොස්තර නෝනා බිසී බව දන්නවා වුනාට මීටත් නිතර කියවන්න තියෙනවා නම් අගෙයි!
ReplyDeleteදහඩිය සැලෙන තැන පිවිතුරු බව තියෙනව.
ReplyDeleteඔබ විස්තර කරල තියන ආකාරයට අපිටත් ආස හිතෙනව මෙතනට යන්න.. තව ගැඹුරු කතාවකුත් අන්තර්ගතයි වගේ..
ReplyDeleteඅපූරුයි අක්කේ!
ReplyDelete"නෙළුම් පොහොට්ටු.... ඒවා නෙළූ දෑත් අයිති මිනිසා මෙනැයි මට සිතේ. ඒවා පිවිතුරු බව සංකේතවත් කරන සුදු පැහැයෙන් යුතුය. බඳුනෙහි ඇති දිය උරාගෙනදෝ, තවමත් පොහොට්ටු සියල්ල ප්‍රාණවත්ව පවතී. ඇතැම් පොහොට්ටුවක් පිපෙන්නට වෙර දරයි. එහෙත් දියෙහි නිසි පෝෂණයක් නැති හෙයින්, එකදු පොහොට්ටුවක් හෝ මුළුමණින් පිපේදැයි අවිනිශ්චිතය. හෙට හෝ අනිද්දා, නොපිපීම ඒ මල් පරවනු ඇත"
මුළු කතාවටම වඩා කතාවක් ඔය වචන ටිකේ හැංගිලා.....
අපි ඉතින් නලිනි අක්කගේ ලිවීම හැමදාම වගේ ඔන්න අදත් රසවිදලා ගියා
ReplyDelete//රෝස් පාන්, පරිප්පු වඩේ, කට්ට සම්බල්, වඩේ කඩෙන් දෙන ලද සුදු පැහැති දියාරු සම්බලය හා උම්බලකඩ පැකට්ටුවක්ද එහි විණි.//
ReplyDelete- සරණිය පැත්තෙ සැරි සරනව වැඩී වගේ..
//"අපිමද දන්නෑ පදින්ඩ ඕන."//
- කම්මැලි නැති ළමයි ටික...
//"මංනං ඡන්දෙ දෙන්නෙ ලස්සන අයට."//
- ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ...
.....................
අපූරු විස්තරයක් දොස්තර නෝනේ..... ඔය නිදහස ගැන ඊරිසියා හිතෙන එක නම් නවත්තගන්න බැරියෝ...
ප/ලි
කෑම පෙන්නල අපේ ඛේට ග්‍රන්ථි වල පොට අරින්න උත්සාහ කරපු එකට... අරූව හලල ගිය එක හොඳම වැඩේ...
ඊයේ කියෙව්වම එක පාරට මතකෙට ආවේ පැලවත්තේ තියෙන අකුරුගොඩ වැව. ඉස්සර මාත් ස්ට්‍රෙස් උනාම එතනට ගිය අවශ්ථාවල මේ කියන වගේ සිදුවීම් ගොඩාක් විඳලා තියෙනවා. හරියට ලෝක දෙකක වගේ. එක තැනක ඉහල සමාජයේ අය බඩ අඩු කර ගන්න ව්‍යායාම කරද්දි අනිත් පැත්තේ වෙලේ ළිඳෙන් නාන බොහොම දුප්පත් ගැමියොත් හිටියා.
ReplyDeleteඔය ඉහත කියපු තැනට නලිනිගේ කතාව අස්සේ මම තනියම ගියා. වෙනදා ලියන ස්ටයිල් එකෙන් වෙනස් උනාට නලිනිට පුළුවන් ඕනෙම කෙනෙක් එයාගේ ලියමන් අස්සේ ඈත දුරකට අරන් යන්න.
ඒත් ඉතින් මට මල් දෙන්න කවුරුත් හිටියේ නෑ නේ. මාළුවෝ නම් බලෙන් ඇඟේ ගහන්න හැදුවා. ඔය වැව් මාළු කන්න කොයි තරම් ආස උනත් ලලින්ද්‍ර(මගේ රියදුරු) ගේ එක බැල්මට මම කට වහන් එන්න ආවා....
@ nalini
ReplyDeleteඔන්න බලන්න මම පොඩි ගුරුකමක් කලේ .නිකන් ඇමක් දැම්ම වගේ :) නලිනි ඉක්මනටම බ්ලොග් පෝස්ට් එකක් ලියලනේ .හී හී
මම කියවද්දි දිගටම කල්පනාකලේ ඔය වැව කොහේද කියලා :)
රෝහල් ජීවිතේ මොනව හරි දෙයක් ලියනවනම් ඔයාගේ සේවාදායකයොන්ගේ ( ඒ කියන්නේ රෝගීන් හරිද )අනන්‍යතාව , පුද්ගලිකත්ව වගේ දේවල් වලට හානියක් බලපෑමක් නොවෙන විදියට ලිඅයන්න පුලුවන් . ඒක ටිකාක් පරිස්සමින් හිතල මතල කරන්න ඕනේ . අපි වෘත්තීය ආචාර ධර්ම වලින් බැඳිල ඉන්නවනේ ඉහලම විශ්වසනීයත්වය රකින්න .
@සුජීව - ඔයාටත් ගුරුකමක් කරන්න වේවි වගේ . පාලු කඩෙන් පස්සේ මුකුත් ලිව්වේ නෑ නේද ? අපේ බ්ලොග් වලට වතුර ගහ ගහ ඉන්නේ ? මම කලිනුත් පොඩි උපදෙසක් දීල ඇති තමුන්ට ? මතකද ? හිකිස් ( රහසින් - අය්යල අහවිද නගාල දෙන උපදෙස් හී හී )
මාරය අයියා තමයි නියමම කමෙන්ට එක දාලා තියෙන්නේ
ReplyDelete@ රාජ්: මමත් හුඟක් වෙලාවට පරිසර වර්ණනා එහෙම තියෙනකොට මගෑරලා යනවා. පස්සෙ කතාව තේරෙන්නෙ නැතිකොට තමයි ආපස්සට පිටු පෙරළ පෙරළ හොයන්නෙ, මොකද වුණේ කියලා. :D නමුත්, එහෙම හෙමින් චිත්ත රූප මවාගෙන කියවනවනම්, ඇත්ත සිද්ධිය චිත්‍රණය කරගෙන වැඩි වින්දනයක් ලබන්නට හැකි බව ඇත්තයි.
ReplyDelete@ Weni: බොහොම ස්තුතියි අගය කිරීමට.
ReplyDelete@ මාරයාගේ හෝරාව: දිය මට්ටමින් යන්තම් ඉහළට ආ, නොආ ගානේ නෙළුම් කොළ මතුයෙහි රැඳුණු දිය බිඳු, සැඳෑ හිරු රැසින් නැහැවී රිදී පැහැයෙන් බැබලුණි. කොරවක්කෝ සිය සිහින් දිගු පාද තාලයට තබමින් නෙළුම් කොළ මතුයෙහි කඩිනමින් ඇවිදිති. නෙළුම් කොළවලට ඔවුනගේ බරක් දැනෙන බව පෙනෙන්නට නැත.
ReplyDeleteඈත දකුණු ඉවුරෙහි රුක්ගොමුවෙන් වෙන්ව නැගුණු උසැති ගසක්, අතුපතර විහිදා වැජඹෙයි. ඒ සෙවණෙහි වූ බංකුවක් මත තරුණ ජෝඩුවක් හිඳ සිටිනු පෙනේ..... :P
@ බින්දි: නෙළුම් දැක්ක ගමන් මතක් වුණේ ඔයාව තමයි. සෙට් වෙලා එන්නද එහෙනම් රංචුවම?
ReplyDeleteකෑම යන ගමන් මගදි ගත්තෙ. හදිසියෙනෙ කට්ටිය හම්බුණේ. යන ගමන් එක එක කඩවල නවත්ත නවත්ත ගත්තෙ. :D
අර අම්මයි දරුවයි නෙළුම් අල හාරන දර්ශනය හිතේ මැවිලා පෙනුණා. හෝටලයක් පෙනෙන මායිමේ බඩගින්නෙ ඉන්න මිනිස්සු. :( වතුරත් එක්ක අපේ ජීවිත කොච්චර සම්බන්ධ වෙලා තියෙනවද? වතුර නැතිකම මුළින්ම දැනෙන්න ගන්නෙ, අනික් හැමදේම වගේ, පොඩි මිනිහට.
@ malithi: බොහොම ස්තුතියි සොයුරිය. වැඩට නොයා මෙතන එල්ලිලා ඉන්න තියෙනවනම් මමත් කැමතියි. :D
ReplyDelete@ ```Outsider```: ශ්‍රමයෙ වටිනාකම.
ඒ තරුණයා ඇවිත් ඉන්න පරිසරය සුන්දරයි; කරන රැකියාවත්, දහදිය හෙළන්නට වී මුත් වරදක් නැහැ, ඔහුට ගෙවන වැටුපත් එක්ක බලනකොට. නමුත් ඔහුට ආශ්‍රයට ලැබෙන සමාජය එක්ක, ඔහුගෙ ජීවිතය කෙබඳු වේදැයි සැකයක් ඇති වුණා. ඔහුගෙ උපන් පිවිතුරුකම නැති කර නොගෙන ඇති බවයි මගෙ නිගමනය.
කියා ගන්න බැරුව හිතේ කොනක හැන්ගුනු මහා ලොකු බරක් ගැන කතාවකුත් මේ කතාව ඇතුලෙම තියෙනවා වගේ . ..
ReplyDeleteවෙනද ඒවා තරම්ම නැතත් ගොඩක් හොඳයි . .. .
ඔරු පදින එක...
ReplyDeleteමම කරන්න බයම දේවල් වලින් එකකි.
වතුරෙ ගිලිල මැරෙන එක තමා මැරෙන්න තියෙන නරකම විදිය..
කියවගෙන යද්දි මට හිතිච්ච දේ.
කතාව නම් ෆට්ට.
කවදත් වගේ අපූරුයි. හොඳම වැඩේ මාරයා මල්ලිව දාලා ගිය එක. අද පෝය දවසෙත් අන්න අරෙහෙ කජු මාළුවක් හදාගෙන .
ReplyDeleteඅපේ කතාබහ මඳකට ඇණහිටියේ එතැන නවතන ලද රියකින් වරින් වර නලා ශබ්දය නැගෙන්නට වූ හෙයිනි. රියෙහි ආ වැඩිමහලු පුද්ගලයා සිය මල් ඇණවුම භාර ගනිමින් සිටියේය. රිය තුළ සිටි කුඩා දරුවෙක් ඒ අතර සිය නිදහස භුක්ති විඳියි.
ReplyDeleteමේ ලිපියේ මම ආසම තැන මෙතන... නියමයි... නලිනි මොකද දැන් වැඩිය පේන්න නැත්තේ....
තෑන්ක්ස් නෝනේ.. සිත නිවුනා..
ReplyDeleteකෙටි චිත්‍රපටියක් සජීවීව මැවිල පෙනුනා..
අපි ඒ එක පොහොට්ටුවක් හෝ පිපේවායි ප්‍රාර්ථනා කරමු...
කතාව එක හුස්මට කියවගෙන ගියා. ඉලිසියාවෙ බෑ අපිව හලල ගියාට...ඔන්න ඊලඟ වතාවෙනම් මම එනවා.
ReplyDeleteගොඩාක් ලස්සනයි අක්කි. පණ්ඩිත වචනයෙන් කමෙන්ට් කරන්න බැරි උනාට.
මටත් හිතයි මේ ඔක්කොම අත ඇරලා ඔය වැවේ මල් නෙලන්න යන්න. හිතේ නිදහසෙන් ඉන්න පුළුවන් වෙයි එතකොටවත්.
කාලෙකට පස්සේ මේ පැත්තට ආවා ..ඇවිත් මග ඇරුණු ලිපි ටිකත් කියවලා ... වෙනදා වගේම සතුටින් නික්ම ගියා :DDD
ReplyDeleteලියන විදිහේ අපූර්වත්ය ............. [ වචන නැත ]
අර කිවා වගේ මේක කියවන් යද්දී අපූරු චිත්තරූප ටිකක් මැවුනා
ReplyDelete"නෙළුම් පොහොට්ටු.... ඒවා නෙළූ දෑත් අයිති මිනිසා මෙනැයි මට සිතේ. ඒවා පිවිතුරු බව සංකේතවත් කරන සුදු පැහැයෙන් යුතුය. බඳුනෙහි ඇති දිය උරාගෙනදෝ, තවමත් පොහොට්ටු සියල්ල ප්‍රාණවත්ව පවතී. ඇතැම් පොහොට්ටුවක් පිපෙන්නට වෙර දරයි. එහෙත් දියෙහි නිසි පෝෂණයක් නැති හෙයින්, එකදු පොහොට්ටුවක් හෝ මුළුමණින් පිපේදැයි අවිනිශ්චිතය. හෙට හෝ අනිද්දා, නොපිපීම ඒ මල් පරවනු ඇත."
ReplyDeleteඇත්තම කියනවා නම් මේ වගන්තියෙන් ඔයා කියල තියෙන දේ තමයි මටත් හිතෙන්නේ ලංකාවේ ඉන්න ටික කාලේදී දකින පුංචි දරුවෝ දැක්කම.. මන් හරිම ආස දෙයක් තමයි ඉස්කෝලේ ඇරිලා එලියට යන පොඩි උන් දිහා බලන් ඉන්න එක.. කොච්චර බලන් හිටියත් ඇතිවෙන්නේ නැහැ එත් අවසානයේදී මට එන සිතුවිල්ල් ඔයා ලියු එකයි.. මන් ලිවුවා එක ඔයාගේ කතාවට අද්දලම නැහැ එත් ඔන්න මට හිතුන දේ.. මොනවා කරන්නද ?
[[ඔයාටත් ගුරුකමක් කරන්න වේවි වගේ . පාලු කඩෙන් පස්සේ මුකුත් ලිව්වේ නෑ නේද ? අපේ බ්ලොග් වලට වතුර ගහ ගහ ඉන්නේ ? මම කලිනුත් පොඩි උපදෙසක් දීල ඇති තමුන්ට ? මතකද ? හිකිස් ( රහසින් - අය්යල අහවිද නගාල දෙන උපදෙස් හී හී )]]
ReplyDeleteටීජී;
නංගිලා කියන එව්වාලු අයියලා අහන්නේ. මාකටින් කරන කට්ටිය කියන හැටියට මේක ලෝකේ ඉතාම සාර්ථක ක්‍රමයක්ලු අදහසක් කෙනෙකුට ඒත්තු ගන්වන්න :)
ඒ නිසාම පමණක් නොවේ කතාව ඇත්ත නිසාත් මා ඔබේ උපදෙස නම් ඉස් මුදුනින් ම පිලිගන්නවා [ස්තුති පූර්වකව]
ප්‍රශ්නේ තියෙන්නේ දිග පොස්ට් එකක් නිවී හැනහිල්ලේ ලියන්න වෙලාව හොයා ගන්න එකයි. ක්ෂණිකව ලිවිය හැකි කමෙන්ට් ටෝන් ගාලා දානවා වගේ නෙවෙයි [දන්නවනේ මං ඉතින් විකිය වත් නොබලා අර්ධ අසත්‍ය ලියන කෙනෙක් බව - බුරා වගේ අයට පින් සිද්ද වෙන්න සත්‍යය මතු වන්නේ] හිත එක තැනක තියාගෙන එක දිගට ලියන එක.
එදා පාලු කඩේ ලියලා ඉවර වෙනකොට උදේ හතරහමාරයි. මේ දවස්වල එහෙම ඉන්නපුලුවන් වෙලාව එක්සෑම් මගුලට දානවා. එම්එස්සී එකේ එක්සෑම් කාලේ ඉවරයි කියල හිතුවට තව සෙමෙස්ටර් එකක් තියෙන බව පසුව දැනගන්න ලැබුනා. ඒ මදිවට මග දිගට ලයිට් කණු කෙලින් කරන්නට ඇත. :)
ඔන්න ඕකයි පැහැදිලි කිරීම. බාගෙට ලියු කතාව සම්පුර්ණ කර ගන්න ලැබුනොත් ලොකු දෙයක්. ඒ ගැන දෙන දිරියට ටීජී ට පින්.
@ Gimhani: කොළඹ කිට්ටුව තැනක්. හැබහින්ම යන්නට පුළුවනි.
ReplyDelete@ පූසා: ඒ නෙළුම් මල් දැන් එකිනෙක පරවී යනවා. :( ඒ මිනිස්සුන්ගෙ ජීවිත වගේම.
@ ItalyDilan: බොහොම ස්තුතියි ඇවිත් ගියාට.
@ සපතේරු උන්නැහේ: :D නිදහසනම් ඇත, මේ මගුල් ඉගෙනිල්ලක් නැත්නම් තවත් ෂෝක්; රස්සාවත් නැත්නම් ඊටත් ෂෝක්.
හලලා ගිය හැමෝගෙන්ම චෝදනා පිට චෝදනා.
@ Il mondo di una povera pazza: මෙතනට ඒ නමත් කියනවද කියලා මම දන්නෙ නෑ. අපි කියන්නෙ වෙන නමක්. සමහරවිට මේ හරියෙ වැව් කීපයක් ඇති.
ReplyDeleteරියැදුරු මහත්මයා දන්නවා ඇතිනෙ අපිට වඩා ඒ ගැන විස්තර.
@ TG: ආයෙත් අහලා. ගුරුකම තිතට වැඩ කරලා.
වැව තලංගම. නොවැම්බර් දිහාට කුරුල්ලො බලන්න කියාපු තැන.
@ mahima: මාරයා ඉරිසියාවෙ පැලෙන්න එනවා
@ දුකා: ඒක ඇත්ත. පරිසරයෙන් හිතට දැනුණු සැහැල්ලුව මොහොතින් නැති වෙලා ගියා. ඒ මල් දකින දකින ගානට බරක් දැනෙනවා.
ReplyDelete@ පැණි දොඩම්: අපොයි ඔව්. සෙල්ලම් නෙවෙයි.
@ හරී- පිණිපළස: මමනම් කජු කන්නෙ නැති හින්දා ගානක් නෑ. :D
@ අභීත: ටිකක් වැඩ වැඩි මේ දිනවල.
@ මාතලන්: පිපෙන්නට වෙර දරන පොහොට්ටු සිය දහස් ගණනක් අතරින් එකක් හරි පිපේවා කියන එක තමයි අපේ පැතුම.
ReplyDelete@ ZuRi: ඊලඟ දවසෙ අනිවා එක්ක යනවා. මල් නෙළන්න යන්න..... පීනන්න පුළුවන්ද?
@ වැප්: බොහොම ස්තුතියි සහෝ.
@ ayesha: එහෙනම් මට සතුටුයි.
@ සරත් ලංකාප්‍රිය: ඇත්තටම සරත්, මටත් ඉස්කෝල ඇඳුමෙන් ඉන්න පොඩි දරුවන් දැක්කහම, ඊලඟට හිතට එන්නෙ, අනාගතයෙදි ඔවුන්ට මොකක් වෙයිද කියන එකමයි.
ReplyDeleteමහමග සිඟාකන, එහෙම නැත්නම් කුලී වැඩ කරන, දුක් විඳින විදිහෙ රැකියාවක් කරන කෙනෙක් දැක්කහම මට හිතෙන්නෙ, "මේ මනුස්සයා පොඩි කාලෙ හිතන් හිටියෙ මොන විදිහෙ රස්සාවක් කරන්නද? මේ මනුස්සයගෙ දෙමවුපියන්ට දරුවා ගැන තිබුණෙ මොන වගේ සිහිනද?" වගේ දේවල්.
හිතේ තිබුණු එකම බලාපොරොත්තුවක්වත් ඉටු නොවී මිය යන මිනිසුන් කොපමණ ඉන්නවද?
@ සුජීව: ඉක්මණටම විවේකයක් ලැබේවායි පතන්නම්.
අම්මපා...
ReplyDeleteපාවිච්චි කර ඉවත දැමූ ජෑම් බෝතල් නෙළුම් මල්වලට අගුණ බැව් මෙම පරීක්ෂණයෙන් පැහැදිලි විය..:D
ReplyDeleteවැස්සේ නාවන්න එක්ක යාමෙන් සමහරුන්ගෙ හිත් හැදීමට නොහැකි බව නිරීක්ෂණ වලින් පැහැදිලි වේ...:DDDD
ReplyDeleteතූ විතරක්...
ReplyDeleteකොල්ලන් කෙල්ලන් මඩ තලනා විට..ඔටුවන්ට රජ මඟුල් යැයිද නිරීක්ෂණ වලින් හෙලි වෙමින් පවතින කරුනකි..:D
ReplyDeleteදැනට කල නිරීක්ෂණ වලින් අපිට කල හැකි නිගමනය වන්නෙ විලෙහි සිටි ඉබ්බන්ටත් වඩා වයස ගියවුන් තමන් කොල්ලන් කියා සිතන බවයි....
ReplyDeleteඉබ්බන් රට ගොස් ඔටුවන් වූ පසු..රටෙහි ඉතිරි වූයේ කොල්ලන් පමණි..
ReplyDeleteඅපූරුයි,ඉස්පාසුවක් ලැබුනම සේරම ලියැවිලි ටික කියවන්න ඕනේ.
ReplyDeleteමේක කියෙව්වෙ දාපු දවසේමයි මං හිතන්නෙ, සුපුරුදු විදිහට කොමෙන්ටුවක් නොදා ගියා. ඒත් අද ඇවිත් බලනකොට මේ පින්තූර ටික දැක්කා. මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ.
ReplyDelete"මල් ටික තිබුන විදිහට විලේම තිබුනනම්..?"
මල් දුන්නු කෙනා කැමැත්තෙන් දුන්නා වගේම ගත්ත කෙනත් කැමැත්තෙන්ම ගත්තා ඒත් ඒ මල් පරවෙලා යනකොට දුකක් දැනෙනවා!
අපේ ජීවිතවලත් 'නොසිතූ' මොහොතක 'නොසිතූ' විදිහට බලාපොරොත්තු ඇතිවෙලා, ඒවා සුනුවිසුණු වෙලා ගිහාම, 'නොසිතූ' විදිහට සිත කළකිරෙනවා.
ඒක නෙවේ අර කාටද බැන්න කිව්වෙ..? ;)
@ සිතුවිලිමණ්ඩිය: බොහොම ස්තුතියි.
ReplyDelete@ හිතමිතුරු: මල් ටික ඊයෙ උදේ විසි කළා. :( සමහර මල් බාගෙට පිපුණා. ඉතිරිය නොපිපීම පර වුණා.
බැන්නෙ ඉතින්..... හිතා ගන්නකො. :D
මට මිස් වුනේ කොහොමද මන්ද මේ පෝස්ට් එක , ඒ වුනත් තාම (ප)ar(ප)අක්කු වැඩි නැහැ, අදත් කොමෙන්ට් දාල තියෙනවනෙ කට්ටිය. හැබය් වැඩිය කියවන්න යන්නෙ නැහැ, පෝස්ට් එකටත් වඩා කොමෙන්ට් එන්ජෝය් කොලා කිව්වොත් දොස්තර නෝනට කේන්ති යය්ද මන්ද?
ReplyDelete@ ඔබ්සර්වර්: අපොයි නෑ. කට්ටිය සෑහෙන ෆන් එකක් අරන්නෙ. :D
ReplyDeleteඑහෙනං ඩොක්ට අපිට අනිත්‍යය කියල දුන්න.
ReplyDeleteසාධු! සාධු!
රුසියන් කෙටිකතාවක් කියෙවුව වගේ . . . .
ReplyDeleteනලිනිගෙ පැත්තේ නිතර ඇවිත් හැරිලා ගියා..... පෝස්ට් එකක් එන්න ඕනේ කාලේ හරි නේද?
ReplyDeleteඅපි දෙන්නම කියන්නේ එකම වැව තමයි. කොහොමත් ඉතින් මට ඔයා තරම් සාමාන්‍ය දැනීම නෑ නේ... මම ඉතින් කියපු දේ කරා ආවනේ. ලැබුනොත් එක්වෙලා දවසක රවුමක් යමුකෝ...
@ පොත් ගුල්ලා: ඒ මල් ටික මෙතන උදේ හවා ඇහැ ගැටෙන තුරු මට අනිත්‍ය සිහි වුණා; දැන් නෑ. :D
ReplyDelete@ ඕනයා: :-) ස්තුතියි සහෝ.
@ රංගි: නොසෑහෙන්න වැඩ වැඩි මේ දවස්වල. :(
ඔහොම තැන්වලට යන්න ඕන ඒකට හරියන කට්ටියක් එක්ක. දවසක යමු. :D
ලොකූ කතාවක් හරි පොඩි විදිහට කියලා. අනර්ඝයි :)
ReplyDelete