අරුණ නොදැරිය හැකිව
රිදුම් දෙන යෞවනය
රුවා පෙති කරල් මැද
නැගෙන්නී
පෙර දිනෙක රෝ දනට
උවටැනින් ගෙවුණු දිවි
සිහි වුවද පසුතැවිලි
නොවන්නී
මිදුණු දෑඟිලි වෙරෙන්
ඉක්මණින් පල දරන
කෙටි පැතුම් තුරු වෙසින්
සදන්නී
දැවෙන සිත නොතලනා
සුවය දෙන හිතවතුන්
රිදුම් දෙන යෞවනය
රුවා පෙති කරල් මැද
නැගෙන්නී
පෙර දිනෙක රෝ දනට
උවටැනින් ගෙවුණු දිවි
සිහි වුවද පසුතැවිලි
නොවන්නී
මිදුණු දෑඟිලි වෙරෙන්
ඉක්මණින් පල දරන
කෙටි පැතුම් තුරු වෙසින්
සදන්නී
දැවෙන සිත නොතලනා
සුවය දෙන හිතවතුන්
පිච්ච මල් කැකුළු මැද
දකින්නී
ලද නොලද සියල්ලෙහි
අකම්පිත වන්නෙහිද?
දිරිය නැගණිය
තිලකා.
ලද නොලද සියල්ලෙහි
අකම්පිත වන්නෙහිද?
දිරිය නැගණිය
තිලකා.
ලේකකයෙක් මවන සමහර චරිත ඇතුලේ ලේකකයත් ජීවත් වෙනවද ?
ReplyDelete@ සරත් ලංකාප්‍රිය: සමහර චරිත ඇතුළෙ අපි ජීවත් වෙන එක, එහෙම නැත්නම් චරිත තුළට අපි රිංගන එක නවත්තන්න අමාරුයි නේද? :D
ReplyDeleteපසු දැක්ම...
ReplyDelete