Wednesday, August 31, 2011

නමෙහි ඇත්තේ කිම?


නමෙහි ඇත්තේ කිම?
අප රෝසයයි කියන මල
අන් කවර නමකින් ගත
මිහිරි සුවඳම පතුරයි.


අවාසනාවකට මෙන් මේ හුරුබුහුටි කවිය කවුරුන් අතින් ලියවුණක්ද, කොතැනක තිබී කියවූවාදැයි මට අමතකය. මතක තරමින් එය බුදු වදනක පරිවර්තනයකි.

යොදන නම අනුව මලෙහි ස්වභාවය වෙනස් නොවෙන බව පැහැදිලි කරලන්නට ගෙතුණු පද වැල, සත්‍යය ඇති සැටියෙන් දකින ලෙසින් ඉල්ලා සිටී.

එසේ ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ, යමක් ඇති සැටියෙන් නොව, වෙනස් ආකාරයකින් දැකීමට අප හුරුව ඇති නිසාවෙනි.

නමෙහි ඇත්තේ කිම?

වචනයක් පමණෙකි. හඳුනාගැන්මෙහි සළකුණක් පමණෙකි. නමුත් අපි හඳුනාගැනීමෙන් නොනවතිමු. ජීවත් වීමෙන් අප ලද අත්දැකීම් අනුසාරයෙන්, ඒ නම වෙනස්ම අත්දැකීමක් කරගන්නට අපි පෙළඹෙමු.

නමක් ඇසුණු කල්හි, අකුරුවලින් ඔබ්බට සිත මෙහෙයවන අපි තවත් බොහෝ තොරතුරු අනුමාන කරමු:
කුමන ජාතියකට අයත්ද?
කුමන ප්‍රදේශයක අයෙක්ද?
කුමන කුලයට අයත්ද?
ස්ත්‍රීපුරුෂභාවය කුමක්ද?
කුමන යුගයකට අයත්ද?
කුමන සමාජ තරාතිරමකට අයත්ද?
දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම කෙබඳුද?
දෙමවුපියන්ගේ සමාජ අවබෝධය කෙබඳුද?
දෙමවුපියන්ගේ දේශපාලන මතවාදය නොහොත් ආගමික විශ්වාසය කෙබඳුද?
නම අයත් පුද්ගලයා කෙරෙහි නම තැබූවන් තුළ වූ බලාපොරොත්තු කවරේද?

අර්ථය සමාන වන මුත්, චන්ද්‍රාවතී සඳාගෙන්ද, සඳා චාන්දනීගෙන්ද වෙනස් වන්නේ එහෙයිනි.
නාමයේ රූපය අනුව, අපි තව බොහෝ දේ අනුමාන කරමු. "මම මෙලෙස අනුමාන කරන්නෙමි"යයි අප නොසිතන බව සැබෑය. නමුත් නම කියවන, අසන ඇසිල්ලෙකින් මේ හැඟීම් සමුදාය සිතෙහි හට ගනී.

එතැන් සිට අප පුද්ගලයා දෙස බලනුයේ අර අකුරුවලට හසු නොවුණු තොරතුරුද යටිසිතෙහි දරාගෙනය.
සීතා අප සිතෙහි ඇති කරන හැඟීම, බියට්‍රිස් විසින් ඇති කෙරෙන හැඟීමම නොවේ.

ඒ එක් පැත්තකිනි.

ලියැවිල්ලක නමක් දකිනවිට අපි සිතින් ඒ නම කියවමු. සිතින් උච්ඡාරණය කෙරෙන මේ නම, අපටත් නොදැනීම අපේ සිතට බලපෑම් කරයි. ඇතැම් නමක්, පසුබිමෙහි ඇති වචන සමග පෑහී, එතුළම ගිලෙයි. තවත් නමක් පසුබිමින් වෙන්ව නැගී අපේ අවධානය ඉල්ලා සිටී. තවත් නමක් පසුබිම හා පෑහෙනු නොහැකිව සැඟවෙයි.
කුමාරි, සමිත, ප්‍රියන්ති වැනි නම් අතර ඇන්ජලා මෙනි; ශානිකා, ප්‍රබෝධ, මනෝජ් වැනි නම් අතර කිත්සිරි මෙනි.

පසුබිමෙහි ඇති කථාව හා පෑහී, එහිම ගිලෙන නමක් නිසා, කියවන්නාගේ අවධානය කථාවෙහි පැතිරෙයි. නොඑසේව, පසුබිමට ඉහළින් ඉස්මතු වෙන නමක් නිසා චරිතයට වැඩි අවධානයක් යොමු වෙයි. පසුබිමට අනුචිත හෙයින් යට ගිය නම අපට පහසුවෙන් අමතකව යා හැකිය.

ඒ තවත් පැත්තකිනි.

මට නොපෙනෙන පැතිද තව බොහෝ ඇතුවාට සැක නැත.



කරුණු මෙසේ හෙයින් වචන බොහෝ ගණනකින් කිව යුතු දෙයක් ඇඟට නොදැනීම සිතට දැනෙන්නට සැලැස්වීමේ හැකියාවක් නමකට ඇත.

කෙටියෙන් කිවහොත්, ශානිට සරා විය නොහැක.

56 comments:

  1. ඇත්තටම නමෙහි ඇත්තේ කුමක් වූවද ඒ ඒ සෑම නමින්ම ඒ ඒ දේවලට සුවිශේෂ වූ අනන්‍යතාවයක් පිළිඹිබු කරනු ලබයි...

    කාලයත් සමඟම.. නොයෙකුත් මතවාදයන් සමඟින් අපගේ සිත් තුලට කිඳා බැස ඇති යම් යම් කරුණු කාරණා මත පදනම්ව යම් දෙයක් නමින් කියූ පමණින් අපේ සිතේ චිත්ත රූප ඇඳිම නතර කල හැක්කේ කවරකුටද..?

    එම මැවෙන රෑපය තුල ඇති සැබෑ ස්වභාවය කුමක් වූවද.. එය පිළීබඳව අප සිතේ ඇඳි ප්‍රථම රූපය අපට දෙන දේ පසුව නාමයට අයත් රූපය තුල ඇති සෑබෑ ස්වභාවය වටහාගත්තද ප්‍රථමයෙන් අපට දුන් සංඥාව සම්පූර්ණයෙන්ම අත් හැරීමක් සිදු නොවේ...

    යම් යම් සුවිශේෂී අවස්ථාවන් වලදී මෙය වෙනස් විය හැකි මුත්... සාමාන්‍ය තත්වයක් යටතේදී එය එසේම වීම නිතරම දැකිය හැකිය..

    කිසිසේත්ම ශානිට සරා වීමට නොහැක...එමෙන්ම සරාට ශානි වීමටද නොහැක.. එය තේරුම් ගත හැක්කේ ශානිවත් සරාවත් ගැන දන්නා අයකුට මිස පිටතින් අත ගා බැළු අයකුට නම් නොවේ...

    නිර්මාණයක් වනසන්නටද හැකියාවක් ඇවසිය..ඔවුනට නම් සරාව ශානි කිරීම එතරම් දෙයක් නොවේ...

    ReplyDelete
  2. ඔව් ඔව් පූසෙක්ට වල් බාවෙක් වෙන්ඩ පුලුවන් උනත් ශානිට සාරා වෙන්ඩ බෑ

    කතාවනම සම්පූර්ණ ඇත්ත අක්කා.. අනුන්න්ගෙ හැගීමක් මැදට තමුන්ගේ කෑලි දාන්න ගියාම ඔය වගේ දෙවල් වෙනවා අන්තිමට ඉතින් අර පාතාලේ වලියක් මැදට ගිහින් නරක සමනලයා කියලා බැන්නා වගේ තමයි මෙලෝ රහක් නෑ වෙනවා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නමේ ඇත්තේ කුමක්ද?
    නම කියන්නේ සංකේතයක් නේද?
    නම කියන්නේ සසර බැඳ තබන තවත් එක් රැහැනක් නෙමේද?
    නම කියන්නේ අපේ ලොකුම දුර්වලකම නේද?
    නම නැත්තන් අද ලෝකේ මෙච්චර සංකීර්ණ වෙයිද?
    ලෝක විනාසයටත් කවදා හරි හේතු වෙන්නේ මේ නම නේද?
    කොහොම කිව්වත් මමත්වය එන්නේ ඔය නම නිසා නේද?

    ReplyDelete
  5. මේ නම් කෙළියනම් මට අල්ලන්නෙ නෑ.
    දවසක් කෙනෙක් මගෙත් එක්ක තර්ක කළා මට අම්මල තියපු නමලු "මම" කියන්නෙ. මම වෙන නමක් භාවිතා කරන එක අනෙක් අය රැවටීමක්ලු. ඒත් ඉතින් මම කිව්ව මේක මම කැමැති නම ඒ නිසා මේකෙන් මාව හඳුනගන්න පුඵවන්නෙ කියල. ඒත් මිනිහ කැමැති වුණේ නෑ වැඩේට.
    මමනම් කැමැතියි අවුරුද්දෙන අවුරුද්ද මිනිස්සුන්ගෙ නම වෙනස් කරන්න ක්‍රමයක් තියෙනවනම්. එහෙම නැතිකොට නම කියන එක නිකම් හංවඩුවක් වගේ බේරුමක් නෑ. :)

    ReplyDelete
  6. යම් වස්තූන් සමඟ අපි අපේම අත්දැකීම් හරහා ඇති කර ගන්නා.. සිතුවිලි සමූහය..යම් විටෙක ඒ වස්තුවේ නියම ස්වභාවය තේරුම් ගැනීමට බාධා පමුණුවනවා..අමාරුවෙන් හරි පැළඳ ගෙන ඉන්න පාට කණ්නාඩි ගලවල බැලුවහම,තවත් සිතුවිලි සමුදායකින් ඒ වස්තුවම වසා ගන්නව..යථාර්තය දකින්න ඉඩ දෙන්නෙ මොහොතයි..උත්පාද, ථිති, භංග... උත්පාද, ථිති, භංග... නැවතත්..නැවත නැවතත්.. කොහෙද මේ වක්‍රයේ අගක්, මුලක්?

    ReplyDelete
  7. ළමයා, ඔය උඩින් තියෙන කවිය බුදු වදනක් නොව දාවිත් සකුරුපිය ගේ කවියකි.

    මුල් කවිය මෙසේය.

    What's in a name? That which we call a rose
    By any other name would smell as sweet.

    ඔය කවිය කියන්නේ ජුලියට් නම් ගෑල්ලමයෙකි. මෙතන බලන්න.
    http://www.enotes.com/shakespeare-quotes/what-s-name-that-which-we-call-rose

    ඕනැම නං විතරක් මෙතනත් බලන්න.

    පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක් - මුල් කොටස

    ReplyDelete
  8. ඇත්ත කතාව අක්කේ...අපි නමකට වෙන වෙන දේවල් එකතු කරගන්නවා සිත ඇතුළේදී..සමන් මැට්ටෙක් වුනත් ඉස්කෝලේ රෝයල් නම් අපිට හිතෙන්නේ රෝයල් ගිහිනුත් මේකා මෙච්චර මැටි ගොඩක් වුනේ කොහොමද කියලා..මේකත් අර stereotyping කියන එකේ එක්තරා ස්වරුපයක් කියලා මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  9. @ කතන්දර: බොහොම ස්තුතියි කවියෙ මුල සොයා දුන්නට. සිංහල පරිවර්තනය කාගේදැයි මට තවමත් සිහි නොවේ. එය කියවා බුදු දහම හා ගළපා බැලීමට මා පෙළඹෙන්නට ඇත. එය බුදු වදනක් ලෙස මගේ සිතෙහි ධාරණය වන්නට ඇත්තේ එහෙයිනි. කාලයාගේ ඇවෑමෙන් මගේ සිතෙහි ඇති වූ හැඟීම පමණක් ඉතිරිව ඇති සෙයකි.

    ReplyDelete
  10. ඇත්තම ඇත්තය...

    නමක සැබෑ අරුතද එහි වටිනාකමද ඇත්තේ නම යෙදූ කෙනාට හෝ නම දරා සිටින කෙනාට නොවේද..

    මගේ පුතාගේ නම "නිකීතා" ය, එය වටින්නේ මටත් උගේ අම්මාටත් ය.. සමහරු එය ගැහැනු නමක් වැනියයි කියති... "නිකීතාගේ ලමා කාලය" ගැන නොදන්නා ඔවුන් ගැන මට දුකක් නැත.. කාලයක් ලොවෙන් බාගයක් පාලනය කල "නිකීතා කෘෂෙව්" ගැන නොදන්නා ඔවුන් ගැන මට දුකක් නැත... ඒත් මගේ කොල්ලාට උන් නිමල් කියා කතා කලොත් මට අනිවා මල පනිනු ඇත... ඒ නිමල් කියා නම් ඇති දරුවන්ට ආදරේ නැතුව නොවේ... මගේ එකා නිකීතා නිසාය...

    ඩොක්ට නලිනි අර නිර්මාණ තමන්ගේ දරුවන්ට සමාන කරමින් බ්ලොගයට එක්කල වැකියෙහි සැබෑ අරුත කිම යැයි ටික දිනක් කල්පනා කෙරුවෙමි... වැටහෙන්නේ දැන්ය...

    කවදාවත් නිර්මාණයක් නොකල එකාට ඔය කිසි දෙයක් ගැන හැඟීමක් නැත... ඌට සරාත් එකය ශානිත් එකය , බ්‍රැන්ඩිත් එකය කසිප්පුත් එකය...

    ReplyDelete
  11. මට වගේ දිග නම් ලිස්ට් එකක් මේ බ්ලොග් වල කාටවත් නැතුව ඇති..ඉතින් ඒ මොන නම භාවිතා කලත් මාව අදුරගන්නේ අර රෝස මල වගේ සුවදින්ම තමයි. නමින් නෙමේ......

    ReplyDelete
  12. @ සපතේරු උන්නැහේ

    කාලෙකට පස්සෙ බොක්කට වදින කොමෙන්ටුවක් හා මාතෘකාවට අදාල කොමෙන්ටුවක් දැක්කෙමි සිංහලෙන් කියනවානම් මැක්සාය

    ReplyDelete
  13. උඩ බලා ගෙන , බිම බලා ගෙන , වට පිට බලල , ඒ මොකකින්වත් තේරුම් ගන්න බැරිවුන මේ කතන්දරේ සපෙතේරු ගෙ කොමෙන්ට් එකෙන් තමයි තේරුනෙ....
    සීයට සීයක් එකඟයි නලිනි....මේක නිකම් publicity දෙන්න rape කරනවා වගේ වැඩක්නෙ....

    ReplyDelete
  14. @ මාරයාගේ හෝරාව: සරාගෙ කතාව, කපුටු පැටියගෙ කතාව.... :D හැම පොඩි දේකම වෙනම වටිනාකමක් ඇත.

    @ හර්ෂණ: වල් බාවෙකුට වල් බව්වෙක් කිවූ කල ඇති වන හැඟීම කුමක්ද?

    @ ලකී: හොරා!! කොමෙන්ටුව මකලා ගිහිං.

    ReplyDelete
  15. විලියම් ෂේක්ස්පියර් මාමා දාවිත් සකුරුපිය කිරීමෙන්

    කතන්දර මාමාත් සරා ශානි කොට ඇති සෙයක් හැගේ

    ReplyDelete
  16. @ වෙද ගෙදර මහ වෙදනා:
    ඇහෙන පෙනෙන දෙයින් ඔබ්බට සිතුවිලි ඇති කරගෙන, අපි සසර බැඳීම් වැඩි කර ගන්නවා නේන්නම්. ඒකනෙ අර දාරුචීරියට (මට මතක හැටියට) උපදෙස් දුන්නෙ, "යමක් දැක්කොත් දැක්කා පමණි; යමක් ඇහුණොත් ඇහුණා පමණි" යනාදී වශයෙන් බලන්න කියලා.
    නමුත් ඉතින් කෙටි කතාවක්, බ්ලොගයක් කියන්නෙ අර සසර ඇදගෙන යන ගොඩේම එකක් හින්දා, ඔය මිනිස් දුර්වලකම ප්‍රයෝජනයට ගත හැකියි.

    ReplyDelete
  17. @ ```Outsider```:
    ඇත්ත. දෙමවුපියො නම් දාන්නෙ ඔවුන්ගෙ රුචිකත්වය අනුව. අපේ රුචිකත්වයන් ඒ හා සැසඳෙන්නෙ නැතිකොට, අප අගය කරන දේ ඉන් වෙනස් වෙනකොට, අපට තව දුරටත් ඒ නම සමග නොපෑහෙන්නට පුළුවනි. ඒ වගේම කාලයෙන් කාලයට අප අපවම දකින ආකාරයත් වෙනස් වෙන්නට හැකියි.
    බ්ලොග් අවකාශයේ ඇති නම් ගැන හිතනකොට, මේ අප අපවම දකින විවිධ ආකාර ගැන හොඳ අවබෝධයක් ගන්නට පුළුවනි. ඇතැමෙක් තමන්ගෙ පෝස්ටුවල තමන්ව හඳුන්වා ගන්නෙමත් අර ආරූඨ නාමයෙන් මිස "මම" යනුවෙන් නොවේ. ආරූඨ නාමයන්ගෙන් පිළිබිඹු වෙන්නෙ ඒ පුද්ගලයා තමන්ව දකින ආකාරය විය හැකියි; එසේත් නැත්නම් අනුන් තමන්ව දකිනවාට රිසි ආකාරය විය හැකියි.
    නමුත් ඒ නම් දැකීමෙන් අපට ඇති වෙන්නෙ ඔවුන් අප තුළ ඇති කරන්නට තැත් කළ හැඟීමමද?
    ඒ ඒ පුද්ගලයන්ව පෞද්ගලිකව හඳුනාගත් කල තව දුරටත් අප තුළ ඇත්තේ අර ආරූඨ නම ඇති කළ හැඟීමමද?
    නමක් කියන්නෙ හුඟක් සංකීර්ණ දෙයක්.

    ReplyDelete
  18. @ Weni: ඇත්තයි. අපට හිතාගන්නටවත් නොහැකි වේගයකින් ඇතිව නැතිව යන සිතුවිලි සමුදායක් නිසා අපට සත්‍යය වසන් වෙලා.
    ඒ අසත්‍යයම, ප්‍රයෝජනයට ගත හැකියි- සසර දිගු වුණත්...

    ReplyDelete
  19. @ deeps: ඔව්, stereotyping ම තමයි- යමක් ගැන අපේ හිතේ මුල් බැහැගෙන පවතින හැඟීම්, පසුව අහන දකින දේවල් විසින් අපේ හිතේ ඇති වන අදහස් වෙනස් කරනවා. අපි දන්නෙම නැතුව. නමුත් මේකම අපට අපෙ ප්‍රයෝජනයට භාවිතා කරන්නටත් පුළුවනි. ඔය ගැන කියැවෙනකොටම මේ ප්‍රයෝජනය ගැනත් කියැවෙනවා: මෙලෙස දේවල් ගැන යම් යම් මතයන්/ අදහස්/ හැඟීම් අපේ සිත් තුළ පැවතීම නිසා, අලුතින් එන තොරතුරු වඩාත් කාර්‍යක්ෂමව හැසිරවීමට හැකියාව ලැබෙනවා.
    උදාහරණයක් ලෙස, 1900 මුළ හරියෙදි මාතර හරියෙ විසූ... යනාදී විස්තරයක් නිකම්ම අපේ හිතේ ඇඳෙන්නට පුළුවන් ඊට උචිත නමක් භාවිතයෙන්.

    ReplyDelete
  20. @ සපතේරු උන්නැහේ:
    බොහොම ස්තුතියි. අදාල කාරණය ගැන ඩීන් අය්යා හරහා මා දැනුවත් වුණෙත් සපතේරු උන්නැහේගෙ පණිවිඩයකින්.

    නිකීතා යන නම ගැහැණු නමක් විදිහට දකිනවා ඇත්තෙ, එනමින් වූ අමෙරිකානු ටෙලි වෘත්තාන්තය තුළින් ඒ නම හඳුනාගත්තවුන්.
    නමුත් රුසියානු සාහිත්‍යය තුළින් ඒ නම හඳුනාගත්තවුන්ට නිකීතා යනු හුරතල් දඟකාර කොලු පැටියෙක්.
    දේශපාලනය ගැන උනන්දු අයට ඒ නමෙහි තවත් වටිනාකම් ඇත.
    කාට කෙසේ වුවත්, ඒ නමෙහි වටිනාකම හරියටම දැනෙන්නේ නම දැම්ම එකාටය. ඉන් ජනිත වන හැඟීම උපරිම ලෙස විඳින්නේද, නම දැම්ම එකාමය.

    ReplyDelete
  21. @ Gimhani: ඕඕඕඕඕඕඕඕඕඕ :D ඒ කියන්නෙ සත්‍යය වසන් වෙලා නැහැ.

    ReplyDelete
  22. @ Luckey: සිද්ධිය නොදන්නවා වුණත්, නම් කියන්නෙ සාකච්ඡා කරන්න හොඳ මාතෘකාවක් නේද? :D
    මටත් තේරුම් ගන්නට බැරි සිද්ධියක් මේක. මොන හේතුවකට ඒ නම වෙනස් කරාද? අසභ්‍ය වචනයකුත් නෙවෙයිනෙ. නම වෙනස් කළවිට දැනෙන හැඟීමට ඒ පුද්ගලයා කැමති ඇති. නමුත් ඒකෙන්ම තේරෙනවනෙ නමකින් ඇති වන වෙනස.
    ඔය කතාව "සරාගෙ කතාව" ලෙස හඳුනාගෙන සිටි අයත් හිටියා.

    ReplyDelete
  23. පොඩී එකතු කිරීමක් නලිනි ...

    මට අපේ ගෙදර උන්දෑ කෝල් කරපු වෙලාවක ඒ ගැන කිව්ව වෙලේ ඇතිවුන excitement එක නිසා එවෙලෙ උනුසුම්ව තිබුනු මාරයගෙ හෝරාවෙ සටහනක් දැම්ම... නමුත් එතැන මෙවැනි අපරාදයක් සිදුවී ඇති බව තේරුම් ගත්තෙ අදයි..

    ReplyDelete
  24. @ සපතේරු උන්නැහේ: බාහිර පාර්ශ්වයකට ඒක එතරම් ලොකු දෙයක් නොවන්නට ඇති. නමුත් මට ඒ නමෙහි වැදගත්කමක් තියෙනවා- ඔබේ පුතාගෙ නම වගේ.
    ලියන දේවල් තුළ ඇතැම්විට නොගැලපීම්, නුවුවමනායැයි අනෙක් අයට හිතෙන විදිහෙ යෙදුම්/ විස්තර තිබිය හැකියි. ඒත් මට මගේ එකා වටිනවනෙ.

    ReplyDelete
  25. ලේඛකයෙකු [හො ලේඛිකාවක] කතාවකට යොදන නම් පමණක් නොව චරිතයකද ඉස්මතු විය යුතු ගති ලක්ෂණ තිබේ. මේ ගති ලක්ෂණ හුදෙක් අපේ පණිවුඩය රැගෙන යන කෘතිම ඒවා නොවිය යුතුයි. එම කරුණු තුල යම තාත්විකත්වයක්ද තිබිය යුතුයි කියා මට හිතේ. කතාව තුල මොන තරම් ෆැන්ටසියක් තිබ්බත්, අසම්මත මත තිබ්බත් එහි හැසිරෙන්නන් නොගැලපෙන නම් හෝ ගති වලින් යුක්ත වේ නම් ඒක ලොකු ඩිස්ට්රෑක්ෂන් එකක්. ලංකාවේ ප්‍රචලිත ඇතැම් කළා කරුවන් පිරිසකගේ නිර්මාණ රස විඳින්නට යත්න දරන විට මේ නොගැලපෙන භාවය නිසා වන ගැටලුව මට ඇති වෙනවා.

    මෙයින් එහාට යමක් මට නම් තේරුනේ නැහැ. සපාගේ කොමෙන්ටුව මොකද්ද? නලිනිගේ සයිඩ් බාර් අදහසට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ නලිනිගේත් නිර්මාන කොපි කරලද?

    මේ දවස්වල මටත් ඔය වැඩේම උනා. මගේ කවි කට්ටිය තමන්ගේ නමින් දාගෙන ලැබෙන හොඳ ප්‍රතිචාර වලට තැන්කිව් කියලත් කියනවනේ.

    කාට කියන්නද ඔව්වා.

    ReplyDelete
  26. නලිනි කවුද සරාගේ නම වෙනස් කලේ?

    ReplyDelete
  27. ඇත්ත ඔයාගේ දැක්මෙන් ඔයා දෙයක් අපිට දෙද්දී අපි අපේ දැක්මකිනුත් ඒක අල්ල ගන්නවා. ඒකට හොඳම උදාහරනේ තමා ඔය "කපුටු පැටියා" සහ "සරා"

    බලාගෙන අර ඇනට්ව සිරියලතා හරි සෝමවතී කරන්නත් බැරි සමහර විට...

    @සුජීව...

    පොඩි දෙයක්නේ තියෙන්නේ ලොක්කා..අරහෙම තැන්වලට අවසානෙට වගේ ගිහින් ඌට තැන්කිව් පාරක් දීහං මං වෙනුවෙන් අනිත් අයට තැන්කිව් කොර කොර හිටියට කියලා...

    අඩුම ගානේ එහෙම තැනකදී අපිට පැනලා මොනවා හරි කියන්න බැරිනං බනින්න හරි පුළුවන්..

    ඒත් මෙතනදී වෙලා තියෙන්නේ ප්‍රතිචාර දැක්විය නොහැකි මාධ්‍යයක් හරහා අහන්නේ බලන්නේ නැතිව තමන්ගේ හිතු මතයට පල කිරීම පමණක් නෙවෙයි.. කතාවේ වැදගත්ම දෙයක් ඒක පල කරපු කෙනාගේ අනුවණ කමට සරිලන හැටියට වෙනස් කරපු එකයි...

    ReplyDelete
  28. නැහැ නලිනි බාහිර පාර්ශවයක් වුණත් එය දැන්ගත යුතුමැයි...

    මට ඇහිල තියෙනව අපේ ප්‍රසිද්ධ විශාරද ගයිකාවක් [ ඔය රියැලිටි ෂෝ හෙම විනිශ්චය කරන්න යන ] "දන්නෝ බුදුන්ගේ" ගීතය "ධර්ම බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා.." කියල ගායනා කරනව.. ජෝන් ඩි සිල්ව හිටියනම් වහ කනව...

    ReplyDelete
  29. මටත් ඒක ඇතුලට යන්න බැරි මාධ්‍යයක්. එකවුන්ට් එකක් හදන්න ට්‍රයි කලත් බැරි වුනා.

    නලිනිගේ ෆික්ෂන් එකක් ------ පත්තරේ ගියා කියලා මට කෙනෙක් කිව්වා [ඔබේ තවත් පාටකයෙක්] මේ ගැනද කතා වෙන්නේ. මං ඒ පත්තරේ ගන්නේ නැහැ. ඔය කඩදහි පත්තර බලන්න ඒ හැටි වෙලාවකුත් නැහැ. ඒ නිසා මට මේක මිසින් ද?

    මේල් එකක හරි දාලා ලින්ක් ඒක එවන්න.

    ReplyDelete
  30. ඔබලාගේ නිර්මාණ අපිට හරි වටිනවා අගය කරනවා. ඇතම් අය මේ නිර්මාණ කිසිම වටිනාකම නැතුව එහේට මෙහේට ඇදගෙන යනවා මා දකිනවා. මම ගිය සතියෙත් මේ ගැන දැනුම් දීමක් කලා මෙහි සිටින ඉතාමත් වටිනා ලිපි ලියන බ්ලොග් කරුවෙකුට. ඇත්තටම මම මේකට හරිම විරුද්ධයි....

    ReplyDelete
  31. ඇති යන්තම් දැන ගන්න ලැබුනා. බ්‍රැන්ඩි [හොරෙන්] බොන්න ගිහින් බ්‍රැන්ඩි කාලා.

    ReplyDelete
  32. නම් ගැන කියනවා නම් ඉතින් ලංකාවේ නම් අප්ඩේට් වෙන නිසා තමයි නමෙන් යුගයක් ගැන කියන්න පුළුවන් . ඒත් බලන්නකෝ සුද්දා . වික්ටෝරියා කිව්වම රැජිනක් මතක් වුනත් අනේ හැමදාම ළමය එක්කයන්න ඇවිත් මට වික්ටෝරිය හම්බ වෙනවා නේ .

    අපොයි කමෙන්ට් ටික නැත්නම් මේකත් නලිනිගේ කෙටිකතාවක් කියන්න තිබ්බ . මෙන මේ නිර්මානශිලිත්වයටයි මම කැමති. මගේ කතාව කොපි කළා නොකිය කියල තියෙන්නේ කනේ පාර . හැබැයි මේවායේදී නම් නම් ගම ඇතුවම කියන්න . ආයේ මොනවද . තමන් ලිව්වා දේනේ . කොපි කරන්න විලිලජ්ජාව නැත්නම් නම් ගම් එලිවුනහම මොකෝ.

    ReplyDelete
  33. කිහිප වතාවක් කියවා ඇති නලිනියන්ගේ බ්‍රැන්ඩි කෙටි කතාව ජාතික පුවත් පතක පළවී ඇතැයි සපතේරු උන්නහේගේ කොමන්ටුවකින් දැන ගෙන ඇති වූයේ සතුටක්. අන්තර්ජාලය හරහා කතාව කියවන්න පටන් ගනිද්දීම ඇති වූයේ කලකිරීමක්.

    නිර්මාණ මංකොල්ලය විකල්ප මාධ්‍ය නිර්මාණකරුවන් මුහුණ දෙන්න අවාසනාවන්තම සිදුවීමක් වුණත් අලුත් දෙයක් නොවේ, ඒත් ජාතික පුවත්පතක් හැටියට නමක් දරන සම්ප්‍රදායීක මාධ්‍යයක මෙවැනි කොල්ලකෑමක් හා නිර්මාණකරුවා නොදැන හිතුමනාපෙට රචනයේ නම් මාරු කිරීමක්... අදහා ගත නොහැකි විය.

    සදාචාරය, යහගුණ, විනිවිදබව පුවත් වල කතුවැකියටම පමණක් සීමා වීම කනගාටුවට කරුණකි.

    බොහෝ වෙහෙසී මහන්සියෙන් කරන නිර්මාණයක් එළිදැක්වුවත් එය ආරක්ෂා කරගන්න නිර්මාණකරුවාට ඇති හැකියාව ඉතා අල්පයකි, එහෙමත් නැති නම් හැකියාවක් ඇත්තේම නැහැ කියන්න පුළුවනි.

    නංගී, නිර්මාණ හොරකම නිර්මාණකරුවාගේ කලකිරීමට හේතුවක් බව මනාව දනිමි. හොරෙක් යමක් හොරකම් කරන්නේ වටිනාකමක් ඇති නිසා. ඔබේ නිර්මාණය ජාතික පුවත් පතකින් "උපුටාගත්තේ" ද වටිනා නිසා නේද? එහෙත් ඔවුන් "ඇත්" කියන වචනය "අත්" හැටියට නිවැරදි නොකළේ සදාචාරයට පටහැණි නිසා වෙන්න ඇති.

    කරුණාකර අධෛර්යමත් වෙන්න එපා, ඔබේ පන්හිඳ තව තවත් ශක්තිමත් කරන්න. එසේ නොවුනොත් අසරණ වෙන්නේ නිර්මාණ හොරුන් නොවේ, ඔබේ පාඨක/රසික පිරිවරයි.

    ReplyDelete
  34. @ ගිම්හානි, බොහොම ස්තුතියි ලියන අයගෙ පැත්ත ගන්නවට. වටිනාකමක් තිබුණත් නැතත්, වැරදි තිබුණත් නැතත්, මට මං ලිව්ව එක අකුරත් වටිනවා. මං හිතන්නෙ ලියන ඕනෙම කෙනෙකුට එහෙමයි. ඇතැම් දේවල් අන් අයගෙ උපදෙස් පරිදි වෙනස් කරන්න අප කැමති විය හැකි වුණත්, හුඟක් දේවල් එහෙම වෙනස් කරන්නට අකමැතියි. අහන්නෙවත් නැතුව වෙනස් කරන එක ???

    @ සුජීව: දැන් දන්නවනෙ කතාව? මට ඔයාට වුණු තරම් දේවල්නම් වෙලා නැහැ. දැනට අර කිව්ව සිද්ධි තුන පමණයි. ඔයාගෙ කවියෙ පළ නොවුණු පෙළවල වටිනාකම, පුවත්පත් කතුවරුන්ට නොපෙනුණාද? නැත්නම් හිතා මතා විකෘති කළාද? හිතාමතා කරන ලද්දක් බවයි මගෙ අදහස.

    ReplyDelete
  35. @නලිනි;

    ලෙමන් ජින කතාවක් තිබ්බනේ. මතට තිත නේ. [ලියන එවුන්ට නම් තිතට මත වගේ] :) මාත් හිටියේ අප්සෙට් එකේ. මොකෝ මං දාලවත් නොවෙයි, බලෙන්ම අරගෙන අර්ථය කාලා.

    ReplyDelete
  36. @ගිම්හානි;

    බෙහෙවින්ම ස්තුතියි කරපු/කරන ඇගයීමට.

    ReplyDelete
  37. මටනම් මෙලෝ බෝලයක් තේරුනේ නැහැ.

    මේකත් හරියට අර තහනම් වචනයක් දීලා විනාඩියක් කථාකරන්න ඕන තරඟයක් වගේ. තහනම් වචනය දන්න අය එකෙන් වෙනම ආතල් එකක් ගන්න බවක් පේනවා.

    හුදී ජන පහන් සන්වේග පිණිස තහනම් වචනය මොකක්ද කියන්න බැරිද?

    ReplyDelete
  38. නොසැලෙන් සොයුරියේ කියලා තමයි කියන්න තියෙන්නෙ. කොහොම උනත් මේ අසාධාරණය නම් වැළක්විය යුතුමයි.

    ReplyDelete
  39. පෝස්ට් එකත් කියෙව්ව, කොමෙන්ට් ඔක්කොමත් කියෙව්ව. ම්හු....තාමත් ටියුබ් ලයිට්.

    (මගෙ බුද්ධි මට්ටමට වැටහෙන්නෙ නැති ඒව වගේ කට්ටිය කතාවෙන්නෙ)

    ReplyDelete
  40. @ බින්දි:
    ස්තුතියි සහයෝගයට.

    ඔව්, සමහර රටවල, සමහර ආගම්වල, එකම නම සියවස් ගණනක් භාවිතා වෙද්දි, අපේ රටේ ලොකු විවිධත්වයක් තියෙනවා. කුමන දශකයේ උපන්නෙක්ද, නම දැම්මෙ කවුද, දෙමවුපියන් බලන රූපවාහිනී නාලිකාව කුමක්ද කියලා වුණත් ඇතැම් නමකින් කියන්නට පුළුවනි.
    ඒකෙනුත් පෙනෙන්නෙ අපේ නමක ඇති විශේෂත්වය නේද?

    සිද්ධිය මේකයි: බ්‍රැන්ඩි කතාව මං මගෙ කොම්පියුටරේ සේව් කරගෙන ඉන්නෙත් "සරා" කියලා. ඒක පත්තරේක පළ වුණු බවක් මම දැනගත්තෙ තෙවන පාර්ශ්වයකින්. සරා කියන නම ශානි යනුවෙන් වෙනස් කර ඇති බව දැන ගන්නෙ ඊටත් පසුව, තවත් හිතවතකුගෙන්.

    සුළු දෙයක් වෙන්න පුළුවන්.
    හැබැයි සරා කියන නම අනර්කලී යනුවෙන්ද, ලක්මාල් යන නම තවත් නමකටද වෙනස් කරලා, මගෙ නමින් පළ කරත් ඔච්චරයි.

    මීට පෙරත් එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. එතනදි ලිව්ව දේ අදහස වෙනස් කර, කප්පාදුවකුත් කර තිබුණා.
    ඒ ගැන ප්‍රශ්න කළාම කිව්වෙ, "ලොකු වරදක් වී" නැති බව.

    ඒ, ඒ අයට පෙනෙන හැටි. මම ලිව්ව අදහස වෙනස් වී ඇති හැටි පෙනෙන්නෙ මට.

    සුජීවගෙ අත්දැකීමත් ඒ වගේ.
    ලොකුම වරද, ජාතික පුවත්පත් මගින් එවැනි දේ සිදු වීම.


    ප්‍රශ්නෙ "සුළු" මයැයි හිතමුකො. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනකම් අපි බලන් ඉන්න ඕනෙද?

    ReplyDelete
  41. @ ඩීන් අය්යා: මම මේ ගැන දැන ගත්තෙත් අය්යාගෙන්මයි. දිගටම අය්යා දෙන සහයෝගයට හුඟක් ස්තුතිවන්ත වෙනවා. උපුටා ගැනීම සම්පූර්ණයෙන් වළක්වන්නට නොහැකි වෙයි. නමුත් මගෙ ලොකුම අකමැත්ත මෙහෙම විකෘති කිරීමටයි. මොකද, හොඳට හෝ නරකට, මං ලිව්ව වචනෙ මට වටින හින්දා.

    බොහොම ස්තුතියි ධෛර්යමත් කිරීමට.

    ReplyDelete
  42. @ මාලන්: බින්දිට දුන් පිළිතුරේ පොඩි පැහැදිලි කිරීමක් කළා. මේ වඩාත් ආසන්න සිදුවීමක් ගැන. නම් ගැනම නුවූවත්, මෙලෙස තමන් ලිවු දේට වෙනස් අදහසක් ගෙන දෙන පරිදි කවි/ලිපි විකෘති කිරීම තවත් අයට සිදුව ඇති දෙයක්. නරකම දේ, ජාතික පුවත්පත් මගින් ඒ දේ සිදුවීම. ඒ නිසයි මේ ගැන කතා කරන්න හිතුවෙ.

    ReplyDelete
  43. [[ප්‍රශ්නෙ "සුළු" මයැයි හිතමුකො. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනකම් අපි බලන් ඉන්න ඕනෙද? ]]

    මං මගේ කවිය ලිව්වේ ෆේස්බුක් කොමෙන්ට් එකක. මා දන්නා කවියෙකුගේ කවියකට උත්තරයක්‌. පත්තරෙන් ඒක උපුටා ගැනීම මට ගෞරවයක්. හැබැයි ඒකෙ පන්ච් ලයින් ඒක හැලුවම ඒක කිසි තේරුමක් නැති වචන ගොඩක්. එතන සුළු කොට තකන්න බැරි අනවබෝධයක් මා දුටුවා.කවිය නොගත්ත නම් ඒත් අවුලක් නැහැ.

    අනික් සීන් එකනම් කවුරුත් දන්නා පරිදි මගේ කවියක් උගේ කරගත් එළකිරි පොරක් ගැන.එතන නම් කප්පාදුවක් වෙලා නැහැනේ. එලකිරියට යා හැකි මා දන්නා අයත් විරෝධය දක්වා තිබුනා ඔහුට.

    ReplyDelete
  44. අනුන්ගේ කතා කොපිකර තමින්ගේ වගේ ලිවීම ජංජාලේ බහුලව සිදු උනත් ප්‍රසිද්ද පත්තරේකට ලිවීම නම් මහම මහා විලි ලජ්ජා නැති වැඩක්.. අපේ මහරජවරුත් ඒ වගේ අනුන්ගේ වැඩ තමුන්ගේ කරගෙන හිටි හා ඉන්න අයනේ.. නිශ්ශංක මල්ල රජ්ජුරුවෝ කළා කියන්නේ එක. පරණ සෙල්ලිපි වෙනුවට එයාගේ නමින් අලුත් සෙල්ලිපි ලිවුවලු..එයා කලයි කියන සමහර වැඩ හොයල බැලුවම කරලා තියෙන්නේ වෙන රජවරු.. ඔහොම බැලුවම ඔය විලි ලජ්ජා නැතිකම රජුන්ටත් ඇත්නම් තාමත් .. සෙසු වැසියන් ගැන කවර කතාද ? ?

    ReplyDelete
  45. සූරිට කවුරු විය හැකිද?......:P

    ReplyDelete
  46. @හරී- පිණිපලස: ස්තුතියි සොයුරිය.

    @ Observer: මම කියන්න අදහස් කරේ නමක් වගේ එක වචනයක් වුණත් එහා මෙහා වුණහම, ඇති වන වෙනස.

    @ සුජීව:
    මමත් කියන්නෙ ඒකයි. නොගෙන ඉන්න එක හොඳයි අරගෙන විනාස කරනවට වඩා. ඒ වචනයකින්, අත හරින පෙළකින් ඇති කෙරෙන වෙනස නොතේරෙන අයනම් අදාල තැන්වල ඉන්නෙ, ලොකු ගැටළුවක්.

    @ සරත්:
    ඇත්ත. වගකීමක් බලාපොරොත්තු විය හැකි තැනකත එය නැතිනම්, ලොකු ගැටළුවක්.
    අද A විසින් Xට ඇති කරන ගැටළුව, හෙට B විසින් Yට ඇති කරනු ඇත.

    @ සුරි: 9 වෙනිදට කියන්නම්. :D

    ReplyDelete
  47. නාමේ නොදිරනා කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ..

    ReplyDelete
  48. ම්හු, මට නං තාම පැටලිලා. කමෙන්ට්ස් ඔක්කොම කියෙව්වත් පැහැදිලි උනේ නෑ.
    දොස්තර නෝනා ලියු කෙටි කතාවක් පත්තරේක පලවෙලා තියෙන බව තේරුණා.
    ඒ පල වෙලා තියෙන්නේ ඔබේ නමින්ද, නැතහොත් වෙන නමකින්ද?
    පත්තරේට ඔබ කෙටිකතාව යැව්වද? නැත්නම් ඒ අය ඔබේ බ්ලොග් අවකාසෙන් ඒක උපුටා ගත්තද? එහෙම උපුටා ගත්තා නම් ඒ සඳහා ඔබේ අවසරය ගත්තාද?
    ඊළඟට ඔබේ අවසරයක් නැතුව කතාවේ පාත්‍රයන්ගේ නම් වෙනස් කර ඇති බව නම් පැහැදිලි උනා.
    ඔය බලු වැඩේ කල පත්තරේ කුමක්ද?

    ඔබ ලියු කෙටිකතා සියල්ල පොතක් ලෙස පල කිරීමට සුදුසුම කාලය පැමිණ ඇති බවයි මින් වැටහෙන්නේ.
    වැඩේ පටන් ගමු. පුළුවන් සහයෝගයක් අපිත් දෙන්නම්. ඊට පස්සේ මංකොල්ල කන හැටි බලමුකෝ.

    ReplyDelete
  49. @ මාතලන්: සංසාරේ.... :D නාමෙත් යම් දිනෙක අමතක වේ.

    @ පොත් ගුල්ලා: අවසරයකින් තොරව උපුටාගෙන, එහි චරිතයක නමද වෙනස් කොට පළ කිරීම ගැන තමයි ගැටළුව. ලක්බිම පත්තරේ- අදාල නම් වෙනස් කිරීම කවුරුන් කරාද, කුමක් නිසා කරාද යන්න මම දන්නෙ නෑ.

    සුජීවටත් ඔය හා සමාන ගැටළුවක්. එයාගෙ කවියක අත්‍යවශ්‍ය කොටස නැතුව පළ කරලා. ඒකෙන් ඔහු කීමට අදහස් කළ මතය විකෘති වෙනවා. ඒත් පිළිගත් පුවත්පතක්.

    ReplyDelete
  50. "නම" හ්ම්... මටත් තියෙනවා alphabet එක තරම් දිග නමක්. ඒත් නම කියන්නෙත් ලෝක සම්මතයක් විතරයි. මට හිතෙනවා නම වෙනුවට හැමෝටම ඉලක්කමක් දුන්නොත් අඩු ගනනේ ගනන් කරගන්නවත් ලේසි වෙයි. එතකොට ඔය සංගනන ඕනෙ නෑනේ.
    මැණික්

    ReplyDelete
  51. කෝ මේ දොස්තර නෝනා? බ්ලොග් ලියන්නේ නැතෙයි?

    ReplyDelete
  52. නමත් එක්ක අපි කරන්නේ අපේ මමත්වය තවත් වැඩි කර ගන්න එක

    ReplyDelete
  53. අද තමයි මේ පැත්තෙ මුලින්ම ආවෙ. ඔක්කොම ලිපි ටික කියවන්න ඕනෙ වෙලාවක. අවාසනාවට මේ දවස්වල මට විභාගෙ

    ReplyDelete
  54. @ මැණික්: අමාත්‍යාංශෙ මාව ඉලක්කමක් කරලා. හැමදාම වැටුප් ලේඛනය අත්සන් කරන්න ගිහින් මම එතන තියෙන පොත් සේරම පෙරළනවා අංකය මතක නැති නිසා. :) කොළේක ලියලා තියා ගන්නවත් ඕන කියලා හිතුවට, ඒ වැඩේ කෙරුණෙත් නෑ. අන්තිමට ගිය සැරේ මම කල්පනා කරේ, ලේඛනය තබා තියෙන රාක්කෙ කොහෙ හරි මගෙ අංකය ලියලා එන්න. (ඒ රාක්කෙ කඩදාසි ආවරණයක් ඇත.) එතකොට අංකෙ ලිව්ව කොළේ අරන් එන ප්‍රශ්නෙත් නෑනෙ. ;-) ඒත් වටපිට මිනිස්සු හිටිය හින්දා, අදහස වෙනස් කරලා ආවා.

    @ Il mondo di una povera pazza : අද තමයි මොනවත් ලියවුණේ. :)

    @ ayesha: සමහර වෙලාවට.. ඒත් හඳුනාගැනීමේ සළකුණක් විදිහට නමෙන් මෙහෙයක් ඉටු වෙනවනෙ.

    @ blog gadol: බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. මම පූස් කතා කියවලා තියෙනවා. කමෙන්ට් කරලනම් නැතුව ඇති සමහරවිට. විභාගෙ ඉවර වෙලා ආයෙත් එන්න.

    ReplyDelete
  55. කාලෙකින් නංගි ආවෙ. ගොඩක් දේ මට ලියන්න තිබුනට කාලය හා ලොග් වෙන්න තියෙන පහසුකම් හරස් වෙලා. සීමිත කාලයකදී කමෙන්ටුවක්වත් දමාගන්න බැහැ මට. විනාඩි ගනනකදී කැඩි කැඩී යන කනෙක්ශන් නිසා. කවදා හැදෙයිද? මන්දා.

    ReplyDelete