අපි අටේ ඉද්දි, ස්ථිර විද්‍යා ගුරුතුමියක් හිටියෙ නැහැ. තාවකාලික ගුරුවරියන් කිහිපදෙනෙකුට පස්සෙ, අවසාන වාරෙදි අපිට ලැබුණා අලුත්ම අලුත් ගුරුවරියක්. අපේ පාසලේම ආදි ශිෂ්‍යාවක් වුණු ඇය මනෝරි මුතුහේවා ගුරු මෑණියන්.
මෑණියන් කිව්වට ගුරු කෙල්ලක්. රෝස මලක් වගේ බොහොම පියකරු, කඩිසර කෙනෙක්. ඒ වගේම දක්ෂ ගුරුවරියක්. අපි ඇයට බොහොම ආදරේ වුණා.
ඒ කාලෙ අපට තිබුණු එක් පාඩමක් තමා, සංඝටක දෙකක් මිශ්‍ර කර, ඉන් පිටවන වායුවෙන් බැලූන පිරවීම. අදාල ක්‍රියාකාරකම සඳහා එක්කෙනාට එක බැලුමක් ගානෙ ගෙනෙන්නටයයි ගුරුතුමී ඉල්ලා සිටියා.
දවස ආවා.
උදේ පාන්දරම එක්කෙනෙක් බැලුම එළියට ගත්තා. දැන් පන්තියම බැලුමෙන් බෝල ගහනවා. වැඩිය වෙලා යන්නට පෙර බැලුම පිපිරුවා. පාසල පටන් ගත් හින්දා, ඒ සෙල්ලම එහෙමම නැවතුණා.
විද්‍යා පාඩම තිබුණෙ දෙවෙනියට නැත්නම් තුන්වෙනියට. සීනුව නාද වෙනකොටම, ගුරුතුමිය අපට පණිවිඩයක් එව්වා, ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙසට. අපි රංචුව එක පිම්මට දිව්වා ක්‍රීඩාංගනයට.
අපි යනවිටත් ගුරුතුමිය පාඩමට සූදානම්. ඇය බෝතල් හොයාගෙන, ඒවට අවශ්‍ය සංඝටක දාලා, අම්ල බෝතලෙත් අතේ තියාගෙන බලා හිටියෙ අපි එනතුරු.
"හරි ගන්න බැලුම් බෝල."
අපි එකිනෙකා දිහා බැලුවා: කෝ ගන්න බලන්න බැලුම් බෝල...
බැලුම් නැහැ.
සමහරුන්ට අමතක වෙලා. තව සමහරුන්ට "බැරි " වෙලා. එහෙමත් නැත්නම්, අනික් අය ගෙන එන හින්දා කරදර වෙලා නැහැ.
අපි තිස් හයදෙනෙක්!
ගුරුතුමිය අපි දිහා බලා හිටියා. අපි එකිනෙකා දිහා බලලා, නිහඬ වුණා.
අපි හිතුවෙ අපට හොඳ බැණුම් වරුසාවකට මුහුණ දෙන්නට වෙයි කියලා. ඒත් අපේ ගුරුතුමිය අම්ල බෝතලය පැත්තකින් තියලා අපට කතන්දරයක් කිව්වා.
"මම ඉස්සෙල්ලම පත්වීම හම්බෙලා ගියෙ දුෂ්කර ඉස්කෝලෙකට. අකුරණින් හැරිලා තවත් කිලෝමීටර ගණනාවක් යන්නට ඕන. මම ගිය වෑන් රථය තමයි ඒ ඉස්කෝලෙ ළමයින් දැක්ක පළවෙනි වාහනය.
පත්වීම විද්‍යාවට වුණාට, ගුරුවරුන් කීප දෙනෙක් විතරක් හිටිය ඒ ඉස්කෝලෙ මම විෂයයන් කීපයක්ම ඉගැන්නුවා. ළමයින් ඉස්කෝලෙ ආවෙ අමාරුවෙන්. කුඹුරු වැඩ කාලෙට ළමයින් ඉස්කෝලෙ ආවෙ නැහැ. ළමයින්ට සපත්තු තිබුණෙ නැහැ. සමහරුන්ට නිල ඇඳුමක් තිබුණෙත් නැහැ. ඒත් ආසාවෙන් ඉස්කෝලෙ ආවා.
ඒ ඉස්කෝලෙ, ඕගොල්ලොන්ගෙ වයසෙ පන්තියටත් මම මේ පාඩම කළා. ඒ ළමයින්ගෙ අම්මලා තාත්තලාට බැලුම් අරන් දෙන්නට සල්ලි තිබුණෙ නැහැ. ළමයි බැලුම් ගෙනාවෙ තමන්ට දවල්ට බනිස් ගෙඩියක් කන්නටයයි දී තිබුණු මුදලින්. එදා එක ළමයෙකුටවත් දවල්ට කෑම නැහැ. නමුත් හැම කෙනෙක්ම බැලුමක් ගෙනාවා."
අපි බිම බලාගෙන හිටියා.
"අපි ඊලඟ දවසෙ මේ ක්‍රියාකාරකම කරමු. අද පන්තියට ගිහින් වෙන පාඩමක් කරමු." ගුරුතුමිය කිව්වා.
බැන්නාට වඩා අපිට අපේ වරද හිතට දැනුණා. ඒ සතියෙ අග තිබුණු විද්‍යා පාඩමට, හැම කෙනෙක්ම බැලුම් කීපයක් බැගින් අරගෙන ආවා. විවිධ මූණු ඇඳලා, වගන්ති ලියලා, අපි බැලුම් පා කළා. ගුරුතුමිය අපේ විකාර වැඩවලට හිනා වුණා.
ඇය අපට කලින් සිද්ධිය මතක් කළේ නැහැ.
Monday, June 25, 2012
Thursday, June 7, 2012
සපතේරු... :D
පිදුම: සපතේරු උන්නැහේට :-)
නගරයක වීදියක් ඔස්සේ තනි කෙළින් ඉස්සරහ බලාගෙන, එහෙමත් නැත්නම් බිම බලාගෙනම ගමන් කළත්, කණට ඇහෙන වචන පෙළක් තියෙනවා:
"එන්න මිස්, මොනවද බැලුවෙ?"
කඩසාප්පුවල ඉදිරි දොර ළඟ හිටගෙන ඉන්න සේවකයින් ගනුදෙනුකාරයින්ට ආරාධනා කරන්නෙ එහෙම. අහක බලාගෙන ගියත් ඒ විදිහට අඬගහන එකේ, බැරි වෙලාවත් සාප්පුවේ ඇති භාණ්ඩ දිහා බල බල ගියොත් එහෙම විනාසයි.
"ඇතුළට ගිහින් බලන්න. එන්න මිස්, මොනවද බැලුවෙ? තියෙනවා මිස්..."
"තියෙනවා" කියලා දොරටුපාලයා කියන භාණ්ඩ සාප්පුවෙ නැති වෙන අවස්ථා එමටයි.
මෙහෙම අඬගහන සේවකයින් දැක්කහම මට සාමාන්‍යයෙන් ඒ සාප්පුවට ඇතුළු වෙන්නට හිතෙන්නෙ නැහැ. එහෙමත් නැත්නම්, සාප්පුවෙ තියෙන්නට විදිහක් ඇත්තෙම නැති දෙයක්, ඒ කිව්වෙ, සපත්තු කඩේකින් අයිස්ක්‍රීම් තියෙනවද වගේ ප්‍රශ්නයක්, අහන්නට හිතෙන වෙලාවල් තියෙනවා.
ඒත් හුඟක් වෙලාවට මේ සේවකයින් දැක්කහම මට මක්සිම් ගෝර්කි මතක් වෙනවා. ඔහුත් කාලයක් සපත්තු සාප්පුවක ඉදිරි දොරටුවේ සේවකයෙක් ලෙස සේවය කළ අයුරු පොත්වල ලියවිලා තියෙනවා. අවුල් වුණු කොණ්ඩයෙන් යුතුව, නිල කබායක් ඇඳගෙන, ඥාති සොයුරු සාෂා සහ කළමණාකරු සපත්තු විකුණන දෙස බලමින්, අතේ ඇති මකුණන් විදි තුවාල කසමින් ඉන්නා මක්සිම්ව මට මැවිලා පේනවා.
මක්සිම්ට නපුරු ලෙස සළකන සාෂා සාප්පුවේ ඇතුළත සේවකයෙක්....
සාප්පු ඇතුළට ගිහාම තත්වය පාරෙ යද්දිට වඩා භයානකයි. බොහොමයක් සාප්පුවල සේවකයින් ගනුදෙනුකරුවන්ගෙන් ප්‍රශ්න අහන්නට පටන් ගන්නවා:
"මොනවද මිස් බැලුවෙ?"
"මොන වගෙ සපත්තු දෙකක්ද හොයන්නෙ?"
"මොකක්ද සයිස් එක?"
"මොන පාටද?"
"කීයක එකක්ද බලන්නෙ?"
මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම අපහසුයි. මොකද, හුඟක් වෙලාවට මම සාප්පුවකට යන්නෙ, මට හෝ, මගේ කිට්ටුම ඥාතීන් හත් අට දෙනාට හෝ, කිට්ටුම යාළුවො කීප දෙනාට හෝ හොඳයැයි මට හිතෙන දෙයක් දැක්කොත් අරන් දෙන්නටයයි හිතාගෙන. එහෙම නැතුව අහවලාට, අහවල් ප්‍රමාණයෙන්, අහවල් පාටින්, අහවල් මෝස්තරයෙන් අරන් දෙන්නට හිතාගෙන නෙවෙයි.
"මම බලලා, කැමති දෙයක් තිබුණොත් කියන්නම්." මම හුඟක් වෙලාවට මේ සේවකයින්ට කියනවා.
මම කැමති භාණ්ඩයක් තෝරා ගැන්මට නොදී, පස්සෙන් වැටීගෙන, "මේ වගෙ එකක්?" "මේ වගෙ එකක්?" "මේක තමයි අලුත් මෝස්තරය" කියමින් වද දෙන සේවකයින්ට මම කැමති නැහැ. එහෙම වෙලාවට මුකුත් එපා කියලා සාප්පුවෙන් පිටව යන අවස්ථා තියෙනවා.
වරක් සපත්තු සාප්පුවකදි මම භාණ්ඩ තේරීම නවත්තලා සේවකයා දිහාට හැරුණා.
"ඇයි ඔයගොල්ලො ඔහොම අහ අහ පස්සෙන් එන්නෙ? එහෙම කරන්නටයයි කළමණාකාරීත්වයෙන් කියලා තියෙනවද?" මම ඇහුවා.
සේවකයාට එක පාරටම උත්තරයක් හිතා ගන්නට බැරි වුණා.
"එහෙම එන එක කරදරයක්. මම කැමති දෙයක් තෝර ගන්නට බැහැ. තියෙන මෝස්තරවලින් මම කැමති එක තෝරගත්තහම, මට කතා කරලා අහන්නට පුළුවනි, ඒකෙ වෙනස් පාට, නැත්නම් ප්‍රමාණ තියෙනවද කියලා. එහෙම නැතුව පස්සෙන් කැරකෙන එක හිතට පවා කරදරයක්." මම පැහැදිලි කළා.
"ඒ වුණාට මිස්," සේවකයා කියන්නට පටන් ගත්තා. "එහෙම මුකුත් නොකියා මිස් තනියම සපත්තු තෝරන එක අපිට හිතට කරදරයක්!"
පොඩි කාලෙ එකම එක වරක් මම සාප්පු ගියා ඒ විදිහට මම කැමති මෝස්තරය, වර්ණය කලින්ම දැනගෙන.
බාලදක්ෂිකා කඳවුරු නිල ඇඳුම වුණේ කොළ පැහැති ගවුමක් සහ දුඹුරු පැහැ සපත්තු. මුළින්ම කඳවුරු බැඳ ගනිද්දි මට අවශ්‍ය නිල ඇඳුම් නොතිබුණු හින්දා, මම ඒවා යෙහෙළියකගෙන් ඉල්ලා ගත්තා.
යෙහෙළියගෙ දුඹුරු පාට සපත්තුවල පතුල තැඹිලි පාටයි; බොහොම ලස්සනයි. මම මේ සපත්තුවලට ආස වුණා.
පසුව මම මටම කියා දුඹුරු සපත්තු ජෝඩුවක් මිළට ගැනීමට ගියා. පිටතින් අර වගේම වුණත්, සපත්තුවෙ පතුල තද දුඹුරු පාටයි. මම ඒකට කැමති වුණේ නැහැ.
ඒ කාලෙ මම "මට අර දේ ඕනමයි." කියලා ඉල්ලලා කරදර කරන ළමයෙක් නෙවෙයි. දෙන දෙයක් අරන් සද්ද නැතුව ඉන්න ළමයෙක්. 'මේ විදිහෙ දෙයක් ඕන' කියලා ඉල්ලුව වාර දෙකතුනෙන් එකක් මේක. ඒ හින්දා අම්මා මාව නගරයේ ඇති හැම සපත්තු සාප්පුවකටම පාහේ එක්ක ගියා. ඒ හැම සාප්පුවකම අර වගේ දුඹුරු සපත්තු තිබුණා.
ඒත් ඒ හැම එකකම පතුල තද දුඹුරු පැහැතියි.
"තැඹිලි පාට පතුල සහිත සපත්තු එන්නෙ නැහැ." සපත්තු සාප්පු සේවකයින් බොහොම විශ්වාසයෙන් කිව්වා. කොහොමත් සාප්පු සේවකයින් මේ වගෙ පච අතාරින්නට දක්ෂයි. ඒ වනවිටත් මම ඒ විදිහෙ සපත්තු දෙකක් දැක තිබුණ බව ඔවුන්ට අමතක වෙලා.
මම යෙහෙළියගෙන් ඇහුවා කොහෙන්ද අර සපත්තු ගත්තෙ කියලා. ඈ ගත්තු සාප්පුවෙම ගිහින් හෙව්වත් මට තැඹිලි පාට පතුල සහිත සපත්තු ජෝඩුවක් හොයා ගන්නට බැරි වුණා.
අන්තිමේදි මම බොහොම අකමැත්තෙන් තද දුඹුරු පැහැ පතුල සහිත හම් සපත්තු ජෝඩුවක් මිළට ගත්තා.
සති කීපයක් ගත වුණා.
දවසක් මම පාසල ඇරී ගෙදර එනකොට අම්මා ටිකක් හිත කරදරෙන් හිටියා.
"ඔයාගෙ සපත්තු බල්ලො කෑවා!" අම්මා කිව්වා.
මට හුඟක්ම දුක හිතුණා. ඒ එක්කම බල්ලොත් එක්ක තද තරහක් හිතට ආවා. ඒ දවස්වල සපත්තු කුට්ටමක් ගන්නවා කියන එක එතරම් පහසු දෙයක් නෙවෙයි. අනික මේ කුට්ටම ගන්නට ඇවිද්ද තරම දන්නෙ අම්මයි මමයි. බල්ලන් හපා විනාශ කළ සපත්තුව බැලීමට කලින් මම බල්ලන්ට දඬුවම් කරන්නට දිව්වා. බල්ලො දෙන්නටම හුඟක් පහර දුන්නා. දුකෙන් අඬ අඬම බල්ලන්ට පහර දුන්නා. අම්මා මාව නැවැත්තුවෙ නැහැ.
බල්ලන් හැපුව මගෙ සපත්තු අම්මා වෙනම අරන් තියලා තිබුණා. මම ඒවා පිරික්සා බලන්නට ගියෙ බොහොම දුකෙන්. අම්මා පණිවිඩේ කිව් ආකාරයට මම බලාපොරොත්තු වුණු තරම් හානියක් ඒවාට වෙලා තිබුණෙ නැහැ. සපත්තුවල වටේ දාරය කීප පලකින් ඉරී තිබුණා. අඩිය තැන් තැන්වලින් යන්තම් කැඩී තිබුණා. එක් සපත්තුවක පතුලේ හම...
ඔව්, පතුලේ තද දුඹුරු පැහැ හම් කොටස ගැලවිලා උඩට එසවිලා තිබුණා. මම ඒ කොටස ඉවත් කළා.
සපත්තුවෙ පතුල ලස්සන තැඹිලි පාටයි!
මම අනික් සපත්තුවත් අරගෙන පතුල වසාගෙන තිබුණු හම් කොටස ඉවත් කළා.
ඉන් පස්සෙ ගිහින් බල්ලො දෙන්නවම හුඟක් වෙලා යනතුරු සුරතල් කළා.

Sunday, June 3, 2012
තීරණ
ජීවිතේ හැම මොහොතකම මොනවා හරි දෙයක් තෝරගන්න වෙනවා. ඉන් සමහරක් තීරණ අමාරුයි.
ඉස්සරම, වැස්ස දවස්වලට උදේට නැගිටින එක පවා අමාරු තීරණයක්.
"අද නොගියොත් මොකද?" මම මගෙන්ම අහනවා.
තවත් සමහර තීරණවලට අවට ඉන්න අයගෙ බලපෑම තියෙනවා. ඉස්සර අක්කයි මමයි නිදා ගත්තෙ එකම කාමරේ. හුඟක් දවස්වලට අපි ඇඳේ ඉඳන් කතන්දර පොත් කියවනවා. ජනේලෙ වහන්නෙ කවුද, විදුලි පහන් නිවන්නෙ කවුද කියන එක තමයි ඒ දවස්වල තිබුණු ලොකුම තීරණේ. මගෙ ඇඳ තිබුණෙ ජනේලෙ ළඟ. විදුලි පහනෙ යතුර තිබුණෙ අක්කගෙ ඇඳ ළඟ. මම ජනේලෙ වහනවනම්, අක්කා විදුලි පහන් නිවිය යුතු වුණත්, මම ජනේලෙ වහනවා දකිනකොටම, දඩබඩ ගාලා, කියවමින් හිටිය පොත වහලා, අක්කා ඇඳේ වැටෙනවා; නිදි වගේ රඟපානවා. ඒ හින්දා හුඟක් දවස්වලට වැඩ දෙකම කරන්නට වුණේ මට.
ඉතින් හොඳටම හිතට අමාරු වුණු දවසක මම තීරණය කළා අක්කට පාඩමක් උගන්වන්නට. මම අක්කගෙ ඇඳ උඩට පැනලා, ඇයට හොඳට රිදෙන්නට පාගගෙන ගිහින් විදුලි පහන නිව්වා.
එතනින් එහාට කතාව හුඟක් ශෝචනීයයි...
රැකියාවකට ගියාට පස්සෙ අමාරු තීරණ කියන වර්ගය වෙනස් වෙන්නට පටන් ගත්තා.
සීමාවාසික කාලෙ මුළින්ම තනියම හිතලා ප්‍රතිකාර නියම කරනකොට ඒක අමාරු තීරණයක්. ජ්‍යෙෂ්ඨයෙකුට කතා කළ යුත්තෙ කොයි වෙලාවටද කියලා තීරණය කිරීම අමාරු දෙයක්. නමුත් ඒ කාලෙ බරපතල තීරණ ගත්තෙ ජ්‍යෙෂ්ඨ අය නිසා ගැටළු අඩුයි.
වරක් එක්තරා කාන්තාවක් ඇතුළත් වුණා සැත්කමක් උදෙසා. ඇය රුධිර පාරවිලයනයට විරුද්ධ ආගමික නිකායකට අයත් කෙනෙක්. ඇයට සිදු කළ යුතුව තිබුණු සැත්කම, අධික ලෙස රුධිරවහනය විය හැකි එකක්.
මමත් මා සමග වැඩ කළ අනෙක් සීමාවාසික වෛද්‍යවරයාත් දැන් ඇයට කරුණු පහදා දෙන්නට වෑයම් කරනවා. ඇය නොවෙයි පිළි ගන්නෙ.
"එහෙම හුඟක් ලේ ගියොත් මැරෙන්නට පුළුවනි."
"ආ, ඒකට කමක් නෑ!"
"ඔයාට කමක් නැති වුණාට අපිට කමක් තියෙනවා. අපිට බෑ බේරගන්න පුළුවන්කම තියෙද්දි බලන් ඉන්න."
"නෑ නෑ, මම මැරුණත් ලේ ගන්නෙ නැහැ."
ඇයට අවුරුදු 9ක පුතෙක් ඉන්න බව අපි දැනගෙන හිටිය හින්දා, අපි ඒ තුරුම්පුව පාවිච්චි කළා.
"දැන් ඔයාගෙ ළමයට එහෙම ඔය වගෙ ජීවිතේ බේරගන්න ලේ දෙන්නම වුණොත්, ඔයා ඒත් ලේ නොදී ඉන්නවද, නෑනෙ.."
"නැහැ, ඒත් ලේ දෙන්නෙ නැහැ. පුතාව මැරුණට කමක් නැහැ. ආගම වෙනුවෙන්.."
එතනින් එහාට කතා කරලා තේරුමක් නැති හින්දා අපි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඒ විදිහට සැත්කම් කරන වෛද්‍යවරයෙක් හොයාගෙන සැත්කම කරන ලෙස දන්වා ඇයගෙ සැත්කම අවලංගු කෙරුණා. එහෙම කරන, ඇගේ ආගමික නිකායට අයත් වෛද්‍යවරයෙක් ඒ කාලයෙ පෞද්ගලික අංශයෙ හිටියා. ඒ නිසා ඒ තීරණය පහසු වුණා.
පසු කාලීනව දැඩි සත්කාර ඒකකවල, ශල්‍යාගාරවල සේවය කරනවිට, වෙනස් ආකාරවල තීරණ ගැටළු සහගත වුණා. මේ වගේ සීමිත පහසුකම් ඇති විටෙකදි, ඒ සඳහා අවශ්‍යතා ඇති රෝගීන් බොහොමයක් ඉද්දි, කාටද මූලිකත්වය දෙන්නෙ කියන එක කොහොමත් ප්‍රශ්නයක්. ඒ ඒ කෙනා, තමන්ට හැඟෙන විදිහට තීරණ ගන්නවා.
සමහර දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරගන්නා රෝගීන් තීරණය වෙන්නෙ පොරොත්තු ලේඛනයක් අනුව. බැලු බැල්මට බොහොම සාධාරන වගේ පෙනුණත්, ඒ ක්‍රමයෙ අඩුපාඩු තියෙනවා. වඩාත් වැඩි අවශ්‍යතාවයක් ඇති රෝගියෙකුට, එහෙමත් නැත්නම් වඩාත් සම්පූර්ණ සුවයක් ලැබීමේ හැකියාව ඇති කෙනෙකුට අවස්ථාව ගිලිහී යන්නට ලොකු ඉඩක් තියෙනවා.
තවත් සමහර වෙලාවට බරපතල ලෙස බෝවෙන රෝගයක් සහිත රෝගියෙක් එවන් ඒකකයකට ඇතුළත් කරගත්විට, ප්‍රතිශක්තිය හීන වී සිටින අනෙක් රෝගීන්ට ඒ රෝගය බෝ වීමේ අවදානම බොහොම වැඩියි. එක්කෙනෙක් බේරා ගැනීමට ගන්නා උත්සාහයෙන් තවත් කිහිපදෙනෙක් මිය යාමට ලොකු අවස්ථාවක් තියෙනවා.
"කොහොම හරි" තමන්ගෙ ලෙඩාට ඇඳක් ලබා ගැනීම පිණිස ඇතැම් පුහුණු වෙන වෛද්‍යවරුන් සුදුසුකම් "වවා" කීම මෙන්ම, නුසුදුසුකම් ලෙස සැළකිය හැකි ඇතැම් කරුණු "වැහීම"ත් දකින්නට පුළුවන්.
මේ වගේ හේතු නිසා තවත් සමහර ඒකකවලට ඇතුළත් කරගන්නා රෝගියා නිර්ණය කර ගැනීමට වෙනත් සාධක භාවිතා කරනවා. ඇතැම් තැනෙක අදාල ඒකකයෙ වෛද්‍යවරයෙක් වාට්ටුවට ගිහින් අදාල රෝගියාව පිරික්සා බලනවා ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියලා. එතකොට, අනෙක් ඉල්ලුම්කරුවන් සමග සැසඳීමට අවස්ථාවක් ලැබෙනවා.
තවත් ඒකකවල රෝගියාට ඇති රෝගය සුව වීමේ හැකියාව, රෝගියාගෙ අනෙකුත් රෝගාබාධ ආදිය සැළකිල්ලට අරගෙන මේ තීරණය ගන්නවා.
කොහොම නමුත් මෙහෙම ගන්නා තීරණවලින් අසීරුම තීරණ ගැනීම මම දැක්කෙ එක්තරා වකුගඩු රෝග සඳහා වන ඒකකයකදි.
ලංකාවෙ වකුගඩු බද්ධය සහ රුධිර පිරිසිදු කිරීම සඳහා කාන්දුකරණය (Dialysis) අවශ්‍ය වෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් පොහොසතුන් නොවෙයි. රෝගය නිසාම සමහරවිට ඔවුන්ට රැකියාවක් කළ හැකි මට්ටමක නැහැ. නමුත් රුධිර කාන්දුකරණය මෙන්ම, වකුගඩු බද්ධයත් අධික ලෙස මුදල් වැය වෙන ප්‍රතිකාර ක්‍රම. රජයේ රෝහල්වලින් නොමිළේ ලබා දිය හැක්කෙ ඉතාම සීමිත පහසුකම් ප්‍රමාණයක්. සිටින රෝගීන් සංඛ්‍යාව සමග සැසඳීමේදී එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.
අදාල වකුගඩු රෝග ඒකකයේ කොටස් දෙකක් තියෙනවා, රුධිර කාන්දුකරණය සඳහා.
"ඒ" කොටසෙදි, කාන්දුකරණය සඳහා වැය වෙන්නෙ, රෝගියාට රෝහලට ඒම සඳහා වියදම විතරයි. ඉතිරි උපකරණ, දියර වර්ග රෝහලෙන්ම සපයනවා. කාන්දුකරණයත් සතියකට දින කිහිපයක් හෝ අවම වශයෙන් සතියකට වරක්වත් කෙරෙනවා.
අනෙක් කොටස "බී". එහි රෝගීන් තමන්ට අවශ්‍ය උපකරණ සපයා ගත යුතුයි. තියෙන සීමිත පහසුකම් බෙදා ගැනීම පිණිස මේ කොටසේ විශාල තරගයක් තියෙන්නෙ, මේ කොටසට රෝගීන් වැඩි හින්දයි. මුදල් කියන සාධකය මත ප්‍රතිකාර නවත්වන අය එමට ඇති.
මේ කොටස් වෙන් කෙරෙන්නෙ, වකුගඩු බද්ධ කිරීමක් සඳහා රෝගියා සූදානම්ද කියන කාරණය පදනම් කරගෙන.
මිය ගිය කෙනෙකුගෙන් වකුගඩුවක් ලබා ගත හැකි නමුත්, එක් අතකින් එය ජීවත්ව සිටින කෙනෙකුගෙ විතර හොඳ නැහැ. අනික් අතින්, ලංකාවෙ පවතින පහසුකම් අනුව, කෙනෙක් මිය ගිය පසු අවයව හානි වීමට පෙර උකහා ගැනීම අසීරුයි. (එහෙම නොකරනවා නොවෙයි.) ඒ නිසා රෝගීන්ට උපදෙස් දෙනවා බද්ධ කිරීම පිණිස වකුගඩුවක් දීමට කැමති කෙනෙක් සොයා ගන්නා ලෙසට.
මුදල්වලට වකුගඩු දීම හෝ ගැනීම මේ රටේ තහනම්.
නමුත් ඒ දේ කෙරෙනවා. එක අතකට මට හිතෙන්නෙ, ඒ දේට වාණිජ වටිනාකමක් ආවයින් පස්සෙ, අර විදිහට පින් පිණිස ප්‍රදානය කරන එක අඩු වෙන්නට ඇති කියලා.
කොහොම වුණත්...
එහෙම උපදෙස් දීලා, ඒ අයට යම් කාල සීමාවක් දෙනවා. ඒ කාලය තුළ ඔවුන් වකුගඩු දායකයකු සොයා ගත යුතුයි.
වකුගඩුවක් බද්ධ කරනතුරු මේ අයගෙ සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අර බද්ධ කරන එකෙනුත් තේරුමක් නැහැ. අන්න ඒ නිසා, මේ අයට රුධිර කාන්දුකරණය කෙරෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිළේ.
එතකොට බී කොටසෙ රෝගීන්?
ඔවුන් එහෙම බද්ධ කිරීමට කවුරුන්වත් සොයා ගත නොහැකි වුණු අය. ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තැබිය නොහැකි අය.
ඒ කොටසෙ ඉන්නා රෝගීන්ගෙන් එක්තරා ප්‍රතිශතයක් යම් දිනකදී බී කොටසට මාරු කළ යුතුයි.
ඒක හරියට මරණයට දින නියමයක් කරනවා වගෙයි මට හැඟුණෙ.
නමුත් ඒකත් යම් දිනකදී, කවුරුන් හෝ ගත යුතු තීරණයක්.
ප.ලි. තමන්ගෙ මරණයෙන් පසු හෝ මොළයට නැවත සුව නොවන පරිදි දැඩිව හානි පැමිණීමෙන් පසු හොඳ තත්වයේ පවතින තමන්ගෙ අවයව- අක්මාව, වකුගඩු, ඇස්- බද්ධ කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර තැබිය හැකියි. දැන් ලංකාවෙත් මේ විදිහෙ සැත්කම් කෙරෙනවා.
Thursday, May 31, 2012
ලේ
ඇස් ඉස් මස් ලේ දන් දෙන සංකල්පය ඇති වෙන්නට ඇත්තෙ, සමහරවිට පුරාණ ශිෂ්ඨාචාරවල අවයව බද්ධය කෙරුණු නිසා වෙන්නටත් ඇති. කොහොම වුණත් ඒ විදිහට දන් දීලා බලාපොරොත්තු වෙන්නෙ "මම, මගේ" කියන හැඟීම අඩු කර ගන්න එක. වෙන විදිහකට කිව්වොත් ලෝබකම අඩු කර ගන්න එක. තමන්ගෙ ඇඟෙන් ඉවත් කරලා දුන්නට පස්සෙ ඒ දේ තව දුරටත් තමන්ට අයිති නැහැ.
එහෙම දෙන්නට පහසුම දේ තමයි ලේ.
පාරක් පාරක් ගානෙ "මා වැනි බිළින්දා" කියල දැන්වීම් ගහල තියෙන්නෙ, මිනිස්සුන්ට එහෙම ලේ දන් දෙන වුවමනාව ඇති කරවන්නට. හුඟක් මිනිස්සු ළමයින්ට කැමතියි. අනික් අතට හුඟක් මිනිස්සු කටු ගහනවට බයයි; ලේ දකින්නට බයයි; ලේ දෙන්නට අකමැතියි. අර විදිහෙ රූපයක් දැක්කහම මිනිස්සු රැවටෙනවා, "ආ, බබාලා ජීවත් කරවන්නට පුළුවන් මගෙ ලේවලින්."
එහෙම පෙළඹවීමක් අවශ්‍ය වෙන්නෙ ලේ දන් දුන් නමුත් ඒ කෙරෙහි ඇති "තමන්ගෙකම" අපේ හිතින් අයින් වෙලා නැති හින්දා. අපි කැමති අපේ ලෙයින් පලකට ඇති කෙනෙක් ජීවත් වෙනවා දකින්නට. තමන් කැමති කෙනෙක්, ආදරය කරන කෙනෙක් ජීවත් වෙනවා දකින්නට.
සමහරවිට හැමෝම එහෙම නැතුව ඇති.
නිතර නිතර ලේ වමනෙ දමාගෙන රෝහලට ඇතුළු වෙන මත්පැනට ඇබ්බැහි වූවන්, එකිනෙකා සමග ගහමරාගෙන එන පාතාල කල්ලිකරුවන් හෝ මදාවියන් වැනි අය ජීවත් කරවීම පිණිස ලේ බිඳක් දන් දෙන්නටයයි දැන්වීම් ගැහුවොත් කී දෙනෙක් එයිද මන්දා. තමුන් පරිත්‍යාග කළ ලේ ටික භාවිතා වුණේ ඒ වගේ සමාජයට කරදරයක් වෙන විදිහෙ, පවුලට කරදරයක් වෙන විදිහෙ මිනිහෙක් ජීවත් කරවන්නට බව දන්නවනම්, කී දෙනෙක් ඒකට සතුටු වනු ඇත්ද?
එහෙම නොහිතිය යුතු ඇති. ඒත් මම අකමැතියි.
එහෙම අකමැත්තක් හිතට එන්නෙ, දන් දුන්නායයි කිව්වත්, ඇඟෙන් ඉවත් කළ ලේ ටිකට තියෙන බැඳීම අඩු වෙලා නැති හින්දා වෙන්නට ඕන.
අනෙක් අතට පසුගිය යුධ සමයේ හමුදා සොයුරන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන්නටනම් බොහෝ දෙනා ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නට ඇති. මමත් එහෙමයි.
කාලයක් මම හමුදා රෝහලේ සේවය කළා. එහෙ ලේ ගබඩා කරගෙන තිබුණෙ නැහැ. අවශ්‍ය වනවිට ලේ බැංකුවට ගිලන්රියක් යවා ගෙන්වා ගන්නට ඕන.
කියන තරම් ලේසියෙන් ලේ ගෙන්වා ගන්නට බැහැ. ප්‍රභූවරුන් යන එන හින්දා නිතරම පාරවල් වහලා. විනාඩියක් දෙකක් නොවෙයි; වරකට විනාඩි හතළිස්පහක් පමණ පාර වහනවා ඒ හරියෙ.
එක් දවසක, බරපතල සැත්කමකට ලක් වුණු සොල්දාදුවෙකුට ලේ පයින්ට් කීපයක්ම ඉතාම ඉක්මණින් දිය යුතුව තිබුණා. ඒත් ලේ ගෙන ඒමට ගිය ගිලන්රිය යාමේදීත්, ඒමේදීත් දෙවරම අර විදිහට ප්‍රභූවරයෙක් උදෙසා මාර්ගය වැසීමට හසු වෙලා. පැය තුනක් ගතවීත් අවශ්‍ය ලේ ලැබී තිබුණෙ නැහැ. එදා මම හිටියෙ යක්ෂ තරහකින්: මොන විකාරයක්ද? අඩුම ගානෙ ගිලන්රියකට යාමට ඉඩ දිය යුතුයි නේද? එක්කො අදාල ප්‍රභූවරයා එන වෙලාව හරියටම දැනගෙන විනාඩි කිහිපයකට පමණක් පාර වැසීමට බැරිද? මේ අනෙක් මිනිසුන් වෙනුවෙන් යුද පිටියට බට සොල්දාදුවෙක් නේද?
මම එහෙම යකා ආවේශ වෙලා හිටියට එතන හිටිය අනෙක් අය ඒ තත්වය එහෙමයයි පිළිගෙන වගේ. සමහරවිට අවුරුදු ගණනාවක් එතන සේවය කරන ඔවුන්, ඒ අත්දැකීමට නැවත නැවත මුහුණ දීම නිසාම එලෙස හැඩ ගැසෙන්නට ඇති. නොඑසේනම්, තමන්ට වෙනස් කළ නොහැකි දෙය උපේක්ෂාවෙන් විඳ ගන්නට ඇති.
එහෙම පුරුද්දක් නැති මම හිතින් ගැටෙන්නට පටන්ගෙන, මගේයයි හිතාගන ඉන්න ලෙඩා වෙනුවෙන්. ඒ විදිහෙ ගැටීමක් හිතේ ඇති වෙන්නෙ තවමත් යටපත් නොවුණු ද්වේෂය හින්දා වෙන්නට ඕන.
ලේ ගබඩා කර තබා ගත හැක්කේ මාස දෙකතුනක් පමණයි. එහෙම කල් ඉකුත් වෙන්නට ආසන්න ලේ, විශේෂයෙන් යුද කාලයෙදි, අසල රෝහල්වල අවශ්‍යතා විමසලා, ඒ තැන්වලට ලබා දෙනවා. නමුත් යාපනයේ ඉගෙනගත් වෛද්‍යවරියක කිව්වෙ, ඔවුන් එහෙම වෙනත් රෝහල්වලට ලේ යැව්වෙ නැහැ; ඒ වෙනුවට ඒවා රෝහල ඉදිරිපිට රෝස මල් පාත්තියේ පොහොර ලෙස යොදාගත්තාය කියලා.
"හරි ලස්සනට, ලොකුවට මල් පිපුණා." ඈ කිව්වා. "ලේ කියන්නෙ බොහොම හොඳ පොහොරක්!"
මිනිස් ලේ පොහොරක් වෙලා, ඒ මතින් පිපෙන මල් සුන්දර බව පිළිගන්නට මගේ සිත මැළිවෙන්නෙ මෝඩකම හින්දා වෙන්නට ඕන.

Tuesday, May 22, 2012
"කරුමෙ"
මේ දිනවල හුඟක් ළමයින්ට දරුණු මොළයේ උණක් වැළඳෙනවා. ඉක්මණින්ම සිහි කල්පනාව නැති වෙලා, වලිප්පුව හැදෙන මේ ළමුන්ගෙන් ඇතැමෙක් රෝගයෙන් මිය යනවා. තවත් ළමුන් සුව කළ නොහැකි ස්නායු ආබාධ සහිතව ජීවත් වෙනවා. බොහොමයක් ළමයින් සති කිහිපයක් නැත්නම් මාස කිහිපයක් පුරා දුක් විඳිමින් ජීවිතය අදිනවා. දෙමවුපියන්, නෑදෑයින් විඳින්නෙ සුළුපටු දුකක් නොවෙයි. මවුවරුන් සති ගණනාවක් තිස්සෙ දිවි ගෙවන්නෙ රෝහලේ. ඔවුන්ට රැකියා තියෙනවද, තමන්ගෙ අසනීපයක් අමාරුවක් තියෙනවද කියලා සිහියක් නැහැ. තියෙන දේපල විකිණෙන්නෙ, උගස් තැබෙන්නෙ, පියවරුනුත් ඈත ගම්වල සිට නිතර නිතර නගරයේ රෝහලේ සිටින දරුවා බලන්නට එන හින්දා; රැකියාවක එක දිගට නිරත වෙන්නට නොහැකි වන හින්දා. වැඩිහිටියන් හැමදෙනාම රෝගී දරුවා ගැන පමණක් අවධානය යොමු කරන නිසා, පවුලෙ සිටින අනෙක් දරුවන් ගැන හොයා බලන්නට කෙනෙක් නැහැ.
එහෙම ඉඳලා, ඇතැම් දිනයක මහා හඬින් හඬා වැළපෙන මවුපියවරුන් දරුවාගෙන් සමු ගන්නවා.
"මටනං එපා වෙලා." මං කිව්වා.
"ඉස්සර වතාවක් ඔය වගේ ළමයෙක් ආවා. අවුරුදු හයක් විතර ඇති." හෙදිය කතාවක් පටන් ගත්තා.
"දර කෑල්ල වගේ. කිසිම සිහියක් නැහැ. මොකක්ද අසනීපය කියලා හොයා ගන්නවත් බැහැ. කරන හැම පරීක්ෂණයක්ම සාමාන්‍යයි. දරුවා සුව වෙන්නෙත් නැහැ.
ඒ බොහොම අමාරුවෙන් හදා ගත්තු ළමයෙක්. අවුරුදු ගානක් දරුවන් නැතුව ඉඳලා. මුලදි මුලදි දරුවගෙ මුළු පවුලම හිටියෙම මෙතන. අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දලා, මාමලා.....
ඒ ළමයා සති ගානක් ඒ විදිහට හිටියා.
ටික දවසක් යද්දි අපට පෙනුණා දරුවා බලන්න එන්නෙ අම්මා විතරක් බව. තාත්තා එන්නෙම නැහැ. ආච්චි, සීයා එහෙම වරින් වර ඇවිත් බලලා යනවා. අම්මත් සමහරවිට දවස් දෙකතුනක් නෑවිත් ඉන්නවා, ආච්චිව ළමයා ළඟ හිටවලා.
තාත්තා එන්නෙම නැහැ."
අම්මලා මෙහෙම මාස ගානක් රෝහලේ ඉන්නකොට, සමහර පියවරු වෙන අතක යනවා. පවුල සී සී කඩ වෙනවා.
"අපි දවසක් ඒ අම්මගෙන් ඇහුවා ඇයි තාත්තා දැන් නොඑන්නෙ කියලා.
ඒ අම්මා කිව්ව කතාව ඇහුවහම...."
හෙදිය කතාව නවත්වලා හිස ගැස්සුවා, හරියට අනේ එහෙම දෙයක්නම් කාටවත් වෙන්න එපා කියන්නට වගෙ.
"මොකක්ද එයා කිව්වෙ?"
"අර තියෙන්නෙ, අර සාස්තර බලන්නෙ, අර නිකං පේනවා කියන...."
"අඳුනක්ද?"
"අන්න හරි. ඒගොල්ලො අඳුනක් බලන්න ගිහින්.
අඳුනෙන් පෙනිලා, ඒ ළමයා පෙර ආත්මෙක මහා ලොකු පාපයක් කළා කියලා. මේ ආත්මෙදි කිට්ටු නෑදෑයො වෙලා ඉන්න මේ අයත් ඒ පාපයට හවුල් වෙලා...
දරුවට මෙහෙම වෙලා තියෙන්නෙ ඒ හින්දා කිව්වලු. මුළු පවුලටම මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නෙ, ඒ පාපයට හවුල් වුණු හින්දා කිව්වලු."
"ඉතින්?" මම හිතුවෙ තාත්තා ඒ ගැන කළකිරීමෙන් රෝහලට නොඑනවාය කියලා.
"ඉතින් ඒ අඳුන බැලුව කෙනා කිව්වලු, ළමයට සනීප වෙන්නනම්, ගෙයක් ගෙයක් ගානෙ, පාරක් පාරක් ගානෙ හිඟා කාලා, ඒ ලැබෙන මුදලින් දානයක් දෙන්නය කියලා!"
මම 'ඉතින්' නොකියා බලාගෙන හිටියා.
"තාත්තා දරුවා බලන්න ඇවිත් නැත්තෙ ඒකයි. රස්සාවත් අතෑරලා, හැමදාම හිඟා කන්න යනවලු. අනික් කිට්ටු නෑදෑයො සේරමත් පුළුපුළුවන් වෙලාවට හිඟා කන්න යනවලු. අම්මත් අර ගෙදර යන්නෙ, එහෙම හිඟා කන්න යන්නලු.
එහෙම කරලා, අන්තිමට ඒ මිනිස්සු සාස්තරකාරයා කියලා තිබුණු විදිහෙ දානයක් දුන්නා."
මම වැඩ නවත්වලා බලා හිටියා.
"ඉන් පස්සෙ ඒ ළමයට ටික ටික සනීප වුණා. හොඳටම සනීප වුණේ නැහැ. ඒත් දර කෑල්ලක් වගේ හිටිය ළමයා තනියෙන් හුස්ම ගන්නට පටන් ගත්තා. ඇස් ඇරියා. සිහි කල්පනාව ටික ටික හොඳ අතට හැරුණා. කෑම කවනකොට ගිලින්නට පුළුවන් වුණා. අතපය හොලවන්නට පුළුවන් වුණා. වචනයක් දෙකක් කතා කරන්නට පටන් ගත්තා.
ඒ ළමයා ගෙදර ගියා."
හෙදිය බර කල්පනාවකට වැටුණා. මමත් කල්පනාවට වැටුණා. නිහඬතාවය ඇති කළ තෙරපුම වැඩි වෙද්දි මම ආයෙත් කතාව පටන් ගත්තා.
"මටනං එපා වෙලා..."

Monday, May 21, 2012
චූදිතයෝ
ඒ කාලෙ...
චෙස් තරග මාලා පැවැත්වුණේ සති අන්තයන්හිදී. ඉන් සමහරක් තරග පැවැත්වුණේ සහභාගි වන කණ්ඩායම් අතුරින් සම දක්ෂතා මට්ටම් අනුව ප්‍රතිවාදී පිල් තෝරන ක්‍රමයට. අවසාන ප්‍රතිපලයත් තීරණය වුණේ දිනූ තරග සංඛ්‍යාව අනුව පමණක් නොවෙයි; ප්‍රතිවාදී පිල්වල දක්ෂතා මට්ටම අනුව නිර්ණය කරන ලද ලකුණු ක්‍රමයක් අනුව.
ඒ විදිහට පැවැත්වුණු එක් අන්තර්විද්‍යාලයීය තරග මාලාවකට අපිත් සහභාගි වුණා. තරගය සංවිධානය කර තිබුණේ වෙනත් විද්‍යාලයක් විසින්. ඔවුන් වාර්ෂිකව ඒ තරගය සවිධානය කරන අය.
ඒ කාලයේ බාලිකා විදුහල් අතරින් ඉහළම දක්ෂතා මට්ටමක හිටියෙ අපේ විදුහල. ඒ නිසා අපට මුළින්ම මුහුණ දෙන්නට සිදු වුණේ ඉහළම දක්ෂතා මට්ටමෙහි සිටි බාලක පාසලට. ඒ තරගයෙන් අපි පරාජය වුණා. නමුත් ඊලඟ තරග පහේම හැම පුවරුවක්ම අපි ජයග්‍රහණය කළ හින්දා, අපි දැන සිටියා බාලිකා අංශයේ ශූරතාවය හිමි වෙන්නෙ අපට බව.
අපේ තරග කලින් නිමා වුණු හින්දා, අපි විද්‍යාල භූමියේ ඇවිදිමින් විනෝද වෙන්නට වුණා. මගේ හොඳම යෙහෙළියට කුරුමාණම් අල්ලන ඉලන්දාරියෙක් වෙනත් ක්‍රීඩා කණ්ඩායමක හිටියා. අපි දෙගොල්ලම කල්ලි ගැහිලා, එකිනෙකාට උසුළු විසුළු කරගනිමින් එහෙමෙහෙ ඇවිද්දා.
ඔය අතරෙ අපට හමු වුණා ඒ වසරෙදි චෙස් ඇරඹූ වෙනත් බාලිකා විද්‍යාලයක කණ්ඩායම් නායිකාව. සෑහෙන මෝරපු පෙණුමක් තිබුණු මේ ක්‍රීඩිකාව පෙම්වතාගේ අස්ථාන සැකයට ලක් වුණු සිංහල චිත්‍රපට නිළියක වගේ කඳුළු සළමින්, ඤාව් ඤාව් ගාමින් හිටියෙ. ඇගේ සහෝදර ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් එතනට වෙලා ඇයව සනසවනවා. ඔවුන්ගෙ ක්‍රීඩා ගුරුවරියත් එතනට වෙලා ඇගේ හිස අත ගානවා.
අහක බලන් යන එක හරි නැති හින්දා මම ඇහුවා "මොකද අක්කා?" කියලා.
"අනේ බලන්න නංගි, හරිම අසාධාරනයි..." කෙල්ල හොටූ ඇද ඇද කිව්වා. කඳුළු නිකං දියලුම ඇල්ල වගේ බේරෙනවා!
අනික් කෙල්ලො ටික අමුතු මූණු දාගෙන බලා හිටියා.
මොකක්දෝ හේතුවක් නිසා මගේ යෙහෙළියන් මාව එතනින් ඇදගෙන ගියා. මම නොදන්න මොකක් හරි ඔවුන් දන්න බව මට තේරුණා.
සිද්ධිය වැටහුණේ අපි ආපහු තරග පැවති ඉසව්වට යනවිට. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දරුණු මූණු දාගෙන. එහෙට රවනවා, මෙහෙට රවනවා. තනියෙන් ගොරවනවා. කොහොමත් අපේ කණ්ඩායමේ හිටියෙ අර අනික් කණ්ඩායමේ වගේ ලලිත කලා කට්ටිය නෙවෙයි, සාමාන්‍ය ළමයි.
මට තේරුණු විදිහට සිද්ධිය මේකයි: නවක කණ්ඩායමක් වන අර ලලිතකලා බාලිකාවන්ට ක්‍රීඩා කරන්නට ලැබුණෙ එවකට පැවති දුර්වලම කණ්ඩායම් සමග. ඔවුන් ඒ තරග සියල්ල ජයග්‍රහණය කරලා. නමුත් දක්ෂතා මට්ටම අනුව ඉහළම කණ්ඩායම් හයක් සමග තරග වැදුණු අපේ කණ්ඩායමට ලැබෙන ලකුණු ප්‍රමාණය ඔවුන්ට වඩා වැඩියි, එක් තරගයක් පරාජය වුණත්. ඉතින් ලලිතකලා බාලිකාවන් තරග විනිසුරුවරයා හමු වෙලා, කඳුළු සළමින්, හොටු පෙරමින්, ළඳ බොළඳ ශ්‍රියා කාන්තා වචනවලින් පැහැදිලි කරලා තියෙනවා මේක හලීම අසාදාලනයි කියලා; ඒගොල්ලන්ගෙ සියුමැලි සුකුමාල ලලනා සිත් ගොඩාරියක් ඌවා වෙලා කියලා; අනී ඒගොල්ලන්ට සාදාලනේ ඉෂ්ඨ කරන්න ප්ලීස් කියලා.
එහෙම වුණොත් අපි මොකද කරන්නෙ?
දමල ගහල නැගිටල යමු.
අපි කතා වුණා.
අපි මොනවා හරි කරයි කියලා විනිසුරු මඬුල්ලත් බලාපොරොත්තු වුණා වගේ. කට්ටිය බොහොම බරපතල මුහුණු දාගෙන හිටියා. හැම කණ්ඩායමක්ම අසුන් ගත් පසුව, කුඩා ආහාර මල්ලක් බැගින් බෙදා දුන්නා. අනෙක් ක්‍රීඩකක්‍රීඩිකාවන්නම් කන්නට පටන් ගත්තා. අපි කෑවෙ නැහැ. අපි බොහොම අවධානයෙන් බලාගෙන හිටියා මොකක්ද සිද්ධ වෙන්නට යන්නෙ කියලා. ඔය වෙනකොට අර ලලිතකලා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙ හොටු සහ කඳුළු වේළිලා. ඒගොල්ලොත් සියුමැලි ඇඟිලිවලින් කෑම මලු ලිහලා කන්නට වුණා.
තරග ප්‍රතිඵල නිකුත් කළේ ඒ අතරතුර. බාලිකා ශූරතාවය අරුන්ට!
අපි නැගිට්ටා. කෑම මළු දමලා ගැහුවා මේස උඩට. අඩි පොළොවෙ හප්පමින් එතනින් පිට වුණා. සභාව තුෂ්ණිම්භූතව බලා සිටින බව අපි ඇස් කොණින් දැක්කා.
සිද්ධිය පත්තු වුණේ පහුවෙනිදා.
විදුහල්පතිනිය නිවේදනයක් නිකුත් කළා චෙස් කණ්ඩායමේ සියළුම ක්‍රීඩිකාවන්ද, චෙස් භාර ගුරුවරියන්ද වහාම රැස්වීමකට කැඳවමින්.
අපේ විදුහල්පතිනිය එක්ක සෙල්ලම් බැහැ. ඇය බොහොම දැඩි නීතිගරුක පාලනයක් ගෙන ගිය, ප්‍රබල පෞරුෂත්වයකින් හෙබි කෙනෙක්. තරග සංවිධායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයට ලිඛිතව දන්වලා අපේ විනය විරෝධී හැසිරීම ගැන. ඒ වගේම, ඊට දඬුවමක් ලෙස, අපේ විදුහලට වසරක තරග තහනමකුත් පැනවිලා.
ඔය වෙනකොට අපේ යොවුන් ආවේගශීලී හැඟීම්වල තීව්‍රතාවය අඩු වෙලා. අපව විදුහලින් අස් කරන්නට යන බව අපට වැටහුණා. ගෙදරට ගිහින් ඒ බව කියන්නෙ කොහොමද? අම්මලාට මුහුණ දෙන්නෙ කොහොමද? අම්මලාව විදුහලට එක්කරගෙන එන්නටයයි කිව්වොත්?
අපි අසරණ වෙලා රැස්වීම් ශාලාවට ගියා.
අපට අසුන් ගන්නට තිබුණෙ බිම. විදුහල්පතිනියත්, චෙස් භාර ගුරුවරියනුත්, පෙර දිනයෙදි අප සමග සිටි අපේ ක්‍රීඩිකාවකගෙ මවු වෙන වෙනත් ගුරුවරියකුත් අප ඉදිරියෙ අසුන් ගෙන සිටියා.
විදුහල්පතිනිය කථාව පටන් ගත්තා. ඇය කථා කළේ ක්‍රීඩා ගුරුවරියන්හට.
"කවුද ඒ අවස්ථාවෙ දරුවන්ව භාරව හිටියෙ?" ඇය විමසුවා.
"අහවලා." ක්‍රීඩා භාර ගුරුතුමිය අපේ ක්‍රීඩිකාවගෙ මව දැක්වූවා. ඒ ගුරුතුමිය මොහොතකට සසල වුණා. ඒත් විදුහල්පතිනිය ඇය දිහා බැලුවෙවත් නැහැ.
"ඒ ගුරු මහත්මිය ඒ වෙලාවෙ එතන හිටියෙ දෙමවුපියෙක් විදිහට. මම අහන්නෙ, කවුද ගුරුවරියක් විදිහට ඒ වෙලාවෙ දරුවන් භාරව හිටියෙ?"
ගුරුවරියන් බිම බලාගෙන. අපි, ක්‍රීඩිකාවන්, දැන් යන්තමින් හිස ඔසොවලා බලනවා.
"දරුවො වැරදි කරනවා." විදුහල්පතිනිය කිව්වා. "දරුවොන්ට හරි වැරැද්ද තේරෙන්නෙ නැහැ. ඒකයි දරුවො කියන්නෙ. දරුවො වැරදි කරන හින්දා, ඔවුන්ට මග පෙන්වන්ට අපි ඔවුන් සමග ඉන්නට ඕන. මේ සිද්ධියෙදි අපේ දරුවො තනි වෙලා. ඔවුන්ට කළ යුතු දෙය, නොකළ යුතු දෙය පෙන්වා දෙන්නට වග කිව යුතු වැඩිහිටියෙක් ළඟ ඉඳලා නැහැ. මේක වැඩිහිටියන් වන අපේ වැරැද්ද.."
ඔය විදිහට එතුමිය දීර්ඝ දේශනයක් කළා. අපි අහගෙන හිටියා. අපේ ගුරුවරු අහගෙන හිටියා. අපේ මවක් වූ අර ගුරුවරිය අහගෙන හිටියා.
විදුහල්පතිනිය අපට එක් වචනයකින්වත් බැන්නෙ නැහැ. අපව විදුහලින් අස් කළෙත් නැහැ. සිද්ධිය ගැන අපේ ගෙවල්වලින් දැනගත්තෙත් නැහැ.
අපට පැනවුණු තරග තහනම එලෙසින්ම ක්‍රියාත්මක වුණා. අපි, වෙනත් තරග මාලාවක් සඳහාවත් ඉන්පසු ඒ විදුහලට පය තැබුවේ නැහැ.
අපේ ආදරණීය විදුහල්පතිනිය, ටී. කේ. ඒකනායක මැතිණිය කවදාවත් අමතක වෙන්නෙත් නැහැ.

Tuesday, May 1, 2012
ආගන්තුක කුරුල්ලා
අප්පච්චියි අම්මයි උදෙන්ම වාඩි වෙලා පාතේගම සුමනරතන හාමුදුරුවන්ගෙ බණක් අහනවා. මම ඒ හිත නිවන හඬට කන් දෙමින් මිදුලට බැස්සා.
සියඹලා ගහේ ඉඳන් කවුදෝ ආගන්තුක කුරුල්ලෙක් ගී ගයනවා.
වදලට හැදී ඇති පලතුරු ගස්, මසුන් සහිත කුඩා පොකුණ සහ අම්මගෙ බත් දන්සල නිසත්, අපේ මිදුලට බැස්සහම ඕන තරම් කුරුල්ලො: කපුටො, කොහෝ, දෙමළිච්චො, බට්ටිච්චො, ඇටි බුක්කො, පැණි කුරුල්ලො, කහ කුරුල්ලො, කොබෙය්යො, පරෙය්යො, ගිරව්, කෑඳැත්තො, සිවුරු හොරු, සුදු රෙදි හොරු, කෑරල්ලු, පොළොස් කොට්ටෝරුවො, පිළිහුඩුවො, මයිනො, කරෝල පෙන්දො විතරක් නෙවෙයි, කොහෙ හරි දේවාලෙකින් පැන ගත්තු සෙබඩකුත් ආවා කාලයක්.
ඒත් මේ හඬ ආගන්තුකයි.
කන්කළුයි.
අමුතු අමුතු නාද රටාවන්ට අනුව ගැයෙන ගී හඬ මොන තරම් අහන් හිටියත් ඇති වෙන්නෙ නැහැ.
"අම්මා... අම්මා..."
අම්මයි අප්පච්චියි බණ පැත්තකින් තියලා මිදුලට බැස්සා. අපි අහන් ඉන්න බව දැනිලදෝ, ආගන්තුක කුරුල්ලා තව තවත් දිගු වැකි සහිත ගී ගයන්නට වුණා.
සියඹලා ගහ උඩට අව්ව වැටිලා. ලපටි පලාවන් පත් අතරේ කොපමණ හෙව්වත් කුරුල්ලා පෙනෙන්නට නැහැ.
"කුරුල්ලා බොහොම ලස්සන එකෙක් වෙන්නට ඕන." ඇහැට නොපෙනෙන, නොදන්නා කුරුල්ලා ගැන මම එහෙම කල්පනා කළා.
අම්මලා ආපහු ගෙට ගියා. මම කුරුළු ගී අසමින් මිදුලේ ඇවිද්දා.
හැමතැනම මල් පිපිලා. එහෙම නැත්නම් ලපටි, පැහෙන, ඉදෙන ගෙඩි.
වසන්තය ඇවිත්!
සමහරවිට මේ ගී ගයන්නෙ වසත් කාලයට පිටරටකින් මෙහෙ ආව කුරුල්ලෙක් වෙන්නට ඕන. මල්, පලතුරු දැකලා, ලා හිරු රැස් නාලා, හිතට සතුටක් දැනිලා වෙන්නට ඕන.
වසර පුරාම අඩි කිහිපයක් ගනකම අයිස් තට්ටුවකින් වැසුණු සයිබීරියානු නගරයක වාසය කරන මගේ මිතුරන් දෙදෙනෙක් පසුගිය වසරෙදි මෙහි ආවා. ගස්වල පලතුරු හට ගන්නා හැටි ඔවුන් මුල්වරට දැක්කෙ මෙහෙදි. ලා වැස්සකට අහස අර අදිනවිට, එය ගණනකට නොගෙන, තෙමෙමින් වැස්සේ ගමන් කරන මිනිසුන් දිහා ඔවුන් බැලුවෙ පුදුමයෙන්. නිදා ගැනීමට දුන් කාමරයේ තිබුණු වා කවුළු ඔවුනට නුහුරු නිසා, සතෙක් ඒවිදැයි බියෙන් මුළු රැයම නිදිවර්ජිතව සිටි බැව් කිව්වෙ පසුවදා.
"ආ, ඔව්, ඒවගෙන් සර්පයො ගේ ඇතුළට එනවා!" මං කිව්වෙ සැහැල්ලුවෙන්. විතාලිගෙ ඇස් උඩ ඉන්දුණා!
අපි පොඩි කාලෙ මේ වා කවුළුවල පරෙය්යන් පදිංචි වුණා. එක ජෝඩුවක්; ජෝඩු දෙකක්; එක් දරු පරම්පරාවක්; තව පරම්පරාවක්...
පරෙයි මැක්කන් බෝ වුණේ ඒ අතරෙදි. අපේ අතපය පුරා පුංචි පුංචි තුවාල.
අප්පච්චි කලබල වුණා. පරෙය්යන් එළවා දමන්නට තීරණය කළා: "ළමයින් ලෙඩ වෙන්නට පුළුවනි..."
පරෙය්යන් ඉන්න වා කවුළු ළඟට වෙලා අප්පච්චි සද්ද කළා; දිග රිටි අරගෙන කූඩු කඩන්නට වගේ හැදුවා; පරෙය්යන් කූඩුවට ඉගිල එනවිට ෂෝ ෂෝ කිව්වා.
අප්පච්චිගෙන් කරදරයක් නොවෙන වග පරෙය්යො හරියට දැනන් හිටියා වගේ! උන් තමන්ගෙ රවුම් ඇස්වලින් අප්පච්චි දිහා බලලා, වා කවුළු තුළට රිංගලා ලැගගත්තා.
අප්පච්චි දැඩි තීරණයක් ගත්තා: කූඩුවට නැගලා, කූඩුව කඩන්නට ඕන.
ඉතින් ඉණිමගක් හොයාගෙන, බිත්තියට හේත්තු කරලා අප්පච්චි පරෙයි කූඩුවට නැග්ගා. අපි බිම සිට බලා සිටියා.
උඩට නැගලා බලනකොට කූඩුවෙ පරෙය්යෙක්. අප්පච්චි බොහොම පරිස්සමෙන් ඌව අතට ගත්තා. අප්පච්චිගෙ කට උල් වෙලා; ඇස් සුරතල් පාට වෙලා. හරියට අළුත උපන් දරුවෙක් දෝතින් ගත්තා වගේ.
"මේ බලන්ඩ." අප්පච්චි අපට පෙන්නුවා. පරෙය්යා බොහොම හුරුබුහුටි අන්දමින් අප්පච්චිගෙ අත්වල උණුසුමට තවත් ගුලි වුණා. අප්පච්චි බොහොම පරෙස්සමින් ආපහු පරෙය්යාව කූඩුවෙන් තැබුවා.
අප්පච්චිගෙ පරෙයි දඩයම ඉන් අවසානයි. මං හිතන්නෙ පව් කරන්නටත් එක්තරා තරමකට පව්කාරකම තියෙන්නට ඕන.
පස්සෙ කාලෙක පරෙය්යොම අපේ ගේ අතෑරලා ගියා.
මම එහෙ මෙහෙ ඇවිදින අතරෙදි ආගන්තුක කුරුල්ලා ගී නාදය නවත්තලා. මම කුස්සියට ගියෙ අම්මා උයන හින්දා. ළිප උඩ මුං ඇට බඳුනක් තැම්බෙනවා. ඒ අසල සෝදා දැමූ හාල් බඳුනක්.
"මුං ඇට කිරිබත් හදලා දෙන්නම්." අම්මා කිව්වා.
"සීනිත් දාලා හදනවද?" මම ඇහුවා.
අම්මා සමහර වෙලාවට කිරිබතටම සීනි මුසු කරලා හදනවා. මතක ඇති කාලෙකින් මුංඇට කිරිබත් කෑවෙ නැහැ. මම පල්හෑලි කියමින් සෝදා තිබුණු හාල් කන්නට පටන් ගත්තා.
"ඕක කාලා ඉවර කරන්ඩ එපා. තම්බලා දෙනකම් ඉන්ඩ." අම්මා සැර කළා.
"මෙන්න." අප්පච්චි පේර ගෙනත්. මම මිදුලෙ ඇවිදින අතර මේ පේර ගෙඩි දෙක දිහා බැලුවා. ඒවා හොඳට ඉදිලයි තිබුණෙ. ඒත් ගහේ ඉහළ අත්තක. අපි කුස්සියෙ ඉන්න අතරෙ අප්පච්චි කොහොමදෝ ඒවා කඩාගෙන.
"මෙන්න අම්මට." මම පේර ගෙඩියක් කෑලි හතරකට කපලා, අම්මට කෑල්ලක් දුන්නා.
"එපා." අම්මා කිව්වා.
"මෙන්න පද්මලතාට."
"අනේ මට එපා!" පද්මලතාටත් පේර ඕන නැහැ.
"අප්පච්චිට?"
"මට ඕනෙ නැහැ."
කාටවත් පේර ඕනෙ නැහැ.
"ඔයා කන්ඩ. ඔයාටනෙ පේර ප්‍රශ්නයක් තියෙන්නෙ." අම්මා හිනා වෙවී කිව්වා.

Subscribe to:
Posts (Atom)