ඉස්සර මම හිතං හිටියෙ සෙබළා කියන්නෙ හමුදාවක ඉන්න ඕනම කෙනෙකුට කියල. ඒ කියන්නෙ රජෙක් වුණත් තමන්ගෙ හමුදාවත් එක්ක එකතු වෙලා හතුරු හමුදා එක්ක කඩු ෆයිට් කරනවනං, එයත් සෙබළෙක් කියලා. හමුදා නිලධාරියා කියන වචනෙ, සෙබළා ගැන ගෞරව සම්ප්රයුක්තව සඳහන් කිරීමේදී යොදා ගන්න වචනයක් කියලා හිතුවා. හරියට නිකං හෙදිය කියන එකයි, හෙද නිලධාරිනිය කියන එකයි අතරෙ වෙනස වගෙ. නැත්තං තමුසෙයි තමුන්නාන්සෙයි වගෙ.
එහෙම නෙවෙයි කියන එක තේරුණේ පස්සෙ කාලෙක. ඊට අමතරව සෙබළු ඇතුළෙත් තවත් උස්මිටිකම් තියෙන බව තේරුණේ දවසක් ප්‍රගීත් කිව්ව කතාවක් නිසා.
ප්‍රගීත්.
බොහොම ඉස්සර මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක, නැගෙනහිර පළාතෙ ගමනක් යාමට ලැබුණා. අප සමග ගමන් කළ හමුදා සොහොයුරන් අතර එක් නිලධාරියෙකුත්, සෙබළුන් කිහිපදෙනෙකුත් හිටියා. ප්‍රගීත් ඉන් එක්කෙනෙක්.
නිලධාරියා බොහොම ප්‍රසන්න නමුත්, අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයට කතාබහ කරන කෙනෙක්. සෙබළුන් අපට නෑසෙන පරිදි හෙමින් මුණු මුණු ගා එකිනෙකා අතර කතාබහ කළා විනා, ඇහෙන්නට කතා කළේ ගමන් මග ගැන යමක් දැනගන්නට ඕන කළ විට පමණයි.
ඒ සියල්ලන්ටම සරිලන තරම් ප්‍රගීත් කතා කළා!
ඒකට හේතුත් තිබුණා. එකක් ඔහු ඒ පළාතෙම වැසියෙක් වීම. ඒ නිසා, පළාතෙ ගහකොළ ගැන, කුඩා අතු පාරවල් ගැන, පාරවල් වගේ පේන ඒවා ගැන, මිනිසුන් ගැන ඔහුට කියන්නට අනන්තවත් දේ තිබුණා. ඒ හැම දෙයක් එක්කම බැඳුණු එක් කතාවක් හෝ ඔහු සතුව තිබුණා. ඒ වගේම ඔහුට අපූරු මතකයකුත් තිබුණා. නොයෙක් සිද්ධීන් ගැන, දින වකවානු සහිතව, පැහැදිලිව විස්තර කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඊටත් අමතරව, හිතට එන ඕනම දෙයක්, එය කීමෙන් සිදු වෙන පල විපාක නොසළකා කියන/ අසන පුරුද්දකුත් ඔහුට තිබුණා.
ප්රගීත්ගෙ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තෙ මගේ ගමන් සගයා. පළාතෙ සිතියමකුත් දිගෑරගෙන, මග දිගට දකින හැම පොඩි පාරක්ම ඒ පැරණි සිතියමේ කොතනට අයත්ද කියලා ඒ දෙන්නා සාකච්ඡා කළා. (නෑ, ඒ කාලෙ ජීපීඑස්, ස්මාට් ෆෝන්ස් වගෙ දේවල් තිබුණෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ බලං ඉද්දි බැට්රි බහින එක ෆෝන් කබලක් විතරයි.) අප ගිය මාර්ගයෙන් වැඩි හරියක් නිශ්චිත පාරක් නොතිබුණු තැන් නිසා, වාහනය ගමන් ගත්තේ ඉතාම රළු විදිහට; ඝෝෂාකාරීව. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙ සාකච්ඡාවෙ වැඩි කොටසක් මට ඇහුණෙ නැහැ. මම අහගෙන හිටියෙත් නැහැ.
ඔය අතරෙ, අහම්බෙන් එහෙන් මෙහෙන් ඇහුණු විදිහට, ප්‍රගීත් අර සෙබළු අතරෙ යම් ඉහළ තනතුරක් දරන කෙනෙක් බව මට තේරුණා. නිකං පන්ති නායකයෙක් වගෙ. ඒ ඒ අයට අයත් පහසුකම් පිළිබඳ කතාබහක් ඔය අස්සෙ ඇදුණා. එතරම් වෙලා වැඩිය සද්ද නැතුව හිටිය එක් සෙබළෙක් ඔවුන්ගෙ නිවස්නයේ ඇති යම් ගැටළුවක් පැවසුවා. එහෙම ගැටළුවක් ඇති බව, තමන් නොදැන සිටි බව නිලධාරියා පැවසුවා. ප්‍රගීත් ගත් කටටම කිව්වා:
"මම දැනගෙන හිටියෙත් නෑ. සර්ලා, අපේ ප්‍රශ්න ගැන බලන්නෙ නෑ; අපි මේගොල්ලොන්ගෙ ප්‍රශ්න ගැන බලන්නෙත් නෑ. අපි හැමෝම තමතමන්ගෙ පහසුව ගැන විතරයි හිතන්නෙ."
සුළු මොහොතකට හැමෝම නිශ්ශබ්ද වුණා. හරියට හැමෝම තම තමන් අතින් වුණු අඩුපාඩු ගැන මෙනෙහි කරනවා වගෙ. අපි හැම කෙනෙක්ම වගෙ වැඩියෙන්ම දකින්නෙ, තමන්ගෙම පෞද්ගලික ප්‍රශ්න; පොදු ප්‍රශ්න දකිනවා කියලා කියන වෙලාවලදිත්, වැඩියෙන් දකින්නෙ තමතමන්ගෙ තරාතිරමට අයත් ප්‍රශ්න.
වාහනයෙ ඝෝෂාවත් එක්ක මට හැම දෙයක්ම නෑසුණත්, වරින් වර ප්‍රගීත් ඒ වගෙ හිතන්නට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කළා. මගේ ගමන් සගයා සෑහෙන කලක් යනතුරු ඔහු ගැන ඉතා ඉහළින් කතා කරන්නට එය හේතු වෙන්නට ඇති. මට ඇහුණෙ එහෙම ප්‍රකාශ දෙකතුනක් විතරයි. ඒ ප්‍රකාශවල චෝදනා ස්වරූපයක්වත්, අනුකම්පාව යදින ස්වරූපයක්වත්, ආත්මානුකම්පාවක්වත් තිබුණෙ නැහැ. හුදෙක් සත්‍යයක් ප්‍රකාශ කිරීමක් පමණයි.
ඔය වගෙ එක් කාරණාවක් අධ්‍යාපනය ගැන.
'අකුරු කියවීමට, ගණන් සෑදීමටවත් නොදත් සෙබළුත් ඉන්නවාය' යනුවෙන් පරිභවයක් 'ඇහෙන' බව කතාබහට ලක් වුණා.
"එහෙම ඉන්නවා තමයි." ප්‍රගීත් කිව්වා. "අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවත් වුණෙත් කැලේ හැංගි හැංගි, කොයි වෙලේ කොටින්ගෙන් මැරුම් කන්න වෙයිද නොදැන. ගුරුවරු ආවෙත් නෑ මේ පළාත්වලට. ඉස්කෝලෙකට හුඟක් දුර යන්නත් ඕන. ඒ නිසා අපිට ඉගෙනගන්න බැරි වුණා. හැබැයි අපිට දැන් උගන්නනවනම්, අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට උගන්නන එකයි කරන්න ඕන."
ප්‍රගීත්ට පසු කාලෙක හෝ ඉගෙනගන්නට අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා. එහෙම ලැබුණානම්, ඔහු මහන්සි නොබලා ඉගෙනගනු ඇති.
ඇත්තටම ප්‍රගීත් මහන්සිය පෙන්වන කෙනෙක් නොවේ. එදා උදෑසන හතරහමාරට පමණ ඇරඹුණු අපේ ගමන, අවසාන වුණේ හොඳටම රෑ වෙලා. සල්ලඩයක හෙළවෙන්නාක් මෙන් කෙරුණු ගමනෙ අවසන් භාගයට එද්දි අපි හොඳටම හෙම්බත් වෙලා. දෙසරයක් උණ ගැනිලා වගේ මුළු ඇඟම රිදෙනවා. මාවිල් ආරු සොරොව්ව බලලා, සිත්තාරු පාළම ඔස්සේ ආපහු එද්දි, පාං කියා ගන්නට බැරිව අපි හිටියෙ. නමුත් ගමන පුරාවටම එක දිගට කතා කළ ප්‍රගීත්, ඒ වෙද්දිත් අපේ වෙහෙස නිවන්නට මෙන්, නොයෙක් දේවල් කතා කළා. ඒ එද්දි ප්‍රගීත් කිව් අවසන් කතාව තමයි කාලෙකට උඩදි සිත්තාරු පාළම නමින් ලිව්වෙ. එහෙම මිය ගිහින් තිබුණෙ ප්රගීත්ගෙ මල්ලි.
සිත් ආර මං කියවපු පළවෙනි සිංහල බ්ලොග් අඩවිය. මට සිංහල බ්ලොග් එකක් ලියන්න මුලින් ම සිත් දුන්නේ සිත් ආර නිසා තමයි. දැන් ඉතින් කලාතුරකින් හරි ලියන එක ගැන ඇත්තට ම සතුටුයි.
ReplyDeleteමට මතකයි සිත්තාරු පාළම කියවලා ඉවරවෙනකොට හරිම සංවේගයක් දැනුණා.
ස්තුතියි සාකියා. ප්‍රගීත් එදා හිටි ගමන්, අහසින් කඩන් වැටුණ හෙණයක් වගේ, "මෙතන තමයි මගේ මල්ලි පොළොවෙ පස් කාගෙන වැටිලා හිටියෙ." කියනකොට ඇති වුණු කම්පනය අති විශාලයි.
Deleteසිත් ආර නම දැම්මේ සිත් ආරු පාලම මතක තිබිලද.. මෙන්න මේ කියන කෙනත් ප්‍රදීප් වගේ කියවනවද බලන්න. :)
ReplyDelete:) නැහැ. පොඩි කාලෙ කියවපු කවියක් තිබුණා "සිලිලාරෙක හෙල්මැලි" කියලා. ඒ පදේ හිතේ කා වැදී තිබුණා.
Deleteකලාහිත, ඉදිරියෙදි බලන්නම්, එහෙම කියවනවද කියලා. :D පේන්නෙ ඒ වගේ
සිලිලාරෙක හෙල්මැලි
Deleteපෙති අතරින් සැලි සැලී
කනට නොඑන සිතට දැනෙන
සිලි සිලියක පැටලිලා
ලා අඹ දළු නම නමා
දම් පාටින් ඔප දමා
සඳ කැන් මිණි කැට අස්සෙන්
උල්පත් වල කිමිදිලා
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ගේ සිනා කුමරි! මතකෙන් ලිව්වේ ... පද වැරදිද දන්නේ නෑ. ඔය මගේ ආසම කවි පන්තියක් :)
"සිලිලාර සිත නයනා හර්දේ සිඹිනා
Deleteකෝල ලීල වදනා සවන පිනනා"
ශබ්ද රසයට ගිහිල්ල තියෙන්නේ... සිලිලාර කියන්නේ මූදට නේද? හෙල්මැලි කියන්නේ මල් වලටනේ... දෝණිගේ දත් ගැනනේ ඔය මානවසිංහ මහත්තය ලියල තියෙන්නේ..
ඒත් මේ නම් සිලිලාරයි, සිත් ආරයි එක්වැ බැඳුණු සිත් සයුරයි!!!
ηiRσ සඳහන් කළ කවි පන්තිය තමයි. :D මට ඔය තරමට මතක නැහැ පද ටික. නමුත් ඒ කාලෙ හුඟක් ආසා වුණු එකක්.
Deleteතිස්ස අය්යා, :D ඔව්, සිත් ආර කිව්වහම, තේරුම් දෙකක් එනවනෙ.
සිලිලාර කියන එකේ තේරුම හැටියට මගේ හිතේ තිබුණෙ, සිසිල් දිය පිරි විලක්/වැවක්/දිය කඩිත්තක් වගෙ දෙයක් හැටියට. මුහුද වෙන්නැති හරි තේරුම.
හුගක් දවසකින් අක්කගේ පෝස්ට් එක්ක කියවන්න ලැබුනේ..
ReplyDeleteහුඟ දවසකින් ආයෙම ලියන්නෙ, මල්ලි. ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලා දැන්. :D
Delete"එහෙම ඉන්නවා තමයි." ප්‍රගීත් කිව්වා. "අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවත් වුණෙත් කැලේ හැංගි හැංගි, කොයි වෙලේ කොටින්ගෙන් මැරුම් කන්න වෙයිද නොදැන. ගුරුවරු ආවෙත් නෑ මේ පළාත්වලට. ඉස්කෝලෙකට හුඟක් දුර යන්නත් ඕන. ඒ නිසා අපිට ඉගෙනගන්න බැරි වුණා. හැබැයි අපිට දැන් උගන්නනවනම්, අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට උගන්නන එකයි කරන්න ඕන."
ReplyDeleteළමයින්ට නිදහසේ ඉගෙන ගන්න ඉඩ දෙන්න. ඔන්න ඕක තමයි ප්රගිත්ලට ප්රගිත්ලගේ මල්ලිලාට කරන්න පුළුවන් ලොකුම උපහාරය.සහ උපකාරය .
මගේ ඉස්කෝලේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් හමුදාවේ ඉඳල යුද්ධේ කාලේ නැති වෙලා. හැම අවුරුද්දෙම පින්කමක් කරලා අපිට විතරක් පේන්න පින්තුර දානවා. හැම අවුරුද්දේ ඒ පින්තුර දකිද්දී ලොකු හිස් බවක් දැනෙනවා. ඒ පවුල් වලට ඒ හිස්තැන හුඟක් ලොකුයි.
නැති වුණු මනුස්සයාව අන්තිමට මතක තියෙන්නෙත්, ඒ නැතිවීම නිසා දුක, පාළුව, පාඩුව හැම දෙයක්ම ඇත්තෙත් ඒ පවුලට, කිට්ටු හිතමිතුරන්ට විතරයි. අනික් අයට ඒක සංඛ්‍යාලේඛනයක දත්තයක් විතරයි.
Deleteඉගෙනීම කියන එක ළමයින්ට කරදරයක් නැති, දෙමව්පියන්ගෙ ආදායම/ පදිංචිය මත තීරණය නොවන දෙයක් වෙනවානම් කොයිතරම් හොඳද?
ඇට්තෙන්ම වැඩිහිට් අධ්‍යාපනයට අපේ රටේ තැනක් නෑ. ඉගෙන ගන්න කෙනෙක් ගියොත් අනිත් අය එයාට හිනාවෙන තත්වයකුත් තියෙනවා. අර වගෙ දක්ෂ මිනිස්සු කොච්චරක් අවස්ථාවක් නැතිකම නිසා කොන්වෙලා ඇත්ද ? හුඟක් ජීවිත පාඩම් එන්නෙ නූගත්ය කියල සම්මත මිනිස්සුන්ගෙන් කියල මං හිතන්නෙ මගෙම අත්දැකීම් වලින්..
ReplyDeleteනලිනී ඉඳහිට හරි ලියනවානම් කොච්චර හොඳද ? ලොකු අඩුවක් දැනෙනවා අපිට.ඒ මොකද ඔයා ලියන ආරට ලියපු එකම කෙනා ඔයා විතරයි..
ලංකාවෙ ඔය ආකල්පෙනම් මොන විදිහකින් හරි වෙනස් කරන්න ඕන. තමුන් ඉගෙනගන්න ලෑස්තිත් නෑ; වෙන කෙනෙක් ඉගෙනගන්න හදනවා දැක්කත්, "දැං ඉතින් තව අවුරුද්දකින් දෙකකින් විශ්‍රාම යන්නනෙ ඉන්නෙ, මොකට නහිනවද, පිස්සු" යනාදී වශයෙන් ඒකට පරිභව කරන අය තමා හුඟක්ම ඉන්නෙ. ළමා කාලෙදි හෝ තරුණ කාලෙදි නොලද ඒ අවස්ථාව, පහු වෙලා හෝ කෙනෙකුට ලැබෙනවනම්, එයාට වගේම රටට ලෝකෙටත් ඉන් යහපතක් මිස නරකක් වෙන්නෙ නෑ. ඒත් බොහොමයක් පාඨමාලාවල පවා උපරිම වයස් සීමාවක් දක්වලා, වැඩිහිටියන්ගෙ ඉගෙනීමට අකුල් හෙළනවා.
Deleteදැන් ලියන්න හොර වෙලා. :D වසන්තයක් පටන්ගෙන දුමීලා දුන්නු තල්ලුවට මේ තාම ලියන්නෙ.
මේ පෝස්ට් එක කියවලා සිත්තාරු පාළමත් කියෙව්වා....ඒක කියවන කොට පපුව හිරවෙන ගතියක් එක්ක ආත්ම ලැජ්ජාවකුත් ආවා...හැඟීම් අකුරු කරන එක කථා ලියනවාට වඩා හරිම වටිනවා..
ReplyDeleteයුද්ධෙනුත් සාමෙනුත් දෙකෙන්ම වැඩිම වාසි ගන්නෙ ව්‍යාපාරිකයන් වෙන්න ඕන.
Deleteසැබෑ ව්‍යාපාරිකයෙක් කියන්නෙ ඔනෑම දෙයකින් වැඩිම වාසි ගන්න අයෙකුට...හැබැයි ඒ වාසිය කාටද කියන එකෙනුයි එක් එක් ව්‍යාපාරිකයාගෙ මනුසත්කම මැනෙන්නේ. වාසිය කියනඑක අර්ථ දක්වන්න පුලුවන් නේද අප්‍රමාන ආකාර වලට..
Deleteනලිනි වගේ සංවේදී අයෙකුට ඒක එතරම්ම ගැටලුවක්නම් වෙන්න බැහැ..
ව්‍යාපාරික ප්‍රජාව අවශ්‍යයි සමාජයකට. ඒ 9 විවෘත කළ ගමන් වැඩියෙන්ම ඒ පාරෙ ගියෙ භාණ්ඩ පුරවගත්තු ලොරි. එදිනෙදා ජීවිතේට අවශ්‍ය කරන භාණ්ඩ සීමිතව තිබුණු කාලය අවසන් කරලා, මිනිස්සුන්ට ඒ දේවල් ගිහින් දෙන්න ව්‍යාපාරිකයො අවශ්‍යයි.
Deleteආත්මාර්ථකාමී විදිහට යුද්ධෙනුත් සාමෙනුත් වාසි ලබා ගන්න තැත් කරන ව්‍යාපාරිකයො විතරක් නෙවෙයි ඉන්නෙ. ඔබ සමග එකඟයි.
ප්‍රගීත්ල වගේ අය තව කොච්චර ඇද්ද කියල සිතුනා . වෙනද වගේම සංවේදී කතාවක්. ඉද හිට හෝ ලියන එක සතුටක් අපට .
ReplyDeleteඔව්, ගිම්හානි. 88/89 කාලෙ මිය ගිය අය, තිස් අවුරුදු යුද්ධයෙදි මිය ගිය අය කොපමණද? ආබාධිත වුණු අය කොපමණද? මේ හැම කෙනෙක්ගෙම පවුල්වල කොයිතරම් කතා ඇත්ද?
Delete:D
ReplyDelete:D
Deleteමොනවා වුණත් නිවාඩු පාඩු වෙලාවට බ්ලොගය පැත්තට අැවිත් ලියන්න.... මේ අදහස් අපිට වටිනවා
ReplyDeleteකාලයකට පස්සෙ මේ මකුළු දැල් කඩලා දාලා පටන්ගත්තෙ. :D
Delete//"බොහොම ඉස්සර මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක"/
ReplyDeleteඑහෙම යුද්දයක් තිබුනාවත්ද කියා හාංකව්සියක් මතක නැති වෙලා යන්න ගියේ අවුරුදු කීයද ? ඒ කාලකණ්නි යුද්දේ ඉවර කරපු වීර හමුදා සොයුරන් මිනීමරුවන් කරන්න ගියේ පැය කීයද ?
දැන් ඒගොල්ලො ගැන කතා කිරීමත් මහ විශාල වැරැද්දක් හැටියට සමහරු දකින්නෙ. :(
Deleteකාලයට වටින ලිපියක්
ReplyDeleteජීවිතේ එක් එක් කාලවලදි මුණගැහුණු මිනිස්සුන්ව, ආයෙත් හිටි ගමන් සිහි වෙනවා.
Deleteනලිනි ලිව්ව මේ පෝස්ට් එක හුඟක් හිතේ තියාගෙන ටිකක් අපිත් එක්ක බෙදාගත්තු පෝස්ට් එකක් හැටියටයි මම දකින්නේ. මේකේ වැඩිපුරම තියෙන්නේ හැන්ඩ්ල්ස්. ඒ කිව්වේ මේකෙ තියෙන්නේ මතක වල යතුරු. නැතිනම් කාඩ් ඉන්ඩෙක්ස් එකක් වගේ. අත්දැකීම තියෙන කෙනාට හැන්ඩ්ල් එකෙන් ඇද්ද ගමන් මුලු මතකයම ආපහු එනවා. අත්දැකීම නොලබපු අපි "හ්ම් හ්ම් වෙන්නැති වෙන්නැති" කියලා හිතනවා.
ReplyDeleteහ්ම් හ්ම්. ගමනට පාදක වුණු කාරණා, ගමනට සහභාගි වුණු අය, ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ආ ගිය තැන්, හමුවුණු හැම මනුස්සයෙක්ම ගැන කතා නොකර, එයින් ටිකක් එහෙන් මෙහෙන් කියද්දි, පිටින් ඉඳන් බලන කෙනෙකුට වෙන්නෙ "වෙන්නැති" කියල අනුමාන කරන්න විතරයි. මට, ආයෙ ආයෙ මතක් වෙන මනුස්සයෙක් ගැන උඩින් පල්ලෙන් ලියල දාල, ටිකක් හිත සැහැල්ලු කරගන්න හම්බෙලා.
Deleteඔබගේ පෝස්ට් එකක් දැක්කේ සෑහෙන කලකට පස්සේ...
ReplyDeleteබොහොම ඈත අතීතයට අයත් සොඳුරු යුද්ධය ඉවර කරන්න සහභාගී වෙච්ච කාලකන්ණි මිනීමරුවෙක් ගැන සංවේදීව හිතන්න පෙළඹෙන විදිහට පෝස්ට් එකක් ලියල මිනිස්සුන්ගේ අනුකම්පාව ආදරය ඔවුන්ට ලැබෙන්න සළස්වන්න ඔබට ලජ්ජා හිතුනේ නැද්ද...
සිත්තාරු පාළම පසුව ඇවිත් බලන්නම්...
මම බොහොම නරක වැඩක් කරලා නේද? :D
Deleteඇති, යාන්තම්. ලස්සන කතාවක් ලියා තියෙන්නෙ.හැමදාම හූල්ලමින් ඉන්න අම්මලා, බිරින්දෑවරු කොයි තරමක් අපි අතරෙ ඉන්නවද? මේ අයගේ ජීවිතවල ඒ අඩුව පුරවන්නේ කවුද? සංවේදියි මේව ගැන හිතනකොට නම්.
ReplyDeleteකතා නොකරන කතන්දර කොච්චර තියෙනවද? යුද්ධනම් ඕනම නෑ.
Delete