Tuesday, May 24, 2011

සෞඛ්‍ය කඳවුරු

සීමාවාසික පුහුණු කාලයෙ අපේ වාට්ටුවෙ විශේෂඥ වෛද්‍යවරිය හැම මසකටම වරක් මායිම් ගම්මානවල වෛද්‍ය සායන පැවැත්වීමට යනවා. මමත් ඒ කාලයෙ මේවට සහභාගි වුණා. ඒවට ගිහාම අපි වගේ හාල් කෑලිත් එක පාරටම විශේෂඥ වෛද්‍යවරු බවට පත් වෙනවා. මොකද, හැම දන්සැලකම දෙන්නෙ මහා නූඩ්ල්ස්, මහා බත්, මහා අයිස්ක්‍රීම් වගේ වෛද්‍ය සායනවලදි දෙන්නෙත් 'විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර' කියලා තමයි ප්‍රචාරය කරන්නෙ.



ඒ කාලෙ සටන් විරාමයක්- 2001-2002 කාලෙ. අපේ වාට්ටුව භාර වෛද්‍යවරිය එක්තරා සිංහල බෞද්ධ සංවිධානයක සාමාජිකාවක්. ඒගොල්ලො විශේෂ කාර්ය බලකාය සමග එකතු වෙලා තමයි මේ සායන පවත්වන්නෙ. විශේෂ කාර්ය බලකායෙ බස්වල තමයි එක්ක යන්නෙ. නවතින්නෙත් ඒගොල්ලන්ගෙ කඳවුරුවල. 
ගිය ගම්මානවලින් නම් මතක තියෙන්නෙ හරි ටිකයි. මොකද, එකක් මම ඒ ගැන එච්චර හෙව්වෙ නෑ ඒ කාලෙදි. (එච්චර කියන්නෙ කොහොමවත්ම හෙව්වෙ නෑ. මම ප්‍රවෘත්ති කියවන්නෙ, රූපවාහිනී බලන්නෙ, ගුවන්විදුලියට සවන් දෙන්නෙ නැති කෙනෙක්.) අරන් යන්නෙ කොහාටද, ඔහෙ ගිහින් මගෙ වැඩේ කරලා එනවා. අනික, ගිහින් එතන බැස්ස වෙලේ ඉඳන් සායන රෑ දෙගොඩහරිය වෙනකම් යනවා. ආයෙත් පහුවදා උදෙන්ම පටන් අරන් රෑට රෑ වෙනකම් කරලා, රෑ මැද පිටත් වෙලා ඒමක් තමයි තියෙන්නෙ. ඒ පැති කළුද සුදුදවත් දන්නෙ නෑ. හුඟක් වෙලාවට මට යන්න හම්බෙන්නෙත් කලින් දවසෙ රාත්‍රී මුරයක් කරලා, ආපහු ඇවිත් පැය දෙකතුනකින් වැඩට යන්න බලාගෙන.
ආසාවක් තිබුණත් පාර බලන්න හම්බෙන්නෙත් නෑ. අර සංවිධානයෙ මහත දෙහෙත ව්‍යාපාරික නෝනලා ජනෙල් අයිනෙ හරිබරි ගැහිලා ඉඳගෙන, කොට්ට හේත්තු කරගෙන නිදා ගත්තම, ආසනේ ඉතිරි වෙන ඉඩ ඩිංගෙ පස්සෙන් බාගයක් තියාගෙන තමයි මං වගේ කැහැටු පරාණවලට ඉන්න හම්බෙන්නෙ. (ඒ කාලෙ කිලෝ 42යි.)


සැරයක් අපි ඔහොම ගිය සායනයකට කොටි රංචුවකුත් ආවා බෙහෙත් ගන්න! එළවන්නයැ ඉතින්? ඒ ළමයින්ට අසනීපෙකට බෙහෙත් ගන්න විදිහක් තියෙන්න නැතුව ඇති. ඉතින් විශේෂ කාර්ය බලකාය හා සිංහල බෞද්ධ සංවිධානයක් විසින් පන්සලක පවත්වපු සායනයට බොහොම විශ්වාසෙන් ඇවිත් බෙහෙත් අරන් ගියා. :D

****************************************

මහඔය පැත්තෙ වරක් පවත්වපු සායනයකට හොඳටම හවස් වෙලා මිනිස්සු හුඟක් එන්න පටන් ගත්තා. ඒ අය ඈත ගමක අය. මෙහෙම එකක් තියෙනවා කියලා දැනගෙන, දවල් කුඹුරු වැඩ කරලා, ඊට පස්සෙ කිලෝ මීටර් 8ක් පමණ පයින් ඇවිදගෙන ඇවිත් තිබුණෙ. ඒ අතරෙ හිටියා වැඩිහිටියෙක් නැතිව තනියෙන් ආව අවුරුදු 8-10 ළමයි කීප දෙනෙකුත්. වැඩිහිටියන්ට එන්න විදිහක් නැති නිසා බෙහෙත් අරන් යන්න ඇවිත්. ආපහු අර මහ දුර කළුවරේ, පයින්, තනියම, යන්න ඕන. ලෙඩත් තියාගෙන!


(මේකට කිසිම සම්බන්ධයක් නැති වුණත්, පසු කාලෙක මම නතර වෙලා හිටපු ගෙදර පිරිමි ළමයා ආනන්දෙ උසස් පෙළ පන්තියෙ හිටියෙ- ඔහුව ඉස්කෝලෙට එක්ක යන්නෙ, එක්ක එන්නෙ අම්මා! "මම ගේට්ටුව ළඟ හිටියෙ නැත්නම් පුතාට සාංකාව වගේ" ලු. :P)

*****************************************

අර සංවිධානයෙ ඇතැම් ව්‍යාපාරික සාමාජිකයන් ගැනනම් මගෙ කිසි ප්‍රසාදයක් තිබුණෙ නෑ- මට ආසනේ ඉඩ මදි වීම නිසාම නෙවෙයි. :D (ඒ අකමැත්ත හින්දා සමහරවිට මට ඒ අය කරන හොඳ දේවලට වඩා අඩුපාඩු පේන්න ගන්න ඇති. ඒකනෙ ස්වභාවය.) 
එක දවසක් කොහෙද ඈත ගමක බස් එක නවත්තලා තියෙද්දි ගමේ දරුවො පිරිසක් බස් එක වටේ කැරකි කැරකි හිටියා. ඒ ළමයින්ට වාහන වැඩිය දකින්න ලැබෙන්නෙ නැතුව ඇතිනෙ. අර මට පෙන්නන්ඩ බැරි කාන්තාවක් ජනේලෙන් ඒ ළමයින්ට ටොෆි වීසි කළා, හරියට කපුටන්ට පාන් කෑලි විසි කරනවා වගේ. අර ළමයි බිම වැටෙන ටොෆි අහුල ගන්න පොර කනවා බල බල සතුටු වෙනවා. ඒ ටික අහුල ගත් පසු ආයෙත් ටිකක් විසි කරනවා. ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් කියනවා "මම හරි කැමති අසරණයින්ට උදව් කරන්න." කියලා. ඒ කාලෙ මම අහිංසක නිසා උන්දෑ මගෙන් අහ ගත්තෙ නැහැ.


හැබැයි තවත් ගමනකදි උන්දෑ වෙන කෙනෙක්ගෙන් අහ ගත්තා: ඒ ටිකක් පලපුරුදු වෛද්‍යවරයෙක්ගෙන්. එයා විනෝදකාමී කෙනෙක්. සිංදු කිය කිය විහිළු කර කර ගමන යන්න පටන් ගත්තහම අර සංවිධානෙ වයසක සාමාජික පිරිස නෝක්කාඩු කිව්වා. ඒ ගොල්ලො ගමන පටන් ගන්නෙ දන්න ගාථා සේරම කියලා; ඉන් පස්සෙ මග දිගටම නිදියනවා. ඒ සැප නින්දට බාධා වෙන නිසා තමයි ප්‍රශ්නෙ ආවෙ. ඉතින් අර අය්යට හරි තරහයි. ඉන් ඉදිරියට සින්දු හා විහිළුවලට අමතරව අර උන්දලා මොනවා හරි කිව්වොත් බයිට් කරමින් තමයි ගියෙ. මටත් හරි ජොලි. :D අර "අසරණයින්ට උදව්වට" ටොෆි විසි කරන නෝනා නොසෑහෙන්න අහ ගත්තා එයාගෙන්, හැම එකටම කට දාන්න ගිය නිසා. මගදි සියඹලා ගහක් දැකලා ඒ නෝනා කියනවා, "අනේ ඒ සියඹලා ගහක්ද? හරි ස්වීට්.." ඕකට ඉතින් අර අය්යා කියපු ඒවා මං කියන්න ඕනෙ නෑනෙ. :D මට මතක එදා යන එනකම් හිනා වෙවී ගියා කියලා විතරයි. කොහොම හරි බහින්න ඉස්සර ඒ නෝනට කිව්වා "ඊලඟ ආත්මෙදිවත් මස්තිෂ්ක අර්ධගෝල දෙකක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්න." කියලත්. එයාට ඒකනම් තේරුණේ නෑ.

*****************************************

කලින් කිව්වා වගේ මේ සායන සංවිධානය කරන අයගෙ තව අරමුණක් තිබුණා. (මීයක් කඩන්නෙ අත ලෙව කන්නයැ. :P) වැරැද්දක් කියන්නත් බැහැ ඉතින්. ඇඳුම් පැලඳුම්, පොත්පත්, ආහාරපාන මල්ලක්, වෙනත් නොයෙක් දේවල් දීලා පොඩි තෙලකුත් බෙදනවා. පොඩි කිව්වට පොඩිමත් නෑ. සංවිධානෙ කීප දෙනෙක්, ඒ පන්සලේ ඉන්න හාමුදුරුවො දැනුම් තේරුම් ඇති කෙනෙක්නම් උන්වහන්සෙ, එතකොට විශේෂ කාර්ය බලකායෙ උසස් නිලධාරියෙක් එහෙම කතා පවත්වනවා. ඒ මිනිස්සු කොහොමත් ඒ ගම් දාලා කොහෙවත් යන්නෙ නෑ; යන්න තැනක් නෑ. බහුතරයක් අපි ගිය ගම්වල මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නෙ, ලෙඩට දුකට බලන්නෙ හමුදාවෙන්. පන්සලේ හාමුදුරුවන්ට දානෙ දී ගන්නවත් ඒ මිනිස්සුන්ට බෑ. ඉතින් අමුතුවෙන් නොකිව්වට ඒ  මිනිස්සු එහෙ දාලා යන්නෙ නෑ.

දැන් ඔහොම කිව්වම හිතෙනවනෙ හරි අසරණ මිනිස්සු, බොහොම යටහත් පහත් ඇති කියලා. :D එහෙමමත් නෑ.

සැරයක් ඔන්න සංවිධානෙ කට්ටිය තෙල බෙදලා ඉඳ ගත්තා. සභාව නිශ්ශබ්දයි. හමුදා නිලධාරියෙක් නැගිට්ටා. "නිශ්ශබ්දව ඉන්නෙ? ගමේ කෙනෙක් ඉදිරිපත් වෙලා පොරොන්දුවක් දෙන්ඩ, අපි මේ ගම්බිම් අතෑරලා යන්නෙ නෑ; අපි අපේ මවුබිම, ආගම, ජාතිය ආරක්ෂා කරනවා කියලා."

දැන් කොළඹදි එහෙම ඔහොම කතාවක් කිව්වනම්, මිනිස්සු වටපිට බලන්න ගනී- කවුරු හරි මෝඩයෙක් නැගිටලාද කියලා. එහෙමත් නැත්නම් බිම බලාගෙන ඉඳී අර මනුස්සයගෙ ඇහැ නොගැටෙන්න. ඒත් නැත්නම් විනිවිද පෙනෙනවා වගේ හිස් බැල්මක් දාගෙන ඉඳී "ඔන්න අපි නෑ" වගේ.

ඒත් එහෙදි එහෙම වුණේ නෑ. හමුදා නිලධාරියා ඔහොම කිව්වා විතරයි, ඔහු හුස්මක් ගන්නවත් කලින් ඊයක් වගේ නැගිට්ටා සභාවෙ හිටි ගැමි කාන්තාවක්- බොහොම සාමාන්‍ය පෙණුමක් තියෙන කෙනෙක්. ඇයත් අර හමුදා නිලධාරියගෙ කටහඬටම නොදෙවෙනි ගාම්භීර හඬින් පොරොන්දුවක් දුන්නා, බොහොම හැඟුම්බර වචනවලින්.


බලාපොරොත්තු නොවූ ආකාරයට ඔහොම ඉදිරිපත් වෙලා කතා කරන අය මම ඔයිට කලින් දැක්කෙ අඳ දරුවන් අතර විතරයි.

**************************************** 

කාන්තා සෙබලියන් අඩු නිසා බොහෝවිට අපි නතර වුණේ පිරිමි අයගෙ කඳවුරුවල. මේ අය නිල ඇඳුමෙ කමිසයට යටින් කළු පැහැ ටී ෂර්ට් එකකුත් අඳිනවා. වරක් කාන්තා කඳවුරකට ගියා අපි දවල්ට කන්න. එතනදි මම දැක්කා සෙබලියන් යටට අඳින්නෙ අළු පැහැ ටී ෂර්ට් බව. ඉතින් මම එක්කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවා. ඇය ගත්තු කටටම කිව්වා, "කොල්ලො ඉතින් ඇඳුම් හෝදන එකක්යැ. ඒකයි කළු පාටටම තියෙන්නෙ. අපේ ඒවගෙ පාට ගිහින්." කියලා.


ඊලඟට ගිය සෙබල කඳවුරේදි මටත් කට පියාගෙන ඉන්න බැරි හින්දා එතන හිටපු සෙබලෙකුට මේක කිව්වා. මිනිහා ගත්තු කටටම කිව්වා, "කෙල්ලොන්ට ඉතින් ඇඳුම් හෝද හෝද ඉන්නවා ඇර වෙන වැඩක් තියෙන එකක්යැ. අපිට එහෙමද?" :D

**************************************

අපේ වාට්ටුව භාර වෛද්‍යවරිය බොහොම පිළිවෙලට ඇඳුම් පැලඳුම් කරන කෙනෙක්- අඳින සාරියට ගැලපෙන්න ඇටමාලයක් දාගෙන මිසක් එළියට බහින්නෙ නෑ. (මම ඔය කාලෙ ඇඳුම් මදින්නෙවත් නෑ. උඩින් කෝට් එක දාන නිසා, කම්මැළිකමට ගෙදරට අඳින ඇඳුම පිටින්ම වැඩට යන දවසුත් තිබුණා.) ගමනෙ දවස් දෙකට ගැලපෙන මාල දෙකක් ඇය ගෙනියනවා. 
කලින් කිව්වා වගේ ඔය සායනවලට ගිහින් ආපහු කොළඹ එනකොට පාන්දර 4-5 වෙලානෙ. අපි ඉතින් ඉතිරි පැය දෙකේ ටිකක් ඇහැ පියන් ඉඳලා, බොහොම අමාරුවෙන් මොකක් හරි ටී ෂර්ට් කෑල්ලක් ඇඳගෙන වාට්ටුවට යනකොට, මෙන්න මෙයා එනවා අලුත් සාරියක් ඇඳලා, ගැලපෙන ඇට මාලෙකුත් එක්ක. :D

එක් සායනයක් සූදානම් කර සිටියදී ඇගේ සහෝදරිය අභාවප්‍රාප්ත වුණා. නමුත් ඇය ගමන අවලංගු කළේ නෑ. සහෝදරිය දන්නවානම් මේ යහපත් ක්‍රියාව ඇය නිසා අවලංගු වුණා කියලා ඇය කණගාටු වෙයි කියලයි අපේ වෛද්‍යවරිය කිව්වෙ. ඒ නිසා ඇය සුදු සාරියක් ඇඳගෙන ඊට ගැලපෙන සුදු ඇට මාලෙකුත් දාගෙන ගමනට ආවා.
පහුවදාත් ඇය ඇඳලා හිටියෙ සුදු මුසු වූ සාරියක්. දවස් දෙකම සුදු අඳින නිසා ඇය එකම මාලය දමනු ඇතැයි මගේ කුපාඩිකමට අනුමාන කළ නිසා මම බොහොම වුවමනාවෙන් මාලෙ දිහා බැලුවා. මෙන්න බොලේ එදාට සුදුයි කළුයි ඇට තියෙන වෙනම මාලයක් ගෙනත්! 

තවත් දවසක ඇය උදේ අඳින්න ප්‍රමාද වෙලා. සායනයට යන්න ප්‍රමාද වෙන නිසා අපි ඇය එනතුරු ගිහින් බස් එකේ වාඩි වුණා. කවුදෝ කෙනෙක් ඇගේ ගමන් මල්ලත් ගෙනත් පැටෙව්වා. 
ටිකක් වෙලා යනකොට හෙණ ගෝරියක්- ඇගේ මාලෙ ගමන් මල්ලෙ. ඒක ගෙනත් දෙන තුරු ඇය එළියට බහින්නෙ නෑ. පස්සෙ ඉතින් ගමන් මළු අවුස්සලා, ඇගේ මල්ල අරන් ගිහින්, මාලෙ පැලැන්ඳුවට පස්සෙ තමයි ඇය එළියට බැස්සෙ.

මෙහෙම කිව්වට ඇය නරක කෙනෙක් නෙවෙයි. මෝස්තර ගැන තියෙන ඒ ආකල්පෙම තමයි රැකියාවටත් තියෙන්නෙ. බොහොම වුවමනාවෙන්, සොයා බලා, පිළිවෙලට, කළ හැකි ඉහළින්ම ඇගේ වැඩ කොටස ඇය කරනවා. තමන්ගෙ ලෙඩක් දුකක්, කරදරයක්, වෙහෙස මහන්සියක්වත් නොබලායි ඇය සේවයේ යෙදෙන්නෙ. මම බොහොම ගෞරව කරන කෙනෙක්.

75 comments:

  1. කාලෙකට පස්සෙ දැක්ක වැදගත්ම බ්ලොග් එකක්.... ඉදලා හිටලා කියෙව්වට මගේ රීඩරේටත් දාගෙන හිටියට ඇයි මේක මගෙන් ඈත් වෙලා තිබ්බේ කියලා මට පුදුමත් හිතෙනවා....

    ලිපිය ගැන කියන්න තියෙන්නෙ මෙහෙමයි... අතේ ඇඟිලි පහ පස් විදිහක්නේ නලිනි.... මමත් මේ ගැන ලිපියක් ලියන්න ඕන ස්තූතියි මාතෘකාවක් දුන්නට...

    ReplyDelete
  2. අද තමයි මේ පැත්තේ අවේ ...

    පණිවිඩය කිව්වේ අභීත

    ගොඩක් ලිපි එක හුස්මට කියෙව්වා ...

    ගොඩක් අසාවෙන් කියෙව්වේ වෛද්‍ය වෘතියේ අත්දැකිමක් එක්ක ලියපු ලිපි

    ReplyDelete
  3. අදයි ආවේ මේ පැත්තට. එක හුස්මට ඔක්කොම පෝසට් ටික කියෙව්වා. ඔබ තුමියගේ ලිවීම නම් සුපිරියි.

    ReplyDelete
  4. ඔහොම තමා කොච්චර හොඳ කෙනෙක් ගෙ උනත් අඩු පාඩු තියෙනවා නෙ

    ReplyDelete
  5. හුඟක් වෙනස් බ්ලොග් එකක් වගේ පේන්නෙ. මාරයා අයියා තමා පාර කිව්වෙ. දිගටම ලියන්න හොඳේ. සුභපැතුම්

    ReplyDelete
  6. මාරයා (මාරයාගෙ හෝරාව ) තමයි මෙතනට පාර පෙන්නුවෙ..දැනුම් තේරුම් ඇත්තියක් ලියන බ්ලොග් එකක්නේ.. ඉස්සරහට දිගටම ගොඩ වැදිලා යන්න එන්නම්..ලියලා තියන දේවල් ගැන මුලු බ්ලොග් එකම කියවලා comment කරන්නම්.

    Luckey-UAE

    ReplyDelete
  7. මාරයා අයියගේ පෝස්ට් එක දැකලා තමයි මේ පැත්තේ ආවේ. ලිපි ඔක්කොම කියෙවා. ලිපි සියල්ලම ඉතා රසවත්. දිගටම මේ වගේ රසවත් ලිපි ලියන්න ලැබේවයි පතනවා.

    ReplyDelete
  8. මේ බ්ලොග් එක මම අදයි දැක්කෙ. ඒකත් වැප්ගේ ස්ටේටස් මැසේජ් එකකින්.

    දොස්තර නෝනා කෙනෙක් ලියන බ්ලොග් එකක් මේ කියවන්නෙ පළවෙනි පාර වෙන්නොන.

    දිගටම කියවන්නයි හිතාගෙන ඉන්නෙ. නියම අද්දැකීම් ටිකක්නෙ තියෙන්නෙ.

    ReplyDelete
  9. එක හුස්මට කියෙව්වා.

    සාරියට ගැලපෙන ඇට මාලේ කතාව තමා නියම කතාව.

    ReplyDelete
  10. නියම පෝස්ට් එකක් අක්කෙ. අක්ක ලියන විදිය ලස්සනයි. (නැන්දද මන්ද?) ගොඩක් අත්දැකීම් එහෙමත් තියනව වගේ. අද තමයි මේ පැත්තට ඉස්සෙල්ලම ආවෙ. මාරය අයිය තමයි මේ පැත්තට පාර කිව්වෙ.
    http://ctkumara.blogspot.com/2011/05/blog-post_25.html

    දිගටම ඔය විදියටම ලියන්න, අපි කැමතියි කියවන්න.

    ReplyDelete
  11. Good effort. Keep it up.

    ReplyDelete
  12. මේක හොදම සිංහල බ්ලොග් 1ක් වේවි කියල මට හිතෙනවා. තාම 1 ලිපියයි කියෙව්වෙ. අද මේ සේරම කියවනවා. දිගටම ලියන්න සුබ පතනවා. මාරයා අයිය තමයි පාර කිව්වේ.

    ReplyDelete
  13. @ අභීත: බොහොම ස්තුතියි අභීත අදහස් බෙදා ගත්තටත්, තව සහෘදයන් පිරිසක් හඳුන්වා දුන්නටත්.

    @ Chanaka Aruna Munasinghe: බොහොම ස්තුතියි ඔබේ දිරිමත් කිරීමට.

    @ වැප්: බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවටත්, සටහනක් තැබුවාටත්, දිරි ගැන්වීමටත්.

    @ miuranga: බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් දිරි ගැන්වෙන සටහනක් තැබුවාට

    @ නිශ්: අපේ විශේෂඥ වෛද්‍යවරිය ගැන වෙන්න ඕනෙ කිව්වෙ. ඔව්, අංග සම්පූර්ණ මිනිස්සු නැහැනෙ. අඩු ගානෙ ඇගේ තියෙන අඩුපාඩුව වෙන කාටවත් හිරිහැරයක් වෙන දෙයක් නොවෙයි.

    @ පිණිබිඳු: බොහොම ස්තුතියි ඔබේ සුභ පැතුමටත් අදහස්වලටත්.

    @ Luckey-UAE: බොහොම ස්තුතියි මෙහි පැමිණ දිරි ගැන්වීමට. දැනුම් තේරුම්නම් සමහර දේවල් ගැන විතරයි තියෙන්නෙ. සමහර දේවල්වලදි අන්ත මෝඩයි. :D

    @ රන්දික කුලතුංග: බොහොම ස්තුතියි අගය කර සටහනක් තැබුවාට

    @ නිර්මල: බොහොම ස්තුතියි මෙහි පැමිණ දිරි දෙන සටහනක් එක් කිරීමටත්, සුභ පැතුමටත්.

    @ බුද්ධි: ලිය ලිය හිටියෙ කෙටිකතා. ඒ අතරෙ නිකමට වගේ අත්දැකීම් ටිකකුත් ලියවුණා. බොහොම ස්තුතියි දිරිමත් කෙරෙන සටහනට.

    @ නදී: ඒ දවස්වල අපිත් නිතර කිය කිය හිනාවෙන දෙයක් තමයි ඔය ඇට මාලෙ. කොටින්ම ඇයට තෑගි දෙන ඕනෙ කෙනෙක් දෙන්නෙත් මොකක් හරි ඇට මාලයක්ම තමයි.
    බොහොම ස්තුතියි ඔබේ සටහනට.

    @ Kasun: මේක ලියලා ඉවර වෙලා මම කල්පනා කළා දිග වැඩිද කියලත්...
    නැන්දා කෙනෙක් විතර ඇති මයෙ හිතේ. ;-) ඒ හින්දා නලිනි කියලා කියන්න.
    බොහොම ස්තුතියි සටහනක් එක් කළාට.

    @ නිර්නාමික සහෘදයාට: බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට.

    මාරයා සහෝදරයාට බොහොම ස්තුතියි සහෘදයන් විශාල පිරිසක් හඳුන්වා දුන්නාට.

    ReplyDelete
  14. හරිම ලස්සනයි අක්කෙ ඔයා ලියන විදිහ...ඉදිරියෙදි තව හොදට ලියන්න පුලුවන් වෙන්න ප්‍රාර්තනා කරනවා.

    මාරයා අය්යා තමා මේ පැත්තට එන්න පාර කිව්වේ.

    ReplyDelete
  15. අද තමයි මුලින්ම ආවෙ.පාර කිව්වෙ මාරයා.එක හුස්මට ගොඩක් ලිපි කියෙව්ව.ලියන විදිය හරිම රසවත්.දිගටම ලියන්න.ලාංකීය සිතිවිලි වලට එකතු උනානම් තවත් පිරිසකට රසවිඳින්න තිබුන.පාර කිව්ව මාරයට ස්තුතියි.

    ReplyDelete
  16. @ Chamika Kumudunee Chandrasiri: බොහොම ස්තුතියි නංගි අගය කිරීමටත් සුභ පැතුමටත්. මාරයා මල්ලිගෙන් පාර අහගෙන හුඟාක් දෙනෙක් ඇවිත් අද.

    @ එදිරි: බොහොම ස්තුතියි මල්ලිගෙ අදහස්වලට. මේක පටන් ගත්තෙ යාලුවොත් එක්ක එකතු වෙලා කරන මුරගල බ්ලොග් එකට මොනවා හරි වුණොත් ලිව්ව දේවල් තව තැනක තියෙන එක හොඳයි කියලා හිතුව නිසා. (හර්ෂණගෙ බ්ලොග් එක එහෙම අතුරුදහන් වෙලා තිබුණා.) පස්සෙ ඒකට නොදාන දේවල් ටිකකුත් මේකට එකතු වුණා.

    ReplyDelete
  17. @ Kavinda: බොහොම ස්තුතියි ඔබේ හිතවත් වචනවලටත් සුභ පැතුමටත්. මාරයා සහෝදරයා නිසා අද විශාල පිරිසක් මෙතනට ඇවිත්. ඇත්තටම සිතට මහත් දිරියක්.

    ReplyDelete
  18. හැමදාම වගේ පොස්ට් එක ඊයේම කියෙව්වා, රසවින්ඳා කොමන්ටුවට පසුව එන අදහසින්. එක්තරා වෛද්‍ය විද්‍යාලයක ඇදුරු මඩුල්ල සමඟ සමීපව කටයුතු කල කාලෙක රසවත් මතක ගොඩාක් හිතට ආවා.

    මාර තුමාගේ පොස්ට් එක දකින්න ලැබුණේ අවේලාවේ සිංහල බ්ලොග් කියවනයට ගිහින්.

    සිත් ආරට කල මගේ පලමු කොමන්ටුව "...නිසසල දියමත ඇඳෙන රූප වගේම ඒ මත පතිතවී පරාවර්ථනය වෙන ආලෝකයෙන් රසබර, හරබර බොහෝ දේ බෙදන්න ශක්තිය ලැබේවා!..."

    අද බොහෝම සන්තෝසයි. මල් මිටක් මදියි, සුබ පැතුම් කියන්නම්!

    ReplyDelete
  19. දොස්තර නෝනෙක්ට වෙද මහතෙක්ගෙන් සුභ පැතුම්!
    අගෙයි!!
    මාරයා තමයි පාර පෙන්නුවේ.
    අපි යමක් කරමු සමාජයට.

    ReplyDelete
  20. ෂා fatta මරු ලිපිය. ඔයා ඔහොම ලියනවා දැක්කම මට පිස්සු හැදෙනවා. වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා.
    මාරයාගෙන් තමා ඔයා ගැන දැනගත්තේ මාරයාටත් තුති...
    ජය වේවා ...!!!

    ReplyDelete
  21. මාරයගෙ "මාර" මගපෙන්වීමකින් තමා මේ පැත්තෙ ආවෙ . . . . ඇත්තටම නියමෙට ලියල තියනව. මඩ ගැහීම ඇරුනම වෙන කිසිම වැදගත් කතාවක් ගොතාගන්න බැරි මම හොඳින්ම දන්නව අත්දැකීම් වලට හිනවෙනකොට තියන "ආතල්" එක . . . ඔබේ ලියමන් ඇත්තෙන්ම "ආතල්"

    ReplyDelete
  22. @ ඩීන් අය්යා, මුරගල ඇරඹි දා පටන්ම අය්යා සෙවණැල්ලක් වගේ පසුපසින් සිට දිරි ගැන්වූවා. හැමදාම අය්යගෙ බ්ලොග් එක හරහා තමයි හුඟක් දෙනෙක් එහි එන්නෙත්. සිත් ආරටත් අය්යා මුල සිටම අදහස් ඉදිරිපත් කරමින් පසුපසින් සිටියා. කොටින්ම ලිපියක් දැම්ම දවසෙම අය්යා මුකුත් කියලා තිබුණෙ නැත්නම් මං හිතන්නෙ අරාබියට ලයිට් ගිහිං කියලා. කොහොම ස්තුති කරන්නද මන්දා.

    ReplyDelete
  23. post 26 ම එක දිගට කියෙව්ව ඔයා ගාව මේ වගෙ රසවත් කතා ගොඩක් තියනව නේද? කෙටිකතා ටිකත් ලස්සනයි ලියන විදිහත් ලස්සනයි මගෙන් සුභ පැතුම් දිගටම ලියන්න.
    ( මාරයා තමයි පාර කිව්වේ.)

    ReplyDelete
  24. මාර උන්නැහේ තමයි පාර කිව්වේ.තාම කියෙව්වේ පෝස්ට් 2යි.එක දිගට කියවගෙන ගියා.ඉතිරි ඒවත් කියවනවා.තාම ටිකයිනෙ ලියල තියෙන්නේ.

    ReplyDelete
  25. @ වෙදගෙදර මහවෙදනා: බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට. බ්ලොග් හරහා සමාජයට යමක් දිය හැකියි කියා මමත් හිතනවා- දැණුම, විනෝදය, ආකල්ප, අත්දැකීම්...

    @aiddami: නොලියා හිටියොත් පිස්සු හැදෙයි මට. ;-) බොහොම ස්තුතියි ඔබේ සුභ පැතුමට.

    @ඕනයා: ඔයා ලියන ඒවා මම කියවලා තියෙනවා. මඩ හැරුණුකොට වෙනත් දේවලුත් බොහොම සංවේදී විදිහට ලියලා තිබුණා. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට.

    මාරයා හා අභීත දෙන්නටම බොහොම ස්තුතියි. :D

    ReplyDelete
  26. අහ් මමත් අදමයි මේ පැත්තට ආවේ මාරයියගේ බ්ලොග් එකේ ලින්ක් එක දැකලා. මරු කතා ට්ක!

    ReplyDelete
  27. @ chathu: අපි හැමෝගෙම හිත්වල කතා ගොඩක් එකතු වෙලා, තවත් කතා ගෙති ගෙතීනෙ ඉන්නෙ නේද? :D බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් සුභ පැතුමටත්.

    @JHOTHISHALANKA: ඔව්, තාම පටන් ගත් අලුතනෙ. වැඩිය ලියලා නැහැ. බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට.

    ReplyDelete
  28. @ පූසා: බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් සටහනක් තබා දිරි ගැන්වූවාට.

    ReplyDelete
  29. අපිත් අදයි මේ පැත්තේ ආවේ ..

    මේ ලියන අක්කා මහඔය පැත්තේත් ඇවිදිල්ලා තියන කෙනෙක් එහෙනම්..හ්ම්..හ්ම්

    හරි අපිත් දිගටම එන්න යන්න ගන්නම් මේ බ්ලොග් එක පැත්තේ ..

    ජය වේවා !!

    ReplyDelete
  30. @ හිස් අහස: ඔව් ඔව්. ඔය සෞඛ්‍ය කදවුරු නිසාම විතරක් නෙවෙයි. ඊටත් කලින් 91-92 කාලෙ විතර, අපේ අප්පච්චි අම්පාරෙ වැඩ කළ නිසා ඒ කාලෙත් මම ඇවිත් තියෙනවා ඔය පැත්තෙ.
    බොහොම ස්තුතියි මේ පැත්තට ආව එකටත්, සහෘද සටහනක් තැබුවාටත්.

    ReplyDelete
  31. අදයි මේ පැත්තට ආවෙ... හොඳ බ්ලොග් එකක්, සුබ පැතුම් අක්කේ... එක දෙයක් කියන්නම් පටන් ගත්ත වගේම දිගටම ලියන්න.ඉස්සරහට වැඩ වැඩි වෙන්කොට වෙලාව අඩු වෙනකොට ලියන එක ටික ටික මගහැරෙන්න බලාවි, එහෙම වෙන්න දෙන්න එපා පුලුවන් පුලුවන් විදිහට ලියන්න....... මේ පැත්තට එන්න පාර කිව්වෙ මාර තුමා... උන්දැටත් පිං.. කියවන්න පුලුවන් බ්ලොගක් පෙන්නුවට....

    ReplyDelete
  32. ඕං දොස්තර නෝනේ.. මාත් ආවා හොයගෙන.. මාරය කිව්ව කතාව ඇත්ත.. බොග් එක හරිම ලස්සනයි..

    "ඇයි එතකොට අපි ලස්සන නැද්ද..?
    "ඔයත් ලස්සනයි ගේත් ලස්සනයි...? (ඇඩ් එකක්)

    කංසියක් නැතුව කියවගෙන යන්න පුලුවන් සංවේදි බොග් එකක්...
    ජයවේවා...!!! සුභ අනාගතයක්...!!!

    කොමෙන්ට්ස් වලට රිප්ලයි කරලම නෝන ලෙඩ වෙයිද මංදා.... හෙහ් හෙහ්...

    ReplyDelete
  33. මන් ඉතින් අක්කා කියල කතා කරන්නම්....අමුතු විදියේ බ්ලොග් එකක්...කතා ලියන විදියත් හිතට ගොඩක් දැනෙනවා.....මාත් ආවේ මාරයා අයියගේ පොස්ට් එකක් බලල.....අද ඉදන් හැමදාම එනවා මේ පැත්තට.....බුදුසරණයි !!!!!!!!

    ReplyDelete
  34. මා ඔබ හඳුනාගත්තෙ මාරයියා විසන් සොයාදුන් මිණි කැටයක්
    ලෙසට..ලිපි කීපයක් කියෙව්වා.හරිම ලස්සනයි.

    ගිම්හානි

    ජය!!!!

    ReplyDelete
  35. මම පුංචි කාලෙ ඉඳන් චාරිකා සටහන් කියවන්න කැමතියි. ඉස්සෙල්ලම කියෙව්වෙ කොන්ටිකි යාත්‍රාව කියල පරිවර්තනයක් පුංචි කොල්ල කාලෙ. ඔබේ සටහනත් ඒ වගේ කැමැත්තකින් කියෙව්වා. හොඳ ශෛලියක්. ආපහු ඇවිත් බලන්නම්.
    මාරයා තමයි පාර කිව්වේ)

    ReplyDelete
  36. @ harshana1985: ඇත්ත, වැඩ වැඩි වෙනකොට කෙටිකතා ලියන්න තරම් හිත එකලාසයක් හෝ කාලයක් නැති වුණු නිසාම තමයි මේ රැකියාවට සම්බන්ධ සිද්ධි කිහිපයක් අමු අමුවෙන් සටහන් කළෙත්. ඒවා ලියන්න එච්චර හිතන්න දෙයක් නැහැනෙ.
    බොහොම ස්තුතියි ඔබේ හිතවත් වචනවලට.

    @ මාතලන්: ලෙඩ වෙලා හරි රිප්ලයි කරනවා. මොකද, පෘතග්ජන හිත සතුටින් පිනා පිනා පිනා ගිහින් ඉන්නෙ. :D
    බොහොම ස්තුතියි ඔබේ හිතවත් සටහනට.

    @ සිතුවිලි නිහඬයි: බොහොම ස්තුතියි නංගී අගය කිරීමටත්, දිරි ගැන්වෙන වචන වලටත්. හැමදාම එනවනම් කොච්චර කැමතිද මම. ඔයාටත් බුදු සරණයි.

    @ ගිම්හානි: බොහොම ස්තුතියි සොයුරිය ඔබේ හිතවත් වචනවලටත් සුභ පැතුමටත්.

    @ Buddhy: මමත් චාරිකා සටහන් පිස්සෙක්. බොහොම සතුටුයි හඳුනාගැනීමට ලැබීම ගැන. ඒ වගේම බොහොම ස්තුතියි සටහනක් තැබුවාට.

    පාර කියන අභීතටත් මාරයාටත් බොහොම ස්තුතියි. මේ දවස් දෙකේ මම ගෙදර ඉන්නෙ තනියම හිනා වෙවී. ;-)

    ReplyDelete
  37. මාරය කියපු පාරෙන් ඇවිල්ල බ්ලොග් කීපයක්ම බැලුව.
    පොලවෙ පයගහල ඉන්න දොස්තර කෙනෙක් පාටයි.
    සතියට පොස්ට් කීපයක්ම යනවනම් තමයි වටින්නෙ.
    ජය වේවා.
    JH -Aust

    ReplyDelete
  38. කොහෙද අක්කෙ මෙච්චරකල් හැංගිලා හිටියෙ...?? මාරය අයියගෙ පෝස්ට් එක දැකල මම ඔයාගෙ අඩවියට ආවෙ... මම ඔයාගෙ සත්සර අඩවියට නං ඇවිත් තියෙනව... ඒත් මේක දැක්කෙ පළවෙනි වතාවට අද.... කියවපු පළවෙනි පෝස්ට් එකෙන්ම ඇස් තෙත් වෙච්ච හන්ද එවෙලෙම කියවන එක නැවැත්තුව. ඔෆිස් එකේ ඇඬුනොත්!!!! ඒත් වැඩක් කරගන්ඩ බැරි වුණා.. මම ගෙදර එනකල් හිටියෙ නොයිවසිල්ලෙන්
    කියෙව්වෙ එක හුස්මට.... අර නිර්මාණයක් රසවින්දාම මිනිස්සුන්ට ඇතිවෙන්ඩ ඕනෙ කම්පනය සෑහෙන කාලෙකට පස්සෙ මට අද දැණුන
    අනේ මන්ද මොනව කියන්ඩද කියල... මාරය අයියගෙ හේතු පාඨයට නං මමත් එකඟයි ආයෙ එක හිතිංම...
    යෝජනාවක් කරන්ඩද? ඔයාගෙ ගොඩක් ලියවිලිවල තියෙන්නෙ කෙටි කතා ලක්ෂණ... ඉතිං මුද්‍රිත මාධ්‍යයට වුණත් නරක නෑ... මට වත්කමක් තිබුන නම් මම ටෙලි නාට්‍ය බවට පත් කරනව ඔයාගෙ පෝස්ට් දෙක තුනක්!!!

    ReplyDelete
  39. @ JH-Aust: බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. දවසම මේකෙ එල්ලීගෙන ඉන්ඩ තියෙනවනම් මමත් හරි කැමතියි. ඒ තරමට ඇබ්බැහි වෙලා. කරුමෙකට වගේ ට්‍රේනිං එකකට සහභාගි වෙන නිසා පාඩම් කටයුතුවලටත් වෙලාවක් වෙන් කරන්න වෙලා. :(

    ReplyDelete
  40. ඔබගේ අධ්‍යපනයට පළමු තැන දෙන්න.
    ඉඩ ලද විට අපි වෙනුවෙන් හොඳ රස කථා ටිකක් ලියන්න..

    ඡය!!

    ReplyDelete
  41. සංකල්පනාවන්ට වඩා යථාර්තය ලස්සනයි.....

    කදිම රචනවාක් දොස්තර නෝනේ.....මාරයාගේ පෝස්ට් එකෙන් තමයි මෙතනට එන්න පාර හම්බ උනේ.

    ඔබගේ රසවත් අත්දැකීම් තව තවත් අපට කියවීමට ලියා තබන්න..... අපි එනවා කියවන්න....

    දොස්තර නෝනිට ජය වේවා....!

    ReplyDelete
  42. @ ගිම්හානි: ස්තුතියි සොයුරිය

    @ දුමී: ඇත්ත. මුළුමනින්ම ගොතන කතාවකට වඩා ඇත්තම සිද්ධියක් හරි, ඇත්ත සිදුවීම් මුල් කරගෙන ඒ වටා චොකලට් ආවරණයක් යොදා කියන දේවල රසය වැඩියි. මම හිතන්නෙ මේකෙ නොපිපි කුසුම හා ඩොගී හැර අනෙක් හැම කෙටිකතාවකට, කවියකට, රචනයකටම යන්තමින් හෝ ගෑවුණු සත්‍ය සිදුවීමක් මගේ අත්දැකීම් අතරේ තිබුණා. එහෙම වුණාම කතාව ගොඩ නගන්න ලේසියි.
    බොහොම ස්තුතියි ඔබේ දිරි දෙන වචනවලට.

    ReplyDelete
  43. ප්‍රථම වතාවට දොස්තර වරියකගේ බ්ලොගයක් කියවන්නේ . රසවත් අද්දැකීම් සමුදායකින් සැදී බ්ලොගයක් කියලා ලිපි දෙක තුනක් කියවනකොටම තේරුණා !

    ReplyDelete
  44. මටත් හැබැයි හිතුනේම අර නෝනාගේ පිලිවෙලට ඉන්න එක හොඳයි කියල තමයි ඕන් . .

    ReplyDelete
  45. මම එදත් මේ පැත්තේ ආවා කමෙන්ට් කලේ නැ..මම කොහොමත් හරි කම්මැලි..අනික ඔබ දොස්තර කෙනෙක් විමත් ඒකට හේතුවක්..පුංචි කාලේ ඉදලම මම දොස්තරලට වැඩිය කැමති උනේ නැ.සමහර නපුරු වෛද්‍යවරු නිසයි මට ඒ අදහස ඇති වුනේ.දවසක් එක වෛද්‍යවරයෙක් කිවා දොස්තරලට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා දෙවියන්ට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා ඒත් ඔයාව හොද කරන එක දෙවියන්ටවත් කරන්න බැ කියලා.එතකොට මට අවුරුදු 12ක් විතර.මට එපා වුනා හැම දෙයක්ම..එදා ඉදන් මම නැගිටින්න උත්සහ කලේ නැ.ඒත් දැන් ඉන්න අය කියනව කලින් අනුමාන කල රෝගය නෙමෙයි තියෙන්නේ කියලා.මීට කලින් ප්‍රතිකාර කරන්න පටන් ගන්න තිබ්බා කියලා.හොද අය නැතිව නෙමෙයි.

    කොහොම උනත් ඔබේ ලිපි හරි අපුරුයි.මම දිගටම එනව මේ පැත්තේ.වෛද්‍යවරයෙක්ගේ ජිවිතේ මොන වගේද කියලා මට ඔබෙන් ඉගන ගන්න පුළුවන් වේවි.සමහර විට වෛද්‍යවරු ගැන තියෙන අදහස මට වෙනස් කරගන්න පුළුවන් වේවි..

    ReplyDelete
  46. ගොඩක් වටින දෙවල් ලියලා තියෙන බ්ලොග් එකක්. මාරයා අයියා තමා මෙහේට්ට එන්න පාර කිව්වේ. දිගටම එන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  47. මෙතනට ආවේ මාරයාගේ ලිපියකින්..කියෙව්වේ එක පොස්ට් එකයි...බුක් මාර්ක් කරගෙනත් ඉවරයි....ඉස්සරහටත් හොද හොද ලිපි ලියවේවා

    ReplyDelete
  48. මමත් ගොඩ වැදුනා ඔන්න :) ආයෙත් එන්නම්කෝ

    ReplyDelete
  49. නියම බ්ලොග් එක... දිගටම ලියන්න..

    ReplyDelete
  50. ශහ් අදනෙ මේක දැක්කෙ.. නියමයි!

    ReplyDelete
  51. ගොඩ කාලෙකට පස්සේ හම්බ උන බොහොම සරළ ලස්සන එක දිගට කියවගෙන යන්න පුළුවන් හොඳම බ්ලොග් එකක්.. මේ ලියන රටාව වෙනස් කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. ඇත්තෙන්ම බොහොම අගෙයි ඔබතුමියගෙ බ්ලොග් ලියවිලි ටික..

    ReplyDelete
  52. @ hansakinkini: නංගිට බොහොම ස්තුතියි මේ හිතවත් වචනවලට. තමන්ගෙ සතුට පිණිස හෝ විනෝදය පිණිස විතරක් ලියන කෙනෙකුට වුණත් තමන්ගෙ නිර්මාණ කවුරුන් හෝ අගය කරනවා දැක්කම බොහොම උණුසුම් හැඟීමක් එනවා හිතට. තාම සෝවාන් වෙලා නෑනෙ. :-)
    හුඟක් ඒවා ලිව්වෙ කෙටිකතා විදිහට. මම කතා කරනකොටත් ගොඩක් කියවන කෙනෙක් හින්දා කවියක් වගේ අඩු වචන ගානක් තියෙන මාධ්‍යයක හැඟීම් හසුරුවන්න අමාරුයි. :D
    නැවතත්, බොහොම ස්තුතියි.

    @ රොකියා: රස්සාවට අමතරව දැන් පුත්තලම් බූරුවො දහදෙනෙක්ගෙ විතර වයස නිසා අත්දැකීම් බොහොම බහුලයි. :D බොහොම ස්තුතියි සටහනට.

    @ දුකා: :P එහෙම කෙනෙක්ව නඩත්තු කරන්න ලැබෙන්න කියලා ඉතසිතින් පතනවා.

    @ අකීකරු හිත: දොස්තරලා දිහා බහුතරයක් අය බලන්නෙ අමුතු ජීවී කොට්ඨාශයක් විදිහට බව මම දන්නවා. ඒ නිසා මම ඕක පුළුවන් තරම් හංගලා තමයි ජීවත් වෙන්නෙ. නමුත් කෙටිකතාවක් කවියක් ලියාගන්න බැරි තරම් වෙහෙසට පත් වුණු, නමුත් මොනවා හෝ ලිවිය යුතුයයි හිත බල කරන දවසක රෝහලේ අත්දැකීම් ලියවුණා. අනික මේකට කවුරුත් එන්නෙ නැති නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතුවෙත් නෑ.
    වෛද්‍යවරු පිළිබඳ ඇති අදහස ගැන- තාපසයෙක් කිව්වම, මවක් කිව්වම, ගුරුවරයෙක් කිව්වම, සරසවි සිසුවෙක් කිව්වම... අපි හිතේ ඇඳ ගන්නවා යම් රූපයක්. එක්කො අපේ අත්දැකීම් මත පදනම් වුණු එකක්; එහෙමත් නැත්නම් පතපොතින් ඉගෙනගත් දේ මත, පාරම්පරිකව පැවත එන අදහස් මත පදනම් වුණු රූපයක්. මවක්, වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් වගේ චරිත ගැන අපේ සංස්කෘතිය උගන්නලා තියෙන්නෙ අහස උසට නග්ගලා. මේ මේ ගතිගුණ සතු අය කියලා. උඩක තියෙන දෙයක් බිම වැටෙන්න පහසුයි. ඉතින් අර හිතේ තියෙන රූපයට වඩා පොඩ්ඩක් එහෙ මෙහෙ වුණු ගමන්, මහා විශාල ප්‍රපාතයකට අර චරිතය ඇද වැටෙනවා.
    අපට අමතක වෙනවා ඒ අයත් අපි වගේම හොඳ නරක මුසු වුණු මිනිස්සු බව.

    ටිකක් දිග බණක්. ;-) ගණන් ගන්ඩ එපා.

    නංගි ඉක්මණින් සුව වෙන්න කියා ප්‍රාර්තනා කරනවා. ඔයාට බුදු සරණයි.

    ReplyDelete
  53. @ මධුරංග: බොහොම ස්තුතියි බ්ලොග් එක කියවා සටහනක් එක් කළාට.

    @ deeps: බොහොම ස්තුතියි සොයුරිය අගය කොට සටහනක් තැබුවාට

    @ හසී: බොහොම ස්තුතියි ගොඩ වැදුනටත්, සටහනක් තබා දිරි ගැන්වූවාටත්.

    @ ශ්‍රී: බොහොම ස්තුතියි දිරි ගැන්වීමට

    @ H Jay: බොහොම ස්තුතියි අගය කළාට

    @ ෆා: බොහොම ස්තුතියි සොයුරිය අගය කළාටත්, ඔබේ අදහස් බෙදාගත්තාටත්.

    ReplyDelete
  54. දොස්තර නෝනා කෙනෙක් කරන දෙවෙනි බ්ලොග් එක තමයි මට මතක විදිහට. කලින් වෙද හාමිනේ කියලා බ්ලොග් එකක් මේ විදිහට දොස්තර නෝනා කෙනෙක් කළත් පස්සේ එයා ඈත පළාතකට මාරු කිරීමත් එක්ක ඒක නතර වුණාද කොහෙදෝ.

    කොහොම වුණත් වෘත්තීය ජීවිතේ අත්දැකීම් බෙදාගන්න එකතු වුණු එක ගැන සතුටුයි. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න සුභ පැතුම්.

    මට ඔක්කෝටම වඩා සතුටු හදිස්සියකට බෙහෙතක් හේතක් අහගන්න දැන් දෙයියනේ කියලා අපි දන්න දොස්තර නෝනා කෙනෙකුත් ඉන්න එක ගැන :))

    ReplyDelete
  55. මාරයා ගෙ ලින්ක් එකෙන් මෙහෙ ආවෙ. ඇත්තටම ලස්සනට ලියලා තියෙනවා. සුභ පැතුම් !!!

    ReplyDelete
  56. ඔන්න මම ඔයාගෙ බ්ලොග් එක මුහුණු පොතේ බෙදා ගත්ත. කියවන, ඒත් බ්ලොග් ගැන නොදන්න අයත් කියවාවි නෙ.
    මට හිතෙන්නෙ දක්ෂතාව විසින් මිනිස්සුන්ව තමන්ගෙ වෘත්තිය වෙත අරගෙන ගියාට වෘත්තීය ජීවිතේ හැඩ ගැහෙන්ඩ ඒ ඒ මනුස්සයගෙ හැදියාව, වින්දනාත්මක පසුබිම දැඩි සේ බලපානව. කලාවට, මනුෂ්‍යත්වයට හිතැති වෛද්‍යවරයෙක් රෝගියාට බෙහෙත් නියම කරනව විතරක් නෙවෙයි. සුවපත් වීමට අවශ්‍ය මානසික ශක්තිය සපයනව.
    මේක මම අත්දැකීමෙන් දන්න දෙයක්. මට හිතෙන්නෙ අකීකරු හිතට නොලැබිච්ච දේ තමයි ඒ....

    ReplyDelete
  57. @ Hasitha: ලෙඩ වෙලා එහෙම අහු වෙන්න එපා. :P ලොකු කටුවක් දාලා රිදෙන ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. :D බොහොම ස්තුතියි පැතුමට.

    @ හරි-පිණිපලස: බොහොම ස්තුතියි දිරි ගැන්වීමට.

    @ hansakinkini: බොහොම ස්තුතියි සොයුරිය අනුග්‍රහයට.
    ඇත්ත. රෝගයකට විතරක් නොවෙයි, ඉගෙනීමට, වෙනත් නොයෙකුත් දේවල් කර ගැනීමට ගිහාම, ඒ කටයුත්ත හිතට සරිලන විදිහට කෙරෙන්න එතන අයගෙ ආකල්ප ගොඩක් බලපානවා.

    ReplyDelete
  58. නලිනි මේ සිද්දි ටිකම කෙටිකතාවක් කරන්නත් උවමනා වස්තුබීජ සපයනවා වගේ දැනෙනවා. කොහොමවුණත් ඇටමාලේ කතාවනම් නියමයි .

    මාත් බෙහෙත්ගන්න ගිහින් පුද්ගලික රෝහල් වල විශේෂඥ දොස්තරවරු එනකන් එතනින් එන යන දොස්තරලගෙ දිහා බල බල එන්න එක පුරුද්දක් .හැම කෙනෙක්ම බොහොම පිලිවෙලට ප්‍රසන්නව ඇඳල තමයි එන්නෙ කොයි තරම් මහ රෑක වුණත් .ඔයාලගෙ මැඩම්ටත් ඇත්තේ ඒ පුරුද්ද වෙන්න ඇති. සමහරු තමගේ රස්සාවෙදී අඳුමට ලොකු තැනක් දෙනවනේ .පිලිවෙලට ඇඳුම් ඇඳීමෙන් නම් මාත් ඉතින් අන්තිමයි . ටී ශර්ට් කෑලි ඩෙනිම් කලිසන් තමයි වැඩිපුර වැඩට අඳින්නෙත් .

    ReplyDelete
  59. @ TG: ඇත්ත, අපේ එදිනෙදා ජීවිතයෙ දකින අහන බොහෝ දේ හිතේ රැඳිලා තිබිලා තමයි පස්සෙ නිර්මාණවලට වස්තුබීජ සපයන්නෙ. මේ කම්මැළිකමට "අමුවෙන්ම" එළියට දැම්ම තැනක්.
    පෞද්ගලික සේවයේ යෙදෙන හුඟ දෙනෙක් පෙණුම ගැන සැළකිලිමත් තමයි.
    මට සතුටුයි තව මගෙ ජාතියෙ කෙනෙක් හමුවීම ගැන. ඔයා නීතිය සම්බන්ධ කෙනෙක් නේද? මම හිතුවෙ සුදු සාරි අඳින්ඩ නීතියක් තියෙනවා කියලා ඕගොල්ලොන්ට.

    ReplyDelete
  60. @නලිනි

    හපොයි ඔව් අපිට අඳින්න පුලුවන් සුදු කලු අලු දම් පාට විතරමයි . ඔය පාට හතරේ එකාකාරි රස්සාව එපා වෙලා ඒක නතර කරල ඩෙනිම් අඳින රසාවක් දැන් කරන්නෙ.අපේ ගෙදර මිනිසුන්ට නම් ඔය ගැන මා එක්ක තියෙන්නෙ තරහක් . මගෙ වැඩ ඉතින් මට ඕනෙ විදියටනේ හී හී
    කියනත් ලැජ්ජයි සෑහෙන්න කාලෙකින් මම සාරියක් පටලවල නැහැ
    මගේ සාරි ඇඳිල්ලේ අතීත කතාවක් මෙතැන තියෙනවා .කියවල බලන්න
    http://ahasgawwa-tmg.blogspot.com/2009/10/blog-post_04.html

    ReplyDelete
  61. @ TG: සාරිය කියන්නෙ එක ඇඳුම් වර්ගයක්නෙ. ඒකම අඳින්න කියලා බලකරන එකනම් හරි නෑ තමයි- අඳින්න ආස නැති අය ඉන්නවනෙ. අර මෙගෙ වාට්ටු භාර වෛද්‍යවරියටත් මගෙත් එක්ක පොඩි කොක්කක් තිබුණා මම මුළින්ම පත්වීම අරන් ගිය දවස්වල, මම සාරි නොඅඳින හින්දා. :D ඒකත් ඔහොම පාට හතරකට සීමා කළාම....ග්‍ ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්. කිසිම තේරුමක් නැති වැඩක්.

    ReplyDelete
  62. [[අර මට පෙන්නන්ඩ බැරි කාන්තාවක් ජනේලෙන් ඒ ළමයින්ට ටොෆි වීසි කළා, හරියට කපුටන්ට පාන් කෑලි විසි කරනවා වගේ. අර ළමයි බිම වැටෙන ටොෆි අහුල ගන්න පොර කනවා බල බල සතුටු වෙනවා. ඒ ටික අහුල ගත් පසු ආයෙත් ටිකක් විසි කරනවා. ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් කියනවා "මම හරි කැමති අසරණයින්ට උදව් කරන්න." කියලා. ඒ කාලෙ මම අහිංසක නිසා උන්දෑ මගෙන් අහ ගත්තෙ නැහැ.]]

    මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක් තියෙනවා මූදට සල්ලි විසි කරන ධනවත් පන්තියේ උන් දුප්පත් පොඩි උන් මූදට පැන ඒවා ගන්නවා බලා සතුටු වන හැටි. කතාවේ නම අමතකයි.

    අපි අතරේ ඉන්න ගොඩක් මිනිසුන් මේ වගේ. චැරිටි කියන ෆීල්ඩ් එක හැදෙන්නේ උද්ධච්ච කම එලියට දාන්නද මන්දා.

    ReplyDelete
  63. ආසයි කියවන්න...එකක් ලියන රටාව. අනික නොදන්න දේවල් ලියන එක.
    පුලුවන්නම් වෙදකම, රොහල ගැන තව ලියන්න...

    ReplyDelete
  64. දොස්තර නෝනගේ ලිවීමේ රටාව හරි රසවත්... කොච්චර රසවින්ඳද කියනවානම් නැවතුනේ බ්ලොග් එකක් ලියලා..

    ජය....

    ReplyDelete
  65. @ Sujeewa: හැමෝම එහෙම නැතත් සමහරු එහෙමයි කියලා මටත් හිතෙනවා.

    @ Heeniyata: රෝහල ගැන ලියලා මාව අල්ලං ගිහින් හිරේ දායිද දන්නෙ නෑ.

    @ බස්සා: අහන්නත් සතුටුයි. මම එන්නම් බලන්න. ජය!

    ReplyDelete
  66. දොස්තර නෝනො දැන්නම් තවත් ඡන්ද ප්‍රථිපලයක්
    නිකුත් කරන්න කාලය හරි වගේ..
    ඇනට් දැන් දහ ගමනක් විතර කියෙව්වා.

    ReplyDelete
  67. @ Gimhani: තව කතාවක් ලියන්න පටන් ගත්තා; ඒත් පටන් ගත් තැනම ඇණ හිටියා ටිකක් වැඩ අධික වුණු නිසා. අධ්‍යාපන කටයුත්තක් කරනවනෙ. :( බොහොම ස්තුතියි උනන්දු කරවීම ගැන.

    ReplyDelete
  68. හොඳා හොඳා ඉඩ ලැබුනම ලියන්නටකෝ

    ReplyDelete
  69. කියවගෙන කියවගෙන කියවගෙන ගියා එක හුස්මට.. හරිම අපුරුයි..හරිම නව්‍යයි.. ලියන්න ඕන මෙන්න මෙහෙම තමයි.. හැම චරිතයක් දිහාම උපේක්ෂාවෙන් බලල.. පියදෝර් දොස්තොය්ව්ස්කිගේ කතා කියවල තියෙනවද ? අපරාදය හා දඬුවම වගේ ? ඒවත් ලියල තියෙන්නේ එහෙමයි.. චරිත දිහා බලල හිනවෙන්නද අන්දන්නද කියල හිතාගන්න බැහැ..

    ReplyDelete
  70. ඕඕඕඕ, මම හොඳ රුසියන් කතා පිස්සෙක්. අපරාධය හා දඬුවම මමත් හුඟක් කැමති පොතක්. බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

    ReplyDelete
  71. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  72. @ මිගාර: ඔව්, ඔයා දන්නවා වගෙයි හරියටම. :D

    ReplyDelete
  73. මමත් ඔය කියන සටන් විරාමය කාලෙ එක්ක ඔය මාඉම් ගම්මාන වල වෙද සායන දෙකකට ගියා....එක පාරක් බස් එක මඩේ එරුනා.....දෙවනි පාර බස් එක ගහක හැපිලා පල්ලමට නොයා නුලෙන් බේරුනා. ඔයාත් හිටියද මන්දා....
    මැඩම් AW ගෙ 'ජ....' කියන සංගමය එක්ක මටත් තිබුන ප්‍රශ්නය තමයි අර කියන මහත කාන්තවන්ගෙ ක්‍රියාකලපය...සමහර තැන්වල අපිට බේත් දෙන්න වුනෙත් ඒ අය කියන විදියට.....ඔවුන් ඒ මාඉම් ගම්මානවලට යන්නේ අවංකව වැඩක් කරන්න නොවන බව තේරුන නිසා මම ඉන් පසු මැඩම් සමග එම ගමන් යන එක නතරකරා

    ReplyDelete