අපි ත්‍රිකුණාමලය බලා යමින් සිටියෙමු. නන්දාමාලිනියගේ ගී තැටියක් වාදනය වෙමින් තිබිණ.
"ඔය සින්දුව මට පේන්ඩ බෑ." යම් කිසි ගීතයක් ඇරඹෙද්දීම මම පැවසුවෙමි. මට කොහොමත් බොහෝ දේවල් පේන්ඩ බැරිය.
"මමත් ඒකට කැමති නෑ." නිල්වලා පැවසුවාය.
"එහෙනං ඕක ඇරලා ඊලඟ එක අහමු." මගේ අත ගී තැටි යන්ත්‍රය වෙත ගියේය.
"නෑ, නෑ තියන්ඩ." නිල්වලා කීවාය. "ඕක ඔහෙ ගිහිං ඉවර වෙයිනෙ."
"නිකං අමාරුවෙං ඉන්ඩ ඕනෙ නෑනෙ. ඒක ඇරලා ඊලඟ එක අහමු."
"නෑ එපා. මම බබාලටත් එහෙම කරන්ඩ දෙන්නෙ නෑ. අකමැතිනම් සද්ද නැතුව ඉන්ඩ කියනවා ඒක ඉවර වෙනකම්. නහකුණු ගෑම තහනම්."
"ග්ර්ර්ර්ර්ර්."
"දෙයකට අකමැතියි කියලා චෝදනා කරන්ඩයි වෙනස් කරන්ඩයි දඟලනකොට අමාරුව වැඩියි."
"ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්."
"අකමැති දෙයක් දැක්ක ගමං වෙනස් කරන්ඩ යන්ඩ ඕනෙ නෑනෙ. ඒවත් එක්කත් ඉන්ඩ ඉගෙන ගන්ඩ ඕනෙ. මොකද, කැමති දේවල් විතරක්ම හම්බෙන්නෙ නෑනෙ ජීවිතේදි."
"ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්."
"ඕනෙමනම් ඉතින් ඊලඟ එකට යන්ඩ. ඒ වුණාට මමනම් කියන්නෙ අකමැති දේවලුත් දරා ගන්ඩ පුරුදු වෙන්ඩ ඕනෙ."
"ඕනෙ නෑ."
"ඕනෙ."
"දැං මේක ඉතිං වෙනස් කරන්ඩ පුළුවන් එකක්නෙ. වෙනස් කරා කියලා ප්‍රශ්නෙකුත් නෑනෙ."
"ඕක ඇහුවයි කියල ප්‍රශ්නෙකුත් නෑනෙ. දරා ගන්ඩ බැරි දේකුත් නෙවෙයිනෙ. ඕක ඔහෙ ගිහිං ඉවර වෙයි."
"ඒ වුණාට අපි දෙන්නම ඒකට කැමති නෑනෙ."
"ඒක තමයි මම කියන්නෙ. අකමැති දේවල් එක්කත් ඉන්ඩ පුරුදු වෙන්ඩ ඕනෙ."
"පස්සෙ පුරුදු වෙමු."
"ඔයාට ඕනෙනම් ඊලඟ එකට යන්ඩ. මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ."
"මට ප්‍රශ්නයක්."
"එහෙනම් ඊලඟ එකට යන්ඩ."
"හා හා ඉතිං, එහෙනං ඉමුකො අහගෙන, මගුල."
"ඊලඟ එක දා ගන්ඩ ළමයො ඕන්නං."
"නෑ, ඕන නෑ."
"දා ගන්ඩ.."
"ඕන්නෑ."
"ඉන්ඩ ඉන්ඩ දාලා දෙන්ඩ."
"ඕන්නෑ. ඕක කොහොමත් තව ටිකකින් ඉවරනෙ."
මේ වෙසක් පෝය දිනයේ අගනා පණිවුඩයක්, බොහෝම සරළ බසින් බණක් ඇහුවා වගේ දැණුනි.
ReplyDeleteඅද ලොව පුරා හැම සමාජ මට්ටමකම රිස්සීම (tolerance) කියන ගුණය අඩුවීමයි අනවශ්‍ය කරදර හැම එකකම මුල. තමුන් හැඩ ගැසීම වෙනුවට අනුන්ව හැඩගස්සවන්න හදන ක්‍රමය නිසා ඇතිවෙන පත්තුවීම (ignition) රිස්සීමේ ගතිය තුනීවෙද්දී ගිනිසිළුවක් බවට පත්වෙන්නේත් බොහෝම බයානක ලෙස. අද මැදපෙරදිග කලාපය පුරා බුර බුරා නගින සමාජ රැල්ල පසුපසු ඇති හස්තයන් ද ප්‍රයෝජනයට ගන්නේ ඒ කණගාටුදායක නොරිස්සුම.
පියේහි විප්පයෝගය හා බැඳුනු
ReplyDeleteඅප්පිය සම්ප යෝගය ගැන කී කරුණූ
හැදිනෙමි , දුටිමි, ජීවිතයට ගැට ගැසුනූ
දේවල් කොතරම්ද? මුත් පොඩිවට පෙනුනූ
හ්ම් හොඳ පණිවිඩයක් දෙන කතාවක්
ReplyDelete@ඩීන් අය්යා: ඒක ඇත්ත අය්යා. අපේ ඒ දුර්වලකමෙන් තවත් අය ප්‍රයෝජන ගන්න තැනට යනවා. මේ වගේ පුංචි තැනකින් පටන් ගන්නෙ නැතුව බරපතල දේවලට හුරු වෙන්න අමාරුයිනෙ.
ReplyDeleteබොහොම ස්තුතියි වටිනා සටහනට.
@ විහඟ ගීතය:
ඔබ පිළිගනිමි බැතියෙන් මේ නිවහනට
තුති පුද කරමි ඔබෙ දිරි දෙන සටහනට
@ TG
බොහොම ස්තුතියි ඔබේ හිතවත් සටහනට.
මටත් හිතෙනවා අප්පා ඔහොම නහකුනු ගෑම තහනම් ...නැත්තන් කොහොමද ඔයිට වඩා ලොකු කරදරේකට මුහුන දෙන්නේ ...
ReplyDelete"අකමැති දෙයක් දැක්ක ගමං වෙනස් කරන්ඩ යන්ඩ ඕනෙ නෑනෙ. ඒවත් එක්කත් ඉන්ඩ ඉගෙන ගන්ඩ ඕනෙ. මොකද, කැමති දේවල් විතරක්ම හම්බෙන්නෙ නෑනෙ ජීවිතේදි."
ReplyDeleteමේක නම් ඇත්ත.හොද සටහනක්.තමන්ට අකමැති නොගැලපෙන දේ ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ.
@ නිමන්ති: ඒකනම් ඇත්ත. නහකුණු ගාන්ඩ පුරුදු වුණහම හැම පොඩි දේටත් නහකුණු ගානවා. වටේ ඉන්න අයටත් වදයක්. තේරුමක් ඇත්තෙත් නෑ.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ අදහස්වලට.
@ නදී: හොඳ සටහනක් කියන්නෙ, ඉතින් ඇත්තටම වුණු දෙයක්. එහෙන් මෙහෙන් පොඩ්ඩක් අතින් දැම්මට. මගෙ යාළුවා මට මග පෙන්වපු එක් අවස්ථාවක්.
සමාජයට අයහපතක් වෙන දේවල් වෙනස් කළ යුතු නමුත් ඇතැම් දේවල් එහෙම නොවෙන නිසා ඒවා ඉවසන්න පුරුදු වෙන එක තමයි හොඳ. බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට.
මොකක්ද හැබෑට අර අහන්න අකමැති නන්දා මාලිනීගේ ගීතය ? ඇහුවාට අමනාප වෙන්න එපා ඕං...!
ReplyDeleteමේ වටින අදහස් ප්‍රකාෂ කිරීම අපිට විඳගන්න සැලැස්වූ මාරයාට පිං . .
ReplyDeleteඩීන් කිව්ව වගේ ඇත්තෙන්ම ජීවිතය ආලෝක කරන බනක් ඇහුව වගේ . .
හරිම අපූරුයි . .
අහ් දුමීගේ ප්‍රශ්නෙම මටත් අහන්න ඕන . .
ගීතය තමා " පෙම්... ලොවදී... දුටු... ඔහුමද... මේ.. ඔහුටද.. මාආආආආආආආ..
ReplyDeleteඅන්ධ උනේ"
දුමී, දුකා, ගිම්හානි.
ReplyDeleteමටත් ඇත්තටම දැන් මතක නෑ සින්දුව මොකක්ද කියලා. 'යාඥා කළා..' වෙන්න ඕන. (පයින් එකක් ගහලා එළවන්නෙ නැතුව...)
ගැටෙන්නේ නැතුව ඉන්න උත්සහ කරන්න කියලනේ බුදු හාමුදුරුවොත් කිව්වේ........
ReplyDeleteඔව් Hasitha, අපේ ප්‍රශ්න වැඩි හරියකට මුල එක්කො ඇලීම, නැත්නම් ගැටීම. නොඇලී නොගැටී සිටීම හුරු කරගන්නටනම් සුළු දෙයකින් හෝ පටන් ගන්නට ඕන.
ReplyDeleteනොරිස්සීම පාලනය උනා කියන්නෙ වැඩේ ගොඩක් දුරට ගොඩ....නැත්ද?
ReplyDelete@ Heeniyata: ඔව්, කෙඳිරි ගාන තරමට අමාරුව වැඩියි.
ReplyDeleteඔව්,..............
ReplyDeleteඅබ ඇටයක් තරම් සිද්දියක්... මහා මෙරක් තරම් පාඩමක් ජීවිතයට...
ReplyDelete@ Weni: ජීවිතේ පාඩම්වලින් පිරිලා... අපි ඉගෙන ගන්න කම්මැළියි මිසක. :D
ReplyDeleteබරපතල කතා නැතුව සැහැල්ලු එකක් කියන්නම්.. මං කැමති ගීත වලට අපේ දුව කැමති නැහැ.. එයා කැමති ඒවාට මං කියන්නේ ෆැක්ටරි මියුසික් කියල.. මං කැමති ඒවාට එයා කියන්නේ අදෝනා කියල.. මගේ බිරිඳ ඔය දෙකටම කැමති නැහැ.. එයාට කාර් එකේ ඉඳ ගත්තම සද්ද නැතුව ඉන්න ඕන.. පොඩි කොල්ල මං කැමති ඕන එකකට කැමතියි.. ඒ තාත්තාගෙන ලකුණු ගන්න කියල තමයි අනිත් දෙන්න කියන්නේ. ඔන්න ඔහොම ඉතින් අපිට එක්කෙනෙක් කමතිඑක අහගෙන ඉන්න වෙනවා.. දුව ඉන්නකොට එයා අහන ඒක අහගෙන දත්මිටි කක එලවනවා.. හැබැයි මට පේනවා කොල්ල ජොලියේ ඉන්නව් කියල (කපටිය) ලංකාවේ නිවාඩුවට ආවම තාත්තගේ නීතිය තදයි. දාගන්නවා හොඳ සින්දු යන FM නාලිකාවක් .. කන පැලෙන්න දාගෙන අහනවා.. තනියෙන් එලවනකොට සින්දු දාගෙන මමත් කියනවා අයි ඉතින් කාටවත් ඇහෙන්නේ නැති හින්ද මොකටද ලජ්ජවෙන්නේ මගේ කටහඬ ගැන ? ඔන්න මේ පාර කෙල්ල විජයගේ ගඟ අද්දර සින්දුවට කැමතිවෙලා තැටියත් ගත්ත.. මං කියනවා " මොකද දන්නේ නැහැ.. කොල්ලෙක් වත් හොයාගෙනද ?" පිස්සුද ? අපේ නෝනා කියනවා..
ReplyDelete@ සරත් ලංකාප්‍රිය: හික් හික්. :D මං හිතන්නෙ බොහොමයක් පවුල්වල තියෙන තත්ත්වයක්. අපේ ගෙදරත් එහෙමයි.
ReplyDeleteමොකද දන්නෙ නෑ කෙල්ල ට්‍රැක් එක මාරු කරේ.... හොයලා බලන්න වටිනවා!
එයත් ඉගෙනගන්න මෙඩ්ඩියක්.. දැන් ඉන්නේ කන්ගරුවන්ගේ රටේ මට හුඟක් ඈතින් හින්ද ටිකක් බයයි තමයි.. එත් පෙනෙන්න නම් වෙනසක් නැහැ.. තියෙනවා නම් මට දැනෙනවා. ඒ මොකද එතකොට තමයි තාත්තීගේ අඩු පාඩු පෙනෙන්න ගන්නේ !!!
ReplyDelete"O,Lord Give me.....
ReplyDeleteThe courage;
To change the things that I can;
To accept the things that I cannot;
And the wisdom to know the difference..." This was appeared on the file which was given to me on the day i got my first appointment in the Government service. It just came to my mind while I was reading this post. This is my debuet comment on a post appeared in Bog space. Found the link in "Abheetha"s blog and amused by your writing ability. Nice style of writing and keep on writing.
@ Tarzen: The oath!
ReplyDeleteI don't believe that we have to just accept the things as they are, not always. Certain things need to be changed. :)
Thank you very much for taking time to read and comment.