මත්පැන් නොබොන ගෝපාල් අමුත්තක් නැතිව පිළිතුරු දෙයි. "මචං මම ගෝපාල්."
"ගෝපාල්! උඹ දන්නවද ගෝපාල් කියන්නෙ මොකාටද කියලා?"
"මට මචං."
"මැට්ටා! ගෝපාල් කියන්නෙ යකෝ, හරක් බලන එකාට. තෝ ගෝපාල්නං හරක් බලන්ඩ ඕන. තෝ මොකද මෙහෙ කරන්නෙ?"
"මං උඹව බලනවා මචං."
නේවාසිකාගාරය දෙදරමින් සිනා හඬ පැතිරෙයි.
රංජිත් නොසැළෙයි.
"හරි. මං හරකා! එහෙනං උඹ වැඳපං මට. උඹලා වඳිනවනෙ හරක්ට? වැඳපං මට."
"හරකට පූජා කරන දවස් වෙනම තියෙනවා මචං.." ගෝපාල් ප්‍රවේශමෙන් පිළිතුරු දෙයි.
රංජිත් ඔහුට කතා කිරීමට ඉඩ නොදෙයි.
"මචං උඹ දෙය්යො සතුටු කරන්ඩ සතියෙ දවස් කීයක්ද තණකොළ කන එකා. කාමරේ ඇතුළෙ දේව රූප තියාගෙන උදේ හවා වඳින එකා. මචං උඹට දෙය්යො කියපු එක පිළිපදින්ඩ වෙනම දවසක් තියෙන්ඩ බෑ. වැඳපං මට. දැං වැඳපං."
"හිටපං මං කැමරාව අරං එනකම්." අසේල ගෝපාල්ව අවුස්සයි. ගෝපාල් ප්‍රශ්නයෙන් මගහැර යා හැකි ක්‍රමයක් සොයයි.
"මචං උඹ හරි...උඹ හරිම... මට වචනෙ එන්නෙ නෑ...." ඔහු පිහිටක් අපේක්ෂාවෙන් මදෙස බලයි. මමද බුරුලක් නොපෙන්වමි.
"මෙව්වයිද?"
නැවතත් සිනා හඬ පැතිරෙයි.
"රංජියා කොහොමත් හරි මෙව්වයි මචං. උඹට අදද ඒක මෙව්ව වුණේ?"
"මචං රංජිත්, මෙව්වගෙ එකෙක්ට මෙව්වා කරන්ඩ එපා බං. උඹට මෙව්ව වෙයි."
සුළු දෙයටත් වැරෙන් සිනා නගන අවධියට සාදය පිවිස ඇත. පිරිස කෑ කෝ ගසමින් සිනා නගන්නේ, අප නවදෙනා හැර වෙනත් කිසිවෙක් මෙලොව නැත්තාක් මෙන් සැහැල්ලුවෙනි.
හිටිඅඩියේ ශාලාවේ දොර අසල රකුසියක මෙන් රවාගෙන සිටින රාජිනී අප නෙත ගැටේ. අපේ ඝෝෂාව නිසා ඇය එන හඬ නෑසෙන්නට ඇත; අපට ගස්සමින් ඈ ආපසු හැරෙයි; 'තපස් තපස්' හඬින් සෙරෙප්පු බිම හප්පවාගෙන කාමරයට ගොස් 'ඩෝං' ගා දොර වසයි.
"කොටිච්චි." රංජිත් ඇයට යන්නට හැර බනියි. "මොකද්ද බං උඹට බැරි වුණානෙ ඕකිව හදා ගන්ඩ."
"ඒකිව හදන්ඩ ගියානං මට සයනයිඩ් කන්ඩ වෙනවා බං." මාතෘකාව වෙනස් අතකට ගිය බව දකින ගෝපාල් සන්තෝෂයෙන් පිළිතුරු දෙයි.
රාජිනී කා සමගත් රාජකාරි මට්ටමින් මිස ඉන් එහා සම්බන්ධයක් පැවැත්වූයේ නැත. අප පියදාසගේ කඩෙන් කෑම ගෙන්වාගත් නමුත් ඈ ඇගේ ආහාර කාමරයේ පිළියෙල කර ගත්තාය. විහිළු නොහඳුනන ඇගේ සියලු වරදවලට වග කිව යුත්තා ලෙස ඒකමතිකව සැළකුණේ ගෝපාල්ය.
"බලපං අපි කොච්චර හොඳට දුවීව හදාගෙන තියෙනවද?" අසේල මා දක්වයි.
"උඹලා ගොඩක්නෙ බං. මං තනියෙන්නෙ."
"උඹ බෝයිව අඬගහ ගනිං උදව්වට."
"අපෝ, ඊලඟට මුගෙ රිලා හොම්බ තියෙන එවුනුත් හැදෙයි එහා පැත්තෙ මුඩුක්කුවෙ."
නැවතත් සිනා හඬ පැතිරෙයි.
"මුඩුක්කුවෙ ගෑණු එච්චරම මෝඩ නෑ බං."
************************
බෝයි හෙවත් සරෝජ් අප සමග සේවය කළද නේවාසිකාගාරයේ නොනැවතී අසල නිවෙසක උඩුමහල කුලියට ගෙන, කාරයක්ද තබාගෙන ජීවත් වූයේය. යම්කිසි විභාගයකට පාඩම් කරමින් සිටි ඔහු අපේ සාදවලට පැමිණියේ කලාතුරකිනි.
මා රැකියාවට පැමිණි මුල් දිනයේ සියල්ල සොයා බැලූ සරෝජ් අනතුරුව මට උපදෙස් දුන්නේය:
"එක අරමුණක් තියාගන්න; එතනට යන්න ඕන කියන එක හැම වෙලේම මතක තියා ගන්න; එතකොට ජීවිතේ එක පිළිවෙලකට ගෙනියන්න පුළුවනි. ප්ලෑන් එකක් හදාගන්න..."
අරමුණක් හෝ පිළිවෙලකට සිටීමට උනන්දුවක් හෝ නොතිබුණු මම බෝයි අතහැර කොල්ලන්ගේ ආශ්‍රයට වැටුණෙමි.
**************************
"රාජිනී අපිට බෝම්බයක් ගහන්ඩ ඉස්සෙල්ල අපි නිදාගමු." මට නිදිමත බව නොකියා මම නිදාගන්නා ක්‍රමයක් සොයමි.
"මචං ගෝපාල්." රංජිත් පුටුවෙන් නැගිටීමට වෑයම් කරමින් කියයි. "උඹ බීලා නෑනෙ. උඹ දුවීව පරිස්සමට එක්ක පලයං. අපි කොහොම හරි යන්නං."
සිනා හඬ මැද සියලුදෙනා නොයෙක් දේ කියමින් කාමරවලට රිංගති.
ඇනට් නේවාසිකාගාරයට පැමිණි කාලය වන විට තත්ත්වය එබඳු විය.
****************************************
ද්‍රවිඩ තරුණියක සේවයට පැමිණීමට නියමිත බව අප දැනගත් දිනයේ සිට ගෝපාල්ට නිවනක් නොවීය.
"මචං උඹ රාජිනීව දික්කසාද කරල එහෙම ලෑස්ති වෙලා ඉඳපං." දිනකට දහදොළොස් වතාවක් ඔහු මේ වදන් අසන්නට ඇත.
අපේ කුපාඩිකම නිසා ඇනට්ගේ සියලු වගකීම ගෝපාල්ට පවරා සිටියාද, නැතහොත් ගෝපාල් ස්වකැමැත්තෙන් ඇගේ සියලු බරට කර ගැහුවාද, ඒත් නැත්නම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත. ඇගේ පත්වීම පිළිබඳ ලියකියවිලි වැඩවල සිට නව නගරය පෙන්වීම දක්වා කුදුමහත් සියල්ල ඔහු කර දුන්නේය.
"වැඩේ නැගලා යනවා වගේ." කොල්ලෝ ඇනට්ට නෑසෙන්නට කසුකුසුවෙන් ගෝපාල් මැඩවූහ. ඔහු ඇසක් වසා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.
නේවාසිකාගාරයේ හිස් කාමර නොවූයෙන් ඇනට් පදිංචි වූයේ මගේ කාමරයේය. මගේ බලවත් ශෝකයට ඇයව රාජිනීගේ කාමරයට පංගාර්තු කිරීම පිළිබඳව සළකා බැලුනේවත් නැත. එලෙස යෝජනා කිරීමටද මා මැළිවූයේ ගෝපාල් නිසාය.
රාජිනී මුලදී අපේ කාමරයට එබී ඇනට් සමග හෑල්ලක් දොඩවා ගියාය. ඇනට්ද මුල් දින කිහිපයේ රාජිනීගේ කාමරයට වැදී පැය ගණන් ගත කළේ මගේ කෝපය අවුස්සමිනි: ලැගපියකො ඒකෙම!
සුපුරුදු පරිදි සතියකට වරක් දෙකක් සාද පැවැත්විණි. ගෝපාල්ද පැමිණ අප හා වාඩිගෙන සිටියේය. ඇනට් මුල සිටම යන්තම් මුහුණ පෙන්වා හෙමින් මග හැර ගියාය. ගෝපාල්ද වේලාසනින් ඉවත් වන්නට සැරසුණි.
"ඔහොම ඉඳගන්නවා; ඔහොම ඉඳගන්නවා. කොහෙ යන්ඩද තමුසෙ?"
"වැඩ වගයක් තියෙනවා මචං."
"උඹට මෙච්චරකල් වැඩ තිබුණෙ නෑනෙ."
"කතා ඕන නෑ, ඉඳගනිං ඔහොම."
ගෝපාල් අසේලගේ අතින් අල්ලාගෙන උරහිසට තට්ටුවක් දැමීය.
"පාඩම් කරන්ඩ තියනවා මචං. මම නැත්නම් උඹලත් එක්ක ඉන්නවනෙ."
"ආ.... ඇනට් එක්කද?" සිනා හඬ පැතිරිණි. "හා හා ගිහිං කරගනිං, පාඩමක් බැරිනං..."
"එහෙම එකක් නෙවෙයි මචං. රාජිනිත් එනවා.."
"ෂා, උඹ මාර දස්සයෙක් වෙලානෙ මේ ටික දවසට."
ගෝපාල්ට කටක් ඇරීමට නොලැබෙයි.
***************************************
සති කිහිපයක් ඉක්ම යන්නට ඇත.
ඇනට් බොහෝ දිනවලට කාමරයට පැමිණියේ ප්‍රමාද වීය. නේවාසිකාගාරයේ ඝෝෂාව නිසා ඇය පුස්තකාලයට හෝ වෙනත් තැනකට වී පාඩම් කරනවා ඇතැයි මම අනුමාන කළෙමි. උනන්දුවෙන් ඇරඹි ගෝපාල්ගේ පාඩම දින කිහිපයකට සීමා විණි.
***************************************
ඒ සෙනසුරාදා දිනයකි. කරන්නට වැඩක් නොතිබුණු මම ඔහේ ඇඳේ වැටී සිටියෙමි. ඇගේ බඩුමුට්ටු අස් කරමින් සිටි ඇනට් එක් වරම යම් කිසි ශබ්දයකට කන් දුන්නාය. ඒ වාහනයක් නේවාසිකාගාර මිදුලේ නවත්වන හඬකි. කවුළුව අසලට ගොස් පහත බැලූ ඇය, ඇසිල්ලකින් ඉන් ඉවත්ව මා වෙත හැරුණාය.
"කවුරු හරි ආවොත්, මම නැහැයි කියන්න." කී ඇය වහාම නාන කාමරයට රිංගාගෙන දොර වසා ගත්තේ මා පුදුමයට පත් කරවමිනි.
විනාඩි කිහිපයකින් නේවාසිකාගාරයේ කොරිඩෝව දිගේ ඇවිද එන අඩි උස සපත්තුවල හඬ ඇසෙන්නට විය. කෙමෙන් ළං වුණු සපත්තු මගේ කාමරය ඉදිරිපිට නැවතුණි. මම හුස්මවත් නොගෙන බලා සිටියෙමි. දොර ළඟ කසුකුසුවකි.
අනතුරුව සිහින් හඬින් දොරට තට්ටු කරනු ඇසිණි.
දොර ළඟ සිටිනුයේ කවුද? මා දොර විවෘත කළ යුතුද? තවම නිදි ඇඳෙන් නොනැගිටි මා මුහුණ සෝදාවත් නැත. පෙරදා පැවති සාදයෙන් අනතුරුව සියල්ලන් තවමත් නිදි විය යුතුය. මට යම් අනතුරක් වේද?
නැවත වඩාත් විශ්වාසයෙන් යුතුව දොරට තට්ටු කරන හඬ ඇසුණි. මම ඇඳෙන් බැස දොර හැරියෙමි.
දොර අසල වුයේ වැදගත් පෙනුමැති වයස තිහක පමණ වූ කාන්තාවන් දෙදෙනෙකි.
"ඇනට්?" අළු පැහැති කමිසයක් හැඳ සිටි පිරිපුන් කාන්තාව විමසුවාය.
"එයා නැහැ." මම ගැට ගසා ගතිමි. කාන්තාව මට පිටුපසින් කාමරය දෙසට එබුණාය. මම දොර අඩවල් කළෙමි. අනතුරුව ඇගේ අවධානය මවෙත යොමුවිය. මා සිටියේ නිදන ඇඳුම පිටිනි.
"මිස් නිදාගෙන හිටි ගමන් වගේ. ඇතුළෙ ඉන්නවද දන්නෙ නෑ එයා."
මගේ පපුව ඩිග් ඩිග් ගානු ඇයටද ඇසෙන්නට ඇත.
"ඉන්ඩ මම බලන්නම්." කී මම දොර යන්තමින් හැර කාමරයට ගොස්, නාන කාමරය දෙස බලන බවක් අඟවා ආපසු දොර අසලට ආවෙමි.
"නැහැ."
මා බොරුවක් කළ බව මට හැඟුණු තරමටම ඔවුන්ටද හැඟෙන්නට ඇත. අළු කමිසය හැඳි කාන්තාව මගේ මුහුණ අධ්‍යයනය කළාය.
"ඔයා සරෝජ්ව දන්නවද?"
"ඔව්, අපිත් එක්ක එකට වැඩ කරන්නෙ."
"මම එයාගෙ නෝනා." යයි කී ඇය පරීක්ෂාකාරීව මගේ මුහුණ දෙසම බලා සිටියාය.
සරෝජ් විවාහක බවක් මම දැන නොසිටියෙමි. ඒ ප්‍රවෘත්තියටත් වඩා කම්පනයක් මසිත ඇති වූයේ ඇනට්ගේ හා මගේ බාහිර ස්වරූපය විස්තර කළහොත් බොහෝ දුරට එක හා සමාන බව හදිසියේම පසක් වුණු බැවිනි. ඇය මා ඇනට්දැයි සැක කරන බව පැහැදිලිය. ඇනට් කර ඇත්තේ මොනවාද?
"අපි හම්බෙලා නෑනෙ කලින්." මම කීවෙමි. "සරෝජ් නැවතිලා ඉන්නෙ වෙනම නිසා වෙන්න ඕන. ඔයා එනවා ඇත්තෙ එහෙටනෙ."
"ඔව්." ඇය තරමක් බලා සිට කීවාය. "ඇනට් මේ වෙලාවට කොහෙද ඇත්තෙ?"
මම නැවතද අමාරුවේ වැටුණෙමි. මා මුසා බස් පැවසීමට අකමැතිය. නමුත් සත්‍යය පැවසීමටද නොහැක: මොනවා කළත් ඇනට් මගේ කාමරයේ වෙසෙන මිතුරිය වීමද, මේ සිද්ධියේ අගක් මුලක් නොදැනීමද නිසාය.
"සමහරවිට එයා කොහෙ හරි ගිහින් ඇති."
"එන වෙලාවක් දන්නෙ නැද්ද?"
"නෑ.. මම නිදාගෙනනෙ හිටියෙ."
මෙතෙක් වේලා විමසිල්ලෙන් බලා සිටි ඇගේ යෙහෙළිය ඉංග්‍රීසියෙන් ඇයව ඇමතුවාය.
"මොනවද ඔයාට කරන්න ඕනෙ දැන්?"
අළු පැහැ කමිසය හැඳි කාන්තාව ඊට පිළිතුරක් නොදුන්නාය. මා දෙස දැඩිව බලා සිටි ඇය කටහඬ අවදි කළාය.
"ඇනට්ට කියන්න එයා ඔය සෙල්ලම් කරන්නෙ දරුවො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් එක්ක බව."
මම මෝඩයෙකු සේ බලා සිටියෙමි.
"මොනවද ඔයාට කරන්න ඕනෙ දැන්?" ඇගේ යෙහෙළිය නැවතද පිළිවිසුවාය.
ඊට පිළිතුරක් නුදුන් සරෝජ්ගේ සහකාරිය දැඩි මුහුණින් යුතුව මා දෙසම බලා සිටියාය. මා ඇනට් නොවන බව විශ්වාස කිරීමට ඇය මැළිවන සෙයකි. අහක යන කරදරයකට පැටළීම පිළිබඳව අනියත බියක්ද, දරු දෙදෙනෙකු සහිත තම කුටුම්භය ආරක්ෂා කර ගැනීමට ලජ්ජාව පසෙක ලා මෙහි පැමිණි කාන්තාව ගැන අනුකම්පාවක්ද මසිත වෙළා ගැනිණි.
"මම එයා ආවහම කියන්නම්. සමහරවිට එයා පාඩම් කරන්න ගිහින් වෙන්න ඕනෙ."
ඇගේ යෙහෙළිය මා වෙත හැරුණාය.
"ඔය කරන වැඩේ නිසා දෙවියො එයාට සාප කරන බවත් කියන්න. අනුන්ගෙ පවුල් කඩාඉහිරවලා එයා කරන කිසිම දෙයක් හරි යන්නෙ නැති බවත් කියන්න. ඔහොම වැඩවලට උල්පන්දම් දෙන යාලුවන්ටත් ඒ සාපයෙන් ගැලවෙන්න හම්බෙන්නෙ නෑ."
අනතුරුව ප්‍රශ්න වැලක් සමග මා හුදෙකලා කොට ඔවුහු ගියහ.
මම දොර වසා කාමරයට ආවෙමි. ඇනට් නාන කාමරයෙන් එළියට ආවාය.
"වාහන සද්දෙ ඇහෙනකොට මට නිකමට සැක හිතුණා. හොඳ වෙලාවට."
ඇය ඉතා සැහැල්ලුවෙන් කියාගෙන ගියාය. මම ඔවුන් මගෙන් ඇසූ දේවල්ද, ඊට මා දුන් පිළිතුරුද පැවසීමි.
"ඕන එකක් කරගන්න, මාව ඕවට ගාව ගන්නෙ නැතුව."
"ඒ ගෑනිට පිස්සු. නැත්නම් සරෝජ් ඔයා වගේ කෙනෙක් එක්ක යාලු වෙයි කියලා හිතයියැ."
ඇනට් මහ හඬින් සිනාසුණාය.
'ඔව්, මගේ පෙනුම ඔයාගෙ විතර වනචර පාට නැතැ'යි කීමට සිත් වුවද මම නිහඬ වීමි.
ගෝපාල්ගේ කාමරයේ දොර කැඩෙන තරම් හය්යෙන් මා ඊට තඩි බෑවේ මගේ සිතෙහි ඇති කෝපය නිසාය. ඇස් රතු වී මුහුණ තඩිස්සි වී සිටි ගෝපාල් දොර විවෘත කළේය. ඇනට්ගේ පළහිලව්ව ඔහුට රහසක් නොවන බව ඒ මුහුණ ඉඟි කළේය.
"දුවී? ඇයි දුවී?"
"මට තියෙනවා ඔයත් එක්ක පොඩි කතාවක්."
"මටත් ඔයත් එක්ක කතා කරන්න ඕනකම තිබුණා." ඔහුගේ කටහඬ හැඟුම්බරය.
ඇනට්ගේ වරදවලට හා ඇය සොයා පැමිණෙන කාන්තාවන් මට සැර දැමීම ගැනත්, ඇය බේරා ගැනීම පිණිස මට බොරු කීමට සිදුවීම ගැනත්, ඇයව මගේ කාමරයට පංගාර්තු කළ ගෝපාල්ට බැන වැදීමට මට අවශ්‍ය විය. එසේ වුවද මට සිදුවූයේ මුළු සන්ධ්‍යාවම ගෝපාල්ගේ දුක් ගැනවිල්ල අසා සිටීමටය.
දුක් ගැනවිල්ල කෙමෙන් බැනීමකට පරිවර්තනය විය. සිද්ධිය ආරංචි වූ රංජිත් ඇතුළු කොල්ලන් පිරිසද අප සිටි තැනට අවුත් ඇයට බනින්නට හවුල් වූහ.
"මම මොනවද ඒකිට නොකළෙ? හැම දෙයක්ම කරලා දුන්නා. පොත් හොයලා දුන්නා. ඉන්ඩ තැන ලෑස්ති කරලා දුන්නා. පල්ලි එක්ක ගියා. ඒකිගෙ ගෙදරින් ආ වෙලාවෙ නවතින්ඩ තැන් හොයලා දුන්නා. අන්තිමට ඒකිට බෝයිව ලොකු වුණා...."
අනතුරුව ඔහු ඇනට්ට බැන වදින්නට විය.
ඇය කළායයි ඔහු චෝදනා කරන සියල්ල ඇත්තටම සිදු නොවන්නට ඇත. එසේ වුවද මම නිශ්ශබ්දව සිටියෙමි. මොහොතකට පෙර ඇනට්ට පෙම් කළායයි පැවසූ ගෝපාල් දැන් ඇයට පිළිකුලෙන් බනින අයුරු අසා මම කළකිරුණෙමි. ගෝපාල්ගේ මුහුණ බලන මම ඇනට් සරෝජ් සමග යහළු වීම පුදුමයකට කරුණක් නොවන බව සිතීමි. මට ඇති ගැටළුව එය නොවේ.
"ඒක නෙවෙයි, බෝයි කසාද බැඳපු මිනිහෙක් බව ඕගොල්ලො දැනං හිටියද?" මම ඇසුවෙමි.
"ඇයි, ඔයත් ඌ පිළිබඳ සිතක් ඇතුව හිටියද?"
අසේලගේ කට කැඩිච්ච කතාව නිසා මම ඉන් ඉදිරියට ඒ පිළිබඳව විමසීම අත් හළෙමි.
ගෝපාල් කිසිවකුටත් කන් නොදී තනිවම කියවන්නට විය.
"ඒකිට තේරෙයි කවදක හරි. ඌ අර ගෑනිව අතෑරලා ඒකිව බඳින්නෙ නෑ කවදාවත්. මෝඩි."
"මැටි කඳක්! නම වුණත් බලපංකො: ඇනට්! නොදකිං."
"ඕකිට හොඳ ගේමක් දෙමු."
"උඹ ඕකිට සැළකුවා වැඩි මචං."
"මම හොඳ වැඩි මචං. ඒක තමයි."
බැනවැදීම් කෙමෙන් සභ්‍ය සීමාවෙන් ඔබ්බට සේන්දු වූ බැවින් මම කාමරයට යන බව පවසා එතැනින් නැගිට්ටෙමි.
කාමරය එක්වරම පාළුවට ගොස් ඇත. ඇනට් උදෑසන පිටව ගිය පසු තවම පැමිණ නැත. ඇගේ බඩුමුට්ටු පිළිවෙලකට අසුරා ඇත්තේ ගෙන යාමට සූදානමින් මෙනි.
දොරට යමෙක් තට්ටු කරයි. මගේ හද අවිනිශ්චිත බියකින් සැලේ. තට්ටු කිරීම නොනවත්වාම ඇසේ. මම දොර යන්තමින් විවර කරමි. දොර අසල පෙට්ටියකුත් අතැතිව රාජිනී සිටී.
"ලඩ්ඩු කනවද?"
"තැන්ක් යූ. එන්ඩ ඇතුළට." මම මෑත් වී කාමරයට ඒමට ඉඩ සලසන්නේ ඇය ඇතුළට නොඒවායි සිතින් පතමිනි. එබව නොදන්නා රාජිනී ඇතුළට විත් මේසය අසළින් වාඩි වෙයි.
මම වතුර කේතලය වෙත යමින් විමසමි.
"තේ හදන්ඩද?"
රාජිනී කුමකට සූදානම් වන්නේද යන්න මට පැහැදිලි නැත. වතුර ඉක්මණින් නටන්නේද නැත. මම ඇඳ මත වාඩි වී ලඩ්ඩු කමින් අපහසුවෙන් සිටිමි.
ලඩ්ඩු භාජනය මේසය මත තබන රාජිනී මා දෙස කෙළින්ම බලයි.
"ඕන එකක් කරගන්න, මාව ඕවට ගාව ගන්නෙ නැතුව."
"ඒ ගෑනිට පිස්සු. නැත්නම් සරෝජ් ඔයා වගේ කෙනෙක් එක්ක යාලු වෙයි කියලා හිතයියැ."
ඇනට් මහ හඬින් සිනාසුණාය.
'ඔව්, මගේ පෙනුම ඔයාගෙ විතර වනචර පාට නැතැ'යි කීමට සිත් වුවද මම නිහඬ වීමි.
****************************************
ගෝපාල්ගේ කාමරයේ දොර කැඩෙන තරම් හය්යෙන් මා ඊට තඩි බෑවේ මගේ සිතෙහි ඇති කෝපය නිසාය. ඇස් රතු වී මුහුණ තඩිස්සි වී සිටි ගෝපාල් දොර විවෘත කළේය. ඇනට්ගේ පළහිලව්ව ඔහුට රහසක් නොවන බව ඒ මුහුණ ඉඟි කළේය.
"දුවී? ඇයි දුවී?"
"මට තියෙනවා ඔයත් එක්ක පොඩි කතාවක්."
"මටත් ඔයත් එක්ක කතා කරන්න ඕනකම තිබුණා." ඔහුගේ කටහඬ හැඟුම්බරය.
ඇනට්ගේ වරදවලට හා ඇය සොයා පැමිණෙන කාන්තාවන් මට සැර දැමීම ගැනත්, ඇය බේරා ගැනීම පිණිස මට බොරු කීමට සිදුවීම ගැනත්, ඇයව මගේ කාමරයට පංගාර්තු කළ ගෝපාල්ට බැන වැදීමට මට අවශ්‍ය විය. එසේ වුවද මට සිදුවූයේ මුළු සන්ධ්‍යාවම ගෝපාල්ගේ දුක් ගැනවිල්ල අසා සිටීමටය.
දුක් ගැනවිල්ල කෙමෙන් බැනීමකට පරිවර්තනය විය. සිද්ධිය ආරංචි වූ රංජිත් ඇතුළු කොල්ලන් පිරිසද අප සිටි තැනට අවුත් ඇයට බනින්නට හවුල් වූහ.
"මම මොනවද ඒකිට නොකළෙ? හැම දෙයක්ම කරලා දුන්නා. පොත් හොයලා දුන්නා. ඉන්ඩ තැන ලෑස්ති කරලා දුන්නා. පල්ලි එක්ක ගියා. ඒකිගෙ ගෙදරින් ආ වෙලාවෙ නවතින්ඩ තැන් හොයලා දුන්නා. අන්තිමට ඒකිට බෝයිව ලොකු වුණා...."
අනතුරුව ඔහු ඇනට්ට බැන වදින්නට විය.
ඇය කළායයි ඔහු චෝදනා කරන සියල්ල ඇත්තටම සිදු නොවන්නට ඇත. එසේ වුවද මම නිශ්ශබ්දව සිටියෙමි. මොහොතකට පෙර ඇනට්ට පෙම් කළායයි පැවසූ ගෝපාල් දැන් ඇයට පිළිකුලෙන් බනින අයුරු අසා මම කළකිරුණෙමි. ගෝපාල්ගේ මුහුණ බලන මම ඇනට් සරෝජ් සමග යහළු වීම පුදුමයකට කරුණක් නොවන බව සිතීමි. මට ඇති ගැටළුව එය නොවේ.
"ඒක නෙවෙයි, බෝයි කසාද බැඳපු මිනිහෙක් බව ඕගොල්ලො දැනං හිටියද?" මම ඇසුවෙමි.
"ඇයි, ඔයත් ඌ පිළිබඳ සිතක් ඇතුව හිටියද?"
අසේලගේ කට කැඩිච්ච කතාව නිසා මම ඉන් ඉදිරියට ඒ පිළිබඳව විමසීම අත් හළෙමි.
ගෝපාල් කිසිවකුටත් කන් නොදී තනිවම කියවන්නට විය.
"ඒකිට තේරෙයි කවදක හරි. ඌ අර ගෑනිව අතෑරලා ඒකිව බඳින්නෙ නෑ කවදාවත්. මෝඩි."
"මැටි කඳක්! නම වුණත් බලපංකො: ඇනට්! නොදකිං."
"ඕකිට හොඳ ගේමක් දෙමු."
"උඹ ඕකිට සැළකුවා වැඩි මචං."
"මම හොඳ වැඩි මචං. ඒක තමයි."
බැනවැදීම් කෙමෙන් සභ්‍ය සීමාවෙන් ඔබ්බට සේන්දු වූ බැවින් මම කාමරයට යන බව පවසා එතැනින් නැගිට්ටෙමි.
****************************************
කාමරය එක්වරම පාළුවට ගොස් ඇත. ඇනට් උදෑසන පිටව ගිය පසු තවම පැමිණ නැත. ඇගේ බඩුමුට්ටු පිළිවෙලකට අසුරා ඇත්තේ ගෙන යාමට සූදානමින් මෙනි.
දොරට යමෙක් තට්ටු කරයි. මගේ හද අවිනිශ්චිත බියකින් සැලේ. තට්ටු කිරීම නොනවත්වාම ඇසේ. මම දොර යන්තමින් විවර කරමි. දොර අසල පෙට්ටියකුත් අතැතිව රාජිනී සිටී.
"ලඩ්ඩු කනවද?"
"තැන්ක් යූ. එන්ඩ ඇතුළට." මම මෑත් වී කාමරයට ඒමට ඉඩ සලසන්නේ ඇය ඇතුළට නොඒවායි සිතින් පතමිනි. එබව නොදන්නා රාජිනී ඇතුළට විත් මේසය අසළින් වාඩි වෙයි.
මම වතුර කේතලය වෙත යමින් විමසමි.
"තේ හදන්ඩද?"
රාජිනී කුමකට සූදානම් වන්නේද යන්න මට පැහැදිලි නැත. වතුර ඉක්මණින් නටන්නේද නැත. මම ඇඳ මත වාඩි වී ලඩ්ඩු කමින් අපහසුවෙන් සිටිමි.
ලඩ්ඩු භාජනය මේසය මත තබන රාජිනී මා දෙස කෙළින්ම බලයි.
"ඔයා ඔය ඉන්නෙ ඔයාට ගැලපෙන මිනිස්සුත් එක්ක නෙවෙයි."
මම පිළිතුරු නොදෙමි.
"මොකක්ද ඔයා කරන්නෙ? ඔයාම හිතලා බලන්ඩ. මම හුඟ දවසක ඉඳලා බලාගන ඉන්නවා. ඔයා නිකාං නාස්ති වෙනවා. වෙලාව නිකාං නාස්ති වෙනවා. අම්මලා කියන්නෙ නැද්ද?"
මම නිශ්ශබ්දව තේ සාදමි. කිරි පිටි දිය වී දිය වී යයි. ඇනට්ගේ කෝප්පයට තේ වත් කරන මම එය රාජිනීට දෙමි.
ඈ සෙමින් තේ කෝප්පය තොල ගායි. මම තේ කෝප්පයට ඉහළින් පෙනෙන ඇගේ මුහුණ දෙස හොරෙන් බලමි. දුක් කරදර විඳි පෙනුමක් ඇතත් මා සිතා සිටි තරම් ඇය කැත නැති බව මට හැඟේ.
"ඇනට් ගැන රණ්ඩු කරලා වැඩක් නෑ. ඇනට් එයා ගැන බලා ගනියි; සරෝජ්, ගෝපාල්, ඒගොල්ලො ගැන බලාගනියි. ඔයා, ඔයා ගැන බලා ගන්ඩ."
තේ බී අවසන් කරන රාජිනී කෝප්පය සේදීමට නාන කාමරය වෙත යයි. මම "දෙන්ඩ, දෙන්ඩ" යයි කෝප්පය ඉල්ලුවද ඇය නොදෙයි.
"ඔයා තියා ගන්ඩ ලඩ්ඩු." ඇය භාජනයේ පියන වසයි. "මම කිව්ව එක හිතල බලන්ඩ. ඔය ඉන්න කට්ටිය එක්ක ඔයා හිනා වෙයි; වැඩක් නෑ. තව අවුරුදු දෙකක් යයි; ඔයා ඔතනම තමයි. ඔහොම හිටියා ඇති. ඔයා ඉගෙන ගන්ඩ. මම උදව් කරන්නම්. පොත් දෙන්නම්. අපි එකතු වෙලා පාඩම් කරමු."
රාජිනීට යන්නට හැර මම දොර වසමි.
රාත්‍රී බොහෝ වේලා යනතුරු මම ඇඳෙහි ඒ මේ අත පෙරළෙමි. නින්ද අහලකවත් නැත. රාජිනී කිවූ කරුණුවල සත්‍යයක් ඇතැයි මගේ යටි සිත දනී.
ශාලාවේ සාදයක හඬ ඇසේ. කොල්ලන් බීගෙන කෑ ගසන, සිනාසෙන හඬ ඝෝෂාවක් ලෙස මට හැඟෙන්නේ ප්‍රථම වරටය. ගෝපාල් බීගෙන හඬයි. ඇනට් ඝෝෂාව මැදින්ම පැමිණ කාමරයට රිංගා ගනී.
රාජිනීගේ යෝජනාව සළකා බැලීමට මම තීරණය කරමි.
මම පිළිතුරු නොදෙමි.
"මොකක්ද ඔයා කරන්නෙ? ඔයාම හිතලා බලන්ඩ. මම හුඟ දවසක ඉඳලා බලාගන ඉන්නවා. ඔයා නිකාං නාස්ති වෙනවා. වෙලාව නිකාං නාස්ති වෙනවා. අම්මලා කියන්නෙ නැද්ද?"
මම නිශ්ශබ්දව තේ සාදමි. කිරි පිටි දිය වී දිය වී යයි. ඇනට්ගේ කෝප්පයට තේ වත් කරන මම එය රාජිනීට දෙමි.
ඈ සෙමින් තේ කෝප්පය තොල ගායි. මම තේ කෝප්පයට ඉහළින් පෙනෙන ඇගේ මුහුණ දෙස හොරෙන් බලමි. දුක් කරදර විඳි පෙනුමක් ඇතත් මා සිතා සිටි තරම් ඇය කැත නැති බව මට හැඟේ.
"ඇනට් ගැන රණ්ඩු කරලා වැඩක් නෑ. ඇනට් එයා ගැන බලා ගනියි; සරෝජ්, ගෝපාල්, ඒගොල්ලො ගැන බලාගනියි. ඔයා, ඔයා ගැන බලා ගන්ඩ."
තේ බී අවසන් කරන රාජිනී කෝප්පය සේදීමට නාන කාමරය වෙත යයි. මම "දෙන්ඩ, දෙන්ඩ" යයි කෝප්පය ඉල්ලුවද ඇය නොදෙයි.
"ඔයා තියා ගන්ඩ ලඩ්ඩු." ඇය භාජනයේ පියන වසයි. "මම කිව්ව එක හිතල බලන්ඩ. ඔය ඉන්න කට්ටිය එක්ක ඔයා හිනා වෙයි; වැඩක් නෑ. තව අවුරුදු දෙකක් යයි; ඔයා ඔතනම තමයි. ඔහොම හිටියා ඇති. ඔයා ඉගෙන ගන්ඩ. මම උදව් කරන්නම්. පොත් දෙන්නම්. අපි එකතු වෙලා පාඩම් කරමු."
රාජිනීට යන්නට හැර මම දොර වසමි.
රාත්‍රී බොහෝ වේලා යනතුරු මම ඇඳෙහි ඒ මේ අත පෙරළෙමි. නින්ද අහලකවත් නැත. රාජිනී කිවූ කරුණුවල සත්‍යයක් ඇතැයි මගේ යටි සිත දනී.
ශාලාවේ සාදයක හඬ ඇසේ. කොල්ලන් බීගෙන කෑ ගසන, සිනාසෙන හඬ ඝෝෂාවක් ලෙස මට හැඟෙන්නේ ප්‍රථම වරටය. ගෝපාල් බීගෙන හඬයි. ඇනට් ඝෝෂාව මැදින්ම පැමිණ කාමරයට රිංගා ගනී.
රාජිනීගේ යෝජනාව සළකා බැලීමට මම තීරණය කරමි.
අපූරු කතාවක් ..එක හුස්මට කියවගෙන ගියා....රාජිනී හරි..අපි වටේ කී දෙනෙක් උන්නත් වැඩක් නෑ. අපිට අපි විතරයි
ReplyDeleteමේක මම කොහෙ හරි කියෙව්ව වගෙ මතකයි.
ReplyDeleteදිල්: ඔව්, නොයෙක් විදිහෙ අය ඇසුරු කිරීම වරදක් නොවුණත් තමන් යන මග තමන්ම හෙළි කර ගන්න ඕන.
ReplyDeleteනිර්නාමික හිතවතාට: මම මේක මුරගලේ දාලා තිබුණා- මගේ යහළුවන් සමග එක් වෙලා කරගෙන යන බ්ලොග් එක. http://muragala-lanka.blogspot.com/ සිත් ආර පටන් ගත්තෙත් යම් හේතුවකින් ඒ බ්ලොග් එක අතුරුදහන් වුණොත් ලිවූ දේවල් එක තැනක තියෙන්න ඕන නිසා.
හෝ හෝ ඔබද මුරගල ලියන්නේ. මම නිතරම කියවනවා.
ReplyDeleteකොහොම උනත් මේ කථාව හරිම ලස්සනයි. මේ වගේ චරිත හරි සුලභයි. මේ කථාව පොතක් විදියට එලි දක්වන්න. අපි හරි වැරදි කියලා උදව් කරන්නම්. ඔබට හොදම රැකියාව වෛද්‍යවෘත්තිය තමයි. හොද හිතක් තියන අයට තමයි මේ රැකියාව පිහිටන්නේ.
ජය!!!
රංජනී හරි.ඇය අනිත් අයගෙනුත් ඈත්වෙල සිටිනවා ඇත්තේ
ReplyDeleteහේතු ඇතිවයි.
අපිත් එක්ක සිනාවෙන්න ඕනතරම් ..
ඒත් හඬන්න?????
ඉදිරියටයන්න පොඩි තල්ලුවක් දෙන්න???
මේ වගේ නිර්මාණ බ්ලොග් වලට හොඳ වැඩි නැද්ද?
ReplyDeleteනැවතත් හිතන්නට යමක්... පොඩ්ඩක් සරල වෙලා ලිව්වොත් හොඳයි වගේ... මේක ටිකක් සංකීර්ණ වැඩියි වගේ..... :D
ReplyDeleteඑක හුස්මට කියවගන ගියා අක්කේ.කතාව ගලාහැලෙනවා අමුතුම ආරකින්.කාලයත් එක්ක සමහර උදවිය හිතන්න බැරි විදිහට වෙනස්වෙනවා නේද බලාගන යනකොට.
ReplyDeleteකමෙන්ට් එකක් දාන්න වචන හෙව්වා..හම්බ උනේ නැහැ...ඇයිද මංදා කාරනේ..?
ReplyDeleteගලාගෙන යන විදියත් කතාවේ අවසානයත් හරිම අපූරුයි.
ආ අන්තිමේදී වචන එකයි දෙකයි..ආ හරි වචන 7ක්ම හම්බ වෙලා..
ජීවිතය ලස්සනයි.... ඇත්තටම...
ReplyDelete@ වෙද ගෙදර මහ වෙදනා: බොහොම සන්තෝසයි මුරගල බලන කෙනෙක් හමුවීම ගැන. හර්ෂණ තමයි මුරගල පටන් ගත්තෙත්, එහි වැඩි බරක් ඔසවන්නෙත්. අපි කිහිපදෙනෙක්ම ඒ සඳහා ලිපි ලියනවා. පොත් ලියන්නනම් මමත් ආසයි. කොහොමද ලියන්නෙ කියලා දන්නෙ නෑ. කොහොමද ලියන්නෙ කියලා හොයන්නත් මම කම්මැළියි.
ReplyDeleteබොහොම ස්තුතියි.
@ Gimhani: ඔව්, ඒ විදිහෙ අවංක හිතවතුන්, සැබෑ මිතුරන් අඩුයි.
බොහොම ස්තුතියි.
@ කතන්දර Kathandara: මම ලියන ඒවා ටිකක් දිගනම් වැඩි තමා.
@ අභීත: චරිතවලට නම් නොදා ඒ, බී, සී, ඩී කියලා නම් කරන්නද? :D මේකෙ මිනිස්සුත් වැඩි. ඒ මදිවට මම ලියන ඒවා ටිකක් දිගත් වැඩිනෙ.
@ තීර්ථ යාත්‍රිකයා: අපේ වෙනස් වීමත් අනික් අයට පෙනෙනවා ඇති. එක්කො අපි වෙනස් වෙනවා; නැත්නම් සැබෑ ස්වරූපය පෙනෙන්න පටන් ගන්නවා.
@ මාරයාගේ හෝරාව: ඒ කියන්නෙ පටන්ගැන්ම අප්සෙට් කියලනෙ. :D බොහොම ස්තුතියි.
පොතක් මෙන් නොව බ්ලොග් සටහනක් දිගු වැඩි වූ විට කියවීමට මම අකමැත්තෙමි. එහෙත් ඔබේ කතාව කිසිදු අපහසුවකින් තොරව අවසානය තෙක් එක දිගට කියවූයෙමි. අපූරුයි නලිනි.
ReplyDelete@ Ravi: බොහොම ස්තුතියි ඔබේ හිතවත් වචනවලට. වෙලාවකට කපා කොටා දමා කතාව කෙටි කළත් එතකොට මටම ආස හිතෙන්නෙ නැහැ.
ReplyDeleteඑක්වෙලා වල බැස්සත් ගොඩ එන්න වෙන්නේ නම් තනිවම. විරල රාජිනීලා හම්බ වුනොත් පතුලටම වැටෙන්නේ නැතිව ගොඩ එන්න පුලුවන්...
ReplyDeleteහිතන්න යමක් ඉතිරි කරපු කතාවේ නිමාව ලස්සනයි.
@ මාතලන්: ඔව්, ජීවිතේ සැහැල්ලු ලස්සන පැත්තත් මිනිස්සු විඳින්න ඕන.
ReplyDelete@ ඩීන් අය්යා, ඒ කතාවනම් බොහෝවිට ඇත්ත. මග පෙන්වන්න, යහමගට ගන්න හිතවතුන් හමු වෙන්නෙ හැමෝටම නොවෙයි; හැමදාම නොවෙයි.
ReplyDeleteබොහොම ස්තුතියි.
අපෝ නැහැ..පටන් ගැන්ම සුවිශේෂයි.ඇත්තටම ගෝපාල් අර තරමට අවස්ථාවට මුහුණ දෙන ආකාරය අනුව බිහි උනේ හරි දැවැන්ත චරිතයක ආරම්භය..පස්සේ ඔයා ඒක ටිකක් පහලට ඇදලා දැම්මා උනත්..
ReplyDeleteමං කිව්වේ මට මේකට හරියන කොමෙන්ට් එක අඩුම වචන ගානකින් ලියන්න ඕන කරපු එක ගැන.ඇත්තටම මේ වගේ දේකට කෙටි සටහන් ගහලා වැඩක් නැහැ..ඒත් ඊයේ ඕක බලපු වෙලාවේ මං හිටියේ දිග කොමෙන්ට් එකක් ලියන්න පුළුවන් තත්වයක නෙවෙයි..ඒ හින්දා කම්මැලි කමට අඩු වචන ටිකකින් ගහලා බේරෙන්න ඕන කමටයි එහෙම කිව්වේ..:D
නැත්තං මේ වගේ සටහනකට ලියන කොමෙන්ට් එකත් අඩුම ගානේ ඔයින් දහයෙන් පංගුවක් තරමටවත් මගේ අතින් ලියවෙනවා..කොහේද..කම්මැලිකම ලොකුයිනේ ඔය ඔක්කෝටම වඩා..ඊටත් නිදි මතට ඇස් පිල්ලන් සට සට ගාලා වැදෙන අතරේ මොන කොමන්ට්ද..?
ඔබගේ කථා දිග වැඩි වුවත් දිගින් දිගට කියවන්නට ආසයි.මමනම් ඔබගේ කථා දෙවරක් කියවනවා.
ReplyDeleteඅනිත් කරුණ ඔබ හිතේ යමක් සඟවාගෙන ලියන කෙනක්
නොවේ.ඔබ හරි විවෘත කෙනක්.අපේ සිතේ සැබෑ ස්වරූපය ඔබ එළිදක්වනවා.මාරයියාගේ මාගල් වගේ ලිපි අප කියවන්නට කැමතිවන්නේද මේ කරුණ නිසයි.මේ තිත්ත ඇත්ත නිසයි.මෙවැනි කථා තවත් ලිවීමට ඔබලාට ධෛර්ය ලැබේවා!!
ජය!!
නලිනි
ReplyDeleteකතාව ලස්සනට ගලපලා ලියල තියෙනවා . ඒ ගැන කතා දෙකක් නෑ
මම දැක්ක සමහරු අහල තියෙනවා කතාව බ්ලොග් එකකට හොඳ වැඩියි වගේ , කතාව දිග වැඩියි වගේ දේවල් .
මෙහෙමයි මට කියන්න තියෙන්නේ . ඔයා දකින නිර්මාණාත්මක හා හොඳ දේවල් ඔයාට ඕනෙ විදියට ලියන්න . බ්ලොග් එක ඔයාගේ නිසා තීරණේ ඔයාගේ . මේ ලියන දේවල් වලට මම කැමතියි . නිර්මාණාත්මක බ්ලොග් නැති අඩුව මේ වගේ දේවල් වලින් මග ඇරෙනවා. අනික බ්ලොග් එකේ කතාවට වඩා දිග කමෙන්ට් හෑලි එනවට වඩා බ්ලොග් කතාව දිගට තියෙන එක හොඳයි. ඔබට ජය
ඇත්තම කතාවක් වගේ. සරල වගේ පෙනුනට හරි ගැඹුරුයි. කව්ද හරි ඇනට් ...සරෝජ් ..එතකොට ගොපල් එයත් හරිද ''පුජාසනයේ ඔබ රඳවා ඔබට පුදන මේ ලෝකය මයි. ඔබට එරෙහි වී නැගිටින්නේ.'' ඒ ඇනට්ට
ReplyDeleteනෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන ...එහෙම කිව්වේ සරෝජ්.
ඔයාට කියන්න වෙන්නේ ''තනිවයි උපන්නේ ..තනිවයි මැරෙන්නේ ''
ලස්සනයි කතාව. අනික් කතා හිමින් කියවන්න ඕන. අද කට්ටිය ගෙදර. ඉඳ හිට UN එකට මැදිහත් වෙන්න තරමේ යුද්ද තියෙන දවස.
@ මාරයාගේ හෝරාව: ගෝපාල්ගෙ චරිතය විකාශනය වුණ විදිහ හරි නැතුව ඇති. මේකෙ මුල් කොටස ලියලා ඉතිරිය ලියවෙන්නෙ නැතුව තිබුණා හුඟ දවසක්. එතකොට යකා නැගලා මොනවා හරි ලියල ඉවරයක් කරන්න හිතෙනවනෙ.
ReplyDeleteඔබ දිනකට කොච්චර වෙහෙසෙනවද කියලා මම කියවලා තියෙනවා. ඒ කාර්යබහුලත්වය මැද්දෙ මෙහෙම එන්න වෙලාවක් හොයා ගන්න එකමත් පුදුමයක්. එක වචනයක් වුණත් මට වටිනවා.
බොහොම ස්තුතියි.
@ TG: බොහොම ස්තුතියි.
ReplyDeleteකෙටිකතාවක් විදිහට ලියවෙන නිසාත්, බ්ලොග් එකට වඩා හිතට සරිලන විදිහට ලියන නිසාත් තමයි කතා දික් වෙන්නෙ. අර කිව්වත් වගේ මගේ තැන නිසා ප්‍රශ්නෙකුත් නෑනෙ.
නැවතත්, බොහොම ස්තුතියි ඔබේ උපදෙසට.
@ Bindi: අර ගෙදරින් හොයාගෙන ආව සිද්ධියනම් ඇත්තටම වුණු එකක්. අනෙක් ඒවනම් අතේ රෝල්. :D නමුත් ඒ විදිහටම නොවුණට, අප වටේ සිදුවෙන හුඟක් දේවල් ඊට සමයි කියලා හිතෙනවා.
ReplyDeleteඕඕඕඕ, කට්ටියම ගෙදර ඉන්න දවස. සතියෙම එකතු කරගත් වැඩත් ඇතිනෙ. මටත් උදෙන්ම යාළුවෙක් ඇවිත් ගේ අස් කරලා දීලා ගියා.
හරිම ලස්සනයි. කතාවෙ දෙවෙනි කොසක් ගෙන හිතන්න ආරධනා කරනවා..
ReplyDelete"මං උඹව බලනවා මචං."
ReplyDeleteගෝපාල් ගෙ උත්තරේ නම් නියමයි.
කම්මැලි කමක් නැතිව කියවන්න පුලුවන්. නැහැ වැරදුනා...තියන වැඩ අතපසු කරගන හරි කියවන්න පුලුවන් විදියට කතාව ගලාගන යනවා..
සුපිරියි! මං කලින් කියපු දෙයක් ආයෙත් කියන්නම හිතෙනවා. සිත් ආර ලියවෙන සරළ ආරයට මං හරිම කැමතියි!
ReplyDeleteමේ ඇත්ත සිද්ධියක්ද?
එක හුස්මට කියවගෙන ගියා. ප්‍රබන්ධයක් වෙන්න ඕනෙ. ඇසූ දුටු චරිත ඇසුරු කරගෙන ගොතන්න ඇති. සමහර තැන් වල පොඩ්ඩක් නොගැලපීම් ටිකක් තිබුනා කියලා හිතුනා. හයියෙන් කියවගෙන ගිය නිසාද දන්නෙ නෑ. කොහොමත් වෙලාවක් ආවහම ආයෙම්ත් පාරක් කියවන්න් ඕනෙ......!
ReplyDeleteමං මේ බ්ලොග් එක නොදක හිටියේ කොහොමද? 20/20 කතා වලින් එහාට ගිය කෙටිකතා බ්ලොග් එකක් නැති අඩුව මෙතනින් මැකෙනවා. මේ ඇරෙන්නට මේ කලාවට ලියන්නේ මා දන්නා තරමින් අරුණි විතරයි. එයා වැඩිය කතා ලියන්නේ නැහැ.
ReplyDeleteමාත් මේ වගේ එකක් පටන් ගන්න ඉන්නේ.
නලිනිගේ කතාව සුපිරි. තව ලිව්වොත් පොඩි දැනුම් දීමක් දෙන්න අපිත් ආසයි කියවන්න.
@ දුමී: ඔව්, ප්‍රබන්ධයක් නිසා සමහරවිට නොගැලපීම් ඇති. බොහොම ස්තුතියි සටහනක් එක් කළාට.
ReplyDelete@ Sujeewa Kokawala: මම දැක්කා TG ගෙ බ්ලොග් එකේ ඔයා දාලා තිබුණු කමෙන්ට්ස්. හොඳ පෘථුල දැනුමක් තියෙන එකෙන් ලොකු ප්‍රයෝජනයක් වේවි කෙටිකතා ලියනවනම්. ලොකු වපසරියක නිර්මාණ කරන්න පුළුවන්නෙ. ජයම පතනවා.
@ Chamika : බොහොම ස්තුතියි අගය කළාට. මට එහෙම කොටස් වශයෙන් ලියලා හුරු නැහැ. බලමු ඉදිරියෙදි.
ReplyDelete@ Luckey: බොහොම ස්තුතියි අගය කළාට. මමත් කොම්පියුටරේ ළඟ ඉඳගත්තහම සේරම වැඩ අමතකයි. :D
@ ෆා: බොහොම ස්තුතියි සොයුරිය. නැහැ, මුළු කතාවම ඇත්ත සිද්ධියක් නොවෙයි. අර කාමරේට හොයාගෙන ආපු සිද්ධියනම් මට ඇත්තටම වුණු එකක්. ඒ ඇරුණුවිට ගෝපාල්, සරෝජ්, ඇනට් වගේ ගතිගුණ ඇති අය මට හමුවෙලා තියෙනවා.
@ දුමී: නොගැලපීමක් කියලා කිව්වෙ මුලදි මත්පැන් නොබීපු ගෝපාල් පසුව බීගෙන හඬන එකද? මට කියන්න අවශ්‍ය වුණා ඔහුත් අර යාළුවන්ගෙ තලයටම වැටුණු බව.
ReplyDeleteරාජිනීගේ කතාව ඇත්ත නේද.....අපිත් එක්ක හිනාවෙන්න ඕන තරම් අය හිටියට බැරි උනාම අපිව දාල යන අය නේද ගොඩක් ඉන්නේ....මාත් එක දිගට කතාව කියවන ගියා.ලස්සනට ලිය තියනවා අක්කා ....
ReplyDeleteඅපූරුයි, එක හුස්මට කියෙව්වා. මටත් තියෙන ප්‍රශ්නේ මේ බ්ලොග් එක කළින් නොදැක්කේ කොහොමද කියලා. සින්ඩි වල නැතුවාවත්ද?
ReplyDeleteවෙනස් කරන්න එපා ඔබේ ලිවීමේ ආර. ඒ ඔබේ අනන්‍යතාවය. කැමති අය කියවයි.(එහෙම අය වැඩියි වගේ!)දිගු ගමනකට සුභපැතුම්!
හොඳ දේ කියවන්න තියෙන ආසාවට කොච්චර දිග උනත් එක හුස්මට කියවනව....ජයෙන් ජය....
ReplyDelete@ සිතුවිලි නිහඬයි: දුකේදි සැපේදි එක වගේම ළඟින් ඉන්න සැබෑ යාළුවො අඩුයි. බොහොම ස්තුතියි නංගි.
ReplyDelete@ malithi: නැහැ, සින්ඩිවල දාලා නැහැ. මොකද, මෙහි ඇති ලිපි බහුතරයක් මගේ යාළුවොත් එක්ක කරන මුරගල (http://muragala-lanka.blogspot.com) බ්ලොග් එකෙත් දාන නිසා.
බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට.
@ Heeniyata: බොහොම ස්තුතියි සහෝ.
ෆිනිෂ් එක සුපිරි. මං හරි කැමතියි එකට. තීන්දුවක් දෙනවට වඩා ලෝක ස්වභාවය තුල අප හැසිරිය යුත්තේ මෙහෙමයි වගේ අදහසක් දෙන්නේ.
ReplyDeleteමම මාරයාගෙ හෝරාවෙ කියන තුරුම මේක දැකල තිබ්බෙ නෑ.., ඔයා මුරගල බ්ලොග් එකේ ලියන බව දැනගෙන හිටියට...
ReplyDeleteමේක කලින් මුරගලෙන් කියෙව්වා... එල
ReplyDeleteනියමයිනේ
ReplyDeleteනියමයි අක්කා.. :)
ReplyDelete:PPPPPP
ReplyDeleteනියමයි. මටත් කියන්න තියෙන්නේ TG කියපු ටිකම තමයි... බ්ලොග් අවකාශේ තිබ්බ මහා අඩුවක් ඔයා හරි අපූරුවට පුරවල තියනවා....කාන්තාරෙට වැස්සක් වැස්ස වගේ...:D
ReplyDeleteමෙච්චර කල් මග හැරිලා තිබුණු මේ බ්ලොග් එක මුණ ගැහුනේ වැප්, අබීත සහ මාරයා යන සහෝදරයින්ගේ හඳුන්වා දීම් නිසායි. ඒ අයට ස්තුතියි.
ReplyDeleteඅක්කා බ්ලොග් එක සින්ඩිකේටර්ස් වලට ඇඩ් කරලා නැද්ද?
ඇඩ් කරලා නැත්තං,
http://syndi.lankeeya.lk/blogform.php
http://blogs.sinhalabloggers.com/ මේ ලිංක් වලට යන්න.
මන් මුලින් කියවන්න ගත්තේ මේක මේ සත්‍ය සිදුවීමක් වාර්තා කිරීමක්දෝ කියලා හිතාගෙන. පස්සෙදි තමා තේරුනේ මේක් ප්‍රබන්ධයක් කියලා... උපරිමයි.
ReplyDeleteඑක හුස්මට කියවගෙන කියවගෙන ගියා.... හරිම ලස්සනයි... :)
ReplyDeleteඑක හුස්මට කියවගෙන ගියා. සුපිරියි!
ReplyDeleteදොස්තර නොනා කෙනෙක් ලියලා කියලා හිතෙන්නෙවත් නෑ....!
රංජිත් විභාගේ පාස් වෙලා ඇති රාජිනී ට වඩා හොඳට
ReplyDelete@ Sujeewa: :D අරයා හරිද මෙයා හරිද කියලා අපි දන්නෙ නෑනෙ.
ReplyDelete@ චේජනා: මුරගලේ ලිපිම තමයි මෙතන තියෙන්නෙ සොයුරිය. තව නිකං කතා කීපයකුත් ඒ අතර ඇති. බොහොම ස්තුතියි ආවට.
@ කිඩෝ: ඔව්, එතන දැම්මා කලින්. බොහොම ස්තුතියි.
@ දිලීප: බොහොම ස්තුතියි.
@ හසී: බොහොම ස්තුතියි සොයුරිය
@ Bunny :D :D ;-))
@ Soda ගුනේ: කෙටි කතා ලියන බ්ලොග්ස් ටිකක් අඩුයි තමයි. බොහොම ස්තුතියි ඔබේ සුහද වචනවලට.
@ RanDil: සින්ඩිකේටර්ස්වලට දාන්න හිතුවෙ නෑ, මුරගල දාලා තියෙන නිසාත්, මේකෙ තියෙන බහුතරයක් ලිපි ඒකෙ දාන නිසාත්. බොහොම ස්තුතියි ලින්ක්ස්වලටත් සුහද සටහනටත්.
@ අනුරාධ: :D බොහොම ස්තුතියි.
@ කොට ජීවිතේ: බොහොම ස්තුතියි සොයුරිය.
@ බුද්ධි: දොස්තර කෙනෙක් නෙවෙයි ලියලා තියෙන්නෙ. ;-)) බොහොම ස්තුතියි.
@ ම: ඕඕඕඕ, ඕවා කියන්න බැහැ. ;-)
ආ.....රන්දිල් අක්කේ........කාලෙකින් නේද....අරක කියන්නද?
ReplyDeleteඅක්කණ්ඩි, එහෙනං වෙද හාමිනේ කියන්නං
ReplyDeleteඑපා.
ReplyDeleteනලිනි;
ReplyDeleteමගේ "අනික් පළුව"ත් මෙහි ඇති කතා කියවා බෙහෙවින් ප්‍රීති වුවාය.
"නියම කෙටි කතා ස්ටයිල් එකට තියෙන්නේ"
"කියවලා ඉවරඋනාම උපේක්ෂා සහගත හැඟීමක් එන්න ඕනේ, මෙයා නියමෙට එක කරනවා"
"ශා ලස්සන ෆිනිෂ් එක"
ඒ ඔබ ලැබූ කොමෙන්ට් කිහිපයක්.
තව ලියන්න දිරි ගන්වන්නයි මෙහෙම ලිව්වේ.
@බුද්ධි,
ReplyDeleteමොකද්ද? :D අරක නේද? කියමු කියමු. දැන්ම කිව්වොත් මේ අක්කා බයවෙයි. මේ මොකද්ද බොලේ මේ වෙලා තියෙන්නේ කියලා.......... :D
@ Sujeewa, "අනික් පළුව"ටත් බොහොම ස්තුතියි කිව්වා කියන්න. ඇත්තෙන්ම එය හිතට ලොකු දිරියක්.
ReplyDelete@ RanDil, බුද්ධි, හොලේන් කීන්න එහෙනම්... බය වෙන එකක් වගේනම් මම නොකියවා ඉන්නම්. :D
ReplyDeleteඅක්කා දන්නවා නං දැන් බ්ලොග් අවකාශේ බොහොම හිතමිතුරු කට්ටියකට අක්කා කරලා තියෙන දේ............ :D කියලා වැඩක් නැහැ. හරි ආසයි ඔයාටත් කියන්න. මෙතැන කියලා බැහැ හැබැයි..... එකක් කියන්න ඕනේ කිසිම අසභ්‍ය දෙයක් නැහැ..... බොහොම අවිහිංසක සතුටක් විතරයි
ReplyDeleteමට මේ අර්ථවත් බ්ලොගය බලන්න කිව්වෙ "හීනියට"
ReplyDeleteඇත්තටම සුන්දර ලිපි පෙලක්.. ඔබට තුති සොයුරිය සහ ඔබේ අත්දැකීම් බෙදා හදා ගැනීමට තව තවත් වේලාව සහ ශක්තිය ලැබේවා.
@ Weni: බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තටත් සුභ පැතුමටත්. ඒ වගේම "හීනියට"ත් බොහොම ස්තුතියි.
ReplyDeleteලිපිය දාපු දවසෙම කියෙව්වත් ලිපිය කියවලා අඬන්නද හිනාවෙන්නද ජාතියේ තත්වෙකට නලිනි අපිව ඇදලා දාපු නිසා එක පාර හිතා ගන්න බැරි උනා මොකක් කියන්නද කියලා.
ReplyDeleteනිර්මාණය උපරිමයි. වචන දෙකක් නෑ.
චරිත ගොඩ නැගුමත් අපූරුයි . . හරිම ජීවී ගතියක් තියෙනවා. ප්‍රභන්දයක් කියලා ඔයා කිව්වත් ඒක විස්වාස කරන්න බැරි තරම් ඒ චරිත සජීවියි.
මිනිස් හිත් ජාති ආගම් කුල හෙවත් ගෝත්‍රික රාමුවෙදි වැඩකරන හැටිත් . . අවසානයේ කෙලවුනාම අපි ඔක්කෝම එකම බෝට්ටුවේ කියල හිතෙන එකත් වෙන්න ඇති කියලා හිතෙනවා මේ කතාවෙන් කියන්න හැදුවේ. (මට දැනුනේ එහ්මයි - සමහර විට එහෙම නෙමෙයි වෙන්නත් ඇති )
ඔයාම කිව්ව වගේ බ්ලොග් එකකට කෙටි ලිපි තමයි ඕන කියන රාමුවේ ඉන්නේ නැතුව හිතට හරියන විදිහට ලියනවා කියන තැන ඉන්න එක හොඳයි නලිනි.
ReplyDeleteකරුණාසේන ජයලත් මහතාත් නිතර කියා තිබෙනවා "යමක් කෙටියෙන් කියන්න බැරි කම ඔහුගේ ලොකුම දුර්වලකමක්" කියල.
ඇත්ත කිව්වොත් ඔහුගේ ඒ දුර්වල කම නිසාම වෙන්න ඇති මහා පාඨක පිරිසක් ඔහුවටා බැඳුනේ . .
අදටත් ජීවමාන චරිත අපේ හිත් වල රැඳිලා තියෙන්නේ. (කුසුම්, සෝමා, පද්මිණී, නිමල් හතුරුසිංහ, සුගත්, දම්මි, සරලා, මුදිතලතා, පූජිත මේ කීපයක් විතරයි )
ලස්සන කතාව. අදයි මෙහෙ ආවෙ.
ReplyDeleteමැණික්
විග්‍රයක් කරන්න නම් මට තේරෙන්නෙ නැහැ .......
ReplyDeleteකතාව ලස්සනයි .........
එක දිගට කියෙව්වා .......
@ දුකා: බෙදෙන්නට අවශ්‍ය කරුණු හොය හොය බෙදිලා ඉන්න අපි, එකම බෝට්ටුවෙ කියලා තේරෙන්නෙ එක්කො කෙළවුණාම; නැත්නම් හරි ගිහාම. ඒකනෙ මධ්‍යම පන්තිකයො එකතුවෙලා මරා ගද්දි, ඉහළ පන්තිය මුදල්/බලය නිසා එකතු වෙන්නෙත්, පහළ පන්තිය අගහිඟකම් නිසා එකතු වෙන්නෙත්.
ReplyDeleteබොහොම ස්තුතියි දිරිමත් කරවීමට. මේ කතාවත් කෙටි කරන්නට ගිහින් ටිකක් අච්චාරු වුණා. ඔන්නොහෙ ලියවෙන හැටියකට ලියන්නට ඕන.
@ මැණික්, බොහොම ස්තුතියි සොයුරිය පැමිණියාටත් දිරි ගන්වා සටහනක් තැබුවාටත්.
@ කල්හාර: වැඩිය විග්රහ කරන්න හොඳ නෑ. :D හිත සතුටු වුණානම් එච්චරයි. බොහොම ස්තුතියි.
[[ඔන්නොහෙ ලියවෙන හැටියකට ලියන්නට ඕන.]]
ReplyDeleteඅනේ ඔව්. එන විදිහට ලියන්න. දිගට ලියන තව බ්ලොග් එකක් මාත් හදන්නයි ඉන්නේ. එතකොට ට්‍රෙන්ඩ් එකක් කියලත් කියන්න පුළුවන්.
මට නම් හොඳින් ලියු කෙටි කතාවක් කියවන්න යන කාලය බ්ලොග් පිටු 3-4 ක් කියවන කාලයට වඩා වැදගත්.
@ සුජීව: අන්න හොඳයි; අපි මේක ට්‍රෙන්ඩ් එකක් කරගමු. :D බ්ලොග් එක පටන් ගන්නකම් බලාගෙන ඉන්නවා.
ReplyDeleteලොකු මැඩම්...කෝ ඊ ළග...
ReplyDeleteඅර කිව්වත් වගේ දිග බ්ලොග් සටහන් වලට මාත් ඔන්න අත් දෙකම උස්සලා මනාපය පල කලා...මංනං ඉතිං බොහොම කෙටි සටහන් නෙව ලියන්නේ...මාත් බලන්න ඕන දිග ඒවා ලියන්න...
@ මාරයාගේ හෝරාව: මාරයගෙ 'කෙටිම කෙටි' බ්ලොග් සටහන්නම් නිතරම ලියවෙනවනෙ. :D දිග සටහන් ලියන්න අමාරු ඇති.
ReplyDeleteඊලඟ එක ලිව්වා. ආයෙම ටිකක් කියවලා බලන්න ඕන, මාගලේ.
හැම මිනිහෙකුටම/ගැහැනියකටම තුන් පැත්තක් තියෙනවලු.. එක ඒ මිනිහට/ගැහැණියට තමුන්ව පෙනෙන හැටි.. දෙක වටේ ඉන්න යට ඒ මිනිහව/ගැහැනියව පෙනෙන හැටි.. තුන කාටත් නොපෙනෙන ඒ මිනිහගේ/ගැහැනියගේ ඇත්ත ස්වභාවය ..
ReplyDeleteඔයාගේ මේ කතාව එක සනාතකරනවා කියල මට හිතෙනවා. අපේ ජීවිත දිහා ආපහු හැරිලා බැලුවම පෙනෙනවා නේද හුඟක් අය ගැන අපි හිතු විදිහ වැරදීම නිසා අපේ ජීවිත වලට උන අලාබ හානි ? මට නම් එහෙම පෙනෙනවා දැන්.. එත් තාමත් මම නම් ඔය තුන්වෙනි පැත්ත හොයාගන්න දන්නේ නැහැ..
තුන්වෙනි විදිහනම් හොයාගන්න හුඟක් අමාරුයි නේන්නම්. සමහරවිට මොහොතින් මොහොත, දවසින් දවස මිනිස්සුන්ගෙ ගතිස්වභාවයන් වෙනස් වෙන හින්දත් වෙන්නැති. අද 'ඇත්ත' නෙවෙයි හෙට ඇත්ත. :D
ReplyDeleteහුඟක් අය ගැන හිතූ විදිහ වැරදීම නිසා අපේ ජීවිතවලට උන අලාභ හානි.... ඇත්තමයි. එහෙම දේවල්නම් හුඟක් තියෙනවා.
ඇත්තටම මේ දොස්තර කෙනෙක් ගියපු දෙයක් කියලා හිතන්නවත් බෑ.. හරිම අපූරුයි...මේ වෙනකන් දිග ලිපි විදිහට කියෙව්වෙ මාරේ අයියගේ ලිපි විතරයි..දැන් මේකත් කියවනවා..කතාව අපුරු ශෛලියකට ගලාගෙන යනවා..කතාවේ පටන් ගැන්මට මම විශේෂයෙන් කැමතියි...
ReplyDeleteහරිම ලස්සනයි. මම සිත් ආර වෙත පැමිණි පළමු දවස අදයි. කියවපු පලවෙනි කතාව මෙයයි.
ReplyDelete@ අකීකරු සිත: බොහොම ස්තුතියි සොයුරිය. කතාවෙ මුල ටිකක් දවස් හිතේ ලියැවුණු නිසා පටන් ගැන්ම මැදට වඩා හොඳ ඇති.
ReplyDelete@ විසිතුරු: බොහොම ස්තුතියි පැමිණ, කියවා, සටහනකින් දිරිමත් කළාට.