පිදුම: කුණාටුවට හසුව බිම වැටුණු තුරුණු පතට
නපුරු වෙසින් කළු කරගෙන
ගොරවා ලොව බය කරගෙන
අහස ඉරා කඩා හැලෙන
මහ වැස්සට
වියළුණු පත් බිම වැටුණට
දිරූ කඳන් බිම වැටුණට
නොසැලෙයි කිසිවෙක් කිසිවිට
විය යුත්තක් සේ
තුරුණු සුනිල පතක් වුණොත්
මහ රූස්ස ගසක් වුණොත්
දැරිය නොහැක දසුන වුවත්
හද රිදවයි
දුටුවත් සිත පිළි නොගන්න
එරෙහිව යන්නට වෙහෙසෙන
බැරි වුණු කල හද පෑරෙන
සොබා දහම
තුරුණු පතට නිකම්ම පරාජය බාර ගත්තද??
ReplyDeleteඑහෙනම් වැරදියි . .
තුරුණු පතට තිබුනා සොබා දහමට විරුද්දව සටන් කරන්න
අකාලයේ බිම වැටුණු තුරුණු පත, දිළුම්.
ReplyDeleteහැමදාමත් වැහි කාලෙට
ReplyDeleteතුරු අතු මල් පල දරන්න
වහින පුරුදු වැස්ස නොවේ
මේ වහින්නෙ
මිනිසා නම කූඹි ගුලෙන්
හැමදාමත් විස ඊ තල
වැදී ඇනී හිත පෑරුණ
කඳුළු සාප
සූරාගෙන මහා කඳුවැටි
හාරාගෙන නිම්න දනවු
මර සෙනගක් වගේ එන්නෙ
අප පස්සෙන්
දෙසැම්බර් ජනවාරි කාලයේ පවතී අසාමාන්‍ය තත්වයේදී මට හිතුනා මේ අවුරුද්දේ ස්වාභාවික විපත් වැඩි වෙයි කියලා.
ReplyDeleteමාර්තු වෙද්දී රටම වතුරෙන් යට වෙලා.
දැනටමත් මැයි මාසේ වැස්ස ලැබුනේ නැහැ. ළඟදීම පොලියත් එක්ක ලැබෙයි. අපේ පුංචි පුංචි නොහොබිනාකම් සොබා දහමේ නෝට් බුක් එකේ ලියාගන්න බව අපි දන්නේ නැහැ.
මහ කුණාටු
ReplyDeleteඅකලට හෙලු
ලපටි තුරුණු පත්
දෙකක පියෙක්මි
හදවත කොනක
මියෙන දා තෙක්
තැන්පත්ව ඇත
ඒ තුරුණු පත්....
@ සුජීව:
ReplyDeleteඅර කතාවක් තියෙන්නෙ, මිනිස්සු නපුරු කාලෙට සොබාදහමත් නපුරු වෙනවා කියලා. අපි කොච්චර පරිසරයට එකතු කරනවද විස සිතුවිලි? ආපහු කැරකිලා අපිටම එනවා ඇති. අහිංසකයනුත් ඊට ගොදුරු වෙනවා ඇති.
අපූරු පද රචනාවන් දෙකක්ම. බොහොම ස්තුතියි.
@ සරත් ලංකාප්‍රිය
ReplyDeleteකෙලෙස අමතක කරන්නද,
එවන් ළපටි පත්
දරු පෙම ලෙය මස් පසාකොට
ඇටමිදුළු දක්වා දිවෙද්දී?
බැඳීම් බිඳ
ReplyDeleteනිදහස් වෙනුයි
බුද්ධිය
හඬ නගයි
හදවත දෑත් බදා
ලපටි සොහොන් ගැබ්
සුරකියි දල ලොබින්
බුද්ධියද සැඟවෙයි..
@ සරත් ලංකාප්‍රිය:
ReplyDelete"බුද්ධිය,
යටත් වෙන් හදවතට"
ජීවිතය මොර දෙයි.