Friday, June 14, 2013

හිරු ලප

හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල වෙනවා; ගහකොළ කලබල වෙනවා. ඊට පසුව, දවස පුරා එකම ලතාවට ගමන් කරන්නට ඕන. දහවල් වෙනකොට පොළොව ගිනියම් වෙලා, රස්නෙ උහුලන්නට බැහැ. ඒත් වේගයෙන් යන්නට හැටියක් නැහැ; හැම කෙනෙක්ම වෙලාව ගණන් හදන්නෙ ඉර දිහා බලලා. හවසට ඉර බැහැලා ගියාට පසු හැම කෙනෙක්ම විවේක ගන්නවා. නමුත් ඉරට විවේකයක් නැහැ. ලෝකෙ අනික් පැත්තෙන් දුවලා ගිහින්, නැගෙනහිරට වෙලා රැකලා ඉන්නට ඕන, ආපහු උදා වෙන්නට වෙලාව එනතුරු.
ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ විතරක්ද? හරිම ඒකාකාරියි.

ඔන්න ඉරට කම්මැළි හිතුණා. ඉතින් ඉර තීරණය කළා නැගෙන්නෙ නැතුව ඉන්නට.

නැගෙනහිර හන්දියට කිට්ටුවෙන්ම, අන්ධකාර සාළුව පොරවාගෙන, ඉර හැංගුණා.

අලුයමින් අවදි වන කුරුල්ලො පුරුදු වෙලාවට කිචි බිචි ගාන්නට වුණා.
ගහකොළවල පිණි බින්දු මතුපිටට ආවා.
මිනිස්සුන්ට, අනික් සත්තුන්ට පුරුදු වෙලාවට ඇහැරුණා.

ඉර නැහැ.

කිචි බිචි ගෑව කුරුල්ලො කච බච ගාන්නට වුණා; කොචෑස් බචෑස් ගාන්නට වුණා.
පිණිබින්දු, ලොකු වතුර බින්දු වෙලා බිමට වැටුණා.
මිනිස්සු, සත්තු කලබල වෙලා කලුවරේම නැගිට්ටා.

ඉර නැහැ!

කලබල වුණු වෙලාවට හැසිරෙන හැටියෙන් එක එක්කෙනාගෙ ආකල්ප, පරණ අත්දැකීම්, පරිණතභාවය එහෙම බලා ගන්නට පුළුවනි.

සමහරු පරණ කතා කියන්නට පටන් ගත්තා: බොහෝම ඉස්සර කාලෙ, එක සැරයක් ඉර ඔහොම නොනැග තිබුණා නෙව! ඒ දවස්වල අපි තරුණයි...
තවත් සමහරු පහන් දල්වාගෙන, එහෙමත් නැත්නම් ඉව අල්ලාගෙන, පුරුදු වැඩ කටයුතු එහෙමම කරගෙන ගියා: ඉර නැගුණෙ නෑ කියලා, මේ වැඩ නවත්තලා බෑ නෙව.
තව තවත් සමහරු ඉහේ ඉඳන් පොරවාගෙන ගුලි වුණා: සීතලයි; අපිට බෑ; නැගිටලා මුකුත් කරන්නට විදිහක් නෑ; ඉරට හොඳනම්, අපිට මොකද?
තවත් සමහරු උද්ඝෝෂණය කළා: වහා ඉර උදා කරව්!

ඉර හැංගිලා බලාගෙන හිටියා.

ඔය අතරෙ ලෝකෙ අනික් පැත්තෙ වෙනමම ප්‍රශ්නයක්.

හඳත් තරුත් අහසින් බැහැලා ගිහින්, තමන්ගෙ පාඩුවෙ, පොළොව යටින් නැගෙනහිරට එනවා, රෑට උදා වෙන්නට තියෙන හින්දා.
ඉස්සරහින් ගිය තරු දැක්කා, නැගෙනහිර හන්දියෙ හැංගිලා ඉන්න තඩි, කළු රාස්සයා. දැකලා, බය වුණා. බය වෙලා, පස්සට පැන්නා.
ඊලඟට ආව තරුවලට ඉස්සරහට යන්නට හැටියක් නැහැ. ඉතින් ඔහොම ඔහොම, නැගෙනහිර හන්දියේ තරු පොදි ගැහෙන්නට වුණා. එතන ලොකු තදබදයක්. පිටිපස්සෙන් ඉන්න තරු ඉස්සි ඉස්සි, රාස්සයා බලා ගන්නට උත්සාහ කරනවා. ඉස්සරහින් ඉන්න තරු, තමන්ව තල්ලු වෙලා රාස්සයා ළඟට යැවෙයි කියලා පිටිපස්සට තෙරපෙනවා.

මේ හඳ විවේක ගන්න වෙලාව. හැමදාම යන පාර නිසා, ඇසුත් පියාගෙන ඔහේ පාවෙවී එමින් හිටිය හඳ එක පාරටම කටු ඇනිලා අවදි වුණා.
කටු, තරුවල වටේ තියෙන කටු.


"මොකද මේ? ඇයි නැවතිලා?" හඳ ඇහුවා.
"රාස්සයෙක්." තරු උත්තර දුන්නා.
හඳත් තරුවල කරට උඩින් ඉස්සිලා බැලුවා. ඇත්ත තමයි. තඩි කළු රාස්සයෙක්, ලෝකෙ දිහා හොරෙන් බලා ඉන්නවා.

"මොකද කරන්නෙ?" තරු හඳෙන් ඇහුවා. හඳ කල්පනා කළා.
"අපි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නෙ විසඳ ගනිමු." හඳ කිව්වා.
තරු වළල්ල මැද ඉඳන්, හඳ රාස්සයාට කතා කළා.
"මේ... ඔතන කවුද?"



ඔන්න, එතකොට තමයි ඉර ආපහු හැරිලා බැලුවෙ. එතකොට තමයි ඉර දැක්කෙ, තමන් මග අහුරාගෙන ඉන්න හින්දා, තරුත් හඳත් හිර වෙලා බව.

"මම, ඉර." කියලා උත්තර දෙන්නට ඉර හිතුවා විතරයි; ඉරට දඟකාර හිතක් පහළ වුණා.

"මම, රාස්සයෙක්!" ඉර අන්ධකාර සළුව අස්සෙ හැංගිලා උත්තර දුන්නා.

තරු බය වෙලා තව තවත් හඳට කිට්ටු වුණා. තෙරපෙන තරුවල කටු හැම පැත්තෙන්ම ඇනිලා, හඳට හුඟක් තුවාලයි.
බය වෙලා ඉන්න තරු දැක්කහම, ඔවුන්ව තවත් බය කරන්නට ඉරට ආස හිතුණා. ඒ හින්දා ඉර බොහොම භයානක විදිහට හිනා වුණා.

"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"

තරු තව තවත් හඳට තුරුල් වුණා.
"අපි මොකද කරන්නෙ?" ඔවුන් ඇහුවා.

හඳ කල්පනා කළා. බොහොම කල්පනා කළා.
හඳත් බය වෙලා බව ඉරට තේරුණා. ඉරට තව තවත් දඟ කරන්නට හිතුණා. ඒ හින්දා ඉර ඔවුන් ඉස්සරහට පැනලා ආයෙමත් භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"

හඳත් බය වෙලා පස්සට පැන්නා. ඉස්සරහින්ම හිටිය තරුත් පස්සට පැන්නා. පිටිපසින් හිටිය තරුවල කටුත්, ඉස්සරහින් පැන්න තරුවල කටුත් ඇනිලා හඳට තවත් තුවාල වුණා. හඳේ වැදිලා, තරුවල කටු අග කැඩිලා තුවාල වුණා.
තුවාල වුණු හින්දා හඳටත් තරුවලටත් තරහ ආවා. තරහ ආව හින්දා බය අමතක වුණා.

"අපි රාස්සයව පන්නමු." පුංචි තරුවක් යෝජනා කළා.
"පන්නමු! පන්නමු!! පන්නමු!!!" හැම තරුවක්ම තරහෙන් කෑ ගහන්නට පටන් ගත්තා. හඳ පවා රවා බැලුවා.

ඉර, තමන්ගෙ දඟකාර සෙල්ලම නතර කළ යුතුව තිබුණා....
මං එහෙම කියන්නෙ, එයින් පස්සෙ සිදු වුණු දේ බොහොම භයානක හින්දයි.

බොහොම නිසංසල කෙනෙක් වෙන හඳට තරහ ආ විට, බොහොම දරුණුයි. කල්පනා කරන්නටවත් නොනැවතී, හඳ, තමන්ගෙ අතට අහු වෙන අහුවෙන දෙයින් ඉරට දමා ගහන්නට වුණා.
අතට අහු වෙන්නට හිටියෙ තරු.
ලෙහෙසියෙන්ම අතට අහු වෙන්නට හිටියෙ, පුංචි තරු.

විශාල ඉරෙහි වැදුණු තරු බොහොමයක් එතැනම අවසන් ගමන් ගියා. තවත් තරු බොහොමයක කටු කැඩී බිඳී ගියා. තරුවලට තුවාල කරන හින්දා, සමහර තරු හඳත් එක්ක තරහ වුණා.

තරු වැදිලා ඉරටත් තුවාල වුණා. ඉර පොරවාගෙන හිටිය අන්ධකාර සළුව, තරු හින්දා සිදුරු වුණා. සිදුරු වුණු සළුව අතරින්, හැංගිලා හිටිය රාස්සයා ඉර බව පෙනෙන්නට පටන් ගත්තා. එතකොට තරුවල බයත් නැතිව ගියා. බය නැති තරු ඉදිරියට පැන, ඉරට පහර දෙන්නට වුණා.
ඉරුණු අන්ධකාර සළුවත් එහෙන් මෙහෙන් එල්ලෙද්දි, ඉර ඉස්සරහට පැනලා දුවන්නට වුණා.

"අන්න ඉර පායනවා." මිනිස්සු සතුටින් කිව්වා. "බොහොම ප්‍රමාද වෙලා ඉර පායනවා."
සත්තු ඈනුම් ඇරලා නැගිට්ටා.
ගහකොළ අවදි වුණා. මල් පිපුණා.

මිනිස්සු, සත්තු, ගහකොළ ඉරට කැමති බව පෙනුණ හින්දා, හඳත් තරුත් ටිකක් අදිමදි වුණා ඉර පසුපස දිගට පන්නන්නට. පසුපසින් පන්නන්නට කෙනෙක් නැති බව දැක්ක ඉර, බොහොම අහංකාරෙට හෙමින් ගමන් කරන්නට වුණා.

ඒ වුණාට, ඉරුණු අන්ධකාර සළුවෙ කෑලි තවමත් ඉරේ එල්ලෙනවා. ඒවට තමයි මිනිස්සු හිරු ලප කියන්නෙ.

හිරු බැස ගියාට පසු, නැත්නම් බැස යන්නට කිට්ටු වූ පසු තවමත් හඳත් තරුත් පායනවා. හඳේ තුවාල සුව වෙලා වුණත්, කැළැල් තවම පේනවා. ඉස්සර තිබුණ පුංචි තරු සෑහෙන ගණනක් අඩු වෙලා. ඒත් ඒ බව එතරම් පෙනෙන්නෙ නැහැ.

48 comments:

  1. අඩේ...ලස්සන කවියක්....ඉරද හඳද කතාව කිව්වෙ....

    ReplyDelete
  2. ආයෙමත් ලියන්න ගත්ත එක හොදයි.

    ReplyDelete
    Replies
    1. ඕඕ, අවුරුද්දකින් විතර. :D

      Delete
  3. අලේ! මට මඤ්ඤං වගේ.....

    ReplyDelete
  4. අවසන් ගමන් ගිය තරු ගැන, කටු කැඩුණු තරු ගැන කාටවත් වගක් නැති හැටි...

    ReplyDelete
    Replies
    1. ඒවා පොඩියිනෙ. අනික හුඟක් තියනවනෙ. ඉතින් කාටවත් ඒවගෙ වටිනාකමක් නෑ.

      Delete
  5. මේ සටහනේ අස්සේ තියෙන කතාව මට හරියටම තේරුනාද මන්දා?
    ඒත් ඔය මොන දේ තිබ්බත් හැමදාම ඉර පායනවා. කලාතුරකින් විතරයිනේ දරාගන්න බැරිවම හැන්ගෙන්නේ.
    අර උඩින් ම කියපු ඉර එලියේ රශ්නේ වැදිලා මේ දවස් වල මාත් හැබෑවටම හේබෑවිලා ඉන්නේ. පසුගිය සති දෙක වෙනකම්ම දිගම දිග වින්ටර් එකක් තිබිලා දැන් එක පාරටම තරහටත් එක්කමද කොහෙද ඉර ඇවිල්ලා අපිට වද දෙන තරමටම. ඒ සැර දරා ගන්න බැරිව හවස් වෙනකොට මට නිදිමතයි මහන්සියයි වගේ ලෙඩ එනවා. ඒ වගේ වෙලාවට විනාඩි පහකට ඇල වුනාම නැගිටින්නෙ මේවගේ එකට දෙකට. :)
    ඒත් අපි නම් සැලෙයි ඒවට. අපි එතකොට බ්ලොග් කියවන්න කොමන්ට් කරන්න එනවා. වැඩ නම් මොනාද නේද මේයා ඒවා පස්සේ කරන්න පුළුවන්නේ.... :(

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා. වැඩ වැඩ කියල පුළුවන්ද, තව කොච්චර දේ තියේද ජිවිතේට

      Delete
  6. බොහොම බරපතල තේරුමක් තියෙන කතවක් උනත් පුංචි උන්ට අපූරුවට රසවිඳින්න පුලුවන් විදිහට ලියල තියෙනව. ඔන්න නලිනී ආයිත් වැඩට බැහැලා..අපිට සතු‍ටුයි..
    ඉර හැංගිලා ඉන්න දවස් කියල මට හිතුනෙ අපේ තාත්තා ඈත පලාතකට මාරුවක් ලැබිලා ගියාට පස්සෙ අපි අම්මත් එක්කේ තනියම හිටි කාලෙ. අපි තරු කැට නම් අපි සිය දහස් වාරයක් අම්මාට රිදවන්න ඇති.. මාසෙකට පස්සෙ තාත්තා එන දවසෙ අපි පේලියට ඉස්සරහ අඹ ගහ යට බංකුවේ ඉඳගෙන නවත්තන බස් දිහා බලං හිටි හැටි මතක් උනා. අය්යෝ ඒකෙත් නෑ.. කියල බලාපොරොත්තු සුන් කරගෙන අපි ආයිත් වාඩිවෙනවා බලං ඉන්න ඊලඟ බස් එක එනකල්..ආං තාත්තා බැස්ස.. නංගී කෑගහනවා දුවන ගමන්.. ඔන්න අපිට ඉර පායනවා. හැබැයි ඉර බොහොම සැරයි.. හැම වලියක්ම අපි දාගත්තෙ හඳත් එක්කයි..හඳ ඉර එක්ක පුංචි වලියක් දාගත්තම අපි ඔක්කොම හිටියෙ හඳත් එක්කයි.ඉර පවු..මං තාත්ත කෙනෙක් හින්ද අද මට එහෙම හිතෙනව. මගෙ දරුපැටවු අපි ගැන එහම හිතනවා ඇති.. අද ඉරත් හඳත් දෙකම නෑ. හිත ඇතුලේ ලොකු අඳුරක් තාමත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මට මතක් උනේ ඔයිට වෙනස් කතාවක්. හොඳ නිර්මානය තමුන්ට කැමති විදියට විඳින්න පුළුවන්

      Delete
    2. රාජ් කියන්නා වගේ, අහන දකින දෙයින් අපි එකිනෙකා ගන්නෙ අපටම අනන්‍ය වූ තේරුම්.

      සරත් අය්යා කියනවා වගේ කාලයක් අපේ ගෙදරත් තිබුණා. අප්පච්චි අවුරුදු කීපයක් ඈත පැතිවල වැඩ කළා. හැබැයි, ගෙදරින් පිට ඉන්නට තිබුණු අකමැත්ත කොයි තරම්ද කියනවනම්, බස්වල තෙරපීගෙන, බඩගින්නෙ, මහන්සියෙන්, නිදාගන්න/ විවේක ගන්න තියෙන වෙලාව නැති කරගෙන, අපේ අප්පච්චි පුළුවන් හැම දවසකම ගෙදර ආවා. ඊට අවුරුදු ගානකට පස්සෙ, මගේ සහෝදරයත් අප්පච්චි විදිහටම, දුව වෙනුවෙන් හැමදාම පැය හතක් මහමගට ගත කළා.

      මංනං ඉතින් අම්මගෙ දුව...

      Delete
  7. හරිම ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  8. මට මතක් උනේම අපේ එකා මොන්ටිසෝරියෙදි රගපාපු නාට්ටියක්.. ලස්සන සුරංගනා කතාවක් වගේම හැඩයි. අපරාදේ අදත් ප්‍රතිචාර බ්ලොක් කරන්න නේ තිබුනේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ළමා හිත් තියෙන අයනෙ මේවා කියවන්න එන්නෙ, පවුනෙ බ්ලොක් කරන්න. හික්

      Delete
  9. ඔය කියාපු නැගෙනහිර හන්දිය තියෙන්නේ නිව්යෝක් හන්දිය කිට්ටුවද නැත්තං ලන්ඩොං හන්දිය කිස්ටුවද..?

    වැඩට යන්න කම්මැලි හිතුනම ඔහොම තමා.. :P

    ReplyDelete
    Replies
    1. ආ, දැන් නිව්යෝක් ලන්ඩන් ලෙවල් එකෙන් වගේ කතාබහ. :P

      මොකට හැමදාම එළි වෙනවද මන්ද අප්ප. :(

      Delete
  10. ආ එතකොට ඉරේ ළපයි හඳේ ළපයි ඇතිඋනේ තරුවල උල් ඇනිල නේද.
    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඉරේ කළු ලප හැදුණෙ අන්ධකාර සළුවෙන්. ඒකනෙ ඒ තැන්වල රස්නෙ අඩු...

      Delete
  11. මම මේක දේශපාලනයට සම්බන්ධ කරන්න හැදුවා. තව තව දේවල් උත්සාහ කලා. ම්හ්ම්...

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ? ඈක්ක. මේ සුරංගනා කතාවක්.

      Delete
    2. එහෙනම් පින් සිද්දවේවා. :)

      Delete
  12. මම හරි කැමතියි මේ වගේ කතා වලට. බීටල් ලියපු සරුංගල් විද්‍යාඥයා කතාව මම ගිය අවුරුදු නිවාඩුවට අපේ නෑදෑයින්ට කිව්වා. පොඩි අයට විතරක් නෙමෙයි. වැඩිහිටියන්ටත්. මම ඒගොල්ලන්ට කියලා දුන්නා ලෝකේ එකම එක කුලුණක් විතරක් ඇලව පිහිටලා තියෙන්නේ කොහොමද කියලා.

    දැන් තව අලුත් කතාවක් තියෙනවා. හිරුලප, සදේ ලප කැලැල් ඇත්තටම කොහොම ද ඇති වුනේ කියලා ඊ ලග පාර මම කියලා දෙනවා.

    මේ කතාවෙන් තව බරපතල දෙයක් කියන්න ගියාද මම දන්නෑ. මට ඕන ටික තමා අර ටික.

    මේ මට එක දෙයක් පහදලා දෙන්න, ඒක මට හෙනට වටිනවා. හෙනට කාර්යබහුල වෙලා ඉද්දි හිත නිදහස් කරගෙන කොහොමද මේ වගේ පර්යේෂණ කරලා ලෝකෙට ඇත්ත පහදලා දෙන්න වෙලාවක් හොයාගන්නේ...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බුද්ධි අහන හින්දා කියන්නං. කාර්යබහුල වුණහම තමා වෙලාව තියෙන්නෙ..

      Delete
  13. මට මේක දෙකේ පංතියට ගිහින් ආයෙ කියවන්න ඇත්නම්:)

    ReplyDelete
  14. හොඳටම විස්වාසද හිරු ලප කියන්නෙ අන්ධකාර සළුවෙ කෑලි කියල? නැතුව තරු වැදිල තුවාල වුනු ඒව නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. තරු වැදුණු තුවාලත් ඇති නේද? හැබැයි කළු ලපනම් අන්ධකාර සළුවෙ කෑලි කියලයි මට හිතෙන්නෙ.

      Delete
  15. මගේ ප්‍රතිචාරය... කල්පනා කර මොලේ අඤ්ඤකොරොස් විය....

    අපේ ගෙදර උන්දැගේ ප්‍රතිචාරය... අනේ නලිනිට තිබ්බෙ ඩොක්ට කෙනෙක් වෙන්න නෙමෙයි සිබිල් නැන්ද වගේ කතා ලියන්න.... ෂෝක් සුරංගනා කතා ලියන්න පුළුවන් අනේ එයාට....

    නිගමනය... " ignorance is bliss "

    ReplyDelete
  16. කෝ අපේ පවුලේ කොමෙන්ටුව... ඉස්පෑං වෙලාද...?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, ඔන්න තියෙනවා. :D ගෙදර උන්දැට තැන්කූ. එයා මගෙ චිත්‍රෙ ගැන මුකුත් කිව්වෙ නැද්ද ඈ?
      සපා අර "මට අමතක හැටියට" ලියන්නෙ නැද්ද දැන්? (මමත් අවුරුද්දක් විතර නොලිව්ව එක වෙනම කතාවක්)

      Delete
  17. Replies
    1. :D ඉරත් පව්. ඉඳලා ඉඳලා දඟ කරන්නට හිතුණු දවස

      Delete
  18. ආනේ මන් මේක අපේ දෙන්නට කියල දෙන්න ඕන . ඔය අහන අප්සට් පරශ්න ටික මන් නලිනි නැන්ද ගෙන් අහන්න කියන්නම් ..

    ලස්සනයි ලස්සනයි ..මට මතක් වුනේ අර ඉර නවයක්ද කොහෙද පායලා දුනුවායා ඒවා බිම දාපු හැටිත් ඊට පස්සේ ඉර බය වෙලා සැඟවූනහම ආයේ ගෙන්න ගන්න තිබ්බ අමාරුවයි ගැන කියවෙන සුරංගනා කතාව ...

    නලිනිම එන්න ඕන සුරංගනා කතාවක්
    කියන්න ..
    සිත්තරේ ඔයාගේමද ..ලස්සනයිනේ

    ReplyDelete
    Replies
    1. ඕඕ, මමයි ඇන්දෙ. :D මම දන්නෙ නෑනෙ දුනුවායගෙ කතාව

      Delete
    2. මේ පුරහඳ ළමයින්ටයි එකේ කතාකලේ ඒ ගැන ..

      ඒක නෙමේ අපේ උන්ට මේක කියන්න ගියා . උන් අහපි ''ලෝකේ ගොලාකාරයිනේ ..හන්දියක් නැහැ'' '' ඉර රස්නේ නිසා අර රෙද්ද වේලාසනින් පිච්චුනේ නැද්ද '' '' හා හා අපේ දිහා නම් ඔක්කොමලා හොඳට නිදා ගන්න ඇති ඉර නැතුවම '' ඔන්න ඔහොමයි දැන් හැදෙන උන්..

      Delete
  19. මං හැමදාම කිව්වා ... ඔය නාසා එකේ උන් පට්ට පල් බේගල් කියන්නෙ කියලා... කවුරුත් විශ්වාස කලේ නෑ... දැන් බලන්ඩ ඔලු ගෙඩියට පොල් ගෙඩියෙන් ගැහුවා වගේ සරලව ඇත්ත ඇති සැටියෙන් කියලා තියන හැටි,

    ReplyDelete
  20. ඉස්සර පොඩිකාලේ බලපු සුරඟන කතා කරලිය ආයෙත් බලනවා වගේ හිතුණා... සඳ හිරු තරු මැද හැංගුණ තවත් වෙනත් කතාවකුත් තියෙනවද මන්දා

    ReplyDelete
    Replies
    1. වෙන කතා හිතාගෙන බලන්න ගියොත් තමා එහෙම ඒවා පේන්නෙ. සැහැල්ලුවෙන් බැලුවොත් සුරංගනා කතාවක්. :D

      Delete
  21. හිරු ලප, සඳේ ආවාට, නිමී ගිය තරු එළි මැද්දේ... කාලෙකට පසුව ලස්සන (සුරංගනා) කතාවක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යා. කාලෙකින්නෙ මමත් මුකුත් ලිව්වෙ

      Delete
  22. නලිනි තුල ඉන්නා සිබිල් වෙත්තසිංහ. ළමා කතා ෆැන්ටසි ආරෙන් මිදිලා මම වෙනස් කතාවක් මෙතනට එකතු කරන්නම්.

    මේක අයිසක්‌ ඇසිමෝව් ගේ නයිට්ෆෝල් කියන ප්‍රබන්ධය. හැඳින්වීමක් දුන්නොත්;

    එක්තරා ග්‍රහලෝකයකට හිරු නවයක් පායනවා. ඒ නිසා කවදාවත් රෑ වන්නේ නැහැ. මේ ග්‍රහලෝකයේ කිසියම් ශිෂ්ටාචාරයක් පවතිනවා. මේ ලෝකයට ගිය වෙන ලෝකයක [පොළොවේ] පිරිසක් සොයා ගන්නවා සෑම වසර දහස් ගණනකට වරක් මේ ශිෂ්ටාචාරය සම්පුර්ණයෙන් විනාස වෙන බව. ඊට පස්සේ ඒ අය හොයා ගන්නවා ඒ විනාශයට සමගාමිව, වසර දහස් ගණනකට වරක් එක කෙටි කාලයකට සියලු සූර්යයන් අහසින් බැස යන බව. මේක රාත්‍රිය නොහඳුනන මිනිසුන්ට හදිස්සියේම රාත්‍රිය එළඹීමක්. ඒ එක්කම හොයා ගන්නවා ඒ දවස බොහොම ළඟ බවත්.

    වෙච්ච දේ කියවා බලන්න: Nightfall by Asimov

    මෙ ලේඛකයා උපුටා දක්වන කියමනක්.

    "If the stars should appear one night in a thousand years, how would men believe and adore, and preserve for many generations the remembrance of the city of God?" -EMERSON

    ඇසිමෝව් කියවන්න කම්මැලි නම්, නලිනි, ඇසිමෝව් කියන්නෙත් හදවතින් රුසියානුවෙක්. ඉතිරි රුසියානු කතා කරුවාම තමා ඔහු තුලත් ඉන්නේ. විද්‍යා වචනයට අකමැති අයට කියන්න තියෙන්නේ අනේ විද්‍යා ප්‍රබන්ධත් කළා නිර්මාණම තමා. ඒ විද්‍යා ලේඛන නොවේ.

    -------------

    සත්‍ය ලෝකයට ආවොත්;

    ආක්ටික් සර්කල් එකට චූට්ටක් පහලින් තියෙන ඔස්ලෝ නුවර සුර්යයා වැඩියෙන්ම පායන දවසක ඉන්න භාග්‍යය ලැබුනා. පොර බැස්සේ රෑ 11.30 ට පෑයුවේ පැයකින් 12.30 ට. මම නිදි මරාගෙන උන්නා බලන්න. රැස් මාලාවේ නැට්ට අහසෙන් මැකුනේ නැහැ. එහෙට ඉර නගින්නෙත් බහින්නේත් එකම තැනින්. ලංකාවට සදාකාලික සත්‍යයක් වුනාට, උදේට ඉර පෑයීම, හවසට ඉර බැස යාම, නැගෙනහිරින් පායා බටහිරින් බැසයාම, අහසේ දවල්ට ඉර මුදුන් වීම වගේ ඒවා ලෝකේ හැමෝටම සත්‍ය නොවේ. නොර්වේ වල උතුරු නගර වලින් [ට්‍රොන්ඩ්හයිම් වගේ] ආපු අය කිව්වා එහෙ ඉර දිගටම පායපු සතියක් හා දිගටම නොපායන සතියක් තියෙන බව. මේක ධ්‍රැවාසන්න කලාප ගැන අපි දන්නා දෙයක් වුනාට ලොකු නගර වලට වෙන බවක් අහලා නැහැනේ.

    දැනට නම් අපිට ඕකා පායන්නේ අටට විතර හතරාමාර වෙද්දී අතුරුදහන්. මෙහෙ ඉර ඔහේ ආණ්ඩුව වගේ. මෙහේ ආණ්ඩුව ඔහෙ ඉර වගේ [අර දේශපාලනිකව හිතපු කෙනාට මේ ටික ලිව්වේ]

    ReplyDelete
    Replies
    1. තැන්කූ කොකා, ඇසිමොව් කියවීම කොහෙත්ම කම්මැළි වැඩක් නෙවේ. විද්‍යා ප්‍රබන්ධ කියවීමට මමත් හුඟක් කැමතියි.
      අපොයි, පැයෙන් ආපහු ඉර පෑව්වා කිව්වහම! අපි මෙහෙ කොයි තරම් හුරු වෙලාද ඉන්නෙ නිශ්චිත දිනයක් ඉරත් එක්ක ගලපන්න. ඉර උදාවත් එක්ක දවස ඇරඹෙනවා කියන සංකල්පය හොඳ වෙලාවට ඔස්ලෝවල නැත්තෙ. සතියක් ඉර පායන එක/ නොපායන එක හිතාගන්නත් අමාරුයි.

      Delete