Tuesday, August 16, 2011

සබඳ

නුඹ නැති ජීවිතය
මකුළු දැල් බැඳී ඇත.
කල් නෑර එනු මැන
කොස්සක්ද රැගෙන.

30 comments:

  1. අපේ පැත්තෙ නම් ඉදලෙනුත් මකුලු දැල් කඩනවා

    ReplyDelete
  2. පරක්කු වැඩියි නුඹ..
    බලා‍ගෙන ඉඳලා බැරි තැන...
    ගත්තා මම පාළු ගෙයක් සින්නක්කරම..
    ජීවිතේ පුරාම මකුළු දැල් කඩන්න..

    ReplyDelete
  3. කොස්සක් රැගෙන විත් "කොස්සක්" වෙනු කුමට,
    එන්නද "ඉලපතක්" ගෙන හැකි ඉක්මණට..?

    ReplyDelete
  4. නලිනිට පාළුවෙ හොඳම එක දැනිල වගේ...

    ReplyDelete
  5. @@පෙම් පිඬ,

    කොස්ස දැන් ගෙවී ගොස්ය..
    එහි එකඳු කෙස් ගසක්වත් නැත.
    ඇත්තේ මිට පමණකි...
    ඇවිත් කිම පල???

    ReplyDelete
  6. කොස්සකින් නොව
    ඉලපතෙන් ගැසිය යුතු
    මූ හට

    ReplyDelete
  7. මකුළු දැල් කඩන්නට
    කොස්සකට හැකි උනත්
    සිතේ බැඳි මකුළු දැල්
    අහුරලා එන පාර

    ReplyDelete
  8. ගෙන අතින් මුස්නක්..
    පිවිසී නමුත් ගෙතුලට..
    බැඳ ඇති අවට වට කොට..
    දැල් මිස ‍යමක් නොදිටිම්..
    දිවි මැදුර සනහා..
    පුරවා ලමින් දැලකින්..
    සිටිනා මකුළු රැජිනක්..
    පලවා ලමිද කෙලෙසින්..
    දැල වියා සියුම් විලසින්..
    කරවා අවට රැකවල්..
    සිටි අයුරු මෙතුවක්..
    සිටියොත් නොවෙද යහපත්..

    ReplyDelete
  9. එමි එමි වහා එමි මම්..
    කඩනා පිණිස ඔය දැල්..
    එනමුත් ගැටළුවකි දැන්..
    කොස්සක් නොමැත සවිමත්..

    (මේක කලින් එකේ කෑල්ලක් නෙවෙයි හරිය..)

    ReplyDelete
  10. කොස්සෙන් නම් මකුළු දැල් කඩන්න අමාරුයි. ඒකට කැප්පෙටියා කොල අත්තක් ලීයක ගැට ගහලා ඒකෙන් තමයි මකුළු දැල් කඩන්න වෙන්නේ.

    ලස්සන කවි සිතුවිල්ලක්. චන්දිමා අක්කට ලස්සනට කවි ලියන්නත් පුලුවන් නෙව !!!!!

    ReplyDelete
  11. අරන් එන්නම් කොස්සක්
    මාස තුනකින්
    කාලය දෙන්න මකුලු පවුලට
    වෙන තැනක් හොයා ගන්න...
    (බ්ලොග් රෝල් එක දිහා බල බලා හිටිය කවද්ද ඔබේ ඊළඟ නිර්මානය දකින්නෙ කියල..දන්නව වැඩ අධිකයි කියලත් ඥාති පවුලක් ඩොක්ටර්ස්ලා නිසා )

    ReplyDelete
  12. මකුල් දැල් බැඳුනට අවුලක් නෑ.. හැමදාම තමන් වටේ මකුල් දැල් බැඳිලත් මකුඵවෝ ඔය අපූරුවට ඉන්නෙ..

    ReplyDelete
  13. කොස්සක් අරන් එන්නෙ මකුළුව එලවන්නද?

    ReplyDelete
  14. සබඳ, මහා දිග කතාවක් බලන්නට
    මෙහෙට ආ මට
    හමුවූයේ සිව් පදයකිය
    හෙටත් එමි,, කතාවක් ලියා තබණුය...!!!

    ReplyDelete
  15. වැකුම් ක්ලීනර් එකක්ද රැගෙන එන්නේ නම් මැනවි. නැත්තන් හචිං ගොසින් ඒ සොඳුරු මොහොත අඳුරු විය හැක.

    ReplyDelete
  16. අගෙයි! හයිකු කවියක් වගේ.

    ReplyDelete
  17. මකුළු දැල් බැඳුනු සිත් ආරට

    දී ඇත්තේ කොහු මිටි කවියක්

    මදිය හොඳටම

    අරන් එව''කැප්පෙටිය අකුලක්''

    ReplyDelete
  18. කාලෙකින් එන ගොයිය හදිසියේ ආවොත් උන්දැ ගාවත් මකුළු දැල්නම් අඩුවක් නැතිව ඇති.....

    ReplyDelete
  19. දුවන
    හැල්මේ තත්පර
    තල්ලු කර විනාඩිය
    ගාටන තඩි කටුව හෝරාව
    අතර නුඹ කොහෙද සබඳ විවේකය

    ReplyDelete
  20. අපි විහිලුවට ගත්තට.. මෙතන ලොකු අර්ථයක් තියනවා..
    මකුනුදැල් කඩන්න අය නැතිව නෙමේනෙ.මකුනුදැල් බැදීල තියෙන්නේ නේද...සිතක තියන තිරසාරගතිය මෙතන තියෙන්නේ...ලස්සන අදහසක්...

    ReplyDelete
  21. කොස්සට සමාන වෙනත් වචන දන්න අය ඉන්නවද?

    ගොඩාක් පරක්කු වෙලා දැක්කේ....

    ReplyDelete
  22. @ හර්ෂණ: :D

    @ බස්සා: :( පමාව දුකට හේතු වේ.

    @ සමන්ත: >( ;-)

    @ සපතේරු උන්නැහේ: පාළුයි අප්පා. මගෙ කාමරේ මකුළු දැල් කඩලා දෙන යාළුවා ආවෙ නෑනෙ.

    @ ගිම්හානි: අහෝ!

    @ ඊ මේල් කවිකාරි: කාමරේ මකුළු දැල් පිරිලා තිබුණා, ඒකයි.

    @ ඔබ්සර්වර්: අපොයි, පව් නැද්ද?

    @ පොත් ගුල්ලා:
    සිතේ බැඳි මකුළුදැල්
    පිසාලිය නොහැක..

    @ මාරයාගේ හෝරාව: :D

    @ මධුරංග: මකුළු දැල් කඩන මොකක්ද දිග දණ්ඩක් සහිත එකක්නම් තියෙනවා; ඒකට කියන නම මම දන්නෙ නෑ.

    @ නදී: මේ මකුළුදැල් පිරිලා, ඒකයි.

    @ වෙනි: වැඩනම් අහස උසට.

    @ අවුට්සයිඩර්: තමන්ගෙ වුවමනාවට, තමන් විහින් වියාගන්න මකුළුදැල්වලනම් අපිත් කැමැත්තෙන් පැටලිලා ඉන්නවනෙ. :)

    @ ප්‍රසන්න: එහෙම වැඩක් තමයි කරේ අන්තිමට.

    @ හරී-පිණිපළස: අහෝ, මඳ ඉසිඹුවක් දෙනු මැන.

    @ පිණිබිඳු: ඇත්ත ඇත්ත.

    @ වෙදගෙදර මහ වෙදනා: ස්තුතියි ඔබට.

    @ බින්දි: සොයා ගත නොහැක, නොදන්නා කැප්පෙටිය.

    @ හීනියට: ඒක මට කල්පනා වුණේ නෑනෙ.

    @ ගල්මල්- Coral:
    ලැබ විරාමය
    එනතුරු හිඳිම්

    @ ගිම්හානි: බොහොම ස්තුතියි.

    @ අභීත: මුස්න

    ReplyDelete
  23. කොස්සකින් පිසදා
    නොහැක එය විසඳන්නට
    මකුළුදැල් බඳිනා
    මකුළුවන් බැඳ නොදමා

    යටලීය යට ඉඳන්
    බලන විට මී වෙස් ගෙන
    මකුළු දැලත් සවිමත්
    පවුරක් සේ පෙනෙයි.. .

    ReplyDelete
  24. වැටි වැටී නූල එහෙට මෙහෙට යවමින්
    නොපසුබස්නා උත්සාහයෙන් දැලක් බඳිමින්
    මකුලු දැල් ගෙවන්නී කාලය ගොදුරක් සොයමින්
    එතැයි කියා නුඹ කෙදිනක හෝ සිහින දකිමින්

    මැකී යන කාලයත් පියබා යති
    ගෙවෙන යව්වනයත් අහිමි වෙතී
    පමාවනු කුමට දැන් කාලය හරී
    නගේ මේ ගැන ටිකක් හිතුවොත් ඇතී

    ReplyDelete
  25. @ සරත්:
    පිසලූ කල දැල
    වියරුව මකුළු රැළ
    පැන මේසය මතට
    රවත් ගොරවත් මට
    :D

    @ චාන්දි අක්කා: පමා වෙන්නෙ මොකටද කියලා මංම ඔහෙ පිහ ගත්තා අක්කෙ, මකුළු දැල් ටික.

    ReplyDelete
  26. මකුළුවන්ටත් වැඩක් තිබිය යුතුයි නෙව...
    එක තැන පල්වෙන ජීවිතය,
    අනූන් වෙනුවෙන් නවතාගෙන නිතර...
    නලිනී අක්කේ, අකුණු වලට බයේ මම ඔන්ලයින් එන්නේ අඩුවෙන්.ඒකයි කල් ගියේ දකින්න මේ පැත්ත.

    ReplyDelete
  27. දැන් ඉතින් මොනවා කියන්නද...මම එනකොට පරක්කුයි..මකුළු දැල් ටික කඩලලුනෙ....:D

    ReplyDelete
  28. කල් නෑර නාවොත්
    එනකොට කඩලා තිබ්බොත්
    මක් වෙයිද හැබැට
    සබද නුබ හට?

    ReplyDelete