ඒ ඒ රටවල මිනිස්සුන්ට වැදගත්යයි හිතෙන කරුණුවලට වැඩි අවධානයක් දීම පිණිස, ඒ වෙනුවෙන් දිනයක්/ මාසයක්/ අවුරුද්දක් වෙන් කිරීම සාමාන්‍ය දෙයක්.
හුඟාක් ඉස්සරත් නෙවෙයි, හුඟාක් ළඟදිත් නෙවෙයි, ඊට වෙනස් කාලෙක රටේ අනෙක් නගරවලින් වෙන්ව පිහිටි කුඩා නගරයක් තිබුණා. මේ නගරයේ මිනිස්සු අදහස් අතින් බැලුවොත්, එක මනුස්සයෙක් අනික් මනුස්සයාගෙන් වෙන් කර ගන්නට අමාරුයි. ඒ හැමෝම කැමති වුණා තමන්ට හොඳක් වෙනවට; තමන්ට හැම දෙයක්ම ලැබෙනවට. ඊටත් වඩා ඒ ගොල්ල කැමති වුණා අනික් අයට නරකක් වෙනවට; අනික් අයගෙ දේවල් නැති නාස්ති වෙනවට. මොකද, තමන්ට තියෙන සුළු දේ පවා අනිකාට නැත්නම්, ඒකෙ වටිනාකම ඉහළ යන නිසා.
ඒ නගරයේ නගරාධිපති ජනතාවගෙ මේ පිරිසිදු මනුෂ්‍ය හැඟීම තේරුම් ගත්තු නියම ජනතාවාදී නායකයෙක්. ඒ නිසා එයා තීරණය කළා ජනතාවගෙ අදහස් උදහස් පිළිගන්නා, ඒවා පෝෂණය කරන, වගකීමෙන් යුත් රජයක් හැටියට, ඒ වෙනුවෙන් දිනයක්, නැහැ, මාසයක්ම වෙන් කරන්නට.
ඒ මාසය නම් කෙරුණා "මට ඇරුණුකොට අනික් හැම එකාටම හෙණ ගහපං මාසය" හැටියට.
ජනතාව බොහොම සන්තෝස වුණා. ඒගොල්ලන්ට අඩුවකට තිබුණෙ මෙහෙම මාසයක් තමයි.
මාසය පටන් ගත් දිනේ පටන් මිනිස්සු අනික් අයට හෙණ ගස්සන හැටි කල්පනා කළා. ගෑණු උදවියට යකඩ කූරුවලින් නිර්මිත විවිධ කොණ්ඩ කටු වර්ග තෑගි ලැබුණා. සපත්තු, මළු, පසුම්බි වගේ හැම භාණ්ඩයකටම ලෝහ වර්ග මිශ්‍ර කෙරුණා. විදුලි උපකරණ හදන සමාගම් මිහි කාන්දු වයරය රහිත උපකරණ විශාල සංඛ්‍යාවක් හඳුන්වා දුන්නා. ප්ලාස්ටික් උපකරණ සෑදීම නවතා දමා, ලෝහ වර්ගවලින් ඒවා නිමවන්නට පටන් ගත්තා. ඉහළින් විවෘත වාහන වැඩිපුර හදන්න පටන් ගත්තා. ප්‍රධානීන් තම සේවකයන් උදෙසා ජලාශ අසල කඳවුරු චාරිකා සංවිධානය කළා. රූපවාහිනී ආයතන "වැඩිපුරම අනුන්ට හෙණ ගස්සන තරුව" තේරීමේ තරග සංවිධානය කළා. මිනිස්සු රෑට අල්ලපු ගෙවල්වල වහළට නැගලා යකඩ කූරු සවි කළා.
ඔන්න ඔහොමයි.
නගරයේ එක්තරා වීදියක දක්ෂ මිනිස්සු දෙන්නෙක් ජීවත් වුණා. ඒ දෙන්නා කවදාවත් එක්කෙනෙක් අනිකට දෙවෙනි වුණේ නෑ. වීදියේ උසම ගෙදර තමන්ගෙ කර ගැනීමට දෙන්නාම මහන්සි වුණා. කොච්චර උසට ඒ දෙන්නගෙ ගෙවල් හැදුවාද කිව්වොත්, ඉර හා සඳ ගමන් කළේ ඒ ගෙවල්වල උඩම තට්ටු මැද්දෙන්.
අනුන්ට හෙණ ගස්සන මාසය පටන් ගත් දා සිට මේ දෙන්නා හුඟක් කල්පනා කළෙත් නැහැ; ටිකක් කල්පනා කළෙත් නැහැ. ඊට වෙනස් තරමක් කල්පනා කළා. ඉතින් එහෙම කල්පනා කරනකොට, එක්කෙනෙකුට බොහොම අපූරු කල්පනාවක් පහළ වුණා. ඔහු පහුවදාම තමන්ගෙ කල්පනාව ක්‍රියාවට නැංවූවා.
උදෙන්ම නැගිටලා, තමන්ගෙ සේවකයන් කැඳවලා, ඔහු මෙන්න මෙහෙම අණ කළා:
"මගේ ගෙදර ඉහළම තට්ටු කීපය කඩා දමන්න."
ඔහුගෙ සේවකයන් ඉතාම බුද්ධිමත් නිසා ප්‍රශ්න කිරීමක් නැතිවම ඒ තට්ටු කිහිපය කඩා දැමුණා. තමන්ගෙ තරගකාරයා කරන්නට හදන වැඩේ අල්ලපු ගෙදර මිනිහා තේරුම් ගත්තා. ඔහු ඊට දෙවැනි වුණේ නැහැ. ඔහුගෙ සේවකයන් කැඳවලා මෙන්න මෙහෙම අණ කළා:
"මගේ ගෙදර මැද තට්ටු කිහිපයක් කඩා දමන්න."
ඔහුගෙ සේවකයන් වහාම මැද තට්ටු කඩා දමන්නට පටන් ගත්තා. එතකොට ඉහළ තට්ටුත් කඩා වැටුණා.
තමන්ගෙ ප්‍රයෝගය අනිකා තේරුම් ගත් බව දුටු පළමුවැන්නා තමන්ගෙ සේවකයන්ට අණ කළා මුළු නිවසම කඩා බිඳ දමන ලෙසට. දෙවැනියාට අවශ්‍ය වුණේ නැහැ වීදියේ උසම ගොඩනැගිල්ල බවට පත්ව හෙණ වද්දාගැනීමට. ඒ හින්දා ඔහුත් තමන්ගෙ මුළු නිවසම පොළොවට සමතලා කර දැම්මා.
මේ දෙන්නගෙ සේවකයන් තම තමන්ගෙ නිවාසත් මේ විදිහට කඩා දමන්නට පටන් ගත්තා. ඔවුන්ගෙ ක්‍රියාව තේරුම් ගත් අනෙක් නගර වැසියනුත් තම තමන්ගෙ නිවාස කඩා දමන්නට පටන් ගත්තා. හුඟ දවසක් ගියෙත් නැහැ, ටික දවසක් ගියෙත් නැහැ, ඊට වෙනස් දවසක් යද්දි මුළු නගරයම පොළොවට සමතලා වුණා. මිනිස්සු කඩා බිඳ දැමුණු සුන්බුන් මත හිඳගෙන, අවට බලමින්, තමන්ගෙ දක්ෂකම ගැන සන්තෝස වුණා.
දවසක් මේ නගරයට සංචාරකයෙක් ආවා. සුන්බුන් බවට පත් නගරය දුටු ඔහු පුදුමයට පත් වුණා. ළඟම හිටිය නගර වැසියාගෙන් ඔහු ඒ ගැන ප්‍රශ්න කළා:
"මොන හෙණයක් පාත් වෙලාද මේ නගරෙට? මොකද වුණේ??"
නගර වැසියා හුඟක් කල්පනා කළෙත් නැහැ, ටිකක් කල්පනා කළෙත් නැහැ, ඊට වෙනස් තරමක් කල්පනා කළා. සත්‍යය පැහැදිලි කළාට වැඩක් වෙන්නෙ නැහැ. පිටස්තරයෙකුට බැහැ මේ නගරයේ සංස්කෘතිය හරිහැටි තේරුම් ගැනීමට. ඔවුන් තම තමන්ගෙ නගර එක්ක සන්සන්දනය කරලා වැරදි චිත්‍රයක් මවා ගනීවි. ඒ හින්දා නගරවැසියා කෙටියෙන් මෙහෙම උත්තර දුන්නා:
"ඔව්, අපිට හෙණ ගැහුවා!"
ආ ඇවිල්ලා...හොදයි
ReplyDeleteනියමෙටම නියමයි නලිනි අක්කේ! මම නම් හුඟාක් කල්පනා කළා අපිටත් නොදැනිම අපේ ලෝකේ වෙන්නෙත් මේකම නේද කියලා!
ReplyDelete// කොච්චර උසට ඒ දෙන්නගෙ ගෙවල් හැදුවාද කිව්වොත්, ඉර හා සඳ ගමන් කළේ ඒ ගෙවල්වල උඩම තට්ටු මැද්දෙන්...///
ReplyDeleteමම වැඩියෙන්ම කැමති ඒ ටිකට....උපරිමයි.
ප.ලි.
මේක හෙණ ගහන මාසයක් වෙන්න ඉස්සර මොනව හරි ලියුව එක හොදයි..
අනුන්ට හදියක් කරන්ට හිතාගෙන කරන දෙවල් වලින් අපිට හදියක් වෙන්නෙ ඔන්න ඔහොමලු!
ReplyDeleteඅනේ මන්දා මේවා කොහොම හිතනවද කියලා. :D
මාසෙකට විතර පස්සෙ බ්ලොග් එක අප්ඩේට්වුනේ,
ආයේ දිග ඉන්ටවල් එපා! දිගටම ලියන්න.
ෂහ්! නියමයි. මම හැමදාම කැමති ඔබේ ඊලග කතාවට.
ReplyDeleteනලිනි නෝනගේ මේ ලිවිමේ රටාවට මම ගොඩාක් කැමති . වෙනස් ආරෙකට ලියන කෙනෙක් ..
ReplyDeleteමේ දවස් ගොඩාක් කාර්ය බහුලද වැඩිය පේන්න නැත්තෙ ?
ඇත්ත..
ReplyDeleteහැමෝටම හෙණ ගැහිලා.
හුඟ දවසක් ගියෙත් නැහැ, ටික දවසක් ගියෙත් නැහැ,ඊට වෙනස් දවසක්.
හරිම අපූරුයි
අර හෙණ ගහන එක ගැන හැදුන සමාජ යාන්ත්‍රණය ගැන කියද්දී ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙච්චි රාජ්‍ය නොවන සංවිධානයකුත් NGO බිහිවුනා කිව්ව්නම් නියම ම නියමයි . ඔක්කොම සම්පූර්ණයි හි හී
ReplyDeleteමේ කතාව කියවපුවාම මටත් නිකම් හෙණ ගැහුවා වගේ ෂොක් වුණා
ReplyDeleteඅන්තිමේ කොහොමහරි නගරාධි පතිගේ බලාපොරොත්තුව ඉටු උනා..
ReplyDeleteහීනි උපහාසයක් එක්ක ලියවුනු ලස්සන කතාවක්. තව දුර අරන් යන්නත් තිබුනා මොකද රටේ උන්ගේ හැටි ගැන කියන්න දේවල් ද නැත්තේ.
ReplyDeleteපොඩි අවුලකුත් පේනවා [මට අනුව]. කතාව පුරා තියෙන "හුඟකුත් නොවේ, ටිකකුත් නොවේ, වෙනස් ප්‍රමාණයක්" කියන කොටස රෙටෝරික් වෙලා වගේ.සමහර විට මේ දවස්වල යන හොට් ඇන්ඩ් ෆ්ලයින් ටොපික් එකක් මට මිසින් ද දන්නේ නැහැ.
මං කොහොමත් නොන්සෙන්ස් ජෙන්රියට වඩා සම්මත කෙටි කතා වලට ආසයි. ඇනට්, ගොදුර [බණ්ඩා රාලහාමි], කොන්ඩ සීයා වගේ කතා වලට.
මම ගොඩාක් හිතුවෙත් නෑ... ටිකා.....ක් හිතුවෙත් නෑ කොටින්ම කියනවනම් හිතුවෙම නෑ......
ReplyDelete"ජනතාව බොහොම සන්තෝස වුණා. ඒගොල්ලන්ට අඩුවකට තිබුණෙ මෙහෙම මාසයක් තමයි"
ReplyDeleteඅනේ අපිටත්...!!!
දොස්තර නෝනට මතක ඇති මම කලිනුත් කියපු දේ. අපේ රටේ ලේඛකයන්ට තැනක් නැති නිසා ඔබ ඔය ක්ෂේත්‍රයේ ඉන්න එක හොඳයි. ඒත් කුණුහබ්බ ලියන, සත පහක වැදගම්මක් නැති වල් පල් ලියන බ්ලොග් ළෝකේ. (මගේ එකද ඇතුලුව.) මේ නම් ආශ්චර්යයක්. මේ තරම් රස නැති උනත් "හද පතුල" කියන බ්ලොග් එකේ "ප්‍රභා රජවෙලා" කියලා රසවත් පෝස්ට් එකක් තිබුනා. ඔබට පින්. වින්දා දැණුනා. රසම රසයි..
ReplyDeleteමේ නගරය මා ඔඹ මුන ගැසුන නගරයයි...!!!
ලොකු කමෙන්ට් එකකුත් නෙමෙයි, පොඩි කමෙන්ට් එකකුත් නෙමෙයි, ඊට වෙනස් කමෙන්ට් එකක් දාන්න ඕනෙ මේකට නන්... හෆොයි
ReplyDelete//"ඔව්, අපිට හෙණ ගැහුවා!"//
ReplyDeleteවැඩිදෙනෙකුට හෙණගහල තියෙන්නෙ අනුන්ට හෙණවද්දවන්න ගිහිල්ල නේන්නම්...
ලංකාවෙ "දූ දරුවෝ" වර්ගයේ ටෙලිනාට්ටි ඔච්චර ජනප්‍රිය මොකද... ඒවයෙ තියෙන්නෙම එක එකාට අනේක්විධ දුක්ඛ දෝමනස්ස වලට මූණදෙන්න වෙන කතානෙ... ඉතින් අපේ කට්ටියට හරි චූන්...
"අපිට හෙණගැහුවත් මොකද අර ටීවී එකේ පබාලට වෙන කරදරවල හැටියට"...
මොනව කියන්වද මන්ද ,, අපිටත් අඩු එහෙම මාසයක් !!!! ( මං කිව්වෙ හෙණ ගහන )
ReplyDelete@මාතලන්
ReplyDeleteනගරය කියල කිව්වෙ බ්ලොග් අවකාශයයද? මාත් ඕක ගැන කල්පනා කලා මේ ටිකේම. ඇත්තටම බ්ලොග් අවකාශය කියන්නෙ අපූරු තැනක්. මම මේ කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඒත් ලියන ලියමන් වලින් නොදන්නෙත් නෑ. එකිනෙකාව පෝස්ට් වලින් දකිනව කියන්නෙත් අමුතු අත්දැකීමක්. මේ ගැන පෝස්ට් එකක් ලියන්න හිතෙනව.
රාදුගා ප්‍රකාශකයින්, දැදිගම වී රුද්‍රිගූ, නැතුවට දැන් කමක් නැත....!!!!
ReplyDelete// කොච්චර උසට ඒ දෙන්නගෙ ගෙවල් හැදුවාද කිව්වොත්, ඉර හා සඳ ගමන් කළේ ඒ ගෙවල්වල උඩම තට්ටු මැද්දෙන්...///
ReplyDelete"නපුරු පාලකයෝ තුන්දෙනා" පොතේ ශෛලිය මතක් වෙනවා.
සෑහෙන දවසතට පස්සේ... වෙල්කම් බැක්.... හාමදාමත් වගේ අපුරැයි.... අපි අපි ගැන හිතන්න කියලා කියන පනිව්ඩේ බොහොම සරළවම දීලා තියනවා... බ්ලොග් අවකාශේටත් ගන්න දෙයක් තියනවා මම හිතන විදියට... ජය !!!
ReplyDeleteඅනේ අප්පේ, හෙන ගහපු නගරය කොහොමට තියෙන්න ඇතිද? මට මල්ලී කෝල්කරලා ලෝක වෙළඳ මධයස්ථානයට පහර දීලා කියන කොට ඒක මුල්ම වතාවට කඩන් වැටෙත්දි හරිම දුකෙන් ඒ දිහා බලා හිටිය හැටි මතක් උනා. කවදාම හරි අපිටත් ඒ දේම තමයි වෙන්නේ මේ පරිසර විනාශයට. නුවර පාරේ පස් කඳු කඩාදමන හරි දැක්කාම මේවා නාය යන්නැතිව මෙහෙමවත් ඉතිරි වෙලා තියෙනවා මදැයි. මෙහම ලියන්න පුලුවන් කම තියෙත්දි මොන එහෙකට අර රස්සාව කරනවාද මන්දා නංගියේ.
ReplyDeleteඅද එක නියමයි. ඒත් අද කතාව මට නන් වෙනදා වගේ මාර නෑ. අවංකවමයි කියන්නෙ. ඒ කොහොම උනත් නලිනි පාවිච්චි කරන භාෂාව නන් මාරයි. ඒක හින්දා මොනව ලිව්වත් ආසාවෙන් කියවන්ඩ පුලුවන්.
ReplyDelete//හුඟක් කල්පනා කළෙත් නැහැ, ටිකක් කල්පනා කළෙත් නැහැ, ඊට වෙනස් තරමක් කල්පනා කළා.// මේක නම් අපුරුයි...
ReplyDeleteඅර මාරය කියල තියෙනව වගේ ලංකාවටත් මේ වගේ මාසයක් තිබුණනං නියමයි.
ReplyDelete//හුඟාක් ඉස්සරත් නෙවෙයි, හුඟාක් ළඟදිත් නෙවෙයි, ඊට වෙනස් කාලෙක
ReplyDeleteහුඟ දවසක් ගියෙත් නැහැ, ටික දවසක් ගියෙත් නැහැ, ඊට වෙනස් දවසක්
හුඟක් කල්පනා කළෙත් නැහැ; ටිකක් කල්පනා කළෙත් නැහැ. ඊට වෙනස් තරමක් කල්පනා කළා.//
මේ යෙදුම් නම් සුපිරියි. තවෙකෙකුට හෙණ පතා හෙණ ගසාගත් කතා බොහෝමයක් හිතට ආවා.
අඳුනන ඉරාක ජාතික දොස්තරවරියක් කී කතාවක් මතක් වුනා. ඇය සදාම් හුසේන්ගේ පාලනයට එරෙහිව කාලාන්තරයක් වැඩකර අයෙක්. පලමු ගල්ෆ් යුද්ධයේ දී බලවතුන් ඉරාකයට බෝම්බ හෙලීම පවා සාධාරණීය කල අයෙක්. ඒත් අද ඒ රටට සිදුවී ඇති වින්නැහිය ගැන ඇය කියන්නේ...
හැම මොහොතකම මැරි මැරී ඉපදෙනවාලු ඇය විසින් ඇගේ රටට කර විනාෂයට දායක වුනා නේද කියලා.
ඉරාකය නිදහස් අධ්‍යාපනය පැවැති රටක්. විශ්වවිද්‍යාලයෙන් පිටවෙන අය නියමිත කාලයක් රටට සේවය කරන්න බැඳි ඉන්නවා. ඉන් දොස්තරවරියක් වූ ඇයට විදේශගතවෙන්න ඉඩ ඇහිරෙනවා. එය ඇගේ පෙරලිකාරී අදහස්ට මුල් වෙනවා.
ක්‍රමයෙන් වැඩී ආ සදාම් විරෝධී ව්‍යාපාරවලට හවුල්වී ඇය සමාජය දැනුවත් කරන්න පටන් ගන්නවා. සදාම්ගේ පිලිරුව කඩා බිඳ දැමීම සමරනවා.
ක්‍රමයෙන් වැඩී ආ සදාම් විරෝධී ව්‍යාපාරවලට හවුල්වී ඇය සමාජය දැනුවත් කරන්න පටන් ගන්නවා. සදාම්ගේ පිලිරුව කඩා බිඳ දැමීම සමරනවා.
ඔවුන් පදිංචි වූ පෙදෙසේ කලින් නොවුන ජනවර්ග අතර නොරිස්සුම වැඩෙන්න ගත්තා. රැකියාව, දරුවන්ගේ පාසැල් කටයුතු, එදිනෙදා ජීවිතයට බොහෝ බලපෑම් සිදුවෙන්න පටන් ගන්නවා. ඇය පවුල පිටින් රටෙන් පිටවෙනවා.
ඇගේම වචන වලින්... ඔවුන් තුල ගොඩනැගී තිබූ එක් පුද්ගලයෙක් ගැන වූ නොරිස්සුම නිසා ඒ පුද්ගලයා නැති කරන්න මුල් වූ හැම බලවේගයක්ම, උපක්‍රමකයක්ම බදාගෙන දායක වූනා මිස ඉන් ඇතිවෙන විපාකයේ අඳුරු පැත්ත දැක්කේ නැහැ. ඇය කියුවේ අද සදාම් නැහැ, අපි ජීවත් වූ ඉරාකයත් නැහැ. සදාම්ට අකමැති අපි ඉරාකයත් විනාස කරා. කඳුලු දෝරගලන ඇය දිගින් දිගටම කතා කරා. ඉන් මාස කිහිපයකට පසුව ඇය වෙනත් රටකට ගිය බව ආරංචියි විය.
හොඳයි....
ReplyDeleteවෙනදා වගේම ලස්සනයි... අනිත් කෙනාට හෙණ ගස්සවන්න, මහන්සි වෙලා ගොඬනගපු තමන්ගේ මන්දිරෙන් කෑල්ලක් කඩන එක තමයි ආසම කෑල්ල...
ReplyDeleteඒ කෑල්ල කියවද්දි පරණ කතාවක් මතක් වුණා... පැරණි රජ කෙනෙක් තමන්ගේ දියණියව සරණපතාගෙන ආව කුමාරයින් දෙන්නෙක් අමාරුවේ දාන්න කදිම උපායක් යොදනවා... ඒ දෙන්නට එක් නගරයක ඉඳන් තව නගරයකට අශ්ව ධාවන තරගයක යෙදෙන්න කියලා ඉන් ජයග්‍රහණය කරන කෙනාට දියණිය සරණ පාවා දෙන බවයි...
හැබැයි මේ තරගයේ වෙනස තමයි... තරගයේ ජයග්‍රාහකයා වෙන්නේ අවසානයට තරගය අවසන් කල කෙනායි... ඉදිරියෙන් ගිය කෙනා පරාදයි...
ඉතින් මේ උපාය ජයගන්න කුමාරයෝ දෙන්නා පඬිවරයෙක් ගාවට යනවා... ඔහු දෙන අවවාදය කියන්න පුළුවන්ද..?
අනෙක් එකාට හෙණ ගහනකම් බලන් ඉන්න උන් ඔක්කොම තම තමන්ටම හෙණයක් වෙලා. අපේ රටට හොඳට ගැලපෙනව.
ReplyDeleteඅන්තිම හාදයාට ඒ ටික කියන්නත් මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්....
ReplyDelete"ඔව් අපිට හෙන ගැහුවා"
අපිටත් කියන්න පුළුවන් වෙයි මෑත කාලයකදිත් නෙවෙයි, ඈත කාලෙකදිත් නෙවෙයි ඊට වෙනස්ම වූ කාලයකදි
ReplyDelete"ඔව් අපිට හෙන ගැහුවා !"
කලාතුරකින් යාවත්කාලීන වුනත්, අනිවා මිනිස් සිත කය සුවපත් කෙරීම් ගැනීම් අධික ඇති...විශිෂ්ඨ නිර්මාණයක් ...
අදහස් පළ කළ හැමදෙනාටම හුඟක් ස්තුතියි. කමෙන්ට්ස් හරියට ලිව්ව එකේම දිගහැරුම වගෙයි. මේ දවස්වල ටිකක් වැඩ වැඩි නිසා විවේකය අඩුයි. (හෙණ ගැහිලා ඉන්නෙ. :D )
ReplyDeleteනලිනි අක්කේ වෙන කියන්න දෙයක් නෑ මාරයි (මාරයා ගැන නෙවෙයි කිව්වේ)
ReplyDeleteහෙණ ගහපං....
ReplyDeleteලස්සන කතාවක්...ඕක තමයි හැමෝටම වෙන්නෙ මෙහෙම ගියොත්.
ReplyDeleteහරිම ලස්සන කතාව... නලිනිගෙ කතාවලට මං හැමදාම ආසයි... ඒත් ඉතින් වැඩ රාජකාරි හන්දා ලියන්නෙ කලාතුරකින් නෙව....
ReplyDeleteඅක්කගේ ලිපිය නම් අනර්ගයි..
ReplyDeleteහෙනම ගහනව . . . . .
ReplyDeleteහපොයි තේරුනේ නෑනේ....අක්කිස්
ReplyDeleteමේ වගේ ලස්සන කතා නොලියන බ්ලොග් වලට හෙන ගහන්න ඕනේ.....
ReplyDeleteදන්නෙම නැතුව හෙන ගහලා
ReplyDeleteලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteකමෙන්ට් කළ සියලු දෙනාටත්, සුභ පැතුම් එක් කළ නවම්මාවතටත් බොහොම ස්තුතියි.
ReplyDeleteසියලු දෙනාටම සුභ නව වසරක් පතනවා.
නියමයි . . . ජීවිතයට බොහෝ දෙයක් එකතු කරගත හැකි ලිපියක්.
ReplyDeleteහපෝයි , මේක කියවනකොට මට ලංකාවම මතක් උනේ මොකද මන්දා ?
ReplyDeleteනලිනි අක්කේ , හොඳයි ඈ
^_^
බල්න ගියාම අපි ඔක්කොම කරන්නෙ උසට උසට තට්‍ටු ගෙවල් හදන එකයි එවුව කඩා දමන එකයි තමයි.. වැඩි කාලෙකුත් නැතුව අඩුකාලෙකුත් නැතුව යම්කාලෙකින් අපිට හෙනම වැදිල බව නම් මේ පාර නිවාඩුවට ආ වෙලාවෙ මටත් තේරුනා..
ReplyDelete/*---
ReplyDeleteඅනුන්ට හෙණ ගස්සන මාසය පටන් ගත් දා සිට මේ දෙන්නා හුඟක් කල්පනා කළෙත් නැහැ; ටිකක් කල්පනා කළෙත් නැහැ. ඊට වෙනස් තරමක් කල්පනා කළා.
----*/
මම ආසම මේ ටිකට. කියවද්දී පොඩි කාලෙ කියවපු රුසියන් ලමා කතා ආරක් දැනුනා...
මරු කතාව.
ReplyDeleteමම කොහොමත් කැමතියි මේ වාගේ අමුතු ශෙලියෙ කෙටි කතාවලට.හැමදාම කියවන සම්මත කෙටිකතාවලින් මට නම් කිසි ප්‍රබෝධයක් ලැබෙන්නෑ.කියවන්නාගේ මනස අවුස්සන්න,ඔහුව තමා කියවන කතාව දිගේ තවත් දුර තනියම යවන්න පොළඹවන්න පුලුවන් විදිහෙ කතා මාව හැමතිස්සෙම විස්මයට පත් කරවනවා.
මම වැඩිපුර බ්ලොග් කියවන්නෑ.තෝර ගත්ත බ්ලොග් කීපයක් විතරයි කියවන්නෙ.හේතුව වල් පල් මිසක් අන් යමක් බහුතර බ්ලොග් අඩවිවල නෑ.
ඉතින් 'සිත් ආර' මම ඒ කියවන බ්ලොග්වලින් එකක්.
මේ වාගේ අරුමැසි කතා දිගින් දිගටම ලියන්න ලැබේවා.