මහපොළොව හා ඉන් උපන් දෙය වැළඳ ගන්නට සූදානමින් අපි උපදිමු. එනමුදු වයසින් වැඩෙත්ම, ඒ සියල්ල පිළිකුල් කටයුතු ලෙස සළකන්නට අප උගනිමු. කුඩා කල පාවහන් ගලවා දුවන දරුවෝ, පාවහන් පලඳින්නට හුරු වෙති; පස්, වැලි අතගාමින්, මඩ අනිමින් වැඩුණු දරුවෝ, අත් සෝදන්නට පෙළඹෙති; මවුපියන් විසින් ඇඟ සෝදවාලීම වදයක් ලෙස දුටු දරුවෝ, කිලිටි වූවාට කම් නැතැයි හඟින ඇඳුමකින් මිස බිම වාඩි වෙන්නට මැළි කරති.
මහපොළොව ප්‍රතික්ෂේප කරන්නන්ව මහපොළොවද පෙරළා ප්‍රතික්ෂේප කරයි. අකමැත්තෙන්, බියෙන් පොළොව මත පා තබා යන්නාට, පොළොවද දඬුවම් කරයි.
මා නොවැළලුණු තැනක් මේ මහපොළොව මත නැත. එය සංකල්පයක් පමණක් වියහැකි නමුදු සිතට සතුටක් එක් කරයි. ගෙමිදුලට පා තැබුවහොත්, පය ගැටෙන පස් පිඩක, වරෙක මගේයයි සිතා සිටි කොටස් තිබෙනු විය යුතුය.
මගේ පමණක්ද?
ලොව කවුරුන් ගත්තද, ඔවුන් නොවැළලුණු තැනක් මේ මිහිපිට නැතුවා විය යුතුය. එසේනම්, මගේ පය ගැටෙන පස් පිඩෙක, යම් දිනෙක, මුළු ලොවම වැළලී සිටියා විය යුතුය.
අද බොහෝ දුරස්ව වෙසෙන මගේ ආදරණීයයන්ද, මේ පස් පිඬ තුළින් මා සමීපයෙහිම වෙසෙනු විය යුතුය. පාවහන් පැලඳ, ඔවුන්ගෙන් දුරස් වීමට මා වෑයම් කරනුයේ ඇයි?
ඔව්.. පාවහන් නැතුව නිරුවත් දෙපා වලින් මහ පොළව ස්පර්ශ කරන කොට දැනෙන හැඟීම කොහොමත්ම සෙරෙප්පුවක් පයලා ගත් විට දැනෙන්නෙ නැහැ..ඒ දැනීම සියුම්ව විඳින්න පුළුවන්ද අපූරුවට කියල මතක් කරලා දුන්නට නම් ස්තූතියි..!
ReplyDeleteහොඳට උල් ගලක් පෑගිච්චි වෙලාවට තමයි අහසේ දේවල් පේන්නේ! :D
ReplyDeleteමම කැමතිම ඔබේ ලිපිය මේකයි. මහ පොළොව තරම් ඤාතියෙක් තව කොහි වෙත්ද? මහ පොළොව අපට දෙන දේට අපි කෘතගුණ සලකා ඇත්ද? ඒ අතින් ඔබ ඔබේ යුතුකම නිසි ලෙස කරැ'තැයි මට සිතේ. මහ පොළොවට ගරු කරමු. මහ පොළොව අපව රැක ගනී. සැක නැත.
ReplyDeleteමං 1ක
ReplyDeleteඅපොයි 4ද?
ReplyDeleteදැනුයි කියවන්න උනේ... මේකට බර බර දේවල් පස්සේ කියමු..මුලින්ම කියන්න මතක් උනේ මේකයි..
ReplyDelete"සෙරෙප්පු දමා පොළවත් එක්ක ඇති සම්බන්ධය බිඳෙන එක හරි නැත.එහෙත් ටයිල් සමග මොන සම්බන්ධයක්ද..?" අහ්..ඒවත් පොළවේම කොටස් නොවේද..?"
@පූසා+++++++++++++++++++++
පිනි වැටුන සීතල තණබිස්සේ නිරුවත් දෙපතුල් වදිද්දී පිණිබින්දු බිඳිලා යන්නේ යටිපතුල් සීතලෙන් සම්භාහනය කරමින්... ඒ දැනෙන සිසිල නහර වැල් දිගේ ඉස්මුදුනට එනකල් මුලු ශරීරයම ප්‍රාණවත් කරමින් ඇදී එන හැටි ඇස්දෙක පියාගෙන විඳින්න පුළුවන් දිව්‍යමය සැපතක්... පාවහන් දාගෙන ඒ සතුට නැතිකරගන්න අවාසනාවන්තයින්ට ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනේ...
ReplyDelete[රහසින් : සෙරෙප්පු දෙක උස්සපු එකාට හොඳක් වෙන්න එපා... පඩි ගත්ත ගමන් අලුත් දෙකක් ගන්න බැරියෑ...]
අනේ මන්දා මොනව කියන්නද කියලා,ඒත් මට එකක් කියන්න. ඔයාලගෙ ගෙදර වැසිකිළි වල කපලා තියෙන්නෙ පොළවෙ නෙවෙයිද? එතකොට වතුර ගන්න ළිඳ කපල තියෙන්නෙ පොළවෙ නෙවෙයිද ? මෙච්චර පොළවත් එක්ක ගණුදෙනු කරන අපි සෙරෙප්පු දෙකක් දාගත්ත පළියට පොළවෙන් ඈත් වෙන්නෙ කොහොමද ? එහෙම නම් ඔය හයි හීල්ස් දාන අය තමයි වැඩියෙන් උඩ යන්න හදන්නෙ...
ReplyDeleteප.ලි.
තව දවස් කීයක් තියනවද මහ පොළොවට පාත් වෙන්න :D
ආ මගේ කමෙන්ට් එක එක වෙලා..හූ හූ මාරයා !
ReplyDeleteමුළු ලෝකයක්ම තමන්ගෙ නාස් පුඩු තුලින් ඇද ගෙන පෙනහැල්ල තුලින් ජීවය කාන්දු කරන හුස්ම පොද මගේ නාස් තුලින් පපුව පිරෙන කොට..එන ඒකාත්මීය හැඟීමත් ඔය වගේමයි කියල මටත් හිතුනු වාර ගණන අනන්තයි..කොහොමද කියන්නෙ එතකොට ලෝකෙ අනිත් කෙලවරේ ඉන්න කෙනා වුනත් මට දුරයි කියලා ?
මේක කිවෙවුවාම නිකං මොකද්ද වෙලා ගියා ..ටිකක් බරයි වගේ ඒත් කියෙවුවා
ReplyDeleteමගේ කකුල් දෙකට නම් පොලළවත් එක්ක හොඳ හැටි ඔට්ටු වෙලා පුරුදුයි ඒත් මම කවදාවත් මේ වගේ දෙයක් නම් හිතුවේ නෑ ..
කෝම හරි මම පොලවේ පයගහලා ජීවත් වෙන එකෙක් කියලා මට මතක් වුණෙත් මේක කියෙවුවාම තමයි ..
ස්තූතියි !!
මේක කියවපු ගමන් මට මතක් වුණේ බුද්ධිගෙ වැස්සේ කතාව
ReplyDeleteඔය කතාව කියවල බලන්නකො, කලින් කියවල නැත්තන් :)
http://cyberyaya.blogspot.com/2011/11/blog-post_7171.html
This is why I am Barefoot :)
ReplyDeleteකෙටිම කෙටි කතාවක්. ඒත් ලොකු කතාවක්. නිකං කවියක් වගේ.. මමත් පුළුවන් වෙලාවට පාවගන් නැතුව තමයි ඉන්නේ. ඉන්දියාවෙනම් කෝට් ඇඳලත් සෙරෙප්පු දාලා යන්නේ. අහු උන තැන ඒකත් ගලවනවා. අපෙ රටට මොන සපත්තු සෙරෙප්පුද. මම නම් පොඩි එකාවත් නිවාඩූ කාලේට කෙලින්ම කුඹුරට බස්සනවා. ඌ ඇඟිලි ගැන ගැන ඉන්නේ. නිවාඩුව එනකන්. මගේ මස්සිනා නම් ඒ අතින් වාසනා වන්තයි. ඌට සෙරෙප්පු දෙකක්වත් නෑ. කොටින්ම ෂර්ට් එකක් දාගන්නෙත් කලාතුරකින්. ගමේ අය කියන්නේ ෂර්ට් එකක් නැති අයියා කියලා.
ReplyDeleteලස්සන තණ නිල්ලක ...ගං ඉවුරක ...සුදුවැලි වෙරළක ..පන්සල් මිදුලක ..බෝ මළුවක ..පිරිසිඳු ගමක සෙරෙප්පු නැතුව ඇවිදින එක හරිම සතුටක් . ඒත් ගොය්යෝ නගරයේ පාරේ බලුබෙටි ...මිනිස්සු කෙල ගහල තාප්ප අයිනේ මුත්‍රා කරලා ...කොහොමෙයි සෙරෙප්පු නැතුව . ගෙදර ඉන්න කාලේ නම් අපි මිදුලේ සෙරෙප්පු දැම්මේ නැහැ . ටයිල් කිළුටු වෙයි කියල ප්‍රශ්නයක් තිබ්බෙත් නැහැනේ .
ReplyDeleteගල් බොරළු ඇනිලා තණකොළ පෑගිලා කකුල් නම් ගොරෝසු වෙනවා . ඒත් මොලේ වැඩෙන වලු නේද . ඒකනේ බලන්නකෝ අපේ මොලේ
මේ කියන්නේ පොලවේ පය ගහලා ඉන්න කියලා නම් ඉතින් හා.
ReplyDeleteඒත් ඉන්න තැනින් උඩට යන්න බෑ විභාග මොකටද කියලා නම් ඒත් හා.
දැන් අනිත් එවුන් ඇවිත් මට ගුටි දෙනවා නම් ඒක විතරක් බෑ.
ආදරේ කරපු / කරන කෙනෙක් මිය ගිහින් දෝ කියලත් හිතේ
ReplyDeleteසෙරෙප්පු දාපු තරමින් මහපොලොවෙන් දුරස් වෙන බව නම් හිතන්න බෑ අප්පා
(මොකද සෙරෙප්පු නැතුව ඇවිදිද්දී ගල් ඇනෙන නිසා)
ලොව දස දෙස පැතිරී සිටින සියලු සපතේරුවන් වෙනුවෙන් මාගේ බලවත් විරෝධය ... !
ReplyDeleteමේකට විරුද්ධව හෙට ඩුබායි හන්දියෙ සපත්තු බෙල්ලෙ එල්ලගෙන උපවාසයක් කරනව...!
ඒත් බැරිවුනොත් මමත් පෝස්ට් එකක් ලියනව "එකෙක්වත් ලෙඩ නොවී හිටපියව් කියල" ...හිටුකො ... ! :D
මාත් හරි ආසයි අපේ ගෙදර වත්තේ තණකොල උඩ සෙරෙප්පු නැතිව ඇවිදින්න.. ඒකේ තියෙන්නේ හරි අපූරුම හැගීමක්...
ReplyDeleteඑකඟයි ඔබ සමග.අහසට අයිතිවාසිකම් කියන්න බෑ . නමුත් පොලාවට පුලුවන්..මහ පොලවට අප සැම ආදරය කල යුතු වගේම රැක ගතයුතුයි..නැතිනම් ඒකෙ පල විපාකත් අපිටමයි විඳින්න වෙන්නේ...
ReplyDeleteහමින් රබර්වලින් හදපු සෙරෙප්පු නෙවෙයි ළමයිනේ මේ කතාවට අදාළ.. චින්තන සෙරෙප්පු.. අපි දාගෙන ඉන්න අඩි උස චින්තන සෙරෙප්පු විසිකරලා මිහිතලේ මත ඇවිදින්න අපි ඉගෙනගන්න වෙලා. අපේ දෙමාපියෝ ඇවිද්දේ එහෙමයි.. මිහිතලය පිලිකෙවූ කරන එක නවත්තලා අපිත් එහි කොටසක් කියන එක පිළිගන්න ඕනා ..
ReplyDeleteහැබෑ මහපොලොවයි රබර් සපත්තුයි ගැන කියන්නද ? මම ගෙයක් හදන එක පස්සට දාල සේසතම දාල ටිකක් ලොකු ඉඩමක් ගත්තා. එකේ වැවෙන එක ගහක් වත් කැපුවේ නැහැ. දැන් අවුරුදු නමයක්.. පර්චස් දහයක් අරන් මාලිගා හදපු අය දැන් මගේ ගස් වලට වළි දාන්න පටන් අරන්.. ලොකු ගස් හින්දා ඩෙංගු හැදෙනවලු..එයාලගේ මාලිගාවල් ඈතට පෙන්නේ නැතිලු මගේ ගස් ටික හින්දා.. මගේ කොල්ලයි කෙල්ලයි නිවාඩුවට ලංකාවට ආවාම ඔකේ ඇවිදින්නේ බොහොම සතුටින්. කුරුල්ලෝ පිරිලා..ඉරමුසු ගස් ගලවල අපි කැඳ බොනවා ඉරමුසු තේ බොනවා. ..මම ඒ ගස් බොහොම ආදරෙන් අතගානවා. දැන් මේ පාර මට ගස් ටික කපන්න වෙනවා. නොකැපුවොත් සමිතියෙන් පැමිණිලි කරලා මගේ ඉඩම ආණ්ඩුවට ගන්නවලු !! අර අහිංසක වයසක මිනිස්සු දෙන්නා (මගේ බිරිඳගේ දෙමාපියන් ) බයිට් එකට ගැනීම නතර කරන්න වෙන කරන්න දෙයක් නැහැ.. මම ලංකාවේ ඉන්නවා නම් ඉතින් මගේ ගස් කැපෙන්නේ මං පොළොවට යට උනාමයි.. ඔන්න අපේ මිනිස්සු මහා පොළොවට ආදරේ කරන හැටි.. පයින් ඇවිදින්න ඒ ඉඩමේ ? මේ පාර මම රබර් බුට්ස් අරන් යනවා. මගේ අසල්වැසියෝ ඔක්කොම කුණු බෝතල් කටු දාන්නේ මගේ වත්තට !! තව තව ලජ්ජා හිතෙන වර්ගයේ පාවිච්චි කල දේත් ඒ ගොල්ලන්ගේ තාප්පේ කෙලවරේ මගේ ඉඩමේ තියෙනවා. ගේ තට්ටු තුනයි.. ගෙදර කාර් දෙකයි.. ඔක්කොම කුණු අල්ලපු වත්තට !!
කවුද බොල හූ තියන්නේ..නරි පැනලද..? 1 ට වඩා 4 ලොකුයි ඩෝ... ආයේ මේ මිදි තිත්ත කතාවක් එහෙම නෙවෙයි හරීඊඊඊ...
ReplyDeleteසපතේරුගේ වෘත්තීය සටනට අපගේ උණු සුම් සුභ පැතුම්..!:D:D:D
මං සපත්තු නැතුව සෙල්ලං කරනව දැක්ක මගෙ ඇමරිකන් යාලුවෙක් කිව්ව ඒක දැක්කහම එයාට ඉරිසියා හිතෙනව කියල. පොඩි කාලෙ ඉඳන්ම සපත්තු දාල හුරුවෙලාද නැත්තන් හමේ හැටිද මන්දා එයාලට ඒක කරන්ඩ බෑ.
ReplyDeleteමේක කියවද්දි මතක්වුනා කලීල් ජිබ්‍රාන්ගෙ මුනිවරයා කියන පොත. ඒකෙත් ඔය වගේම කතාවක් තියනවා.
http://www.katsandogz.com/onclothes.html
ඒක තමයි වැඩේ. අද උදේ දුව එක පාරම මල් වට්ටිය අරං මල් කඩන්න යන්න ඕනේ කියලා තනියෙම පාර පැත්තට ගියා. ඊට කලින් මල් කඩලා තිබුනු නිසා, මහත්තයා පස්සෙන් දුවන් ගිහින් ඇය ව කැඳවාගෙන ආවා. කියන්න දෙයක් නැහැ දෙන්නම ඉතිං බෙයා ෆුට් තමයි දාලා හිටියේ...... :D අනේ කෙල්ලට උදේ පාන්දරම ජීවිතේ පළවෙනි වතාවට බල්ලෙක් අමතක වෙලා දාලා ගිය එකක් පෑගිලා, ඕවෑක් ඕවෑක් කිය කියා රුහිතෙට එනවා. පස්සේ තාත්තායි දුවයි දුව නාහෙන් අඬද්දිම සබන් දදා කකුල හේදුවා.... ඉතිං බෙයාර් ෆුට් පැළඳුවහම ඔය වගේ වාසිත් වෙනවා ඉතිං මේ කොළඹ (ට ආසන්න) රටේ....... :D
ReplyDeleteපොළොවේ පයගහලා ඉන්න තරමට සනීපයි, ඉහළකින් වැටී දෙපතුලින් පටන් ගෙන කොඳුනාරටිය දිගේ ඉහළට දැනෙන කම්පනය දැනෙනවා අඩුයි. ආදි කාළයේ පටන් දඬුමොනරාට උරුමකම් ඇති අපි අහස අත්පත් කරගන්න රිස්ක් ගන්න පහුබහින්නේ නැහැ. එහෙම නොවුනා නම් රයිට් බ්‍රදර්ස් හරි වෙන්නේත් නැහැ.
ReplyDeleteතවද, මිනිසුන් පාවහන් පළඳින්නේ නැතැයි හිතමු; එවුන්ගේ හිත්වල දුක යටිපතුල් වලින් මිහිකත මවට දැනී ඇය තවත් අසරණ වෙන්න පුළුවන්. ඒ වගේම ඇගේ කෙඳිරිය දැනෙන හදවත් තවත් කඩා වැටෙන්නත් පුලුවන්. ඒ නිසා උසක් තරම් උඩක නොවුනත් පාවහනේ තරම උඩකින්වත් ඔහේ යාපුදෙන් -- පටි රැඳෙන තුරු.
මමත් හරි ආසයී උදේට උදුපියලිය උඩ ඇවිදින්න නම්. පිණි වැටිච්ච උදුපියලිය උඩ ඇවිද්දි හරිම සනීපයී කකුල් දෙකට. ගමේදී එහෙම ඇවිද්දට මෙහේ ඉතිං කෝ ඒවට ඉඩක්.
ReplyDeleteහැබැයී ඉතිං වැඩ කරන තැනට මොන ජගත ආවත් මං ආපු ගමන් සෙරෙප්පු දෙක ගලවලා ආයේ යද්දී තමයී දාගෙන යන්නේ. මහ වදයක් දවසෙම සෙරෙප්පු දාගෙන ඉන්න එක. හැබැයී ප්‍රශ්නෙකට තියෙන්නේ කකුලේ වැලි පෑගෙද්දී නිතරම අතුගාන්න හිතෙනවා.
හ්ම්.... ඒත් අක්කේ දැන් පාරවල් වල තියෙන ජරාවෙ හැටියට සෙරෙප්පු නොදා යන්නෙ කොහොමෙයි.
ReplyDeleteමාත් ගෙදරදි සෙරෙප්පු නොදා එලියට බැස්සොත් අපේ අම්මගෙන් බැනුම් අහන්න වෙනවා.මොනවා කරන්නද??
ආයෙ කියවන්න ඕනෙ
ReplyDeleteමං නං නිතරම සම්බන්ධෙ තියං ඉන්ටයි මනාප. පොළවේ තියන පාෂාන වර්ග පෑගෙනඑක ඇස් වලටත් හොදයිලු.
ReplyDelete@පූසා
ඕක වෙන්නෙ නුපුරුදු අයට. පොළවේ පයගහල ජීවත් වෙන එවුන්ට ගලක් ඇනුනට තරු පේන්නෙ නෑ එච්චරම. කකුල් පදං වෙලා.(මගේ වගේ)
මහපොළොව ප්‍රතික්ෂේප කරන්නන්ව මහපොළොවද පෙරළා ප්‍රතික්ෂේප කරයි
ReplyDeleteසියයට දෙසියක් එකඟයි...කොන්දේසි විරහිතව!
සෙරෙප්පුවක් දාන එකනම් මහ පොළොව ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඒත් මහ පොළොව ප්‍රතික්ෂේප කිරීම එකට ඊට වඩා හැම අතටම විහිදෙන පුඵල් අර්ථයක් තියෙනව.
ReplyDeleteපොඩි කාලෙ බුදු දහම ගැන නැවත ඉපදීම ගැන යම් අවබෝධයක් එනකොට මමත් මේ වගේ කතාවක් ඇහුව අපේ අම්මගෙන්... මං ඇහුවෙ අපි ගේ හදල තියෙන්නෙ ඉස්සර ආත්මයක මං මැරිල වළලපු තැනක වෙන්න බැරිද කියලා.... ඒත් පාවහන් පැළන්දා කියලා ඔය කියන විදියේ දුරස් වීමක් ඇත්තටම වෙයිද....
ReplyDeleteනිරුවත් දෙපා වලින් ඇවිදින්න හැම තැනම බැහැ....
ReplyDeleteපොලවත් එක්ක තියෙන සම්බන්දය තියෙන්න ඕනෙ නිරුවත් දෙපා තුලින් නෙමෙයි නලිනි, හදවතින්. නලිනි ඒක දන්නවා.
පොලවත් එක්ක වැඩ කරන නිසා මම ඒක හොඳින්ම දන්නවා.
ආයෙත් නන් කියෙව්වා, මොනා කියන්නද මන්ද?
ReplyDelete"එසේනම්, මගේ පය ගැටෙන පස් පිඩෙක, යම් දිනෙක, මුළු ලොවම වැළලී සිටියා විය යුතුය." මෙ කොටසට තමයි මම වඩාත් සංවේදී වෙන්නේ.. මගේම කෙනෙක් මේ පස් පිඩු අතරේ ඉන්නවා නේද කියලා මට හිතුනු වාර ගණන අනන්තයි අප්‍රමානයි. ඔබ එය ඒ ලෙසම මෙහි සදහන් කරලා, ගොඩාක් සිත් ගත්තා.
ReplyDelete[[මා නොවැළලුණු තැනක් මේ මහපොළොව මත නැත. එය සංකල්පයක් පමණක් වියහැකි නමුදු සිතට සතුටක් එක් කරයි]]
ReplyDeleteසංකල්පය තුල හිඳ සිතුවොත්; ඒ කිසිවෙකුත් ඔබ නොවේ. ඔබ නොවන්නේද නොවේ. මේ විසංවාදය තුල ඔය සංකල්පයේ ගැඹුර පිහිටා තිබේ. එහිම එක් තැනකදී ඔබම ඔබ නොවේ.
නැත්තේ නමක් විතරක් නොවේ. ඔබ ද නොමැත.
හැබැයි එය ද සංකල්පයක් පමණි. සතුටක් එක් කරන්නේ නම් එය පිළිගත්තාට කම් නැත. සංකල්ප සංකල්ප වීමෙන් ඒවා නොඅදහන්නට බලකරන බව අමතක කලාට ද කම් නැත.
සංකල්පයක් පමණක් ම ලෙස මනසේ උචිත සම්භාවි අගයක රඳවා ගත්ත ද කමක් නැත. කොහොමත් මනෝ විද්‍යාව එකෝමත් එක පිස්සුවකි.
මාතෘකාවට ආවොත්.
ReplyDelete[[හමින් රබර්වලින් හදපු සෙරෙප්පු නෙවෙයි ළමයිනේ මේ කතාවට අදාළ.. චින්තන සෙරෙප්පු]]
හොඳම කොමෙන්ටුව.
අපි නම් හැමදාමත් බිම. කොහෙන් බැලුවත්. මට වැරදුනු එකම තැන මගේ කාලකන්නි රස්සාව. ඒකත් ළඟදීම ගොඩ දා ගත්තොත් මම සහමුලින්ම බිම.
මට තියෙන මේ මානසික රෝගේ ඊළඟ පරපුරටත් බෝ කිරීම ගැන සන්තෝසයි. සමහර විට එකත "මීමයක්" වෙන්නැති. ඒකිටත් මගේ ගානට පිස්සු.
බිම පය ගහන්න හදිස්සියේ එන කට්ටිය පරිස්සම් වෙන්න. ස්වභාව ධර්මයට අනුකම්පාවක් නැහැ. එයා අපිව හදාගෙන තියෙන්නේ එකිනෙකා පරයා ජීවත් වෙන්න. අනික උන්ව කන්න. ඔය දේවත්වය කියන්නේ ශිෂ්ටාචාරයේ ආරස්සාවට මවා ගත් පින්තුරයක් [තවත් මීමයක් - පුහ් අද මට ඩෝකින්ස් ගෙන් ෂොට් එකක් වැදිලා]. ඊට යටින් අපි සත්තු.
උදාහරනෙකට, ගහකොළට පෙම් කරන්න. එහෙත් එහි හැදෙන මදුරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.
කොයි දේ කොයි හැටි වෙතත්, අක්කර ගානක වනාන්තරයක් එක්ක හැදිච්ච මගේ ආසාවන් මතක් කරලා, පොඩිත්තිය වෙනුවෙන් පර්චස් කිහිපයක වනාන්තරයක් හදා ගන්න වැඩේට අත ගැහුවා.
මං කලින් කිව්වා වගේ අපි නම් බිම තමා.
මට නිතරම මතක් වෙන ජග්ගිත් සිං ගේ ගසල් ගීතයක අදහස මේ සටහනට ගැලපෙනවා කියලා. අද මේක නිවී සැනසිල්ලේ කියෙව්වම හිතුනා .මේ ඒ ගසල් ගීතයේ දල අදහස.
ReplyDeleteमीली हवाओमे उड्नेकी वोह सज़ा यारो
के मैन ज़मीन के रिश्तोसे कट गया यारो.
"Mili Hawaon Mein Udne Ki "- Jagjit Singh & Lata Mangeshkar - movie Sajda
loosely translated as “Friends – I have been punished for flying in the air – I am now cut off from the ground”
http://www.youtube.com/watch?v=JyIYGCyGgA0