Sunday, September 23, 2012

හොදි

රාත්‍රී මුරය අවසන් වෙනකොට උදේ දහයත් පහු වෙලා. ආපන ශාලාවට ගියෙ උදේට කන්නට හිතාගෙන.

"පාන් කාලකුයි අල හොදියි."

මං හිතන්නෙ කලිනුත් කවුරු හරි ඕකම ඉල්ලල තියෙන්නට ඇති. ඒ හින්දද කොහෙද, අයකැමි තරුණයා ඇහිපිය ගහන්නට කලින් උත්තරේ දුන්නා.

"අල නැහැ. හොදි දෙන්නම්."

"ම්හු. එහෙනම් අල හොදි එපා. පරිප්පු හොදි දෙන්න."

මං හිතන්නෙ ඒකත් පරණ ඉල්ලීමක්.

"පරිප්පු තියනවා, හොදි නැහැ!"

මම කල්පනා කළා. අයකැමි තරුණයට මම කල්පනා කරනකල් ඉන්නට තරම් ඉවසිල්ලක් නැහැ.

"මාළු හොදි දෙන්නම්."

"එපා."

අයකැමි තරුණයා ආපන ශාලාවෙ පාරිභෝගිකයින්ට වැසුණු කොටසට එබුණා. මම හිතන්නෙ කවුරු හරි ඇතුළෙ ඉඳන් සංඥාවක් කළා. දෙන්නත් එක්ක තත්පර දෙකක මොකක්ද ඇසිපිය සාකච්ඡාවක්. තරුණයා මා දිහාවට හැරුණා.

"පරිප්පු හොදි දෙන්නම්!"

"පරිප්පු හොදි තියනවද?"

"හදල දෙන්නම්."

"වෙලා යයිද?"

"නෑ, හදල දෙන්නම්... ගේන්නම්!"

ගේන්නම් කියන්නෙ අපිව එතනින් එළව ගන්නට. මම ගිහින් වාඩි වුණා.
අපේ ආපන ශාලාව අනුරාධපුරේ නැත්නම් පොළොන්නරුවෙ තියෙන බී ශ්‍රේණියේ ආපන ශාලාවක් වගේ. කෑම, පහසුකම්, සේවය සේරම හරි ලාබයි. සමහරවිට බී ශ්‍රේණියේ ආපන ශාලාවකටත් වඩා ලාබයි, මොකද අපි සේවකයින්ට ටිප් දෙන්නෙ නැති හින්දා.

විනාඩියක් යනකොට මගෙ පරිප්පු හොද්ද ආවා.
පරිප්පු කියන්නෙ පරිප්පු ඇට තිබුණා.
සුවඳ, මාළු.

පරිප්පු, හොදි "හදලා"!

මම පාන් කෑල්ලක් පොඟවලා කටට අරන් බැලුවා.
මාළු රසයි.
බනිනවද? මං කල්පනා කළා.
බැනලා වැඩක් නැහැ. මට හිතුණා. මමත් ඔය වැඩේ කොච්චර කරන්නට ඇත්ද?

දවස පුරා වෙහෙසිලා ඉන්නකොට, එහෙමත් නැත්නම් නොයෙක් ප්‍රශ්න එක්ක ගැටෙමින් ඉන්න කාලවලට සමහරවිට මගෙ ළඟ අල හොදි නැහැ. නමුත් එක්කො පවුලෙ අය, නැත්නම් හිතවතුන්, ඒත් නැත්නම් පිටස්තරම අය, මගෙන් අල හොදිම ඉල්ලන වෙලාවල් තියෙනවා.

"අල හොදි නැහැ!" මට එහෙම කියන්නට වෙනවා.

සමහරවිට මොකක්ම හරි හොද්දක් දෙන්නට මම බැඳිලා ඉන්න වෙලාවල් තියෙනවා. එක්කො වගකීම හින්දා. එහෙමත් නැත්නම් වෙනත් බැඳීමක් හින්දා.

"මාළු හොදි ඕනද?" මම එහෙම අහනවා. ඒ මට දිය හැකි දේ.

ඒත් මගෙන් පරිප්පු හොදිම ඉල්ලා හිටිනවානම් මම මොනවා කරන්නද? මාළු හොදි ගන්නට අනික් කෙනා සූදානම් නැහැ. වංචා කරන්නට හිතක් නැති වුණත්, පරිප්පුවලට මාළු හොදි කලවම් කරලා දෙන වෙලාවල් නැත්තෙ නැහැ. පරිප්පුත් යහමින් තියෙනවා. ඒත් පරිප්පු හොදිම නෙවෙයි. කන මිනිහා ඒ මිරිස් සැර පරිප්පු හොදි කියලා හිතාගෙන කනවා වෙන්නටත් පුළුවනි. එහෙම නැත්නම්, ඇත්ත දැනගෙන මට හිතෙන් බනිනවා වෙන්නටත් පුළුවනි.

"මෙන්න මාළු හොදි. කනවනම් කන්න. පරිප්පු හොදි නෑ කියන්නෙ නැති හින්දා!"

මං හිතන්නෙ සමහරවිට මම එහෙම කිව යුතුව ඇති.

60 comments:

  1. මේ කිසි දෙයක් තේරුනේ නෑ මට නම්? එක්කෝ මැඩම්ගේ ලියන ස්ටයිල් එක වෙනස් කරලා එහෙම නැත්නම් මම කියවීම අතෑරලා.

    ReplyDelete
    Replies
    1. මේ පොඩි සිද්දියක්. මම ලිව්ව විදිහ අවුල් ඇති. :)

      Delete
    2. මට නං තේරුනේ මේ විදිහට;

      සමහර වෙලාවට අපේ හිතවතකු අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහු/ඇය පතන විලසින්ම අපට එය ඉටු කිරීමට නොහැකි විය හැකියි. ඒත් ඒ ඉල්ලීම කෙසේ හෝ අප ඉටු කරන්නට යාමේදී, ඔහු/ඇය ගේ සිත රිදවන ලෙසින් අවසන් විය හැකියි. මොකද එහිදී අප ඔහුව/ඇයව යම් රැවටීමකට භාජනය කළ නිසා.

      නලිනි, මම හරිද?

      Delete
    3. @ පොත් ගුල්ලා: හරියටම. :)

      Delete
  2. පාන් කාලක්... දත් අස්සේ ගිහාම බඩට යන්න දෙයක් නෑ නේ ...

    කතාව ඇත්ත උනත් මාළු හොදි නොකන කෙනෙක් නම් .. වැරදිලා හරි කවුනොත් ඇලජික් වෙන කෙනෙක් නම් .. ඒක හරිම වැරදි වැඩක් වෙනවා

    ReplyDelete
    Replies
    1. කන ගමන් මමත් කල්පනා කළේ ඒක. මාළු එපා කියනකොට ටිකක් හිතන්න තිබුණා ඒකට අසාත්මිකද කියන එක. සමහර කඩවල එළවළු කෑම එකේ කරවල දාලා දෙන්නෙ, ඒක මස්/මාළු නෙවෙයි කියල හිතල වෙන්න ඕනෙ. ඒ වගේ අපේ කැන්ටිමේ අය හිතන්න ඇති හොදි කියන්නෙ මාළු නෙවෙයි කියලා.

      ඉස්සරනම් මමත් පාන් බාගයක්, ගෙඩියක් කනවා. දැන් කාලට පුරුදු වෙලා.

      Delete
  3. මේ එළවළු මිනිස්සු කන ඒවා... එහෙම කියන්න වෙන්නේ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. :D හික්, ඒක වෙනම ප්‍රශ්නයක්!

      Delete
  4. වැඩ කොච්චර තිබ්බත් මේක පාළුවට අරින්නෙපා...

    අපිට අල හොදි ඕනේ... !!!

    :D

    ReplyDelete
  5. කතාව නියමයි... ඒක කියන්න අමතක උනා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ. බීටලේගෙ අලුත් පෝස්ට් එක දැක්කහම මට මෙහෙ සිද්දි කීපයක් මතක් වුණු හින්දා සැර කමෙන්ට් එකක් ලියවුණා. කියන්න බැරි වුණානෙ අර සින්දුවට මම කොච්චර ආසද කියලා. ඒ වගේම හොඳ පෝස්ට් එකක්. :)

      Delete
  6. ලියලා තියන එක නං තේරුනා මදි වගේ( ඒක මගේ අවුලක් )

    මට දවසක් හම්බුනානේ පරිප්පු හොද්දක තිබිලා හොදටම සූප්පපු මාව කට්ටක්

    ReplyDelete
    Replies
    1. එහෙම තමා. අපි ඉල්ලුවට එළවළු කෑම, කඩකාරයින්ට හිත නැහැ අපිට අඩුවට සළකන්න. පරිප්පු හොද්දෙ ගානට හොඳ මාළු කෑල්ලක් දාන්න පුළුවන්නම් ඒ අහිංසකයො දානව!

      Delete
  7. සිරම සිරා..!

    ReplyDelete
  8. කමක් එකම ගානට පරිප්පුයි මාළු හොදියි ගත්ත වගේනෙ. :D
    හොස්ටල් කැන්ටිමෙන් කාපු මට නම් ඒ කාලේ ඔය කොයි හොද්දෙත් එකම රහම තමා ආවේ. බැන්න කියල වැඩකුත් නෑ.
    කාලෙකින් නේද ලිපියක් දැම්මෙ?

    ReplyDelete
    Replies
    1. ඔව්, හුඟක් කාලෙකින්.
      ඒක ඇත්ත. මම හිතන්නෙ හුඟක් කැන්ටින්වල හොද්දක් වෙනම හදල, ඉල්ලන වර්ගෙන් කෑලි දාල, අර හොද්දම තමා බෙදන්නෙ සේරටම. අපේ කැන්ටිමෙත් ඇතුළෙ වෙන දේවල්, තියෙන දේවල් පිටට පේන්නෙ නෑ. ඒව හෙව්වොත් කන්න නොහිතෙන හින්ද අපි හොයන්නෙත් නෑ.

      Delete
  9. හිතන්න දෙයක් තියන පෝස්ට් එකක්!
    ජයම වේවා ඔබට!

    ReplyDelete
  10. මම නම් කැමතියි ඉල්ලන දේ නැත්නම් නැහැයි කියනවට.. අර විදිහට වහලා දෙන එකෙන් වෙන්නේ අන්තිමට සබඳකම් පලුදුවෙන එකනේ.. හැබැයි කොච්චර නැහැ කිවුවත් අහන්නේ නැත්නම් පරිප්පු වලට කරවල හොදි දාලා දෙන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. :D ඒකනෙ. සමහර අයට තේරෙන්නෙම නැහැ අපි ළඟ හැම වෙලේම අල හොදි නැති වග.

      Delete
  11. අර අල හොදි එකට පරිප්පු ටික දැම්මා නම් ඔයිට වඩා හොඳ හොද්දක් එන්ට තිබුනා නේද?
    තවත් විකල්පයක් තියනවා... පාන් හොදි නැතුව කෑම...:D

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා, අල හොද්දට පරිප්පු දාන්න තිබුණනෙ කියල. සමහරවිට කැන්ටිමේ මනුස්සයා කලින්ම ප්ලෑන් කරන්න ඇත්තෙ මාළු හොද්ද. අල හොදි තියෙන්නත් නැතුව ඇති.
      ඉල්ලුවත් නැතත් පාන් එක්ක සම්බලුත් දෙනවා මෙහෙ. මම සම්බල් කන්නෙ නෑනෙ.

      Delete
  12. අල හොදියි පරිප්පුයි එකතු කළා නම් වැඩේ ගොඩ . අය්යෝ සිම්පල් නේ . චිකන් කියල මාළු කවන්න ...රොටි කියලා තෝසේ කවන්න . අපේ බනියත් එක්ක හටන් කරලා මන් නම් ඔය ගැට දන්නවා . හැබැයි ඉතින් වෙලාවකට මේක විතරයි . කනවා නම් කන්න කියන්නත් වෙනවා . ඔව්ව ඔහොම තමයි . රෝහල් වල කැන්ටිම ගැන නම් මතක් කිරීමත් අමාරුයි. අද කතාව කොටයි . හොදි නැති පරිප්පු , අල නැති අල හොදි ....මෙහම බැහැ .තව දිගට ඕනේ

    ReplyDelete
    Replies
    1. හොදි අඩුයි බින්දි මේ දවස්වල. :D අපි පොඩි කාලෙත් අම්මා ඔය විදිහට බොරු කියලා කවලා තියෙනවා.

      Delete
    2. හොඳ වෙලාවට එහෙනම් මම හොදි කන්නේ නැත්තේ. නැත්නම් අරවා මේවා කියලා මටත් එක එක ඒවා කවන්න ඉඩ තිබ්බනේ.
      ඒ විතරක් නම් මදෑ මම අල කෑලියි ඉඳි ආප්පයි කද්දි බලෙන් හොදි දාන්නත් හදන අයනේ ඉන්නේ.

      Delete
  13. ඒ ඒ කෙනාට ඒ ඒ හොදි කියලා රූපකයක් පාවිච්චි කරන්න ගත්තා නම් හොඳයි කියලා මේක කියෙව්වම මට හිතුනා...

    ReplyDelete
  14. මම කලින් ඉඳන් නෝනා මහත්මයාගේ අඩවිය කියවනවා. මේක නම් කෙටිම කෙටි කතාවක්. වෙලාවක් ඇතොත් අපේ පැත්තෙත් ඇවිත් යන්න.
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. විවේකය ලද විගස ඇවිත් බලන්නම්.

      Delete
  15. පරිප්පු එකට මාලු හොදි හරි දාල දුන්න එක ‍හොඳයි පරිප්පු එකට නිකංම උණුවතුර දාල හොදි හදල දෙනවට වඩා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ස්තුතිවන්ත වෙන්න ඕන කැන්ටිමේ හාදයට.

      Delete
  16. පාන් කාලක්..!!!??? වෙන්න බෑ.. කොහෙත්ම වෙන්න බෑ.. :)

    ReplyDelete
  17. හොදි ඉල්ලා අමනාප නොවන්න............ :)

    හොඳ හොදි හැලියක්නේ.......... හිතාගෙන ගියහම අපි හැමෝම කවලම් හොදි වලින් සංග්‍රහ කරලා වගේම සංග්‍රහ ලබලා තියෙනවා නේද?

    ReplyDelete
  18. හොදි ඕන්නෑ....... මෙලෝදෙයක් තේරුනේ නෑ.

    ReplyDelete
  19. හොදි ඔන් නෑ. මොකෝ නෝනේ මේ..

    ReplyDelete
  20. අම්මෝ.. අල හොද්ද ගිය දුරක්... මමත් ඔය මොඩ්ල් එකට හැදූ හොදි ඕනෑ තරක් ආ ඇත්තෙමි. ඒත් මේවගේ වෙලාවකට පාන් කාලක් කාලා ඇතිද අප්පා...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ අපේ කැන්ටින්වලින් කන අයට ඕක සුපුරුදු අත්දැකීමක්.
      පාන් කාලයි අල හොද්දයි කන්න දැන් පුරුදු වෙලා තොටියො. :D

      Delete
  21. හ්ම්ම්ම්ම්..... හිතන්න දෙයක් ඉතිරි කරලා.

    ReplyDelete
    Replies
    1. මල්ලිගෙ කතා කීපයක් තියනවා කියවන්න. පහුගිය කාලෙ වැඩ වැඩි වුණානෙ. :(

      Delete
  22. ඉල්ලන දේ දෙන්න බැරි වීම, ඉල්ලන දේ නොලැබීම, ඉල්ලූ දේ වෙනුවට වෙනත් දෙයක් ලැබීම, නැති දෙයක් ඉල්ලීම, ඉල්ලන දේ වෙනුවට වෙනත් දෙයක් දීම ... කතාව ඇතුලේ බොහෝ දේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, එදිනෙදා ජීවිතයෙදි නිතරම ඔයින් එකක් වෙනවනෙ.

      Delete

  23. නලිනිත් මේ තක්කඩිකම් වලට අනුකම්පා කරන හැටි! අර කිව්වත් වාගෙ අල හොද්දට පරිප්පු දාලා දුන්න නම් තව එකක්, ඒත් වංචාවනෙ.
    ඔයාගෙ කතාව කියෙව්වට පස්සෙ මට හිතුනෙ නලිනි, ඔය අපි කාලා දීසියෙ ඉතුරු කරන හොදි වලට මොනවා වෙනවා ඇත්ද කියලා. :O

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඉතිරි වෙන හොදි, පාන් පෙති, ඉඳි ආප්ප සේරම වෙන කාට හරි බෙදල දෙනව ඇති. :D
      අහ්, ඔයාගෙ ඩෙනිම! ඇවිත් බලන්නම්. බ්ලොග් එකේ එල්ලලත් තියන්නම්. :D

      Delete
  24. “අල හොඳි එපා, පරිප්පු හොඳිත් එපා මට මාළු හොඳිමයි ඕනේ. කලවම් කරල අහු වුනොත් අඩු කඩනවා. “

    එහෙම කියන අයත් ඉන්නවා.එහෙම අය ළඟට ඉරෙන් හඳෙන් හරි ඉල්ලනම දේ ලැබෙනවා.

    හොඳි කියා ගන්න බැරිව ඉන්න වෙලාවට අන්න අර කියපු ජාතියෙ කෙනෙක් ආවොත් ඉතින් “ හොදි ඔන් නෑ “

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඒකත් ඇත්ත. සමහරවිට මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ තදින්ම ඉල්ලන කෙනාට ඉල්ලන දේ දීලා, ඉවසන කෙනාට අඩු හැන්දෙන් බෙදන්න. ගෙවල්වල දරුවන්ට වුණත් එහෙමනෙ සළකන්නෙ.

      Delete
  25. බෑ බෑ පරිප්පු නම් පරිප්පු
    අල නම් අල

    මට ඕන එක නැත්තම් මම නම් නොකා ඉන්නව........:)

    ReplyDelete
  26. සමහර අය ලඟ නම් ඔය ඕනම හොද්දක් තියනවා, ඒ උනාට කවුරු හරි ඉල්ලපුවහම දෙන්න හදන්නේ එක්කෝ තමන්ට වැඩක් නැති හොද්දක්, නැත්නම් ඉල්ලන එකා අකමැති හොද්දක්. කොහොමටත් වැඩිපුර හොදි තියන අය එහෙමයි... ඒ වගේම සමහර අය බලලා බලලා ඉල්ලන්නේම අනිත් එකා ලඟ නැති හොද්දක්... පරිප්පු හොදි කන්න පුලුවන් උනත් බෑ වගේ ඉල්ලනෙම අල හොදි. ගොඩක් අය තෙරුම් ගන්නේ නෑ, පාන් කෑල්ල අල හොද්දේ වගේම පරිප්පු හොද්දෙත් ගාගෙන කන්න පුලුවන් කියලා, එහෙම නැතිනම් සම්බෝල, ඒත් නැත්නම් සීනි ටිකක් ඉහලා, බැරිම උනොත් නිකනුත් කන්න පුලුවන්.

    ඒක නෙමේ, මිරිස් වැඩිපුර දාල, හොඳට බැදපු තුනපහ දාල උකුවට හදපු කුකුල් මස් හොද්දක් එහෙම නැද්ද?

    ReplyDelete
  27. //කන මිනිහා ඒ මිරිස් සැර පරිප්පු හොදි කියලා හිතාගෙන කනවා වෙන්නටත් පුළුවනි. එහෙම නැත්නම්, ඇත්ත දැනගෙන මට හිතෙන් බනිනවා වෙන්නටත් පුළුවනි.//

    හොඳි ඕන්නෑ කියලා හිතුණා.. :D

    හොද්ද ඇඳුන දිග.. හිතන්න යමක්.. අපූරුයි අක්කෙ..

    ReplyDelete
  28. ඕන හොද්දක් ඔරොත්තු දෙන කෙනෙකුට පරිප්පු ඉල්ලුව වෙලාවට හොදි නැත්නම් මාලු හොදි ටිකක් කලවම් කර දීමේ වරදක් මටනම් පේන්නෙ නෑ... මොකද කොයි එකෙත් අන්තිම ප්‍රතිපලය එක වීම නිසා... හැබැයි ඉතින් බිල දාන්න ඕන පරිප්පු ගානට...

    ( දොස්තර නෝනා ඉන්න තැන්වල හොදි නැතිව පරිප්පු කන්න තියන එක පුදුමෙකුත් නෙවෙයි):D

    ReplyDelete
  29. ෙහාද කථාවක්.ජය

    ReplyDelete
  30. හිත හිතා ඉන්න දෙයක් ලැබුනා. ස්තුතියි :).
    එකට ඉස්සර අපේ කැන්ටිම ...මාළු නම් මාළු, මස් නම් මස් , ඕන එකකට වෙනම හදපු හොදි හැන්දක් දාපුවාම ..මාළු හොදි හෝ මස් හොදි

    ReplyDelete
  31. අපිත් ගොඩ දුරට කන්නේ පරිප්පු තමයි නලිනි අක්කේ.(ඩොක්ටර් කියලා කිව්වම නිකම් ඈතයි වගේ.ඒ නිසයි අක්කා කිව්වෙ.ඒක ඕ.කේ නේද?)
    වෙනස තියෙන්නේ ඒ පරිප්පු ඇටවත් හොදිවත් නැති ඒවා වීමයි!

    ReplyDelete