Tuesday, October 2, 2012

බුදිමත

අපට වාණිජ්‍යය ඉගැන්වීමට ආ ගුරුතුමිය මැණික් ව්‍යාපාරිකයකුගෙ සහකාරියක්. "බුදිමත" කියන වචනෙ අපට ඉගැන්වූයෙ ඇය.

අපේ වාණිජ්‍යය කාලඡේදය තිබුණෙ විවේක කාලයෙන් පස්සෙ. පන්තියට එන අපේ ගුරුතුමිය, "ළමයි, කාලා ඉවර වුණාට පස්සෙ දැනෙන නිදිමතට තමයි බුදිමත කියන්නෙ. ඕගොල්ලොත් ටිකක් නිදා ගන්න." කියා ගුරු මේසය මත ඉහ ගහගෙන නිදා ගත්තා.

අපෙත් ලොකු අකමැත්තක් තිබුණෙ නෑ වැඩේට. මොකද, ඉගැන්වීම යනුවෙන් ඇය අදහස් කළේ පාඩම් පොත කියවීම වූ අතර, පන්තියේ සිටි හතළිහක් පමණ වූ සිසුන් සඳහා මුද්‍රිත පෙළ පොත් තිබුණෙ අතළොස්සක්. ඒවත් වසර ගණනාවක් පාවිච්චි වුණු කිලිටි, ඉරුණු පොත්. කලින් වසර වලදිත් මේ වගේම පොත් කිහිපයක් තමයි පන්තියට ලැබිලා තියෙන්නෙ.
"පොත් නැහැ. ආවහම දෙන්නම්. එතකම් බෙදාගෙන පාවිච්චි කරන්න." එහෙමයි අපට කිව්වෙ.

ගුරුතුමියට බුදිමත වෙලා නිදිය ගත්තා. ළමයිනුත් සමහරවිට නිදිය ගත්තා. එහෙම නැත්නම් නිදා සිටින කොටි ඇහැරවගන්නෙ නැතුව පරිස්සමින් පන්තියෙන් පිට වෙලා පාසල් වත්ත දෙවනත් කළා.

එදා එක්කො නිවාඩු දිනයක්. එහෙමත් නැත්නම් සවස් කාලය. මම ඒ වෙලාවෙ පාසලේ හිටියෙ මොකක් නිසාද කියලා මට මතක නැහැ. රස්තියාදු වෙමින් හිටිය අපව අවේලාවෙ වීදි සංචාරය කරමින් සිටි අංශ භාර ගුරුතුමියකගෙ ඇසට හසු වුණා. ඇය අපව දක්කාගෙන ගියා අපේ සියවස් සැමරුම් ගොඩනැගිල්ලෙ හතරවැනි තට්ටුවට. එතන අපේ රැස්වීම් ශාලාව. වේදිකාව දෙපසින් අගුළු ලෑ කාමර දෙකක් තිබුණා. ගුරුතුමිය මේ කාමර විවෘත කළා.

කාමර පුරවා තිබුණෙ මුද්‍රිත පෙළ පොත්වලින්.

"මේවා කාර්යාලයට ගෙනියලා, එතැන තියෙන  ලොරියට පටවන්න." ගුරුතුමිය අපට විධානය කළා.
අවශ්‍ය තරමට වඩා ලැබුණු අමතර පොත්යයි සළකා වසර කිහිපයක් තිස්සේ ගබඩා කොට තබාගෙන, ආපසු දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතව තිබුණ මේ පොත් ගොඩ අස්සේ ඇති තරම් අළුත් වාණිජ්‍යය පොත් තිබුණා.
කවදාවත් පාවිච්චි නොකළ අළුත්ම අළුත් පොත්.

ගුරුතුමියට මේ බව දැන්වූවිට, මගේ පන්තියට අවශ්‍ය තරම් වාණිජ්‍යය පොත් වෙන් කර ගැනීමට ඇගේ අවසරය ලැබුණා.

බුදිමත විෂය සඳහා අපට පෙළපොත් හම්බුණේ එහෙමයි. අහම්බෙන්...

64 comments:

  1. අනේ අපේ රටේ අධ්‍යාපනේ.....

    කවුරු මොනව කිව්වත් මම හිතන්නේ අපේ රටේ ළමයි විභාග පාස් වෙන්නේ ටියුශන් මාස්ටර්ලට පින් සිද්ධ වෙන්න.. ටියුෂන් ගුරුවරු මුදල් අරගෙන උනත් කරන්නේ අමිල සේවයක් කියලත් හිතෙනවා....

    මමත් උ.පෙ කරද්දි අනන්තවත් ඔය වගේ අත් දැකීම් වලට මුහුණ දුන්නා..

    ReplyDelete
    Replies
    1. සමහර ගුරුවරුන්ට හොඳින් ඉගැන්වීමේ හැකියාව නැති හින්දා ශිෂ්‍යයන්ට වෙනත් ගුරුවරයෙක් හොයාගෙන යන්නට වෙනවා. අපට උසස්පෙළට හිටිය සත්ව විද්‍යාව හා උද්භිද විද්‍යා ගුරුතුමියන් හොඳ නිසා මම ඒවට ටියුෂන් ගියෙ නැහැ. නමුත් විභාගෙ කිට්ටු වෙනකොට ටියුෂන් පන්ති දවස පුරා පැවැත්වෙන්නට ගත්තහම, අපේ පන්තියෙ ඉතුරු වුණේ මා ඇතුළු තව අට දෙනෙක් විතරයි. එහෙම වුණහම හොඳ ගුරුවරුන්ටත් ටිකක් කම්මැළි හිතෙනවා. ළමයි කොහෙන් හරි ඉගෙන ගනීනෙ කියලා හිතන්නට පෙළඹෙනවා. ඉතින් සමහර දිනවලට අපි අටදෙනාට ගුරුතුමියගෙ පරණ පොතක්/ සටහනක් පෙරළගෙන ඒක කොපි කරගැනීමට සිද්ද වුණා, ගුරුතුමිය විසින් කිසිම පැහැදිලි කිරීමක් නොකරම.
      නමුත් සමස්තයක් වශයෙන් අපේ ඉස්කෝලෙ ගුරුවරුන් ඉතාම හොඳයි.

      Delete
  2. හරි... හරි ...
    ඔය කියන්නෙ 6%ක්ම ඕන නෑ කියලනෙ....

    ReplyDelete
    Replies
    1. මොනවා කිඹුලෙක්? මේ කොරහෙ?

      Delete
    2. :D

      මම මේ කල්පනා කලේ බුදිමත හැදෙන්නෙ බුදිනවා වැඩි නිසා.... ඒ වුනාට නිදිමත හැදෙන්නෙ නිදියනවා මදි නිසා... එහෙම නැත්තම් නිදියන්න ඕන නිසා.. බලමුකො ඒකෙත් හැටි.. :)

      Delete
  3. හපොයි! පුදුමෙකුත් නෑ ඉහල සිට පහලටම එකම අච්චුවේ පරිපාලනය තමා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මම මේ සමගම ලිව්වා මම රැකියාව කළ ස්ථානවල ඔය හා සමාන සිද්ධි කීපයකුත්. පස්සෙ ඉතින් මොකටද කියලා ඒවා මකල දැම්මා.

      Delete
  4. හිකිස්.. බොලාත් නොනිදාම ඉදී චාන්ස් එකක් ලැබුනොත් :)

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව කොහොමද? අපි සාමාන්‍ය ළමයි නොවැ. :D

      Delete
  5. අනේ හොඳයි අර වානිජ්‍යය උගන්නපු එක්කෙනා නිදාගන්නේ නැතුව ඉගැන්නුවා නම් රටට තව හොඳ වයිද්යවරියක් අහිමි වෙලා යන්න තිබුනා.. ඔන්න බලන්න නරකත් හොඳ වෙන හැටි.. ඔහොම කෙනෙක්ගෙන් ඉගනගත්ත අය වෙන්නැති රට කරන්නේ මේ කාලේ..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ, මට බිස්නස්කාරයෙක් වෙන්න තිබුණා නේද? :D

      Delete
  6. හෙහ් හෙහ්... ඒකත් මරු වැඩේ :)

    අපිට හිටියේ නෑනේ ඔහොම ටීචලා. අපරාදේ කිසි කරදරයක් නැතිව නිදාගන්න තිබුනා

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තව ගුරුවරයෙක් හිටියා, "ඔය නිදිමත කට්ටිය අමාරුවෙන් ඇහැරගෙන ඉන්න ඕන නැහැ. අපි පාඩම ඉවර වෙලා ඇහැරවන්නම්." කියලා කියන. :D
      එසේම වේවා.

      Delete
  7. එකඟයි ඒත් අඩුම ගානේ 5% වත් ලැබුනොත් වටිනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලැබෙන දෙය නිසියාකාරව යෙදවෙන්නත් ඕන.
      ජීවිතේ පළවෙනි අවුරුදු විස්ස තුළ කරන කියන දෑ මත, සිද්ද වෙන දෑ මත ඉතිරි මුළු ජීවිත කාලයම රඳා පවතින විදිහෙ ක්‍රමයක් තුළ ඉද්දි, ඒ මුල් අවුරුදු විස්ස තුළ අපට ලැබෙන දේවල් කෙරෙහි අවම පාලනයක් ඇතුව සිටින්නට වීම අභාග්‍යයක්. නිසි පෝෂණයක් ලැබෙනවද, නිසි අධ්‍යාපනයක් ලැබෙනවද, දක්ෂතා දක්වන අංශයන් දියුණු කරගැනීමට රුකුල් ලැබෙනවද, රෝගාබාධවලට නිසි ප්‍රතිකාර කලට වේලාවට ලැබෙනවද, පෞරුෂ වර්ධනයට සුදුසු වාතාවරණයක් තියෙනවද වගේ කාරණා හැම එකටම ප්‍රධාන වශයෙන් බලපාන්නෙ දෙමවුපියන්ගෙ තරාතිරම, ඔවුන්ගෙ ආර්ථික හැකියාව, අදාල කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගෙ දැනුම සහ උනන්දුව. කලාතුරකින් අති දක්ෂ ළමයෙක්, එහෙම නැත්නම් අති ධෛර්යවත් ළමයෙක් ඔය කිසිම සාධකයක් නැතුව, ළමා කාලයෙදිම හෝ වැඩිහිටි කාලයෙදි යා යුතු තැනට යයි. බහුතරයකට එහෙම නෙවෙයි.
      ඒ හින්දා මම ඉන්නෙ අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය වගේ දේවල්වලදි හැමටම සම අවස්ථා තිබිය යුතුයි කියන තැන.

      නමුත් අවුරුදු 16ක් විතර වුණාට පස්සෙනම්, ළමයින් වැඩිහිටියන් වීමට උගත යුතුයි. ඒ හින්දා නිකම් ලැබෙන දේවල් අවම කරලා, අර්ධ කාලීන රැකියා හෝ අධ්‍යාපන ණය ආදියෙන් තමන්ගෙ වියදම හොයාගන්නට ළමයින් පොළඹවන පරිසරයක් තියෙනවනම් මම කැමතියි. ආර්ථික හැකියාව තියෙන දෙමවුපියන්ගෙ දරුවන්ට වුණත් අනෙක් දරුවන් හා සමාන අවස්ථා ලැබෙන්නට ඕන. එහෙම නැතුව කොහොමද ඒ ළමයි හිතුවක්කාරකම් කරන්නෙ. දෙමවුපියොන්ගෙ රූකඩ වෙන්න ඉඩ තියෙනවා, ස්වාධීන වෙන්නට ඉගෙන නොගත්තොත්.

      ඕකට ඕන සීයට කීයක්ද කියලා මට අවබෝධයක් නැහැ. මම ආර්ථික විද්‍යාව ඉගෙනගෙන නැහැ.

      Delete
    2. මසුරං වටින කතාවක් නලිනි.. අවාසනාවට ඔය ටික තේරුම් ගත්ත/ ගන්න අය කීයෙන් කී දෙනාද ඉන්නෙ.. :(

      Delete
  8. අපට භෞතික විද්‍යා ගුරුවරයෙක් කියල කෙනෙක් හිටිය 13 වසරෙදි. දක්ෂ ගුරුවරයෙක් හැටියට ටියුෂන් වෙළඳපොලේ ප්‍රසිද්ධයි. හැබැයි පන්තියේ රැඳුනේ හරිම ටික වෙලාවයි. ඒ කොතරම් අඩුවෙන්ද කියනවනම් පොතේ එක ළඟ පිටු දෙකක දින 4ක් සඳහන් වෙලා තිබුණ මට මතකයි.

    නිකමට වගේ පන්තියේ ලේසියෙන් ලඟා වෙන්න අමාරු බාල්කයක අපි ලොකුවට සඳහන් කරපු විරෝධතා වැකියෙන් පස්සේ අපිට හොඳ ගුරුවරියක් ඒ සඳහා ලැබුණා. :)

    ඒ වගේම මම භෞතික විද්‍යාවට ටියුෂන් ගියේ වෙනත් පාසලක ගුරුවරයෙකුගේ . නියමමම ගුරුවරයෙක් කියන්නේ පාසලෙත්, ටියුෂන් එකේදීත් කිසිම වෙනසක් නැහැ. විෂය නිර්දේශය ඉක්මවා වැඩි පුර දේ උගන්වලාත්, විභාගෙට මාස 6කට කලින් උගන්නලා ඉවර කරනවා. විභාගේ කිට්ටු වෙන කොටවත් සිලබස් ඉවර කර ගන්න අමාරු විෂයක්නේ භෞතික විද්‍යාව.. ඇත්තටම මට ජීව විද්‍යාවට වඩා හොඳ ප්‍රතිපලයක් ලැබුන භෞතික විද්‍යාවට. :)

    එහෙම ගුරුවරු අඩුම අඩුයි..

    තවත් විවිධ ආකාරයේ උදාහරණ තියෙනවා, මෙතන මාගල් කමෙන්ටුවක් දාන්න බැරි නිසා මගේ බ්ලොග් එකේ වෙනම පොස්ට් එකක් දාන්න හිතා ගත්තා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඉගැන්වීමට දක්ෂ සහ යහපත් ආකල්ප සහිත ගුරුවරුනුත්, එහෙම නැති ගුරුවරුනුත්, ඒ අතර අති මහත් බහුතරයක් ගුරුවරුනුත් ඉන්නවා. හුඟක්ම දක්ෂ ශිෂ්‍යයෙකුට ගුරුවරයා වැදගත් සාධකයක් නොවුණත්, අනෙක් ළමයින්ට ගුරුවරයාගේ දක්ෂතාවය වැදගත්. එහෙම බලද්දි දක්ෂ ටියුෂන් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගැනීමට ලැබෙන එක වටිනවා.

      Delete
  9. මේ වගේ ගුරුවරු අතර දෙවිවරු ‍වගේ අයත් ඉන්නවා. මට ඒ වගේ යහපත් ගුරුවරු ගොඩක් මුණ ගැහිල තියෙනවා. ඒ ගැනත් ලියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්, මගේ පාසලේත් හිටියෙ බහුතරයක් ඉතාම හොඳ ගුරුවරු. මේ ජාතියෙ අය එක්කෙනෙක් දෙන්නෙක් තමයි හිටියෙ.

      Delete
  10. ඔය වැඩේ හුගක් විදුහල් පති වරුන්ට, උප කුලපති වරුන්ට තියන රෝගයක්,
    ඔහොම ඉතිරි කරලා යන්නේ ලොකු ලොක්කොන්ගෙන් එක ලබා ගන්න. අන්තිමට ඒ තරගෙන් කෙළවෙන්නේ අහිසක ළැමයි ටිකකට.

    අක්කේ ඔය ලෙඩේට බෙහෙත් දෙන විදිහල් හොයා ගත්තොත් ලංකාවම දිනුම්

    ReplyDelete
    Replies
    1. ඕඕ, මම හිතන්නෙ අනෙක් ආයතන තුළත් ඉන්නවා ඒ ජාතියෙ මැදි පන්තියෙ පරිපාලකයින්. ඉහළට එක දා ගැනීම පිණිස තමන් යටතෙ ඉන්න සේවකයන් මරවමින් වැඩ ගන්න, අත්‍යවශ්‍ය උපකරණවත් එළියට නොදමා හංගාගෙන "ඉතිරි" කරන උන්දලා.

      Delete
  11. මට ලැජ්ජයි මේකට කමෙන්ට් එකක් දාන්නත්. එකම වරිගයා වීම හේතුවෙන්. හැබැයි "නොදෝමකින්" කියලා කට ඇරලා කියන්න පුලුවන් බය නැතුව.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා වෙන්න දෙයක් නැහැනෙ. මොකද, ගුරුවරුන් කියන්නෙත් සමාජය තුළින්ම ආ කොටසක්. හොඳ අය, නරක අය, අතරමැදි අය ඉන්නවා. නමුත් පුහුණුවක් දෙනකොට ආකල්ප වර්ධනය ගැන මීට වඩා අවධානයක් යොමු කළ හැකිනම්, මේ වගෙ අය අවම කරගන්නට පුළුවන්.

      Delete
  12. තව එක ප්‍රශ්ණයක් නලිනි. ඇයි ඔයා වාණිජ්‍යය කලේ? ඔයා කලේ සයන්ස් ස්ට්‍රීම් නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඕඕ, මේ කියන්නෙ මම සාමාන්‍ය පෙළ කරද්දි සිද්ධියක්. සාමාන්‍ය පෙළට වාණිජ්‍යය හා ගිණුම් කියල එකක් කොළා නොවැ. උසස් පෙළ කළේ ජීව විද්‍යාව තමා.

      Delete
  13. හී..............................මරු කතාව..:)

    ReplyDelete
    Replies
    1. හීඊඊඊඊඊඊඊඊඊඊඊ :D තැන්කූ.

      Delete
  14. මැණික් වියාපාරිකයෙක්ගේ පවුල කිව්වනෙව... මං හිතන්නේ වියාපාරිකයට මැණික් බලනවා ඇර වෙන වැඩක් තිබිලා නැද්ද කොහේද..? නැත්තං බුදිමත කියන්නේ මොකක්ද කියලා හරියටම දැන ගන්නවා ඔය ගුරී... පවු උන්දා ඔහොමවත් බුදිමත හදාගන්න එකට වරදක් කියන්ට හොඳ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඔයා දන්න තේරුම වැරදියි. ආහාර බුදීමෙන් අනතුරුව හැදෙන නිදිමත.

      Delete
    2. අපට තේරෙන්නෙ නැති මොනව හරි දෙයක්ද ඔයාලා කතා කරන්නේ.....:D :D

      Delete
  15. අම්මප අපිටත් හිටියනම්...ඔහොම ටීචල..හිකිස්..!

    ReplyDelete
    Replies
    1. බලං ගිහාම මං වාසනාවන්තයිනෙ. මට හිටියා "නිදිමත අය අමාරුවෙන් ඇහැරං ඉන්න ඕන නැහැ, අපි පාඩම ඉවර වෙලා ඇහැරවන්නම්." කිව්ව ගුරුවරුත්.

      Delete
  16. හරිම බුදිමතක් නෙ තිබිල තියෙන්නෙ ඈට. මටත් මේ වෙලාවෙ පොඩි කතාවක් මතක් වෙනවා. අපේ මහත්තයා පරණ කම්බි වගයක් බලන්න පරණ බඩු විකුණන කඩයට ගියා. ඇවිත් මට කීවා දහම් පාසැල් පොත් ගොඩක් ඒ කඩේ තියෙනවා අලුත්ම ඒවා, ඇයි? කියල දන්නෙ නෑ කියලා. මම කිව්වා අපි ගෙනත් බලමු ටිකක් කියලා. බැලුවහම අපේ සාසනාරක්ෂක බල මණ්ඩලයෙ ලොකු හාමුදුරුවන් ඒ පොත් ටික ව්කුනලා ඒ කඩේට. අපි ඒවා සේරම මුදල් දීලා ආපසු අර ගත්තා. අරගෙන අපේ ඥාති හාමුදුරු කෙනෙක් ඉන්නවා තිස්සමහාරාමෙ, එහෙට ගෙනිච්චා. ඒ පැතිවල දරුවන්ට පොත් නෑ ඉගෙන ගන්නට. අපේ රටේ හැටි මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අක්කෙ ප්‍රශ්නෙ. සම්පත් නැතුව නොවෙයි. ඒවා නිසියාකාරව බෙදිලා නැහැ. තියෙන අය නාස්ති කරන්නට පෙළඹෙනවා. අක්කලා කළ වැඩේ හුඟාක් පින්.

      Delete
  17. නොමිලේ දෙන දෙයක වටිනාකමක් නැත.
    අපේ රටට ලැබෙන විදේශ ආධාර වලට වෙන්නෙත් ඕකමයි.
    ඔක්කෝම එකයි...

    ReplyDelete
    Replies
    1. ඕඕ, ආපදාවන් ආදියේදි දෙන ආධාර වුණත් එහෙමයි. නොමිළෙ දෙන හින්දා පැනලා ගන්නට, නැත්නම් උදුර ගන්නට, වංචාවෙන් ගන්නට වුණත් එන මිනිස්සු ඕන තරම්. ඒක ලැජ්ජාවක් කියලා හිතන්නෙ නැහැ. ඇත්තටම ආධාර අවශ්‍ය වෙලා අනුන්ගෙන් යැපෙන කෙනෙක් වුණත්, ඇතැම්විට මේ කෙනෙක් මහන්සියෙන් හම්බ කරලා, අප වෙනුවෙන් වියදම් කළ දෙයක් නේද කියලා අරපරිස්සමක්, නිසි පල ප්‍රයෝජන ගැනීමක් නොකරන අවස්ථා තියෙනවා.
      මනුස්ස ගතියද මන්දා.

      Delete
  18. හෆොයි වාණිජ. මම නම් ගොඩ දැම්මෙ අන්තිම සති දෙකෙන් විතර. කොහොම පාස් වුණාද මන්දා

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. අපිට හොඳ වෙලාවට ඕක තිබුණෙ නෑ අවසාන විභාගෙට. :)

      Delete
  19. බුදීමෙන් පසු ඇතිවන මත = බුදිමත
    ටීචර් හරි!

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඒක තමයි ටීචර්ගෙ නිර්වචනය. බුදිනවා කියන එකෙන්.

      Delete
  20. හේ හේ....... //බුදිමත විෂය සඳහා අපට පෙළපොත් හම්බුණේ එහෙමයි. අහම්බෙන්...// එකත් නියමයි

    ReplyDelete
    Replies
    1. :) නෑ කියලා හිතන් හිටිය පොත්!

      Delete
  21. ඔබ වෛද්‍යවරියක් බව පෝස්ට් කියවීමෙන් පැහැදිලි වේ. අපගේ ජීවිතය ගමන් කරන මාර්ගය මෙවන් සුළු සුළු සිද්ධි මත හමුවේද වෙනස් විය හැකිබව ආපසු හැරී බැලීමේදී පෙනෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවලදි එතරම් වැදගත්කමක් නොදෙන සිද්ධි පවා අපේ චර්යාවට ආකල්පවලට බලපෑමක් කරනවනෙ.

      Delete
  22. අපොයි හරිම කැම්මලි ටීචර් කෙනෙක්නේ .ඒත් ඔය පෑසැලේම ඉතාමත් හොඳ ගුරුවරියක් ගැනත් මීට කලින් කීව බව මතකයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි. අපේ ඉස්කෝලෙ ඉතාම හොඳ ගුරුවරුන් හුඟාක් හිටියා. කිවූ කතාත් ඇත, නොකියැවුණු කතා ඊට වඩා ඇත.

      Delete
  23. අපේ ඉස්කෝලෙත් හිටිය ඔහොම සමාජ අධ්‍යයනය උගන්වන ටීචර් කෙනෙක්. එයා පන්තියට අව ගමං ළමයෙක් ලව්ව පැනඩෝල් ගෙන්නගෙන බීල නිදියගන්නව.
    හොඳ වෙලාවට අපේ පංතියටනං අහුඋනේ නෑ.

    ReplyDelete
    Replies
    1. සමාජ අධ්‍යයනය කොහොමත් ටිකක් කම්මැළි විෂයයක්නෙ. ඒ ටීචර් පැනඩෝල්වලට ඇබ්බැහි වුණු කෙනෙක්ද දන්නෑ. :D

      Delete
  24. අලුත් පොත් වල එව සුවඳ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඕඕ, අළුත් පොත්වල පුසුඹ... ම්ම්ම්ම්!

      Delete
  25. අපේ ඉස්කෝලෙත් හිටියා හැමදාම අපිට මොකක්හරි වැඩක් දීලා නිදාගන්න ටීචර්ලා..

    ReplyDelete
    Replies
    1. එහෙම අය බලන් ගිහාම හැම තැනම. ගුරු විද්‍යාල ටිකේ විෂය මාලාව සංවර්ධනය කරන්න වෙනව!

      Delete
  26. බුදිමත
    මරු නිර්වචනෙ

    ටීචර්ගෙ ගෝලයෙක්ද කොහෙද වරග්පූර්නිකාව ලියන්නෙ:)

    ReplyDelete
  27. ඇපේ හිටියා සර් කෙනෙක් පන්තියට ආපු ගමන්ම ඉස්සරහ පේලියෙ ළමයෙක්ට සල්ලි දීලා තේ ගෙන්නගෙන බොනවා. පීරියඩ් එක ඉවර වෙනකල් තේ එක බොන එක තමා වැඩේ. වයසක මනුස්සයෙක්.

    ReplyDelete
  28. අයියෝ සල්ලි... ඔන්න බලන්න රටේ සම්පත් ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබිලත් නිකරුනේ අපතේ යන හැටි... ඒ ටීච්ර්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ බුදුයගන්නද? (පන්තියේ අහුනොවෙන්න හොරාට බුදියගන්න එක වෙනම කතාවක්)

    ReplyDelete
  29. අවාසනාවට මෙහෙම අත්දැකීමක් ලබන්න අවස්ථාවක් ලැබුණා.

    අපි උසස් පෙළ පන්තිය පටන් ගන්නවාත් සමඟම නියමිත විෂයන් හතරට (ඒ කාලේ හැම අංශයකින්ම විශයන් හතරක් කරන්න නියමිත විය ) අමතරව ඉංග්‍රීසි විෂයක් හැටියට ඇතුලත් කලේ පාසැලට පත්ව ආ අලුත් විදුහල්පති තුමා. සතියකට කාලපරිච්ඡේද තුනක් හෝ හතරක් ඒ සඳහා වෙන්වුනා, අවාසනාවට අපේ පන්තියට ඉංග්‍රීසි විෂය වැටී තිබුණේ දවසේ අන්තිමට වෙන්න. අපේ ඉංග්‍රීසි සර්ට තිබුණේ අනුකම්පා සහිත හිතක්. පන්තියට ආපු ගමන් ඊට කලින් තිබුණ විෂයන් ගැන අහලා කැමති අයට පුස්තකාලයට යන්නත් අනික් අයට කැමැති දෙයක් කරගන්නත් උනන්දු කරවනවා.

    ඒ කාලේ රජයෙන් පොත් ලැබුනේ නැහැ. උ.පෙ ඉවර වෙලත් අපිට මිලදී ගන්න වූ පොත අළුත් පිටම තිබුණා.

    පාසැල් කාලයේ දී සර්ට කැමැති අය බොහෝ උන්නා, ඉන් පසුව අවුරුදු ගනනක් ගිහිල්ලත් ඔවුන් සර්ට බොහෝ පින් දුනා.

    අවුරුදු කිහිපයකට පසුව ඒ සර් වෙනත් පාසැලක නි.විදුහල්පති ලෙස පත් වූ බව ආරංචි වුණා. සෑර් තවත් ඉහළට ගිය බව ද ආරංචියි.

    ඒ සෑර් ගැන මතකය එහෙම වුනත් අපිට හරි මග පෙන්වූ ගුරු මව්වරු පියවරුනට නිතිපතා පින් දෙනවා.

    ReplyDelete
  30. එයා නෙමේනේ . කෙමිස්ට්‍රි මිස් සෑහෙන්න හොඳයි. බොට්නි මිස් නම් රත්තරන් . එයාගේ මහත්තය ප්‍රසිද්ධ උද්භිද විද්‍යා ටියුෂන් මාස්ටර් කෙනෙක් . හැබැයි මෙයා අපට ඉගැන්නුවා ටියුෂන් නොගියත් පාස් වෙන්න පුළුවන් මට්ටමට . අදත් මන් ආදරෙන් සිහිකරනවා ඇයව. පිසික්ස් වලට ටියුෂන් ගිය සර් වැඩිහරියක් කලේ කොල්ලන්ගේ විනය පරික්ෂා කරන එක . උගන්නන කාලේ අඩුයි .

    මොනවා කරන්නද හැමෝටම හොඳ ගුරුවරු වෙන්න බැහැ නේ . නමුත් අඩු ගානේ පන්තියේ නිදා නොගන්න වත් එපාය . අපිට නම් පෙළපොත් වලින් අඩුවක් තිබුනේ නැහැ . හැබැයි 8.9.10 11 වසර වල පොත් ආයෙම එකතු කලෙත් නැහැ . මන් හැමදාම හිතුව O /L ඉවර වුනහම ඒ පොත් ගත්ත නම් කොච්චර හොඳද කියල . පෙළපොත් නිකන් දෙන්න ගත්තේ අපි ඉස්කෝලේ ගිය කාලෙම වගේ . මුල් කාලේදී පරණ පොත් එකතු කර ගත්ත . පන්තියේ පන්තියේ මුල හරියේ ලකුණු තියන අයට ඊ ළඟ අවුරුද්දේ අලුත් පොත් ලැබුන . අනික් අයට පාවිච්චි කල පොත් . කිරි කිරි පොත් ලැබීම හරිම සතුටක් වුනා .

    සමහර ඉස්කෝලවලට පොත් අතිරික්ත . සමහර එව්වට නැහැ . දුර්වල කළමනාකරණය . හැමතැනම වෙනදේ තමයි. රෝහල් සේවෙත් මේක වෙනවා . වැඩක් නොගෙන නාස්ති වෙන උපකරණ සහ මානව සම්පත් ඔය දෙකේම මන් දැක තිබෙනවා . ඔන්න මන් කිවේ නැහැ 6 % එපා කියල . අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ . නාස්තියත් වලකාගෙන නිදහස් අධ්‍යාපනයත් රක ගැන්මටයි මගේ මනාපය . ඒ වගේම උසස් අධ්‍යාපනයට සැමට අවස්ථාත් සමගම .

    අපි වචන 1000 කින් කියන දේ නලිනි වචන තුන හතරකින් කියල. හිනි ටොකු සහ තොප්පි සේරම ඒ වචන ටික ඇතුලේ .
    This is why I love your writing

    ReplyDelete
  31. අනේ අනිච්චං :(

    ReplyDelete
  32. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    එච්චරකල් පොත් ට්ක හංගන් ඉන්න හේතුව කාගේ අකාර්යක්ෂමතාවයද?

    ReplyDelete
  33. අපිට වානිජ්‍ය උගන්නපු ගුරුවරයා , අවුරුදු දෙකක් යනකම් ඉගැන්වුවේ ටී ගිණුම් ඇඳලා..." ....දිනට ශේෂ පත්‍රය " සහ " ...දිනෙන් අවසන් වන වසර සඳහා ලාභාලාභ ගිණුම " කියල ලියන්න විතරයි . එතන ලකුණු දහයක් කියලයි නිතරම කිව්වේ

    ReplyDelete
  34. බුදිමත ටීච... කියලා වැඩක් නෑ... අපිටත් එක එක කාලෙට එක එක ජාතියේ ටීචලා මුණගැහිලා තියෙනවා... දැන් නම් අමතකයිත් එක්ක...

    ReplyDelete