මට කොහොමත් නම් මතක හිටින්නෙ නෑ. මූණුනම් මතක හිටිනවා.
ඒ කිව්වෙ, නිකම් දැකලා පුරුදුයි පුරුදුයි වගේ....
සාමාන්‍යයෙන් ඔහොම නම් මතක නැති අයට "සුදෝ, ඩියර්, අනේ මෙයා, නංගි, බබෝ" වගේ වචනයක් පාවිච්චි කරන එක තමයි මගෙ පුරුද්ද. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
දැනට අවුරුදු දෙකතුනකට ඉහතදි ඉස්පිරිතාලෙ අපේ ආපන ශාලාවෙදි එක්තරා පුද්ගලයෙක් මගෙ ළඟටම ඇවිත් නම කියලා කතා කළා.
නැවතිල්ලෙ...
වැදගත් විදිහට...
බොහෝම හිතවත් කටහඬකින්....
පිළිවෙලකට ටයි පටියක් එහෙම දාලා, මැදපු ලා පැහැ කමිසයක් ඇඳලා...
කොණ්ඩෙ පීරලා...
හොඳින් මැදපු සපත්තු දාලා...
තැන්පත් පෙණුමක් ගෙන දෙන විදිහෙ උපැස් යුවලක් පළඳලා...
කෙස් පැහිලා...
එහෙම සීලාචාර එකෙක් මං ආස්සරේ කරනවා වෙන්ඩ බෑ.
ඒත් මූණ හොඳටම දැකලා පුරුදුයි. අනේ... මං කොහෙදි හරි දැකලම තියෙනවා.
මතක නෑ.
මනුස්සයා කතා කරන විදිහට "ඒ කාලෙ" මමත් බොහොම හිතවත්ව හිටියා වෙන්නට ඕන.
ඉතින් මමත් ඇරියෙ නෑ. නිකං පණ දෙන්ඩ වගේ කතා කරා. එහෙම නැතුව පුළුවනෑ, මෙච්චර මාව අඳුනන මනුස්සයට? හැබැයි ටිකක් අරපරිස්සමෙන්. මොකද, කොහෙදිද දන්නෑනෙ මෙයාට මාව හම්බෙලා තියෙන්නෙ.
ඒ කාලෙ මම වලිද දන්නෙත් නෑනෙ, මෙයා මෙහෙම වුණාට...
කතා කරන අතරතුරේ මම දහ අතේ කල්පනා කළා මේ කවුද කියලා. ම්හු.
නරකම වැඩේ, පෙණුමෙ හැටියට කොහෙත්ම "සුදෝ, ඩියර්, අනේ මෙයා, බබෝ" ගතියක් නෑ. ඒ හින්දා ආමන්ත්රණ පදයක් යොදන්නටත් විදිහක් නෑ.
අනික් ප්‍රශ්නෙ, හැසිරීමෙ හැටියට මට හිතුණා මනුස්සයා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නට ඕන කියලා. මොකද, ඔහොම තැන්පත්ව, පිළිවෙලට ඉන්නට හේතුවක් නෑ අපි වගේ හාල් කෑලිවලට. ඒත් සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරු එන්නෙ නෑ මේ ආපන ශාලාවට- ඒගොල්ලන්ට පින නෑ. එයාලට තියෙනවා වෙනම එකක්. ඒකෙ එක පැත්තක, ගෙවල්වල සාලෙ තියෙන ජාතියෙ පුටු පෙළක්; අනික් පැත්තෙ දිග කෑම මේසයක්; සාත්තු කරන්ඩ හිතට අර ගත්තු සේවකයෙක්. ඕකෙ තියාගෙන හැබෑට ඒ ගොල්ලො මොනවා කනවද මන්දා...
හැබැයි පිටරට ඉඳලා ආව ගමන් කට්ටිය, එහෙම නැත්නම් පිට පළාතක රස්සාව කරන ගමන් හදිසියෙ අමාත්‍යාංශෙට ආපු අය එහෙමනම් මේකට එනවා.
මේ එහෙම කෙනෙක්ද? ඒ වගේ.
හැසිරීමෙ හැටියට.
මනුස්සයා කාලා ඉවර වෙලා, වතුර බීලා, සාක්කුවෙන් ලේන්සුවක් අරගෙන පරිස්සමට කට වටේ මාත්තු කරනවා.
නෑ මං අහන්නෙ, දෙවියන් වහන්සෙ, උන්වහන්සෙගෙ කරුණා මහිමයට පින් සිද්ද වෙන්ඩ, අපිට දිවක් දීලා තියෙන්නෙ අහවල් එකටද?
කොහොම හරි, එදායින් ඒක ඉවර.......
වුණේ නෑ.
ඊට පස්සෙ ආයෙ ආයෙමත් මට ආපන ශාලාවෙදි ඔහුව හමු වුණා. හැමදාම ඔහු බොහෝම හිතවත්කමින් නම කියලම කතා කරනවා. මම කකා ඉන්නවනම් ඇවිත්, බොහෝම නිහතමානීව, ළඟ පුටුවෙ වාඩි වෙලා ආ ගිය විස්තර කතා කරනවා: ඉතින් දැන් කොහෙද, කිම්ද ,මන්ද?
අර හුරුපුරුදු හිතවත් කටහඬින්.
ඇත්තමයි. ජීවිතේට කවුරුත් එච්චර හිතවත්කමින් මාව ආමන්ත්‍රණය කරලා නැහැ. හදවතින්ම එන පිරිසිදු හිතවත්කමක්.
මුල්ම දවසෙ අමතක බව කියලා, කවුද කියලත් අහගත්තනම් කෙළවරයි. දැන් අහන්නෙ කොහොමද?
ඉතින් මම දැන් හැමදාම ගරු රඟපෑම: එයා කතා බහ කරන ඌරුවට උචිත පරිදි, බොහොම විනීත අයුරින්, ඇඹරිලා, ලැජ්ජා වෙලා, සුවිනීත ලාලනී, කෝමළ මන්ද්‍ර ස්වරයෙන්....
දවසක්ද, දෙකක්ද? ඒ ආපන ශාලාවට ගියොත් මනුස්සයා එතන.
උදේද, දවල්ද, හවසද? මනුස්සයා එතන.
ඉංග්‍රීසියෙන් 'කරුමෙ' කියලා කියන්නෙ ඕකට තමයි. අර මුල්ම දවසෙ ඇත්ත පිළිගන්නට මැළි වුණු හින්දා දැන් හැමදාම අපහසුතාවයට ලක් වන්නට වෙලා.
ඉදින් දින, සති, මාස, අවුරුදු ගෙවීමෙන් ඉක්බිති මේ සතිය උදා විය.
ඊයෙ උදෙත් සුපුරුදු පරිදි රජ බොජුන් වැළඳීම පිණිස මම ආපන ශාලාවට ගියෙමි කියමුකො.
මනුස්සයා එතන.
ඉතින් කොහොමද, කිම්ද, මන්ද?
මම මේ දවස්වල අධ්‍යාපන කටයුත්තක්නෙ. බලනකොට මම මේ දවස්වල ඉන්න තැනට අල්ලපු වැටේ මනුස්සයා ඉන්නෙ. විශේෂ පරීක්ෂණ වගයක් කෙරෙන ඒකකයක්.
"ඔයාලට කලින් බැච් එකේ නේද පුෂ්පිකා හිටියෙ? එයාලා ආවා පරීක්ෂණ බලන්න. බලලා අත්සන් කරවගෙන ගියා. ඔයාලට එහෙම තියෙනවා නේද?"
මගෙ අධ්‍යාපනික උනන්දුව කෙසේද යත්, එහෙම එකක් බලලා අත්සන් කරව ගන්න තියෙන බවක් මම දැනං හිටියෙ නෑ. හොඳ වෙලාවට මේ රත්තරං මනුස්සයා හම්බුණේ.
දැන්නම් මට හොඳටම විශ්වාසයි මේ විශේෂඥ වෛද්‍යවරයෙක් බව. මොකද, අත්සන් කරව ගන්න තියෙන කතාවකුත් කිව්වනෙ. සාමාන්‍යයෙන් අපිට අත්සන් කරවගන්න තියෙන්නෙ විශේෂඥ වෛද්‍යවරුන් ලවා තමයි. (නැත්නම් ඉතින් අපිම ඕක අත්සන් කර ගන්නවනෙ.)
එහෙම බලද්දි මේ මනුස්සයා මොන තරම් නිහතමානීද?
චැහ්. එහෙම වෙලත් මට නම මතක නෑනෙ.
ඊයෙ දවල් මට පුෂ්පිකා හම්බුණා. මොකක්දෝ හේතුවකට හෝ අහේතුවකට, එයත් මතක් කළා ඔය කාරණාවම.
"ඔතන ඉන්න අතරෙ අහවල් තැනට ගිහින් පරීක්ෂණ බලලා අත්සන් කරව ගන්ඩ. අහවල් සර් ඉන්නෙ. හරි හොඳයි."
මමත් දැන් දන්නවා වගේ කතාව.
"අහවල් සර් කිව්වෙ, ටිකක් කළු, තැන්පත් පාට..."
"ඔව්, ඔව්, කොණ්ඩෙ ටිකක් පැහිලා... හරි හොඳයි."
"ආ, එයාව මං දන්නවනෙ. හරි හොඳයි තමයි. යන්ඩ ඕන."
ඉදින් තත්පර, විනාඩි, පැය ගත වීමෙන් ඉක්බිති අද උදා විය.
ඇයි අද උදා වුණේ? මම කොහොමත් කැමති නෑ එළි වෙනවට.
විශේෂයෙන් උදේට.
විශේෂයෙන් අද උදේට.
ආපන ශාලාවට ගිහින් පාං කාලක් උස්සගෙන මේසෙට වාඩි වුණහම, මෙන්න ටිකකින් දෙන්නෙක් ඇවිත් වාඩි වුණා.
ඔළුව උස්සලා බැලුවහම මෙන්න ඉන්නවා මූණ ඉස්සරහම.
මම දනිමි. දැන් මම දනිමි. මම සැක කළෙමි, මම දැන ගතිමි.
සුභ පැතීම්වලින් ඉක්බිති, ඔන්න මම පිළිවෙලකට කනවා.
ඒ දෙන්නා කතාව. පොතක් අරන් දෙන්න, මම අඳුනන අහිංසක විශේෂඥ වෛද්‍යවරයෙකුට. මමත් කතාවට සම්බන්ධ වුණා.
දැන් ඉතින් මම හිත ඇතුළෙන් අවස්ථා සම්බන්ධය ගලපනවා: මම ඒ අංශයෙ වැඩ කරන දවස්වල, මෙයා එතන ඉන්න ඇති; ඊට පස්සෙ විභාග සමත් වෙලා යන්න ඇති; ඊට පස්සෙ මෙයත් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා මෙහාටම එන්න ඇති; මේ අයුරින් සංසාරේ ආයෙත් අපි හමු වෙන්න ඇති.....
දැන් ඉතින් බය වෙන්ඩ දෙයක් ඇතෑ. මෙච්චර කල් මේ වැදගත් මනුස්සයාට ආමන්ත්රණ පදයක් නැතුව අසරණ වෙලා හිටපු මම දැන් කට පුරා "සර්" කියලා කතාව. ඒ කාලෙ අය්යා කිව්වා වුණත් කමක් නැහැ.
මනුස්සයා කාලා නැගිට්ටා. සුපුරුදු පරිදි ලේන්සුව අරන් කට වටේ තෙත මාත්තු කරන ගමන්, අර පරීක්ෂණ බලන්නට එන එකත් මතක් කළා.
"මම හොඳ පරීක්ෂණයක් කෙරෙන වෙලාවට, ඔයාගෙ අංශයට ඇමතුමක් දෙන්නම්." ඔහු කිව්වා. "නැත්නම් නිකම් එතන හැම එකම බලන්න තේරුමක් නැහැ."
"තැන්ක් යූ සර්." මම කිව්වා.
යන්නට හැරුණු ඔහු ආයෙමත් මගෙ දිහාවට හැරුණා.
"මොකක්ද කිව්වෙ?"
මම: .....
"මට මොකක් කියලද කතා කරේ ඔයා?"
මම: ඇහෙන නෑහෙන ස්වරයෙන්....
"ඔයා වෙන කා එක්ක හරි මාව පටලවගෙන."
දෙය්යෝ සාක්කි!
"මට ඉස්සෙල්ලත් ඇහුණා එහෙම කියනවා වගේ. මං ඒත් කල්පනා කළා වැරදිලා ඇහුණා කියලා..." ඔහු කියාගෙන කියාගෙන යනවා.
"නෑ නෑ නෑ... ඔයා කා එක්ක හරි මාව පටලවගෙන.." කවදාවත් නැති තරම් දැඩි ස්වරයකින් කියමින් ඔහු ආපහු හිඳ ගත්තා.
"ඔයා මං කවුරු කියලද හිතන් ඉන්නෙ??"
විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ...
ReplyDeleteඇත්තටම කවුද ඒ?සර් කෙනෙක් නෙමේද? :O
ReplyDeleteඊට පස්සේ මම බිම බලාගෙන කකුලේ ඇඟිළි වලින් පොළොව හාරගෙන හාරගෙන ගියා..
ReplyDeleteකොහේද එතනට කවුද මංදා බිමට සිමෙන්ති දාලානේ...හෑරුවට හෑරෙන්නෙත් නැහැ..ඉතිං හාරපංකෝ බිම..
"එහෙම සීලාචාර එකෙක් මං ආස්සරේ කරනවා වෙන්ඩ බෑ."
ReplyDeleteහර්ෂණ වරෙං මලේ හවුලේ වහ ටිකක් බොන්න...
මම සැක කළෙමි, මම දැන ගතිමි... :-)
ReplyDeleteකවුද බොලේ ඒ.. ඔයාට විතරක් නෙමෙයි දැන් මටත් ඒක ප්‍රශ්නයක්.. ශෙහ් මම හිතුවෙ අන්තිමේට ඇති කියල : )
ReplyDeleteඇත්තටම කවුද ඒ ? මාත් ඔහොමම තමයි. කවුද කියලා කල්පනා කරන්නේ කතා කරන අතරතුර. කාලයක් CP සහ කන්සල්ටන්ට් කෙනෙක් පටලවාගෙන සීපී එනකොටත් පුටුවෙන් නැගිට්ටා. (සර් කිව්වම අක්කේ මතක් වුනේ...මේ දවස් වල හදිසියට සහ තියෙන කලබලේට සර්ලට අයියා කියවෙනවා. සොරි සර් කිව්වම කොන්සා නම් ඇහුවා ඇයි මම අයියා කියන්න බැරි තරම් වයසද කියලා.)ඉතුරු ටික කියවන්න ගොඩක් කල් ඉන්න වේවිද ?
ReplyDeleteමලා (මළාද මන්දා?)
ReplyDeleteඅනේ ඉතින් ඔහොම බාගෙට කියල නවත්තන්න එපා අක්කෙ. අපි පිස්සු වැටෙනවනෙ. ඉතින් කවුද ඒ මනුස්සය?
ReplyDeleteඅක්කගෙ ලිවීම නම් සුපිරි ඒ ගැන නම් කියන්න දෙයක් නෑ.
මොකක්ද හප්පේ ඒ හරුපෙ.. මම සිංහල දන්නෙ නැතුව වත්ද? :O
ReplyDeleteකවුදෑ ඒ,,මොනා නැතත් කලන්තයක් වගේ ආවේ නෑද
ReplyDeleteහත්තිලව්වෙ... මේ යෝදය පියන් කෙනෙක් වත්ද?
ReplyDeleteහපෝයි.
ReplyDeleteජීවිතේ කවියක් කිව්වලු. අවුලක් නැහැ ලාලිත්‍යයකට ගලන එකේ.
හැබැයි ජීවිතේ කෙටි කතාවක් නොවේවා. මොකද හුඟක් කෙටි කතා ඉවර වෙන්නේ "අවසානයකින්" නොවේ. මෙහෙම ලොස් වෙලා ඉවර උනාම ඉතින්...... හපොයි.
---------
ඔයාට මුහුණු මතකයි, නම නේ අමතක. මගේ අවුල වෙනස්. මෙන්න මට වෙච්ච දෙයක්.
දිනය: අවුරුදු දහයකට විතර ඉස්සර
තැන: ඒ කාලේ මං උන්නු බෝඩිම ළඟ පාරේ හන්දිය.
අවස්තාව: මොකද්දෝ සීන් එකකට රුපියල් බර ගණනක අරගෙන එකත් පර්ස් එකේ දාගෙන මං බෝඩිමට යන ගමන. ගියා ආප්ප ගන්න. පර්ස් එකේ එකේ තිබ්බ සිල්ලර සල්ලි වලින් ආප්ප වලටත් ගෙවලා ඔන්න මං පාර පනින තැන. මැදි වියේ මුනේ ලප ගොඩක් තියෙන බුවෙක් බයිසිකලේ නවත්තලා;
"හා මල්ලි"
මං බැලුවා. ඩයල් එකේ ඇඩ්රස් ලෝඩ් වෙන්නේ නැහැ. ඔන්න ඔහොම මට තිස්සෙම වෙනවා. ඔයාගේ අනික් පැත්ත. "රුපන් ජීරති - නාම ගොත්තන් නජීරති". එතකොට මං කරන්නේ කතාවෙන් පොර කවුද කියලා හොයා ගන්නවා.
"හල්ලෝ කොහොමද" මං කිව්වා.
"මල්ලි කොහෙද යන්නේ?"
... ඔන්න දැන් කතාව ඇදිලා යනවා. විනාඩි දෙකක් විතර.
සාමාන්‍යයෙන් මෙලහට පොර මට ලෝඩ් වෙන්න ඕනේ. ම්හු. තව නැහැ. ට්‍රයි සම් මෝර් කිව්වලු.
"මල්ලි මාව ඇදුනුවේ නැහැ නේද?" ඔන්න මං වීක්ෂිප්ත වුනා. මොකද මගේ රඟපෑම උපරිම. පොරට මේක තේරෙන්න බැහැ.
මාත් ඉවසලා, සුදු කොඩි දාලා කිව්වා "ඇත්තම කියන්න මට අයිය ව මතක නැහැ කියලා"
"අයියෝ ඇයි මල්ලි මතක නැද්ද මං මේ හන්දියේ ත්‍රී වීල් කරන්නේ. ඔයා කොච්චර යනවද මාත් එක්ක." පොරට අවුලක් නැහැ අමතක වීම. බොක්ක අවුට් ෆිට් එකට.
හැබැයි මට අවුල. මං මලාට ත්‍රී වීලරේ යන්නේ නැහැ. කොටින්ම එතන පාක් එකේ මට නිකමට මතක එකෙක් වත් නැහැ.
පොර දිගටම කතාව.
"පොඩි එකාට බෙහෙත් ගන්න ආවා මල්ලි. පොඩි ගානක් මදි උනා. රුපියල් විසි දෙකක්. මට ගිහින් එන්නත් බැහැ. හන්දියේ දන්නා පොරකගෙන් ඉල්ලා ගන්න බැලුවේ. මල්ලිට බැරිද 22 ක් දෙන්න. මං හෙටම දෙන්නම්"
අයියෝ විසි දෙකයිනේ. මොකද්ද ඉතින්.
හැබැයි ඔන්න මට එක පාරට විජ්ජා ද ආලෝකෝ ද ඔක්කොම ටික උදපාදී. මහා පොලොව ගුගුරවා ගෙන මට සත්යාවබෝධේ ලැබුනා.
මගේ පර්ස් එකේ 20 දාහකට වඩා තිබ්බා. මං ආප්ප ගත්තේ ඔන්න ඔය පර්ස් එක දිග ඇරලා. මූ එතන ඉන්නැති. දැන් මූ ඉන්නේ බයිසිකලේ. මං පයින්. පර්ස් එකෙන් නේ රුපියල් 22 ගන්නේ [කාසිත් එක්ක]. මූට තියෙන්නේ ගත්තා පර්ස් එක. පැද්දා බයික් එක.
ඔය හේතුව මිසක මූ මාව දන්නේ නැහැ. කොටින්ම එතුමත් අති විශිෂ්ට රංගනයක. මෙයා ප්‍රොෆෙෂනල් නළුවෙක්. හිතවත් ත්‍රී වීලර් අයියගේ පාට් එක කොරන්නේ.
දැන් මොකද කරන්නේ. සත්යාවබෝධෙන් පස්සේ, පොරගෙයි මගෙයි දැන් ෆ්රේන්ඩ්ස්ෂිප් එකක් නැහැනේ. ආයි මොකටද ඇඹරෙන්නේ. මට මොනවාද කරන්න බැරි. මං ක්ෂණික ව වෙනස් වුනා.
"මේ තමුසෙලට නිකම් ඔහොම සල්ලි දෙන්න"
"මං දන්න කෙහෙම්මල් ත්‍රී වීලර් කාරයෙකුත් නැහැ"
"මං තමුසේ ව දන්නේ නැහැ ඕයි"
කියලා පොරට ක්ෂණික මල්ටි බැරල් පාරක් දීලා, මං යන්න ගියා.
බොක්ක දෙන්න ෆීට් වී හුන් මගේ ක්ෂණික වෙනස් වීම ඉදිරියේ මේ ප්‍රොෆෙෂනල් නළුවා වික්ෂිප්ත ව හිටියේ "මල්ලි ....?" කියලා තඩි ප්‍රශ්නාර්ථයකුත් දමා ගෙන.
නලිනි හරියට සස්පෙන්ස් දෙනවනේ ......Alfred Hitchcock චිත්‍රපට වගේ.
ReplyDeleteඅර පරන ක්‍රමේම අනුගමනය කරානම් ටක් ගාල මතක් වෙයි.
ReplyDelete"සුදෝ, ඩියර්, අනේ මෙයා, මල්ලි බබෝ, අය්ය බබෝ")
ලාවට වගේ හිතුනා ඇදලම නා ගනී කියලා.... :D
ReplyDeleteමල කෙලියයි. ඉතුරු ටිකත් දාන්නෝ..........
ReplyDeleteඅවංකවම කියන්නේ. ටියුබ් ලයිට්
ReplyDeleteඇත්තටම කවුද අක්කා ඒ ? ඇයි එයාට සර් කියලා කතා කරන්න එපාය කියලා තියෙන්නේ. දොස්තර නෝනා කතෝලිකද අර උඩින් දෙවියන් වහන්සේ ගැන කියලා තියෙන්නේ ?
ReplyDeleteමයික්‍රොස්කෝප් එකෙන්ම බලන්න වෙනවා වගෙයි.
ReplyDeleteඒත් මතකයට ආවේ ලියා ඇති වර්ණනා හැම එකම හරියන කාර්පල් ටනල් සැත්කමින් පසුව මගේ අත පෙර තත්වයට ගෙනා අපේම පිසියෝ මහත්මයෙක් ගැන.
මම නම් ටක්ගාලා මීටර් නෑ දැකලා පුරුදුයි කියලා පටන්ගන්නේ.. මොකද හෙන කටු කාලා තියෙනවා ඔය සීන් එක නිසා.. දැන් ඉතින් අනිවා අන්තිමට අංක හුවමාරුවක් වෙන නිසා එතනදී මොන පාට් දැම්මත් මාට්ටු වෙනවානේ..
ReplyDeleteහපොයි මෙහෙමත් අය ..එයාගේ පුරස්නේ අපිට දිලා එයා මාරු ...දැන් ඉතින් විසඳපන්කෝ කවුද ඒ කියලා :DDD
ReplyDeleteහික්ස්.......පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති සුවර් එකටම...නේද අක්කා....ඉතිරිය ඉක්මනට දාන්න.....
ReplyDeleteඅයියෝ.....දැං ඉතිං අපි ඊලග පෝස්ට් එක දානකන් බලං ඉන්න ඕනද?කොහොම උනත් මම කලින්ම හිතපු විදිය හරි වෙන්නෝන.ඔය කියන්නෙ එච්චර ලොක්කෙක් ගැන වෙන්න නම් බෑ.
ReplyDeleteඕ.හෙන්රිගෙ කතාවලදී අන්තිමේදි සිද්ධ වෙන්නෙ හිතන්නෙ බැරි දෙයක්.මේකෙ ස'ප්‍රයිස් දෙකයි.එකක් අන්තිමේදී කෙනා කවුද කියලා හෙලිවෙන එක.
දෙක-කතාව මගදී නවත්තපු එක..:D
කියවගෙන යද්දී මම උපුටාගන්න හිතාගෙන හයිලයිට් කරලා කොපි කරගත්තු වාක්‍යක් මට කලින් මාරයාට අහුවෙලා
"එහෙම සීලාචාර එකෙක් මං ආස්සරේ කරනවා වෙන්ඩ බෑ"..:D
"ඔයා මං කවුරු කියලද හිතන් ඉන්නෙ??"
ReplyDeleteහම්මෝ සැර
කෝ අර ලාලිත ,සුකොමල..නිවිච්ච මනුස්සය එකපාරටම පලා ගිහිංනේ...... :-))
හපොයි නලිනි තාම ඇවිල්ලත් නෑ කෝටු මස් කරලද නලිනිව..??
කුතුහලය උපරිමයට ගෙනැල්ල නතරකලා නේද?
ReplyDeleteඅපෝ ඔහොම වැඩ නම් මටත් අනන්තව වෙලා තියෙනවා.
ReplyDeleteදැං ඔයා හිතන්නෙ අපි කවුරු කියලද... :D මෙහෙම කතාවක් බාගෙට කියල නතර කරන්නෙ...මට අහුවෙයන්කෝ ඔය සර් කාරයව.. එල්ලනව ඕකගෙ නමයි නම්බරෙයි බොඩ් එකක ලියල බෙල්ලෙ...
ReplyDeleteආඩම්බර වෙන්න එපා, රචනා ශෙලිය නම් සුපිරි..
මේකෙ අන්තිමට ප්‍රශ්ණෙ ඉතිරි කරල තියෙන්නෙ කියවන අයටනෙ. තව වාක්‍යයක් එකතු කරන්න අමතක වෙලාද
ReplyDeleteදීපල්ලකො උත්තර..........
ReplyDeleteපට්ටයි ඈ........
ඔය ආස්සරේ කරන උන්දැල එහෙම මේක කියවන්නෙ නැතුව ඇති මයෙ හිතේ....:D
ඩබ්ලිව් ඒ සිල්වාගේ යකාගේ ලියුම සිහි වුනා................
ReplyDeleteමටත් ඔය වැඩේ හරියට වෙනවා. නම් මතක තියාගන්න එක මටත් හරිම අමාරුයි. අනේ ඉතින් දැන්වත් දන්නවද ඒ කවුද කියල.
ReplyDeleteමැණික්
මේ ඔය ඉස්පිරිතාලේ මානසික රෝගීන් හෙම එන එකක්ද?
ReplyDeleteප.ලි. එතරම් හිතා මතා ඇසූ ප්‍රශ්නයක් නොවේ.ලොල්ය.
හැබෑටම ඒ කවුද අක්කණ්ඩි......... එතන පරීක්ෂණ අංශයේ වැඩ කරන කෙනෙක්වත්ද??????
ReplyDelete@ මාරයියා
මාරයියේ ඔය කතා කරපු අයියා දන්නවා නැතැ හවුලේ කතා කරාට අන්තිමට වහ බිව්වේ එක්කෙනයි කියලා. හික්ස්.......
පට්ටම සීන් එක නේ....කියවල ඉවර කොරන්න ලෝබයි ලෝබයි වගේ.....
ReplyDeleteකියන්නකෝ ඩලා ඉතුරු ටිකත්....හික්
දැං බලනකොට හැමෝම මෙගා දාන්න අරන්නෙ!
ReplyDeleteඑහෙම සීලාචාර එකෙක් මං ආස්සරේ කරනවා වෙන්ඩ බෑ...
ReplyDelete-දීපල්ලකො උත්තර
නලිනි කට්ටියම හිතන් ඉන්නේ ඊළඟ පොස්ට් එකේ හෙළි කරයි කියලා. හිකි හිකිස්.
ReplyDeleteඔන්න බ්ලොග්ස්පියරය කෙටිකතාවෙන් දුරස් වෙන තැන.
පර්යේෂණ උපරියට ආ විට පර්යේෂිකාව සැඟවී යාම ලෝකේ හැටි වෙන්ටෑ.
ReplyDeleteකොමෙන්ට් අප්ඩෙට් කලාට උත්තර නොලැබේ.
කෝ මේ නලිනි.
කවුද අනේ..?
ReplyDelete(හරි වැරදියි, මෙහෙම කතා ලියන එක, තිත් ටිකක් දාල යටින් ලියන්න එපෑ..)
හැබෑටම කවුද ඒ...
ReplyDeleteමටත් ඔහොම වෙලා තියනවා.. දැන් නම් පළවෙනි පාරම මට මතක නෑ කියනවා. ඒක ලේසියි කරදර වෙනවට වඩා.....
@ මාරයා මන් බොයි උබත් එක්ක වහ. අනික අක්කා බොරුවක් කියල තියනවද මං අහන්නේ
ReplyDeleteමට ඔය වගේ වැඩ හරියට වෙනවා. මට කවදාවත් කෙනෙක්ගෙ මූණුවර මතක හිටින්නෙ නැති ලෙඩක් තියේ. නම් මතක හිටින්නෙත් නෑ.
ReplyDeleteකොටින්ම මට අපේ අල්ලපු ගෙදර කෙනාව මඟ තොටදි හම්බ උනත් ඒ අල්ලපු ගෙදර ඉන්න කෙනා කියල දන්නේ නෑ. මා එක්ක කතා කරන හැමෝ එක්කම ඒ කෙනාව දන්නව වගේ කතා කරන එක තමයි මං නම් මෙතෙක් අනුගමනය කලේ. [අහන ප්‍රශ්න වලට උඩින් පල්ලෙන් උත්තර දෙනව මිසක් මං ප්‍රශ්න අහන්න යන්නේ නෑ, මොනවා අහන්නද කෙනා දන්නේ නැතිව]
දැන් බලනකොට ඒකත් මහ බයානක වැඩක් නෙව :D
ඉතින් ඊට පස්සෙ මොකෝ වුණේ? මොකක් කියලද කිව්වෙ??
:D :D
[කෝ හැබෑට අර ඉංග්‍රීසි බ්ලොග් එකේ කරපු මගේ ඉල්ලීම..????]
@ හර්ෂණ: එහෙමයි.
ReplyDelete@ නදී: නෑ වගේ.
@ මාරයාගේ හෝරාව: හාරපං.
@ මාරයාගේ හෝරාව: එයි, බලං හිටු.
@ තිස්ස දොඩන්ගොඩ: :-) මම ඇද ගතිමි; මම නෑවෙමි.
@ සහෝධරයා: ම්හු. තවම දන්නෙ නෑ.
@ අනිත්කොණ: මමත් ඔය වගේ වැඩ කරනවා. සැරයක් හාමුදුරුකෙනෙකුට අංකල් කියලා, උන් වහන්සෙ හොඳ හින්දා කට කොණකින් හිනා වෙලා නිකං හිටි සේක.
@ මාලන් සමරවික්‍රම: මළා නේද? :D
ReplyDelete@ කසුන්: ස්තුතියි මල්ලි. කවුද නොදනිමි.
@ යසයා: සිංහලේ ප්‍රාදේශීය භාෂාවකින් ලියවුණු හරුපයක් මේ.
@ ඉතාලි ඩිලාන්: තාමත් කලන්තෙ.
@ සපතේරු උන්නැහේ: වෛද්‍යවරයෙක් බව විතරයි දැනට අවබෝධව ඇත්තෙ.
@ සුජීව: ඔයා මාරයිනෙ. අවබෝධය ලද විගස අනික් පැත්තට ගේම දීලා.
මමනම් ලොස් වෙලා තමා නැවතුණේ.
@ ඊ මේල් කවිකාරි: හික්. ජීවිතේ චිත්‍රපටියකි.
@ ගිම්හානි: ම්හු. ඒ කැටගරියෙ එක්කෙනෙක් නෙවෙයි.
@ දිල්: යෙෂ්. කියලා වැඩක් නෑ.
මේ දොස්තර නෝනා මේ හොඳට ඉන්න අපිටත් දාන ලෙඩ.... දැන් ඉතින් කල්පනා කරපංකෝ කවුදේ කියලා....! හරිම අසාධාරණයි....!
ReplyDelete@ කාවින්ද: ඉතිරි නැත.
ReplyDelete@ තීර්ථ යාත්‍රිකයා: මට කොහොම ඇද්ද කියලා හිතන්නකො ඉතින්.
@ මධුරංග: කවුද දන්නෑ. මම කතෝලික නෙවෙයි. නිකම් කටට ආවට කිව්වෙ.
@ ඩීන් අය්යා: ඒ කියන්නෙ ඒ වගේ අය තවත් ඉන්නවා.
@ ආගන්තුකයා: අංක දාගන්නකොටනම් මම අහනවා "ඔයා කෙල්ලන්ට දෙන නම කියන්නකො" කියලා. එහෙම නැත්නම් "නම මොකක් කියලා දාගන්නවටද කැමති" කියලා. හරියට මම එයාගෙ සාමාන්‍ය නමනම් දන්නවා, මේ නිකම් අතුරු ප්‍රශ්නයක් වගේ.
@ වැප්: පුරස්නේ විසඳගන්න විදිහක් නැතුවයි මමත් ඉන්නෙ.
@ සිතුවිලි නිහඬයි: අනේ නංගි, ඉන් ඉදිරියට මගෙත් සිතුවිලි නිහඬයි.
ReplyDelete@ රාජ්: සීලාචාර එවුන් ආස්සරේ කරන්ඩ අමාරුනෙ.
@ නිමන්ති: කියලා වැඩක් නෑ. කොහෙන් ගියාද දන්නෑ ඒ හිතවත්කම.
@ එදිරි: මමත් කුතුහලයෙන්මි.
@ පිණිබිඳු: එහෙනම් තේරෙනවා ඇතිනෙ පත්වෙන අමාරුව. :D
@ ප්‍රසංග: අන්න එහෙම බෙල්ලෙ එල්ලන් ඉන්නවනම් කොච්චර ලේසිද?
@ අවුට්සයිඩර්: වාක්‍ය තියා වචනත් අමතක වෙලා ගියා.
@ නිශ්: අනේ මන්දා. එහෙමවත් දැකලා මං ගැන අනුකම්පා සිත් ඇතිවී වදාරන සේක්වා කියලයි හිතන් ඉන්නෙ.
@ රන්දිල්: මම ඒක කියවලා නෑනෙ. :(
@ මැණික්: ම්හ්. තවම නොදනිමි.
@ aka ලොල්ය.
ReplyDelete@ හා පැටික්කි: අනේ මන්දා.
@ හීනියට: ඉතිරි නැත. කැන්ටිමට යාමට බියෙන් පසුවෙමි, ඉතිරිය සම්පූර්ණ වේයැයි බියෙන්.
@ ඉන්දික: නැත.
@ ලකී: :D සොලි.
@ සුජීව: ඉදිරියක් නැත. මට උන්හිටි තැනුත් නැත.
@ සුජීව: කෝ?
@ චේජනා: ජීවිතේ ඇතැම් තැන්වල තිත් පෙළකි; මෙහෙම තැන්වල ප්‍රශ්නාර්ථයකි. මම නෙවෙයි වැරදි, අර වැදගත් මනුස්සයා.
@ නචියා: මමත් දැන්නම් මට්ටු වෙලා.
@ හර්: :D
@ අන්ෂ්: යෙෂ්. පරිස්සමෙන්. ජීවිතේ අපි හිතනවට වඩා සංකීර්ණයි.
අනේ සුදෝ, මම තවම කම්මැළිකමෙන් සිටිමි. ඉන් මිදුණු විටෙක ලියමි.
මං දන්නවා.
ReplyDeleteහැබැයි කියන්නෙ නෑ.
/* අහිංසක විශේෂඥ වෛද්‍යවරයෙකුට.... */
ReplyDeleteඑහෙම එවුනුත් ඉන්නවද? නැත්තං නම අහිංසක ද?
නොදෝමකින් වලස්සු ආස්සරේ කරනවට මට මෙහෙම වෙලා මදි..:D
ReplyDeleteමටත් ඔය ලෙඩේම තියෙනවා.... දන්න හොඳ දොස්තර කෙනෙක් එහෙම නැද්ද ?...
ReplyDeleteසුවර් එකටම අර බෙහෙත් විකුනන්න එන කාක්කෙක් වෙන්න ඇති....
අව්‍යාජයි. අති විශිෂ්ඨයි. දිගටම ලියන්න. අපි ඉන්නවා බලන්න.. :)
ReplyDelete[[මටත් ඔය ලෙඩේම තියෙනවා.... දන්න හොඳ දොස්තර කෙනෙක් එහෙම නැද්ද ?...]]
ReplyDeleteබැස්සෝ, මිනිස්සු අමතක වෙන එකට දොස්තර කෙනෙක් නේද හොයන්නේ?
සිරා ඩොකෙක් ඉන්නවා බං. කෝ මට මතක නෑනේ කවුද කියලා :)
හපොයි අපොයි.. වෙච්චි දෙයක්! ඉතිං අර යාලුවගෙන්වත් ඇහුවනං අහවරයිනෙ කවුදැ මේ කියල... :)
ReplyDeleteමදැයි හිනාවෙවී කියෙවුව.. අගට ගියාම ප්රශ්නර්තයක්නේ ! ආයිත් ලියන්නෙත් නැතිලු! කතාවත් ඉවරලු..
ReplyDeleteඉස්සර අපේ පොඩි එකාව ටොයිලට් එකේ ඉන්දල එනවා ලොකු වැඩේට.. අපි දෙන්නටම අමතකවෙනවා ගිහින් හෝදලා එලියට ගන්න. අනේ ඌ ඒක උඩ ඉඳගෙන පැය බාගයක් විතර ඔහේ උගේ සින්දු කියකිය ඉඳලා .. හිටිගමන් එක්කෙනෙකුට මතක් වෙනවා.. අනේ පවු.. .. හැබැයි බාත් රුම් ඒක වනසල හැම තැනම වතුර ස්ප්‍රේ කරලා වැඩ කාලා.
මේකත් ඒ වගේනේ.. ඔයා අපිව සීට් එකේ ඉන්දල ගිහින් ජොලියේ ඉන්නවා..
@ පොත් ගුල්ලා: අනේ, කියන්නකො.
ReplyDelete@ කතන්දර: එහෙම අය බොහෝ සිටිත්. නමුත් මිනිස්සුන්ට වැඩිපුර මතක හිටින්නෙ තමන්ට කරදරයක් වුණහමනෙ.
@ මාරයාගේ හෝරාව: මදි.
@ බස්සා: කාක්කෙක්නම් වෙන්න බෑ. උන් කතා කරන්නෙ උන්ට වාසියක් වෙන අයත් එක්ක විතරනෙ.
දොස්තර කෙනෙක් ගැන සුජීව කියලා තියෙන්නෙ. :D
@ දුගියා: බොහොම ස්තුතියි. :)
@ සුජීව: දැක්කොත් මතක් වෙයිද?
@ හිම කුමාරි: හොඳ අදහසක්! ලබන සතියෙ ක්‍රියාවට නැංවිය යුතුය. බොහොම ස්තුතියි.
@ සරත් ලංකාප්‍රිය: බබාලා ඉඳන් ඉන්න..... :D
අර දම් පාට කමීසේ එමරල්ඩ් ද...?
ReplyDeleteදොස්තර නෝනට හූ.............................
ඉස්සෙල්ලම අහුවනම් ඉවරනේ..
අපෝ බෑ. කිව්වහම කට්ටිය දැන ගන්නවනේ.
ReplyDelete[[මටත් ඔය ලෙඩේම තියෙනවා.... දන්න හොඳ දොස්තර කෙනෙක් එහෙම නැද්ද ?...]]
ReplyDeleteබැස්සෝ, මිනිස්සු අමතක වෙන එකට දොස්තර කෙනෙක් නේද හොයන්නේ?
සිරා ඩොකෙක් ඉන්නවා බං. කෝ මට මතක නෑනේ කවුද කියලා :)
------------
[ඉහත විහිළුව ටපලීම නිසා [මගේ වරද] මෙන්න නැවත විකාශයක්.]
බස්සෝ, මිනිස්සු අමතක වෙන එකට දොස්තර කෙනෙක් නේද හොයන්නේ?
සිරා ඩොකෙක් ඉන්නවා බං මට නිටාවටම සුව කරපු. කෝ මට මතක නෑනේ කවුද කියලා :)
කියවල එන්ජෝය් කලා. තෑන්ක්ස්.
ReplyDeleteමෙච්චරක් දෙනා අහලත් මෙයා කියල නෑනෙ මේකාටද රැවටුනේ කියලා,, හම්මේ කල්පනා කරලම ඔළුවත් රිදෙන්න ගත්තා.. ලැබ් ඇසිස්ටන් කෙනෙක්ටද කොහෙද රැවටිලා මෙයා
ReplyDeleteමම කරන්නෙ මුලින් කතා කරනවා කිසිම දෙයක් නොපෙන්වා දන්නවා වගේ... ටිකකින් කියනවා අනේ සමාවෙන්න මට හරියටම ඔයාව මතක නෑ කවුද කියලා.
ReplyDeleteඔය වගේ වෙලාවට මගේ යාළුවෙක් හරි නෑයෙක් හරි හිටියොත් ඇහැක්ගහලා අහගන්නවා කවුද කියලා.
ඔයාට කියන්න මේ මාස කිහිපයකට කලින් මම ලංකාවට ඇවිත් ඔන්න මට කෝල් එකක් එනවා. එවෙලේ මම අසනීපෙන් හිටියේ හොඳටම. එහා පැත්තෙන් නංගි කියලා එයා කතාව. මම ගත්ත ගමන්ම අහනවා කවුද ඔයා කියලා. (අම්මෝ ඒ අපේ මස්සිනා. එදා නම් මට පොලොව පලා ගෙන යන්න තරම් දුක හිතුනා මම ගැනම.)
එයිට ටික දවසකට පස්සේ අපේ අක්කත් එයාගේ නොවන නම්බර් එකකින් කෝල් එකක් අරන් ඕකම උනා. මෙහෙමයි කතාව.
අක්කා. නංගි බිසිද කතා කරන්න පුළුවන්ද?
මම. ඔයා කවුද?
අක්කා. මේ මම
මම . මම කියලා කෙනෙක් දන්නේ නෑ. කරුනාකරලා කියනන් කවුද කියලා.
අක්කා. නංගී මේ මම අක්ක.
මම: අක්ක? මම නොදන්න මොන අක්කද මේ?
අක්ක: පිස්සුද හලෝ පේන්නේ නැද්ද මගේ නොම්මරේ... තමුන්ගෙම අක්කවත් අමතක වෙනවද අඳුනගන්න බැරිද? කොහෙද ඔයා ඉන්නේ මේ මාවත් අඳුන ගන්න බෑ කියන්න තරම් බ්ලා බ්ලා..
අම්මෝ එවෙලේ තමයි මට තරු පෙනුනේ... ඒ ඇත්තෙන්ම අපේ අක්ක. මමත් මොකක්දෝ අවුලක් අස්සේ පිස්සු කියවලා. ගෙදර ගිය ගමන්ම අහගත්තා ඇති එව්න්න ඉතින්...
මදැයි කොලා ..නලිනිත් කරන වැඩ . දැන් නම් දැක්කත් අහක බලන් යනවා . ඇයි වදේ අපි වගේ ''ශිලාචාර අය'' අස්සරය කරන්නෙත් නැතිලුනේ . මටත් ඔය නම් අමතක වෙන ලෙඩේ නම් හරියට . මුණු නම් ආයේ දවසක් දැක්කොත් හොඳට මතකයි. ''සොරි අනේ මට හරියටම මතක නැහැ ''කියල මුලදීම කිව්වා නම් ඉවරයිනේ . දැන් ඉතින් අපි ඔලුව ගැට ගහ ගහ හිතන්න එපාය . අපි මේ කලබල වුනාට මේක නලිනිගේ අතේ රෝලක් වෙන්නත් බැරි නැත. මාරයා තව පොඩ්ඩෙන් වහත් බොනවා . හොඳ වෙලාවට උපේන්ද්‍ර බැහැ කිව්වේ .
ReplyDeleteනම් අමතක වෙනවට බෙහෙත් ගන්න හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා . නම නලිනි
@ මාතලන්: හරි නරකයි. මනුස්සයෙක් අමාරුවෙ වැටිලා ඉන්නකොට හූ කියනවා. :D
ReplyDelete@ පොත් ගුල්ලා: අනේඒඒඒඒඒඒ. හොලේන් කීන්න.
@ සුජීව: නිට්ටාවටම සුවයි වගේ. :D
@ ඔබ්සර්වර්: මම දෙතුන් සැරයක්ම ආපහු බැලුවා මේ ඔයාමද කියලා. බොහොම ස්තුතියි.
@ හරි- පිණිපළස: හික්. කවුද මන්දා. දැන් කැන්ටිමට දුවලා, මොනවා හරි අරන් ආපහු දුවගෙන එනවා එතන ඉඳන් කන්නෙ නැතුව.
@ Il mondo di una povera pazza : හාපොයි වෙලා තියෙන හදියක්. කොහොම වුණත්, මෙහෙම දේකට මුහුණ දුන්න පළවෙනියා හෝ අවසානයා මම නෙවෙයි කියන එක මතක් වෙනකොට හිතට ටිකක් හොඳයි.
@ බින්දි: ට්‍රිප් එක ගිහින් ඇවිත් වගෙයි. අපරාදෙ, මම හිටියෙ ඔයා නැති අතරෙ නෙළුම් විලට ඉස්ගෙඩියො ටිකක් බෝ කරන්න. ටිකක් වැඩ වැඩි වුණු නිසා අමතකම වෙලා ගියා.
මේ.... ඔයා ශීලාචාරද? :D
කතාව කියවලා දවස් ගානක් වුනා. කොමන්ටුවක් දාන්න හිතුනෙ අද, දැකපු කෙනාවත් දන්නෙ නෑ "ඒ පුද්ගලයා" කවුද කියලා, ඉතිං අපි කොහොමද දන්නෙ..?
ReplyDeleteඑකදෙයක් නම් දැනගත්තා...
"මම සීලාචාර එකෙක්" නෙවෙයි කියලා :)
දැන් ඔය ශිලාචාර කම මනින මිම්ම මොකක්ද ..කෝ මේ සභාව ..රැස් වෙලා දාමුද පොඩි සංවාදයක් . මෙතන බැරි නම් නෙලුම් විලේ හරි . හා හා අපි ඔය ඉස ගෙඩියන්ට බය නැහැ . ගෙම්බෝ කීපදෙනෙක් ට වැඩේ දීල ඉන්න මට ඔවුන් මොක්කුද . මගේ වියට්නාම් යාලුවෙක් දම්මලා සුද්ධ කළහැකි. මෙයාල ගෙම්බන්ට හරී ඊ ඊ ....ආදරෙයි
ReplyDelete@ හරී...
ලැබ් ඇසිස්ටන්ට්ලා ටයි දාන්නේ නැහැ . ලැබ් එකට සම්බන්ධ සියලු කැටගරි හොඳින් දනිමි. නලිනි කියන්නේ කේරි කොලේජ් පැත්තේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මෝචරිය උඩ තියෙන ලැබ් එකද ? ඔයාල පස් තාච්චි [කසු ගේ වචනයක් ]අදින්නේ පාරෙන් අනික් පැත්තෙනේ. නැත්නම් ඔයාලගේ ලොකු ඉස්කෝලේ උඩ තියෙන ලැබ් එකද ? බොරැල්ලේ එකද ? අනේ අම්මපා අපිටත් ඉතින් ඕපාදුප හොයන්න තියෙන අමාරුව .
@ හිතමිතුරු: අසීලාචාර ඔ** (කුරිරු සිනා)
ReplyDelete@ බින්දි: මම දහ අතේ කල්පනා කළා මොකක්දි ලැබ් කතාව කියලා. "පරීක්ෂණ කරන තැනක්" කිව්වෙ එන්ඩොස්කොපි යුනිට් එක. ඒ මොකක්ද කියලා පැහැදිලි කරනවට වඩා ලේසි නිසයි අරෙහෙම කිව්වෙ.
සීලාචාරකම මනින පොදු මිම්මට මගෙ ඒ හැටි කැමැත්තක් නැති හින්දයි මම එහෙම අයව ආස්සරේ කරන්න අකමැති. ඒ කිව්වෙ, ඔය පිළිවෙලකට අඳින පලඳින, කිරලා මැනලා කතා බහ කරන, කට වටේ ගෑවෙන ඒවා පිහින්න ලේන්සුවක් තියන් ඉන්න, හදිසියකටවත් ස්ටේෂන්වල බිම නිදියන්නෙ නැති....
ඇහ්.. මොක්කුද ඒ නිදියන්න තැන් නැහැ වගේ ස්ටේෂන්වල බිම නිදා ගන්න පිස්සෝ...?
ReplyDeleteමටත් හරියට ඔය වගේ දේවල් වෙනවා හරියට..මුහුන්මතකයි නම, ගම ආදී සියලු විස්තර අමතකයි...ටික කාලයකට ඉස්සර MSc MAd පාඨමාලාවේ එක කොටසක් තිබුනෙ අපේ ආයතන්යේ..ඒකට එන ඩොක්ටර්ස්ලා අපි එක්ක හොඳටම හිතවත්..අදටත් එහෙමයි..මේ ලඟදි එහෙම හොඳටම හිතවත් වෙච්ච ඩොක්ටර් කෙනෙක් ආවා ආයතනයට..මට හොඳට මතකයි මූන..ඒත් ඉතුරු ට්ක මතක් වෙන්නෙ නැහැ. මම හිනාවෙලා මගෙ වැඩ කරන් අතරෙ කල්පනා කලා කලා..ම්හ්හ්හ්.. මතක් වෙන්නෙම නැහැ..පස්සෙ පහුවෙනිද වෙන සෙක්ශන් එකක කෙනෙක් කිව්වහම තමයි මට මතක් උනේ.මට තාමත් කනගාටුයි ඒ ගැන.. මම හරි අකෘතඥයි කියල හිතන්න ඇති..මීට පස්සෙ ඊට පස්සෙ දැකල පුරුදු මුහුනක් හම්බ උනොත් කතා කරල කොහොම හරි මතක් කර ගන්නව..
ReplyDelete//ඔය පිළිවෙලකට අඳින පලඳින, කිරලා මැනලා කතා බහ කරන, කට වටේ ගෑවෙන ඒවා පිහින්න ලේන්සුවක් තියන් ඉන්න, හදිසියකටවත් ස්ටේෂන්වල බිම නිදියන්නෙ නැති....//
ReplyDeleteමට නම් අසීලාචාර ගොඩට උඩින්ම සුදුසුකම් තියෙනව වගේ... කට පිහින්නෙ කමිස උරිස්සෙ... දවසක් බහරේන් එයාපෝට් එකේ බිම තප්පලං ගහගෙන නිදාගෙන ට්‍රාන්සිට් එක මිස් වෙන්න ගිහින් අනූනවෙන් බේරුනේ...
@බින්දි,
ReplyDeleteමේ හලෝ, තැන් තැන් වල කමෙන්ට්ස් දදා ඉන්නැතුව දාන්නකො අලුත් පෝස්ටුවක්.. නෙළුම්විලේ වතුර දැන් ටික ටික පල් වේගෙන එනවා, දිය කලත්තන්ට කාලෙ හරි..
@මාරයා,
ඈහ්.. වෙන කාගෙන් උනත් උඹෙන් බලාපොරොත්තු වුනේ නෑ අර වගේ කතාවක්.. ස්ටේෂන් එකක බංකුවෙ නැත්තං බිම ඉටිකොලයක් දාලා නිදාගත්ත එකෙක් තමා ඒකේ ආතල් එක දන්නෙ.. :)
@ මාරයාගේ හෝරාව: ඈහ්! මොක්කුද?
ReplyDelete@ Weni: ඒක තමයි. අපිට වගේම අමතක වෙන කෙනෙක්නම් තේරුම් ගනියි. අනික් මිනිස්සු මොනවා හිතා ගන්නවද දන්නෑ.
@ සපතේටු උන්නැහේ: ඒකනෙ, මම දන්නවා ආස්සරේ කරන්න තෝරගෙන ඉන්නෙ හොඳම අසීලාචාර ගොන්න කියලා. එයාපෝට් එකේ බිම නිදියනවා කියන්නෙ උපරිමේ. :D
@ බුරතීනෝ: අලෝස්! අපි නෙළුම්විලට ඉස්ගෙඩියො බෝ කරමුද? බින්දි වියට්නාම් ඉට්ටැයිල් එකට ඉස්ගෙඩි සුප් හදලා දෙනවයි කියන්නෙ...
@Buratheno...
ReplyDeleteපිස්සුනං කියවන්න එපා බං..මං නං වැරදිලාවත් එහෙම තැන්වල නිදි යන්නේ නැහැ...චී චී...(මුං කොහොම හැදිච්ච උන්ද මංදා..සිකේයියා..)
@නලිනි...
මාත් අහන්නේ ඒක නේන්නං...
@මාරර්;
ReplyDelete[[ඇහ්.. මොක්කුද ඒ නිදියන්න තැන් නැහැ වගේ ස්ටේෂන්වල බිම නිදා ගන්න පිස්සෝ...? ]]
ඔව් ඉතින් හරියට අනුමත උනාම ඔය බිමට ඉටි කොලද යටට ප්ලැට්ෆෝම් ද වගේ එව්වා බලන්නේ නැහැනේ. සිමෙන්තියේ ද තණකොළ ගොඩේ ද දූවිල්ලේද ඔව්ව නිච්චි නැහැ. අර කිව්වා වගේ නිදියන්න තැන් ද නැත්තේ.
@නලිනි
ඔබේ ශීලාචාරකමට මෙන්න මගෙන් මෙව්වෙකක් [මෙය ද මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි]
ඉස්සර මට හෙනහුරු මහා දසාව ලබලා ඉබාගාතේ ඇවිදපු සන්දියේ, මා සහ මිතුරු සංගමේ තිබ්බ ප්‍රතිපත්ති. පළමුවෙන් ම නෝ බුකින් ය. එක්කෝ කාගේ හෝ යාලුවෙකුගේ ගෙදරකට හදිසි කඩා වැදීමකි. නැතිනම් ප්‍රසිද්ධ ස්ථානයක බුදිය ගන්න එක තමයි. දෙවනුව නෝ ප්‍රයිවෙට් ට්‍රාන්ස්පෝට් [අත්‍යාවශ්‍යම අවස්තාවක හැරෙන්නට]. ත්‍රී වීලර් වලවත් යන්නේ නැහැ. එක පාරක් අනාත වෙලා [කන්ද නැග්ගේ බස් පාරෙන් බැස්සේ බස් එකක් දැකල නැති අනික් පැත්තට] අපි ආවේ තේ අරන් එන ට්‍රැක්ටරේ.
දැන්නම් අතීතය සිහිනයක් පමණයි මොකද සිකුරා ලැබීමත් එක්ක හෙනහුරු දසාව ඉවර වුණා.
@බින්දී/බුරෝ
හෙවනැලි තවම දඟලන විල් ඉවුරු කොනේ
බින්දිය විසින් අත්හල සටහනක බෙනේ
තව තව හාරමින් කන මල යකුන් පෙනේ
සියපත් නැතත් සැල්වීනිය සුළඟේ වැනේ
@සපා;
සිංගප්පුරුවේ ඔය ආතල් එකත් ගත්ත. මේක නම් ඔය නලිනි කිව්ව විදියේ කටු වැඩක් නොවේ. යකෝ ඒ සී දාපු තැනක පට්ට සුව පහසු බංකුවක නෙක සොඳුරු දසුනින් හිත පුරෝන නිදියන එක කොහෙද මදුරුවෝ තල තල ලඟින් යන එකාලගේ සෙරෙප්පුවෙන් එන වැලි කුණාටුව වැදෙමින් බුදිය ගන්න එකට සමාන කරන්නේ.
මටත් ඔහොම වැඩ නං අනන්තවත් වෙලා පොලව පලාගෙන යන තරමට ඇනගෙන තියනව. ඒ නිසා දැං කලිංම අහල දැනගන්නව කවුද බුවා කියල . . . .
ReplyDelete"ඔයාව හොඳට දැකල පුරුදුයි . . . . . *** කැම්පස් එකේ නේද ???" කියල අහන ප්‍රශ්නෙ පිටේ එල්ලන ලොකු බෑග් එකක් අරගෙන නුවර පාරෙ දුර බස් වල යන නංගිලාට හොඳටම වැඩ කරනව . . . . ගමට යනකං කම්මැලි නැතුව ගියෑකි . . . .
@සුජීව,
ReplyDeleteහෙහ් හෙහ්.. අපද එසමයෙහි එසේමයැ.. ට්රැක්ටර්ද, අත් ට්රැක්ටර්ද, තට්ටු ලොරිද, වැලි ලොරිද, ලොරි බාගද ආදි වශයෙන් විවිධාකාර ප්‍රවාහන පහසුකම් අපට තිබිනැ..
හපොයි හරිම ප්‍රශ්ණයක් නොවැ. මට පේන විදිහට මෙතන නමයි මූණයි දෙකම අමතක වෙලා වගේ.
ReplyDeleteමගෙ කතාවකුත් කියන්නම්කෝ...
මට තේරෙන විදිහට මගේ ලක්ෂණ කීපයක් තියෙනවා මෙන්න මෙහෙම.
1. මාව කාටවත් ලේසියෙන් මතක හිටින්නේ නෑ.
2. මාව කවදාවත් දැකලා නැති සමහරුන්ට මං හොඳට අඳුරන කෙනෙක් කියලා හිතිලා මගෙත් එක්ක කතා කරනවා (වෙන කෙනෙක් කියලා හිතලා)
3. මට සාමාන්‍යයෙන් මිනිසුන්ව මතක හිටින ගතියක් තියෙනවා... (කාළයක් යනකොට අමතක වෙන චරිතත් නැතුවා නොවේ..)
මේ ලඟදී අපේ නංගී ගේ (හාමිනේ ගේ නංගි ගේ ) කසාදෙ තිබුණා. මනාලයාගේ පැත්තේ උත්සවේ දවසේ අත්තම්මා කෙනෙක් (අවු. 75-80) මගෙත් එක්ක හොඳට හිනා වුණා. මං ඉතිං ඔය නිකං දෙන්න තියෙන දේට ලෝබ නෑ නොවැ. හොඳට හිනා වුණා. මෙන්න ටිකකින් අත්තම්මා මං හිටපු පැත්තට ආවා. මං හිතුවේ මාව අඳුරගන්න වෙන්න ඇති කියලා. හොඳට දන්නවා වගේ මගෙං ආගිය විස්තර ඇහුවා. මාත් ඉතිං අත්තම්මගෙ හිත සංතෝෂ වෙන්න උත්තර බැන්දා. තනියෙමද ආවෙ කියලා ඇහුවාම මං මගේ බිරින්දෑවයි, මගේ අම්මවයි පෙන්නුවා. ඕක දැකපු අම්මා ඇහුවේ නැතෑ මේ කවුද කියලා.. දැං ඉතිං කොහෙද කට උත්තර...?