Wednesday, March 7, 2012

කලු කුමාරයා

පවත්නා තත්වයන් යටතේ, ඉදිරි සැලසුම් සහ නොසැලසුම් අනුව, මේ දිනවල මට බළල් පැටියෙකු නේවාසික කර ගැනීමට නොහැකිය. එහෙත් වරෙක පෝෂියා මාව අයිති කර ගත්තා සේම, අද සවස පටන් කලු කුමාරයා බලහත්කාරයෙන් ජීවිතයට රිංගාගෙන සිටී.

සාමාන්‍යයෙන් ගෙයි ඉදිරිපස පූස් පැටවුන් නොසිටින නිසා කවුරුන් හෝ ගෙනත් දැමූ බළල් පැටවෙකැයි මට සිතුණි. එහෙත් බැරි වෙලාවත් පොදු චින්තනයට පටහැනිව සිතන බළල් අම්මා කෙනෙකුගේ පැටවෙකුදැයි නොදන්නා නිසා ගෙට නොගෙන කිරි පීරිසියක් පමණක් සාදා දුන්නෙමි. මුලදි කෑ ගසමින් කිරි සුවඳ සෙවූ පැටියා, අමාරුවෙන් සොයාගෙන කිරි ටික බී දැම්මේය. අනතුරුව මා බලාපොරොත්තු නොවූ පරිදි මා අසලට අවුත් කකුලෙහි දැවටී පුරු පුරු ගාන්නට විය.


පැටියා සෑහෙන පමණ පැහුණු එකෙකි. ඌ "පූස්" යනු තමන් බව දනී. කකුලෙහි දැවටෙන්නට මෙන්ම උකුළට නගින්නට, එතැනින් කරට නැග ලැග ගන්නට දනී. හය්යෙන් පුරු පුරු ගෑමට දනී. මේ නිසා සමහරවිට අහල පහල ගෙදරක හදන පැටවෙකු විය හැකියයි මට ඊලඟට සිතුණි.

කෝකටත් කියා සැමන් ටිකක් තම්බා බත් අනා දුන් කල්හි පැටවා ඇති වෙන්නට කෑවේය. අනතුරුව සෙල්ලම් කරන්නට පටන් ගත්තේය. මගේ අත හපා, ලෙව කා බැලුවේය. ගෙට අඬ ගැසූමුත් නා නිසා, මමද දොර වසා මගේ වැඩක් බලා ගතිමි. එය  මට පහසුය.

අඳුර බෝ වූ පසු පූස් පැටියාගේ හඬ වරින් වර ඈතින් නැගෙන්නට වූ හෙයින් නැවත එළියට ගොස් විපරම් කළෙමි. ඌ පෙනෙන්නට සිටියේ නැත. කිහිපවරක්ම එළියට ගොස් පූස් පූස් යයි හඬ නැගූ පසු ඈත මල් පාත්තිවල සිට කට්ට කලු ගුලිය මා වෙත දිව ආවේ හඬ නගමිනි. එහෙත් මා අසලට නෑවිත් මග නවතින්නට ඌ තීරණය කළේ අල්ලපු ගෙදර ඉදිරිපිට මිනිහෙක් සිටි නිසා විය යුතුය.

නැවත වරක් බත් අනා දීමට සිතා මා ගෙට ගිය අතරේ, එළියේ ශබ්දයක් ඇසුණි. එළියට එන මට ඇසුණේ අර එළියේ හිටි මිනිහා ගෙතුළ සිටි මිනිසෙකුට "නෑ,නෑ ආයෙත් එහාට එළෙව්වා." කියන හඬයි. සවසත් මෙලෙස පැටියා එළවා දමන්නට ඇති බැව් මට සිතුණි.

මගේ ගෙයි දොරකඩ කාඩ්බෝඩ් පෙට්ටියක්ද, වතුර කෝප්පයක්ද, කෑම පිඟානද තබා තාවකාලික නවාතැනක් සකස් කර දුන් මම ගෙට පැමිණියේ දුරකථන ඇමතුමක් ලද නිසාය. ඒ අතරතුර ත්‍රස්තවාදියා විසින් ගෙදර ආක්‍රමණය කරන්නට යෙදුණි.

ඉතින් දැන් මගේ කකුල මුල හොඳින් ලැග, ලොකු ඇස් ගෙඩි දෙක කරකවමින් මේ හොරා බලා සිටී. මා නැගිට යන වාරයක් පාසා මගේ පසුපසම දිව එයි.

හෙට ගැන සිතන්නට මට ඉඩක් නැත.

54 comments:

  1. මදෑ පොටෝ එකක් දාන්න කිව්වම කරලා තියෙන හරියක්

    ReplyDelete
  2. ඇයි අපිටත් නරකද ඕගොල්ලො කරන වැඩ කරහම?

    ReplyDelete
  3. "නෑ,නෑ ආයෙත් එහාට එළෙව්වා."
    එළවපු කෙනා එළවලා තියෙන්නෙ හරි තැනට..!

    @ශුඩු පූෂ්.. අලුත් එකෙක් ඉන්න හින්දා බොට දැන් අඩු සැලකිලි. :P

    ReplyDelete
  4. මෙයා කලු පූෂ් කෙනෙක්. :D

    ReplyDelete
  5. දැන් ඉතින් ඔය පුසට නිතරම කිරි ඕන වෙනවා..කිරි ගන්න එළදෙනක් ගේනවා...ඊට පස්සෙ එළදෙන බලාගන්න කෙනෙක් ඕන වෙනවා........
    ඉතුරු ටිකත් ඕනද ? :D

    ReplyDelete
    Replies
    1. ලකී, සිද්ධාලේප වෙද මහත්තයටද ඡන්දෙ දුන්නෙ ඈ?

      Delete
  6. වාසනාවන්ත ඥාව්වෙක්..

    ReplyDelete
  7. අනේ අහිංසක සතාව අර මනුස්සයා මොන හිතකින් එහෙම එලෙවුවද මංදා. කොහොම උනත් දැන් පූස්ට ඉන්න හොඳ ගෙදරක් හම්බවෙලානෙ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්. මේ සතාගෙ හැසිරීමෙ හැටියට ගෙදරක හිටිය කෙනෙක් වගේ. ඒ මිනිස්සු ගෙනත් මෙතන දාලා යන්න ඇති. අල්ලපු ගෙදර මිනිස්සුන්ටත්, තමන්ට සළකන්න බැරිනම් නිකම් ඉන්න පුළුවන්නෙ, එළවන්නෙ නැතුව. මිනිස්සුන්ගෙ පුරුදු. :(

      Delete
  8. හ්ම්ම්... ලිස්ට් එකට අලුත් එකෙක් :(
    වහාම ආයුධ ගබඩාව සුද්ද කර තුන් වන ලෝක යුද්ධයට සැරසිය යුතුය

    ReplyDelete
  9. පුස‍් පැටියගේ ගේ තේරීම නිවැරදියි වගේ... හරිම තැනට ඇවිත් තියෙන්නේ.... අපේ පැත්තේ ආවා නම් ඉවර තමයි......
    දොස්තර නෝනට හොඳයි පාලුව යන්නත් එක්ක රෑ ජාමේ ඇහැරිලා ඉන්න....

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් සහතික ඇත්ත. ඊයෙ රෑ තිස්සෙම සැරින් සැරේ ඇහැරුණා. කරදර කරලා නෙවෙයි, මට නිකම් නැගිටලා බලන්න හිතෙනවා කොහොමද කියලා. පාන්දර හතරට විතර කිරි හදලත් දුන්නා. පැටියා නිසා බඩගිනි වෙනවා ඇතිනෙ ඉක්මණට

      Delete
  10. මේ පූසා විනීතව හැදුනු පූසෙක්ද නලිනි අක්කා,මොකද අර මාරයා ගාවට එන බල්ලෝ පූසෝ මහ කමකට නැති උන්,කිරි දෙන පිගානෙන් කිරි බිම දාලා නේ බොන්නේ

    ReplyDelete
    Replies
    1. වෙලාවකට විනීතව සද්ද නොකර ඉන්නවා. හැබැයි කෑමවලට අකමැති බව පෙන්නන්න, වටේ පහුරු ගාලා ඒක වහනවා.

      Delete
  11. පූසට අලුත් නවතැන හොඳයි වගේ පරන එකට වඩා . කෑම ටික ලැබෙනෙව ආදරය සෙනහසත් එක්කම .

    ReplyDelete
    Replies
    1. ඕඕ, දැන්මම කෑම තෝරන්න පටන්ගෙන..

      Delete
  12. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු පුස් පැටවුන් බලු පැටවුන් පන්සල් වලට නොමසුරුව පරිත්‍යාග කරනවානේ.. මේ පැත්තේ දොස්තර නෝනලාගේ ගෙවල් පන්සල් වගේ කියල ඒ අය හිතනවා ඇති.. අඩමානයක් නැහැ මේ කළු බණ්ඩා ඔයාගේ බ්ලොග් එක කියවන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඔව්. මේ හරියෙ පූසො සෑහෙන්න ඉන්නවා. ගෙවල් නිසා කවුරු හරි කන්න දෙයි කියලා හිතලා දාලා යනවා ඇති.

      Delete
  13. සමහරු අතිරික්ත බලු, පූස්, පැටව් ගිහින් දාන්නෙ මස් කඩ, මාළු කඩ, අසලට.

    දොස්තර නෝන ශල්‍ය වයිද්‍යවරියක් නෙමේ නේද ? :-))

    ReplyDelete
    Replies
    1. ඕඕ, හොඳ අදහසක්. මෙහෙ මාළු ලොරි, මාළු බයිසිකල් එහෙම නිතර එනවා. ඒවට හුරු කරවන්න ඕන. ඒ මිනිස්සු හරි කරුණාවයි. :-))

      Delete
    2. බලාගෙන .. අපේ අයියලා ඔය සත්තුත් මසට විකුණයි..

      Delete
  14. අණ්ඩපාලයෙක් වගෙයි පේන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. යෙෂ්! දැනටම මටත් පේනවා වැඩවල එහෙම ගති ලක්ෂණ.

      Delete
  15. ඔය පූසට පිඟානකට දමා කිරි දීමට පෙර මාරයාගේ වීඩියෝ බලන්න.

    ReplyDelete
    Replies
    1. මෙයා පිඟාන පෙරළුවෙනම් නැහැ. හැබැයි ඊයෙ බඩගිනි වෙලා හිටිය වෙලාවෙ කෑව දේවල්ම අද දුන්නහම, කැත දෙයක් දුන්නා වගේ ඒක වහන්න පටන් ගත්තා වටේම පහුරු ගගා.

      Delete
  16. කළුවෙක් වුනත් හරි ලස්සන පූවා..ආස හිතෙනවා.පාලුවටත් එක්ක තියා ගන්ට.

    ReplyDelete
    Replies
    1. ඔව්, පින්තූරෙට වඩා හුඟක් ලස්සනයි.

      Delete
  17. දැන් පූසට මෙහෙමලු...

    " ආ මෙතනින් ඉඳ ගන්න...

    කෝ ආ කියන්න...

    දිව එලියට දාන්න...

    හයියෙන් පුරුපුරු ගාන්න බලන්න...

    ඊයෙ කරෝල කටු හෙම කෑවද... "

    ReplyDelete
    Replies
    1. සද්දෙ වැඩි වුණොත් එහෙම වහාම සිහි නැති කරලා, හුස්ම ගන්න මෙෂින් එකකට දාන්න තමා ප්ලෑන් එක...

      Delete
  18. ඕක හරියන වැඩක් නෙවේ...

    හෙට ආපහු අල්ලපු ගෙදරටම එලවලා දාන්න...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. දැන්නම ආයෙ යවනවා බොරු. එළියට එක්ක ගිහාම සෑහෙන්න පරිස්සම්! අපේ ගෙදර සීමාවෙ මිදුලෙ විතරයි ඉන්නෙ.

      Delete
  19. පූසන්ට මාත් ආදරේය. බොහෝ පිරිමි ලමෝද පූසන්ට ආදරේය.

    ReplyDelete
  20. මට නං බල්ලො පූසො අරහං.

    ReplyDelete
    Replies
    1. මගෙ අසල්වැසියනුත් අකමැති මම හිතන්නෙ. :D

      Delete
  21. ඔය තනිකරම කළු පූසො වාසනාවන්තයිළු කියලා මන් අහලා තියෙනවා.. හැබැයි උන්ව හදන අයද නැත්නම් පූසමද මන්දා වාසනාවන්ත..කන්ඩ දෙනවා වගේම ඌට වැලි පෙට්ටියක් තියලා ටොයිලට් වැඩෙත් පුරුදු කරන්න නැත්නම් පූසන්ව එපා වෙයි ඩොක්ටර්ට..

    ReplyDelete
    Replies
    1. ඕඕ, එහෙම තියලයි තියෙන්නෙ. පැටියා දන්නවා ඒක මොනවටද කියලා. වාසනාවන්ත කවුද කියලනම් තව ටික කාලයක් ඉඳලම බලන්න ඕන. :D

      Delete
    2. වෙනි අයියා කියන්නෙ කළු පූසො වාසනාවන්තයි කියලද...හහ් වාසනාව තමයි...ඔය කලූ බළලුන්ගෙ වෙස් අරගන තනියෙන් ඉන්න තැන් වලට....හම්මෝ...මට නං කියන්නත් බයයි.....

      Delete
    3. කලු බළල්ලු පැත්තකින් තියමුකො. අද ලකී අන්ලකී වෙලාලු නේද? :P

      Delete
  22. එහෙනම් මියන්ට සොරිම තමා.....

    ReplyDelete
    Replies
    1. කැරපොත්තෙක්ව දැකලා උඩ පැනලා දිව්වා.

      Delete
  23. එහෙනම් පහුවෙනකොට නලිනිට මීයො කැරපොත්තො අල්ලලා පූෂට දෙන්න වෙයිද දන්නෑ..... මොකද දැන් ඉඳලම කෑම තෝරනවා, කැරපොත්තන්ට බයේ දුවනවා එහෙමනෙ.....

    ReplyDelete
  24. හොදම හාම්පුතා හොයාගෙන යන්න පූසාට මොළේ තිබිලා තියෙනවා.. අල්ලපු ගෙදර අයත් පොඩ්ඩක් පාර කියලා තියෙන හැඩයි..

    ReplyDelete
  25. ගැන්සියට තව එක්කෙනෙක් එකතුවෙලා .දැන් අනික් අය ඉරිසියාවේවි තව . මේකා එස් එම්ස් ,ස්කයිප් ,ෆෙස් බූක් ,පාවිච්චිකරන කෝපි බොන තත්වෙට ගත්තොත් කොහොමද ?:)

    මාත් දැන් මාසයක විතර ඉඳන් චූටි පූස් පැටවු දෙන්නෙක් එක්ක කාමරේ ශෙයාර් කරනවා . මාසයක් විතර වයස .ගිය මාසේ මම නැති දවස් ටිකේ පූස් අම්ම එයාල මගේ කාමරේට ගෙනත් .දැන් මම කාමරේ දොර ලොක් නොකර අඩවල් කරලා නිදාගන්නේ පූස් අම්ම එනවනේ රෑට පැටවුන්ට කිරි දෙන්න . ඒකෙන් අවාසි මට . එලිවෙන හය වෙනකොට අපේ අම්ම එනවා මාව නැගිට්ටවන්න නිවාඩු දාටත් .හයෝ සංසාරේ :)

    මාත් පූසන්ට ආදරේ .අපි කන්න නුදුනොත් උන් හම්බකරන්න් කන්නද ?

    //ඌ "පූස්" යනු තමන් බව දනී. කකුලෙහි දැවටෙන්නට මෙන්ම උකුළට නගින්නට, එතැනින් කරට නැග ලැග ගන්නට දනී. හය්යෙන් පුරු පුරු ගෑමට දනී.//
    ඒ ටිකට තමයි මම ආසම

    ReplyDelete
  26. තනිකඩ ළඳුන්ට ආදරයෙන් ළං වන කළුකුමාරයා , බොහොම රූමත් මෙන්ම ඉතාම හොඳ ආදරවන්තයෙක් වන බව මං අසා ඇති කරණු සියල්ල සත්‍යක් බව මොහොතකට පසක් විය....

    හිතහොඳ කළුකුමාරයා නුඹට වාසනාව ගෙනේවි.තනිකම මකා ලොව සුන්දර කරාවි...

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඌ ගෙදර හැමෝම එක්ක එකතුයි. අද නංගියි මල්ලියි පස්සෙන් වැටිලා

      Delete
  27. අපෙගේදරටත් ආවා ආගන්තුක පුසෙක්.. අපි හොදාක් ආදරේ කළා එයාට.. කොහෙන් ආවාද කියලා නෑ. අනේ මාස 3 යි හිටියේ :(

    ReplyDelete
  28. //නෑ,නෑ ආයෙත් එහාට එළෙව්වා//
    ඔහු එහෙම කළේ පූසාට ඇති ආදරයෙන් වෙන්න ඇති. කොහොම නමුත් පූස් පැටවා වාසනාවන්තයි.

    ReplyDelete