Tuesday, May 22, 2012

"කරුමෙ"

මේ දිනවල හුඟක් ළමයින්ට දරුණු මොළයේ උණක් වැළඳෙනවා. ඉක්මණින්ම සිහි කල්පනාව නැති වෙලා, වලිප්පුව හැදෙන මේ ළමුන්ගෙන් ඇතැමෙක් රෝගයෙන් මිය යනවා. තවත් ළමුන් සුව කළ නොහැකි ස්නායු ආබාධ සහිතව ජීවත් වෙනවා. බොහොමයක් ළමයින් සති කිහිපයක් නැත්නම් මාස කිහිපයක් පුරා දුක් විඳිමින් ජීවිතය අදිනවා. දෙමවුපියන්, නෑදෑයින් විඳින්නෙ සුළුපටු දුකක් නොවෙයි. මවුවරුන් සති ගණනාවක් තිස්සෙ දිවි ගෙවන්නෙ රෝහලේ. ඔවුන්ට රැකියා තියෙනවද, තමන්ගෙ අසනීපයක් අමාරුවක් තියෙනවද කියලා සිහියක් නැහැ. තියෙන දේපල විකිණෙන්නෙ, උගස් තැබෙන්නෙ, පියවරුනුත් ඈත ගම්වල සිට නිතර නිතර නගරයේ රෝහලේ සිටින දරුවා බලන්නට එන හින්දා; රැකියාවක එක දිගට නිරත වෙන්නට නොහැකි වන හින්දා. වැඩිහිටියන් හැමදෙනාම රෝගී දරුවා ගැන පමණක් අවධානය යොමු කරන නිසා, පවුලෙ සිටින අනෙක් දරුවන් ගැන හොයා බලන්නට කෙනෙක් නැහැ.

එහෙම ඉඳලා, ඇතැම් දිනයක මහා හඬින් හඬා වැළපෙන මවුපියවරුන් දරුවාගෙන් සමු ගන්නවා.

"මටනං එපා වෙලා." මං කිව්වා.

"ඉස්සර වතාවක් ඔය වගේ ළමයෙක් ආවා. අවුරුදු හයක් විතර ඇති." හෙදිය කතාවක් පටන් ගත්තා.

"දර කෑල්ල වගේ. කිසිම සිහියක් නැහැ. මොකක්ද අසනීපය කියලා හොයා ගන්නවත් බැහැ. කරන හැම පරීක්ෂණයක්ම සාමාන්‍යයි. දරුවා සුව වෙන්නෙත් නැහැ.

ඒ බොහොම අමාරුවෙන් හදා ගත්තු ළමයෙක්. අවුරුදු ගානක් දරුවන් නැතුව ඉඳලා. මුලදි මුලදි දරුවගෙ මුළු පවුලම හිටියෙම මෙතන. අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දලා, මාමලා.....

ඒ ළමයා සති ගානක් ඒ විදිහට හිටියා.


ටික දවසක් යද්දි අපට පෙනුණා දරුවා බලන්න එන්නෙ අම්මා විතරක් බව. තාත්තා එන්නෙම නැහැ. ආච්චි, සීයා එහෙම වරින් වර ඇවිත් බලලා යනවා. අම්මත් සමහරවිට දවස් දෙකතුනක් නෑවිත් ඉන්නවා, ආච්චිව ළමයා ළඟ හිටවලා.

තාත්තා එන්නෙම නැහැ."

අම්මලා මෙහෙම මාස ගානක් රෝහලේ ඉන්නකොට, සමහර පියවරු වෙන අතක යනවා.  පවුල සී සී කඩ වෙනවා.

"අපි දවසක් ඒ අම්මගෙන් ඇහුවා ඇයි තාත්තා දැන් නොඑන්නෙ කියලා.

ඒ අම්මා කිව්ව කතාව ඇහුවහම...."

හෙදිය කතාව නවත්වලා හිස ගැස්සුවා, හරියට අනේ එහෙම දෙයක්නම් කාටවත් වෙන්න එපා කියන්නට වගෙ.

"මොකක්ද එයා කිව්වෙ?"

"අර තියෙන්නෙ, අර සාස්තර බලන්නෙ, අර නිකං පේනවා කියන...."

"අඳුනක්ද?"

"අන්න හරි. ඒගොල්ලො අඳුනක් බලන්න ගිහින්.

අඳුනෙන් පෙනිලා, ඒ ළමයා පෙර ආත්මෙක මහා ලොකු පාපයක් කළා කියලා. මේ ආත්මෙදි කිට්ටු නෑදෑයො වෙලා ඉන්න මේ අයත් ඒ පාපයට හවුල් වෙලා...

දරුවට මෙහෙම වෙලා තියෙන්නෙ ඒ හින්දා කිව්වලු. මුළු පවුලටම මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නෙ, ඒ පාපයට හවුල් වුණු හින්දා කිව්වලු."

"ඉතින්?" මම හිතුවෙ තාත්තා ඒ ගැන කළකිරීමෙන් රෝහලට නොඑනවාය කියලා.

"ඉතින් ඒ අඳුන බැලුව කෙනා කිව්වලු, ළමයට සනීප වෙන්නනම්, ගෙයක් ගෙයක් ගානෙ, පාරක් පාරක් ගානෙ හිඟා කාලා, ඒ ලැබෙන මුදලින් දානයක් දෙන්නය කියලා!"

මම 'ඉතින්' නොකියා බලාගෙන හිටියා.

"තාත්තා දරුවා බලන්න ඇවිත් නැත්තෙ ඒකයි. රස්සාවත් අතෑරලා, හැමදාම හිඟා කන්න යනවලු. අනික් කිට්ටු නෑදෑයො සේරමත් පුළුපුළුවන් වෙලාවට හිඟා කන්න යනවලු. අම්මත් අර ගෙදර යන්නෙ, එහෙම හිඟා කන්න යන්නලු.

එහෙම කරලා, අන්තිමට ඒ මිනිස්සු සාස්තරකාරයා කියලා තිබුණු විදිහෙ දානයක් දුන්නා."

මම වැඩ නවත්වලා බලා හිටියා.

"ඉන් පස්සෙ ඒ ළමයට ටික ටික සනීප වුණා. හොඳටම සනීප වුණේ නැහැ. ඒත් දර කෑල්ලක් වගේ හිටිය ළමයා තනියෙන් හුස්ම ගන්නට පටන් ගත්තා. ඇස් ඇරියා. සිහි කල්පනාව ටික ටික හොඳ අතට හැරුණා. කෑම කවනකොට ගිලින්නට පුළුවන් වුණා. අතපය හොලවන්නට පුළුවන් වුණා. වචනයක් දෙකක් කතා කරන්නට පටන් ගත්තා.

ඒ ළමයා ගෙදර ගියා."

හෙදිය බර කල්පනාවකට වැටුණා. මමත් කල්පනාවට වැටුණා. නිහඬතාවය ඇති කළ තෙරපුම වැඩි වෙද්දි මම ආයෙත් කතාව පටන් ගත්තා.

"මටනං එපා වෙලා..."

43 comments:

  1. අද මම එක.

    ReplyDelete
  2. ලෙඩවලට බෙහෙත් කරලා සනීප කළාට මෝඩකමට බෙහෙත් නෑ!

    ReplyDelete
  3. හ්ම්............ ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා අක්කෙ. බුදු දහම අනුව අපි කල කර්ම කොයි ආත්මෙ හරි පල දෙනවානෙ. කලහැකි හැම මොහොතෙම කුසල් කරන්න ඕනෙ අපි.

    ReplyDelete
  4. එහෙම බාගෙට සනීප උනත්..ජීවත් වෙන්නෙ ගොඩක් ආබාධ එක්ක තමයි..ස්වභාවධර්මයෙන් දීලා තියෙන ජීවයට සහ ජීවයේ චලනයටහරස් වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.. ඒ සීමාව ඇතුලෙ ඉඳන් ඔබලා කරන මෙහෙය අති විශාලයි..

    ReplyDelete
  5. ඔව්වා ගැන කතා කරලා වැඩක් නැහැ.හැම එකම අන්වීක්ෂයෙන් පෙන්නන්නවත් විද්‍යාගාර ඇතුලේ ඔප්පු කරන්නවත් බැහැනේ... එහෙම නොපෙන්නුවොත් එතන අවිද්‍යාව..නැත්තං විජ්ජාව...කරුමේ..!

    ReplyDelete
    Replies
    1. කර්ම විෂය අචින්ත්‍යයි ලුනෙ.... ඉතින් කොහොමද සාමාන්‍ය බුද්ධියකින් ඒක විසඳගන්නෙ.... උඩ නෝනා ඇයි වැටක් ගහලා තියෙන්නෙ...

      Delete
  6. ඇත්ත නැත්ත කොහොම වෙතත් කූසල් රැස් කරන එක හොදයිනේ.කොහොම හරි එ දරැවට හොද වෙච්ච එක මොනතරම් දෙයක්ද

    ReplyDelete
  7. බොහෝම සංවේදී අත්දැකීම් වලින් පිරුණ සටහනක්. අවුරුදු දෙකකට විතර උඩදී කියවපු පදපෙලක් මතක් වුනා.

    ReplyDelete
  8. හිඟා කාලා දානයක් දෙන එකෙයි අද කාලෙ රැකියාවක් කරලා දානයක් දෙන එකෙයි ලොකු වෙනසක් නැති එකේ ....අනේ මන්දා...

    ReplyDelete
  9. හිඟා කාලා හරි නැතුව හරි දානෙ දීපු එක නොවැ.. වටින්නෙ.. ඔහොම තමයි කරුමෙ..

    ReplyDelete
  10. මේවා සමහර වෙලාවට ඇත්ත කියලත් හිතෙනවා. මිනිස්සු දුකට පත් වුනාම නොකරන දෙයක් නැහැනෙ. අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න....

    ReplyDelete
  11. මිත්‍යා මත කියල එක පාරට අහක දාන්න බෑ... හැබැයි ඔය සාස්තර පස්සෙ පිස්සුවෙන් වගේ යන එක අනුමත කරන්නේත් නෑ.. ලෙඩකට දුකකට බෙහෙත් අහන්නෙ නැතිවෙනකොට ඕන කෙනෙක් ඔය වගේ දේවල් වලට පෙළබෙන එකත් සාමාන්‍යයි

    කොහොම උනත් දරුව සනීප උණු එක ගැන සතුටු වෙනවා...සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  12. ඔය දේවල් වල ඇත්තක්ම තියෙනවද කියන්නනම් දන්නේ නෑ අක්කේ.. කොහොම උනත් සංවේදි සටහනක්..

    ReplyDelete
  13. හැමදාමත් වගේ බොහොම ආසාවෙන් සටහනක්.. හැබැයි අදනං සංවේදී සටහනක්

    ReplyDelete
  14. දරුවෙක් ඔය වගේ තත්වෙකට පත් උනාම අසරණ වෙන තරම දන්නෙ දෙමාපියන් විතරයි.... ඒ වෙලාවට දරුවගෙ පණ කෙන්ද ගොඩ ගන්න ඔයිට වැඩිය මෝඩ වගේ අනිත් මිනිස්සුන්ට පේන දේවලුත් කරාවි අම්මල තාත්තලා.... ඒක තමයි දරු දුක කියන්නෙ.... ඒ අම්මලට තාත්තලට මොනව හිතෙන්න ඇතිද කියලා මට හිතාගන්න පුළුවන් මටත් මෙහෙම අත්දැකීමක් (දරුවෙක් මරණාසන්නයට පත්වුනු ) තියෙන නිසා.... ඇත්තටම මට ඔයාගෙ කතාව කියවලා ඇඬුනා නලිනි.... මොන විදියෙන් හරි ඒ දරුවගෙ ජීවිතේ බේරුනානෙ.... ඒකම මදැයි.....

    ReplyDelete
  15. ළමයින්ට විතරක් නෙමෙයි, අද කාලේ ලංකාවෙ ගොඩක් අයට මොලේ උණ.....! මොලේ උණ නැති උන්ට මුළු ඇඟේම උණ....!

    ReplyDelete
    Replies
    1. මොලේ උණ නැති උන්ට මුළු ඇඟේම උණ....!//උඔ දන්න ඉටිගෙඩිය. මුලු ඇගටම උණ ගන්නෙ, ඇග පුරාම මොලේ තියෙන උන්‍ට :P

      Delete
    2. අන්න බුද්ධි නියම උත්තරේ...:D

      Delete
  16. අනුන්ගේ දුක් ගැනීම පහසු දෙයක් නෙවෙයි.. හැබැයි ඉතින් එහෙම කරන්නන උනත් ඔබලා රාජකාරිය කරමින් පින් රැස් කරනවානේ..මන් පින් කියල අදහස් කරන්නේ හිත පිරිසිදු වෙන එකයි හිතේ සතුටයි .. ඒ කරන දේ වලින් හිතට එන සතුට සැනසීම අපිට ගන්න වෙලා තියෙන්නේ වෙනම උත්සාහ කරලානේ..

    ReplyDelete
  17. දරුවො අසනීප උනාම දෙමාපියන් නොකරන දෙයක් නෑ . සමහර වෙලාවට අසරණ උනාම කරන්නේ මොනවද කියල තේරෙන්නෙත් නැතුව යනවා .
    …සංවේගී සටහනක් .

    ReplyDelete
  18. බෞද්ධ අගමනුකුල කෝණයෙන් බැලුවහම නිසි උපදෙසක් ලැබිල තියෙන බව පේනවා. අනුරුද්ධ ස්වාමින්වහන්සේගේ නංගි කෙනෙකුත් හිටියේ ඇඟේ කුෂ්ට රෝගයක් හැදිලා ඔත්පල වෙලා.
    ( හේතුව පෙර භවයේ දී ඉර්ශයාවෙන් අන් කාන්තාවක ගේ ඇඟට කහඹිලියා දැමීම )
    එයට පිළියම තමයි විහාරය හොඳින් පිරිසිදු කරලා තමන්ගේ කනකර අභරණ විකුණලා දන් දීම .. එක දවෙසෙන් ලෙඩේ ගොඩ ....
    කර්මනුකුලාව බැලුවහම මේ පිලියමට එකඟ වෙන්න පුළුවන්ය ...
    ලංකාවේ විසි තිස් ගණන් වල හිටය දක්ෂ අති ජනප්‍රිය ප්‍රසිද්ධ වයිද්‍යවරයෙකුත් තමන් ලඟට එන අසාධ්‍ය පිලියමක් හේතුවක් සොයා ගත නොහැකි රෝගීන්ට ඔවුන්ගේ පෙර කර්ම සලකා බලා සාර්ථකව පිළියම් කර ඇති බව සඳහන්. ඔහු ඒ සඳහා ඉන්දියාවේ ජනප්‍රිය ජෝතිවේදියෙක් වූ රාඕ මහතාගේ උපදෙස් ලබාගෙන තියෙනවා (case by case)
    ඔබටත් එසේ කල හැකි පරිදි විවුර්ත මනසක් ඇතිකර ගත හැකිනම් අගේය .. :)

    ReplyDelete
  19. සිඟා කාල දානයක් නොදුන්නත්... අපේ ජීවිතේ පුද්ගලික අත්දැකීමට හුඟාක් කිට්ටු සංවේදී සටහනක්....

    ඒ තාත්ත කරපු දේ පුදුම නෑ මට නම්... අපිත් අපි පිළිපදින ආගමේ හැටියට නොකරපු දෙයක් නෑ... කොමෙන්ටුවකින් නෙමෙයි පෝස්ටුවකින්ම කියන්න ඕන කතාවක් ඒක...

    ReplyDelete
  20. චාතුර්යා මතක් උනා ...

    ReplyDelete
  21. මේ වගේ දේවල් වලට තරහා යනවා එක්කම, මිනිස්සු ඒ ගැන විශ්වාස කරන විදිය දැක්කාම දුකකුත් එනවා අක්කෙ.
    එක දවසක් අපේ ඉපදුනා anencephaly බබෙක්. එයා ඉපදිලා දවසක්ම හිටියා. ඒ අම්මායි තාත්තායි හාමුදුරු කෙනෙක් ගෙනල්ලා පිරිත් කිවුවා බබාට හොඳ වෙන්න කියලා.පිරිත් නූලකුත් බැඳලා තිබ්බා අතෙ අපිට පුදුම දුකක් දැනුනා එදා. ඒගොල්ලො හිතුවා බබා සනීප වෙයි කියලා.

    ReplyDelete
  22. මේ දේවල ඇත්ත නැත්ත ගැන විග්‍රහ කරලා, පරීක්ෂණ කරලා බලන්න යන කොයි කවුරුත් අමතක කරන දෙයක් තමා තමන් ඒ තත්ත්වයට පත්වුනොත් මොන මොන දේ කරයිද කියන එක.. තමන්ගෙ එකම දරුවගෙ ජීවිතේ බේරගන්න දෙමවුපියන් මොනවද නොකරන්නෙ..!? Extreme situations වලදී extreme decisions ගන්න සිදුවෙනවා නේද..??

    ReplyDelete
    Replies
    1. උඔ කවදා හරි හොඳ තාත්තා කෙනෙක් වෙනවා වෙනවාමයි :)

      Delete
  23. පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකය විශාලයි. මිනිස්සුන්ට හිතෙන සීමාවට වඩා නොහිතෙන සීමාව විශාලයි.

    ReplyDelete
  24. මෙව්වට මොකුත් කියන්න තරම් දැනුමක් නැහැ .

    ReplyDelete
    Replies
    1. මල්ලි බුද්ධි වෙච්ච කොට

      Delete
    2. බින්දුමතී අක්කා,

      ඒ කාලේ අංගුලිමාලයෙක් වෙනවා කියලා දැනගෙන, අහිංසක කියලා නම දැම්මලු!

      මගේ නමත් බුද්ධිලු :P

      Delete
  25. දරුවගේ අම්ම තාත්තට මම බනින්නේ නෑ .කරන්න තියෙන වෙද හෙද කම් ඔක්කොම කරලත් සුවය නැති තැන ඒ අය දරුව වෙනුවෙන් කරන්න ඉතුරුවෙලා තියෙන අන්තිම දේත් කරන්න ඇත්තේ දරු කැකුම නිසා

    අසාධ්‍ය, අසාමාන්‍ය ,සුව කල නොහැකි , සොයා ගන්න අපහසු ලෙඩ දුක් හැදුනම හරිම ලේසි දෙයක් තමයි අපේ සමාජයේ කර්මය ඉස්සරහට දැමිල්ල,හනේ මන්දා මනුස්සයෙක් මීට ඉහතාත්මයක් කල කී දේවල් මේ ආත්මෙට ගලපන එක ගැන මගේ නෑ කිසි පැහැදීමක්
    ඇත්තටම කරුමේ අපේ රටේ තියෙන ක්‍රමේ හා අපි මේ වගේ රටක ඉපදීම නෙවේද .ලංකාවේ මහ ගොඩක් ලමා රෝහල් නෑ , තියෙන්නේ එකක් දෙකක්ප්‍රධාන නගර වල .අම්මලා තාත්තලා පොඩි එකා කර පින්නගෙන දුර ඈත ඉඳන් ඒවට එන්න ඕනේ අපහසුවෙන් .ඒ රෝහල් වල නවීන පහසුකම් අතින් අඩු පාඩු ඇති .රෝහල් කාර්ය මණ්ඩල , වෛද්‍ය හීඟය ඇති ,නිසි උපකරණ ,බේත් හේත් නිරන්තරයෙන් රෝග ගැන සිදුවෙන වෛද්‍ය පර්යේෂණ අඩු ඇති .රටේ නිසි සෞක්‍ය ප්‍රතිපත්ති නෑ .ඉතින් කොහොමද මේ වගේ අවස්තා වල දරුවො බේරගන්නේ .පහසුකම් ඇති පුද්ගලික රෝහලකට හෝ පිට රටකට ලෙඩාව ගෙනියන්න හැමෝටම සල්ලිත් නෑ .ඔය ඔකොම දිහා බැලුවම තේරෙනවනේ පෙර කරුමේ නෙවේ ලෙඩට හේතුව කියලා

    ඒත් ඉතින් ඕවට විසන්දුම් නැති කොට මිනිස්සු නොපෙනෙන බලවේග වලින් වත් විසඳුම් සොයන්න ඕන නේ .

    ReplyDelete
  26. මොනා කියලා කියන්නද මන්දා...ඔය වගේ මිනිස්සු ඊයෙත් උන්න අදත් ඉන්නවා හෙටත් ඉදීවි

    ReplyDelete
  27. දරුවො අසනීප වුනාම නං දෙමව්පියො නොකරන දෙයක් නෑ...ඒ ගොල්ලොන්ගෙ තරුණ කාලෙ සමච්චලේට හිනාවුන හැම දේම කරනව එතකොට... අනික ඉතින් අපිට නොතේරුනාට ඒ දේවල් බොරු කියන්න තරං දැනුමකුත් අපිට නෑ නෙ... කොහොම උනත් අපූරු සිද්දියක්, අන්තිමේදි දරුව සනීප වෙලා ගියා නෙ.

    ReplyDelete
  28. අර බබාගේ පූර්ව ජන්ම අකුසල කර්මය වගේ නලිනි අක්කණ්ඩිත් ලොකු කුසලකර්මයක් කරලා ඇති. නැතිනම් කොහොමද 'ඔය වගේ තැනක ඉදලා' අපට කතා කරන්නෙ..... මම කිව්වෙ දොස්තරකම ගැන විතරක් නෙමේයි......!

    ReplyDelete
  29. ලෝකයේ සියල්ලම විද්‍යාවෙන්ම පැහැදිලි කරන්න පුලූවන් කියල මම හිතන්නේ නෑ. බෞද්ධයෙක් විදියට කර්මවිපාක මමත් විශ්වාස කරනව.කොතරම් උගත් කෙනෙක් උනත් තමන්ගෙ දරුවෙක්ගෙ ජීවිතේ බේරහන්න හිගමන නෙවි ඊට වැඩිදෙයක් කිව්වත් කරනව.

    ReplyDelete
  30. කරුමේ කරුමේ.................... :-) :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  31. ඔය කියන පියා හෝ ඒ දෙයම කරන වෙනත් පියෙක් බස් වල ආධාර එකතු කරනවා මම දැකල තියෙනවා. මගේ ඥාතී වෙන උගත් හිටපු නිරාගමිකයෙක් ඉන්නවා.. තමන්ගේ පුතා පොඩි කාලේ රෝගී වෙලා සුව කර ගන්න අමාරු වෙන කොට (ඔහුගේ බිරිඳත් වෛද්‍යවරියක් :-) , එතුවක්‌ කල් බැහැර කරපු දේවල් ඔහුට කරන්න වුනා වගේම පස්සේ පිලිගන්නත් වුනා. පොඩි දරුවෙක්නම් නොවෙයි, අවුරුදු 19දී මගේ මිතුරෙකුට මේ රෝගයෙන් අත් වුනු එහෙම නැත්නම් ඉක්මන් වුනු ඉරණමක් මේ..

    ReplyDelete
  32. මමත් දන්න කෙනෙක් ඔහොම ලෙඩ උනා..පස්සෙ ඔය වගේම, මරනයට කැපවෙච්ච ගවයෙක් නිදහස් කරන්න කියල තිබුන. ඒක කරල ,රෝගියාට හොඳට ඇහෙන්න ඒක කියන්න කියල. මෙන්න හුස්ම ගන්නත් අමාරුවෙන් හිටිය කෙනා පසුදා කතාත් කරල.හැබැයි බෝධි පුජාත් කලා මම දන්න විදියට.

    ReplyDelete
  33. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. අදහස් ඉදිරිපත් කළ හැමටම ස්තුතියි.

    ReplyDelete
  34. කරුමෙ එතනින්ම අහෝසි වුනා නම් හොදයි.

    ReplyDelete