Wednesday, March 23, 2011

නිබ්බුත

උතුවන්කන්දට අව් රැල්ලක් වැටිලා

ගුරුවන් කෙත මැද පලාවන්ව නැගි
රුක් මඬලක් මත්තේ
සුදු කොක් ඇතිරිල්ලක්

සීත වැඩිව පොළොවට බරවුණු
වළාකුලෙක සිදුරක් හැදිලා
ගව්වක් ගැඹුරෙන් හෙල්මළු හිනැහෙත්

හිත ඇතුළේ
නිසසල දිය පිරි සුනිල විලක්

9 comments:

  1. බොහොම ස්තුතියි, දිනේෂ්.

    ReplyDelete
  2. හිත ඇතුළේ නිසසල දිය පිරි සුනිල විලක්
    මේ ඔක්කෝම අස්සේ නිසසල සුනිල විලක් වගේ ඉන්න ඇහැක් එක . . ??

    ReplyDelete
  3. ඉඳහිට එහෙම වෙලාවලුත් තියෙනවා. එහෙම සුවයක්...

    ReplyDelete
  4. උතුවන් කන්ද මම ආස තැනක්.. ඒ මොකද දන්නවද ? ඉස්සර කාලෙකට පස්සේ කොළඹ ඉඳල ගෙදර යනකොට උතුවන් කන්ද දැක්කම තව ටික දුරයි කියල සතුටුයි.. දැන් යනකොට පොඩ්ඩි (දැන් පොඩි නැහැ) සරදියෙල්ගේ කතාව ආයිත් ආයිත් අහනවා.. පුංචි උනත් රසවත් කවිපෙළ.

    ReplyDelete
  5. @ සරත් ලංකාප්‍රිය: :D කෝච්චියෙ නුවර කොළඹ ගිය කාලයක් තිබුණා. ඒ දවස්වල දුටු දෙයින් ඇති වුණු සිතුවිල්ලක්. ඔයත් කෝච්චියෙ වෙන්නැති ගියෙ.

    ReplyDelete
  6. හිත ඇතුලේ නිසසල..????
    හාකෝ

    ReplyDelete