Friday, March 18, 2011

තිලකා

අරුණ නොදැරිය හැකිව
රිදුම් දෙන යෞවනය
රුවා පෙති කරල් මැද
නැගෙන්නී

පෙර දිනෙක රෝ දනට
උවටැනින් ගෙවුණු දිවි
සිහි වුවද පසුතැවිලි
නොවන්නී

මිදුණු දෑඟිලි වෙරෙන්
ඉක්මණින් පල දරන
කෙටි පැතුම් තුරු වෙසින්
සදන්නී

දැවෙන සිත නොතලනා
සුවය දෙන හිතවතුන්
පිච්ච මල් කැකුළු මැද
දකින්නී

ලද නොලද සියල්ලෙහි
අකම්පිත වන්නෙහිද?
දිරිය නැගණිය
තිලකා.

3 comments:

  1. ලේකකයෙක් මවන සමහර චරිත ඇතුලේ ලේකකයත් ජීවත් වෙනවද ?

    ReplyDelete
  2. @ සරත් ලංකාප්‍රිය: සමහර චරිත ඇතුළෙ අපි ජීවත් වෙන එක, එහෙම නැත්නම් චරිත තුළට අපි රිංගන එක නවත්තන්න අමාරුයි නේද? :D

    ReplyDelete